
මට මීට කලින් කතන්දර දෙකක් එවපු චූටි ටීචර් ආයෙත් එව්ව පොඩි පොඩි කතා දෙක තුනක්.
චූටි ටීචර් කියල කිව්චට මෙයා අර බස් එකේ මට හම්බ වුනු ටීචර් තුමියවත්, නපුරු ගුරුතුමියක් වත් නෙමේ හොඳේ?
ඉස්සෙල්ලාම මෙන්න මේ ටීචර් ගැන පොඩි විස්තරයක්.
එයා දැන් ගුරු සේවයෙන් අස්වෙලා. හබිය එක්ක පිට රටකයි ඉන්නේ. රට යන්න ලීව් ඉල්ලුවත් ලැබුනෙ නැහැල්ලු.
ඉතිං මේ දවස්වල එයා චූටි දුවව බලාකියා ගෙන ගෙදර ඉන්නවා ඔය කියන දේශ දීපංකරේ.
මෙන්න එයා එවපු පොඩි කතාවක්.
===============================================
අපේ ඉස්කෝලෙ තිබුනු තැන කතන්දර දන්නවා නේ. මේ කියන්නෙ අර සාම්පූර්වලට බෝම්බ ගහනවා ඇහෙන ඉස්කෝලේ.
අපි ඇතුල් වෙන්නෙ, පිට වෙන්නෙ මුර පොලක් හරහා.
යුද්දෙ දරුණු වෙද්දි අපිවත් උදේට පරීක්ෂා කරන්න ගත්තා කාන්තා සෙබලියො ලවා.
මුල් කාලෙ නම් ගුරුවරුන්ට නිදහසේ අතුල් වෙන්න දුන්නා.
ඒ පරික්ෂා කෙරුවෙ පුන්චි කුටියක් ඇතුලෙ. පොඩි වැසිකිලියක් තරම් ඇති.
අපේ සර්ලා ඉක්මනින්ම ඒකට නමක් හැදුවා.
මොකක්ද දන්නවද ඒ?
කිච්කූඩුව!
===============================================
මං හිටියනං ඕකට කියන්නේ "කිචිකිලිය" කියලයි.
එහෙම කිවව නං, මගේ වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය කතන්දරේ ට අල්ලලා තවත් කතන්දරයක් ලියන්න තිබුනා නොවැ?
කතන්දරකාරයා
ප/ලිඃ
පොඩි වෙනසක් පතා අද ප/ලි නොලියමි.
කිචි කිචි ... දැන් නම් ඉතින් කිචිකිළි නැහැ නොවැ...
ReplyDeleteකිචිකුඩුව..තමත් සමහර තැන්වල තියන්වානේ....කිචිකුඩුව......
ReplyDeleteඔබේ පියතුමානන්ට ඉක්මන් සුවය පතනවා
ඔය වගේ එකක් කාලයක් මගේ පොඩි සම්බන්ධතාවයක් තිබූ බ්ලූ ඩයමන්ඩ් සමාගමෙත් තුබුනා. කෙල්ලොන්ට නෙමේ කොල්ලන්ට එකේ වෙන ඒවා කොමෙන්ට්ස් වල දාන්න බෑ....
ReplyDeleteරස්සවක් හරි ගියැයි....
සමහර කිචිකුඩූවල ට බෝලකුඩූ කියල කිව්වත් කමක් නැ මගෙ හිතේ.
ReplyDeleteදැන් නම් එහෙම කිචි කූඩු අඩුයි !!
ReplyDeleteයුද්ධෙත් නෑනේ