Tuesday 10 December 2013

මොරටුව සරසවියේ අවනීතිය හෙලා දකිමු : Moratuwa University - Shame! shame!! shame!!!


මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ සිවිල් ඉංජිනේරු සංගමය විසින් මුද්‍රණය කරන්නට යෙදුණු "වෝටෙක්ස්" නමැති සමරු කලාපයේ ඇතුලත් වූ සරදම් කවි දෙපදයක් මෙසේය.

Ruined police Marxists X and Y say they stand for student rights any-where
But when it comes to the rights of an undergrad girl, they shit every-where!


ඒ කවියේ පසුබිම් කතතන්දර සහ සඟරාව මුද්‍රණයෙන් අනතුරුව ඇතිවූ සිදුවීම් ගැන අතුරු කතන්දර පිළිබඳ පසුව දවසක බැරිවීමකින් හෝ හිතුණොත් ලියමි.

කෙසේ නමුත්, මට අද ඒ කවි සරදම සිහිවූයේ එහි එන උපාධි අපේක්‍ෂක කෙල්ලෙකු ගේ අයිතීන් ගැන ඇති සඳහන හේතුවෙනි.

ඒ මේ පහත කියවෙන කාරණය නිසාය.

ඊයේ මට අන්තර්ජාල සඟරාවකින් පසුගිය දා මොරටුව විශ්ව විද්‍යාලයේ බලධාරීන් විසින් පනවා ඇති අපූරු තහනමක් ගැන කියවන්නට ලැබුණි.

මේ තහනම පැනවී ඇත්තේ ඇතැම් මුස්ලිම් කාන්තාවන් පළදින "නිකාබ්" නම්වූ ඇඳුම් කොටස සම්බන්ධයෙනි. ආකිටෙක්චර් ෆැකල්ටියේ පළමු වසර ශිෂ්‍යාවක් වන පාතිමා සහාර් විසින් ග්‍රවුන්ඩ්වීව්ස් නම් අන්තර්ජාල සඟරාවට ලියා ඇති ලිපියකට අනුව මොරටුව විශ්ව විද්‍යාල බලධාරීන් විසින් එහි සිසුවියන්ට විශ්ව විද්‍යාලය තුල මේ නිකාබ් ඇඳුම් කොටස පැළඳීම තහනම් කොට තිබේ.

පාතිමා ගේ ලිපියට පාර නැවතත් මෙන්න.
http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/

දැන් මගේ සිත මා පෙර සඳහන් කළ සරදම් කවි දෙපදය ලියවුණු කාලයටත් වසර එකහමාරක පමණ පෙර කාලයකට ඇදී යයි.

එවර පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ නවක සිසුන් අතර එක්තරා කෙලිලොල්, පියකරු සිසුවියක් වූවාය. ඒ කාලයේ තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවේ සාමාන්‍ය මල් ගවුමෙන් සැරසී ඉංග්‍රීසි පාඨමාලාව පැවැත්වෙන කාලයේ විශ්ව විද්‍යාලයට පැමිණි ඇය සමග මුලින්ම කතා බහ කරන තෙක් මේ නම් මුස්ලිම් තරුණියක යැයි අපට කිසි ලෙසකින් නොසිතුණි.

ඔවුන් ගේ විශ්ව විද්‍යාල ජීවිතයේ ඒ මුල් සති කිහිපය ගෙවී ගොස් විශ්ව විද්‍යාලය නවක සහ ජ්‍යෙෂ්ඨ සියළුම සිසුන්ට විවෘත වූවායින් පසු මේ තරුණිය එක්වරම වාගේ අතුරුදහන් වූවාය.

පසුව මට වැටහුණේ, මුලින් ඇය ඇඳි මල් ගවුම් හැරදා ඇය ජ්‍යෙෂ්ඨ වසරවල සිටි අනෙකුත් මුස්ලිම් තරුණියන් ගේ ඇඳුම වූ ෂල්වාරය සහ පර්දාව තුල සැඟවී ඇති බවයි.

මල් ගවුමින් සැරසුණු ඒ කෙලිලොල් තරුණිය මට නැවත දැක ගන්නට නොලැබුණි.

එදා මට වැටහුණු පරිදි, විවිධ ආගමික, පවුල්, සමාජමය හේතු මත මුස්ලිම් තරුණියන්ට ලංකා සමාජයේ සමවයස්වල සිටින අනෙකුත් තරුණියන් අඳින පළදින ඇඳුම් තෝරා ගත නොහැකි තත්වයක් පවතින බව පෙනේ.

අපට එසේ සිතුනද, බොහෝ විට ඒ සඳහා ඔවුන්ට අවශ්‍යතාවයක් නැතුවා වෙන්නටද ඉඩ ඇත.

ඒ කොයි හේතු මත වුවද, යම් අයෙක් අඳින්නේ තමාට අවශ්‍ය ඇඳුමකි. ඒ සඳහා ඔහුට හෝ ඇයට ඇති අයිතිය කිසිදු ප්‍රායෝගික සහ රාජකාරීමය හේතුවක් නොමැතිව තහනම් කිරීමට විශ්ව විද්‍යාලයක් වැනි ආයතනයකට ඇත්තේ කවර නම් නීතිමය පදනමක් දැයි මට නම් නොතේරේ.

මේ මොරටුවේ සිද්ධිය ගැන සිතීමේදී මට මුලින්ම ඇතිවුනේ ලංකාවේ අද ඇත්තේ සාධාරණ, අපක්‍ෂපාතී රාජ්‍යයක් ද යන ප්‍රශ්නයයි.

ඒ සමගම, මේ ආකාරයේ පුද්ගල නිදහස අසුරණ, මානව හිමිකම් කඩකරන, නීති විරෝධී බයි-ලෝස් ගෙන ආ මේ මොරටුවේ ආයතනය තවදුරටත් විශ්ව විද්‍යාලයක් ලෙස සැලකිය හැකිද යන පැණයත් නැගේ.

දැන් අප සැමගේ දැස් යොමු විය යුත්තේ මෙවැනි අවනීති පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය, මොරටුවේ ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය කොයි ආකාරයෙන් ක්‍රියා කරයිද යන්න පිලිබඳවයි.

ඔවුන් මේ සිද්ධියට විරුද්ධව උද්ඝෝෂණය නොකර නිහඬව සිටියහොත්, එය අනිවාර්යෙන්ම මා මුලින් සඳහන් කළ ආකාරයේ කවිවලට අළුතෙන් නිමිති ලබාදීමක් වෙනු ඇත.

-කතන්දරකාරයා

ප/ලි (11 December-3:39pm):
මේ කතන්දරය හා සම්බන්ධ පහත කතන්දර ද කියවන්න.

1. පන්සල් යන්න සරම අදින්න ඕනෑද?
http://kathandara.blogspot.com/2009/07/blog-post_30.html

2. සරම අස්සේ ජොකා බලකාය - කාලෝ ෆොන්සේකා ගේ නායකත්වයෙන්
http://kathandara.blogspot.com/2011/02/blog-post_23.html

3. මනමේ කුමරිය ගේ කන්‍යාභාවය
http://kathandara.blogspot.com/2010/09/blog-post_27.html

4. හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න?
http://kathandara.blogspot.com/2012/08/2-voltaire-no-more.html


(image: http://theagenda.tvo.org/blog/agenda-blogs/why-wear-niqab)

219 comments:

  1. ලංකාවෙ නීති ගැන මොන කතා ද කකා.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බන්ස්ලා

      Delete
    2. කකා ඔසී ඉදගෙන වර්ල්ඩ් ‍ටුවර් දාන කොට ලංකාවේ ඉදන් බයිසිකලේ වැඩට ගාටන එවුන් හූල්ලනවා...කමෙන්ට් දානවා කකා නයි අරිනවා කියලා...

      ඒත් පොඩි කාලේ ඉදන් ආනන්දෙට යන්න බැරි උන කාකා මගදි ආනන්දෙට ගිහිල්ලා ඒ සංස්කෘතියට සෙට් වෙන්න බැරි වෙලා, හීන් නූලෙන් ආනන්දෙට හින්ට් ගහනවා...

      ඒ වගේම ලකුණු මදි වෙලා මෝරා යන්න බැරි උන කකා, ඒකට තියෙන ඇරියස් කවර් කර ගන්නවා හීන් නූලෙන් මොර‍ටුවට මොනා හරි කියලා

      බලං ගියාම ලංකාවේ ඉන්න උඹලා අපිත්, ඔසී ඉන්න කකාත් ඔක්කොම එකම ජාතිය බන්...ලබා ගන්න බැරි වෙචිචි දේට ආඩපාලි කියවනවා....නරිය මිදි තිත්තයි කිව්වා වගේ...

      Delete
    3. කෙන්ජි නීතියක් ණැති එකයි ප්‍රශ්නේ, ඒකයි මේ එක එක තිප්පෙලාවල්වල එක එක අවනඩු!

      සැමට එක නීතියක් තිබිය යුතුයි!

      Delete
    4. ඇනෝ-

      ඔබේ සාවද්‍ය උපකල්පන සහ ඒමත එළැබෙන නිගමනය ගැණ මට දුක සිතේ!

      Delete
    5. ඔබ නීති, රීති සහ රෙගුලාසි ටපලාගෙන ඇති බව පෙනේ. සියලුම වලට විශ්ව විද්‍යාල බලපාන නීති සැට් එකක් විශ්ව විද්‍යාල පනත මගින් පනවා ඇත. තම ආයතන වලට සුදුසු රීති සහ රෙගුලාසි පැනවීමට එම පනත මගින් විශ්ව විද්‍යාල වලට බලතල ලබා දී ඇත. මෙයත් එවැන්නක්. මොරටුව වි. වි. යට පමනක් වෙනම නීතියක් තිබිය නොහැක යනුවෙන් ඔබ තර්ක කරන්නේ එම නීතිමය පදනම ගැන නොදැන යයි මම සිතමි.

      Delete
    6. @ Anonymous December 12, 2013 at 2:04 PM
      මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
    7. ඔබ ටපලාගෙන පමණක් නොව වලිගයත් පාගාගෙන බව පෙනේ. නිකාබයවත් ආච්චිගෙ රෙද්දවත් ගැන මම අදහසක් පල කර නැත. ඔබම උපකල්පනය කර ඔබම නිගමන වලට පැමිණ ඇති සේ පෙනේ. මම පෙන්වා දුන්නේ රෙගුලාසි පැනවීමට ආයතනයකට ඇති නීතිමය අයිතිය පමණි. වෙනත් අනෙක් අදහස් පලකරන්නන්ට මෙන් ඔබ වෙනත් වැල්වටාරම් කියා පොයින්ට් එකෙන් පැන ගොස් අත. ඔබ ඔබ ගිය ලොවේ වැඩක් බලාගෙන ඉන්නෙ නැතිව අනිත් ලෝක වාසීන්ගේ පුකවල්වල ඇඟිල්ල ගසන්න යන්නනේ ඇයි

      Delete
    8. විශව විද්‍යාලෙ කවදාවත් කියල නෑ ආගමික ඇදුම් අදින්න එපා කියල. ඒවාට ඕන කෙනෙක්ට අවස්ථාව තියෙනවා. හබැයි එහෙම කරන්න ඕනේ ඒ ආයතනයේ නීති වලට ගැලපෙන විදියට. වි. වි. කියල තියෙන්නේ හැම ළමයෙකුගේම අනන්‍යතාවය පෙන විදියට වි. වි. තුල ඉන්න කියන එක විතරයි. ඒක අනිවාර්යෙන්ම වි. වි. තුල තිබිය යුතු දෙයක්. විශේෂයෙන්ම ආරක්ෂාවට සහ විභාග වලට එක අත්‍යවශ්‍යයි. මේක කොහෙත්ම ආගමික ගැටලුවක් නෙවෙයි. එහෙම එකක් කරන්න හදන්නත් එපා. උදාහරණයක් විදියට පහුගිය දවස් වල full face හෙල්මට් තහනම් කරේ.... කෝ ඔයා ඒවාටත් blog ලිව්වද මේ විදියට????
      අනික මේ තහනම දාල තියෙන්නේ මුස්ලිම් අයට විතරක් නෙවෙයි. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම. සිංහල ළමයෙකුටත් සම්පුර්ණ මුණ වැහෙන්න ඇදුම් අදින්න බෑ වි. වි. තුල...
      කරුණාකර පටු අදහස් වලින් blog හරහා ජාතිවාදය පැතිරවීම නවත්තන්න.....

      Delete
  2. MORATU VISSA VIJJALE ISSARA INSTITUTE OF PRACTICAL TECHNOLOGY, ETHAKOTA, PATANGATH KALE MAHA ADURU THUMA, DR. L.H.SUMANADASA

    ReplyDelete
  3. @ All
    අදාල නැති ප්‍රතිචාර කිහිපයක් ඉවත් කරන ලදී.

    ReplyDelete
    Replies
    1. මොකාද කකා ඒ ගමන ආපු කඩාකප්පල්කාරී හෙනහුරා.

      Delete
    2. වෙන කවුරුත් නොවෙයි කැපිටල් ඇනෝ!

      Delete
  4. යමෙකුට තමාට කැමති ඇදුමක් ඇදීමට අයිතිය තිබිය යුතුයි,,,,නමුත් මෙහිදී මොර‍ටුව ගෙනෙන තර්කය හදුනාගැනීම හා ආරක්ශාව පිලිබද ප්‍රශ්ණයයි,,,තරකානුකූලව එහි ගත්යුත්තක් තියෙනවා.....

    මෙය තහනම් කල පලමු ආයතනය මොර‍ටුව නොවෙයි......

    මීට කලින් ප්‍රංශය ද, ඕස්ට්‍රලියාව පොලිස් නිලධාරියෙකු ඉල්ලු විට කාන්තාව මුහුන නිරාවරනය කල යුතු යැයි ද නීතී ගෙනාවා......

    ReplyDelete
    Replies
    1. මොරටුවට විතරක් ඇයි මේ ප්‍රශ්නයක්?

      ප්‍රශ්නයක් තිබේ නම් එය විසඳන ක්‍රම තියෙනවා නේද? ඉස්සර ප්‍රේමදාස නිතර කියන විදියට:

      Consultation.
      Compromise
      Consensus

      Delete
    2. /* පොලිස් නිලධාරියෙකු ඉල්ලු විට කාන්තාව මුහුන නිරාවරනය කල යුතු යැයි ද නීතී ගෙනාවා */

      ඒ Fathima Sahar යුවතිය කියා ඇති දේ කියෙව්වේ නෑ නේද?

      Delete
  5. මූණ වැහෙන්න ඇඳුම් අඳින එක ආරක්ෂාවට තර්ජනයක් තමයි... ලොකු ගැටලුවක් ඇති කර ගන්නෙ නැතිව, ආරක්ෂක නිලධාරිනියන් යොදාගනිමින් එහෙම එන අයනව සෝදිසි කරනව නම් ප්‍රශ්නයක් නැහැනෙ...

    ReplyDelete
    Replies
    1. අහවලාගේ කතාව ඇත්ත.

      Delete
    2. එතකොට කාන්තා ආරක්ෂක නිලදාරීන් වැඩිකරන එකෙට පඩි ගෙවන්නේ හලාල් මගින්ද? මොරටුවේ ඉදිරිපස ගේට්ටුවේ විතරයි මම යන දවස් වල කාන්තා ආරක්ෂක නිලදාරීන් සිටියේ. ඇතුලේ අවුලක් කරන්න යම් පිරිසක් එනවා නම් එන්නේ ගේට්ටු වලින් පමණක් නොවේ. අහවලා ඔබගේ තර්කය නිෂ්පලයි. ඔය තහනම කැම්පස් එකෙන් එළියටත් එන්න ඕන

      Delete
    3. //ආරක්ෂක නිලධාරිනියන් යොදාගනිමින් එහෙම එන අයනව සෝදිසි//
      අන්න ඒ ගැටළුවත් මඟහරවන්න පුළුවන් මෙහෙම කලාම.

      Delete
    4. අපේ කාලෙ හිටපු එකම ආරක්ෂක නිළධාරිණිය අවුරුදු හතරෙම මගෙන් ගේම ඉල්ලුවා ........ මම හොදට මූණ පෙන්නලා ගියේ......

      Delete
    5. මොරටුව ආයතනයට සම්බන්ධ කීප දෙනෙක්ම අද ඇනෝ ඇවිත් ඇති බව පෙනේ!

      දැන් ඔය ඇනෝ ලෙස ඇවිත් කමෙන්ට් කිරීම, නිකාබ් එකටත් එහා ගිය බුර්කාවක්ම වගේ නේද?

      Delete
    6. Fathima Sahar යුවතිය කියා ඇති දේ කියෙව්වේ නෑ නේද?

      "I removed my niqab during lectures and in any case at security points I was already removing my niqab and identifying myself to the female security officers there before entry into the university."

      http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/

      ???

      Delete
    7. පලවෙනි ඇනෝ:
      කැම්පස් එකට ආරක්ෂක නිලධාරිනියන් වැඩි කිරීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ.. මොරටුව කැම්පස් එකේ කොහොමත් ආරක්ෂක නිලධාරිනියන් ඉන්නව (ප්‍රධාන දොරටුව අසල)... ඒ අයව පාවිච්චි කරන්න පුලුවන් ඒ වැඩේට... ආරක්ෂක නිලධාරිනියන් වැඩි කරන්න තරම් පිරිසක් නිකාබ් ඇඳගෙන එන්නෙ නැහැ...

