
සති දෙකක පමණ කාළෙකට පස්සේ සුපුරුදු පරිසරයේ සිට බ්ලොග් කියවන්නට අද මට ඉඩ ලැබුණා.
වැඩිය නොකළ දෙයක් කරන්නයි අද සැරසෙන්නේ.
ඒ ඉතා කෙටි සටහනක් - එනම් මෛක්‍රෝ බ්ලොග් පොස්ට් එකක් - දැමීමටයි.
මේ සටහනත් මෛක්‍රෝ බ්ලොග් එකක් ගැනයි.
නමඃ සතුටු මනස ගැන. ලියන්නේ: පුබුදු සිරි නිවාස.
URL: http://siriwansa.wordpress.com/
මේකෙ තියෙන්නේ ඉතාම කෙටි සටහන්. පොඩියි. හොඳයි.
කියවලම බලන්නකෝ.
අද දාල තියෙන පෝස්ට් එකත් මරේ මරු. වසර 2040 දී පලවෙන දේශපාලකයෙකු පිළිබඳ ගුණ වැනුමක්!
කතන්දරකාරයා
ප/ලිඃ
හිතේ දුක දරාගෙන මං ගෙදර ආවා. තාත්තා තවමත් ලෙඩ ඇඳේ. සුව වීමේ ප්‍රගතිය හොඳ නෑ. තව මාසෙකින් පමණ තත්වය ගැන වෛද්‍ය නිගමනය දැන ගත හැකි වේවි.
දැං ඉතිං සති දෙකක විරාමයකට පසුව නැවතත් රැට් රේස් එක පටන්ගන්න වෙලා තියෙනවා හෙට ඉඳලා.
කෙටි සටහනක් උනත් වැදගත් වැඩක් නොවැ කරලා තියෙන්නේ...
ReplyDeleteතාත්තට ඉක්මනින්ම සුවවෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා....
තාත්තා ගැන නම් මොනව කියන්නද කියල හිතා ගන්න බැහැ. ජීවිතේ ඔහොම තමයි කතන්දර. ඔයා දැන් දිග කතන්දර ලියන්නෙ නැති එක නම් කතන්දර කියවන අපිට හරි පාලුවක්...
ReplyDeleteඉදල හිටල හරි මෙහෙම ලියන එක හොදයි
කතන්දර එනවද කවි මඩුවට කවි කියන්නත පුලුවන් නම් එන්න ...
තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteතාත්තට ඉක්මනටම සුවය ලැබේවා....!
ReplyDeleteතාත්තට ඉක්මනින්ම සුවවෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteතාත්තට ඉක්මනින්ම සුව වෙයි. ඒක මට විස්වාසයි.
ReplyDeleteසහතික ඇත්ත, කොහොමද අප්ප එච්චර කෙටි කරන්නෙ...
ReplyDeleteමට නම් ලියවෙන්නෙම හෑලී.. මාගල් වගේ...
මේ කවිය අහල තියෙනවද?
"බර නැද්ද? ඔබට ඔය වෙස් මුහුණ".... එච්චරයි
තාත්තට ඉක්මනටම සුවය ලැබේවා . . . .. !!!
ReplyDeleteඇයි කෙටිම කවිය මේක නොවේද?
ReplyDeleteඅ ............. ..නේ
ප ...................නේ
පෙ.................නේ
ත ...................නේ
තාත්තල දරුවන්ට කොයිතරම් ආදරේද කියල දැනෙන්නෙ උම්බත් කවද හරි තාත්ත කෙනෙක් උන දාට තමයි කියල අපේ තාත්ත කියපු කතාව කොයිතරම් ඇත්තද කියල අද මම දන්නව. ඒත් දරුවො තාත්තට කොයි තරම් ආදරේ කරාද, කරනවද කියල ඒ ගොල්ලොන්ට කවදාවත් දැනගන්න ලැබෙන්නෙත් නෑ, ඒගොල්ලො ඒක හොයන්නෙත් නෑ, ඒක තමයි දෙමව්පියන්ගෙ හැටි (මන් මේ කියන්නෙ තාත්තලට මඩු වලිගෙන් ගහන පුත්තුන්ගෙ ආදරේ ගැන එහෙම නම් නෙමේ )
ReplyDeleteඒත් කතන්දරගෙ මේ පහුගිය දවස්වල post ටිකයි ඒවට ආපු comments බහුතරයක් නුයි තාත්ත අද හෙට සනීප උනාම කියවන්න හරි අහන්න හරි ලැබුනොතින්, එයාට හිතෙයි මන් මොනතරන් වාසනාවන්ත තාත්ත කෙනෙක්ද කියල.
සියළු දෙනාටම ස්තුතියි.
ReplyDelete