Sunday 16 May 2010

රවි මේසෙන් ඉවත් වෙන්නේ ගොනා ට අඳින්නද?


අපි කවුරුත් දන්නවා නේ රවි ව නේද? හරිම හොඳ එකා. වෙලාවකට සැරයි තමයි, ඒත් ඌ නැත්තං අපි ඉඳල හමාරයි. ඔය චන්ද්‍රා ට වුනත් ඉතිං බලය ඇවිල්ල තියෙන්නෙ මේ රවි හින්ද බව අපි අමතක කරන්න හොඳ නෑ.

ඉස්සර සමහරු හිතුවා රවි තැනින් තැන කරක් ගහන පොරක් කියලා එක තැනක ඉන්න ස්ථිර ප්‍රතිපත්තියක් නැති. එහෙම හිතුවේ වැඩියෙන්ම කතෝලික පූජකයො යි ඔවුන් ගෙ කතා අදහන අයයි.

ඒක එහෙම නෙමේ, රවි ස්ථිරව ඉන්න කෙනෙක් අපි තමයි ඔහේ කැරකෙන්නේ කියල වාද කරන්න හිහින් සමහරු මරණයට පවා ලක්වුනා, සමහර විට අහල ඇතිනේ?

අන්තිමේදි කවුරුත් පිලිගත්තා රවි ගේ ස්ථිර බව සහ අපේ කෂ්ටිය තමයි බම්මන්නො කියන එක.

නමුත් අපේ මාරයා ගේ හෝරාව ලියන මාරයා මතක් කරල දුන්න එයාගෙ අළුත් ලිපියෙන් රවි ගෙ අළුත්ම කරණම ගැන.

පහුගිය කාලෙ අර මීන එක්ක තිබුණු ඇයි හොඳයිය අත හැරල දාපු රවි කාරය ඔන්න බොලේ ලඟදි මේසෙන් අස්වෙලා ගිහින්.

මට නං හිතෙන්නේ රවි ඔය කලේ "ගොනාට ඇඳීමක්" කියලයි.

ඔය යන ගමනෙ ඊලඟට කා එක්ක හරි "මෙවුන් දමක" පැටලෙන්න, කක්කුට්ටෙක් විදියට ඇඳට යන්න, සිංහ සෙයියාවෙන් කෑ ගහන්න හෙම ඉඩ තියෙනව. රවුම ගහල එන්නෙ නැතෑ ආයෙ මීන ගෙ ගුබ්බෑයමටම වදින්න!

හැබැයි රවිගෙ ඔය කරණම් වලින් අපි කාටවත් බලපෑමක් නැහැයි කියලයි මාරය කියන්නෙ.

ඒකටත් එක්ක මේ ලිපියේ මාරයා කියල තිබුණ අපට බලපෑඟක් කරන්න පුළුවන් වෙනත් ග්‍රහ මාරු කීපයක් ගැනම.

ඉන් එකක්, ඒ කියන්නෙ ගුරු ගේ මාරුව සිදුවුනු මැයි දෙවෙනිදා මගේ ජීවිතෙත් ස්ථාන මාරුවක් වුනා. එදා තමා මං අසනීප වුනු තාත්තව බලන්න ගමේ ගිහින් ඉඳල ආපහු ගෙදර ආවෙ. ඒ එනකොට මං කර කර හිටපු ජොබ් එකට කෙලවෙලා මට ආපහු මුලින් හිටපු තැනට යන්න වෙලා.

දෙවෙනි එක වුනේ පහළොස්වෙනිද ලු. ඒකෙ බලපෑමක් නම් තාම දැනුනෙ නෑ. සමහර විට බලාගන්න පුළුවන් වෙයි සඳුදා වැඩට ගියාට පස්සෙ. මොකද කියනව නං, මං අළුත් ජොබ් දෙකකටම ඉල්ලුම් කළා දාහතරවෙනිද හවස් වරුවෙ.