      Delete
    8. අහවලාගේ තර්කය සම්පූර්ණයෙන්ම ගත යුත්තක් නැත, කාන්තා නිලධාරිනියන්ගෙ අධීක්ශනයෙන් මෙය කල හැකි උවත්, ඕනෑම කෙනෙකුට සරසවිය ඇතුලතදී මෙවන් ඇඳුමක් ඇඳ ඔනීම කුපාඩි වැඩක් කර එය ගලවා දමා සියලු දෙනාම මුලා කල හැක, මෙවැනි ඇඳුම් වලින් සිදු වන සාමාජික ගැටලු නිසා කොන්ද පණ ඇති බොහෝ රටවල් නීතියෙන්ම මෙවැනි අඳුම් තහනමට ලක් කර ඇත.නිකාබය ආගමික සහජීවනයට කිසිම උදව්වක් නැත, ඉස්සර ඉස්ලාම කාන්තාවන් ලංකාවේදී මෙවැනි ඇඳුම් ඇඳේත නැත. එහෙත් දැනට වඩා හොඳ සහජීවනයක් පැවති බව අමතක නොකළ යුතුව ඇත. හැමදේම හොඳයි කියන ධනාත්මක වීරයන් මෙය මතක තබා ගත යුතුව ඇත. කළ දේ හරිය. ඔවුනට තහනමට ලක් කර ඇත්තේ සාම්ප්‍රදායික ඉස්ලාම ඇඳුම නොව ආරක්ෂාවට තර්ජනයක් වන නිකාබය පමණි මේ ලිපියේ ලියුම් කරු නිදහස යනුවෙන් අර්ථ දක්වන්නේ වල් බූරු නිදහස බවයි මගේ පිලිගැනීම්.සංවාදයට විවෘතයි.

      Delete
    9. ලන්කාවේ කෙනෙකුට තියෙන රෙද්දක් ඇඳීමේ අයිතිය ගැන ඔස්ත්‍රේලියාවේ සිට මොර ගාන ඔබ ඇනෝවෙක් ලෙස පැමින අන්තර්ජාලයේ අදහස් ප්‍රකාශ කිරීමට බ්ලොග්ස්පොට් දී ඇති අයිතිය සහ අවස්තාව ගැන ආඩපාලි කියන්නේ ඇයි.

      Delete
    10. @ අමාරිස්
      මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
    11. @ Anonymous December 12, 2013 at 2:11 PM
      ඔබ සිංහල බ්ලොග්වලට සහ මගේ බ්ලොගයට අමුත්තෙක් බව පෙනේ.

      මගේ ඹ්ලොගය ඇනෝනිමස් කමෙන්ට් කිරීමට ඇති අයිතිය ගැණ ප්‍රසිද්ධියේ පෙනී සිටින සහ එයට ඉඩ සලසා ඇති තැනකි.

      ඒ ගැන මේ තකන්දරය බලන්න.
      http://kathandara.blogspot.com/2013/01/i-hate-censorship.html

      නිකාබය/බුර්කාව සහ ඇනෝ කමෙන්ටු ගැන මා ලියා ඇති සිංහල තේරුම් ගත නොහැකි වී ඇති බවකුයි මට පේන්නේ. නැවත කියවන්න. උත්ප්‍රාසය තෙරුම් ගන්න.

      උත්ප්‍රාසය යන්නේ තේරුම දන්නවා ඇතැයි සිතමි.

      Delete
    12. "දැන් ඔය ඇනෝ ලෙස ඇවිත් කමෙන්ට් කිරීම, නිකාබ් එකටත් එහා ගිය බුර්කාවක්ම වගේ නේද?"

      එතකොට කතන්දර කාරයා වැනි අන්වර්තනාමයකින් ලිවීම විනිවිද පෙනෙන නයිට් ගවුමක් ඇඳ ගෙන ඉන්නව වගේ ඇති නේද? කකයි මෙතන පඬි ටෝක් දෙන අන්වර්ථ බුවාලා ඔක්කොම බුර්කා තට්ටු පිට තට්ටු ඇඳගෙනයි ලංකාවෙ ප්‍රශ්න විසඳන්න හදන්නේ. මට උත්ප්‍රාසය උගන්නන්න කලින් hypocrisy කියන වචනෙ තේරුම හොයාගෙන ඔය ඇඳගෙන ඉන්න බුර්කා ගලවන්න.

      Delete
  6. “...... සමාජයේ සමවයස්වල සිටින අනෙකුත් තරුණියන් අඳින පළදින ඇඳුම් තෝරා ගත නොහැකි තත්වයක් පවතින බව පෙනේ “

    ඕක ලංකාවට විතරක් අදාළ දෙයක් නෙමෙයි කකා... මෙහෙට (මැලේසියාවට) එන ගොඩක් ඉරාන ජාතික කෙල්ලෝ සම්ප්‍රදායික ඇඳුම අතෑරලා කොට ඩෙනිමයි බුරිය පේන්න බ්ලවුස් එකයි ඇඳලා එහෙ මෙහෙ යන්නේ... එයාලව නවත්තන්න කව්රුත් නැහැනේ මෙහේ... (මොනා වුණත් ඉරාන් කෙල්ලෝ පට්ට හොට් !!!! හොටේ හොට් !!!!! ) ගොඩක් ප්‍රයිවට් යුනිවර්සිටි යන අය තමයි එහෙම ඉන්නේ...

    සෙනසුරාදා දවසක KL වල ඕනිම ෆිල්ම් හෝල් එකක පෝලිම් වල මේ වගේ 2-3 දෙනෙක් දැකගන්න පුළුවන්...

    මම මාලදිවයිනේ ඉද්දි ෆොටෝෂූට් එකක් කළා... Lingerie... මොඩ්ල් වුණේ මුස්ලිම් කෙල්ලෙක්... එයාගේ ආසාව මොඩ්ල් කෙනෙක් වෙන්න... නමුත් ආගම දහම හා සම්ප්‍රදායික ගැටළු නිසා ඒ දේ කරගන්න බැහැ එයාට... මං නිසා කැමරාවට මූණ දුන්නා මිසක් ඒ ආසාව එයා තුළ සදහටම හැංගිලාම තියෙයි...

    ඒකට ගරු කරලා මං ඒ ගත්තු ෆොටෝ ඔක්කොම එයාටම දුන්නා... කොපි එකක් වත් තියාගන්නේ නැතිව....

    ReplyDelete
    Replies
    1. අඩෝ සිරා කතාව. මමත් මැලේ යුනි එහෙක ඉන්නේ. මම නං තාම දැකලා නෑ ඔළුවේ ඉඳන් පෙරවගෙන ඉන්න එක්කෙනෙක්වත්. අනික මේක තනිකර මුස්ලිම් රට.

      ඉරාන් කෙල්ලෝ නං පට්ට හොට් බව මම තහවුරු කරමි

      Delete
    2. අංජන

      මා තායිලන්තයේ සිටිද්දී දුටු දෙයක් තමයි මැලේසියානු මුස්ලිම් තරුණියන් හිජාබ් දාගෙන සිටියත් ඉන්දුනීසියානු කෙලාලන් නම් ඉන්නේ ටී-ෂර්ට් සහ කොට කලිසම් ඇඳගෙන බව.

      අකමැති ඇඳුමක් අඳින්න යැයි නීති දැමීම වැරදි සේම අඳින ඇඳුමක් නොඅඳින්න යැයි නීති දැමීමද වැරදි වේ!

      Delete
  7. මොරටුවේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන කියාතිබුනු පරිදි -
    "මෙය සරසවිය තුල දීර්ඝ කාලයක් පවතී සම්ප්‍රදායකි, දැනට වසර ගණනාවකම සිට මේ ඇඳුම ආරක්ෂාව නිසා සරසවිය තුල පැළඳුවේ නෑ. ඉහත ශිෂ්‍යාව ලිපියක් මගින් ඉල්ලා සිටි නිසා ඒ පිළිඹඳ කතිකාවක් මතුවුණත් එය වෙබ් අඩවි වලට මාතෘකාවක් වුනේ කෙසේදැයි මා දන්නේ නෑ. අලුතෙන් එසේ නීති පනවා නෑ "
    මට පෙන්නේ කකා සයිබර් වීරයෙක් විසින් තම වීරත්වය උලුප්පා දක්වන්නට උත්සාහ කිරීම නිසා මේ අනවශ්‍ය සංවාදය අථිවූ බවයි .

    ReplyDelete
    Replies
    1. කියන විදියටම වැඩ සිද්ද වෙන්නෙත් නෑනේ කකා !

      වහන්නයි ගලවන්නයි නං නොදා හිටියම ඉවරනේ .

      Delete
    2. කියෙව්වේ නෑ ,දැන් කියවන්නම්, ස්තුතියි කකා

      Delete
  8. අනේ හුකේ ටන්නානේ..ඔය ඇදුම තහනම් කරන එක නිවැරදියි..ඒ ළමයාට අකමැති වුනා කියල ඇදුම නොඇද ඉන්න බැහැ එයාලගේ ආගමික නීතිය නිසා..ලංකාවෙ අය ඔය ඇදුම අදින්න ගත්තෙ ලගක ඉදලා..ඕක නිකං අර අරාබි ගිහිං ආපු ගෑනු මෙහෙ ගෙනාපු ෆැෂන් එකක්..

    කැම්පස් එක පැත්තෙන් ඕක තහනම් කරල තියෙන්නෙ ආගමික හේතුවක් මත නෙමෙයි..ඒකට මුල් වෙලා තියෙන්නෙ හදුනාගැනමේ අපහසුව..ඔ්‍ය විදියට ගෝනි එලුවා වගේ කැම්පස් එක ඇතුලට හොද පිස්තෝල කාරයෙක් ඇවිත් හරතරවටේ වෙඩිතියල ගියදාට මෙයාල පෝස්ට් දායි ඇයි ප්‍රංසේ වගේ අපේ රටේ ඕක තහනම් කලේ නැත්තෙ කියලා..එතනදිත් ආන්ඩුවටත් බනීවි අපරාදෙ පව් කැම්පස් යන ලමයි කියලා..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. මොරා ඉන්න අපේ එවුන්ගෙන් ආරංචි විදියට මෙහෙම ලෝගුවේ රිංගන් එන්න අවසර ඉල්ලලා තියෙන්නේ විභාග වලදීත් එක්ක. පහුගිය කාලේ මාලිගාවත්තේ පාතාල කාරයොත් ගමන් බිමන් ගිහින් තිව්නෙත් ඕකේ රිංගගෙන.බැංකු කොල්ලකන්න ආවේත් කළු ගෝනිය දාගෙන. ඔයි ගෝනියේ බැහැගෙන යන මොස්තරේ ආවේත් මේ ලගක ඉදන් නේ. කලින් මුස්ලිම් කෙල්ලෝ අර ඔලුව වැහෙන්න ශෝල් එකක් දාලා යසට හිටියනේ. දැන් විතරක් මොකද්ද මේ ඔතල පාර්සල් කරලා වගේ ඉහේ ඉදන් කළු ගෝනියක බැහැල කරන නාඩගම.
      තවත් දෙයක්. අපේ කැම්පස් එකේ ඉන්නවා අර සාමාන්‍ය විදියට එන මුස්ලිම් කෙල්ලෝ. උන්ගෙන් ඇහුවම මොකද්ද අර කට්ටියක් ගෝනි පොරවන් ඉන්න හේතුව කියල උන් කිව්වේ "අනේ උන්ට පිස්සු" කියල. ඕක ආගමේ කිව්ව දෙයක් නෙවෙයි මේ ලගකදී ඉදන් සවුදි වෙන්න හදන කොටසක් විතරක් කරන බොරු මෝස්තරයක් කියලයි උන් අපිට කිව්වේ.

      Delete
    2. පිස්තෝල කරුවන් ලොව හැමදාම ඉන්නවා. ඔවුන්ට වෙඩි තියන්නට කළින් දඬුවම් කළ නොහැකියි......

      එහෙත් එය නීතිය මඟින් කරන්නට ගන්නා උත්සාහයේ දී දුෂ්ට නොවූ මිලියන ගණනකගේ අයිතීන් කප්පාදු වෙනවා. ඒත් දුෂ්ටකම් නතර වෙන්නේ නැහැ....

      නීති ගෙනැවිත් මිනිසා අකර්මණ්‍ය වූ ලෙසින් සිරකර තැබීමෙන් හෝ බෙහෙත් හෝ මත්පැන් මතින් තැබීමෙන් දුෂ්ටකම් අවම කරගත හැකි යැයි සිතන සමාජයන්හි වෙනත් සෞභාග්‍යයන් කෙමෙන් කෙමෙන් අතුරුදහන් වීම දැකිය හැකියි.

      විසඳුම, වැඩියෙන් සද්ගුණවත් පිරිසකට වැඩියෙන් නිදහසින් ඉන්නට ඉඩ දීමයි. නැතිව පිස්තෝල දැක බිය වී, කම්පනයට පත් වී, තව තවත් නීති ගෙනැවිත් සියල්ලන්වම අකර්මණ්‍ය වූ සිත්පිත් නැති රූකඩයන් කිරීම නොවෙයි.

      Delete
    3. ආ අරුණි.

      ඇඩම් ලන්සා, කොලොම්බයින් මැසකර්, කොලරාඩෝ මූවි තියටර් මැසකර් වලින් වත් පාඩමක් ඉගෙනගෙන තුවක්කු තහනම් කලානම් නරකද?

      Delete
    4. මට ඔබේ සමාජවාදය නොමැතිව, සමාජයට බරක් නොවී, සමාජයට හතුරුකම් නොකර, කිසිවෙකුගේ ශ්‍රමයකට බලහත්කාරකම් නොකර සිටිය හැකියි............ ඔබේ සමාජවාදයෙන් එය කරන්න පුළුවන් ද?

      මම එකඟ වෙන්නේ සහ සත්‍යයක් ලෙසින් දකින්නේ ෆ්‍රෙඩරික් බැස්ටියාට් දැක් වූ අදහස සමඟ.....

      අපි හැමෝම දන්න සත්‍යයක් තමයි ජීවිතය අනියතයි කියල. ඒ වගේම ලෝකයේ කොච්චර නීති පැනවූවත් අපරාධකරුවා යනු නීත්‍යානුකූලව කටයුතු කරන අයෙක් නෙමෙයි කියලත්.......

      ඇනෝලා ලෙසින් පෙනී සිටීමට සිද්ධ වී ඇත්තේ මන්දැයි වටහාගත නොහැකිවු එහෙත් තව දුරටත් ආණ්ඩු බලය වැඩි කරගන්නට කැප වෙන අයට හිතට එන්නේ මෙවැනි විසඳුම් පමණි............

      Delete
    5. @ All
      මා පෙනී සිටින්නේ මේ එක එක ඇඳුම් වෙනුවෙන් නොවේ. යම් කෙනෙකුට ඕනෑම ඇඳුමක් ඇඳීමේ අයිතිය වෙනුවෙනි.

      ප්‍රශ්නයක් තිබේ නම් එය අදාල සියළු පාර්ශවයන් සමග සාකච්ඡා කර නිගමනයකට එලැඹිය යුතුයි.

      මෙතැන එවැන්නක් සිදුවී ඇති බවක් මට නම් නොපෙනේ.

      Delete
    6. ආයතනයකට හෝ අධ්‍යාපන ලබන ස්ථානයකට ඇඳුම් පිළිබඳ යම් යම් සීමාවන් නියම කිරීමේ අයිතිය තිබෙනවා. එසේ ඇඳුම් පිළිබඳව ආයතනයේ තිබෙන රෙගුලාසි වලට එකග නොවන අයෙක් ඉන්නවා නම් එයාලට කණගාටුවෙන් වුවත් ආයතනය හැර යන්න වෙනවා ඇති. උදාහරණ ලෙස බැංකුවක ඉහල නිළදාරියෙකුට අමුඩයකින් සැරසී පැමිණිමේ වල් බූරු නිදහසක් තිබෙන්නට බැහැ.

      ///එහෙත් එය නීතිය මඟින් කරන්නට ගන්නා උත්සාහයේ දී දුෂ්ට නොවූ මිලියන ගණනකගේ අයිතීන් කප්පාදු වෙනවා. ඒත් දුෂ්ටකම් නතර වෙන්නේ නැහැ....//
      ඔබ ඔය කියන කාරණාවම අනෙක් අතකින් සලකා බැලූවිට මුස්ලිම් බහුතරය මීට වසර දහයකට පෙර ඔලුව නොවසා දැන් ඔලුව වහනවා. එසේ මුස්ලිම් තරුණියන්ට ඇඳුමක් අඳින්න යැයි බලකරන ආගම් අධිකාරියට එරෙහිව ඔබට කතාකරන්න පුලුවනිද?
      ඒ වගේම එසේ මූන වහගෙන පැමිනෙන සිසුවිය එසේ පැමිනෙන්නේ ස්ව කැමැත්තෙන්ද නැත්නම් ආගමික බල අධිකාරිය මතින් කරන බලකිරීම මතද යන්න සැලකීමත් වැදගත්..

