ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 26 May 2010
මෙන්න තවත් බුද්ධාගම පාඩමක කතන්දරයක්
මේ ලෝකේ සිද්ධවෙන බොහොමයක් දේවල් එකක් නිසා තවත් එකක් වෙලා දිගෙන් දිගට වැල වගේ ඇදෙන දේවල්. හරියට අර පටිච්චසමුප්පාදය එහෙම නැත්තං හේතුඵලවාදය වගේ.
කතන්දර කීමත් ඒ වගේමයි.
ඔන්න චූටි ටීචර් අර සාම්පූර් කතන්දරේ ලිව්ව, ඒක දැකල ඉන්දික උපශාන්ත කාරය ඉරාක් කතන්දරේ ලිව්ව, ඒක හින්ද මං ලැජ්ජ නැතුව ජාතක වුනු කතන්දරේ ලිව්ව, ඒක හින්ද තමයි මේ අද බුද්ධාගම පාඩමේ කතන්දරේ ලියන්න මග පෑදුනේ.
මෙතනින් කොහේට ඇදිල යයිද දන්නෙ නෑ. බලමු බලමු.
ඉස්සර අර අමාරිස් අයිය කිව්ව වගේ කොච්චර කොහේ ගියත් අන්තිමේදී තොටලඟට එන්න එපායැ.
ඉතිං ළමයිනේ, මෙන්න මේකයි අද මං කියන බුද්ධාගම පාඩමේ කතන්දරේ.
අර නන්ද හාමුදුරුවන්ගෙන් බැනුම්, ගැරහීම් ලැබීම කෙසේ වෙතත්, කතන්දර කුමාර හතේ පන්තිය පලමුවෙනියට පාස් වෙලා අටේ පන්තියට ගියා. හැබැයි, පහේ පන්තියෙදි 87% ක් ලකුණු ගත්තු මගේ සාමාන්‍යය දැන් 75% ට විතර අඩුවෙලා. ඒකට මොකෝ? අපේ අධ්‍යාපන ක්‍රමය අනුව වැඩියෙන් වැදගත් පන්තියෙ පලවෙනියා වෙන එකනේ! මාත් හැපී, අපේ ගෙදරත් හැපී, නෑදෑයොත් හැපී.
හතේ පන්තියෙදි මට ඉසිපතනය ට නම වැටුණු හැටි මගේ මතකයේ නොරැඳීම නිසා බුද්ධාගම උගන්නපු නන්ද හාමුදුරුවන්ගෙන් අපහාස විඳින්න වුනේ, මං පන්තියෙ පොරක්ය කියන එක උන්නාන්සෙ දැනගෙන හිටියෙ නැති නිසයි. දන්වනං ඔය ප්‍රශ්ණෙ අහන්නෙ මගෙන් නෙමේ අර සුලි දෙකේ බලි කටා කතන්දරේ හිටපු කොල්ලො දෙන්නගෙන් එකෙක්ගෙන්.
ඒකටත් එක්ක අපිට අටේ පන්තියෙදි බුද්ධාගම උගන්වන්න ආපු අබේසිංහ ටීචර්. අනේ අපූරු ටීචර්. එයා හොඳින් දැනගෙන හිටිය පන්තිය කරගෙන යන්න ඕනැ විදිය. කවදාක්වත් මගෙන් ඔය අනවශ්‍ය ප්‍රශ්ණ අහන්න ආවෙ නෑ.
පන්සිල් ගත්තාම, මල් පූජා කළාම පින් සිද්ධ වෙනව වගේ ගාථා කිව්වහමත් පින් සිද්ධ වෙනවනේ. අහල තියෙනවා නේ ඒ ගැන නේද?
ඉතිං, ඕක හින්ද වෙන්න ඇති අපිට ඒ දවස්වල ඉස්කෝලෙදි බුද්ධාගම විෂයයට ගාථා කට පාඩම් කරන්න කියන්නෙ.
ඔන්න දවසක් අබේසිංහ ටීචර් අපිට නියම කළා මොනව හරි ගාථා දෙකක් පාඩම් කරගෙන එන්න කියල. මං හිතන්නේ ධම්ම පදයෙ, යමක වග්ගයෙන් වෙන්න ඕනැ.
