ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday 14 September 2009
ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද?
මං පහුගිය දවසක කම්මැලි කමටත් එක්ක පැය ගානක් තිස්සෙ බ්ලොග් කියවීමේ මැරතන් එකක් දැම්ම. කාගෙද කියල මතක නෑ හරියටම, ඒත් එක බ්ලොග් එකක තිබිල දැක්ක අපූරු සටහනක්. බ්ලොග් ලියල තිබුනෙ කුප්පියාවත්ත පැත්තෙ ඉස්කෝලෙක ආදි ශිෂ්‍යයෙක්.
මේ බ්ලොග් සටහනේ තිබුණ විදියට අපේ කතා නායකයා ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයෙක්. ඒ තනතුරට පත්වෙන දවස ගැන ලියපු වචන අතරෙ තිබුන මෙතෙන්දි කොච්චර පහරදීම් වලට ලක් වුනාද කියනව නං, ගෙදර යන කොට බස් එකේ සීට් තිබුනත් වාඩි වෙන්නෙ නෑ කියල. රිදෙන නිසා. මෙතන රැග් එකක් තිබුන බවයි හොඳට තේරුණේ කතාව කියවන කොට.
මේක දැක්කහම මට හිතුන පොඩි කතන්දර කීපයක් ලියන්න. රැග් ගැන නෙමේ. ශිෂ්‍ය නායකයො ගැන.
ඔන්න මං දහයෙ පන්තියට අළුත් ඉස්කෝලෙකට ගිය දවස් වල ම එකට කෝච්චියෙ ආව ගිය පොරක් ව අඳුන ගත්ත. අල්ලපු පන්තියෙයි හිටියෙ. පොර හොදට ඉගෙනීමට උනන්දුවක් තිබුන කොල්ලෙක්. අපි ඒ ලෙවල් කරන්න පටන් ගත්ත කාලෙ එකට ටියුෂන් වලටත් ගියා. කෝච්චියෙදි යන එන කොට, ඉරිද උදේ ටියුෂන් එකේ දි හෙම හොද හිතවත් කමෙන් හිටියෙ.
ඔන්න ටික කාලෙකින්, මං දන්නෙත් නෑ කොහෙමද කියල, මූ එක පාරටම ශිෂ්‍ය නායකයෙක් වුනා. එදා ඉඳල පොර ඉස්කෝලෙ ආපු වෙලේ ඉඳල ප්‍රිෆෙක්ට් රූම් එකට වෙලා කාලෙ මැරුව මිසක් ඉගෙනීමෙ වැඩ කරනව දැක්කෙත් නෑ. ඉතාමත් ම ඉක්මණින් මා එක්ක කතා බහ නැතිවෙලා, විභාගෙ දවස්වෙන කොට දෙන්න අඳුනන්නෙත් නැති ගානට උනා.
විභාග ප්‍රතිඵල මොනව වුනත්, පස්සෙ මට ආරංචි උනා, පොර ටුබැකෝ එකේ ජොබ් එකකට ගිය බව.
මට නං හොඳට පැහැදිලි කාරණයක් තමයි, අපි මේ කට්ටියට පන්ති නායකයො, ශිෂ්‍ය නායකයො කියල කිව්වට, ඒ අය අති බහුතරයක් ඉස්කෝලෙ ගුරුවරුන් ගෙ, ප්‍රින්සිපල් ගෙ අන්තේවාසිකයො මිස කවදාවත් පන්තිය ට හරි ශිෂ්‍යයින් ට හරි නායකත්වය දෙන අය නෙමේය කියන එක. කොහොමටත් නායකත්වයට පත්වෙන්නෙ ශිෂ්‍යයින් ගෙ කැමැත්ත හින්දයැ, ගුරුවරුන් ගෙ අවශ්‍යතාවය මතනෙ?
නායකයො කියල ශිෂ්‍ය නායකයො ඉස්කෝලෙදී කරන වැඩ ගැන හිතල බැළුවොත් පොලිස් කාරයින් ගෙ වැඩ, සෙකුරිටි ගාඩ් ල ගෙ වැඩ, චර පුරුෂ වැඩ මිස වෙනත් කරන දෙයක් තියෙනවයැ.
