Friday, 12 February 2010

ලව් කතා - කතන්දරකාරයා ගේ ස්ථානෝචිත ප්‍රඥාව


කොයි කොල්ලගෙත් ජීවිත වල තියෙනව, ඔය බස් හෝල්ට්වල, ස්ටේෂන්වල, පාර තොටේ, වැඩි වැඩකුත් නැතිව රස්තියාදු වෙන කාලයක්. ගෙදර යන්න හෙම කිසිම හදිස්සියක් ඇතිවෙන්නෙ නෑ.

ඕක වෙන්නෙ එක්කෝ උසස් පෙල ලියල ගෙදර ඉන්න කාලෙ. නැත්තං, වැඩිදුර ඉගෙන ගන්න කියල කාලෙ නාස්තිකරන කාලෙ ලැබෙන අනවශ්‍ය නිවාඩු වල.

අපේ කාලෙ ඒවගෙ නිවාඩුවලින් අඩුවක් නං තිබුණෙ නෑ.

ඔන්න ඔය වගේ දවසක මං, එක්තරා නගරයකින් බස් එකකට ගොඩවුනා යාළුවෙකුගෙ ගෙදර යන්න. ඉතිං බස් එක අද්දන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මෙන්න බොලේ සුන්දර ගෑණු පරාණයක් නැග්ග බස් එකට.

ලස්සන සායකුයි බ්ලවුස් එකකුයි ඇඳපු, කොණ්ඩෙ ගොතපු, අවුරුදු විසි දෙකක තුනක විතර යුවතියක්. එක අතකින් ෆයිල් කවරයක්. උරහිසේ හෑන්ඩ් බෑග් එකක්.

වාසනාවට හරි අවාසනාවට හරි මේ කෙල්ල කෙලින් ම ඇවිත් වාඩි වුනේ මා ලඟයි. මං හිටියෙ බස් එකේ පස්ස පැත්තෙ සීට් එකක. කෙල්ල නැග්ගත් එක්කම වගේ බස් එක පිටත් වුනා.

ඔන්න කොන්දොස්තරකාරය ටිකට් දීගෙන එනව ඉස්සරහ ඉඳන්. අන්තිමට මිනිහ මං හිටිය පේලිය ගාවට ආව. මුලින්ම මේ කෙල්ලගෙ වාරය. එයා රුපියක් විස්සක් දීල කිව්ව "පන්සල ගාව!" කියල. සල්ලි ගත්තු කොන්දොස්තර මගෙන් ඇහැව්ව "කොහෙටද?" කියල. මට යන්න තිබුනෙ පන්සල ගාවට වඩා ටිකක් ලඟ තැනකට. ඒත් මාත් ඔන්න ඔහේ "පන්සල ගාවට!" කියල දුන්න විස්සෙ කොලයක් ටිකට් එකට.

ඒ දවස්වල ඔය පන්සල ගාව කියන තැනට ගාස්තුව රුපියල් දහයයි. ලංගම බස් එකක් හින්දද කොහෙද කොන්දොස්තර ගාව තිබුනෙ නෑ අපි දෙන්නට දෙන්න ඉතුරු සල්ලි.

පොර රුපියල් විස්සෙ එක කොලයක් කෙල්ලට දීල කිව්ව "දෙන්නම පන්සල ලඟින් නෙ බහින්නෙ. දෙන්න මේක බෙදාගන්න" කියල.

මරු වැඩේ නේද?

මේකෙන් වෙච්ච එකම හොඳ වැඩේ තමයි මට මේ සුන්දර යුවතිය එක්ක කතාකරන්න ලැබීම. ඇත්තටම කියනව නං එයයි මුලින් කතා කලේ.

"දැන් මොකද කරන්නෙ?" එයා මගෙන් ඇහැව්ව.

"පන්සල ලඟ හන්දයෙ කඩෙන්වත් මාරු කර ගමු!" කියල මං කිව්ව.

මං ඔය කියන හන්දියට කවදාවත් ගිහිං තිබුනෙ නෑ. මං දැනගෙන හිටියෙත් නෑ පන්සල ලඟ කඩයක් තියෙනව කියල. ඒත් කොයි හන්දියෙ ද කඩයක් නැත්තෙ, ලංකාවේ?

දැං ඉතිං මගේ වාරේ කතාව දිගටම ගෙනියන්න.

"ඔයා කොහෙද ක්ලාස් යන්නෙ?" මං ඇහැව්ව.