මට ඒ බව මතක් වුනේ, ඊලඟට බුද්ධාගම තිබුණු දවසෙ ටීචර් පන්තියට ඇවිල්ල පාඩම පටන් ගත්තු වෙලෙයි. මළ කෙලියයි නේද? අදත් පුටුව උඩ නගින්න වෙයිද කතන්දර කුමාරට?
ඒ කිසි අවුලක් වුනේ නෑ මෙදා.
ඔන්න අබේසිංහ ටීචර් කිව්ව පන්තියෙ ළමයි හැමෝගෙන්ම ගාථා පාඩම් ගන්නවයි කියල. පන්තියෙ හිටියනේ තිස් පස් දෙනෙක් විතර. එක්කෙනෙකුට ගාථා පහ කියන්න විනාඩි දෙකක් ගියොත් මේ විභාගෙට පැය එකයි කාලක් යනව.
අබේසිංහ ටීචර් හරිම නුවණක්කාරී. එයා කිව්ව මෙහෙම.
"හොඳයි කතන්දර කුමාර පිරිමි ළමයි ගෙන් ගාථා කට පාඩම් කරලද බලන්න. ගෑනු ළමයි එක්කෙනා එක්කෙනා එන්න මට ඇවිත් පාඩම දෙන්න."
ඉතිං මං පන්තියෙ ඉස්සරහ පුටුවක් තියං වාඩිවෙලා ඉන්නව නිකං මනමේ කුමාරය වගේ. කොල්ලො ටික පන්තියෙ වාඩිවෙලා ඉන්න අනුපිළිවෙලට එක එකා මා ගාවට ඇවිත් ගාථා කියනව.
මං බුද්ධාගම පොත අතේ තියන් කොල්ලො කියන ඒවා හරිද බලනවා.
පන්තියෙ කොල්ලො පාලොස් දෙනෙක් එක්ක ඔය වැඩේට මට පැය භාගෙකටත් වැඩිය ගියා. පීරියඩ් එක ඉවර වෙන්නත් ලඟයි.
අන්තිමේදී අබේසිංහ ටීචර් කිව්ව මට ඇවිත් එයාට පාඩම දෙන්න කියල.
මොනවද ඉතිං අහිංසක කුමාරය දිසාපාමොක් ඉස්සරහ ශිල්ප දක්වනව වගේ තමයි. පාලොස් පාරක් කොල්ලො ගාථා කියන හැටි අහං හිටපු, ඒ හැම පාරම අතේ තිබුණු පොත බලාගෙන හිතෙන් කියවපු කතන්දර කුමාරයට, ඕක හාඩ් ඩිස්ක් එකට rip කරගන්න එක මහ කජ්ජක් යැ.
මේ සේරම වැදගත් සහ නොවැදගත් සිදුවීම් සේරම සේව් කරගෙන දැන් නං හාඩ් ඩිස්ක් එක හොඳටම පිරිල. අදවත් රෑට අර මතකය දියුණු කරන හැටි තියෙන පොත හොයාගෙන කියවන්න මතක තියාගන්න ඕනැ.
කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
පවු අනිත් කොල්ලෝ ටික
ReplyDeleteඅපොයි, දැන් ඒ ටීචර් මේ සටහන දැක්කොත් එහෙම ?
ReplyDeleteඒක නෙවෙයි අනිත් කොල්ලො ඔක්කොම හරියට පාඩම් කරලා තිබ්බද ?
බුද්ධාගම පාඩම් ගැන මටත් කතන්දර 2ක් මතක් වුනා.
ReplyDeleteවෙසක් කාලෙ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරවන්න ඒවා හෙටම ලියල දාන්නම්
බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන්න මමත් එකක් හෙට දානව :-)
ReplyDeleteමම මේක හොයාගත්තෙ ඊයෙ. සිංහල blogs මෙච්චර තියෙනව කියලා හාංකවිසික්වත් තිබ්බේ නෑනේ මට. කතන්දර කීපයක් කියෙව්වා. සිංහලෙන් ලියන්නත් ඉගෙන ගත්තා. කතන්දරකාරයට ස්තූතියි. කතන්දර කියවන්න මම හැමදාම එනවා.