හැබැයි ඉතිං අනිත් අතට කල්පනා කරල බැළුවහම, රටේ මහජනතාවගෙ ඡන්දයෙන් පත්වෙන නායකයොත්, වැඩි හරියක් කරන්නෙ නායකත්වයට සරිලන වැඩ නෙමේ නෙ. ඒ අතින් බැළුවහම ශිෂ්‍ය නායකයො කියන්නෙ ජාතික ලයිස්තුවෙ පත් කල මන්තිරිල වගෙ කට්ටියක්.
මේ කතන්දරේ අවසාන කරන්න කියන්නං මීට අවුරුදු දෙක තුනකට කලින් හාමුදුරු කෙනෙක් කියල තිබුණු මරු කතාවක්.
ලංකාවෙ ඉන්නෙ "ලොක්කො" මිසක "නායකයො" නෙමේ!
කතන්දර කාරයා
පරණ කතන්දර කියවන්නඃ http://kathandara.blogspot.com
මට ලියන්න: kathandara@gmail.com
Subscribe to:
Post Comments (Atom)
ගොඩක් දවසකට පස්සේ කතන්දර අයියාගේ බ්ලොග් එක බැලුවා ඔන්න..පබා වෙන එකක් නෑ කථා හොදයි නේ...
ReplyDeleteela . . .
ReplyDeleteDon't you think you're generalizing a bit. Well a lot.
ReplyDeleteBecause, as I know from my own experience not every prefect in every school is such. At least in my own, St. Anthony's in Kandy, they were well respected - at least most of them - and they did their duty to keep the standards there....
පැහැදිලිවම ඇත්ත කථාව. ඕකට සමාන කථා ඕනේ තරම් හොයාගන්න කොළඹ පාසල් කිහිපයකට ඔලුව දැම්මත් ඇති !!
ReplyDeleteniyamai...!
ReplyDeleteඅයියේ මමනම් ඔය කතාවට විරුද්ධයි."ශිෂ්‍ය නායක" කියන එක ඉගෙනීමට බාදාවක් නෙවෙයි.හැබැයි එහෙම කටගත්ත සහ කරගන්න කට්ටියනම් ඉන්නවා.
ReplyDeleteඅනිත් කේස් එක "නායකයො කියල ශිෂ්‍ය නායකයො ඉස්කෝලෙදී කරන වැඩ ගැන හිතල බැළුවොත් පොලිස් කාරයින් ගෙ වැඩ, සෙකුරිටි ගාඩ් ල ගෙ වැඩ, චර පුරුෂ වැඩ මිස වෙනත් කරන දෙයක් තියෙනවයැ."ගැනනම් පොඩ්ඩක් හිතන්න වෙනවා.මොකද ඉස්කෝලේ මොකක් හරි කරන්න දෙයක් තියෙනම් කවුරු වුනත් කරන්න ඕන.ඒක ශිෂ්‍ය නායකයන්ම කරන්න කියල එකක් නෑ.අනික ශිෂ්‍ය නායකයන් කරන වැඩ කොටසත් සලකා බලන්න ඕන.මොකද පාසලේ විනය,නිළ ඇඳුම් වගේ කාරණා වලදී ක්‍රියාශීලීව කටයුතු කරන්නේ ශිෂ්‍ය නායකයන්.
අනික ශිෂ්‍ය නායකකම තුළින් නායකත්වය ගැන හොඳ දේවල් ඉගෙන ගන්නවා.ඒ විතරක් නෙවෙයි.තැනකට ගිහාම හැසිරෙන හැටි පවා ඉගෙනගන්න ලැබෙනවා.
හැබැයි එකක් කියන්න ඕන.ශිෂ්‍ය නායක කම අරගෙන හරියට ඩියුටිය කරන එක ඒ ළමයාගේ යුතුකම.ඒක ඒ ළමයා තෙරුම් ගන්න ඕන.මොකද ඉගෙනගන්න පාසලට යමක් කරන්න අවස්ථාවක් තමයි ඔය ශිෂ්‍ය නායක පදවිය.අයියේ,මම දැනෙන්නේ සියළුම ශිෂ්‍ය නායකයන්ට පහර වැදීමක් වගේ.ඒ නිසා මම කැමතියි වරද කරන අයට පහර දෙනවනම්.
