
මේ කතන්දරේ මට ලියා එව්වේ සචින් ජයනෙත්ති.
මෙන්න සචින් ගේ වචන වලින් ම. (වරහන් ඇතුලේ තියෙන්නේ මගේ කමෙන්ට්ස්.)
මේකත් චූ කතාවක්. (මතකනේ මගේ චු කතන්දර සීරීස් එක. මේකත් ඒ ගොඩටම දාගන්න.)
කතන්දර දන්නවා නොවැ ඩොක්ටර් වික්‍රමබාහු කරුණාරත්න. සමහර විට කම්මලේ ඉන්න කාලේ උගන්නලත් ඇති මයේ හිතේ. (කම්මල කියන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයටයි.) මේ කතාව උන්නැහේ ගැන.
අවුරුදු විසිපහකට විතර කලින් වෙච්චි මේ සිද්ධිය මට කිව්වේ නව සමසමාජ පක්ෂයේ හිටපු ෆුල් ටයිමර් කෙනෙක්.
ඩොක්ටර් වික්‍රමබාහු දවසක් ගියාලු රැස්වීමකට පිට්ටනියක තිබුණු. හොඳ පහේ ස්ටේජ් එකක් ගහල තිබුනලු. සූ ගාලා සෙනග දෙතුන් සීයක් විතරත් හිටියලු.
ඔය අතරේ බාහුට ආවලු චූ බරක්. ඊළඟ කතාව තියෙන්නේ තමන්ට නිසා ඉවසගෙන හිටියලු ඉවර වුනු ගමන් ගිහින් කරන්න හිතාගෙන. ඒත් ස්ටේජ් එකේ කතාව දෙන පොර දෙනවලු පැය ගානක් ඇට්ටි හැලෙන්න.
බැරිම තැන මුලාසනයේ හිටපු සහෝදරයට කනට කරලා කිව්වලු තමන්ගේ අවශ්‍යතාවය.
මුලාසනයේ ලොක්ක ස්ටේජ් එක අයිනේ හිටපු අයෙකුට කතා කරලා "සහෝදරයා, මේ සහෝදරයාව එයාගේ අවශ්‍යතාවයට සුදුසු තැනකට එක්ක යනවද?" කිව්වලු.
ඔන්න ඉතින් මෑන්ස් බාහුව එක්ක ගියාලු ස්ටේජ් එක පිටිපස්සට.
"සහෝදරයා මෙතන වැසිකිලි හොයන්න බැහැ. වැඩේ කරගෙන යන්න මම කවර් එකක් දෙන්නම්."
ඔන්න දැන් බාහු චූ කරනවා. වට පිට බල බලා . දන්නා විදිහට මිනිහා ටිකක් ලජ්ජාකාරයා.
මෙන්න අර කවර් එක දෙන එකා අහනවලු මෙහෙම බාහුගෙන්.
"මේ සහෝදරයා හොඳට දැකලා පුරුදු මූණක්. සහෝදරයාගේ නම මොකක්ද?"
ඒ කාලේ පක්ෂයේ නායකයා බාහු වුනාට හැමෝම දන්නේ වාසුව විතරයි.
"මම වික්‍රමබාහු"
"ඒ කියන්නේ අපේ නායක බාහු සහෝදරයා!"
"ඔව්" බාහු උත්තර දුන්නාලු.
අර කවර් එක දුන්නු පොරට ඉස්පාසුවක් නැති වුනාලු.
බාහු කර කර ඉන්න කාරියත් අමතක කරලා "අපේ බාහු සහෝදරයාට ජයවේවා! අපේ නායක සහෝදරයාට ජයවේවා!!" කියලා කෑගහන්න පටන් ගත්තලු.
මගේ මිත්රයාට මේ කතාව කියපු බාහු කිව්වලු:
"මගේ චූ බර නිකම්ම හිඳිලා ගියා. ආයෙත් චූ දැම්මේ කොළඹ ඇවිල්ලා" කියලා.
මං මේ කතාව බාහු ට ඊ-මේල් එකකින් යැව්වා මොකද කියන්නේ බලන්න. සත්‍යතාවය ගැන අවුලක් නෑ වගේ. මොකද බාහු උත්තර එව්වේ නෑ!
-කතන්දරකාරයා
ප/ලි
වික්‍රමබාහු කරුණාරත්න ඉංජිනේරු ශිෂ්‍යයෙක් කාලේ විස්තරයක් ඔහුගේම වචන වලින් (in English) මෙතනින් බලන්න.
http://efacmemories.blogspot.com/2011/01/introduction-to-engineering-and.html
ප/ප/ලි
මෙන්න කැනඩාවේ සිට සචින් ජයනෙත්ති "යාත්‍රා" සිංහල සඟරාවට ලියන "දේශදෝහියාගේ කොලම" කොටස් කීපයකට සබැඳි.
1. හාමුදුරුවනේ තරහ අවසර
2. බටහිර ලෝකයේ අපේ සංගම්කාරයෝ
3. නිරුවත් සංස්කෘතිය
4. මුල්ලකට කොටු කර පහර දීම
(image: http://wn.com/Sri_Lanka_Sama_Samaja_Party)