ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday 2 March 2010
අපේ සීය කොල්ල කාලේ
කතන්දරකාරයා ගේ සීයා ඉස්කෝලෙක ගුරුවරයෙක් විදියට වැඩ සේවය කරන කාලේ, එතන ලොකුමහත්තයා වුනු ජෝන් මහත්තයා ගේ කට වහපු හැටි ගැන කතන්දරය පහුගිය දවසක කියෙව්වා මතකයි නේද?
ඒ කතාව කියවපු හැම දෙනාම පාහේ එකඟ වුනා අපේ සීයා ජොලි සීයා කෙනෙක් බව.
ඉතිං අද මට හිතුනා අපේ සීය කොල්ල කාලෙ වෙච්ච දෙයක් ගැන කතාවක් කියන්න.
අපේ සීය ඉගෙන ගන්න කාලෙ (එක්දාස් නමසිය පොඩි ගණන් වල) ඔය අද වගේ ඕ.ලෙවල්. ඒ.ලෙවල් කතා තිබිල නෑ. ඒ සුද්දගෙ කාලෙ. ගමේ ගොඩේ ඉස්කෝලවල අධ්‍යාපන ක්‍රමය හදලා තිබුනේ සාමාන්‍ය දැනුමක් ලබා දෙන්න විතරයි. ඒවගෙ ඉගෙන ගෙන කරන්න පුළුවන් එකම ජොබ් එක තමයි ගුරුවරයෙක් වෙන එක.
එහෙම නැත්තං තවත් විභාග කරල නොතාරිස් කෙනෙක් හරි, වෙනමම ඉගෙන ගෙන ආයුර්වේද වෙද මහත්තයෙක් වෙන්න හරි පුළුවන් වුනා.
අවුරුදු අටක් විතර ඉස්කෝලෙ ඉගෙන ගත්තහම තියෙනවලු අවසානෙ කියල විභාගයක්. ඒ විභාගෙ පාස් වුනාම ශිෂ්‍ය ගුරු කෙනෙක් විදියට බැදෙන්න පුළුවන්. අවුරුදු දෙක තුනකට පස්සෙ ස්ථිර ගුරු පත්වීම ලැබෙනව.
ඉතිං අපේ සීයට අවසානෙ පාස් වෙලා ටික දවසක් ඉන්න වෙලා තියෙනව ශිෂ්‍ය ගුරු පත්වීම ලැබෙන කං. ඔය කාලෙ මට හිතෙන විදියට අපි ඒ ලෙවල් කරල කැම්පස් යන්න පුළුවන් වෙයිදෝ කිය කියා හූල්ල හූල්ල හිටි ගන්ධබ්බ කාලෙ වගෙ එකක්.
ඉතිං සීයත් (සීයෙක් නෙමේ, මේ කොල්ලෙක්!) ගමේ ගොඩේ රස්තියාදු ගහමින් ඉඳල තියෙනව. රා බොන්න, බූරුව ගහන්න හෙමත් ටික ටික පුරුදු වෙන්න ඇති මයෙ හිතේ.
කාලය ගත වුනා, ඒත්, පත්වීමෙ ලියුම එන පාටක් නෑ!
සීය ගෙ රස්තියාදු වැඩ වලට ගෙදරිනුත් වලි දාන්න පටන් ගත්ත.
ඔන්න මේ කියන දවසෙ, සීය ට ගෙදරින් රුපියල් දහයක් දුන්න කාගෙන් ද ගත්තු මුදලක් ගෙනිහින් බාර දෙන්න කියල.
ඒ කාලෙ මේක ඉතාම ලොකු ගාණක්. ගුරුවරයෙක් විදියට සීය ගෙ මුල් පඩිය වෙන්න ඇත්තෙත් මීට වඩා අඩු මුදලක්. මේ කියන කාලෙ ආප්ප දෙකක් තුට්ටුවයි. ඒ කියන්නෙ ශත එකහමාරයි.
ඔන්න ඉතිං අපේ සීයත් මේ සල්ලි ටික පරිස්සමින් අරගෙන යනව. අතර මගදි, සීයට මතක් වුනා එදා ගමේ මළ ගෙදරක බූරුව ගහන බව. තමන් ගාවත් ශත පණහක් තිබුණ හින්ද දන්නෙම නැතුව ඒ පැත්තට යැවුනා.
මුලින්ම සීය තමන්ගෙ ශත පනහ පැරදුනා. ඒක බේර ගන්න කියල හිතල, අර ගෙදරින් දුන්නු මුදලින් ශත පනහක් ඔට්ටු ඇල්ලුව. ඒක පැරදුනා. ඊට පස්සෙ ඒ ශත පනහ බේරගන්න ගියා. ඒකටත් කෙලවුනා.
කොහොමින් කොහොමින් හරි, අන්තිමේදී සීය ලඟ ඉතුරු වුනේ රුපියලක් විතරයි.
මේ වෙන කොට සීය ට තරු පෙනිල දාඩිය දාල. සීය ට හිතුණ ලු මෙන්න මෙහෙම.
"ඕනැ මගුලක් වේවා කියල මේ අන්තිම රුපියලත් ඔට්ටු අල්ලනව, පැරදුනොත් ආයෙ ගෙදර යන්නෙ නෑ!"
ඒක භයානක තීරණයක්.
ඒත් සීය ගෙ ග්‍රහය ඒ මොහොතෙ වෙනස් වුනා. ඒ රුපියල විතරක් නෙමේ එදා සීය දිනුව එතන ඉදන් එක දිගටම.