මම මේ කතාව කිව්වට තරහ වෙන්න එපා.නමුත් ඇත්ත ගැනත් පොඩ්ඩක් හිතන්න.
මමනම් ශිෂ්‍ය නායකයෙක් වුනේ 2008 දී ඉවර වෙන්නේ 2010 දී.එතකම් මම මට පාසල වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරනවා.මම හිතන්නේ ඒ කරන දේ අපට කවදා හරි ආපස්සට ලැබෙනවා කියල.
තවත් එක කාරණයක්.ශිෂ්‍ය නායක පදවිය නිසා ආඩම්බරකම ඇති කරගැනීම නම් මෝඩ වැඩක්.මොකද කවදා හරි අපට සමාජයේදී හම්බෙන්නේ අපි ආඩම්බරකම පෙන්නන අයමයි.
ඔයාගේ කතාවට මාත් එකගයි.
Deleteමම මේ කතාව කිව්වට තරහ වෙන්න එපා.නමුත් ඇත්ත ගැනත් පොඩ්ඩක් හිතන්න.
ReplyDeleteමමනම් ශිෂ්‍ය නායකයෙක් වුනේ 2008 දී ඉවර වෙන්නේ 2010 දී.එතකම් මම මට පාසල වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරනවා.මම හිතන්නේ ඒ කරන දේ අපට කවදා හරි ආපස්සට ලැබෙනවා කියල.
තවත් එක කාරණයක්.ශිෂ්‍ය නායක පදවිය නිසා ආඩම්බරකම ඇති කරගැනීම නම් මෝඩ වැඩක්.මොකද කවදා හරි අපට සමාජයේදී හම්බෙන්නේ අපි ආඩම්බරකම පෙන්නන අයමයි.
ඇත්ත තමා ඔය ශිෂ්‍ය නායකයො කියන එවුන් කරන මගුලක් නෑ. තමන්ගෙ පංතියෙ එකා විනය කඩකරද්දි අහක බලාගෙන ඉන්නවා. කවුරු හරු බයාදු පොඩි එකෙක්ගෙන් වැරැද්දක් වුණොත් ඌව අල්ලං කන්න හදනවා. මම මේ වගේ සිද්ධි ඇති තරම් දැකල තියෙනවා.
ReplyDeleteඑහෙම කියන්න එපා පාසලක ළමයි වෙනුවෙන් ගුරුවරු ඉදිරියේ පෙනී ඉන්නෙත් ඔයාලා ඔය බනින ශිෂ්‍ය නායකයෝම තමා.
Deleteමමනම් තාමත් කියන්නේ මේ ලිපිය ගැන දෙපාරක් හිතනවනම් හොඳයි.අනික ශිෂ්‍ය නායකයන් කීයෙන් කීදෙනාද මේ ලිපිය දකින්නේ.එයාලටත් උත්තර දෙන්න ඉඩක් තියෙන්න ඕන.
ReplyDeleteඑයාලට මඩ ගහන්න එපා
Deleteshishya naayakayek novi shishya naayaka kam gena kohomada katha karanne?
ReplyDeleteshishya naayakayek novi shishya naayaka kam gena kohoma katha karandada?
ReplyDeleteමාධව මල්ලී, ඔයා ගැන මම දන්නේ නෑ, ඔයා අවංකවම හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් මේ ලිපි කියවලා මේ වගේ කෙනෙක් නොවී වැඩදායී සත්‍යගරුක කෙනෙක් වෙනවා නම් ඒ ඇති.
