මේක කෙලින්ම මගේ අත්දැකීමක් නොවෙයි, මේ ඊයේ පෙරේදා දවසක, මුලින් ෆේස් බුක් හරහා ආපු මැසේජ් එකක් ඔස්සේ ගිහින් දුරකතනයක් හරහා වාචිකව අහන්නට ලැබුණු කේස් එකක්.
"මේ කතන්දරේ උඹේ බ්ලොග් එකට හොඳයි නේද?" කියලාම යෝජනාව ලැබුණු නිසා හිතුණා ලියලා දාන්න. කොහොමටත් මේ කතන්දරේ මේ දවස්වල සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තියෙන අවුල් අස්සට හොඳට ගැලපෙනවා.
මට අහන්න ලැබුණු ආකාරයෙන්ම කතාව නැවත ලියන්නම්.
මචං, කතන්දර, මේකයි කේස් එක!මගේ හිතවතා කතාව කියලා ඉවර කලේ එහෙමයි.
දැන් මාස දෙකකට විතර කලින් දවසක අපේ නැන්දම්මා නාන වෙලාවේ කොන්ද රිදෙන්න පටන් අරං තියෙනවා. ඉතිං වයිෆ් ගේ නංගිත් එක්ක පහුවදා හවස ගමේ ගෙවල් ලඟ ඩිස්පැන්සරියක් දාගෙන ඉන්න දොස්තර ලඟට ගිහින්.
පොර ආණ්ඩුවේ මූලික රෝහලක වැඩ කරන ඩොකෙක්, වැඩ ඇරිලා හවසට මේ දිස්පැන්සරියට එනවා පොල් කඩන්න. වයසත් නිකං හතලිස් පහක් විතර ඇති.
අම්මා කොන්ද රිදෙනවාය කියපු ගමන්ම ඩොකා කියලා තියෙනවා, "ආ, එහෙනං ඕක කැන්සර් එකක් වෙන්න ඉඩ තියෙනවා. වහාම එක්ස් රේ එකක් අරගෙන බලන්න ඕනෑ" කියලා.
මොකුත් බේතක් හේතක් දීලාත් නෑ අමාරුවට, හැබැයි ඉතිං අම්මා පොඩි පෙනඩෝල් පාරක් දාලා ජාම් බේරාගෙනයි ඔය ගමන් ගිහින් තියෙන්නේ.
ඉතිං මොකද කරන්නේ පහුවදාම උදේ ගිහින් ඔය කියන එක්ස්-රේ එක ටවුමේ කඩේකින් අරගෙන, ඒක ලැබුණු වහාම ගිහින් තියෙනවා ඩොකා ලඟට ආපහු.
පොර එක්රේ එක අතට ගත්තු ගමන්ම කිව්වාලු, "මං හිතුවා හරියට හරි! කැන්සර් එකක් තමයි, මේ තියෙන්නේ කළු පැල්ලමක් කොඳු ඇට පෙළ දිගටම!" කියලා.
"මේකට කරන්න නං ඉතිං බේතක් නෑ. වේදනාව අඩුවෙන්න කොන්දට මැෂිමක් හයි කරන්න වෙනවා. ඒක මට පුළුවන් ඇරේන්ජ් කරන්න!" කියලාත් කිව්වාලු.
ඊට පස්සේ අම්මාව දිස්පැන්සරියට එක්කගෙන ගිය නංගිවයි, එයාගේ හස්බන්ඩ්වයි පැත්තකට කරලා කිව්වලු, "දැන් ඉතිං අම්මා තව මාස කීපෙකට වඩා ජීවත් වෙන්නේ නැති වේවි, මගේ තාත්තාටත් ඔය වගේම නාන කොට ආපු කොන්දේ අමාරුවකින් තමයි අසනීපේ පටන් ගත්තේ, ඒ වෙනකොට කැන්සර් එක ඔඩු දුවලා, ඊට පස්සේ මාස දෙකකට වඩා ජීවත් වුණේ නෑ!" කියලාත්.
ඉතිං නංගි කලබල වෙලා අඬ අඬා වයිෆ්ට කෝල් එකක් දුන්නා එදා රෑම. එහෙමයි මට ආරංචි වුණේ.
කතාව අහලා මං නං කිව්වේ, "කැන්සර් එකක් කොහොමද ඔය විදියට එක පාරටම එක්ස්-රේ එකකින් හොයා ගන්නේ? අනික ඔය මනුස්සයා ස්පෙෂලිස්ට් කෙනෙකුත් නෙමෙයි නේ!" කියලයි.
කොහොම හරි දැන් සේරම කට්ටිය හොඳටම බයවෙලා. අපි කෙරුවේ ඒ සති අන්තයේදීම මහරගම කැන්සර් හොස්පිටල් එකේ ස්පෙෂලිස්ට් කෙනෙක්ව චැනල් කරලා අම්මාව පෙන්නපු එකයි.
අන්තිමට බැලින්නං අම්මට මේ පොඩ්ඩක් කොනද ඇවිලිලා මිසක් ඇති කැන්සර් එකක් නෑ. ස්පෙෂලිස්ට් එක්ස් රේ එක බලලා හිනා වුණා විතරයි.
තව දවස් දෙක තුනකින් ඒ කොන්දේ ඇවිලිල්ලත් මග හැරිලා ගියා.
අන්න නැන්දම්මා දැන් ඉන්නව වෙනදාටත් වඩා හොඳට!
මං හොයලා බැලුවාම මේ දොස්තරයා අර කාලෙකට කලින් රාගම තිබුණු ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගත්තු පොරක් ලු!
මේ කතාව අහලා මට හිතුනේ අනේ අපොයි අර කැන්සර් එකක් හැදිලා මිය ගියාය කියන (මේ දොස්-තර ගේ) තාත්තා කියලයි.
-කතන්දරකාරයා
(image: http://emoryhealthcare.org/spinal-radiosurgery/index.html)
ඕවා තමයි කකා පිළිකා දෙස්තර පිළිකා,නර්ස් පිලිකා,ඉදලා සාත්තු සේවිකාවන් දක්වාම හැදුණු සෞඛ්‍ය පිළිකා කෙළ කෝටියක් අතරෙන් හමු වූ එක්තරා දොස්තර පිළිකාවක් මේ
ReplyDeleteමං කලින් කතන්දරේ කිව්වා වගේ රොගීන් සුව කිරීමේ අර්මුණින් ඔය ජොබ් වල ගිය අය ඉන්නේ අතලොස්සයි.
Deleteබහුතරය මං වගේ පඩිය ගැන සිතා රැකියාව සොයාගත් අයයි.
අනේ මෝඩ කතා නොකියා ඉන්න කකා. රෝගීන් සුවපත් කරන්න කවුරුත් දොස්තරලා වෙන්නෙ නැහැ. හැමෝම දොස්තරලා වෙන්නෙ හොඳ පඩියක් ලැබෙන තත්වයක් ඇති රස්සාවක් ඕනැ නිසා. ඒ වගේම ඒක වරදක් නෙවෙයි.
Deleteසුළුතරයක් ඉන්න ඉඩ තියෙනවා කියායි මා කියන්නේ!
Deleteඒ කියන්නේ ඒ සුළුතරය පඩි ගෙව්වෙ නැතත් රෝගීන් සුවපත් කරනවාද?
Deleteඔව් ඇනෝ ඉන්නව. අර ඇල්පිටිය පැත්තෙ ලැබ් කාරයෙක් එහෙම ඩොකෙක්ව මරල දැම්මා මතක නැද්ද අවුරුද්දකට දෙහෙකට කලින්?
Delete@ඉන්දික උපශාන්ත ....ඒ දොස්තර එල ඩොකෙක් ලු..... කකා ගෙ කතාවෙ ඩොකෙක්ම තමයි මරවල තියෙන්නෙ නේද...?
Deleteශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රොගීන් පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රොගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ.
Deleteඑසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත.
දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි.
සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි.
මොවුන් ටයි ඇඳ දොස්තර නලාව කරේ එල්ලාගෙන අලුත් වාහන වල ගියද යටින් සිටින්නේ අමු නොදියුණු අශිෂ්ට ගෝත්‍රිකයෙකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති.
මාධ්‍යවේදී සුගත් රාජපක්‍ෂ පවසන පරිදි ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ.
උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී.
කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය.
කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය,
කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය.
මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද, ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ.
/* ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ....*/
Deleteපොඩි රෙෆර්න්ස් එකක් දෙන්න පුළුවනිද මේ කතාවට?
මා සමග මීට මාස දෙකකට පමණ පෙර කතා කළ ඔය ග්ලස්ගෝ පැත්තේද කරක් ගසා ඇති ලංකාවේ මෙඩිසින් ඉගෙන ගත් දැන් ඒවැනි තැනකම උගන්වන පොරක් කිව්වේ, දැන් විෂය මාලාවට ආචාර ධර්ම වැනි විවිධ මහජන සම්බන්ධතාව පිළිබඳ කරුණු උගන්වන බවයි.
දැන් ඔය කකාලා ඉන්දික උපශාන්තලා කියන ජාතියේ පඩි-තකා නොව විනය-තකා වැඩ කරන දොස්තරලා ඉතුරු කරලා අනෙක් අය ඉවත් කළාම ඔක්කෝම හරිනේ! කොච්චර සිම්පල් විසඳුමක්ද!
Deleteඉන්දික ලංකාවට ගිය කාලයේ ලංකාවට ගිය ප්‍රොෆයිල් ඇනෝද දැන් ඉන්දික එක්කම යළි පැමිණ සිටියි.
Deleteපෞදගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය ගැන නම් කවර කතාද?
ReplyDeleteනියම වෛද්‍යවරයෙක් නම් තමන් නොදන්නා දේ නොදන්නා බව පිළිඅරගෙන දන්න කෙනෙක් ගෙන් විමසිය යුතුයි. මම රෝහල් වලදී ඕනෙ තරම් දැකලා තියෙනවා වෛද්‍යවරු හෙදියන්ගේත් මතය විමසනවා. ව්‍යාකූල වූ විට වෙනත් වෛද්‍යවරයෙක් ගාවට ගිහින් රෝග ලක්ෂණ කියලා ඔවුන්ගේ මතය අහනවා.
රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් නම් බිහි වෙන්නේ මාර කොලිටි වෛද්‍යවරුන් නේද? අනේ යන්න අන්කල් යන්න තමන්ගේ ඉරිසියාව වහ ගන්න කියන කතාත් අරගෙන.
Deleteමගේ මතය නම් - මූලික අධ්‍යාපනයත්, ලබාගත් ශිල්පීය දැනුමේ ප්‍රමිතියත්, පුහුණුවී්, බුද්ධි මට්ටමත් වැදගත් තමයි.
Deleteඒ වගේම වැදගත් කාරණයක් තමයි වෘත්තිකයා ගේ ආකල්ප සහ ප්‍රතිපත්ති!
අපේ ටවුමෙත් ඉන්නවා ඔය වගේ කෙනෙක්, එයා දැන් ඉතින් ගෙදර ගෙනිහින් පිරිතක් කියල දානයක් දෙන්න කියපු අය බොහොමයක් තවමත් හතර පෝයට සිල් ගන්නවා. හැබැයි එයා නං පුද්ගලික තැනකිං නෙවෙයි බිහි වෙලා තියෙන්නේ. ප්‍රතිශත ගැන කියන්න දන්නැති වුනත් වැඩිදෙනා කාර් එකේ ලිසිං වෙන්නේ වෛරස් උනට පෙති විකුනල තමයි, මයික්‍රො එකක් ගන්න නම් අනිව ලැබ් එකකින් ගොඩක් උදව් ඕන. ඇතුලට යන ඔක්කොමයි බිහි වෙන ඔක්කොමයි අති විශ්ෂටයො වුනාට ටැලන්ටඩ් දොස්තරලා බිහි වෙන්නෙ ටිකයි, ඒ අය ප්‍රධාන නගරවල රදව ගන්නවා. අනිත් අය යම්යම් මට්ටමේ .... දොස්තරල තමයි.