මාරය වගේම මාත් දැන් බලන්න ඉන්නෙ තුන්වෙනියට කියල තියෙන කුජ මාරුව එනකන්. ඒක මේ මැයි මාසෙ විසි හයවෙනිද ලු වෙන්නෙ. අපේ සීය වගෙම ධනු ලග්න කාරයෙක් වෙන මට ඒක වැඩ කරලා දාපු ජොබ් දෙකෙන් එකක් සෙට් වුනොත් අත පය දිග හැරල පුතය වගේ ඉන්න පුළුවන් වෙයි.

බලමු බලමු.

කතන්දරකාරයා

ප/ලිඃ
මීට කලිනුත් මං මාරයා ගැන සඳහනක් කලා අර කතන්දරකාරයා මහන වුනු හැටි විස්තර ලියපු වෙලේ. තෑන්ක්ස් මාරයා.

10 comments:

  1. ඔන්න මුල්ම කමෙන්ට් එක මගෙන්.
    "චන්ද්‍රාට බලය ලැබෙන්නෙ රවි හින්ද" කියන තැනට වෙනකන් මම හිතුවෙ ඔය පින්තූරෙ ඉන්න "රවි" ගැන කතාවක් කියල. හික්ස්!!!!!!
    නියම පෝස්ට් එක. ලස්ස්නට වචන ගලපල තියෙනව. තාමත් හිනා හික්ස්!!!!
    රස්සාවල් දෙකෙන් කරන්න කැමතිම රස්සාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
  2. අයියේ කතන්දර...

    බය වෙන්ට නම් ඔන නෑ..
    ඔය නැති වීම අනාගත දියුණුවකට මග පෑදීමක් බව කියත හැකි.
    පොඩ්ඩක් උප්පත්ති කේන්දරෙ ග්‍රහයෝ ටික ඉන්න හැටිත් කිවුවනම්..

    ReplyDelete
  3. ලග්නෙ ධනුද? හොදා හොදා.
    ඔය කියන කුජ මාරු වෙන්නෙත් මට ඉතාම වටින දවසක නෙව. මොකද කියනව නම් මම වගේ කෙනෙක් මේ ලෝකෙට ආවේ ඒ වගේ දවසක...
    මාරය කියන දේවල් නම් ඇත්ත වෙනව...
    මේ දෙන්න දැන් හරි යාලුවෙලා නේ ( මට ඊර්ෂාවේ බැහැ)

    ReplyDelete
  4. හා ධනු නේ ඒක මාර ලග්නයක්...හරි අනුහස් තියනව..අජපල් වැඩ වලට කියාපු ලග්නෙ....අලුත් දේවල් හිත ජූවිතෙ සැහැල්ලුවෙන් සලකන කෙනෙක් ධනු කියන්නෙ.....

    ReplyDelete
  5. නියෙමට ලියල තියෙනවා.

    ReplyDelete
  6. කතන්දරසූරීන් දැන් මේවත් ලියනවාද ? හොඳයි හොඳයි සුභ අනාගතයක්

    ReplyDelete
  7. niyamai ban . . siraawata liyalaa tiyenawa . . . job eka ikmanata labewaa . .

    ReplyDelete
  8. ජලය නොමැති එළකිරි පොස්ට් එක..

    මාරම රසයි... සීනී ඔනත් නෑ...

    "ඕල් ද බෙස්ට් ෆො යුවර් නිව් ජොබ්" කියල සිංගලෙන්ම සුභ පැතුවා ඕං ඈ......

    ReplyDelete
  9. සියළුම ප්‍රතිචාර වලට මගේ ස්තුතිය.

    මාරයා ලියා තිබු ග්‍රහ මාරුවේ ප්‍රතිඵල ගැන දැන්ම පෙර නිමිති ලැබී ඇති බව මට අද කිව හැකියි.

    සෙස්ස පස්සට!!!

    ReplyDelete
  10. මම හිතුවෙම සතොස කාපු රවි ගැන කියලයි.........එල එල.......

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.