ReplyDeleteමම මේ ලිපියට සම්පුර්ණයෙන් එකඟයි, මේ තත්වයම අද පොලිසියේ දකින්න තියෙනවා නෙව. හැබැයි පොලිසියේ වගේම ශිෂ්‍ය නායකයන්ගෙන් ස්වල්පයක් හෝ අවංකවම හොඳයි. නමුත් පොදුවේ මේ අයට නිසි පුරුදු කිරීමක් හා විමර්ශණ කිරිමක් කෙරෙන්නේ නෑ. අන්තිමේදී ලොක්කෝ ෂේප් වෙද්දී සොක්කෝ අහු වෙනවා. කාවින්දිගේ සිද්ධියේදී වුණත් දෝෂාපර්ණයට පාසල හා ශිෂ්‍ය නායකාවියන් ලක් වුවේ ඒ නිසායි. ඒ අතරමැදට රවීෂා නමින් හදුන්වන ආදි ශිෂ්‍ය නායිකාවක් ඒකට දිගට එල්ල කළ වාග් ප්‍රභාර නිසා මේ අශිෂ්ට ශිෂ්‍ය නායකයන්ගේ සැබෑ තත්වය හෙළ වුණා. පාසලේ වගේම පාසලෙන් පිටතදීත් අනවශ්‍ය ලෙසට පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන තරම් ශිෂ්‍ය නායකයන් දුරදිග ගිහින් තියෙනවා වගේම ඔවුන් පෙනී පෙනී හෙළි පිටම වැරදි කරනවා, අසු වෙනවා නම් ඉතා කලාතුරකින්. අවංකවම නිසි ආකාරයෙන් පම් කරන දෙදෙනෙක් පාසලෙන් බාහිරව අසු වුණත් විදුහල්පතිගේ ඛණට කියන් ඇතැම් ශිෂ්‍ය නායකයන් තම පෙම්වතිය හෝ පෙම්වතා පාසලේ උලෙළ වලට වෙනම ආරාධනා පත්‍ර යවන්නත් හෝ (විශේෂයෙන් ශිෂ්‍ය නායකයන්) බාලිකා පාසල් වලට ඔලුව දමන්නටත් ඔවුන්ගෙන් කෙනෙක් තම වසඟයට ගන්නට කටයුතු කරන්නෙත් තම ශිෂ්‍යයන්ට හා ශිෂ්‍ය නායත්වයන්ට මෙන්ම පාසලේ නම කෙළවන ආකාරයට.
මේ වගේ කියන්න බොහෝ තිබ්බත් වැඩක් නෑ, මේ තත්වයේ වෙනසක් මේ අසාර්ථික අධ්‍යාපන ක්‍රමයත් එක් දැන්ම වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.
@ ශාකුන්තල
ReplyDeleteහරියට හරි මචන්.කතාව සම්පූර්ණ ඇත්ත.අපේ ඉස්කෝලෙත් මම ඔය දේ හොඳට දැකලා තියනවා.
මගේ පාසැලේ ශිෂ්‍ය නායක කාමරයට විදුහල්පතිතුමා ඇතුලු කිසිදු ගුරුවරයෙකුට පස් පෑගීම තහනම්. ඒක සම්ප්‍රදායක්ලු. වරක් එහි බලෙන් ඇතුලු වීමට ගිය විදුහල්පතිතුමක්ව බෙල්ලෙන් අල්ලා එලියට ඇද දැම්මේ ඔය කියන චණ්ඩි ශිෂ්‍යනායකයන් තමයි.
ReplyDeleteමේ ශිෂ්‍ය නායක කාමරයෙත්, ඒ අසලම ඇති තවත් ඒ ආකාරයේම "අනුහස් ඇති" ශිෂ්‍ය භට කාමරයේත් කී දෙනෙක් පංති කට් කරනවාද යන්න දන්නේ දෙවියන් පමණක් වෙන්න ඇති.
මම 8 වසරේදී ශිෂ්‍ය නායක කාමරයේ පඩිපෙලෙහි එක් පඩියක් බැසීමේ වරදට මගේ කණ මිරිකුවා එක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්. එය මතක තබාගෙන ඉඳලා මම උසස්පෙල කරන කාලයේ පලිය ගත්තේ ඔය තරම් අනුහස් ඇති ශිෂ්‍යනායක කාමරයේ දොරට මුත්‍රා කිරීමෙන් :P
අන්දරේ අයියා සෙල්ලං ඩයල් එකකුත් නෙවේ වගේ.
ReplyDeleteඅයියේ මම දන්න විදිහට ඔය කාමරේට විදුහල්පතිතුමාට පුළුවන්.
පන්ති කට් කරන ගානනම් දන්නේ නෑ.