      ඇඳුමින් දැඩි ලෙස වෙන් වන්නට ඉඩ දීම අධ්‍යාපනය ලබන ආයතනයකට සුදුසු වන්නේ නැහැ. එය එක් පිරිසකට දැඩි අවධානයක්ද දැඩි පිළිකුලක්ද ඇතිවීමට හේතු වෙනවා. උදාහරන ලෙස මෙලෙස ලෝගුවෙන් සැරසී පැමිනෙන යුවතිය එසේ පැමිනීම නිසා කන්ඩායම් ව්‍යාපෘති ආදියේදී ඇයට අඩු සැලකිලි ලැබෙන්නට පුලුවනි. ඒ නිසා එසේ ඇතිවන්නට යන ගැටලු ගැන සිතා තීරණ ගැන්ම ආයතන බලාධිකාරයේ වගකීමක්..

      මාගේ සිතුවිල්ල නම් අධ්‍යාපනය ලබන ආයතනයක් තුල සිටින දෙවියන් යනු ලබන අධ්‍යාපනය සහ දැනුමය. එතනින් එහා දෙවියන් වහන්සේ කෙනෙක් පිටුපස යෑම වනාහී අධ්‍යාපනය මගින් යහපත් මිනිසුන් තනනවාය යන පොදු පිලිගැන්මට පටහැනි දෙයකි. අප වැනි බහුවාර්ගික රටක ආගම ජාතිය වැනි පටු බෙදීම ්වලින් තොරව හුදෙක් සිසුන් ලෙසම අද්‍යනය කිරීමට ආගම් විසින් පැනවූ මේ වැනි බහු රූ කෝලම් ඇඳුම් අධ්‍යාපන ආයතන වලින් ඈත්කර තිබිය යුතුය.

      Delete
    7. සමාජවාදය දිනේවා!!!!!!!!!
      පන්සිල් රකිනවා නම් ඒක පුලුවන් වන්නේත් සමාජවාදී රාජ්‍යක් තුල පමණි!!!

      එන්න කට්ටිය කඩු පොලු අරගෙන සමාජවාදයට ගහන්න!!!

      Delete
    8. එහෙනම් අපිට ඉස්කෝලේ යනකොටත් ශෝටක් ගහන යන්න සෙට් කරලා දෙන්නකෝ. ඔය නීතියේ ගෙදර ඉන්න කොටත් එහෙම අදින්න කියල න නේ.කැම්පස් එක ඇතුලෙදි විතරි නේ.

      Delete
  9. මූණ පේන්න මුළු ඇඟම වහගෙන ආවත් අවුලක් නෑ. ඔවුන්ට ඔවුන්ගේ ආගමික ඇඳුම ඇඳිමේ නිදහස තිබිය යුතුයි. නැත්නම් ඉතින් හාමුදුරුවරුන්ටත් සාරි අඳින්න එපා කියන්න පුළුවන් නේ. (එයාලා ටික දවසකින් කලිසමට මාරු වීමේ නිදහසත් අනිවාර්යයෙන් තිබිය යුතුයි.)

    ReplyDelete
    Replies
    1. චී චී කැතයි මාතලං සාරි අදින්නෑ මහා සංඝයා....

      Delete
    2. හාමුදුරු සාරි ඇඳීම ගැන මං කතන්දරයක් ලියලා තියෙනවා.

      හැකි විගස දාන්නම්, මොකද අර ඇනෝවෙක් ගාව තියෙන මගේ සැක්ස් වීඩියෝව බලන්නත් ඕනෑ නිසා.

      Delete
  10. ඔය කලුපාට මුහුණ වහපු ඇඳුම ළඟකදී පටන් ගත් දෙයක්. අපි පොඩි කාලේ එහෙම අය දැකලා නැහැ.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ නොවෙයි අවුරුදු පහකට කලින් දැකලාත් නෑ!

      Delete
    2. තිබ්බෙ නෑ තිබ්බෙ නෑ

      Delete
    3. ඒ සමගම අපි පොඩි කාලේ දහම් පාසල් ගියේ පාට කලිසම් සහ බොහෝ විට පාට කමිස ඇඳගෙනයි. ඔය ළමා සාරි සහ ජාතික ඇඳුම් ආවේ පසු කළෙකයි.

      Delete
  11. මෙතන ප්‍රායෝගික හේතුවක් තියනවා කියලා මට හිතෙන්නේ. නිකාබ් ඇන්දහම පේන්නේ ඇස්දෙක විතරයි. අඩුම ගානේ හිජාබ් එකට මුහුණවත් පෙනෙනවා. ඇස් දෙක පමණක් නිරාවරණය වෙච්ච කෙනෙක් විශ්ව විද්‍යාල භූමියක සැරි සරද්දි, අනිත් ශිෂ්‍යයන්ගේ නිදහස ඇහිරෙනවා කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තිසර
      මා පෙනී සිටින්නේ මේ එක එක ඇඳුම් වෙනුවෙන් නොවේ. යම් කෙනෙකුට ඕනෑම ඇඳුමක් ඇඳීමේ අයිතිය වෙනුවෙනි.

      ප්‍රශ්නයක් තිබේ නම් එය අදාල සියළු පාර්ශවයන් සමග සාකච්ඡා කර නිගමනයකට එලැඹිය යුතුයි. ඉස්සර ප්‍රේමදාස කියු පරිදි Consultation, Compromise, Consensus.

      මෙතැන එවැන්නක් සිදුවී ඇති බවක් මට නම් නොපෙනේ.

      Delete
    2. අනිවාර්යෙන්ම.... ලංකාව තුල ඇති ඕනෑම විශ්ව විද්‍යාලයක් තුලට ඕනෑම ඇදුමක් ඇදීමේ අයිතිය හැමෝටම තියෙනවා. මොරටුවෙත් එහෙම තමයි. හැබැයි ඒ අදින අඩුම වි. වි. නීති රෙගුලාසි වලට අදාල විය යුතුයි. හරියටම කලින් කියල තිබුන වගේ බැංකුවක වැඩ කරන කෙනෙකුට අමුඩයක් අදින්න දෙන්න බෑනේ... මෙහි කිසිම ගැටළුවක් නොමැත.

      Delete
  12. ඕකේ ආරක්ෂාවට වඩා වැඩි යමක් තියෙනවනේ නේද විද්වතාණෙනි?. අනුන් වෙනුවෙන් විභාග ලියන්නත් පුළුවන්නේ ඕක අස්සේ හැංගිලා. තව ටික දවසකින් OL AL ලියන හැමෝම ඕක අස්සේ හැංගිලා ලියන්න අවොත් මොකද වෙන්නේ?

    දවසක් මම එක්තරා පෞද්ගලික බැංකුවකට ගියා සල්ලි ගන්න. මට ඉදිරියෙන් හිටියේ සම්පූර්ණයෙන්ම මූනම වහගත්තු ඔය ජාතියේ ස්ත්‍රියක්. සල්ලි ගන්න කොලෙයි, NIC එකයි දුන්නම කවුන්ටරේ හිටපු කොල්ල මාරුවෙන් මාරුවට NIC එකයි, ස්ත්‍රිය දිහයි බලමින් ඇඹරෙනවා..ඌ වටපිට බලලා සල්ලි ටික දීල දාල යන්න ඇරිය. පස්සේ ඌ කියනවා ඔය කේස් එක ඇද්ද නම් අපේ බැංකුව ජාතිවාදී කියයි, නැති ප්‍රශ්න මටත් එයි, මගේ ජොබ් එක නැති කරගන්න ඕනේ නැනේ කියලා...
    හෙල්මට් එකක් දාගෙන ATM එකක් ඇතුලට යන්න බැරි උනාට මූණ වහගෙන යන්න පුළුවන්...මාර නීතියක් නේද කකා..
    මම කියන්නේ මේකයි. පාරේ යනකොට ගෝනියක් බැරි නම් පෙට්ටියක් අස්සේ හරි හැංගිලා පලයවූ. නමුත් හඳුනා ගැනීමේ අවශ්‍යතාවය එනකොට එකට සහයෝගය දෙන්න ඕනේ. ඒක අනික් මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් රැකීමක්. තමන් කැමති ඇඳුමක් ඇඳගෙන යාමේ අයිතිය මානව අයිතියක් වෙන්නේ එය අනික් අයගේ අයිතිවාසිකම් නොකඩන තාක් කල පමණයි නේද?

    ReplyDelete
    Replies
    1. යම් යම් ඇඳුම් ඇදිය යුතු යැයි දමන නීති මෙන්ම යම් යම් ඇඳුම් නැඳිය යුතු යැයි දමන නීති ද අසාධාරණ ඒවාය.

      හිස මුහුණ වසා යන අය දකින විට පට පව් කියා කියවේ.

      එසේම එසේ යන අයෙකුට එනිසා කරදරයක් හො අසාධාරණයක් වේ නම් එවිට ද ඇතිවෙන්නේ ඒ හැඟීම ම යි.

      විවිධ හේතු පදනම් කරමින් ආගම මත පදනම් වූ අවනීතියක් හිස ඔසවන බව නම් පෙනේ.

      ඔබ කියා ඇති උදාහරණයේ අනිත් පැත්ත මෙයයි. ඔය නිකාබ්, බුර්කා ඇඳිල්ල අරාබිකරයේ නීතියකි. ඒ හා සමගාමීව යන අනෙක් ණීතිවලට අනුව කාන්තාවකට පිරිමියෙකු නොමැතිව ගමන් බිමන් ගිය නොහැක. බැංකු ගිනුම් තබා ගත හැකිදැයි නොදනිමි. නොහැකි විය හැක.

      එක නීතියක් පමණක් අපිලිපදින අතර අනෙක්වා අමතක කිරීම නිසායි ඔවුන්ට ඒ ප්‍රශ්නය ඇතිවී තියෙන්නේ.

      Delete
    2. කතා,

      ඔබ ඔය කිවූ නීති ඇත්තේ එකම එක අරාබි රටක පමණි. ඒ සෞදි අරාබියයි. ඒ හැර අනෙක් කිසි රටෙක, තනිව ගමන් යාම, කෙටි ඇඳුම් ඇඳීම, රැකියා කිරීම, වාහන පැදවීම වැනි දේ තහනම් නැත!

      ඔබට මා අපේ රට අරාබීන්ටත් වඩා මුසිලිම් වීම ( හෝ ඇමරිකාවට වඩා සාධාරණ වීම :ඪ් ) ගැන උදාහරනයක් දෙන්නම්. මම 2002 කටාර් රාජ්‍යයේ සීවය කරන විට එහි "මුහම්මද් නබි" ගේ උපන්දිනය නිවාඩුවක් නොවිනි. එහෙත් එදින ලංකාවේ නිවාඩු දිනයකි. අද අරාන්බියෙ නිකාබ් වලින් හිජාබ් වලට මාරු වී ගැහැනුන් රිය පදවන්නට අරගල කරයි, ලංකාවේ ගැහැණුන්ට එය තහනම් කර නිකාබ් අන්දවයි. මෙහි ඇත්තේ අන්තවාදයයි. මෙවැනි දේ වෙනුවෙන් පෙනී සිටීම සම අයිතිය වෙනුවෙන් නොව අන්තවාදය වෙනුවෙන් පෙනී සිටීමක් වෙයි ( අනෙක ඔබට කොහොමත් මෝරන් හා පොඩි මෙව්වා එකක් ඇති නිසා මෙය වඩා උළුප්පන්නට සිතුනාද විය හැක!)

      Delete
    3. එම අරාබි නීතිය ඇෆ්ගනිස්ථානයේ තලිබාන්කාරයෝ ක්‍රියාත්මක කරන බව මා කියවා තියෙනවා.

      මා ඔය අරාබි නීතිවලට කැමති අයෙකු නොවේ!

      ඉන්දික මා ලියා ඇති අනෙක් පිළිතුරු සහ කතන්දරය බලන්න.

      අද නං උත්තර දිලාම අත කැඩුණා! මිට වඩා හොඳයි ඉඳිකිරීම් ගැන පෝස්ට් එකක් ලිව්වා නං!

      Delete
  13. අනන්‍යතා අවුලක් ඇතිවන ඕනෑම ආගමික ඇඳුමක් තහනම් කිරීමට මම නං එකඟයි. ඒ අර්ථයෙන් මොරටු බොසා නිවැරදියි. අනෙක් තැන් වලටත් මේ වගේ නීති අවශ්‍යයි.

    කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේක තමන්ගෙ කැමැත්ත කියල. ඒත් මුස්ලිම් ආගමිකයන්ට (විශේෂයෙන් කාන්තාවන්ට) තියන නිදහසේ තරම බැලුවම කකාට ඇත්ත තේරෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නැවතත් මා පෙනී සිටින්නේ අරාබි ඇඳුම් විලාසිතා හෝ නීති ගැන නොවේ. මා මේ නීති දෙවර්ගයටම විරුද්ධයි. මා කතන්දරයේ දක්වා ඇති අනෙක් කතාව අමතකද?

      මොරටුවට පමණක් බයි-ලෝස් අවශ්‍ය කවර හේතුවක් නිසාද?

      ප්‍රශ්නයක් තිබේ නම් එය අදාල සියළු පාර්ශවයන් ගේ සාකච්චාවෙන් විසඳා ගත යුතුයි.

      මේ එලියට එන්නේ ගවමස් විරෝධයේ ම වෙනත් අංගයක් බව රාජ්ටද තේරුම් යා යුතුයි?

      Delete
    2. //මොරටුවට පමණක් බයි-ලෝස් අවශ්‍ය කවර හේතුවක් නිසාද?//

      සාමාජයේ නිවැරදි තීරණ ‍රැඩිකල් විදිහට හැමෝටම ගන්න බෑ..ඒවා මූලිකත්වය ගෙන කවුරු හරි කලාම ඒ පිලිබද සංවාදයක් ඇති වී අනිත් අයත් කරාවි...හරියටා සිරස සුපර් ස්ටාර් පටන් ගත්තාම අනිත් අයත් පස්සෙ එල්ලිල ගියා වගේ...

      මොර‍ටුවට විතරක් මේතැනදි විශේශයක් වෙන්නීඅ එය සමාජයට ඉදිරියේන් යන මග පෙන්වන්නේක් නිසා...පේරා ගැන මට එච්චර අවුලක් තිබ්බේ නෑ..ඒත් මේ කාකාගේ මෝඩ චූන් දැක්කම මට හිතනවා එක පේර වල ඉස්සෙලලා සිද්ධ නොවි මොර‍ටුවේ සිදු වෙන්න හේතූව...

      Delete
  14. මෙතැන තියෙන්නේ සංස්කෘතීන් දෙකක ගැටුමක්. (මේක ආරක්ෂාවට තර්ජනයක් වගේ බොළඳ කතා කියලා වැඩක් නෑ.)

    එක පැත්තකින් මුස්ලිම් සංස්කෘතිය අනෙක් පැත්තෙන් ඉංජිනේරු / අධ්‍යාපන / විශ්ව විද්‍යාල සංස්කෘතිය. මුව වැස්ම මුස්ලිම් සංස්කෘතිය අනිවාර්යයෙන්ම ඕනෑ කියන්නේ නැතුවා සේම ඉංජිනේරු / අධ්‍යාපන / විශ්ව විද්‍යාල සංස්කෘතිය අනිවාර්යයෙන්ම එපා කියන්නේ නැහැ. නමුත් එකකින් එය අනුමත කරන බව හා අනෙකෙන් එය ප්‍රතික්ෂේප කරන බව පැහැදිළියි.

    මා මෙහිදී ගන්නේ ඉංජිනේරු / අධ්‍යාපන / විශ්ව විද්‍යාල සංස්කෘතියේ පැත්ත.

    කකා ගන්නේ මුස්ලිම් සංස්කෘතියේ පැත්ත වෙන්න පුළුවන්.

    අප දෙදෙනාටම ඊට නිදහස තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මා කිසි විටෙක පීඩාකාරී නීති වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. මා කිලින් ලියා ඇති දේ බලන්න.

      මේ නිදහස සීමිත කාන්තාවන් තවත් පීඩනයට ලක් කරන්නේ ඇයි?

      අනෙක මේ බලන්න ඇය කියා ඇති දේ!
      "I removed my niqab during lectures and in any case at security points I was already removing my niqab and identifying myself to the female security officers there before entry into the university."

      http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/

      !!!

      Delete
    2. ඔබට මුස්ලිම් සංස්කෘතියේ පැත්ත ගැනීමට අයිතිය ඇති බව පිළි ගනිමි. එසේම මටද විශ්ව විද්‍යාල සංස්කෘතියේ පැත්ත ගැනීමට අයිතිය තිබේ. ඒ ගැන විවාදයක් නැත. තව කරුණු දැක්වීම අනවශ්‍යයි.