ඊලඟට සීය ගත්ත තව තීරණයක්. ඒක තමයි හරියටම රුපියල් දහයක් දිනපු ගමන් එතනින් නැගිටල යන්න.
ඉතිං සීය රුපියල් දහයෙ ගණුදෙණුවත් බේරල, හවස් වෙලා ආපහු ගෙදර ගියා.
ඒ යනකොට ගෙදරට ඇවිල්ල අර බලාගෙන හිටිය පත්වීමෙ ලිපිය.
ඊලඟ මාසෙ ඉඳල සීය ශිෂ්‍ය ගුරුවරයෙක් වුණා.
මේ කතාව මට කියල සීය අන්තිමට කිව්ව, එදා ඒ අන්තිම රුපියල පැරදුනා නම් තමන් හිස හැරුණ අතේ යනව මිස ආපහු ගෙදර යන්නෙ නෑ ය, එහෙම වුනා නම් තමන් කවදාවත් ගුරුවරයෙක් වෙන්නෙත් නෑ ය කියල.
එහෙම වුනා නම් සීය අපේ ආච්චි බඳින්නෙත් නෑ. අපේ අම්ම මේ ලෝකෙට එන්නෙත් නෑ. මේ කතන්දරකාරයත් නෑ. කතන්දර බ්ලොග් එකත් නෑ.
කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
එහෙම වුනා නම් සීය අපේ ආච්චි බඳින්නෙත් නෑ. අපේ අම්ම මේ ලෝකෙට එන්නෙත් නෑ. මේ කතන්දරකාරයත් නෑ. කතන්දර බ්ලොග් එකත් නෑ.
ReplyDeleteඒ ටික නම් ඉතා හොදයි
වෙලාවට සීය ඉතුරු රුපියලත් ඇල්ලුවේ අපට මේ බ්ලොග් එක බලන්නන. :D
ReplyDelete"එහෙම වුනා නම් සීය අපේ ආච්චි බඳින්නෙත් නෑ. අපේ අම්ම මේ ලෝකෙට එන්නෙත් නෑ. මේ කතන්දරකාරයත් නෑ. කතන්දර බ්ලොග් එකත් නෑ."
ReplyDeletehaofi me katandara blog eka nati wunoth . . .???? mata nam hita gannath baha . . .
hoda welawata seeya dinuwe . .. . !!!
සීයා අපි ගැන හිතලා අන්තිම රැපියලට ඔට්ටුව අල්ලපු එක නම් හරිම හොදයි...
ReplyDeleteරුපියලේ බලේ...
ReplyDeleteමේ සංසාර ගමනේ, රුපියලකිං කරන්ඩ පුලුවං වෙච්ච වටිනාම දේ වැන්ඩැ ඔය සීයගේ ග්‍රහයා සීයා ලව්ව කරවන්ඩ ඈත්තේ?
ReplyDeleteදැං චුයිංගමි එකකකුත් රුපියල් දෙකයිනෙ!
එහෙව් එකේ රුපියලකිං කතන්දරකාරයෙක් උපන්නා කියන්නෙ.
කතන්දරකාරයෝ, සීයාට ඔය කේස් එක පහදලා දුන්නං උන්දැට ඒ පහන් සිතිවිල්ලම ඈති බුදුන් දැන නිවං දකින්ට!;)
මම ඇස් දෙකටම දැකලා තියනවා මෙ වගෙ සිද්දි, රුපියල් සියෙන් ගෙඩ ගිය අය...., මට හිතෙන හැටියට සියගෙ රුපියල හින්දා උනෙ මෙ කථාව බ්ලොග් එකට ආපු එක විතරයි, අනිත් කථා කොහොමත් වෙනවා... කතන්දරකාරයා ලොවට වෙන රුපයකින් හරි පහල වෙනවා. ලොවට පහල වෙලා කතන්දර කියනවා. එක වලක් වන්න සියගෙ රුපියලට බැරි වෙයි නෙද...?
ReplyDeleteකතන්දර...
ReplyDeleteආච්චි මොකද මේ ගන කියන්නෙ. අවන්කවම සතුටු වෙන්වද සීය අනිතිම රැපියල දිනපු එක ගැන.
niyamai!!!!
ReplyDelete爷爷的命运他自己做的啊。
ReplyDeleteIts a good one.
සීය රුපියල පැරදුනා නං හොඳයි. එහෙනං අපි මේ වගේ පල් හෑලි කියවන්නේ නෑ නෙ.
ReplyDeleteඒ කියන්නෙ සීයගෙ ඔට්ටුව තමයි මේ සේරටම මුල :D ලොල්
ReplyDeleteසීයාට පිං...
ReplyDeleteසසර වසනා තුරු ඔබේම සීයා වෙවා...
This comment has been removed by the author.
ReplyDeleteමටත් රුපියලක් සම්බන්ද පොඩි කතාවක් තියෙනවා. link 1 මෙතන දාන්නම්. ඔට්‍ටු නැත්තම් අයින් කරන්න. its ok.
ReplyDeletethanz
http://harakageblogeka.blogspot.com/2013/07/blog-post_26.html
එහෙම වුනා නම් සීය අපේ ආච්චි බඳින්නෙත් නෑ. අපේ අම්ම මේ ලෝකෙට එන්නෙත් නෑ. මේ කතන්දරකාරයත් නෑ. කතන්දර බ්ලොග් එකත් නෑ.
ReplyDeleteehema unanam hamadama udeta me mangalle kiyawanna oneth na kathandara karaya oyanam niyamai