Showing posts with label බීම. Show all posts
Showing posts with label බීම. Show all posts

Wednesday, 13 July 2011

ඇති පදං බියර් බොන්න පුළුවන්...!!! - The day I visited Singha Beer factory in Bangkok


මං කාලයක් තායිලන්තේ ජීවත් වුණා නේ, අර මං නිතරම කියන පස්තාච්චි කුපාඩි කාලේ. මං රට ජාතිය වෙනුවෙන් මහණ වුනෙත් තායිලන්තේදී තමයි.

මං ඉගෙන ගත්තු ආයතනයෙන් ඔන්න දවසක් ඉන්ඩස්ට්‍රි විසිට් එකක් ලෑස්ති කළා. අපි ගියේ සිංහ බියර් හදන ෆැක්ටේරිය බලන්නයි.

ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරිං ඉගෙන ගන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ වගේ අධ්‍යයන චාරිකා. අනික බියර් හදනවා බලන්න යනවා කියන්නේ අන්තිම වැදගත් ගමනක් නේ!

තායිලන්තය කියන්නේ වැඩි හරියක් බෞද්ධයෝ ඉන්න රටක් මං අර කම් හෝම් විමලා කතාවේ කිව්වා වගේ. ඒත්, රටේ දකුණු පැත්තේ මැලේෂියාව හරියට වෙන්න මුස්ලිම් මිනිස්සුත් යහමින් ඉන්නවා. අනිත් පැතිවලත් ඉතිං නැතුවාම නෙමෙයි මයෙ හිතේ.

ඔන්න ඉතිං එදා අපි බස් එකකින් ෆැක්ටේරියට ගිහිල්ලා, බියර් මල් ගබඩාවේ ඉඳලා, බෲ කරපු බියර් ගබඩා කරන තැන වෙනකං බලාගෙන, බලාගෙන ගියා. අපිට වැඩ පිළිවෙල කියලා දුන්නේ ෆැක්ටේරියේ ලොක්කා. පොර ජර්මන් කාරයෙක්.

අන්තිමේ දී ප්‍රශ්ණ ඇසීමේ වාරයත් ඉවර වෙලා අපි හැමෝම ගියා ලොකු හෝල් එකකට.

මල කෙලියයි, පිස්සු පීකුදු හැදෙන සඳ, මහ රජ! කිව්වලු.

ඒකේ එක අයිනක මේසයක් උඩ බියර් වීදුරු පුරෝලා. ඒවා පුරවන්නේ නිකං වතුර ටැප් වගේ ටැප් එකකින්.

අපි කෂ්ටියත් ඉතිං වහාම වැඩට බැස්සා.

ඔන්න මං බියර් වීදුරුවක් අතින් අරගෙන ෆ්‍රැන්ක්ෆර්ට් එකක් කකා ඔතන ඉන්නකොට මාව දැකපු අපේ ක්ලාස් එකේ තායි කෙල්ලෙක් මගෙන් අහනවා.

"ආ! යු ඩ්‍රින්ක් බියර්?"

"ඔෆ් කෝස් අයි ඩූ!" මං කිව්වා.

"ඔහ්! අයි තෝට් මුස්ලිම්ස් කාන්ට් ඩ්‍රින්ක් බියර්."

"දැට් මේ බී ටෲ, බට් අයෑම් නොට් මුස්ලිම්. අයෑම් ඒ බුඩිස්ට්!"

"ආහ්! දෙන් ඉට්ස් ඕල්රයිට්."

හොඳ වෙලාවට බුද්ධාගං කාරයෝ වුනේ නේද? බොන්න කිසි ප්‍රශ්ණයක් නෑනේ. සිංහල තලිබාන් ලා වුනත් පන්සල් යන්න සරොං අන්දවන එක හැර වෙනත් කරදරයක් කරන්න එන්නේ නෑනේ.

කොහොම හරි, නිකං බඩු හම්බ වෙච්ච හින්දා අපි එදා ලෙසටම බිව්වා.

ආපහු බස් එකේ එනකොට ශර්මා, මිශ්‍රා (මතකනේ අර හැපි බර්ත් ඩේ කාඩ් එකක් ආපු කෙනා?), නාරායනන් සහ නාගේෂ් එක්ක එකතු වෙලා හින්දි සින්දු කියනවත් ලාවට වගේ මතකයි!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය සිංහ බියර් ෆැක්ටරියට ගිය කාලේ නං අපි සිංහ වංසේ තමයි. දැන් නං මං බියර් බොන්නෙම නැති තරං.

http://www.chelseafc.com/page/LatestNews/0,,10268~2111007,00.html