      Delete
    3. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  15. Kakaaa.. everybody accept sub-culture of universities.. so whats the problem.. they do not allow it. thats all

    ReplyDelete
    Replies
    1. ළමයා
      සබ් කල්චර කියන ඒවා සෙනෙට් එකේ රෙසොලූෂන් එකකින් ක්‍ෂණිකව පහල වෙන්නේ නෑ.
      ඒවා කාලයක් තිස්සේ උප සමාජයේ සාමාජිකයින් ගේ කැමැත්ත සහිතව පරිනාමය පරිනාමය වෙමින් ගොඩ නැගෙන දේවල්.

      Delete
  16. මේකට මුකුත් කරන එකක් නැහැ මං හිතන්නේ ඔය ස්ටුඩන්ට් යුනියන්.. සැනැට් එකේ හිටිය මුසල්මානු ආචාර්වවරුත් කැමති උනාය කියන්නේ ඕකට..

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

      "When it comes to the rights of an undergrad girl, they shit every-where"

      Delete
  17. කකා.... මෙතන රාජකාරී හේතුවක් තියනවනෙ.... අනන්‍යතා ප්‍රශ්නය රාජකාරී නෙවෙයිද? හැමෝම ඔහොම එන්න ගත්තොත් මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔබත් ලිපිය කියවා නෑ!

      "I removed my niqab during lectures and in any case at security points I was already removing my niqab and identifying myself to the female security officers there before entry into the university."

      http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/


      Delete
    2. හැම සාක්කිකාරයම සාක්කි දෙන්නෙ හරිම අහිංසක බබා විදියට. අපිට ඒ දෙන සාක්කියේ තියෙන ඉමේා්සනලි ගතිය බලලා හනී පවු කියලා තීරණ ගන්න හැකියාවක් නැහැ. යුනිවර්සිටි එකක් කියන්නෙ අහක බලාගෙන වාඩිවෙලා මහන රාජකාරියක් නෙමෙයි. එතනදි මුහුන වැදගත් සාධකයක් වෙනවා.. මේ ළමයා මොන බයිලාව කිව්වත් අවසාන උත්තරේ සොරි තමයි...
      මොකද එකිනෙකාගේ පුද්ගලිකව ඇති ඉතා සියුම් සිත් රිදවීම් වලට සංවේදී වන අයුරින් ආයතන නීති සකස් කරන්න බැරි නිසා...
      ඇත්තටම කකා ඔබ අන්දරේ සිටි සමයේ සිටියේ නැති එක අඩුවක්..අනිවාර්යෙන් ඔබ අන්දරේ කිතුල් ගසට නැග්ගේ තණකොල කපන්ටමැයිය..ඔහු හරි අසරණය කියලා තර්ක කරලා පෝස්ට් එකක් දාන්නත් තිබුනා..

      Delete
    3. අමිල
      මා අන්දරේ සිටි සමයේ සිටියා නම් ඔහු මගේ රජවාසලේ කවටයා තනතුරෙන් අයින් කොට එම තනතුර ඔබට ලබා දෙනවා.

      Delete
    4. කකා, ඔව්, ඒ ගැහැනු ළමය ගලවන්න එකඟ වෙයි. ඒ වගේම එයා පස්සෙ ඔය නිකාබ් දාන්න පටන් ගන්න අනෙක් අයත් මුලින් ගලවයි. ඒත් පස්සෙ පස්සෙ! ඕකත් අර ගෙරි හම එලා ගත්ත එකට වෙනස් නෑ.

      කෙනෙකු තමන් කැමති ඇඳුමක් ඇඳීමෙ නිදහස වෙනුවෙන් මමත් ඔබ එක්ක ඉන්නව. ඒත් your freedom end where my nose begins eයන්න අපිට අමත කරන්නෙ බෑ.

      ඔලුව වැහෙන ඇඳුමක් ඇඳි නිසා ( මුහුණු ඉතා හොන්දින් පෙනුනත් ) ඉරාන කන්ඩායමට ලෝක පාපන්දු තරඟ තනම් කිරීම වගේ අවිචාරයක් මොරටුවෙ වෙලා කියල මම හිතන්නෙ නෑ.

      කොහොම උනත් එක දෙයක් අගය කරනව. ඒ ඇය තම අයිතිය වෙනුවෙන් නඟන හඬ! බුර්කාවකින් වැහිල හරි එහෙම ජනාතවක් ඉන්න එක වටිනව.

      Delete
    5. ඔබ පළමුව බලන්නේ අවසානයට බලන්න ඕනි දෙයක්.
      අපි සිතමු යම් විශ්ව විද්‍යාලයක නීති පීඨයකට හෝ නීති විද්‍යාලයට සංඝයා වහන්සේ නමක් ඇතුලත් කරගන්නේ නෑ. හේතුව තමයි නීති පීඨයෙන් පිටවෙලා උසාවියට ගියාම උසාවියේ ස්වාමින් ලා දෙන්නෙක් ඉන්නට බැහැ. ඒ වගේම සංඝයා වහන්සේගේ පැත්තෙන් ගත්තොත් බුදු දහමේ සංඝයා වහන්සේ යනු උසාවියක තර්ක කරන්නෙක් නෙමෙයි.

      ඉතිං ව්‍යවස්තාව අනුව තමුන්ට තිබෙන අධ්‍යාපනය අයිතිය, තමුන් කුප්පි ලාම්පුයෙන් පාඩම් කරපු අමාරුකම, තමුන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සලකපු හැටි. තමුන් යොමුකල අභියාචනයට බලධාරින් ප්‍රතිචාරය නොදක්වපු හැටි ගැන බොහොම අනුවේදනීය ලිපියක් අර අගතියට පත් විශ්ව විද්‍යාලයට තේරුනත් නීති පීඨයට යන්න බැරි වුන සාදු විසින් ලියනවා. ඒලිපිය බොහොම සංවේදීයි.

      නමුත් ක්ෂුද්‍ර පද්ධතියක් තුල එයට ඇතුල්වෙන අයට ඇඳුම පිළිබඳවත් ඔවුන් සම්බන්ධවත් තීරණ ගැන්මේ හැකියාව ඒ පද්ධතියේ පාලකවරුන්ට තිබෙනවා. එතනදී එම පද්ධතියට එකඟ නැති ස්වාමින් වාහන්සේට ඒ පද්ධතිය තුල ඉගනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

      මෙතනදි ඒ ආයතනයේ පවතින කුඩා රාමුවට අනුගත වෙන්න බැරි නිසා ස්වාමින් වහන්සේ ඉවත් කරනවා විනා එතනදි පොදුවේ භික්ෂුව පහත් කොට සැලකීමක් සිදු වෙලා නැහැ.

      කුමක් හෝ කරුණක් නිසා මේ සිදුවීමෙදි ඔබ විසින් කියවා තිබෙන්නේ අර ස්වාමින් වහන්සේ ලියපු අනුවේදනීය ලිපිය. වැනි අවසානයට ලියපු අදෝනාව. නමුත් කියවූ විට කඳුලු වැටෙන එවැනි ලිපියක් කියන්නෙ නීතිය හමුවේ විසේස සැලකිල්ලක් ලබන්න හේතුවක් නෙමෙයි.

      මෙතනදි ඔබ උපකල්පනය කරනවා මුස්ලිම් යුවතිය කෙරෙහි දැඩි ඊර්ෂාවකින් පෙළෙමින් සියලු විරුද්ධ කොමන්ට් කරුවන් කමෙන්ට් කරනවාය කියලා. මෙය පාලක සභාව මගින් ගත් එක් සුළු තීරණයක් පමණයි. මෙයින් අගතියට පත් වන්නේ ඉතාම සුළු දැඩි මතධාරී ගැහැනු යුනිට් එකක් පමණයි. මම නම් හිතන්නෙ මේ සිද්ධිය තුල කිසිදු විවාදාපන්න දෙයක් නැහැ.

      විශ්ව විද්‍යාල පරිපාලනය විසින් ශිෂ්‍යාවට පිළිතුරු දීමට අවස්ථාවක් නොදීම ඔබ ප්‍රශ්නකරනවා.ඒ වගේම ඇය විසින් ලියූ ලිපියක්ද සඳහන් කරනවා. ඇයට තවත් එක අවස්ථාවක් තිබෙනවා. විහ්ව විද්‍යාල තුල සිටින කාලසීමාවේදී පමණක් මුහුන නිරාවරණය කර පැමිනෙන්නට පුලුවන්දැයි ඇයට ඇගේ දෙමාපියන් සමග සහ පල්ලිය සමග කතා බහ කල හැකියි.එසේ හැකි වුනොත් කිසිම ගැටළුවක් නැහැ.

      ඇයට විශ්ව විද්‍යාල පාලක සභාව කියන්නේ යට ඇඳුම ගලවන්න කියලා නෙමෙයි. ඇගේ මුහුනු වැස්ම ගලවන්න කියලා. ඔබ දන්නවා ඔය කියන මොරටුව විශ්ව විද්‍යාලට ඇතුල්වෙන්න කොයි තරම් පිරිසක් එළියේ බලං ඉන්නවද කියලා. මුහුකුරා ගිය ස්ව කැමැත්තකින් තොරව ආගමේ නාමයෙන් පළඳින ලද මුහුනු වැස්ම,..පමණක් ගලවාගත නොහැකි සිසුවියක ගන්නවාට වඩා ඔය මිලියන ගානක් වටින උපාදිය වෙනත් අයකුට ලබාදෙන්න පුලුවන් නම් ඒක වටිනවා.

      Delete
    6. "I removed my niqab during lectures and in any case at security points I was already removing my niqab and identifying myself to the female security officers there before entry into the university."

      http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/


      Delete
    7. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  18. http://blogvichara.blogspot.com/ *****බ්ලොග් ලෝකයට විචාර කලාව පැමිනේ.බ්ලොග් විචාර නමින් බ්ලොග් අඩවියක්

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ බ්ලොග් විචාර නැමති නවතම බ්ලොගය ගැන මගේ දෙඤ්ඤං බැටේ විචාරය.

      "මේ ඕයි, ඇඩ්වර්ටයිසින් කරන්න කලින් ඉස්සෙල්ලා එක ලිපියක් හරි ලියලා පලකරලා ඉන්නවා!"

      Delete
  19. මෝරා ගැහැණු ලමයෙක් බිකිනියක් ඇඳන් ලෙක්චර්ස් ආවොත් ඒක අපි විසඳගන්නෙත් "පුද්ගලික නිදහස" වෙනුවෙන් සටන් කරලද?(ඇත්තටම කිව්වොත් මම නම් කැමැත්තෙන් හිටියා අපේ බැචීලා ඇඳුම් නැතුවම ලෙක්චර්ස් එනවනම්.)

    ReplyDelete
    Replies
    1. //මෝරා ගැහැණු ලමයෙක් බිකිනියක් ඇඳන් ලෙක්චර්ස් ආවොත් ඒක අපි විසඳගන්නෙත් "පුද්ගලික නිදහස" වෙනුවෙන් සටන් කරලද?//

      ඒක විසඳගන්නේ ඒ දරුවව ඇඳුම් ටිකක් ගන්න ෂොපින් එක්ක ගිහිල්ලා...... ඔයා මොරටුවෙ පස් පාගපු කෙනෙක් නෙවෙයි නේද?

      Delete
    2. මා කලින් ලිව්වාක් මෙන් ඇනෝ ලෙසින් ඇවිත් කමෙන්ට් කිරීමත් නිකාබ් නොව බුර්කා පැළඳීමකි!

      Delete
    3. ඇනෝ ලෙසින් ඇවිත් කමෙන්ට් කිරීමත් නිකාබ් නොව බුර්කා පැළඳීමකි.

      මා මේ බ්ලොග්යේ ඇනෝනිමස් කමෙන්ටු දැමීම තහනම් කර නැත!

      Delete
  20. දැන් කොල්ලෙක් ඔය ගෝනි බිල්ලා ඇඳුම ඇඳගෙන කාන්තා නේවාසිකාගාරයකට ගියොත් ඒකෙ ඉන්නෙ සිසුවියන්ගේ අයිතීන් ආරක්ෂා වෙනවද? ගොන් කතා කියන්න එපා කකා.

    ReplyDelete
    Replies
    1. දැන් ඔය ගොන් කතාව ලියා ඇත්තේ ඔහේ ද මං ද?
      http://kathandara.blogspot.com.au/2011/10/my-way-or-no-way.html

      Delete
    2. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  21. කතන්දර,
    සමහර මුස්ලිම් ජනගහනය වැඩි බෞද්ද රටවල හාමුදුරුවරු මරන බවත්, බෞද්දයන්ට හිරිහැර වන බවත් ඔබ දන්නෙ නැද්ද. ඉස්ලාමය අන්තවාදී ආගමක් බවත් බොහෝ රටවල අන්යාගමිකයන්ට ඔවුන්ගෙන් හිරිහැර වන බවත් ඔබ දන්නෙ නැද්ද. ප්රන්ශයේ බුර්කාව තහනම් බවත්, ඕස්ට්රේලියවේ ශරියා නීතිය තහනම් බවත් ඔබ දන්නෙ නැද්ද.
    ගැහනු හිජාබ් නිකාබ් ඇන්දට කමක් නෑ. ඒත් ඔය ඇදුම ඇදගෙන හොරු මිනීමරුවො ඉන්න බව ඔබ අහල නැද්ද.
    මොරටුව සරසවිය අන්තර් විශ්ව විද්යාලීය ශිශ්ය බල මන්ඩලයට සම්බන්ද නොවීමත්, ඔබ පෙරාදෙනිය විශ්ව විද්යාලයේ ඉන්ජිනේරු ආදි ශිශ්යයෙක් වීමත් නිසා ඔබ මොරටුව සරසවියට අකැමති වෙන්න පුලුවන්.
    ඒත් කරුනාකර ඔය බේදය අතහැරලා, රටටම පිලිලයක් වීමට යන දෙයක් පොරවෙන් කපන්න ඉඩ නොතබා නියපොත්තෙන් කැඩීමට මොරටුව සරසවිය උත්සාහ කිරීම ගැන සතුටු වෙන්න.
    මොරටුව සරසවියේ මීට වසර 5-6 කට කලින් තොප්පි දා ගත්තු රැවුල් වවා ගත්තු මුස්ලිම් පිරිමි ලමයි වත් කලු ලෝගු ඇදගත්තු මුහුන වහගත්තු මුස්ලිම් ගැහැනු ලමයි වත් හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන තර්ක එකක්වත් මගේ කතන්දරයේ තර්කයට උත්තර නොවෙයි.

      මගේ ප්‍රශ්නය වුනේ සමාජයෙන් පීඩිත අයෙකු තවත් පිඩනයට ලක් කරන්නට මෙවැනි ආයතනයක් කටයුතු කිරීමයි.

      ඔබේ මුලින් උදාහරණවලින් එලියට එන්නේ ඔබේ (ආගම්/ජාති) බේදවාදී භීතියයි.

      මේ ප්‍රාකශය ඔබේ හෙලුව නිරාවරණය වීමකි. හොඳ වෙලාවට ඔබේ මුලු සර්වාංගයම ඇනෝනිමස් බුර්කාවෙන් වැසී තිබේ!

      Delete
    2. ඔබේ පිලිතුරෙන් කියවෙන විදියට,
      ඇනොනිමස් ලෙස පෙනී සිටීම = බුර්කාවෙන් වැසී සිටීම
      ඊලගට,
      ඇනොනිමස් ලෙස පෙනී සිටීම = අනන්යතාවය සැගවීම
      එම නිසා,
      බුර්කාවෙන් වැසී සිටීම = අනන්යතාවය සැගවීම

      ඒ නිසා බුර්කාවෙන් වැසී සිටීමින් කෙනෙකුට ඕන මගෝඩි වැඩක් කල හැකියි.

      ඔබේ ලිපියෙන් මට තේරෙන දේවල් නම්,
      1. මොර‍ටුව විශ්වවිද්යාලයට මඩ ගහන්න මොකක් හරි දෙයක් ඇද ගැනීම ඔබේ පරමාර්තය බව. ( ඒක ජාතිවාදය/ආගම් වාදය ඇවිස්සෙන එකක් උනත් කමක් නැහැ)
      2. ඔබ රට ජාතියට ආදරයක් ඒ ගැන කිසිම හැගීමක් නැති කෙනෙක් බව. (එහෙම එකක් තිබුනා නම් මේ වගේ මාතෘකාවක් ‍තෝර ගන්නෙ නෑ.)
      3. ඔබ මේ ගැටලුව දිහා බලන්නේ අර මුස්ලිම් සිසුවියගෙ ඇසින් පමනක් බව.

      මොර‍ටුව විශ්වවිද්යාලයේ පහුගිය කාලේ සිදු වුනු සමහර සිදුවීම් -
      බෞද්ද සන්ගමය මූලික වෙලා විශ්වවිද්යාල භූමියේ රෝපනය කරවපු ආනන්ද බෝදියේ ශාකාවක් විශ්වවිද්යාල පාලක පක්ශය විසින් ගලවා ඉවත් කරනු ලැබුවා.
      හවස දේශන පවත්වන වෙලාව 1.00 - 4.00 යන්න 1.15 - 4.15 ලෙස වෙනස් කරනු ලැබුනා, සුලුතරයක් වන ඉස්ලාම් සිසුන්ට පල්ලි යන්න වුවමනා නිසා.
      මේවායින් පෙනෙන විදියට මොර‍ටුව විශ්වවිද්යාලය පක්ශග්‍රාහී නැහැ. අර ඇදුමට අවසර නොලැබුනේ ආරක්ශාව පිලිබද ප්‍රශ්නයක් නිසයි. ඒක සාදාරනයි.