Deleteමං හොයලා බැලුවාම මේ දොස්තරයා අර කාලෙකට කලින් රාගම තිබුණු ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගත්තු පොරක් ලු!??????????? මේක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. පී එම් සී එකට ගියේ සල්ලි තියන ඉහල මධ්‍යම පන්තික මිනිසුඞේ ලමයි. අද ගොඩාක් පී එම්සී එකේ දොස්තරලා ස්පෙශලිස්ට් ලා වෙලා ඉන්නවා. ග්‍රාමීය පසුගාමිත්වය එක්ක ගමේ පාසල් වලින් පහල පන්තික මිනිසුඞේ ලමයි දොස්තරලා උනාම සරමක් ඇඳලා එන රෝගියෙක්ගේ මූන දිහා බලලවත් කතා කරන්නෙ නැහැ.
Deleteශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි වුනු දොස්තරලා බහුතරය උසස් පෙළ කොට ඇත්තේ පුත්තම් දිස්ත්‍රික්කයෙන් බව පෙනී යයි. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට පුත්තම් දිස්ත්‍රික්කයේ සිසුන්ට හැකිවී තිබේ. පුත්තම් දිස්ත්‍රික්කයේ පහසුකම් අඩු නවගත්තේගම , නීල බැම්ම , කරුවලගස්වැව වැනි ප්‍රදේශ වල පාසල් වල සිසුන් සඳහා මෙහි යම්කිසි සාධාරන බවක් තිබුනද කොළඹට නොදෙවෙනි පහසුකම් තිබෙන වෙන්නපුව ,මාරවිල වැනි ප්‍රදේශ වල සිසුන්ට විශ්ව විද්‍යාල වලට සහ වෛද්‍ය පීඨ වලට යාම සඳහා අඩු දිස්ත්‍රික් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම ප්‍රමාණවත් වේ. මේ නිසා සාමාන්‍ය පෙළ විභාගය කිට්ටුවෙත්ම කොළඹ පාසල් වලට ගිය සිසුන් බොහෝ දෙනෙකු වෙන්නපුව ,මාරවිල වැනි ප්‍රදේශ වල පාසල් වලට ඇතුලත් වෙති. නැතොත් නාමිකව ඇතුලත් වී කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු කරගෙන යති.
Deleteඅප විසින් කරන ලද විමර්ශන වලදී සමහර පාසල් සහ මෙන්ම ඇතැම් කන්‍යාරාම වල නාමික වශයෙන් පවත්වාගෙන ගිය උසස් පෙළ සිසු නාම ලැයිස්තු දක්නට ලැබුණි. මෙහි අරුත නම් තෝරාගත් පිරිසකට කොළඹ පුද්ගලික පාසල් වල සිට අධ්‍යාපනය හදාරා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පුත්තම් දිස්ත්‍රික්කය නියෝජනය කිරීමෙන් විභාගයට ලිවීමට ලැබෙන හැකියාවයි. මෙය බොහෝ කාලයක් පුරා කරගෙන එන අක්‍රමිකතාවයකි. මෙවැනි විෂමතා ඇති වීම මගින් අනෙකුත් දිස්ත්‍රික් වල සිසු සිසුවියන්ට විශාල අසාධාරණයක් වේ.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පළමු වසර ට ඇතුළත් කරගන්නා ළමයින් අතරින් අවසානයේ උසස් පෙළින් විශ්ව විද්‍යාල වරම් ලබන්නේ 2%ක් පමණ ප්‍රතිශතයකි. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ අධ්‍යාපනයට දක්ෂතම සිසුන් නොවෙති. සමහර විට දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා උසස් පෙලට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත් කොළඹ , ගාල්ල , මහනුවර වැනි නගරබද දක්ෂ සිසුන් ට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්නේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්වල උසස් පෙලට අඩු ලකුණු ලබාගත් සිසුන් වෙති. අධ්‍යාපන දෙපාර්තමේන්තුව කල යුත්තේ අඩු පහසුකම් ඇති දිස්ත්‍රික්වල අධ්‍යාපනික පහසුකම් නැග්වීම මිසක වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත් සිසුවා කපා දැමීම නොවේ. මෙය චිරාත් කාලයක් පුරා පවත්වාගෙන එන මහදැන මුත්තා ක්‍රමයේ ප්‍රශ්න විසඳීමේ කලාවකි.
මේ අතර වාරයේ හොර පාරේ පුත්තලං දොස්තරලා බිහි වෙති , වෘතීමය වශයෙන් මේ පිරිස් තුල කිසිම ගුණාත්මකභාවයක් නැත. අවසානයේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කරන්නේ අචලා ගේ අත කැපූ , වෙළඳ කලාපයේ චමිළාව දුෂණය කොට තට්ටු හයකින් බිමට තල්ලු කල ,සෙවනගල ඩී එම් ඕ ගේ නිල නිවාසයේ වතුර ටැංකියට කෘමිනාශක දැමු අමන වර්ගයේ දොස්තරලා වෙති.
@ All
Deleteමේ කියන දොස්-තර ගැන ලියා ඇත්තේ මා ඇසූ කරුණුයි. ඒවා සත්‍යයයැයි සිතනවා.
නමුත් එමගින් නිගමනවලට එළැඹීමේ දී සිති යුතු දේ තමයි එක පුද්ගලයෙකුගේ ක්‍රියාවන් හෝ හැසීරීම සමස්තයට සාධාරණීකරණය කළ නොහැකි බව.
/මේ කියන දොස්-තර ගැන ලියා ඇත්තේ මා ඇසූ කරුණුයි. ඒවා සත්‍යයයැයි සිතනවා./
Deleteතමන් ලියන කාරණා හරිය කියලා වත් නොදැනද මේ ලියන්නේ? අයියෝ සල්ලි!
අනේ එහෙමම කියන එක හරි නෑ, අවංකව උන් එක්ක අපේ තරහක් තියෙනව තමයි.
ReplyDeleteමගේම කැලෑසියෙ හිටපු ප්‍රයිවට් මෙඩ්ඩො කීප දෙනෙක් මං දන්නව. උන් දැන් ලංකාවේත් හොඳ කස්ටිය, ඇමරිකාවෙත් ඉන්නව දැන් තද පොරවල්.
අපේ පංතියෙ භාර සර් කීවේ ලයිට් කණුවක් ගානෙ මෙඩිකල් කොලෙජ් දැම්මත් තමුසෙලට ඒ පැත්ත පලාතෙවත් යන්න බෑ කියල. මොකද උන් වැඩිහරියක් දෙනා වලේමයි හිටියෙ.
හැබැයි පුද්ගලික කොම්පැනිවලින් කරන විශ්වවිද්යාල අධ්යාපනයට මං චරිත සහතික නම් දෙන්නෙ නෑ.
අධ්‍යාපනය කියන්නේ දීර්ඝකාලීන ආයෝජනයක්. වසරේ ලාබ-අලාබ ගිනුම් හදන කොම්පැනියකට ඒක කරන්න බෑ. රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය ඒකයි.
Deleteමේ කතාව නොබෙල් ආර්ඨික විද්‍යා ත්‍යාගය දිනු Joseph E. Stiglitz කියනවා මං මේ ලඟදී දැක්කා.
/අධ්‍යාපනය කියන්නේ දීර්ඝකාලීන ආයෝජනයක්. වසරේ ලාබ-අලාබ ගිනුම් හදන කොම්පැනියකට ඒක කරන්න බෑ. රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය ඒකයි./
Deleteඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා. කකා ටියුෂන් ගියෙත් රාජ්‍ය ආයතන වලට වෙන්න ඇති නේද?
කාගේ බළලාද එලියට පැන්නේ? Joseph E. Stiglitz ගේ බළලා ද?
Deleteටියුෂන් යැම යනු මේ කියන දිගු කාලීන අධ්‍යාපන ආයෝජනය නොවේ, එය විභාගයක් පාස්වීම වැනි පටු අරමුණක් වෙනුවෙන් කෙරෙන කෙටි කාලීන වැඩ පිළිවෙලකි.
Joseph E. Stiglitz මෙයට economic stimulus package යැයි කියාවි.
මෙන්න Joseph E. Stiglitz ගේ බ්ලොග් එක!
Deletehttps://www.goodreads.com/author/show/6426.Joseph_E_Stiglitz/blog
යකෝ, නොබෙල් තෑගි ගත්තු අයත් බ්ලොග් ලියනවා නේ! කාටද ආඩම්බර?
දැන් ඔය වගේ ආයෝජනයක් කරන්න රටට සල්ලි නැත්නම් අනෙක් අය ඉගෙන ගන්න එපාද?
Deleteටියුෂන් ගිහින් ඉගෙන ගන්න එකෙයි මෙඩිකල් කොලේජ් ගිහින් ඉගෙන ගන්න එකෙයි වෙනස කියනවාද කකා? මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගන්නෙ විභාග පාස් වෙන්න නෙවෙයිද? දැන් ළමයි එකේ ඉඳන්ම ටියුෂන් යනවා. එතකොට දීර්ඝ කාලීන ආයෝජනය ටියුෂන් ක්ලාස් එකට නෙවෙයිද?
Delete"යකෝ, නොබෙල් තෑගි ගත්තු අයත් බ්ලොග් ලියනවා නේ! කාටද ආඩම්බර?"
Deleteඕක මොකද්ද තෑගී තියා හරියට ඉස්කෝලේ ගියේවත් නැති එවුනුත් බ්ලොග් ලියන්නේ කාකා
@ Anonymous 4 July 2014 14:28
Deleteඔබ කියන මේ ටියුෂන් කතාවට හේතුව ද මා කියන අධ්‍යාපන ක්‍ෂේත්‍රයට කෙරෙන රාජ්‍ය ආයෝජනයේ අඩු බව නිසා ඇති වී ඇති දෙයක්. මෙහිදී රජයෙන් කළ යුතු ආයෝජනය යනු දේශපාලකයින් ගේ පුද්ගලික බූදලයක් නොවේ. ඒ ද මහජනතාව ගේ බදු මුදල් සහ රටේ සම්පත්වල හිමිකම වේ.
අධ්‍යාපනය, සෙෘඛ්‍යය වැනි මූලික අවශ්‍යතා සඳහා රජය මගින් මෙවැනි ආයෝජනයක් කිරීම මා කලින් දිනයක ලියූ යුසර්-පේ ක්‍රමයට වඩා වඩා ඵලදායී එකකි.
යුසර් පේ ගැන කතන්දරය මෙන්න.
http://kathandara.blogspot.com/2014/06/blog-post_21.html
උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පෞද්ගලික ආයෝජන ලබා ගත යුූතු කාර්්‍යක්‍ෂම ක්‍රමයක් ගැන විස්තරයක් මෙන්න.
http://kathandara.blogspot.com/2012/01/private-money-for-higher-education.html
කෝ ප්‍රශ්නෙට උත්තරයක් නෑනෙ කකා, බයිලා කියනවා මිසක. ආයෙ මගේ කමෙන්ට් එක කියවලා බලන්න.
Deleteලු! .. හ්ම්ම් ටිකක් කපුටෝ හත් දෙනාගේ කතාව වගෙයි කකා
ReplyDeleteහොර දොස්තරලා 50000 ක් ඉන්නවයි කියන රටේ , මෙහෙම කතාවකින් වැඩි ඉම්පැක්ට් එකක් ගන්න අමාරුයි කකා
++++++++++++
Deleteඒවං මේ සුතං, මං ඒ බව කියලා නේ පටන් ගත්තේ!
Deleteඒවං මේ සුතං කියලා පටන් ගත්තාට යටට යන කොට නම් තේරෙනවා ඒකත් මගෙ සුතං තමයි කියලා.
Delete???
Deleteපය බරවායට පිටිකර බෙහෙත් බැඳීම සහ නොදන්නා වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සහ තවත් ටිකකුත් ඕනෑ කිරීම..
ReplyDeleteහොර දොස්තරල කවුද එහෙම නැති අය කවුද කියල මිනිස්සුන්ට තෝරාගන්න බැරි එක තමයි ගැටළුව..
