
කතන්දරකාරය මේ බ්ලොග් එක ලියන්න පටන්ගත්තෙ නම් ලව් ස්ටෝරීස් ලියන්න නෙමේ. ආදර කතන්දර විතරක් ම ලියන අයත් ඉන්නව නෙ ඕන තරම් මේ සිංහල බ්ලොග් අවකාශයෙ.
ඒ නැති වුනත් දැන් ඔය ලව් කතා ටික ටික අමතක වෙලා යන කාලෙ.
එත් ඉතිං ඉඳල ඉඳල ලව් ස්ටෝරීස් මතක් වෙනව.
මුලින්ම මං ලිව්ව ලව් ලෙටර් එකක කතාවක්. ඊලඟට පෙම් කවියක් ලියූ හැටි ගැන කතන්දරේ. ඊටත් පස්සෙ මේ ගිය සුමානෙ තමයි ඔය බස් එකේ කතන්දරේ ලිව්වෙ.
ගිය සුමානෙ කතාව, මූලිකවම කතන්දරකාරය ගෙ ස්ථානෝචිත ප්‍රඥාව සහ සුවිශේෂී පර රක්‍ෂා විජාණන ඥාණය ගැන ලියවුනත් ඒකෙ පොඩ්ඩක් ලව් එකක් ගැන සඳහනකුත් තිබුණ. ඇත්තම කියනව නම් ඒක ලව් ස්ටෝරියක ආරම්භයක් කියල කියන්න පුළුවන් ඉඟියක් ඒ කතන්දරේම තිබුණ.
ඒ කොහොම වුනත් අද මේ මං සෙට් වෙන්නෙ එදා ලංගම බස් එකේ දී හම්බ වෙච්ච ඒ සුන්දර යුවතිය ඉස්කෝල ටීචර් කෙනෙක් බවත්, එයා පාසැලේ ළමයින් ට හරිම කරුණාවන්ත බවත්, ළමයි එයාට හරිම ආදරේ බවත් ටක්කෙටම කියන්න මං දැනගත්තෙ කොහොමද කියල ඒ බව මේ වෙනතුරු හරියට තේරුනේ නැති අයට කියල දෙන්නයි.
ඕකෙ මහ මැජික් එකක් තිබුනෙ නෑ. ඒ වෙනකොට අවුරුදු හතරක විතර බස්හෝල්ට් වල රස්තියාදු වෙලා තිබුණු පලපුරුද්දයි, ක්‍ෂණිකව නමුත් තර්කාණුකූලව හිතන්නයි, සෑබෑ වීමේ සම්භාවිතාවය වැඩි උපකල්පන කරන්නයි පුළුවන් වීමයි විතරයි ඕනැ වුනේ! (ඔය සේරම එකතු වුනාම තමයි පර-රක්‍ෂා විජාණන ඥානය ලැබෙන්නේ).
මෙන්න මගේ තර්කයඃ
1. බස් එකේ දි කතා කළ කෙල්ල ඇඳගෙන හිටිය ඇඳුම්:
මං ඒ කාලෙ ඉගෙන ගත්තු තිප්පොලේ කෙල්ලො දිනපතා අඳින ඇදුම් වලට වඩා පොෂ් ඒවා. ඒ කියන්නෙ මේ කෙල්ල ට සල්ලි තියෙන්න ඕනැ.
2. උරහිසේ දමා ගෙන හිටපු හෑන්ඩ් බෑග් එකඃ
ඒකෙන් තේරුණා ජොබ් එකක් කරන කෙනෙක් බව.
3. බාහිර උපාධිය ට ක්ලාස් යෑමඃ
බාහිර උපාධියකට ගන්න ඉගෙන ගන්න එක තරම් කට්ටක් කන්න ගැට්ටක් තියෙන්නෙ ඉගෙනීම ගැන උනන්දුවක් තියෙන කෙනෙකුටනෙ. ඒ කියන්නෙ මෙයා ගුරුවරියක් විය යුතුයි. වෙන ජොබ් එකක් කරන කෙනෙක් නම් සිමා (CIMA) හරි චාටර්ඩ් එකවුන්ටින් වගෙ කෝස් එකක් නෙ කරන්නෙ සාමාන්‍යයෙන්.
අනික මගෙ තාත්තත් ඉස්කෝලෙ ගුරුවරයෙක් විදියට වැඩ කරන අතර තමයි ලන්ඩන් යුනිවසිටි එකේ බාහිර උපාධියට සෙට් වෙලා තියෙන්නෙ. ජී.ඒ.කිව්. පාස් වෙලා තමයි විද්‍යෝදයෙ කට්ට කන්න ගිහින් තියෙන්නෙ.