      සමාජයේ පීඩිත කෙනෙකුට තවත් පීඩාවට පත් කිරීම ගැන කතා කරන්න ඔබ ගත් උදාහරනය බොහොම වැරදියි.

      Delete
    3. 1. නිකාබය/බුර්කාව සහ ඇනෝ කමෙන්ටු ගැන මා ලියා ඇති සිංහල තේරුම් ගත නොහැකි වී ඇති බවකුයි මට පේන්නේ. නැවත කියවන්න. උත්ප්‍රාසය තෙරුම් ගන්න. උත්ප්‍රාසය යන්නේ තේරුම දන්නවා ඇතැයි සිතමි.

      Delete
    4. 2.
      මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      3.
      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  22. මෝඩයෝ නිකන් පොරක් වෙන්න දඟලන නැතුව හිටපන්. නීතිය තියෙන්නේ මුණ වහන් එන්න බා කියල විතරයි . නැත්තම් ඕන එකෙක්ට ඕක ඇතුලට බැහැල campus එකට එන්න පුළුවන්. ඕන වැරදි වැඩක් කරලා හැංගිලා යන්නත් පුළුවන් .campus එකේ ළමයින්ගෙන්, ගුරුවරුන්ගෙන් මේකට විරුද්දත්වයක් නැත්තම් තොට තියෙන කැසිල්ල මොකද්ද ?

    උඹ පෙරේ ජෙප්පෙක් වුනා කියලා මොරටුවට ඉරිසියා කරන්න එපා. උඹ තුට්ටු දෙකේ බ්ලොග් එකක් ලිව්වා කියලා හිතන් ඉන්නේ හෙන පොරක් කියලද ?

    ඕක අන්දලා යවපන් උඹේ ගැනිව

    ReplyDelete
    Replies
    1. කිවයුතු දෙය මෙම ඇනෝ වැඩිපුරත් ලුණු ඇඹුල් ඇතුවම කියා ඇති හෙයින් වෙන කිසිවක් නොපවසමි. මෙවැනි මාතෘකා ගනවිත් හිට් කොමෙන්ට් ටිකක් වැඩිපුර මරා ගැනීමේ කකා ගේ ඇති අහිංසක උවමනාවට අනුකම්පා කරමු .

      Delete
    2. ++++++++++++++++++Kakage kalliwadaya. Boru madyastha bawak penna prathiwadinta paharagasima.

      Delete
    3. ඇනෝ,
      මගේ කතන්දර දෙකහාමර හෝ අදාල ග්‍රවුන්ඩ්වීව්ස් ලිපිය කියවා තේරුම් ගන්නට නොහැකිබ ඔබ නගා ඇති අඳෝනාවෙන් ඔබේ ණුවනක්කාරකම මොනවට ප්‍රදර්ශනය වේ!

      Delete
    4. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Liberal countries like Thailand also has a dress code for university students.
      It not a "Out of this universe" , " big deal" concept...

      Delete
    2. No, not a big deal now, but here we get lunatic fringe type like the guy who wanted to initiate a "virgin test". There's no saying what'll happen if they are in charge of a dress code. (Sorry, corrected version of my first comment is below)

      Delete
    3. මහසෝන් පිල්ලිය

      සමහර රටවල පාසල්වලට නිල ඇඳුම් නෑ!

      මෙතන ප්‍රශ්නය රටේ මෙවැනි නිතියක් නැති කමයි. රටේ නිතීයක් අළුතින් එන පිළිගත හැකි ක්‍රමවේදයක් තිබේ. මොරටුව ආයතනයට පමණක් මෙවැන්නක් අවැසි ඇයි?

      Delete
    4. මොරටුවේ ඡන්ද වලට අම්මා තාත්තා උනත් විකිනීමට සූදානාම් දේසපාලුවෝ නැත...රටේ එවැනි නීති නො‍‍ගෙනෙන්නේ ඊලඟ ඡන්දයෙනුත් දිනන්න සු‍ළු ජාතික පක්ෂ වල උදවු ඕනා නිසාය.

      Delete
    5. Kanishka | කණියා

      මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  25. I think some people here haven't understood (or ignore) KK's point.
    I too, personally find the Islamic fundamentalist dress code very unpleasant both on a liberal and an aesthetic point of view. Also, banning some dresses on security grounds is understandable. But, if the Universities start dictating a dress code of their own, where will it stop? You might get another type of lunatics in authority banning tight jeans, sleeveless tops, body-fit T shirts etc on "moral" grounds! Although, on a narrow point of view I'm happy that a fundamentalist dress isn't allowed in a University, the danger of such a rule is that another type of extremism might try to curtail revealing (in their opinion) dresses. Couple of years ago I saw posters by some lunatics in Kelaniya urging girls not to wear low waist jean on "cultural" grounds. You might cheer one set of rules curtailing personal freedom today; tomorrow you could be a victim of another set of rules. So, beware!

    ReplyDelete
    Replies
    1. මොකද බං මේ දාන්නේ , මකන්නේ ... රිප්ලයි දාන අපිත් අතරමං වෙනවා ...
      හිටපන්කෝ ආයි මැකුවොත් ... අරිනවා හිරේ
      :)

      Delete
    2. "අරිනවා හිරේ " Huh? Blog ශරියා නීතියද බං ? :-)

      Delete
    3. ප්‍රා ජේ වටහා ගෙන ඇති පරිදි මා කතා කරන්නේ නිකාබය සාධාරණීකරනය කරන්නට නොවේ.

      අදාල පාර්ශවයන්ට අගතියක් සිදුවෙන පරිදි එවැනි දෙයක් එක්වරම බයි-ලෝ එකක් මගින් තහනම් කිරීම වැරදි බවයි!

      ආගම්වාදී භිතියකින් පෙළෙන අයට මෙය නොපෙනේ.

      Delete
    4. මහසොහොන්
      ප්ලීස් අන්ඩර්සටෑන්
      දැට් යූ ආර් අ බුඩිස්ට් එක්ස්ට්‍රීමිස්ට්

      Delete
    5. බ්රීප් බ්රීප්
      වැරදියි
      මම කිසි තැනක් බෞද්ධක් බව කියලත් නැහැ .බෞධයන් අතර හැදුනට මම උපතින් බෞධයෙකුත් නෙමෙයි. මචෝ උඹත් අර අහවලා වගේ කොම්පුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඇනෝ ජාතකේ ගැන පේන කියන්න ගත්තද ?. අනේ පව් !!!

      Delete
  26. මේ නීතිය ගෙනාපු එක හොඳයි...
    නැත්නම් ඔය ගෝනි කබා ඇතුලේ මොකෙක් රිංගන් එනවද කියලා කවුදෑ දන්නේ... විභාගය දවසටත් වෙන එකෙක් ඕක ඇතුලේ රිංගන් ඇවිත් විභාගය ලියලා ගියොත්....
    කකාත් ඉතිං මේ වගේ දේකින් හිට්ස් මරා ගන්න හදනවා නේ ! :)

    ReplyDelete
    Replies
    1. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  27. කතන්දර කාරයා ඉතාමත් පටු චින්තනයක සිට මෙය ලියා ඇති බව පෙනේ. මෙයට ආගමක් ගාවා නොගත යුතුය. කවුරුන් හෝ, මොනයම් හේතුවකට හෝ අධ්‍යාපන ආයතනයක, රැකියා ස්ථානයක මුහුණ වසාගෙන සිටීම පැහැදිලිවම ගැටලුවකි. ඒ මේ හේතු නිසාය.

    මුහුණ යනු කෙනෙකුගේ අනන්‍යතාවයයි. අත පය හෝ වෙන කිසිවක් අනන්‍යතාවයට අදාළ නොවේ. එබැවින් හිජාබය ඇඳීම ගැටලුවක් නොවේ. නමුත් පෙර කී ආකාරයේ ආයතනයක තම අනන්‍යතාවය නොපෙන්වන අයෙක් සිටීම ආයතනයේ වැඩ කටයුතු වලට බාධාවකි.

    උදාහරණයක් වශයෙන් කතන්දරට මෙවැනි කාන්තාවන් කිහිප දෙනෙකු සිටින project team එකක member කෙනෙක් වන්නට සිදු වුණා යැයි සිතන්න. සාකච්ඡා වලදී ඔබ පත්වන අපහසුතාවය සුළුපටු නොවේ. Negotiation එකකදී අනෙකාගේ facial expressions දැකීම අනිවාර්යයෙන් වැදගත් වේ.

    කථිකාචාර්ය තුමෙකුට තම ශිෂ්‍යයන්ගේ මුහුණු නොදැක ඉගැන්විය හැකිද? ශිෂ්‍යයන් තම දේශනය අවබෝධ කර ගනීදැයි බැලිය යුත්තේ ඔවුන්ගේ මුහුණු වලිනි.

    තව උදාහරණ ඕනෑ තරම් දිය හැක. මුහුණ යනු නොපෙන්විය යුතු දෙයකැයි සිතන මේ විකාරය කුමක්දැයි මට නම් නොවැටහේ. මම නැවත කියමි. මෙය ඉස්ලාම් ආගම සම්බන්ධ ගැටලුවක් නොවේ. යම් ආයතනයක කොටස්කරුවෙක් නම් තම අනන්‍යතාවට පෙන්වීම අත්‍යාවශ්‍ය වේ. ගැටලුව එයයි.

    ReplyDelete
    Replies
    1. මිනිස,
      ඔබ මගේ පටු හෝ පුළල් හෝ ලිපිය සහ අදාල මොරටු සිදසුවියගේ ලිපිය එක්කෝ කියවා නැත, නැතහොත් එහි අන්තර්ගතය අවබෝධ කරගෙන නැත.

      එසේ අවබෝධයක් තිබුනේ නම් මේ කමෙන්ටුව ඔබ නොලියනු ඇත.

      Delete
    2. ඒ ලිපිය කියෙව්වා නම් මේ කොටස් ඔබ දකින්නට ඇති නේද?

      1. Before they decided to ban the niqab – the University did not trouble itself to give us a hearing, to discuss, to find a solution to whatever problem they perceived.

      2. In that sense, the way we have been treated is no different to the way many of our sisters in many other contexts are treated.

      3. Women and their voices are hardly allowed to be heard but kept muted and suppressed.

      4. The niqab was never an issue for the University of Moratuwa. I was not the first student to wear it.

      5. (A senior student) has been banned from wearing the niqab after two years of wearing it – without a problem. Why is this happening now? Did something happen?

      6. I removed my niqab during lectures and in any case at security points I was already removing my niqab and identifying myself to the female security officers there before entry into the university.

      7. I was stopped at the gate by the Security Personnel who stated that the Vice Chancellor has ordered them to not to allow me inside.

      8. On August 01, 2013 .............. I lodged a formal appeal to the Vice Chancellor. The Vice Chancellor by letter dated October 11, 2013 informed me that the matter is to be decided by the Senate and the Board of Residence and Discipline and that I will be informed of their decision. Until such time he stated in his letter that I will be permitted to attend University.

      9. I informed that the Senate has decided to ban the niqab. On my request a copy of the letter that was supposed to have been sent to me was despatched and I received that letter on December 04th, 2013.

      10. The reason they have stated in the decision is one of security

      11. Banning the niqab has certainly not made the University of Moratuwa – any safer than it was. In fact now it has become a place of oppression and suppression. The security reasons are not genuine and they don’t make sense at all.

      MOST IMPORTANTLY-

      12. I am willing to show my face for security, at examinations but during other times am I not entitled to decide how much of myself I show and share with the rest?

      කරුණාකර මුලු ලිපියම නැවත කියවන්න.

      http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/


      දැන් මොකක්ද ඔබ මුලින් කියූ "මගේ ඉතාමත් පටු චින්තනය"?

      Delete
  28. අපේ බැච් එකේ හිටිය මුස්ලිම් කෙල්ලෝ ඔය මුළු ඇගම වහගෙන හිටියේ නැහැ.නමුත් දැන් එක කරන්න ගියාම ඔහොම වෙනවා.කැම්පස් එකේ තීරණේ හරි.

    ReplyDelete
    Replies
    1. එක කැම්පස් එකකට පමණක් ඇයි මේ ඬිශේෂයක්. ප්‍රශ්නයක් තිබේ නම් එය මුලු රටේම එකක් නොවේද?

      රටකට නීතියක් ගෙන එනවා නම් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් ඇත. මුලින්ම එය ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි.

      Delete
    2. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  29. මේ මූණු වහන කෝලම් ඉස්සර තිබ්බේ නෑනෙ මුස්ලිම් කෙල්ලො ඔලුව වහගෙන ලස්සනට ආවා,දැන් මේ මූණ වැහිල්ලක ඇවිත් තියෙන්නෙ වෙන මොකුත් නොවෙයි ආගමික අන්තවාදය හිස ඔසවන නිසා.මේ අන්තවාදීන්ට ලංකාවත් ඉරානයක් ඇෆ්ගනිස්තානයක් කරන්න අවශ්‍ය වෙලා.
    මම නං මොරටුවෙ කැම්පස් එකේ තීරණේට මුළු හිතින්ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඒ අන්තවාදයට විරුද්ධව මේ හිස ඔසවන්නේද වෙනත් අන්තවාදයකි.

      අර ආණ්ඩුවෙන් නීති පාස්කරගෙන මිනිසුන් තමන් දැනට අදහන ආගම වෙනුවට වෙනත් ආගමක් පිළිගැනීම වලක්වන්නට හැදීමට මේ වගේ වැඩකි.

      Delete
    2. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  30. @ All
    මේ කතන්දරය හා සම්බන්ධ පහත කතන්දර ද කියවන්න.

    1. පන්සල් යන්න සරම අදින්න ඕනෑද?
    http://kathandara.blogspot.com/2009/07/blog-post_30.html

    2. සරම අස්සේ ජොකා බලකාය - කාලෝ ෆොන්සේකා ගේ නායකත්වයෙන්
    http://kathandara.blogspot.com/2011/02/blog-post_23.html

    3. මනමේ කුමරිය ගේ කන්‍යාභාවය
    http://kathandara.blogspot.com/2010/09/blog-post_27.html

    ReplyDelete
  31. kaka hadanne mekata comment karana atare kalin post tikat hit kara gannai. netnam parana mekata kohetma adala neti postwala links ai metana danne?

    ReplyDelete
    Replies
    1. මෝඩකම ප්‍රරද්ශනය නොකරන්න.

      Delete
  32. විශ්ව විද්‍යාලයක නෙමෙයි කොහේ වුනත් ඔය මූණ වහගෙන යන එක නම් මේ දවස් වල ටිකක් භයානකයි.
    මා ජීවත් වන රටේ ආගමික නිදහස හෝ සමාජ නිදහස උපරිමයෙන් තියෙන රටක්. ඒත් ඔය කියන සංස්කෘතියට බුර්කා එකෙන් ඔළුව වහගෙන එන එක නම් ටිකක් සීරියස් කියලායි හිතෙන්නේ. ඇඳුමක් එක්ක ප්‍රශ්නයක් නැති වුනාට අනෙකාට හැඳිනිය හැකි වෙන්න ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ප්‍රශ්නයක් ඇත් නම් එය කාටත් පොදු ප්‍රශ්නයක් මිස එක ආයතනයකට අදාක එකක් නොවේ.

      අනික යම් නීතියක් සැකසීමේදී consultation තිබිය යුතුයි නේද?

      Delete
    2. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      Thanks Rangi.

      Delete
  33. ලැබී ඇති සමහර ප්‍රතිචාර ඇති වූයේ ඒවා ලියූ අය ගැන කණගාටුවකි.

    ඒ බොහෝ දෙනෙක්

    1. මා සඳහන් කර ලින්ක් කර ඇති ග්‍රවුන්ඩ්වීව්ස් හි පලවූ මොරටුව ආයතනයේ තරුණිය ගේ ලිපිය කියවා නැත.

    2. මා ලියා ඇති දේ නිවදරව තේරුම් ගෙන නැත.

    3. තර්කයකින් තර්කය බිඳිනු වෙනුවට මා ගැන අවලාද නගති.

    ReplyDelete
    Replies
    1. I wish I could translate my comment above. But you know my disability! :-))

      Delete
    2. දැන් කවුද හලෝ තර්කයක් තර්කයකින් බිදිනු වෙනුවට අවලාද කියන්නේ,,,,,,


      දැනු ආයතනයකදි මුහුනු වසා ගෙන සිටිමේ නීතීමය හා ප්‍රයෝගික අපහසුව ගැන මෙතැන කට්ටිය, කාකාගේ ඇඩියාවට විරුද්ධව තර්ක ගෙනැල්ලා තියෙනවා...ඒම තර්ක බිදිනු වෙනුවට අනං මනං ආඩපාලි,,කියවන්නේ තමුසෙ නේ හලෝ....

      Delete
    3. ප්‍රා
      මේ කියමන සමහර විට ඔබ අසා නැතුවා විය හැකියි!
      You will never never know, if you never never go

      Delete
    4. ඇනෝ
      උඩ සිට යටට නැවත කියවා බලන්න. අවලාද ඔබට පෙනේවි.