ReplyDeleteදැන් චූ පාඩම ඉවරයි...බුද්ධාගම පාඩම. කාලේ අයංතේ නෙ ඉතින්...
ReplyDeleteහප්පේ අයිය කොච්චර හොඳද.......
ReplyDeleteමට මතක් උනේ අපි 11 වසරෙදි පංතියම එකතු වෙලා කරපු බුද්ධාගම පීරියඩ් වලදි කර වැඩ....... මතක් වෙන කොටත් හිනහයි........
මටත් මේක කියවද්දි හාමුදුරුවෝ කතාවක් මතක් උනා!
ReplyDeleteදහම් පාසලේ දී ගාථා පාඩං ගන්න අපේ පන්ති හාර හාමුදුරුවෝ ආවා.
ගාතා පාඩං කරන්න දීල කියලා මතක් උනේ එතකොට,
මොකද ඉස්කොලේ අද දෙන ගෙදර වැඩ හවස් වෙද්දි අමතක වෙන අපිට සතියක් ගෙවෙද්දි දහම් පාසල් යන පාර මතක තියෙන එකත් ලොකු දෙයක්නේ ඒ කාලේ.
කොහොම හරි එදා ගාථා මතක නැති අපි පිටිපස්සෙ පේලියට ගිහිං ගැණු ළමයි ඉස්සරහට දැම්මා.
සාදු ඈවිත් ගාථා පාඩං ගද්දි අපි හිටගෙන බයෙන් වගේ බිම බලං යස අගේට ගාතා පාඩං දුන්නා!!!! ඒ අපිට ඉස්සරහින් ඉන්න ගෑණු ළමයි අපිට පේන විදිහට ගාථා තියෙන පිටුව පෙරළගෙන හිටපු හින්දා!!!
අපේ සාදු අපි ගැන දන්න හින්දා උන්නාන්සේ අපි ළගමට ඈවිත් රීකි කරගෙන ඉන්න නිසා ඉස්සරහ පේලියේ කුමන්ත්‍රණය උන්නාන්සෙට පේන්නැ!!
තව දෙයක් කතන්දර, අපි ඔය සිද්දිය වෙද්දි පහුකලේ ගැන්සි ගැහෙන පන්තියේ ළමයි එකමුතු කමින් රට උනත් හොල්ලන්න පුලුවං කියලා හිතං හිටපු කාලේ!!!
හැබැයි අපි 1,2,3,4 වසරවල් වලදි නං පොඩි වැරද්දකදි හරි හොදම යාලුවා උනත් ගුරුන්ට පාවා දෙනවා!
අන්න ඒ පාවාදෙන යුගේ කතන්දර එහෙම නැද්ද ඔයාගේ දෘඩතැටියේ!
කතන්දර කුමාර ...
ReplyDeleteඔයාගේ කතන්දර එකිනෙක බැදුන තරම හිතා ගන්න පුලුවන්. හැමදාම කතන්දර කියවන අපි ගොඩ ගියාට... අලුතෙන් ආව කෙනෙක් කතන්දර බලන්න ගියොත් පිනිහ අමාරැවේ...
ඈයි දෙයියනේ එක පොස්ටි එකක තියෙන ලින්ක් වලට තට්ටු දදා ගියොත් ගොඩ ඒමක් නැහැ නෙව... අනික බාගයක් කියවල අතහරින්න පුලුවන් කතා නෙමෙයි නෙ....
තව ටික දවසකින් පෝස්ට් එකක් දැම්මම ඔක්කම වචන වලට ලින්ක් දාන්න පුලුවන් තරමට කතා තියේවි....
කතන්දර ... මේ ටීචර් නම් හරිම හොදයි නේද...
කතන්දරගෙ මුහුණ දැක්ක ගමන් ටිචර් හිතන්න ඈති ඔයා ගාථා පාඩම් කරල නැහැ කියල.. ඒකද දන්නෙ නැහැ එහෙම කලේ
"කොච්චර කොහේ ගියත් අන්තිමේදී තොටලඟට එන්න එපායැ" කිව්වම මතක්වුනේ "තොට-ලඟ වුනාට මට ඈත" කියලත් කවුදෝ මන්ද කියලා තියෙනවා නේද..??