අපේ පැත්තෙ මෑන් කෙනෙක් බෙහෙත් දුන්නා මිනිස්සු කිව්වේ "වන් ෂොට්" කියල මොකද එක බෙහෙත් වේලෙන්ම ලෙඩේ සනීපයි.. හැබැයි අන්තිමට මිනිහා පොලීසියට කුදලගෙන ගියා.. මිනිස්සු පොලීසියට දෙස් දෙවොල් තිබ්බා..
ජය වේවා!!
එදා වන් ෂොට් කියලා නං කිව්වේ අද රංජා කියලාවත් කියමු!
Deleteදැන් එහෙම කිව්වාම ප්‍රශ්නය විසඳෙනවාද?
Deleteකොහොම කිව්වොත්ද ප්‍රශ්නය විසඳෙන්නෙ?
Deleteඔහොම ෂෝට්කට් වලින් පුළුවන්ද ඇනෝ ප්‍රශ්න විසඳන්න?
දැන් කකාලා එහෙම නේද ප්‍රශ්න විසඳන්න යන්නෙ?
Deleteනියම ප්‍රමිතියක් තියෙන්නේ.. ඒ ඩොකාලගේ. මගේ යාළුවෙකුත් ඉන්නවා ඒකා රුසියා ගිහින් කසියා ගහල දොස්තර කෙනෙක් වෙලා ඇවිත් ලංකාවේ වැඩ කරේ.. අන්තිමට මොනරාගල හිටියේ.. කනමදයා වගේ බීල වාහන වැදිලා කකුල් දෙකම කඩාගෙන දැං ගෙදර.. බේත් දීපු උන් නං උගේ හොද කියනවා කියලත් ආරංචියි මොනරාගල පැත්තෙනං
ReplyDeleteදේශක නම ක යන්නෙන් පටන් ගත්ත පොරක් ද ???
Deleteඒ දවස්වල රුසියාවෙන් ශිෂ්‍යත්ව අරගෙන ගිහින් උපාධි අරගෙන ආපහු ආපු උන්ගේ බීම දැක්කාම මට හිතිලා තියෙනවා, මූංට සීඅයිඒ එකෙන්ද ශිෂ්‍යත්ව දීලා තියෙන්නේ කියලා අපිට රුසියාව එපා කරවන්න!
Deleteඅයියෝ කකා රුසියාවේ සී අයි ඒ නෑ, ගාන ගෙවපුවහම අකුරු තුනෙන් වැඩේ හොඳට කරල දෙනව. එහේ අය ශිෂ්‍යත්ව දෙන කාලේ එයාල කිව්වෙ 'ඔකුන් පේල් වුනොත් අපටමයි වියදම, ඔන්න ඔහේ කාඩ් බෝඩ් කෑල්ලක් දීලා ආපහු යවන්න' කියලා. මටත් එකක් ලැබුනනේ, කැමති දේවල් ටික කියවල, හොයල බලල ඉගෙන ගත්ත, කම්මැලි ඒවා තේ කොළ සහ ජංගිවලින් ෂෙප් කර ගත්ත. හැබැයි මං ගත්තෙ දොස්තර කාඩ් බෝඩ් එකක් නෙවෙයි, ඒකට බයවුනා ලංකාවේ දොස්තරල ඉංගිරිස් කතාකරන නිසා, අනේ ඒ කාඩ්බෝඩ් කවුරුවත් තවම බැලුවේ නෑ, අදටත් ජීවත් වෙන්නෙ රුසියාවේ කරත් ගහල ඉගෙන ගත්ත ජීවිත අත්දැකීම් (exposure) කරන හැම රස්සාවකදීම අගයකරන නිසා, දන්නවද ඔය සමහර පර්යේෂණ වැඩ වලට සුද්දොත් එක්ක ගමේ ඉස්පිරිතාල වලට සුද්දොත් එක්ක යනකොට දොස්කරලා හැංගෙනව, ඉංගිරිස් වැරදිලා ලැජ්ජාවෙන්න වෙයි කියලා වෙන්නැති.
DeleteRepeating:
Deleteරුසියාවෙන් ශිෂ්‍යත්ව අරගෙන ගිහින් උපාධි අරගෙන ආපහු ආපු උන්ගේ බීම දැක්කාම මට හිතිලා තියෙනවා, මූංට සීඅයිඒ එකෙන්ද ශිෂ්‍යත්ව දීලා තියෙන්නේ කියලා අපිට රුසියාව එපා කරවන්න!
/මං හොයලා බැලුවාම මේ දොස්තරයා අර කාලෙකට කලින් රාගම තිබුණු ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගත්තු පොරක් ලු!/
ReplyDeleteහීනියට මඩ පාරකුත් ගිහින් තියෙනවා නේද? කකා, රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් කියලා එකක් තිබුණා තමයි හැබැයි ඒකේ කවුරුත් ඩිග්‍රි කම්ප්ලීට් කළේ නැහැ ඊට කලින් ඒක ආණ්ඩුවට අරගෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයක් කළා. එතකොට මේ ඩොකාගේ කොලිටිය ගැන පරශ්නයක් තියෙනවා නම් ඒක ආණ්ඩුවේ වරදක් මිසක ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක වරදක් නෙවෙයි. කකාගේ යාළුවාගේ යටි අරමුණ නම් පැහදිළියි. කකාගේ යටි අරමුණ පහැදිළි නැහැ.
ඇයි යටි අරමුණු ගැන හිතන්නේ? ඔහේ එමක් කරන කොට යටි අරමුණකින්ද ඒක කරන්නේ?
Deleteමගේ නං උඩිනුත් යටිනුත් තියෙන්නේ එකම අරමුණයි.
මෙතනදී එය තමයි මේ මා ඇසූ කතන්දරය ලියා පළ කිරීම.
දැන් කතා අහන හැම කතන්දරයක්ම මේකෙ ලියනවාද, නැත්නම් ඒවායින් තෝරා ගත් ඒවා විතරද ලියන්නේ?
Deleteයටි අරමුණු ගැන කියනවා නම් තමන්ට යටි අරමුණු තියෙනවා කියලා පිළි ගන්න කෙනෙක් නෑ. එහෙම පිළි ගන්නවානම් ඒවාට යටි අරමුණු කියන්න බැහැනෙ. ඉතින් කකා තමන්ට යටි අරමුණු නෑ කීම ඉතාම ස්වාභාවිකයි.
ඔබ ඔය උපුටා දක්වා ඇති වාක්‍යය මා කියුවක් නොවේ, මා ඇසූ එකකි. මේ කතාව මට කියා, එය බ්ලොගයේ දාන්නට යැයි ඉල්ලා සිටි මා මිතුරාටද කතාව කීම හැර වෙනත් අරමුණු තිබුණා යැයි මං හිතන්නේ නෑ.
Deleteකාලයකට පෙර මා අන් අය ලියා එවූ කතන්දර කීපයකුත් මෙහි පල කළා. මෙන්න උදාහරණ කීපයක්.
Delete1. ඉන්දික උපශාන්තලියා එවූ - සීය බූවා
http://kathandara.blogspot.com/2010/02/blog-post_25.html
2. ඉන්දික උපශාන්ත ලියා එවූ සාම්පූර් වලට පස්සේ - ඉරාකෙට බෝම්බ ගහපු හැටි
http://kathandara.blogspot.com/2010/05/blog-post_24.html
චූටි ටීචර් ලියා එවූ කතා කීපයක්:
3. ප්‍රින්සිපල්ට ගලකින් ගහලා
http://kathandara.blogspot.com/2010/05/i.html
4. සාම්පූර්වලට ගහපු ගැහිල්ල
http://kathandara.blogspot.com/2010/05/blog-post_8388.html
5. කිචිකිලිය
http://kathandara.blogspot.com/2010/05/3.html
6. යෝවද තම්පව රෝමනු ජේසූ
http://kathandara.blogspot.com/2010/06/blog-post_28.html
7. ගුරු සේවයේ තවත් කතන්දර
http://kathandara.blogspot.com/2010/06/blog-post_27.html
තවත් තියෙනවා, පසුව ලින්ක්ස් දාන්නම්.
/මේ කතාව මට කියා, එය බ්ලොගයේ දාන්නට යැයි ඉල්ලා සිටි මා මිතුරාටද කතාව කීම හැර වෙනත් අරමුණු තිබුණා යැයි මං හිතන්නේ නෑ./
Deleteමිතුරාත් කතන්දරකාරයෙක්ද?
මිතුරා මා මීර පෙර ලියූ කතන්දර දෙකකම ප්‍රොටැගනිස්ට් හෙවත් මේන් ඇක්ටර් විය.
Deleteඅහපු ප්‍රශ්නෙට නෙවෙයිනෙ උත්තර දීලා තියෙන්නේ. මං ඇහුවෙ මිතුරාත් කකා වගේ කතන්දරකාරයෙක්ද කියලයි.
Deleteඔළුවට පොල්ලෙන්ම ගහන්න ඕනෑ ද?
Deleteමා දී ඇත්තේ ඔබ ඇසූ පැණයට පිළිතුර තමයි.
ඔහු කතන්දරකාරයෙකු නොවේ, මින් පෙර දෙවතාවක් කතන්දරවලට වස්තු බීජයක් වී ඇත.
ඔහු කතන්දරකාරයකු නොවේ නම් ඔහුගේ අරමුණ කතන්දරයක් කීම නොව වෙන එකක බව පැහැදිළියි නේද?
Deleteටික කාලෙකට කලින් බ්ලොග් ලියන හොර වෙදෙකුත් හිටියා. දැන් නම් මොනව වෙලාද දන්නෙ නෑ. මෙන්න මේකා එක දවසක පෝස්ට් එකක් දාල දරුවකුගේ ගැහැණු පිරිමි භාවය තීරණය වෙනවාලු දෙමාපියන් සංසර්ගයේ යෙදෙන දවස අනුව. අනේ මේ වගේ හරක්. XX, XY ක්‍රෝමසෝම ගැන වැරදිලාවත් අහලා නැති බවයි පෙණුනේ.
ReplyDeleteඔය කියන්නේ චයිනීස් බර්ත් කැලෙන්ඩර් එක ගැනද? ඒක නං දවස අනුව නොවෙයි මාස සති ගණනක් අනුව සහ අම්මා ගේ වයස අනුව තීරණය වෙන එකක්.
Deleteදන්න කිප දෙනෙකුගේ විස්තර යොදලා චෙක් කරලා බලන්න.
http://www.prokerala.com/kids/baby-gender/chinese-birth-chart.php
ඔය කැලැන්ඩරේ හුගක් දුරට සාර්ථක ඇත්ත කතාවක්.. අම්මප මිනිහ හොර වෙදෙක් වෙන්න ඕන ඒකනේ ටීවි එකෙත් කතා කරන්නේ..
Deleteටී වී වල කතා කරන්නෙ කොහොමත් හොරු තමයි. කැලැන්ඩරේ කතාවත් ඇත්ත තමයි වෛද්‍ය විද්‍යාව බිංදුවක් වත් නොදන්නා පිරිසට!
Deleteඒකත් ඇත්ත තමයි.. හැක්..
Deleteවෛද්‍ය විද්‍යාව විතරක් නෙමෙයි දැන් හරියට මිත්යා විශ්වාස විද්යාව කියල හිතනව - ගස් වලින් කිරණ ආදිය. pseudo-science.
Deleteමිත්යාකතා pseudo-history ලෙසත් යොදා ගන්නව
@ Anonymous4 July 2014 08:14
Deleteඔය XX සහ XY ගැන කියනවා නම්,
ගැහැණිය XX සහ මිනිහා XY නිසා පිරිමි දරුවකු එන්න Y එක දෙන්නේ පිරිමියා. ගැහැණියට පිළිසිදෙන දරුවා ගැහැණු ද පිරිමි ද කියන එකට බලපෑමක් කරන්න බෑ.