      සියළු දෙනාටම පාහේ මගේ හැකි පමණින් පිළිතුරු දී ඇත.

      Delete
  34. විශ්ව විද්‍යාලයේ තීරණය අරන් තිබුනේ බහුතරය්කගේ සුභසිද්ධිය සඳහා... මං හිතන්නේ ඒක හරි තීරණයක්. ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාලවල මුස්ලිම් රටවල් වලින් ඉගෙන ගන්න එන ගැහැණුත් මූණ විතරක් නෙවේ ඔළුව වත් වහගෙන නෑ. කකාත් දැකලා ඇතිනේ?

    ReplyDelete
    Replies
    1. ඔබ අමතක කරන කාරණා තමයි මේ පැළධුම එක් විශ්ව විද්‍යාලයටට පමණක් ප්‍රශ්නයක් වී ඇත්තේ කෙලෙසකද යන්න. ඇයි මෙය මුළු රටේම ප්‍රශ්නයක් නොවන්නේ? ඇයි නීති සම්පාදනය නොකරන්නේ?

      ඔබ සේවය කරන විශ්ව විද්‍යාලයේ පමණක් හිජාබය හෝ බුර්කාව හෝ නිකාබය හෝ වෙනත් ඇඳුමක් හෝ තහනම් කර තිබේද? වෙනත් එවැනි තීරණයක් ගන්නේ නම් අදාල ස්ටේක්හෝල්ඩර්ස්ලා සමග සාකච්ඡා නොකරන්නේද? ඔවුන් ගේ අදහස් විමසා නොබලන්නේද?

      Delete
    2. Religious stubbornness VS common sense!

      Delete
    3. රතුපස්වල ගමට ඇති ජල ප්‍රශ්නය රටේ ඇති සියළුම ගම් වලට අදාළ ප්‍රශ්නයක් නොවේ. එමනිසා සියළුම ගම් වලට පයිප්ප ජලය දීම අත්‍යවශ්‍ය වන ලෙස නීති සම්පාදනය කිරීම අවශ්‍ය නැත

      Delete
  35. ඉහත 1:41 pm ඇනෝ මම වෙමි. එම තරුණියගේ ලිපිය ද කියවූවෙමි. ඇය මුහුණ යනු නොපෙන්විය දෙයකැයි සිතයි. //the university which was so eager to see our faces// වැනි අදහසක් තැනක තිබෙනු දුටුවෙමි. විශ්ව විද්‍යාලය ඇගේ මුහුණ බලා කුමක් කරන්නද? තම අනන්‍යතාවය සඟවා ගත් අයෙකු සමග අනෙක් අය කෙසේ කටයුතු කරන්නදැයි ඇය සිතා නැත. කොටින්ම මෙය අනන්‍යතා ගැටලුවක් බව ඇය තේරුම් ගෙන නැත. Harry Potter හි house elf කෙනෙකු මට සිහිවේ. ඔවුන්ටද සිය කැමැත්තෙන් වහලුන් වන්නට උවමනා විය.

    මා ඉහත මතු කළ කාරණා වලට පිළිතුරු නොදී ඔබ විවිධ link දමමින් මග හරී. මගේ පමණක් නොව, මෙය අනන්‍යතා ගැටලුවක් බව කී බොහෝ දෙනාට ඔබ පිළිතුරු දී නැත. මයි කාර්, මයි පැට්‍රොල් බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. @ එකයි හතලිස් එක ඇනෝ!

      ඔබ උපුටා ඇත්තේ කොටසක් පමණකි. ඇයගේ එතැන මුළු අදහස මෙසේය.

      The media that reported the issue only spoke to the University authorities and did not contact us. The University too, that is so eager to see our faces did not want to hear our voices, ideas and thoughts.

      ඔබ කියා ඇති "මුහුණ යනු නොපෙන්විය (යුතු) දෙයකැයි" ඒ කොටසින් අදහස් නොවේ!

      Delete
    2. ඒ ලිපිය කියෙව්වා නම් මේ කොටස් ඔබ දකින්නට ඇති නේද?

      1. Before they decided to ban the niqab – the University did not trouble itself to give us a hearing, to discuss, to find a solution to whatever problem they perceived.

      2. In that sense, the way we have been treated is no different to the way many of our sisters in many other contexts are treated.

      3. Women and their voices are hardly allowed to be heard but kept muted and suppressed.

      4. The niqab was never an issue for the University of Moratuwa. I was not the first student to wear it.

      5. (A senior student) has been banned from wearing the niqab after two years of wearing it – without a problem. Why is this happening now? Did something happen?

      6. I removed my niqab during lectures and in any case at security points I was already removing my niqab and identifying myself to the female security officers there before entry into the university.

      7. I was stopped at the gate by the Security Personnel who stated that the Vice Chancellor has ordered them to not to allow me inside.

      8. On August 01, 2013 .............. I lodged a formal appeal to the Vice Chancellor. The Vice Chancellor by letter dated October 11, 2013 informed me that the matter is to be decided by the Senate and the Board of Residence and Discipline and that I will be informed of their decision. Until such time he stated in his letter that I will be permitted to attend University.

      9. I informed that the Senate has decided to ban the niqab. On my request a copy of the letter that was supposed to have been sent to me was despatched and I received that letter on December 04th, 2013.

      10. The reason they have stated in the decision is one of security

      11. Banning the niqab has certainly not made the University of Moratuwa – any safer than it was. In fact now it has become a place of oppression and suppression. The security reasons are not genuine and they don’t make sense at all.

      MOST IMPORTANTLY-

      12. I am willing to show my face for security, at examinations but during other times am I not entitled to decide how much of myself I show and share with the rest?

      කරුණාකර මුලු ලිපියම නැවත කියවන්න.

      http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/

      දැන් මොකක්ද ඔබ මුලින් කියූ මගේ පටු චින්තනය?

      Delete
    3. ඔබ එම ශිෂ්‍යාවගේ මානව අයිතිවාසිකම් ගැන කථා කරයි. ඇය අනන්‍යතාවය සැඟවීමෙන් අන් ශිෂ්‍යයන්ට/ආචාර්ය වරුන්ට ඇතිවන ගැටලු ගැන කථා නොකරයි. මොරටුවේ මෙම තීරණයට පිටුපසින් ඇති හේතු ගැන ඔබ පුළුල්ව සලකා බැලුවාද? එයයි ඔබේ පටු චින්තනය.

      ඔබ ඇගේ අදහස් උපුටා දමා තිබෙනවා.

      1. Before they decided to ban the niqab – the University did not trouble itself to give us a hearing, to discuss, to find a solution to whatever problem they perceived.
      - මෙබඳු විශාල ආයතනයක නීති සැකසීමේදී එක් එක් පුද්ගලයාගේ සිත් රිදීම් ගැන වෙන වෙනම සලකා බැලිය හැකිද? මෙම නීති ගෙන ඒම සහ ඊට හේතු පිළිබඳ ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ අඩුපාඩුවක් වීදැයි මම නොදනිමි. නමුත් නීති සැකසීමේදී සෑම තනි පුද්ගලයෙකුගේම කැමැත්ත පරිදි කළ නොහැකි බව ඔබ තේරුම් ගත යුතුය.


      2. In that sense, the way we have been treated is no different to the way many of our sisters in many other contexts are treated.
      මෙය සත්‍යයකි. නමුත් මෙම ගැටලුවට සම්බන්ධයක් නොමැති තර්කයකි. නීතිය ගෙන ආවේ ගැහැණුන්ට නොවේ. මුහුණ වසන niqab එක අඳින ඕනෑම කෙනෙකුටය. niqab එක තුළ සැඟවී ආ හැකි security problems නැති කිරීමටය.

      3. Women and their voices are hardly allowed to be heard but kept muted and suppressed.
      මෙය ද සත්‍යයකි. ඇය මෙවන් අනිකුත් සොයුරියන් වෙනුවෙන් කතා කරනු බැලීමට කැමැත්තෙමි. ඇයට විශ්ව විද්‍යාලයට එරෙහිව තර්ක කිරීමේ හයියක් තිබුණද ගැහැණුන් පෙළන මුස්ලිම් සමාජයට විරුද්ධව තර්ක කිරීමේ හයියක් නෑ නේද?

      4. The niqab was never an issue for the University of Moratuwa. I was not the first student to wear it.
      මීට පෙර සිදුවී තිබූ පළියට යමක් සාධාරණීකරණය කළ නොහැක. පෙර සිදුවූ දෙයක ගැටලුවක් හඳුනා ගත් පසු එය ගැටලුවක් බවට පත් වේ. ගැටලුව හඳුනා ගැනීමට පෙර එය ගැටලුවක් නොවේ.

      5. (A senior student) has been banned from wearing the niqab after two years of wearing it – without a problem. Why is this happening now? Did something happen?
      සිදු වී ඇත්තේ කෙනෙකු ආයතනයක් තුළ අනන්‍යතාවය නොපෙන්වීම ගැටලු සහගත බව හඳුනා ගැනීමයි.

      6. I removed my niqab during lectures and in any case at security points I was already removing my niqab and identifying myself to the female security officers there before entry into the university.
      එම ස්ථාන වලදී පමණක් මුහුණ පෙන්වීම ප්‍රමාණවත් නොවේ. අන් සිසුන් සමග කටයුතු කරන ඕනෑම අවස්ථාවකදී, පුස්තකාලයේදී, විද්‍යාගාරයේදී අනන්‍යතාවය පෙන්විය යුතුය. විශ්ව විද්‍යාල උප සංස්කෘතිය නම් batch එකේ කෙනෙකු වෙන් වී සැඟවී සිටීම නොවේ.

      7. I was stopped at the gate by the Security Personnel who stated that the Vice Chancellor has ordered them to not to allow me inside.
      ආරක්ෂක නිලධාරීන් යනු ඉහළ නියෝග මත කටයුතු කරන සේවකයන් පිරිසකි. ඔවුන් බොහෝ විට අසරණය. විවි තුළ යම් කඩාකප්පල් කාරී ක්‍රියාවක් කරන අයෙකු ඇතුළු වී සිටියොත් චෝදනාව යන්නේ ආරක්ෂක නිලධාරීන්ටය. ඔවුන් තම රැකියාව ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය මත ඉහළ නියෝග වලට අනුකූලව ක්‍රියා කරන බව පෙනේ.

      Delete
    4. 8. On August 01, 2013 .............. I lodged a formal appeal to the Vice Chancellor. The Vice Chancellor by letter dated October 11, 2013 informed me that the matter is to be decided by the Senate and the Board of Residence and Discipline and that I will be informed of their decision. Until such time he stated in his letter that I will be permitted to attend University.
      මෙය නිවැරදියි. ඇයට senate එකේ තීරණය දැන්වූ පසු ඇය එය පිළිගත යුතුයි. මානව හිමිකම් කඩවී ඇතිනම් ඇයට නීති මගින් කටයුතු කළ හැකියි. නමුත් මෙහිදී මානව හිමිකම් උල්ලංඝනය වී ඇත්ද? සිදුවී ඇත්තේ ඇයට ඇගේ කැමැත්ත පරිදි කටයුතු කිරීමට නොහැකි වීම පමණි. ඒ දෙකෙහි වෙනසක් ඇත.

      9. I informed that the Senate has decided to ban the niqab. On my request a copy of the letter that was supposed to have been sent to me was despatched and I received that letter on December 04th, 2013.
      සන්නිවේදන ප්‍රශ්නයක් ඇතිව තිබූ බව පෙනේ. එය මම පිළිගනිමි.

      10. The reason they have stated in the decision is one of security
      ආරක්ෂාව පැහැදිළිවම ප්‍රශ්නයකි. ප්‍රශ්නය ඇය නොවෙයි. නිකාබය තුළ සැඟවී ආ හැකි වෙනත් ප්‍රශ්න යි.

      11. Banning the niqab has certainly not made the University of Moratuwa – any safer than it was. In fact now it has become a place of oppression and suppression. The security reasons are not genuine and they don’t make sense at all.
      ඇය මෙසේ ප්‍රකාශ කළ පළියට මෙය සත්‍ය ලෙස ගත හැකි ද? විවි තුළ ආරක්ෂාව ගැන ඇයට ඇති අවබෝධය කුමක්ද? මෙය ඇයට තීරණය කළ හැකි කරුණක් නොවේ. ඇය මුහුණ වසාගෙන හෝ ඇරගෙන ආවත් එය ආරක්ෂාවට අදාළ නොවේ. මුහුණ වසාගෙන ආ හැකි සැබෑ තර්ජන ගැන ඇය සිතා තිබේද? ඔබ සිතුවාද?

      MOST IMPORTANTLY-

      12. I am willing to show my face for security, at examinations but during other times am I not entitled to decide how much of myself I show and share with the rest?
      මෙය සම්පූර්ණයෙන්ම අන් අයගේ අයිතිවාසිකම් ගැන නොසිතන ආත්මාර්ථකාමී ප්‍රකාශයක්. අපට අවශ්‍ය ඔබේ සිරුරේ කොටසක් බලා ආතල් ගැනීමට නොවේ. අවශ්‍ය වන්නේ ඔබ හඳුනා ගැනීම පමණි. මුහුණ යනු පෙන්විය යුතුම දෙයකි. අනෙක් දෑ පෙන්වීමේ හෝ නොපෙන්වීමේ නිදහස ඔබ සතුය.

      තව දුරටත්, ඇයට මුහුණ වැසීමට අවශ්‍ය වීමට හේතු පැහැදිලි නැත. ලිපියෙන් පෙනී යන්නේ එය ඇයගේ කැමැත්ත නිසා කරන්නක් පමණක් බවය. ආයතනයක කොටස්කරුවෙක් වීමේදී ආයතනය පිළිගත් නීති රීති හෝ sub culture එක අනුව කැමැත්ත යටපත් කරන්නට සිදුවීම සාමාන්‍යය. එය නිකාබයට පමණක් සිදුවන දෙයක් නොවේ. තව ද යම් යම් ආයතන තුළ රටේ නීති පොත්වල නැති, ආයතනය විසින් සකසා ගත්, සාධාරණ නීති තිබේ. ඒවා ආයතනය තුළම සකස් කර ගනු ලබයි. ඒ හැම එකකටම පාර්ලිමේන්තු ව්‍යවස්ථා අවශ්‍ය නැත.

      තවද මට මෙම සොයුරිය ගැන කිසිදු කහටක් නැත. ඇයගේ කැමැත්ත පරිදි කටයුතු කරන්නට නොහැකි වීම මත කරන ඇඞියාවකි මෙය. ළමයෙක් යමක් ඉල්ලා හඞනවාට වඩා මෙහි වැඩි වෙනසක් නැත. ළමයි ඇඞූ පළියට හැම දේම දිය නොහැක. ඇය පළ කරන මෙම හේතු, වඩා පුළුල් ඇසකින් බැලූ කල ගත යුත්තක් නැත.

      Delete
    5. මගේ කොමෙන්ටුවේ අංක 8 සිට ඉතිරි ටික කොහිද?

      Delete
    6. ඇයි ඔය උඩ තියෙන්නේ. කරුණාකර උඩ බලන්න!

      Delete
    7. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
    8. නීති පැනවීම සිංහල බෞද්ධ අධිපතිවාදය තුළින් සිදුවූ බවට ඔබ නගන චෝදනාවට එකඟ විය නොහැක. එම නීතිය ගෙනැවිත් ඇත්තේ නීත්‍යානුකූල ලෙස පැවැත්වූ සෙනේට් සභා සම්මතයකින් මිස බොදු බල සේනාවෙන් නොවේ! නීතිය පැනවීමට හේතුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හා ආරක්ෂාව සම්බන්ධ ප්‍රායෝගික ගැටලුවක් මිස මුස්ලිම් භීතිකාවක් නොවේ! විශ්ව විද්‍යාලය සම්බන්ධ ගැටලු ගැන සෙනේට් සභාවෙන් නොවෙයි නම් මොකෙන්ද තීරණ ගන්නේ? 

      මෙම ශිෂ්‍යාව මෙසේ හඬ නගන්නේ මෙය පසුපස ඇති ආගමික හේතුව ඇයට support එකක් වූ නිසා නොවේද? Have you heard of anyone stand against the formal dress code in medical faculty? I'm pretty sure there are many young people who like to ware casual, easy dresses rather than the formal dress. මෙය මුස්ලිම් භීතිකාවකට කළ දෙයක් ලෙස හුවා දැක්වීමට ඔබ උත්සාහ කරන්නේ මන්ද?


      සමාවන්න මෙහෙම කියනවාට. මට මුස්ලිම් භීතිකාවක් නැති වුවද ඔබට මොරටු භීතිකාවක් ඇති බව පෙනේ. //නීති විරෝධී බයි ලෝස් ගෙන ආ මේ මොරටුවේ ආයතනය තව දුරටත් විශ්ව විද්‍යාලයක් ලෙස හැඳින්විය හැකිද?// ඔබේ උද්වේගකර වදන් දෙස නැවත බලන්න. සෙනෙට් සම්මතයකින් නීත්‍යානුකූල ලෙස ගෙන ආ මෙම නීතිය නීති විරෝධී බයි ලෝ එකක් බව ඔබ ප්‍රකාශ කරන්නේ කුමන පදනමක පිහිටාද? මොරටුව තව දුරටත් විශ්ව විද්‍යාලයක් නොවේ යයි කියන්නේ! ඒකට නම් මට හිනා යයි.