ඒකත් අනුමානෙට ඇහැව්වෙ. අතේ ෆයිල් එකක් තිබුණු නිසා. ඒත් මගේ අනුමානය හරියට හරි.

"මං ජී.එස්.කිව් බාහිර උපාධිය කරනව!" එයා කිව්ව.

"කොයි ඉස්කෝලෙද ඔයා උගන්වන්නේ?" මං ඇහැව්ව ඊලඟට.

කෙල්ල මා දිහා බැළුවෙ මං සාස්තරකාරයෙක් ද කියල සැක හිතිල වගේ.

"ඔයා කොහොමද දන්නෙ මං ටීච් කරනව කියල?"

මගෙ උපකල්පනය හරි. එයා ඇත්තටම ටීචර් කෙනෙක්.

"මට තියෙනව පර රක්‍ෂා විජාණන ඥානය!" මං හිනාවෙලා කිව්ව. "අනුන් ගෙ රක්‍ෂාවල් ගැන මූණ බලල කියන්න පුළුවන්."

කෙල්ල ලැජ්ජාවෙන් වගේ ඇඹරුණා හිනාවත් තද කරගෙන.

හෝව්, හෝව්, කෙල්ල කියන එක හරි නෑනෙ, මේ ටීචර් කෙනෙක් නෙ! උසස් පෙල කලායින් පස්සෙ අපි වගෙ එක එක තිප්පොලවල් වල අවුරුදු ගණං නාස්ති කරගන්නෙ නැතුව කෙලින්ම ටීචින් වලට ගිය කෙනෙක් එයා.

ඊලඟට මං කිව්ව එයා ට මෙන්න මෙහෙම.

"මට පුළුවන් තව තව දේවල් කියන්න මූණ බලලා."

ඔන්න එයා බැළුව මා දිහා.

"මට කියන්න පුළුවන් මේ ටීචර් ළමයින් ට හරීම කරුණාවන්ත කෙනෙක්, ඒ හින්දම මේ ටීචර් ට ඉස්කෝලෙ ළමයි සේරම ආදරෙයි කියල."

ඔය සිද්ධිය වෙලා මාස ගානක් යනකම්ම එයා මගෙන් අහනව, අහනව, අනේ කතන්දර, කියන්නකෝ ඔයා කොහෙමද දැන ගත්තෙ මං ටීච් කරණවයි කියන එක කියල.

මං ඉතිං කිව්ව ඒ කොහොමද කියල.

ඕගොල්ලන් ට නං මං නොකිව්වට හිතාගන්න පුළුවන් නේද?

කතන්දරකාරයා

30 comments:

  1. කතන්දෙර් නං නියමයි. ‍ඒත් පොඩි පරහකට තියෙන්නේ මේ සෑත්තරේ කිව්වේ කොහොමෙයි කියලා හිතාගන්ඩ බැරි එකයි. මොකද ඔය skills අපිටත් ඕනැ උනොත් එහෙම :)

    ReplyDelete
  2. මහලොකු ඥානයක් අවශ්‍ය නෑ. සරල හේතු දැක්වීමින් හිතාගන්න පුළුවන් වුනා.
    පස්සෙ කියන්නං කෝ

    ReplyDelete
  3. ගුරු අත්පොතක් වත් කෙල්ලගෙ, (නෑ නෑ.. ටීචර්ගෙ ) අතෙ තිබ්බද?? ;)

    ReplyDelete
  4. "ඔය සිද්ධිය වෙලා මාස ගානක් යනකම්ම එයා මගෙන් අහනව, අහනව, අනේ කතන්දර, කියන්නකෝ ඔයා කොහෙමද දැන ගත්තෙ මං ටීච් කරණවයි කියන එක කියල"

    ඒ කියන්නේ මේ කතනදරයෙ තව කෑලි තියෙනවා වගේ :D
    මේගා කතනදරයක්ද??

    ReplyDelete
  5. පර රක්‍ෂා විජාණන ඥානය... අයිය ෂර්ලොක් හොම්ස් වගේ පොරක්නේ. කෙල්ලගේ අතේ පෑන් ඉරිවත් තිබුනද?

    ඒක නෙමේ කොහොමහරි වැඩේ ගොඩදාගත්තද?