කවුදෝ කීවා යැයි ඔබ මෙහි කියා ඇති දේ (දරුවකුගේ ගැහැණු පිරිමි භාවය තීරණය වෙනවාලු දෙමාපියන් සංසර්ගයේ යෙදෙන දවස අනුව) ඔප්පු කිරීමට ඇත්තේ එක ක්‍රමයයි.
එනම් එක පිරිමියෙකු එකම දවසේ ගැණු දෙදෙනෙකුට දරු පිළිසිඳීම් ඇති කිරීම (දැක්ක නේද පැසිව් වොයිස්එකෙන් ලියන හැටි!)
@කතන්දර කාරයා4 July 2014 13:00
Deleteමෙකි නොකී ඔක්කොම වර්ගවල එරර් අයින්කරල ස්ටැටිස්ටිකලි සිග්නිෆිකන්ට් රිසල්ට් එකක් ගන්න නං ට්‍රයල් එකට කීයක් වගේ ඹන වෙයිද?
@ ඔය කියන්නේ චයිනීස් බර්ත් කැලෙන්ඩර් එක ගැනද?
Deleteසාර්තක දෙයක්, සුබ කටයුත්තකට නැකතක් උදව් වෙනවා වගේ, කැලැන්ඩර් එකට අනුව හරි කොරොත් 50% චාන්ස් තියනවා, නැත්නං 0%.
ඔතන සංසර්ගයේ යෙදෙන දවස කැලැන්ඩරේ දවස නෙවෙයි. ගැහැණියගේ ආර්තව චක්‍රයේ කී වෙනි දවසද කියන එකයි. හොර වෙදා කියපු කතාව මං කියවල නෑ. ඒත් ආර්තව චක්‍රයේ මුල හරියෙදි ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාව වැඩියිද මොකක්ද කතාවක් මාත් අහල තියනවා. (මට ඒක අග හරිය සහ මුල හරිය මාරු වෙලාද දන්නෙ නෑ).
Deleteදරුවා ගැහැණුද පිරිමිද තීරණය වන්නේ පියා අනුව. මවගේ ඊට කිසිම සම්බන්ධයක් නැහැ.
Deleteදොස්තර මහත්තයා මුළු පළාතටම පිළිකාවක් වගේ.…
ReplyDeleteපුතා කොහොම හරි තාත්තාවත් මරා ගෙන වගෙ.
ඒක තමයි, මටත් දුක හිතුණේ ඒතාත්තා ගැනයි!
Deleteකතාවටම කෙලවෙලා යනවා අන්තිම වාක්යයෙන්!
ReplyDeleteඒ කියන්නෙ, ඒ වාක්යයෙන් මේ දොස්-තරයා එහෙම වෙලා තියෙන්නෙ ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකෙන් ඉගෙනගත්ත නිසාය කියන අදහසක් එනවා. නමුත් ලංකාවෙ බහුතරයක් දොස්තරලා දොස්-තරලා තමා.ඒකට ඉගෙනගත්ත තැන බලපාන්නෙ නෑ.
ඒ එක්කම, ඔය රාගම තිබුන ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එක 1980 දශකයෙ අගදි (1987?) කැළණිය විශ්වවිද්යාලයෙ මෙඩිකල් ෆැකල්ටිය වුනා නේද ලොකු ශිශ්ය සටනකින් පස්සෙ? දැන් මේ දොස්-තරට 45 නම්, ඒ කාලෙ තිබුන වාතාවරනෙ එක්ක කැම්පස් ගිය උන් අවුට්වෙන්න ගිය කාලෙත් එක්ක ඕකා ඒකෙන් පිටවෙච්ච එකෙක් වෙන්න නම් බෑ. සමහරවිට ප්‍රයිවෙට් එකට ඇතුල් වෙලා ගවන්මන්ට් එකෙන් පිටවෙන්න ඇති. ඒත් සාමාන්යයෙන් අද 45 පොරවල් කැම්පස් එකෙන් පිටවෙලා තියෙන්නෙ 1996 විතර.
කව්ද දන්නෙ වයස නොපෙනෙන ෆිට් පොරක්ද කියලා කෙන්ජියා වගේ :D
මෙන්න කෙන්ජිව දැක අඳුණන කෙනෙක්!
Deleteකලින් ලියූ වාක්‍ය කීපයක් නැවත දාන්නම්.
Delete1. මගේ මතය නම් - මූලික අධ්‍යාපනයත්, ලබාගත් ශිල්පීය දැනුමේ ප්‍රමිතියත්, පුහුණුවී්, බුද්ධි මට්ටමත් වැදගත් තමයි. ඒ වගේම වැදගත් කාරණයක් තමයි වෘත්තිකයා ගේ ආකල්ප සහ ප්‍රතිපත්ති!
2. මේ කියන දොස්-තර ගැන ලියා ඇත්තේ මා ඇසූ කරුණුයි. ඒවා සත්‍යයයැයි සිතනවා. නමුත් එමගින් නිගමනවලට එළැඹීමේ දී සිති යුතු දේ තමයි එක පුද්ගලයෙකුගේ ක්‍රියාවන් හෝ හැසීරීම සමස්තයට සාධාරණීකරණය කළ නොහැකි බව.
දැන් එතකොට කකා ඇයි ඔය දොස්තර රාගම ප්‍රයිවට් මෙඩිකල් කොලේ එකට ගිය එක විතරක් ලියන්නේ? එයාගේ ආකල්ප ප්‍රතිපත්ති හැදුණේ හෝ නොහැදුණේ එතැනින් විතරද? ඇයි මේ දොස්තර ගිය ඉස්කෝල, දහම් පාසල් ගැන නොලියන්නේ? ඇයි මේ දොස්තරගේ දෙමාපියන් ගුරුවරුන් ගැන නොලියන්නේ? ඒ දොස්තරගේ ආකල්ප ප්‍රතිපත්ති වලට මේ හැමෝම වග කිව යුතුයි නේද?
Deleteඅර දොස්තරයාට හමන්නඞ එපෑයි
ReplyDeleteහමන්නඩ - තේරුම නොදන්නා, කලින් අසා ද නැති වචනයකි.
Deleteහැමිනේනවා වචනයේ අනාගත කාලය.
Deleteහමන්නන්ඞ= ලිංගික සංසර්ගයේ යෙදවනවා
ඔයවගේ සීන් තියනව කකා ඕනතරම්. එකසැරයක් අපේ අම්මගෙ කකුලක ආව පොඩි ඉදිමුමක්. පාගන මැසිමෙන් රෙදි මහපු නිසා. මේක පෙන්නුව කිට්ටුම ඉස්පිරිතාලෙ ඩොකාගෙ චැනල් එකට. මූ ගත් කටටම කියපි බරව කියල. ඊට පස්සෙ බරව ද කියල බලන්න චෙක් කලා. අනේ නිකං ඉදිමුමක් විතරයි.
ReplyDeleteමෙතනදි වෛද්‍ය පීඨය ගාවාගැනීම නං එච්චර හරි නෑ. මගේ නෝන මට කියල තියන කතන්දර වල හැටියට නං හැම තැනකම ඉන්නව මේවගේ අයියල. ඔන්න ලඟදි දවසක වෙච්ච එකක් කියන්නං.
රෝගියෙක් ඇවිල්ල තියනව ඔපරේෂන් එකකට. කකුලෙ තිබුන හොඳ වෙන්නෙ නැති තුවාලයකට සම බද්ධ කිරීමක් තමයි කරනන තිබිල තියෙන්නෙ. සම ගන්නෙ රෝගියාගෙම කලවයෙන්. ඔන්න ඩොකා ආවලු. කලවට පිහියෙන් ගැහුවලු.(එහෙම තමයි කිව්වෙ, හරියට ගැහීමක්, නැත්තං පිහිය උඩ ඉඳල වැඩීමක් වගේ ආකාරයට තමයි කකුල කපල තියෙන්නෙ). නොසැලකිල්ල නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා යටට කකුල කැපුනලු. ඊට පස්සෙ එතනට බෙහෙත් ටිකක් දාල අනිත් කකුලෙන් කපල බද්ධය සිදු කලාලු.
ලෙඩුන්ගේ අයිතිය ගැන (ලෙඩාද ඇතුළුව) කිසිම පාර්ශවයකට හැඟීමක් නැති නිසයි ඔහොම වෙන්නේ!
Deleteඇයි අර නීති ශිෂ්‍යාවගේ වැරදි අත කැපුවා නේද?
1. කකාගේ අරමුණ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මඩ ගැසීම/පහරදීම/විවේචනය කිරීම නම් දත්ත, සංඛ්‍යා ලේඛන ආශ්‍රයෙන් ඒවා කරනු විනා මෙවැනි යාන් හෑලි වලින් එය කිරීම අනුචිතය. ඉහත ඇනෝලා පෙන්නා දී ඇති පරිදි දැනටමත් මේ කතාවේ හිල් රාශියක් තිබේ. එසේම සාමාන්‍යයෙන් ජෙනරල් ෆිසිෂියන් කෙනෙක් කැන්සර් එකක් වැනි දරුණු අවස්ථාවක් ගැන රෝගියා දැනුවත් නොකරයි. කරන්නේ ඔන්කොලොජිස්ට් කෙනකුට රිෆර් කිරීමය. එසේම රෝගියාගේ පැත්තෙනුත් මෙවැනි අවස්ථාවකදී ජෙනරල් ෆිසිෂියන් කෙනකුගේ මතය පමණක් ගැනීම වරදකි. බිරිඳ වෛද්‍යවරියක වන කකා මේවා නොදන්නවා විය නොහැකිය.
ReplyDelete2. මේ වෛද්‍යවරයා ඇත්තටම විෂය නොදන්නා කෙනකුද විය හැකිය. එහෙත් පළපුරුදු වෛද්‍යවරයකුට පවා ඩයග්නෝස් එකක් වැරදිය හැකි හේතු රාශියක් තිබේ. තමන්ගේ ඩයග්නෝස් වැරදී මියගිය රෝගීන් හතරක් සිටින බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියයි. අනෙක් අය ගැන කවර කතාද? කකාගේ බිරිඳට කවදාවත්ම ඩයග්නෝස් වැරදී නැත්දැයි ඇගෙන්ම අසා දැන ගන්න. වෛද්‍ය විද්‍යාවේ 'සෙකන්ඩ් ඔපීනියන්' කියා දෙයක් තියෙන්නේ මේ නිසාය. සෙනඩ් ඔපීනියන් එකක් ලබා ගැනීම රෝගියාගේ හා ඥාතීන්ගේ වගකීමයි. විශේෂයෙන්ම ජෙනරල් ෆිසිෂියන් කෙනක් මෙවැනි කතා කියන විට!
3. වෛද්‍යවරයා මෙහිදී වැරදිම වුවද ඊට ඔහු අධ්‍යාපනය ලද ආයතනය සම්බන්ධ කර ගැනීම සදාචාරාත්මකද? පේරාදෙණියේ ඉගෙනුම ලද වෛද්‍යවරයකු අතින් මෙවැන්නක් වී නම් කකා ඔහු උගත් ආයතනය සඳහන් කරනවාද? කකාගේ මිතුරාට හෝ කකාට මේ කතාව කීමේ යම් කිසි වෙනත් අරමුණක් ඇති බව අපට සිතෙන්නේ ඇයි?
4. මෙවැනි කතා යාන් හෑලි රාශිය පසුගිය දින කිහිපය තුළ බ්ලොග් රාශියක කමෙන්ට් සේ පළවිය. ඒ සියල්ල මැද කකා නැවත මේ සුළු වැදගත්කමක් ඇති හෑල්ල කියන්නේ ඇයි? බ්ලොග් එකට හිට්ස් කෑදරකමින්ද? (මෙය හිට්ස් කමෙන්ට්ස් අඩු නැතිව ලබා ගත හැකි පෝස්ට් එකකි.) මෙවැනි කතාවක් පෝස්ට් එකක් සේ පළ කිරීමට තරම් කකා නිර්මාණ භංගත්වයට පත්ව සිටීද? නැත්නම් මිතුරකුට පිට කසා දෙනවාද?