@ දිලංක
ReplyDeleteමම දන්න කාලෙක ඉඳං ප්‍රින්සිපල්ට වත් වෙන ගුරුවරයෙකුට වත් ඕක පැත්ත පලාතේ යන්න තහනම්. එහෙනං අජබු ආවට පස්සෙ ඔය නල්ලමලේ සම්ප්‍රදාය වෙනස් වෙන්න ඇති. ඩැනී ගොයියත් ඕක වෙනස් කරන්න ෆුල් කට්ට කෑවා.
මේකට උත්තර දෙන්න කල් වැඩියි වගේ...
ReplyDeleteසොලි සොලි... පරක්කු වැඩීයි...
ReplyDeleteකොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොන් ගෙත් ගොඩක් වෙලාවට එහෙම තමයි. හොදටම ගොට්ට අල්ලන්න පුලුවන් කෙනා තමයි හොදම තනතුරු ටික ගන්නෙ. ඉස්කෝලේ සම්ප්‍රදායත් ඒක නම් ඉතින් අපි ගුරුවරු වෙලා ගියත් වැඩක් නෑ ඒකමයි කරන්න වෙන්නෙ. මම වැඩ කරන ඉස්කෝලේත් කිසි වෙනසක් නෑ. නොම්බර එකේ ගොට්ටො ටික තමයි ශිෂ්‍ය නායකයො.
ReplyDeleteඅපේ ඉස්කෝලේ නම් ශිෂ්‍යනායකයෝ හැටියට පත්වීම් හම්බවෙන්නේ උසස් පෙළ කලාට පස්සේ. ඒක නිසා පංති කට් කරන එකක් නම් වෙන්නේ නෑ. මොනවා වුණත් ශිෂ්‍යනායකයෙක් කියන්නේ මුර වැඩේට ඉන්න කෙනෙක් කියන කතාව නම් පිලිගන්න අමාරුයි. අපේ ඉස්කෝලේ නම් බිග් මැච් එක, කලර්ස් නයිට් එක සංවිධානය කරන එකත් කරන්නේ ශිෂ්‍යනායකයෝ. ඒකත් එක්ක ළමයින්ගේ විනය ගැනත් හොයලා බලන එක කරනවා. ඉස්කෝලේ ඉන්න හැම ළමයෙක්ටම වඩා ශිෂ්‍යනායකයෝ වැඩිමල් නිසා ළමයි පාලනය කරන්නත් පහසුයි. ගැටලු තිබුනත මේ ක්‍රමය අනික් ඒවාට වඩා සාර්ථකයි.
ReplyDeletehttp://muchalindha.blogspot.com/2009/08/blog-post_07.html
ReplyDeletemenna post eka
කතන්දරෙ මමත් ශිෂ්‍ය නායකයෙක්.. අපි ව පත් කරෙ ගුරුවරු උනාට.. පස්සෙ අපි අපෙ වටෙ හිටපු නසරානියො , ඔය සුළු සුළු වැරදි වලට අත්අඩංගුවට පත් වුනු වෙනුවෙන් මන්ත්‍රි තුමන් ලා පොලිසියට කොල් එකක් දිලා බෙරගන්නවා වගෙ උන් වෙනුවෙන් කිප පොළක පෙනි හිටින්න ගිහිල්ලා අපි කිපදෙනෙක් ලකුණු කපා ගෙන කම්මුල් පාරවල් දෙකකුත් කැවා..හිනාවෙලා..මම එ කාලෙ ඉගෙන ගත්තු වටිනාම දෙ තමයි " කෙනෙකුට ආදරෙන් කතා කරපුහාම එ කෙනා එ ආදරය ගෞරවය නැවත අපිටම දෙනවා " , " මල්ලි එන්න මෙ වැඩෙ කරන්න " අයෙ දෙකක් නැහැ ඇවිල්ලා කිසි චරු චුරුවාක් නැතුව කරනවා..
ReplyDeleteමෙහෙමයි, ඔය සිස්ස නායකයො කියන ජාතිය හැම ඉස්කෝලෙකම වගෙ, එයාල දන්නෙ නෑ කොහොමද සහයෝගයෙන් වැඩේ දෙන්නෙ කියල. එයාලගෙ පී.ආර්. එක නම් නිල්. අන්න ඒකයි මෙතන අවුල, කොහොම හරි කතන්දර අයියගෙ වචන ටික නම් හරියටම හරි. අපේ සිස්ස නායකයොන්ගෙ ඔලුව ඉදිමෙනවනෙ ඔය පිත්තල කෑල්ලක් එල්ල ගත්තම.