    ReplyDelete
  6. ෂුවර් එකටම ගැණුළමය ඉතුරු දහය දෙන්න ටිකක් අදිමදි කරන්න ඇති, මම අහල තියෙනව හුගක් ටීචර්ල ටිකක් විතර ලොබයි කියල

    :-)

    ReplyDelete
  7. ශා මරු කතාව .. ඊට පස්සෙ උන දේ තමයි දැනගන්න ආස :D

    ReplyDelete
  8. කතාන්දරෙ ලස්සනයි අයියෙ. මෙක කැගැස්සෙනවා මෙකම මමත් කරා... මට තවමත් හිනා.... හැබැයි අක්ක කෙනෙකුට.. මරු මරු... මම නම් කිව්වෙ. file එක ඇතුලෙ තිබුන කොලයක් යන්තමින් දැකලා. එයාගෙ නම ගම, වයසත් කිව්වා. හික්... හික්...

    ReplyDelete
  9. අනේ මට හිතා ගන්න බෑනේ... කොහොමද එහෙම කිව්වේ?
    එයා ඔයාට ළමයෝ කියලාවත් කිව්වාද? හෙ හේ

    ReplyDelete
  10. මේ ටීච දැන් ඔයාගෙ පෙම්බරිය වෙන්න බැරිද?

    ReplyDelete
  11. මම දන්නව හේතුව... handbag එක වෙන්න ඇති.........

    ReplyDelete
  12. මම දන්නව හේතුව... handbag එක වෙන්න ඇති.........

    ReplyDelete
  13. කතන්දර අයියගෙ තිස්සගෙ ආගම් මාරුවෙ කතන්දරේ අද ලක්බිමේ තියනවා නේද. අ‍පෙන් සුභපැතුම්.

    ReplyDelete
  14. Hethu dekayi.
    1. Eya GAQ karana eka. Mokada 90% teachers la GAQ karanawa.
    2. Lamayi deepu monahari present ekak athe tibila teenawa.

    ReplyDelete
  15. ලක්බිම පත්තරෙ හින්ද තමා මන් මෙ බ්ලොග් එක දෑනගත්තෙ. ඒ නිසා ලක්බිමටත් ත්තෑන්ක්ස්

    ReplyDelete
  16. දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා කියන්නෙ ඕක තමයි...

    ReplyDelete
  17. කට්ටිය නරකම නෑ, හැබැයි ටිකක් එක්ස්පීරියන්ස් මදි වගේ. ඔන්න මං විසඳුම අද බ්ලොග් එකේ දැම්මා.

    කකා

    ReplyDelete
  18. මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මාසගානක් යනකම් අහුව කියන්නෙ...හදිසියෙන් බස් එකෙ දැකපු ලමයාත් එක්ක ඉටපස්සෙත් කතා කතාකරලා තියෙනව නේ...ඒ කොහොමද ඒක උනෙ.

    ReplyDelete
  19. අනිවා දැන් ඒ ටීචර් Mrs.කතන්දර අය්යා වෙලා ඇති! ..හික්.. :)

    ReplyDelete
  20. හෙ හෙ මටත් හිතෙන්න එහෙමයි....

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. කතන්දර අයියාගේ උපකල්පන හැකියාව සිරා....මගේ ජාතියෙම කෙනෙක් වගේ....ඔය technique එකෙන් ඕනේ කෙනෙක්ව අල්ල ගන්න පුලුවන්.. ;) lol

    ReplyDelete
  23. පරන කතන්දරයකට comment කරන එක මෝඩ කමක්ද.ගූරැවරියො තරමර්‍ කූනු පෙරෙතයො ඉන්නවද මෙ ලෝකයේ

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. අනේ කතන්දල අය්යා.....කීලා දෙන්නකො කෝමද ඒ අක්කී තීත කෙනෙක් කීලා ඔයාගත්තෙ......

    ReplyDelete
    Replies
    1. ඒ අක්කී තීත කෙනෙක් කීලා ඔයාගත්තෙ මීන්න මීමයි!

      http://kathandara.blogspot.com.au/2010/02/blog-post_15.html

      !!!

      Delete
  26. මේකෙත් ඔයවගෙ පොඩි කතාවක් තියෙනවා
    http://cartothilakasiri.wordpress.com/

    ReplyDelete
  27. ලංගම බස් එකක් හින්ද වෙච්ච දේ .........

    කනත්ත ලග හෝල්ට් එකේ

    103 නැවැත්තුවා

    http://cartothilakasiri.wordpress.com/

    ReplyDelete
  28. අපරාදේ කියන්න බෑ හරියට මොළේ පාවිච්චි කරලා වැඩේ කරලා තියෙනවා..

    පරණම කතන්දරයක් කියවද්දී මාර රහයි අෆ්ෆා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.