1. මෙය මට ලියන්නට කියා ඉල්ලීමක් ලැබුණු කතාවකි. දෙවන වරක කතා කළ විටද මා ඔබ අසා ඇති සමහර ප්‍රශ්ණ විමසූවෙමි. මේ සිද්ධියේ ඇති එක ප්‍රශ්ණයක්ද මේ කාරයා ඔන්කොලොජිස්ට් කෙණෙකුට රිෆරල් එකක් නොකර තමාම රෝගි විනිශ්චය කර ප්‍රතිකාර නැතිබව කියා රෝගියාව මරණ මංචකයට යොමු කරවීමයි. කතාව නැවත කියවා බලන්න. ඔය උගත් තැන ගැන කතාව මට කතාව කියූ පුද්ගලයා සොයා බලා හොයා ගත් දෙයක් ලු. ඒ ගැන මගේ අදහස් කලින් දෙවරක් ලියා ඇත.
Delete2. කතාව මට කියූ රෝගියාගේ බැණා කර ඇත්තේ ඔබ අංක 1 යටතේ කියූ සහ 2 හි යෝජනා කර ඇති දෙයයි. කතාව නැවත කියවා බලන්න.
Delete3. කලින් ලියූ දෙයක් නැවතත් කියනවා නම්-
DeleteA. මගේ මතය නම් - මූලික අධ්‍යාපනයත්, ලබාගත් ශිල්පීය දැනුමේ ප්‍රමිතියත්, පුහුණුවී්, බුද්ධි මට්ටමත් වැදගත් තමයි. ඒ වගේම වැදගත් කාරණයක් තමයි වෘත්තිකයා ගේ ආකල්ප සහ ප්‍රතිපත්ති!
B. මේ කියන දොස්-තර ගැන ලියා ඇත්තේ මා ඇසූ කරුණුයි. ඒවා සත්‍යයයැයි සිතනවා. නමුත් එමගින් නිගමනවලට එළැඹීමේ දී සිති යුතු දේ තමයි එක පුද්ගලයෙකුගේ ක්‍රියාවන් හෝ හැසීරීම සමස්තයට සාධාරණීකරණය කළ නොහැකි බව.
4 .මා මෙහි පලකරන්නේ මට අවශ්‍ය කතාය. ඒවා යේ යටි අරුත්, යටි අදහස් ගැන ඔබට ඇවැසි නම් වෙහෙසෙන්න. එය ඔබේ අයිතියයි. මට මෙහි කිසිදු අල්ටීරීයර් මෝටිව්ස් නැති බව පවසමි.
Deleteජෙනරල් ෆිෂිෂියන් කෙනෙකුගේ ඩයග්නෝස් එකක් ඔච්චර තදින් ගණන් ගත යුතු දෙයක් වුණේ කොහොමද?
Deleteකකා...රෝග හඳුනාගැනීම / විනිශ්චය වරද්දන දොස්තරලා ඕන තරම් ඉන්නවා. ඉගෙනගත්ත යුනිවර්සිටීඑක, රට, ස්පෙෂලිස්ට්ද, ජෙනරලිස්ට්ද අදාල නෑ. මගේ පුද්ගලික අත්දැකීම් තුනක් කියන්නම්. මගේ පළමුවෙනි දරුවා නැති උනේ බටහිර රටක. ඒ කන්සල්ටන්ට්ගේ වැරැද්ද නිසා. හුඟක් අය කිව්වා නඩු දාන්ට කියලා. ගිය දේ ගියා කියලා හිත හදාගෙන සද්ද නැතුව හිටියා. ඒත් දොස්තර සිද්ධිය ගැන කියලා සමාව ඉල්ලලා ලියුමක් වත් එව්වා. ඊළඟට දෙවෙනි පුතා තව පොඩ්ඩෙන් රටේ නමගිය 'දෙනිය' කෙනෙක් කපලා කොටලා දානවා. උගෙන් බේරාගත්තේ ආයුර්වේද දොස්තර කෙනෙක් නිසා. මේ ලඟදී තව දොස්තරයෙක් මගේ නංගිකෙනෙක්ගේ ගර්භාෂය අයින්කරන්ට හැදුවා, උගේ ගාන 150000. යන්තන් වෙන දොස්තර හොඳහිත කෙනෙක් හින්දා පොඩි සරජරි එකක් කරලා බේරුනා.
ReplyDeleteමේ කතාව කොච්චර අදාලද දන්නේ නෑ, ඒක රටේ ප්‍රසිද්ධ නොවුනත් වෛද්‍ය විද්‍යාල වල ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් ට වෙච්ච අකරතැබ්බක් ගැනයි. අපේ විශ්සවිජ්ජාලෙක වැරදිලා කරපු දොස්තරලට අදාල නැති පස්තාච්චි දේශනයකට මෙතුමා ආවා, මේක විශ්සවිජ්ජාලේ ගොඩක් අංශ එකතුවෙලා රටේ ලෝතයේ කාලීන ගැටළුවක් විසඳන්න අරමුණුකරගත් පස්තාච්චියක්, කවුරුත් හොඳ හිතින් දායක වුනත් මේක හොඳට අංජබජල් කේස් එකක්, පස්තාච්චි තියෙන්නේ කාලීන ප්‍රශ්න විසඳන්න නෙමෙයිනේ, සැටිපිකෙට් දෙන්නනේ නේද? ඉතින් මාහාචාර්ය තුමාගේ පළවෙනි දේශනය, දොස්තරල නොවන අයට දේශන දීම එතුමට ලොකුම චැලෙන්ජ් එකක් වෙලයි තිබුනේ, ඔය අතරේ මගේ වගේ ඉංගිරිස් හොඳ (අපි අහපඅ දේ අපිටම විතරක් වැටහෙන, අසන්නාට වෙන මොකක් හරි තේරෙන) යාළුවෙක් ප්‍රශ්නයක් අහපිළ මට නං තේරැනේ ඌ ඇහැවේ "ඹබ නරන්නේ අති උතුම් සේවයක්, ඔබට කී වතාවක් විතර වැරදිලා තියනවද?" වගේ එකක් කියලයි, මාහාචාර්ය තුමාටත් තේරුනේ එහෙමද කොහෙද, එයා ගේ මූණ බලාගෙන ඉද්දී රතුවුනා, වචන ටැපලුනා, අහක බලාගෙන විනාඩි 20 විතර හිටියා. පස්සේ අපිට කියවන්න මැගස්න්ස් වගයක නම් කියලා ඒවගේ තියන අළුත් මාතෘකා ගැන කීවා විනාඩි 5න් එක්ස්කියුස් කරලා ගියා, එදායින් පසු ආපහු දැක්කේ නෑ. ප/ලි මම තේරුම් ගත්තේ මෙම මාතෘකාව කවදාවත් වෛද්‍ය විද්‍යාලයේ සාකච්ඡා නොකරන තහනම් මාතෘකාවක් බවයි, එසේ විය යුතුද?
Delete@ කැන්ඩියන්
Deleteඔව්-
මගේ මතය නම් - මූලික අධ්‍යාපනයත්, ලබාගත් ශිල්පීය දැනුමේ ප්‍රමිතියත්, පුහුණුවී්, බුද්ධි මට්ටමත් වැදගත් තමයි. ඒ වගේම වැදගත් කාරණයක් තමයි වෘත්තිකයා ගේ ආකල්ප සහ ප්‍රතිපත්ති!
මේ කියන දොස්-තර ගැන ලියා ඇත්තේ මා ඇසූ කරුණුයි. ඒවා සත්‍යයයැයි සිතනවා. නමුත් එමගින් නිගමනවලට එළැඹීමේ දී සිති යුතු දේ තමයි එක පුද්ගලයෙකුගේ ක්‍රියාවන් හෝ හැසීරීම සමස්තයට සාධාරණීකරණය කළ නොහැකි බව.
දැන් එතකොට කකා ඇයි ඔය දොස්තර රාගම ප්‍රයිවට් මෙඩිකල් කොලේ එකට ගිය එක විතරක් ලියන්නේ? එයාගේ ආකල්ප ප්‍රතිපත්ති හැදුණේ හෝ නොහැදුණේ එතැනින් විතරද? ඇයි මේ දොස්තර ගිය ඉස්කෝල, දහම් පාසල් ගැන නොලියන්නේ? ඇයි මේ දොස්තරගේ දෙමාපියන් ගුරුවරුන් ගැන නොලියන්නේ? ඒ දොස්තරගේ ආකල්ප ප්‍රතිපත්ති වලට මේ හැමෝම වග කිව යුතුයි නේද?
Deleteමේ වගේම භයානක දෙයක් තමයි සමහරු හරියට දොස්තරලා වගේ තමන් දන්නා හඳුනන (බස් එකේ කෝච්චියේ යන ගමන් දැන අඳුනගත්ත පමණින් පවා) අයට බෙහෙත් කියන එක සහ වෛද්‍ය වරුන්ව නිර්දේශ කිරීම.
ReplyDeleteමීටත් වඩා භයානක වැඩක් තමයි ආයුර්වේද ලේබලය අලවා ගත්ත තක්කඩි තමන් නොදන්නා දෙමළයක් කරන්න යාම. උදාහරණයක් හැටියට එක ගෑනියෙක් ඉන්නවා තමන් ඒඩ්ස් වලට බෙහෙත් හොයා ගත්තා ඩෙංගු වලට බෙහෙත් හොයා ගත්තා කියලා පට්ට බොරු කියලා හම්බ කර ගන්න. මේ ගෑනිගෙන් බෙහෙත් ගන්න යන පිරිස තවමත් දන්නෙ නෑ වෛරස් රෝග වලට ප්‍රතිකාර මිස බෙහෙත් නැති බව. තව එක තක්කඩියෙක් ලියලා තිබුණා මඳ සරු භාවයට පිළියමක් විදිහට නුවර එළියෙදි සංසර්ගයේ යෙදෙන්න කියලා. එතකොට විභව ශක්තිය වැඩි නිසා පිළිසිඳ ගැනීමට ඉඩ වැඩිලු. ඔය වගේ විහිලු කාරයෝ තමයි ලජ්ජා නැතුව තමන් ආයුර්වේද වෛද්‍යවරු කියා ගන්නෙ.
Deleteහෙහ් හෙහ් හෙහ් නුවරඑළියේ හෝටල්වල කාමර ගන්න බැරුව ඇති අලුත් ක්‍රමය අත්හදා බලන අය නිසා. හැබැයි කවුරුහරි කෙනෙක් කිව්වනම් කුඹුරක බැහැලා කලත් හරි කියලා, ඒකත් කරන තරමේ විචාර බුද්ධියෙන් තොර අය ඉන්නවා.
Deleteඔය මනුස්සයා ඒ කාලෙ මේ වගේ ලස්සන කතා ටිකක් කිව්වා. එයින් හොඳම එක තමයි දෙමාපියන්ට සංසර්ගයට පෙර බුදුන්ට මල් පහන් පූජා කරලා පන්සිල් අරගෙන සංසර්ගයේ යෙදෙන්න කිව්ව එක. එතකොටලු ගන්ධබ්බයන් මෙන්න හොඳ තැනක් කියලා මවගේ ගර්භාෂයට ඇතුළු වෙන්නේ. ඔක්කොම හොඳයි දැන් අර මිනිහාට අහවල් එකත් කෙළින් කරගෙන බුදුන් වැඳලා පන්සිල් ගන්න වෙන එක තමයි වැඩේ.
Deleteබස් එකේ කෝච්චියේ යන ගමන් දැන අඳුනගත්ත පමණින් පවා - නුවරඑලියේ ගොස් ඔය වැඩේ කරන්න යැයි උපදෙස් දෙන අයෙක් හිටියා නම් ඔහු අදහන්න වටින පුද්ගලයෙක් නොවේද?