ReplyDeleteබුද්ධිගෙ පන්ති ගැන්සි කිවුවම මතක්වුනා එකපාරක් අපේ පංතියම පිනා ගාවට අරං ගිය හැටි වැරදිකරපු කොල්ලො 2-3 දෙනෙක්ව පාවලා නොදුන්න නිසා. අන්න දවස්. ඒ කාලෙ ඉතිං වෙන පංතියක එකෙක් අපේ එකෙකුට ගැහුවොත් ඌ ඉවරයි, පංතිය පිටිංම ගිහිං ඒ ගහපු එකාට නෙලලා එන්නෙ. අම්මපා එහෙමත් කාලයක්... :)
මගේ බුද්ධාගම කතාවක් කලින් කිව්වනේ. තව හොඳ ඒවා පස්සෙ දාඤ්ඤං.... ගාථා පාඩම් කරණ එක නෙමේ අමාරු වැඩේ චක්කරේ පාඩම් කරන එක.. දැන් ගනක යන්තරේ තීලත් පොඩි ඒවුන්ට චක්කරේ පාඩම් කරවනවනේ.. කොරනවනම් ධන රිනට කොරන්න ඔන්න වැඩ...
ReplyDeleteපරණ ෆයිල් Zසිප් කරල හාඩ් ඩිස්ක් එකේ ඉඩ ගන්න. මෙමරි එකනම් මරූ.. මොකක්ද දන්නේ නෑ මේක් එක. මගේ නම් මෙමරි කාඩ් ෆුල් අවුට්..
සුභ වෙසක් මංගල්ලයක් වීවා මහත්තයටයි පවුලේ හැමටයි...
කතන්දර,
ReplyDeleteකෝ අර ලියනවායැයි කිව්ව කදුළු කතන්දර?
"යුජ්ජේථ බුද්ධ සාසනං - බුද්ධ ශාසනයේ යෙදෙව් [ මට මතක විදිහට හරිද මන්දා. තරිඳු අයියා පොඩ්ඩක් බලලා කියන්න] මේ වෙසක් සතියේ හැමෝම වෙසක් ගැන බුද්ධාගම ගැන කතා දාන එක හොඳයි.
ReplyDeleteගාථා පාඩම් දෙන එකනම් මහ එපාම කරපු වැඩක් මට නම්. අනික මම හිතන්නේ ගාථාව පාඩම් දෙනවටත් වඩා ඒ ගාථාවෙන් කියාදෙන දේ ගැන ළමයාට අවබෝධයක් එන්න එපැයි. වෙන්නේ අනිත් පැත්තනේ. ළමයා ගිරවා දාලා ගාථාව පාඩම් දුන්නා එච්චරයි.
This comment has been removed by the author.
ReplyDelete.
ReplyDeleteඔන්න මගේ වෙසක් කතන්දරේනම් ලිවුවා
http://status-chanaka.blogspot.com/2010/05/blog-post_27.html
.
.
මට ඔයාගෙ කතාව රසවත් එකක් උනා... ඒත් හැම කතාවක්ම අලුතින් පටන් ගන්නවනම් හොඳයි...මොකද ඇත්තටම අපි ඔයාගෙ බ්ලොග් එකේ ඉන්නෙ මේ වෙලාවට විතරයි...මමනම් ලින්ක් එකක් ක්ලික් කරනව හරිම අඩුයි....උදාහරන විදිහට මගේ බ්ලොග් එකේ එක එක පෝස්ට් එකට කොමෙන්ට් දමන්නෙ එක එක අය....මොකද හැමෝටම හැම බ්ලොගක්ම බැලීම ප්‍රායෝගික නැතිනිසා කියලයි මම හිතන්නෙ..,,,
ReplyDeleteඒක නම් මරේ මරැ කතාව. ඔහොම පාඩම් දෙන්න නම් ලැබෙන්නෙ පෙර පින් වලට. මටත් එක පාරක් මේ වගේ එකක් වුනා. හැබැයි අපේ ටීචර් නම් පොත් එකතු කරල පාඩම් ගත්තේ. මාව සෙට් වුනේ අන්තිමට. අහගෙන ඉදලම අන්තිමට මට කව් කට පාඩම්.
ReplyDeleteසියළු දෙනාටම ප්‍රීති වෙසක්!!!
ReplyDelete