      ඔබ ඔබේ ලොවේ! සැබෑවකි. නමුත් බ්ලොග් පෝස්ට් එකක මොනවා හෝ ලියා ඔබේ ලොවේ සිටීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත්තේය.

      Delete
  36. එම තරුණියගේ අන්තර්ජාල ලිපියට යටින් රසවත් කොමෙන්ටුවක් දුටිමි. එහි පළවූ අදහස පහත පරිදිය.

    "මම නිඝන්ඨනාථපුත්ත ගේ අනුගාමිකයෙක්මි. ඔබ දන්නා පරිදි නිඝන්ඨනාථපුත්තයන් ඇඳුම් නොඅඳියි. මම ද මගේ ආගමික විශ්වාසය පරිදි නිරුවතින් සරසවි ආවෙමි. නමුත් ගේට්ටුවේ ආරක්ෂක නිලධාරීන් මාව නැවැත්වූහ."

    ReplyDelete
    Replies
    1. නිරුවතින් යාම තහනම් කරන පැරණි වික්ටෝරියානු නීතියක් රටේ ඇත.

      හිජාබ්, නිකාබ්, බුර්කා තහනම් කෙරෙන රටේ නීතියක් නැත. අළුතින් නීතියක් ගෙන එන්නේ නම් ඒ සඳහා ඇති පිලිගත් ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. ඕනෑම නිතියක් මානව හිමිකම් ප්‍රඥප්තියට සහ රටේ ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි.

      එහෙම එන්න!

      Delete
    2. කතන්දර ගේ පොයින්ට් එක තේරුණා. හැබැයි දැනටත් විවිධ ආයතන වල dress codes තියෙනවා නේද? මම දන්නේ නැහැ ඒවා නීති පොත් වල තියෙනවද කියලා.. උදාහරනෙකට ඉස්කෝල ටීචර් ලා සාරි අඳින්නම ඕනේ. සමහර බැංකු වලත් සාරි ඇඳන් එන්න කියනවා.

      Delete
    3. Dress code පිළිබඳ රටේ නීතියක් ගෙන ආ හැකිද? එක් එක් ආයතන වලට තම Dress code එක ගැන තීරණය කිරීමේ නිදහස ඇත. මොරටුවේ සහ පේරාදෙණියේද උප සංස්කෘතියට අදාළ Dress code ඇත. මේවා විශ්ව විද්‍යාලයකින් විශ්ව විද්‍යාලයකට වෙනස් වන අතර සමහර විට faculty අතර ද වෙනස් වේ. සැවොම ඒවා පිළිගනිති.
      ආනන්ද විද්‍යාලයේ ටීචර් කෙනෙකුට තම කැමැත්ත පරිදි කොට ගවුමකින් සැරසී පාසල් ආ හැකිද? එවැනි අවස්ථාවකදී ආනන්ද විද්‍යාලය තම නීති සම්පාදනය නොකරයිද? එවිට එම ගුරුවරිය අන්තර්ජාල සඟරාවකට ලිවීම පලක් වේද? ටීචර්ලාගේ ඇඳුම ගැන රටේ නීති පොත්වල යමක් ඇත්දැයි නොදනිමි.
      මුහුණ වැසීමට ඇති කැමැත්ත මානව හිමිකම් ප්‍රඥප්තියට අනුකූල වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වෙනම කතිකාවතක් ගෙන ආ යුතුයි.
      ඔබ දැක ඇත්තේ මුහුණ වසන කෙනාගේ පැත්ත පමණි. එය පමණක් සලකා, මොරටුවට පහර ගැසීමට ලැබූ අවස්ථාවෙන් ප්‍ර යෝජන ගත් බව පෙනේ. ඔබ නොපිළිගත්තද ඔබේ පෙර හා වර්තමාන වදන් තුළින් පෙනී යන්නේ එයයි.

      Delete
    4. Anonymous December 11, 2013 at 4:20 AM

      මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  37. යකඩ මල්ලට ගුල්ලො ගහලනං හාල් මල්ල නොබලම විසික්කා කරන්නලු කතාව මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ හරුපේ?

      කසුරිවත් හි.ක. වුනා නම් නදිරු ට මොනවා වෙන්න බැරිද වගේ එකක් ද?

      Delete
    2. මේ යන විදියට එහෙම දේවල් වෙන්න තියන ඉඩ කඩ වැඩියි කකා... මං ඉහත වැකියෙන් අදහස් කළේ බුද්ධිමතුන් තනන ආයතයක ක්‍රියාකලාපය එසේ නම් අනිත් තැන් ගැන කවරකතා ද යන අදහසින්

      දැන් හිකලා තුනයි මහින්ද අබේසුන්දර කසුරි රන්ජන් අමරරත්න..

      Delete
  38. අද නං උත්තර ලියලාම හොඳ පණ ගියා!

    දැන් පොඩ්ඩක් විවේක ගන්නට යමි.

    ReplyDelete
  39. යුද්ධය හොඳින් ඇවිලෙන කාලයෙත් '89ත් ඔය ඇදුම තිබුනම් කොච්චර දේවල් සිද්දවෙන්න තිබුන ද?

    ReplyDelete
    Replies
    1. යුද්ධය කියන්නේම මානව හිමිකම් නැතිවෙන අවස්ථාවක් නේ. නිරා්‍රුධ පුරවැසියෝ කී දාහක් මලාද බෝම්බ සහ වෙඩි වලින්.

      උඩින් ගොසින් දමනා විට බෝම්බය
      යටින් ඉන්න උන්ටයි ඒ විනාසය
      සැනින් ඇසේ මර හඬ දුක් විලාපය
      කොලොම් තොට ද කිලිනොච්චි ද සමානය

      Delete
  40. HONDA PANA GIYE COMMENTS KALATA WELAWATA PUBLISH KARANNA SIDU WU NISAI.
    MAGE COMMENTS NAVATH WANNA GUARD DAMA GENA SITI NISA VIVEKA NATHIWA GIYA.
    ME DE SIDU WU YE MAGE WACHANA DEKE COMMENTS NISAI.
    MEYA OBA DANA GATHTHAMA ATHI. DO NOT PUBLISH THIS.

    ReplyDelete
  41. මොරටුව කැම්පස් එකේ තීරණය හරි කියල මමත් හිතනවා.මම ජපුරේ.අපේ කැම්පස් එකේ ඔහොම පරීක්ෂා කිරීමක් කරන්නේ නෑ.ඔය ඇඳුම ඇඳගෙන ඉන්න ගෑනු ලමයිද මන්දා ළමයි තුන දෙනෙක් විතර ඉන්නවා.කවදාහරි දවසක ඔය ඇඳුම අස්සේ හැංගිලා කවුරුහරි ඇවිත් අපිට වෙඩි තියල ගියොත් මොකද වෙන්නේ..?
    ආරක්ෂාවට ඔය ඇඳුම ගැලපෙන්නේ නෑ.හිජාබය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.ඒක ඔවුන්ගේ අයිතිය.අපි අඳින ඇඳුම් වලට වඩා හරි සැහැල්ලු ඇඳුමක්.(මම එක පාරක් ඇඳලා බලල තියෙනවා යාලුවෙක් ගේ අබායා එකක්)
    ඒ වුනාට නිකාබ්,බුර්කා ඒවා අනවශ්‍ය කරදර වලට මුල පාදනවා කියල මට හිතෙන්නේ.මෙහෙම යනකොට රටේ ඉන්න හොරු මිනීමරුවෝ ඔක්කොම ඔය ඇඳුම අස්සේ හැංගිලා සෙල්ලම් කරන්න ගනීවි.

    ReplyDelete
    Replies
    1. මා ඊයේ ලියු පිළිතුරු බලන්න.

      Delete
    2. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      Delete
  42. Harischandara • 15 hours ago
    I know what your going through, in fact I too faced the same consequences at Moratuwa. Moratuwa is a oppressive institution and should be exposed for what it really is. I am an ardent follower of niganta natha putta, and as some of you may know niganta's do not wear any clothes. However UoM did not allow me to express my religious rights, and did not allow me to come in through the gates. I was harassed, and verbally abused for expressing my religious beliefs, they told me that if you want to live in a society and be a part of that society you need to conform with those societal norms. They even told me that if I wanted to be so much a part of a belief system then I should probably go to a place where those belief systems are practiced. So, I left moratuwa and tried to find my place in the midst of other nigantas, only to find out that they don't do that sort of thing anymore...again I ended up at the gates of Mora, but this time with pants on.

    ReplyDelete
    Replies
    1. නමුත් මා දන්නා පරිදි ලංකාවේ වික්ටෝරියානු නීතියක් තියෙනවා නිරුවත තහනම් කෙරෙන.

      Delete
  43. පළමුව මතු කළ යුතු කාරණය එම වෙබ් අඩවියේ සදහන් වන ලිපිය සැබවින්ම අගතියට පත්වූ ශිෂ්‍යාව විසින ලියන ලද්දක්ද? එසේ ලීව්වා නම් එම සදහන් කර ඇති කරුණු සත්‍යයද කියන ගැටලුව මට අවංකවම තිබෙනවා.තවදුරටත් විවි තුළ නොසිටින නිසා මෙහි නිවැරදිම තත්වය නොදන්නා නිසා ඇගේ කතාව 100% යන උපකල්පනයේ සිට අප කතා කරමු.

    විශ්ව විද්‍යාලයක් යනු සිසුන් දහස් ගණනක් නිදහසේ තම අධ්‍යයන කටයුතු කරන ස්ථානයක්. සරලව ගත් කල මෙම ශිෂ්‍යාවට තමන් කැමති ඇදුමක් ඇදීමේ නිදහස සම්පූර්ණයෙන්ම තිබිය යුතුය. ඒ ගැන තර්ක දෙකක් නැත. නමුත් ඇය අහිංසකව බුක්ති විදින ඒ අයිතිය තවත් නරුමයෙක් අනිසි විදිහට භාවිතා කරයි නම් අප ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද? සරල උදාහරණයක් විදිහට විවි යේ විද්‍යාගාර බොහොමයකට සිසුන්ට නිදහසේ ඇතුළුවීමේ අවසරය ඇත. නමුත් මුහුණ වසාගත් අයෙක් එහි උපකරණයක් රැගෙන ගියොත් අප සැක කරන්නේ මේ අසරණ සිසුවියද? ඇත්තටම ඇය ඒ වරද කලත් කෙලෙසකද එය ඔප්පු කරන්නේ. නමුත් වාසනාවකට අද වනතුරු එවැන්නක් සිදු වී නොමැත. නමුත් අනිත් අතට අස්සයා පැන යන තුරුම සිටිය යුතුද ඉස්තාලය වසා දැමීමමට.

    මොරටුව හා අනිත් විවි වලට බොහොමයක් තීරණ ස්වාධීනව ගන්න බලයක් තියනවා. මොරටුව හිතනවා නම් තමන්ට මෙවැනි නීතයක් අවශ්‍යයි කියලා අරයා කලාද මෙයා කලාද කියලා වැඩක් නෑ. නමුත් කෙනෙක්ට ඒවාට විරුද්ධව උසාවි යන්න පුළුවන්. නමුත් පැහැදිළිවිම විවි ගත් තීරණය ඇයට මීට වඩා හොදට පැහැදිලි කර දෙන්නට තිබුනා. ඇය මේ ගැන සතුටු වන්නේ නැත්නම් නීතියේ පිහිට පතන්නට ද පුළුවන් බව අප අමතක නොකළ යුතුයි.

    අවසාන වශයෙන් කිව යුත්තේ අපගේ ඇතැම් අයිතිවාසිකම් බහුතරයකගේ හිතසුව පිණිස කැප කරන්නට වෙන බව අප තේරුම් ගන්නට ඕනේ. ඒවා නීති වලට වඩා සම්මතයන්ට අනුකූලව තමයි සිදුවන්නේ. මට කතා කරන්න නිදහසක් තිබ්බාට පුස්තකාලයක් ඇතුලේදී එයට සීමා පැන වෙනවා. ඒ වගේ විවි කියන පද්ධතිය ඇතුලේ යම් යම් වාරණයන් පැවතිය හැකි. ඒ කිසිවෙකුටත් කිසි තැනක මුහුණ වසාගෙන සිටිය නොහැක යන පරිද්දෙන්. එවිට එය හෙල්මටයත්, වෙස්මුහුණටත්, ඇදුමටත් එක සේ බලපාවි. එවිට කෙනෙකුගේ ඇදුම තහනම් කිරීම වැනි පටු සංකල්පනාවකට යන්නට බැහැ. මානව හිමිකම් ඉල්ලීම ෂයිලොක් ගේ මස් රාත්තලම ඉල්ලීම මෙන් වුවොත් ගොඩක් ගැටලු ඇතිවේවි.

    ReplyDelete
    Replies
    1. මා ඊයේ ලියු පිළිතුරු කියවන්නට ඇතැයි සිතමි.

      Delete
    2. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  44. අම්මේ හිට් ගොඩ
    අම්මේ කොමෙන්ට්ස් ගොඩ

    රෑට කන්නට කොමෙන්ටු , කොමෙන්ටු , කොමෙන්ටු ඇත පිරිලා ♫ ♫ ♫
    ඊට නරකද හිට් ගොඩ , හිට් ගොඩ , හිට් ගොඩ පෙති බැදලා ♪♪♪

    ☪ල්ලා දෙයියන්ගේ පිහිටෙන් මේ දවස් ටිකේ බඩේ පාර ශේප්
    - මීට කකා


    (මහසෝනා) :)

    ReplyDelete
    Replies
    1. me ano comments okkomath kaka genmi

      Delete
  45. මම ශ්‍රී ලාංකිකයෙක්..11 December 2013 at 11:09

    ලංකාවෙ ඉපදිලා, ලංකාවෙ නිදහස් අධ්යාපනෙන් ඉගනගෙන,කොහමහරි පිට රටකට පැනගෙන,ලංකාවටයි ලංකාවෙ දේ වලටයි ගරහන වසලයෙක් වෙන්න එපා.(ගොඩක් උන් කරනව වගේ)

    ReplyDelete
    Replies
    1. අපි ආණ්ඩුවට කියලා දාමු මෙහෙම නීතියක්!

      Delete
  46. එකම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කෙනෙක් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ගේම ඉල්ලන්නෙත් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් රාජ්‍යයෙන් ගේම නොඉල්ලන්නෙත් ඇයි මෙයාලා? ඔන්න අපක්ෂපාතීභාවය රෙද්ද පල්ලෙන් බේරෙනවෝ!

    Australia Muslim Veil Law Requires Women To Remove Face-Covering Niqab In New South Wales

    http://www.huffingtonpost.com/2012/03/05/australia-veil-law-burqa-ban_n_1320811.html

    (කාට හරි මොරටුවට යන්න ලකුණු මදි වෙච්චි එක මේකට අදාළ නෑ හොඳේ.)

    ReplyDelete
    Replies
    1. මා ඊයේ ලියු පිළිතුරු බලන්න.

      Delete
  47. මොරටුව විශ්ව විද්‍යාලයේ කලක් ඉගෙනගත් අයෙක් බැවින්, මේ පිලිබඳ මගේ මතය ප්‍රකාශ කරමි.
    විවි තුල තමුන් කැමති ඇඳුමක් ඇදිය හැකිව තිබුනැයි කියන කතාව එතරම් සත්‍ය නොවේ.(මීට වසර 6 කට පමණ පෙර මා ඉගෙන ගන්නා කාලයේ නම් )
    පිරිමි ළමුන්ට ටී ෂර්ට් නො ව කමිස ඇඳ පැමිනෙන ලෙසත්, එය දිග කලිසමට යටකර තිබිය යුතු බවටත්, සෙරෙප්පු නොව සපත්තු පැලඳිය යුතු බවටත් අවවාද කෙරිනි. ලමුන් දේශන ශාලා වෙත පැමිණීමේදී ඒ පිලිබඳව එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. ආචාර්යවරුන්ටද දේශන ශාලාවේදී ඇඳුම් ගැන සෙවීමට වෙලාවක් නොවීය.
    නමුත් ප්‍රායෝගික පරීක්ශන වලදී තත්වය වෙනස්ය. සමහර ආචාර්යවරු ඇඳුම් පැලදුම් ගැන සැලකිලිමත් වේ. අවවාද කිර්‍රීමෙන් පමණක් නොසෑහී විද්‍යාගාරයෙන් එලියට දමයි. 2 වන වසරේදී සිදුවූ අපූරු සිදුවීමක් මතකය. ආචාර්යවරිය නම් ලකුණු කරන අතරතුර එක් සිසුවකුගෙන් මෙසේ ඇසුවාය.
    "පුතා හොස්ටල් ඉඳලද එන්නෙ?"
    "ඔව් මැඩම්."
    "එහෙනම් ගිහින් රැවුල කපාගෙන එන්නකො ඈ!" කියා ඔහුගේ නමට ඉදිරියෙන් 0 ලකුණු කලාය!
    ගෑණු ළමුන්ට නම් ඇඳුම් පිළිබඳ කිසිදු නීතියක් නොතිබුනු අතර එය පෝලිමේ හිඳ කමිසය මැද ඇඳගෙන එන පිරිමි ළමුන්ගේ ඊර්ෂ්‍යාවට බඳුන් වූවා මතකය. මේ නීති එකක්වත් සනාතන සභාවේ අනුමැතියෙන් සිදුවූවන් නොවන බවද සත්‍යයකි

    ReplyDelete
    Replies
    1. කලිකාල වෙල්කම් බැක්!