Deleteමේක නිකං කතාවක් කියන්න ඕනවට කියපු දෙයක් නම් මම කියවල නිකං ඉන්නම්. ඒත් මේ වගේ පොඩි මඩක් ගහනකොට පොඩ්ඩක් හිතන්න. මම නම් දන්න විදිහට ඕනම දොස්තර කෙනෙකුට වරදින්න පුළුවන්. ඉහතින් කියලා තියෙනවා වගේ කාලෝ ෆොන්සේකාටත් වැරදිලා තියෙනවා කියල එතුමාම පිළිගන්නවා. ඒ වගේ කෙනෙකුට එහෙමනම් මේ වගේ ජෙනරල් ෆිසීශියන් කෙනෙකුට කැන්සර් එකක් වගේ දේකදි වරදින්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. මෙතනදි දොස්තර කරලා තියෙන වැඩේ සම්පූර්ණයෙන් ම වැරදියි. තමන්ට අයත් නොවන පැත්තක් ගැන විශේෂඥයෙක් වෙන්න ගිහිල්ලා තියෙනවා. ඒත් මට පිලිගන්න බැරි දේ තමයි ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි නිසා මේ දේ වෙනවා කියන එක. රාගම ප්‍රයිවට් එකේ හිටපු මගේ කිට්ටුම නෑයෙක් දැන් රාගම ෆැකල්ටි එකේ ඉතා උසස් තනතුරක් දරනවා. යුද්ධය තිබුණ කාලේ තුවාල වෙන සෝල්ජර්ස්ලා සිය ගානක් ආපහු පෙරමුණට යවලා ඇති. කවදාවත් තමන් නොදන්න දේකට අත දාන්න ගිය නෑ වගේම ෆැකල්ටි එකෙන් පස්සේ පුළුවන් තරම් අධ්‍යයනය කරලා නව දැනුම ලබා ගත්ත. මේකට ෆැකල්ටි එක මොකක්ද කියන දේ බලපාන්නේ නැහැ. දොස්තරගේ තියෙන ආකල්ප තමයි බලපාන්නේ.
ReplyDeleteමගේ වයිෆ්ට දරුවා ලැබෙන් න ඉන්නකොට කන්සල්ට් කරේ ප්‍රයිවට් ඩොක්ට කෙනෙක්. පුදුම හොඳට සැලකුවා හැමෝටම. නොදන්න දෙයක් ප්‍රශ්ණයක් තිබුනොත් සෑහෙන කාලයක් අරගෙන උදාහරණත් එක්ක පැහැදිලි කරලා දුන්නා. ප්‍රයිවට් කරන නිසා පලවෙනියා ඉක්මනය එලවලා ඊළග ගෙන්න ගෙන දවසකට බලන ලෙඩ්ඩු ගාන වැඩි කරගන්න උත්සහ කරේ නැහැ. අන්තිමට බබා ලැබෙන්න මාස දෙක්ක තියෙද්දි ඔහු විදේශ ගත වුනා අපිව රාගම රෝහලේ වෛද්‍යවරයෙකුට රෙකමන් කරලා, මිනිහා බලපු පලවෙනි දවසෙම ඩිලිවරි දවස් වරද්ද ගත්තා. මම කිව්වහම වැරදුනා නේද කියලා මට බැන්න. මගෙ දරුවා නිසා මම කට වහගෙන හිටියා. දෙවෙනි දවසේ කිව්වා මාස 7 තිස්සේ හොදින් හිටපු බබා හරියට හැදිලා නැහැ, දැන් ඉතින් අයින් කරන්න වෙනවා තියලා. වයිෆ් අඩලා මට කතා කළා. (මම හිටියේ නැහැ ඒ වෙලාවේ - හිටියනම් ඒ කතා කරලා තිබුණ විදිහට මම මිනිහට ගහනවා) මම මේ ගැන ටිකක් දන්න නිසා මම ආයෙක් පිටරට හිටපු පලවෙනි ඩොක්ටර්ට කතා කරා. ඔහු කිව්වා කොහොමවත් ඒක වෙන්න බැහැ, ආයෙත් බලන්න කියලා. දැන් දරුවට අවුරුදු හතරක් වෙනවා.
මගේ මතය නම් - මූලික අධ්‍යාපනයත්, ලබාගත් ශිල්පීය දැනුමේ ප්‍රමිතියත්, පුහුණුවී්, බුද්ධි මට්ටමත් වැදගත් තමයි. ඒ වගේම වැදගත් කාරණයක් තමයි වෘත්තිකයා ගේ ආකල්ප සහ ප්‍රතිපත්ති!
Deleteමේ කියන දොස්-තර ගැන ලියා ඇත්තේ මා ඇසූ කරුණුයි. ඒවා සත්‍යයයැයි සිතනවා. නමුත් එමගින් නිගමනවලට එළැඹීමේ දී සිති යුතු දේ තමයි එක පුද්ගලයෙකුගේ ක්‍රියාවන් හෝ හැසීරීම සමස්තයට සාධාරණීකරණය කළ නොහැකි බව.
දැන් එතකොට කකා ඇයි ඔය දොස්තර රාගම ප්‍රයිවට් මෙඩිකල් කොලේ එකට ගිය එක විතරක් ලියන්නේ? එයාගේ ආකල්ප ප්‍රතිපත්ති හැදුණේ හෝ නොහැදුණේ එතැනින් විතරද? ඇයි මේ දොස්තර ගිය ඉස්කෝල, දහම් පාසල් ගැන නොලියන්නේ? ඇයි මේ දොස්තරගේ දෙමාපියන් ගුරුවරුන් ගැන නොලියන්නේ? ඒ දොස්තරගේ ආකල්ප ප්‍රතිපත්ති වලට මේ හැමෝම වග කිව යුතුයි නේද?
Deleteඇතුවත් බැරි, නැතුවත් බැරි ජාතියක් නේ?
ReplyDeleteඒ නෑදෑයෝ නේද?
Deleteඅනේ මෙහෙමත් ඩොකාලා.
ReplyDeleteඅපේ තාත්තට උනේ ඕකෙ අනිත් පැත්ත. ස්පෙෂලිස්ට්ලාත් ඇතුලුව ඩොක්කු හයදෙනෙක් ගාවට ගියා එක #$^%#ක් වත් ලෙඩේ හොයාගත්තෙ නෑ අවුරුදු දෙකක් යනකම්. ඔය ඩොකා ගාවටයි යන්න තිබුනෙ.
:(
ඉතිං බස්සි හරියටම ඩයග්නෝස් කළේ කවුද?
Deleteඔන්කොලොජිස්ට් මහේන්ද්‍ර පෙරේරා
Deleteමා දන්නා පරිදි වෛද්‍ය "විද්‍යාව" යනු මූලිකවම trial and error ක්‍රමවේදයකි.
Deleteප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් වල ඉගෙන ගත්තත් ඒ දොස්තර තවමත් රටට සේවය කරන කෙනෙක් නේද කකා? මේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන ඊට පස්සෙ "අනේ අපට තොපේ කැත කුණු අත ගාන්න බෑ. සුද්දන්ගෙ නම් තව කමක් නෑ" කියලා ඕස්ට්‍රේලියාව වගේ රටවලට සංක්‍රමණය වෙන ආත්මාර්ථකාමී දොස්තරලා ගැන කකා අහලාම නැද්ද? දෙගොල්ලන්ගෙන් කවුද හොඳ කකා? තමන්ගෙ මුදලින් ඉගෙන ගෙන රටට සේවය කරන කෙනාද මහ ජනතාවගෙ මුදලින් ඉගෙන ගෙන මහ ජනතාවටම කොකා පෙන්නලා රට පනින කෙනාද?
ReplyDelete"අනේ අපට තොපේ කැත කුණු අත ගාන්න බෑ. සුද්දන්ගෙ නම් තව කමක් නෑ" යනුවෙන් කිසිවෙකු කියනවා මා නම් අසා නැත.
Deleteඔබ එවැන්නක් අසා ඇති බව මේ කමෙන්ටුවෙන් දැන ගත්තෙමි.
කකා බොහෝ වෙලාවට ඔය ඩිස්පෙන්සරි දාගන ඉන්න දොස්තරලා බෙහෙත් දෙන්නේ අපි කියන ලෙඩේටනේ. නැතුව ඒ අය විධිමත්ව පරික්ෂණ මගින් ලෙඩේ තහවුරු කරගන්නේ නෑ. එහෙම කරන්න ගියාම ලෙඩ්ඩුත් බනිනවා දොස්තරට අර පරික්ෂන කරන්න කියලා ගාන කපනවා කියලා. ඔය ඉස්පිරිතාලවල බෙහෙත් කලවම් කරන අයත් බෙහෙත් දෙනවා ඔය විදියට.
ReplyDeleteඇයි ඉතින් ඕවා පත්තරෙන් හෙළි නොකරන්නේ? සාමාන්‍යයෙන් ආණ්ඩුවේ පත්තර හැමදාම කියන්නෙ අපට මාර සෞඛ්‍ය සේවයක් තියෙනවා කියල නේද?
Deleteඇයි නොමිලේ දෙන සෞඛ්‍ය සේවයක් අපට ඇත්තෙම නැද්ද?
Deleteපත්තරවල ඔය වගේ කතන්දර එමට පලවේ!
Deleteමට මතක් වුණේ පොඩිකාලෙ අහපු කතාවක්..
ReplyDeleteහොඳ වෙදමහත්තයෙක්ගෙ වෙදකම දන්නැති පුතා තාත්තා මැරුණාම වෙදකම භාරගෙන හැම ලෙඩේටම විරේක පෙති දුන්න හැටි.. :D
ලෙඩා මලත් බඩ සුද්දයි කිව්වලු පස්සෙ
Deleteපරම්පරා වෙදකම අදත් තියෙනවා නේද?
Deleteහපොයි... අපේ පැත්තෙත් ඉන්නව එහෙම දොස්තර කෙනෙක්
ReplyDeleteවාසනා වේවා!
Deleteහොයලා බලන්න ඕනා ඒ ඩොකාගේම මිනීපෙට්ටි සාප්පුවකුත් ඒ ළඟ පාඨම තියෙනවද කියලා
ReplyDeleteකොහෙමාටත් ජයරත්න මල්ශාලා වගේ ඒවා තියෙන්නේ රෝහල් ලඟ තමයි!
Deleteබොරු කියන්න එපා කකා. ජයරත්න මල් ශාලාව තියෙන්නේ කනත්ත ළඟ.
Deleteඇස් වාට්ටුවේ ඩීන්ස් රෝඩ් එකෙත් එකක් තියෙනවා නේද...
Deleteමගේ මොටො එක: සෞඛ්‍යාරක්ෂිත අාහාර ගන්න, ව්‍යායම කරන්න, ආරක්ෂිත උපදෙස් (safety instructions) පිළිපදින්න, දොස්තර මාරයින් ගෙන් ඇත්වන්න.
ReplyDeleteකවුද කිව්වා වගේ ඌරන්ට මොන සවුක්කියද අප්පා?
Deleteඒ කියන්නෙ කකා සවුක්කිය ගැන සැලකිලිමත් වෙන්නෙම නැද්ද?
Deleteමං හොයලා බැලුවාම මේ මේ මිනීමරුවා පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයෙ ඉගෙන ගත්තු පොරක් ලු!
ReplyDeleteමේ කතාව අහලා මට හිතුනේ අනේ අපොයි අර මැරිච්චි දරුවාගේ තාත්තා කියලයි.
මූ අම්මගේ ඩොකෙක් නෙ යකෝ.........
ReplyDeleteඅනිවා, ඕපපාතික නොවේ!
Deleteතාත්තෙකුත් ඉඳලා තියෙනවා, කොන්දේ අමාරුවකින් පසු කැන්සර් එකකින් මැරෙන්ට පෙර.
දැන් ඕක ඔයා අහපු කතාවක් නම්, ඔයාටත් ෂුවර් කරන්න බැරි නම් ඒකෙ සත්‍ය අසත්‍ය බව ගැන කොහොමද ඔය තාත්තා ගැන හරියටම කියන්නේ?
DeleteThis is the reason:
ReplyDeleteලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින නවක වදය
ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි.
ඇයි ඔය කෑලි කෑලි කොපි පේස්ට් කරන්නේ විටින් විට?
Deleteමෙන්න ඔය සේරම දේ තියෙනවා එක් තැනක
https://dostharahoru.wordpress.com/
හි හි :D
Delete"මා අසරණ රෝගිකි" කියනවට වඩා .. "මා වනචර හෙද සංගමයේ බළල් අතකි" කිව්වා නං නේද වඩා සුදුසු ?