තත්පරයක් ඇතුලත ඔය සේරම තර්ක විතර්ක හරහා මං උපකල්පනය කළා, මේ කෙල්ල ඉස්කෝල ටීචර් කෙනෙක් වෙන්න ඕනැ කියල. එයා ජී.එස්.කිව්. වලට ක්ලාස් ගියා කියල කිව්ව ගමං මං කොයි ඉස්කෝලෙද ඔයා උගන්නන්නෙ කියල අහල කෙල්ලව තක්බීර් කලේ ඒ උපකල්පනය මතයි.
හොඳ වෙලාවට මං ක්‍ෂණිකව හිතපු දේ හරිගියා.
අනික එහෙම හරි නොගිය වුනත්, මට වෙන අමුතු පාඩුවකුත් නෑනෙ, සිංහල බ්ලොග් අවකාශයට කතන්දර කොටස් දෙකක් අහිමි වීම හැර.
තවත් කතන්දරයකින් නැවත හමුවෙමු.
කතන්දරකාරයා
ප/ලිඃ
පොඩ්ඩක් හෝව්!
දැං ඉතිං මේ ටීචර් පාසැලේ ළමයින් ට හරිම කරුණාවන්ත බවත්, ළමයි එයාට හරිම ආදරේ බවත් එවෙලෙම කියන්න මං දැන ගත්තෙ කොහොමද කියලත් කියල දෙන්න ඕනැද?
අපේ කාන්තා පක්‍ෂයට නං ඔය වගෙ කතා අහල අහල හොඳට පුරුදු ඇතිනෙ.
ඕක දන්නෙ නැති කොල්ලෙක් ඉන්නවනං ඒ අයට මල් පාත්ති වගාව පිළිබඳව හෝඩියේ ඉඳල කියල දෙන්න වෙනව. ඩිමාන්ඩ් එකක් තියෙනවනං ලියන්න පුළුවන් උපදෙස් මාලාවක්ම - Flirting for Dummies වගේ title එකකින්!
එළ කතන්දර... ඔය වගේ දේවල් ඔය ටිකට මතක්වුන එකනම් නියමයි...
ReplyDeleteකෙල්ලො 1ට 10ක් ගොඩ දාන්න සුදුසුකම් උඹට තියෙනව. ට්‍රයි කරල බලපන්කො බොරුද කියලා. හික්ස්....
ඒකනෙ මන් කිවුවෙ එයා ජීඒකිව් කරන එක තමා හින්ට් එක කියල.
ReplyDeleteහෑබෑයි ඉතින් මගෙ දෙවනි අනුමානෙ නම් වෑරදියි නෙද. මල් කඩල පුරුද්ද මදි! ඒකයි
Profile Picture එක එහෙම වෙනස් වෙලා තියෙන්නෙ.....
ReplyDelete@ indik
ReplyDeleteඕව පරණ කතා මලේ!
@ Indika
It was GSQ, not GAQ.
මා ලියන්නට යන
මල්පාත්ති වගාව ෆෝ ඩමීස් පොත බලන්න
@
ටික ටික වයසට යනවා....!!!
What is GSQ? You & I both said GAQ! isn't it?
ReplyDeleteඅර ලියනවැයි කීව පොත ලියන්න. ඒක වැදගත් වේවි! :P
ReplyDeleteඅනේ අම්මියෝ... බලාගෙන යද්දි කතන්දරත් අදහන්න වටින පොරක් ඈ...!
ReplyDeleteඅප්පච්චියේ.... අදහන්න වටින කතන්දර ! :-)
ReplyDeleteදස්ස කොල්ලෙක්නේ ආ :D
ReplyDeleteඅපිට කවදා වෙද්දි ඔයාගේ මල්පාත්ති වගාව ෆෝ ඩමීස් පොත බලන්න ලැබෙයිද දන්නැ නේද???
ReplyDelete@Prabhash
ReplyDeletehttp://www.amazon.co.uk/Flirting-Dummies-Elizabeth-Clark/dp/toc/0470742593
කෝ ඉතින්, අතීත කතාව කිව්වට වර්ථමාන කථාවට තියෙන සම්බන්දෙ?? ඒ ටීචර් දැන් ඔයාගෙ කවුද කියල කිව්වේ නෑනෙ?
ReplyDeleteela ela........maxxama tika thiyenne pasu liveeme
ReplyDelete