      මාත් ඔතන කෙටි කාලයක් ඉගෙන ගෙන තියෙනවා.

      බලාගෙන ගියාම කලිකාල ලා ගේ කාලේ තිබිලා තියෙන්නේ විස්ස විජ්ජාලයක් නොවෙයි, මොන්ටිසෝරියක් නේ!

      Delete
    2. මොන්ටිසෝරියට ඩ්‍රෙස් කෝඩ්ස් නැහැ, කකා. මොන්ටිසෝරියට කැමති පාටකින් කැමැති අඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. ඩ්‍රෙස් කෝඩ්ස් ඕනෑ ඉහළ පන්ති වලටයි. දැන් කකා වඩට යන්නෙත් රැවුල නොකපා, ටී ෂර්ට් එකයි ශෝර්ටකුයි ඇඳලද? එහෙම නෙවෙයි නම් කකාගේ වැඩපළත් මොන්ටිසෝරියක්ද?

      Delete
    3. එවැනි පීඩාකාරී පරිසරයක සිටි අයත් මානසික තුවාල සහිතව ඉන් පිටවී එවැනිම පරපීඩකයින් වීමට ඉඩ ඇත.

      සුද්දාගේ කාලේ ඉපදී හැදි වැඩුණු අර එක් ටෙලියක සිටිය වැනි චරිත සුද්දාගේම හොඳ කීම

      උපන්දා සිට සිට ජනවාර්ගික යුධ පසුබිමේ ජීවත් වූ රටේ සතරකොණේම අය තාමත් ඒ මානසිකත්වයෙන්ම අනුන් දෙස අවිශ්වාසයෙන් සහ භීතියෙන් බැලීම

      යුධ වැදුණු භටයෝ ්‍රුද්ධයෙන් පසුත් මානසික තුවාල සහිතව පර පීඩක ක්‍රියාවන්හි නිරත වීම

      උදාහරණ ලෙස ගත හැක.

      Delete
  48. මොර‍ටුව විශ්ව විද්‍යාලය කියන්නේ වෙනමම ආයතනයක්.. අවශ්‍ය ආකාරයට නීති පැනවීම් ඒකෙ ඉන්න අය කරාවි.. ගෝනි ඇදුම තහනම් කරපු එකට විරුද්ද වෙන්න අයිතිය තියෙන්නේ ඒකෙ ඉගෙන ගන්න මිනිස්සුන්ට මිසක් බ්ලොග් කාරයොන්ට නෙමෙයි.. කතන්නරගේ ගෙදර නිකාබ් බැරිනං අමුඩ ගහං ඉන්න උනත් අවසර දෙන්න අපේ අවුලක් නෑ.. :D

    ReplyDelete
    Replies
    1. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  49. අපේ විශ්ව විද්‍යාලයට Shame Shame කියන, සුදුසු තීරණ ගැනීමට අපේ විශ්ව විද්‍යාලයට ඇති අයිතිය ගැන ප්‍රශ්න කරන, කෙනෙකුට තමන් කැමති ඇඳුමක් ඇඳීමේ අයිතිය උදෙසා පෙනී සිටිනවා යැයි කියන කකා, ලංකාවේ විශ්ව විද්යාලයකින් අධ්‍යයන නිවාඩු අරගෙන ඔස්ට්‍රේලියාවට ගොස්, ගිය වැඩේ වත් හරියට නොකර, ලංකාවට ආපසු එන්නෙත් නැතුව එහෙම පැලවෙලා, එම විශ්ව විද්‍යාලයේ රෙගුලාසි අමු අමුවේම කඩපු, අනුන්ට වැදි බන කියන, ෆේස් බුක් හරහා, බ්ලොග්ස්පොට් හරහා ලංකාවේ සියලු ප්‍රශ්න විසදිය හැකි ගැලවුම් කාරයෙක් සේ පෙනී සිටින පුස්සෙක් කියන්නේ හැබෑද?

    ReplyDelete
    Replies
    1. patta kathawa

      Delete
    2. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
    3. හැම දේටම හොම්බ දාන බක පඬි කකා මෙදා සැරේ නම් පුකෙන් යන්න ඇනගෙන (පුක යනු කුණු හරුපයක් නොවේ!!) එකම පිළිතුර සියළුම කමෙන්ට් සඳහා දී මෙන්න පැනල යනෝ

      Delete
    4. Kaka,
      what you have say about this complain ? That you took an academic seven year leave and violated university rules by not returning to the SL with completed Ph.D ??? This is serious....

      Delete
    5. Hello my fellow Ano, Kaka has the right to wear whatever he likes and live wherever he likes. How can the university rules be above the rights of Kaka.

      ඔබට මගේ උත්ප්‍රාසය වැටහෙනවා යයි සිතමි.

      සහෝ ඇනෝ, විශ්ව විද්‍යාලයට පොලු තබා පැන ගොස් ඇත්තේ කකා නොවේ. කකා කිසි දිනෙක විශ්ව විද්‍යාලයකට වැස්සටවත් ගොඩවී නැත. අධ්‍යයන නිවාඩු ලබා ඔස්ට්‍රේලියාවට ගොස් නැවත නොපැමිණි රසික සූරියආරච්චි කියල බුවෙක්ව නම් අර විශ්ව විද්‍යාලයක් කියල නම වෙනස් කල පිරිවෙනක අධිකාරීන් හොයනවලු.

      Delete
  50. I read your article, the student's article and the comments on this. As a female student of the university of Moratuwa, my opinion is that the decision of the university authority is correct in this case. You have made an argument saying that this matter should not be decided by one institution if there is no law of the land pertaining to it. But as you must realize, all institutions have dress codes they adhere to and implement, and which have to be followed inside their premises. For example, there is no law against bikinis or short skirts in this country. However, I can assure you that we would not have been allowed to attend the lectures or even the university grounds wearing a bikini. I believe every institution has a right to decide what works for them within reason. Even schools and other public institutions do this. While a skirt may be acceptable in one office, a saree may be mandatory in another.

    You also ask why there is a special law for UOM. I hope you are aware that the Colombo medical faculty requires male students to wear shirts and trousers in formal attire and female students to wear skirts and blouses in all years of study. These decision are made by the authorities according to the the relative conditions and professional requirements of their institution. You cannot be seriously arguing that all the institutions in the country should follow one set of rules and etiquette only based on the law of the land.

    You also bring up a statement saying there should be consensus and compromise in making these decisions. However, do you really believe it possible to run a university with all the factions agreeing to everything? Certainly no one asked me whether I had any opposition to banning bikinis in the university. Another example of this is that many of us dislike presenting our student ID to the security officers before entering the university, and believe it to be an illogical procedure as well. However, the administration has mandated this and we realize that they have the right and even some justification in making that rule for the sake of the whole community. A university is not a democracy where the desires of all are met. It can never be so, simply because you can't make everyone agree to everything no matter how rational.


    Finally, you argue about personal freedom. As I have stated before, this is not about her (or any other student's) religious freedom. It is about the good of the university as a whole and everyone has to make certain sacrifices when living in a community. Imagine this situation. I am a girl. The university has toilet facilities separated by gender. Would I feel safe to change my clothes or even be inside such a facility alone if I was unsure about the gender of the other occupant of the bathroom? Unlike a hijab, a niquab takes away a person identity rendering them unrecognizable. Therefore more than being a personal right, it infringes on other people's safety and rights. Identifying people is not important only at security points and lecture halls. It is important in canteens, hostels, toilets and roads. Do crimes not happen in any other places? And isn't a person who has hidden their identity more of a threat than other students in these situations? If a person in a niquab grabbed your purse and ran away in broad daylight, you will never be able to prove that it is the same thief even if you catch them. It will just create an atmosphere of suspicion and terror, which is inappropriate for a learning institution.

    This is why banning it is the correct decision. The needs of the other vast majority of students trump hers (a minority) in this very special circumstance.

    ReplyDelete
    Replies
    1. Good one Miss..
      Just a small correction.
      "Democracy where the desires of all are met"

      Desires of all are NOT met in a democracy. Desires of majority are met. Rest of the desires can be practiced by certain individuals as long as those acts DO NOT create a social unrest and/or disturbances. In that case a decision is passed by the majority concluding where the limit is reached and how much of a certain individual's rights can be practiced before it reach its limit of acceptance by the majority.

      Don’t like it? Then go anywhere (Arab) where the majority has the same values and practices you hold.

      Kakaa is not a dumb ass not to understand this. He has a engineering degree from a world renowned university and works in Australia for Suddas. So he is someone who knows all and always does the right thing. He is just trying to rake in some comments and hits by writing provoking, seemingly dumb ass articles.

      :)

      Delete
    2. Good one Mahasohon..
      Just a small correction,
      "... an engineering degree..."
      :)

      Delete
    3. Indeed , there's few more mistakes ...
      Glad you didn't find them out ;)

      Delete
    4. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      මෙය මාටීන් නීමොලර් කියූ දෙයටම අදාල එක් සුවීශේෂී සුළුතර කරුණකි.

      ඔබට මේ පහත කොටස අදාල නම් පමණක් පිළිගන්න. නැතහොත් අමතක කරන්න.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
    5. ha ha, yes Mahasohon, there were... but this was the one I was more concerned about... ;)

      Delete
  51. කකා තමන් ලියූ දේ අනිත් අය අවබෝධ කරගෙන නැතැයි නැවත නැවතත් කියනවා. කකා කියන විදියට අවශ්‍යනම් නිකාබ් තහනම මුළු රටටම අදාලව පනවනවා මිස එක් ආයතනයකට පමණක් සීමා නොවිය යුතුයි. එහෙම පනවන්නෙ නීති. මොරටුව විවි පනවල තියෙන්නෙ නීතියක් නොවෙයි රෙගුලාසියක්. එහෙම රෙගුලාසි පැනවීමට නීතිමය ආයතනයකට අයිතිය තියෙනව. උදාහරණයක් ලෙස විභාගයට එනකොට කල්කියුලේටර ගේන්න අවසර නැහැ. නමුත් රටේ පිළිගත් එහෙම නීතියක් තියෙනවද.

    ReplyDelete
    Replies
    1. මම නිකාබයට කැමැත්තක් හෝ කාන්තාවන් ගේ ඇඳුම් ගැන ආගමික නීති පැනවීම ගැන කැමැත්තක් හෝ නැති වුවද, ඒ ගැන ඇති ප්‍රශ්ණ සාකච්චාවෙන් සම්මුතියෙන් විසඳා නොගෙන මේ ආකාරයෙන් සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර අධිපතිවාදය තුලින් නීති පැනවීමට මගේ විරුද්ධතාවයයි මේ ලිපියෙන් පළ කෙරුවේ.

      නිකාබයට ඔබේ ඇති අකමැත්ත සහ/හෝ මුස්ලිම් අයට ඔබේ ඇති භීතිය නිසා, සිංහල හෝ බෞද්ධ හෝ සිංහල බෞද්ධ හෝ බහුතර ආධිපත්‍යවාදය මගින් පනවා ඇති මේ නීතිය සාධාරණීකරණය කරමින් ඔබ සතුටෙන් ඉන්න.

      ඔබ ඔබේ ලොවේ! මා මගේ ලොවේ!!

      Delete
  52. මුල් දිනයෙන් පසුව ප්‍රතිචාර දැකවූ සියළු දෙනාටම මෙන්න පොදු පිළිතුරක්.

    මොරටුව සරසවියේ මේ අවනීතිය සහ එය පැනවූ අන්දම සාධාරණීකරණය කරන්නට විවිධ හේතු දක්වමින් තැත් කර ඇති හැම දෙනාම කරන්නේ අප අයත්වෙන එක්කෝ සිංහල නැතහොත් බෞද්ධ නැතහොත් සිංහල බෞද්ධ කුලකවලට මේ තහනම අදාල නොවන නිසා අපේ බහුතර අධිපතිවාදය මගින් අපට පරිබාහිර කුලකවලට අයිති අයගේ අයිතිවාසිකම් අතික්‍රමණය කර දමන්නටයි.

    එයයි මා දකින මෙහි ඇති බරපදල තත්වය.

    සාකච්ඡා, සම්මුති නෑ. අපේ විදියට හිටපං, නැත්තං තොලොංචි වෙයං!

    ඒ ආකල්පය මත පදනම්ව ඕනෑම දෙයක් සාධාරණීකරණය කළ හැකියි.

    සිරකරුවන් පීනන්නට ගොස්, ආයුධ පෙන්නන්නට ගොස් මැරෙන විට අපිට ගුඩ් රිඩන්ස් යැයි ජොලියක් යන්නේද මේ මානසිකත්වයේම වෙනත් මානයක දිගුවක් නිසාය.

    මා ඔබ බහුතරය සිතන විදියට සිතන්නෙක් නොවෙන බව පැහැදිලිය. ඔබ නිකාබයට අකමැති නිසා එය තහනමට ගෙනා නීතියට කැමතිය. මා ඒ නීතියට විරුද්ධව කතා කිරීම නිසා පෙර තියරියේ විලෝමය අනුව ඒ අකමැත්ත මා නිකාබයට ඇති ඛැමැත්ත නිසා යැයි ඔබ සිතයි. ඔබේ සීමිත පරිකල්පනයට අසු නොවන කාරණය නම් මට නිකාබයට අකැමැත්තෙන් වුවද, එය අවශ්‍ය අයෙකුගේ අයිතිය වෙනුවෙන් කතාකරන්නට හැකි බවයි. මේ ලිපියේ මා කියා ඇත්තේ එයයි.

    මෙහිදී තවත් පෙනුණු දෙයක් නම්, මේ පණිවිඩකරුවා මරා දැමීමට ගෙන එන ප්‍රයත්නයයි. මා ගැන නගා ඇති අවලාද සිනා ගෙන එයි.

    අදහස් දැකවූ සියළු දෙනාටම ස්තුතියි. ඔබේ මතය දැරීමට ඔබට ඇති අයිතිය සදා රැකේවා!

    ReplyDelete
  53. අනේ ගොනෝ. දැන් එතකොට ඔය මුණ වහගෙන exam වලට ලියන්න මොකා එනවද කියල කව්ද දන්නේ? නිකන් ඕන නැති දේවල් ගැන කතා කරන්න ගිහින් නොන්ඩි නොවී හිටපං බුරුවා. උබේ ගෑනිටත් බුර්කාවක්‌ අන්දලා යවපන්.

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍යාවගේ ලිපියේ ඇති කරුණු, මගේ කතන්දරයේ ඇති අදහස හෝ මා පසුව කළ විස්තර හෝ වටහා නොගෙන ඔබ මේ ලියා ඇති දෙයින් පේන්නේ ඔබේ ගොන්කමයි.

      Delete
  54. කතන්දරය හා මේ දක්වා ඇති සියළු කොමෙන්ට්ස් කියවූ පසු

    බුවා කතන්දර සමග සම්පූර්ණයෙන්ම එකග වෙමි

    (කතන්දරය කිය වූ විගස එම සිතුවිල්ල ඇති නොවීය)

    ReplyDelete
  55. Although you may wear this stupid dress in engineering faculty it is not possible in any medical faculty, Because you need to show your face to patients during clinical practice. how are you going to see children during paediatrics appointment? They will surely run away. As a doctor I refuse to speak to patients or relatives who keep their faces closed except in a medical emergency. Why should I show my face to somebody who does not want to show her face. That is my right.sorry about English Google transliteration doesnt work

    ReplyDelete
  56. Dear Kathandara, Why do you try to imply that this is a situation where Sinhala-Buddhist Majority have done something against Islamic Community? Why don't you say at least one word about the practical and security problems of face covering? You still stick into one side and does not see the big picture(or ignore the big picure). You have given everyone same answer disregarding their logic about the real problems of face covering.

    I'm not against muslims. And I'm also against any sinhalese person who are against Muslims for no reason. They have a right to wear anything they want. And I really feel sorry about this sister who faced some unfair situation. But Imagine, can a man with a face cover (for any reason, say this is his desire) and black cloths freely wander in University premises or attend to a study course? University will surely ask to remove his face cover, but university won't make any restrictions on his black cloths. This is also the same situation. This should not be treated as a Sinhala-Muslim problem.

    I can see that it is you who try to create it as a religious problem.

    Do yo know who are the members of University Senate? Do you know whether they are all sinhala-buddhist racists or not? You indirectly imply that the Moratuwa university senate is full of sinhala-buddhist racists who wants to do something against Muslims. That is not something a well educated person like you should say.

    I need a straight answer from you to this question. Why do you try to imply this as a Sinhala-Muslim problem when there is no such thing? Why don't you answer the people that argued about the necessity of showing the identity in an institution?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.