Deleteකකාටත් අහුවෙන ගාබේජ් ඩම්ප් !
ප්‍රවෘත්තියට ස්තුතියි.
ReplyDeleteමා මේ පුවතම අද (ජූලි 5 සෙනසුරාදා) දිවයින පුත් පතේ දැක්කා!
ඇනෝ @ 4 July 2014 22:16
ReplyDeleteතාත්තා ගැන නම් එච්චර දුකක් නැත, පුතා ගැනයි දුක!
http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html
අන්න දොස්තර ල...
ReplyDeleteඔය වගේ තියෙන ලෙඩේට නැතුව කියන ලෙඩේට බෙහෙත් දෙන, ලෙඩා දිහා හැරිලා වත් බලන්නේ නැතිව තුණ්ඩුව ලියල දෙන දොස්තරලා හැමතැනම. එත් ඒ වගේ බහුතරයක් මැද අවංකව තමන්ගේ සේවය ඉටු කරන ඇත්ත දොස්තර මහත්වරුත් ඉන්නවා.
මගේ අත්දැකීමත්, අදහසත් එයයි!
Deleteදෙයියෝ සාක්කි.. තව පොඩ්ඩෙන් නැන්දා නිකම් මැරෙනවා.. ඔය වගේම වැඩක් වෙලා තිබ්බ මම අඳුරන අයිය කෙනෙක්ට. එයාගේ අම්මට ප්‍රෙෂර් හැදිලා කියල බෙහෙත් නියම කරලා. බලද්දී ඇති ප්‍රෙෂර් එකකුත් නෑ, දැන් බෙහෙත් ගත්ත නිසා නිකම් බොරුවට හැමදාම ජීවිතාන්තේ දක්වා ගන්න වෙනවා..
ReplyDelete/* දැන් බෙහෙත් ගත්ත නිසා නිකම් බොරුවට හැමදාම ජීවිතාන්තේ දක්වා ගන්න වෙනවා. */
Deleteමේක නං පිළිගන්න බෑ. කවුද කීවේ? වෙනත් වෛද්‍යවරයෙකුගෙන් උපදේශයක් ගන්න කියන්න!
@කකා,
Deleteවෛද්‍ය විද්‍යාව දන්නේ නැත්නම් අඩුම ගණනේ තමන්ගේ බිරිඳගෙන් අසා දැන ගැනීමට නිහතමානී වන්න. බොරු ලියන්න එපා. ප්‍රෙෂර් පෙති පමණක් නොව ඇට්රොවැට්සින් වැනි කොලෙස්ටරෝල් සඳහා වන පෙතිද කාලයක් ගෙන නතර කළොත් තත්වය තිබුණාටත් වඩා බරපතළ වන බව දන්නේම නැද්ද?
මේ කතාව අතේ රෝලක් බවට හසු වන කරුණු රාශියකි. කකාට නම් ඔයිට වඩා නිර්මාණාත්මකව බොරුවක් ගොතා ගත හැකිව තිබිණිය සිතමි. සමහරවිට මේ මිතුරා කකාවත් ගොනාට ඇන්දවීමක් විය හැකිය. කකාද දැන් වයසට යන නිසා මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වෙමින් යයි. එනිසා ලෙහෙසියෙන් ඇන්දවිය හැක.
ReplyDelete1. වයස අවුරුදු 45 වනතුරුද ස්පෙෂලිස්ට් කෙනෙක් නොවී ඉන්නේ ප්‍රැක්ටිස් කරන පිරිමි වෛද්‍යවරුන් අතරින් 1% වැනි සුළු ප්‍රතිශතයකි.
2. ජෙනරල් ෆිසිෂියන්ලා කැන්සර් ඩයග්නෝස් නොකරති. ඔවුන් කරන්නේ ඔන්කොලොජිස්ට් කෙනකුට රිෆර් කිරීමයි. මේ කතාවේ අංශු මාත්‍රික හෝ ඇත්තක් තිබේ නම් මේ වෛද්‍යවරයා කියන්නට ඇත්තේ "කැන්සර් එකක් වගෙයි මට නම් පේන්නේ. නරකද ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වුණොත්?" වගේ කතාවක් විය හැකිය.
3. මේ කියන දොස්තර කැන්සර් එකක් බව ඩයග්නෝස් කළත් ඔහුට එතැනින් එහාට රේඩියෝතෙරපි කේමෝතරපි වැනි ප්‍රතිකාර කළ නොහැකි නිසා අනිවාර්යයෙන්ම ඔන්කොලොජිස්ට් කෙනකුට රිෆර් කළ යුතුය.
4. ජෙනරල් ෆිෂිෂියන්ලාට ඔය පොඩි පොඩි දේවල් වලට මිස කොඳු ඇට පෙළේ එක්ස්-රේ ගන්නා සේ නිර්දේශ කළ නොහැක. එසේම කකා කියන පරිදි 'ටවුමේ කඩේකින්' එවැනි එක්ස්-රේ ලබා ගත නොහැක.
මේ කියන්නේ කකාගේ මිතුරාටයි: මහත්තයෝ, මීට පස්සෙ වත් බොරුවක් කියන කොට අහු නොවෙන්න කියන්න. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් ගැන කවර් කර ගන්න ඇරියස් තියේ නම් ඒවා වෙන විදිහකට කර ගන්න, මේ කකා මෝඩයාව අත ඇරලා. දැන් මේකෙන් වුනේ කකාගේ සායමත් යන එක විතරයි.
හූරිය දේව අච්චිගේ රසික හෙවත් රසික සූරියාරච්චිට දොස්තරලා එක්ක ඇරියස් එකක් තියනවා වගේ. “හූරිය දේව අච්චිගේ“ කියන වහුම්පුර වාසගම තමයි කතන්දරගේ වාසගම. නමුත් දැන උගත් මනුස්සයෙක් උන කතන්දරගේ තාත්තා වගේම වැඩිමහළු සහෝදරයා විසින් මේක වෙනස් කරගනු ලබනවා එක දහස් නවසිය හැටේ දශකය අගභාගයේදී. ඒ වගේම බාල සහෝදරයකු එයට කැමති නැතිව අභිමානනේ යුතුව තමාට හුරු වාසගමම පාවිච්චි කලා. කොහොම උනත් මේ වාසගම් මාරුව ගැන දැනගත්තු ගමේ හිටිය ඇතැම් අය කලින් ඔය ගැන වැඩි සැලකීමක් නැතිව හිටියත් එම මාරුවෙන් පසුව මෙම පවුලේ අයට පුංචි පුංචි සෝපාහාසාත්මක කතා කියන්න උනා. ඒ තමයි කතන්දර කුමාරගේ බාල අවධීයේ තත්වය. කතන්දරකුමාර ගමේ සමාජයෙන් වෙන්ව හැදෙන්නත් මේ ගැටළුව හේතු උනා. වාසගම මාරු නොකල බාල සහෝදරයට හෝ ඔවුන්ගේ පවුලේ දරුවන්ට කිසිදු ආකාරයකින් මේ පිළීබඳව ගැටළුවක් පැමිණියේ නැහැ. ඔවුන් අදටත් ගනේමුල්ල/ කොස්සින්න/නිවන්දම වගේ ප්‍රදේශවල යහපත්ව ජීවිතය ගත කරනවා. (එම දරුවන්ගෙන් ඇතමෙක් මේ වන විට සූරිය ආරච්චි වාසගම අරං තියෙනවා.
Deleteඇත්තටම මේ ටික ලිව්වේ කතන්දරට අපහාසයක් කරන්න හිතලා නෙවෙයි. නමුත් බොහෝ අයගේ පසුකාලීන හැසිරිමට ඔවුන්ගේ ළමාකාලයේ ගැටළු කොයි තරංනම් දරුණුවට බලපානවද කියන දේ පැහැදිලි කරන්න. කතන්දර නෙවෙයි මේ ලියන මට උනත් එහෙම ළමාකාලයක් තිබුනනං ඔය වගේ තත්වයකට පත් වෙන්න තිබුනා. මෙතන වැදගත් වෙන්නේ කතන්දර හෝ මම කියන පුද්ගලයා නෙවෙයි. අදාළ සමාජ තත්වය හදුනාගැනීම හා එය වෙනස් කිරීම තුළින් අනාගත ලෝකය සමාන මානව හිමිකම් ඇති රටක් බවට පත් කරගැනීමයි.හොඳින් දන්න කෙනෙක් වග පේනව.
අපේ දෙමවුපියෝ , පැරණි වැඩිහිටියෝ ඇතැම් වෙලාවට කියපු එකක් තමයි , කුලෙන් අඩු මිනිහගේ මොකක් හරි අඩුවක් පෙන්නනවා කියල චරිතෙන්. හැදෙන වැඩෙන කාලේ ඔව්වට හිනා උනාට සමාජයත් එක්ක ගැටෙනකොට තමයි ඒ පරණ මිනිස්සුන්ගේ සමාජ ඥානයේ තරම පෙනෙන්නේ. එහෙනං අපට තෝරගන්න බැරුව සිටි කකා ගේ පදනම් විරහිත ද්වේශයේ පදනම මේකද ? සෑම මනුෂ්‍ය ක්‍රියාවකටම හේතුවක් ඇත. ඇතැම් විට අප හට හේතු විරහිත , පදනම් විරහිත ක්‍රියා ලෙස පෙනෙන්නේ එම ක්‍රියා හේතු විරහිත , පදනම් ක්‍රියා නිසා නොව , ඒ හේතුන් අපගේ ඥානයට ගෝචර නොවන බැවිනි.
ඉහත මගේ කමෙන්ට් එකට (Anonymous6 July 2014 07:42) තවත් එකතු කරනවා නම් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසාන බැච් එක ගැනුණේ 1986 උසස්පෙළ කළ සිසුන්ගෙනි. එනිසා මේ කියන කතාව ඇත්තක් නම් දොස්තරගේ වයස 45 නොව අවම වශයෙන් 47 ක් හෝ ඊට වැඩි විය යුතුය. මේ තරම් වයසක දොස්තර කෙනෙක් විශේෂඥ වෛද්‍යවරයකුත් නොවී මූලික රෝහලක පොල් ගානවාද? වෛද්‍ය සුදුසුකම් නැතුව පරිපාලනමය පැත්තෙන් ඉහළ ගියත් ඔහුට ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පදනම්ව වඩා ඉහළ මට්ටමේ රෝහලක පරිපාලන ධුරයක් හිමිවිය යුතුය.
Deleteඑනිසා මේ කතාව අතේ රෝලක් බව අනිවාර්යයෙන් තහවුරු වේ.
@ Anonymous 6 July 2014 07:42
Delete1. ලංකාවේ ඉන්න ජීපී ලා ගෙන් 99% ක් ම ගැහැණුද? නැතිනම් ඒ ඉන්න බහුතරයක් ජීපී ලෙස වැඩ කරන ස්පෙෂලිස්ට්ලා ද?
2. /* මේ වෛද්‍යවරයා කියන්නට ඇත්තේ "කැන්සර් එකක් වගෙයි මට නම් පේන්නේ. නරකද ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ වුණොත්?" වගේ කතාවක් විය හැකිය. */
එහෙම තමයි කිව යුතුව තිබුණේ නේද? ඒකම තමයි මෙතන ප්‍රශ්ණය නේද? ඒ බව හොඳින් කතන්දරේ කියා තිබියදී මේ මොනවාද ඔබ කියනා දේ?
3. ඟෙයටද දිය හැක්කේ පෙර පිළිතුරමයි. යලි කතාව කියවා බලන්න. මේ කාන්තාව නුදුරේදීම මිය යාමට නියමිතයි කියාලු වෛද්‍යවරයා කියා ඇත්තේ!
4. ලංකාවේ ඇක්ස්රේ කඩේකට ගිහින් අහලා බලන්න ඇනෝ!
