Followers

Monday, May 31, 2010

දුප්පත් පෝසත් ලව් පටලැවිලි - මගේ සමීක්‍ෂණය ගැන වචනයක්


මං ඉරිදා පටන් අරගෙන මේ දිනවල ජයටම කෙරීගෙන යන ලව් ස්ටෝරීස් ගැන සමාජ මත විමසුම ගැන පොඩි වචනයක් කියන්නයි මේ ලියන්නේ.

මේ වෙන කොට සෑහෙන ගානක් තමන්ගෙ මතය ප්‍රකාශ කරක තියෙනව.

නමුත් මට ලැබිල තියෙන සමහර ප්‍රතිචාර වලට අනුව නං සමහරු ටිකක් පොට වරද්දගෙන වගෙයි පේන්නෙ.

මගේ මුල් ලිපියෙ මං කිව්ව විදියට, ලව් ස්ටෝරීස් වට්ටෝරු තුනක් තියෙනව. ඒවායින් වැදගත් දෙක ගැන තමයි මගේ සමීක්‍ෂණය. ඒකියන්න කොල්ල පොසත් කෙල්ළ දුප්පත් කතන්දර සහ කෙල්ල පොසත් කොල්ල දුප්පත් කතන්දර අතර තමයි මේ කෝකද හොඳ කියල හොයන්න යන්නෙ.

තුන්වැනි වර්ගය, ඒ කියෙන්නෙ දෙන්නගෙම වත්කම් සමාන ස්ටෝරීස් වල ඇති වැදගම්මක් නෑ. ඒ වගේ කතා ලියවෙන්නෙත් නෑ. ලියවුනත් කියවෙන්නෙත් නෑ. කියෙව්වත් නීරසයි!

කතන්දරයක රසය මතුවෙන්න නම් ගැටුමක් තියෙන්න ඕනැ බව දන්නෙ නැද්ද, හැබෑටම?

අනිත් එක තමයි මේ පෝසත් දුප්පත් කියන සංකල්ප සාපේක්‍ෂයි කියලත් සමහරුන්ට අමතක වෙලා. බිල් ගේට්ස් ට සාපේක්‍ෂව මුළු ලෝකෙන් එක් කෙනෙක් හැර දුප්පත් නේද?

තවත් හිනා යන වැඩක් තමයි සමහරු කියනව - මං කැමති මෙන්න මේකටයි, ඒකත් දාන්නකො තියෙන options අතරට කියල.

හරියට අපි ඡන්දෙ නේන ගියාම අපිට ඕනෑ අයිඩියල් අපේක්‍ෂකයාගේ නම ඡන්ද කොලේ තිබුන වගේනේ කතාව, නේද?

කතන්දරකාරයා

8 අදහස්:

  1. චන්දෙ දැම්මට පස්සෙ ඒගැන කොමෙන්ට් කොරන්න පූලූවන් නිසා ඇතිවූනූ කළබගැනියක් වගේ .පාර්ලිමේන්තු චන්දයකදී නං මේවා නරක් වූ චන්ද විදියටයි යන්නේ.

    ReplyDelete
  2. හික් හික් හික් එළ එළ මේ හැබෑටම ඔය ඡන්දෙ ඉවරවෙලා ප්‍රථිපල දාන්නේ කවදටද අනේ...... දැනටමත් ප්‍රතිපලේනම් පැහැදිලීයි වගේ හී................

    ReplyDelete
  3. කෝ පලි.... මම හැමතැනම හෙවුව......

    මම නම් කැමති ..දෙන්නම පෝසත් වෙලා ඉදල දුප්පත් වෙලා ආයෙත් පෝසත් වෙන කතාවකට හිහ්....

    ReplyDelete
  4. "මෙන්න තවත් ඡන්ද විග්‍රහයක්". එතකොට ජේ.ඩී අයියා කිව්වා වගේ කවදටද "මෙන්න සමස්ත ඡන්ද ප්‍රතිඵලය" කියන්නේ :)

    ReplyDelete
  5. ලංකාවේ ඡන්දෙ දාන කව්රුත් පොට වරද්දගෙන නේ ඕක පාවිච්චි කරන්නෙ. හැබැයි එකක් මේ ඡන්දෙදි මැර ප්‍රහාර නෑ!
    බුද්ධි

    ReplyDelete
  6. මම හිතුවෙ ඡන්දෙ ඉවර ඇති කියල.හොදයි,හොදයි ඔහොම යමුකෝ.....

    ReplyDelete
  7. කෝ.... ඉක්මනට චන්ද ප්‍රතිපල නිකුත් කරන්න. :)

    ReplyDelete
  8. හැබෑටම කෝ මේකෙ ප.ලි.
    මං ඡන්දෙ දැම්මට පස්සේ 71‍ දෙනෙක් දාලනේ බොලේ

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).