ReplyDeleteඕක ඉගෙනීමටපැහදිලිවම බාදාවක්, එහෙම බාදාවකින් තොරව ශේප් එකේ වැඩ දෙකම කරගන්න අය නැතුවා නොවේ එහෙත් අතලොස්සකි, එනම් කලාතුරකින් එකෙක් දෙකක් ඉන්නවා තමා ඒත් වැඩි ප්‍රතිශතයක් නෑනෙ ගොඩ ගිය අය? එහෙම එකේ ගොඩ ගිය එකෙක් දෙන්නෙක් පෙන්නලා බොරුවට සුදු හුණු ගාගන්න එහෙම බාධාවක් නෑ, අරය කලානම් මොකෝ වෙන්නෙ තියරිය නම් ඉතිං............
සහතික ඇත්ත.
ReplyDeleteඅත්දැකීමෙන් කියන්නේ.
මමත් ඔය නායකයන්ගේ ප්‍රධාන නාකියෙක් වෙලා හිටියා.ඔය ක්‍රමය වෙනස් කරන්න ගියාම බැජ් එක දීල ගෙදර යන්න කියුවා.ඉතින් මොනවා කරන්නද අයිත් ඉස්කොලේ ගියේ ඉලග බැච් එකට බැජ් දෙන දවසේ
එහෙම ම කියන්නත් එපා කතන්දර. ගොඩක් ඉස්කෝල වල ගොඩක් ශිෂ්‍ය නායකයෝ ඔහොම උනාට හරියට තමන්ට පැවරුනු රාජකාරිය කරන ශිෂ්‍ය නායකයොත් නැතුවම නෙමෙයි. ගොඩක් වෙලාවට වෙන්නෙ පට්ටම ලැබුනාම ''මමයි ලොක්කා'' කියන එක ඔලුවට ගැහීම. ඉස්කෝලෙන් පිට මමත් අනිත් අය වගේම ශිෂ්‍යයෙක් කියන දේ අපේ කට්ටිය තේරුම් ගන්නව නම් කිසි ප්‍රශ්නයක් නෑ. uvindubt කිව්වා වගේ ගොඩක් අයගේ පී.ආර්. අඩු වෙන්නත් ඕක හේතුවක්. ''රවා'' කිව්ව වගේ හොඳින් කිව්වම වැඩේ ඉතා සාර්ථකව කරගන්න පුලුවන් ගොඩක් වෙලාවට (බැරි වෙලාවලුත් තියනව).
ReplyDeleteමම මෙහෙම ලියන්නේ මමත් ඉස්කෝලෙ ගුරුවරුන්ට ඕන විදිහට ශිෂ්‍ය විධායකයො පත් නොකරන, ගුරුවරුන්ට ගොට්ට අල්ලගෙන ඉන්න ඕනෙ නැති ශිෂ්‍ය විධායක මණ්ඩලයක සාමාජිකයෙක් වෙලා හිටපු නිසා ම නෙමෙයි එහෙම හිටපු කාලෙ මූනෙ හිනා පොදක් නැතුව සමහරු එක්ක කතා කරේ හිතේ තිබ්බ තරහක් නිසා නෙමෙයි ඕනවට වඩා ලං වෙලා අපේ රාජකාරි හරියට කරන්න අමාරු නිසා බව කියන්න කවදාවත් අවස්ථාවක් නොලැබිච්ච නිසා...
කතන්දරට ශිෂ්‍ය නායක පට්ටමක් ලැබුණා නම් මේ කතන්දරේ ලියවෙන එකක් නෑ නේ. කතන්දර ආනන්දෙට ගියේ 10 වසරෙදි හින්දා,ඉස්කෝලේ හිටපු කාලය අවුරුදු 5 ක් පිරුණේ නැති හින්දා, ශිෂ්‍ය නායක පදවිය අහිමි වූණා, නේද?. මේක නම් ඉරිසියාවට ලියපු කතන්දරයක්. ඔය අලුතෙන් ඉස්කෝලෙට එන උන් හැමෝම ගහන පදයක් මේක.
ReplyDelete<> Hiks.. Ela Ela
ReplyDelete