@ Anonymous 6 July 2014 08:09
Deleteඔබ මා ගැන කිසිත් නොදන්නා නමුත් දන්නවා යැයි සිතා සිටින අණුවනයෙක් බව පෙනේ. මෙවැනි කතාවක් වෙනත් තැනක තිබෙනු දුටුවත් එය නොසලකා හැරදයෙමි. නමුත් එය ගැණ සඳහන් කළ "මහසෝන් පිල්ලිය" නමැත්තා කියා තිබුණේ මා එය ප්‍රතික්‍ෂේප නොකළ නිසා එය පිළිගත් බවට ඔහු සලකන බවයි.
එක්කෝ ඔබ මෝඩයෙක් ලෙස වෙනත් පුද්ගලයෙකු ගැන මෙහි ලියා ඇත. නැතිනම් ඔබ විරුද්ධවාදීන්ට මතවාදීව පරාජය කරනු නොහැකි වූ තැන්වලදී අනුගමනය කෙරෙන පහර දීමේ සිංහල ක්‍රමයවන පුද්ගලික නින්දාවට බැස ඇත. ඟෙහි ඊලඟ පියවර, දෙමව්පියන්ට, බිරිඳට, දරුවන්ට අපහාස කිරීමයි.
ඔබ වැනි නින්දිත පුද්ගලයෙකුට පිළිතුරු ලිවීමට සිදුවීමද කණගාඨුවකි. එනමුත් ඔබ මෝඩයෙක් සහ කිසිත් නොදත්තෙක් බව පෙනෙන නිසා ඔබේ දැනගැනීම පිණිස කෙටියෙන් මෙය පවසමි.
මේ කරුණු කීමට තවත් හේතුවක් නම් ඔබේ මේ ප්‍රකාශය ඇත්තටම වෙනත් පුද්ගලයෙකුට අදාල විය හැකි නිසා, ඔබ මා ගැන ඇති වෛරය නිසා ඔහුට වරදක් කිරීමට ඉඩ ඇතැයි සිතෙන නිසාය
1. මට දොස්තරලා තියා කිසිවෙකු සමග ඇරියස් එකක් නැත.
2. මා, මාගේ පියා, ඔහුගේ පියා හෝ අපේ පවුලක කිසිවෙකු වාසගම නෙස් කර නොමැත.
3. මගේ පියා පවුලේ වැඩිමහලා වෙන අතර මාද පවුලේ වැඩිමහලා වෙමි.
4. ගම, බාල සහෝදරයෙක්, සහ ගමේ අය ගැන ඔබ කියා ඇති දේ කිසිවක්ම මගේ ගම, ඒ ගමේ අය සහ මගේ බාල සහෝදරයා සඳහා කිසිසේත්ම සත්‍ය නොවේ.
5. මගේ සහෝදරයෙකු තබා කිසිදු පවුලේ ඥාතියෙකු ගනේමුල්ල හෝ කොස්සින්න හෝ නිවන්දම වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝ නොවෙති.
6. මගේ සහෝදරයාගේ දරුවන් වාසගම් ගැනීමක් ගැන සඳහන් කිරීමෙන්ම ඔබ මේ නොදැන කරන ප්‍රකාශය (හෝ හිතාමතා පවසන අසත්‍යය) ගැන දුක සිතේ. මගේ සහෝදරයාගේ දරුවන් ගේ වයස පරාසය අවුරුදු 8 සහ 14 වේ. ඔවුන් නම් ගැනීමක් ගැන කතාකරන්නේ ඇත්තටම ඇනෝ ඔබට පිස්සුද? අවසිහියෙන්ද?
අවසාන වශයෙන් ඇනෝ මට ඔබට පවසන්නට ඇත්තේ මෙයයි.
ඔය ඉන්න ටොරොන්ටෝවටම වී ඉන්න.
ඔබ වැන්නන් ලංකාවෙන් දුරස් වී සිටීමෙන් ලංකාවට වෙන්නේ ලොකු සේවයකි.
කරුණාකර ටොරොන්ටෝව ගඳ ගස්සන්න එපා! ඔබවැන්නන් හැරුණු විට එහි සිටින්නේ වැදගත් මිනිසුන්ය!
කකා මේ දැක්වූ ප්‍රතිචාරය ස්වාභාවිකයි. හැබැයි මෙයින් ඔප්පු වෙන්නේ (හෝ නොවන්නේ) නැහැ කකාගේ වාසගම. දැන් මෙතැන තියෙන්නේ දෙන්නෙක් කියන, දෙන්නාම ඔප්පු කර නැති කතා දෙකක්. කාගේ කතාව ඇත්තද පිළි ගැනීම පාඨකයා අතේ.
Delete(මම කකාගේ පවුල ගැන මුල් කමෙන්ට් එක කළ පාඨකයා නෙවෙයි. මේ කිව්වේ මගේ අදහස. මට නම් කෙනෙක්ගේ කුලය වගේ දේවල් වැදගත් නැහැ. හැබැයි ඒ වගේ දේවල් හංගන පුද්ගලයකු මම විශ්වාස කරන්නේත් නැහැ.)
යම් කිසි කෙනෙකුගේ අදහසක් තමුන්ගේ ම වූ අදහසකින් හෝ තර්කයකින් හෝ බිඳ හෙළීමට නොහැකි විට මුලින් අදහස දැරූ තැනැත්තාට හෝ ඒ තැනැත්තාගේ භාර්යාවට හෝ දෙමව්පියන්ට හෝ දරු මුණුපුරන්ට හෝ නින්දා කිරීම, ආක්‍රෝෂ පරිභව කිරීම සිංහලයාට ම ආවේනික වූ, එමෙන් ම සිංහලයාගේ ජානවල පවතින නුහු ගුණයකි. මෙය සිංහලයන්ගේ රුධිරයේ මිශ්‍ර වී ඇතැයි කියන උතුරු ඉන්දියානු සිව්පා රුධිරය නිසා ඇති වූ තත්ත්වයක් දැ යි පිරික්සීම වටී.
Deleteඅර පහළින් ලියලා තිබුණ කමෙන්ට් එක දුටුවාම අපට නම් කකා පුතා ගැන විතරක් නෙවෙයි කකාගේ තාත්තා ගැනත් දුක හිතුණා.
ReplyDeleteඑක බොරුවක් කී විට එය වහන්නට බොරු හැටක් කියන්නට වීම සාමාන්‍ය ස්වභාවයයි. කකා මේ එරී සිටින්නේ ඒ මඩ වලේය.
ReplyDelete1. මා කියා ඇත්තේ වයස 50 පමණ වන විට ප්‍රැක්ටිස් කරන පිරිමි වෛද්‍යවරුන් අතුරින් 99% ක් පමණ යම් ක්ෂේත්‍රයක විශේෂඥයකු බවයි. කකා මේ කියමන එක්කෝ අනවබෝධයෙන් හෝ සමහරවිට ඕනැ කමින් විකෘති කොට ඇත. සාමාන්‍යයෙන් මේ දවස් වල පළමු වෛද්‍ය උපාධියෙන් සෑහීමකට පත් වන්නෝ දෙවර්ගයකි. පිරිසක් නම් ප්‍රැක්ටිස් නොකරන (එනම් e-Soft හිමිහරු මෙන් වෙනත් රැකියාවක් කරන) වෛද්‍යවරුන්ය. දෙවනුව යම් පිරිසක් කාන්තා වෛද්‍යවරුන්ය. බොහෝ විට මෙවැන්නන්ගේ සැමියන්ද වෛද්‍යවරුන් නිසා ඔව්හු තම සැමියාගේ කැරිය' එක ගොඩ නඟා ගන්නට ඉඩ දී සෑහීමකට පත් වෙති. (සියල්ලම නොව) පිරිමියකුට වයස 50 දී පමණ සාමාන්‍ය වෛද්‍ය උපාධියෙන් පමණක් වඩක් නැත. එනිසා එවැන්නෝ අති විරලය.
2 හා 3. මා යෝජනා කරන්නේ සැබෑ කතාව ඔබ හෝ ඔබේ මිතුරා විසින් ඕනෑකමින්ම විකෘති කර අතේ රෝලක් ඇදබාන බවයි. මා කියන්නේ මේ කතාවේ අංශු මාත්‍රීය හෝ ඇත්තක් ඇති නම් එය සිදු වන්නට ඉඩ තිබුණු ආකාරයයි.
4. ඕස්ට්‍රේලියාවේ කෙසේ වෙතත් ලංකාවේ නම් එක්ස්-රේ ලබා ගන්නා ක්‍රියා පිළිවෙතක් තිබේ. ඒවා කකා කියන්නාක් සේ 'ටවුමේ කඩ' වලින් ලබා ගත නොහැකිය. (දත්වල එක්ස්-රේ හැරුණු විට) කොටු ඇට පෙළෙහි එක්ස්-රේ එකක් ගන්නේ සුදුසුකම් ලත් ශිල්පියකු වන අතර එයද විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශයකට පමණකි. එසේම විකිරණ නිසා එක්ස්-රේ මැෂින් එක සවි කරන්නේ කොන්ක්‍රීට් කුටීරයකය. මෙවැනි කොන්ක්‍රීට් කුටීර 'ටවුමේ කඩ' වල නැති අතර සාමාන්‍යයෙන් ඇත්තේ රෝහල් වලය. මා දන්නා තරමින් ජෙනරල් ෆිසිෂියන් කෙනකුගේ නිර්දේශයකට කොඳු ඇට පෙළෙහි එක්ස්-රේ ගත නොහැකිය.
අවසාන වශයෙන් කිව යුත්තේ මෙයයි.
කකාට හෝ කකාගේ මිතුරාට වෛද්‍යවරුන් සමඟ හෝ ප්‍රයිවට් මෙඩිකක් ෆැකල්ටිය සමඟ ඇරියස් එකක තිබිය හැකිය. ඔවුන් මනුෂ්‍යයින් බැවින් එය තේරුම් ගන්නට පිළිවන. හැබැයි මෙවැනි යාන් හෑලි ඇද බෑම එවැනි ඇරියස් කවර් කර ගැනීමට සුදුසු ආකාරය නොවේ.
කකාගේ බ්ලොග් එක කියවන්නේ කොණ්ඩේ බැඳපු චීනුන්ම නොවිය හැකිය. ඉහත කමෙන්ට් කියවන ඕනෑම කෙනකුට මේ කතාවේ සත්‍ය අසත්‍ය භාවය ගැන සැක කළ එකම පුද්ගලයා මා නොවන බව පෙනී යායුතුය.
මම ඇක්සිඩන්ට් වෙලා උකුල් ඇටේ කැඩිලා රාගම හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් වෝර්ඩ් එකට ගියාම රෝද පුටුවෙන් ඇඳට නගින්න කිව්වා දොස්තරවරියක්. එතුමියට කිව්වම මට කකුල හොල්ලන්නවත් බෑ උදව්වක් කරන්න කියලා, එයා කියනවා "මෙයාල හිතන් ඉන්නේ ඇක්සිඩන්ට් වෙලා එන්නේ මෙයා විතරයි" කියලා.
ReplyDeleteකොහොම හරි වාට්ටුවට දැම්මා කියමුකෝ. නර්ස් කිව්වා 10mm සිරින්ජ 10ක් ගෙන්න කියලා. අනේ මමත් මල්ලිව යවල ගෙන්නෙව්වා. පස්සේ එයා මට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න හදනකොට හොඳ වෙලාවට මම ඇහුවේ "මිස් මට ඉන්ජෙක්ෂන් ගහන්න දැන්ම අවශ්‍ය නෑ නේ කියලා" එතකොට එයා අහනවා.... " ආ මේ කලින් හිටිය ලෙඩා නෙමෙයි ද "
ඉස්පිරිතාල වල ලෙඩ්ඩු බෙහෙත් වැරදිලා කොච්චර මැරෙනවා ඇත්ද.
අස්ථි පිලිබඳ විශේෂඥ දොස්තර මහතාගේ කාරුණික වදන් සහ ඔහුගේ ශල්‍ය කුසලතාවය නිසා මට නැවත ඇවිදීමට ලැබුණු බව විශේෂයෙන්ම කියන්න ඕනේ......