ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 3 March 2010
සීය ගෙ කෝට් එක
කතන්දරකාරයගෙ ජොලි සීය දැන් සිංහල බ්ලොග් අවකාශයේ ජනප්‍රිය නිසා, මට හිතුන සීය ගැන තවත් කතන්දරයක් ලියන්න.
සීය ගුරුවරයෙක් වුනු දෛවෝපගත දවස ගැන කතන්දරේ කියෙව්ව නේද? කියවන අය අමතක කරන්න එපා ඒ කාලෙ අපේ සීය, සීය කෙනෙක් නෙමේ අවුරුදු දහ අටක විතය කොළු ගැටයෙක් බව.
සීය මුලින් ම ගුරුවරයෙක් විදියට වැඩට ගියේ ට්වීඩ් රෙද්දයි, අත් දිග කමිසයයි ඇඳල උඩින් කෝට් එකක් දාගෙනයි. ඒ සුද්දගෙ කාලෙ. ඒ දවස්වල ලංකාව මෙච්චර රස්නෙ නෑ. හැබැයි මං දන්න කාලෙ නං සීය ඇන්දෙ ජාතික ඇඳුම. ජාතික ඇඳුම බහුතර භාවිතයට ආවෙ ලංකාවට නිදහස ලැබුණයින් පස්සෙනෙ.
ඉතිං දවසක් අපේ සීයගෙ කළු කෝට් එකක් කළුතර යන බස් එකේ දි නැතිවුනා. සීයගෙ කෝට් එක සීය ට ඉතාම වටිනව. ඉතිං සීය විපරම් කරල බැළුව මේ ගැන බස් කොම්පැණියෙන් හෙම.
ඔන්න දවසක් ලැබුණ ආරංචියෙන් කියවුනේ මේ කෝට් එක කළුතර ඉස්කෝලෙක ශිෂ්‍යාවක් ඇහින්දා ය, ඒක ඒ ළමයා ඉස්කෝලෙට බාර දුන්නා ය කියලය.ි
සීයයි තවත් යාළුවෙකුයි පහුවදාම වගේ ගියා මේ කියන ඉස්කෝලෙට. කෙලින්ම දෙන්න ගියේ පාසලේ විදුහල්පති කාර්යාලයටයි. ඒ ඉස්කෝලෙ විදුහල්පති ගෑණු කෙනෙක්.
මෙන්න එතැන ඇතිවූ දෙබස.
විදුහල්පතිණියඃ "යුෂ්මතුන් කොයි පලාතේද?"
සීයාඃ "අපි මේ හොරණ පැත්තේ."
විදුහල්පතිණියඃ "කුමක් නිසා මෙහි පැමිණියේද?"
සීයාඃ "මේ මගේ කොට් එකක් කළුතර යන බස් එකකදි නැතිවුනා. ඒක මේ ඉස්කෝලෙ ළමයෙක් ඇහිඳලා කාර්යාලයට බාර දුන්න කියල ආරංචි වුනා. ඒක බලන්නයි ආවෙ."
විදුහල්පතිණියඃ "එබන්දක් මෙහි සිදුවී නැත."
සීයාඃ "ආ, ඇත්තද?"
විදුහල්පතිණියඃ "මා කියන්නේ සත්‍යයකි. එබන්දක් මෙහි සිදුවී නැත. යුෂ්මතුන්ට දැන් පාසලෙන් පිටවී යා හැක."
පස්සෙ කාලෙක ජෝන් මහත්තයගෙ කට වහන්න පුළුවන් වුනාට සීයට මෙදා පුළුවන් වුනේ තමන් ගෙ කට වහගෙන ආපහු හැරිල එන එක විතරයි.
කතන්දරකාරයා
http://kathandara.blogspot.com/
Subscribe to:
Post Comments (Atom)
ඕක තමා කියන්නෙ බවලත් උදවිය ගාවදි ගොඩක් දෙනෙක්ට කට උත්තර නැතිවෙනව කියල.
ReplyDeleteමම හිතන්නෙ සීයල වැරදිලා ඉස්කෝලෙ කියල හිතල උසාවියට ගිහිල්ල වගේ. තැත්නමි ප්‍රින්සිපල් පැන්ෂන් ගිය නඩුකාරයෙක්ද දන්නෙ නෑ.
ReplyDeleteකියවගෙන යද්දි හිතුනා මේ කියන්නෙ කතන්දර කාරයගෙ සීයට ආච්චි සෙට් උන හැටිද කියලා වත්...
ReplyDeleteඑහෙම වෙලා නෑ.. නේ? සීයගෙ රෙකෝඩ්වල හැටියට පුදුමයි කටපියාගෙන ආව කිවුවහමත්...
කතන්දරකාරයගෙ සීය ඇත්තටම හොරණද?
@ තරිඳු
ReplyDeleteමේ කාලෙ සීය ලාබාල උප ගුරුවරයෙක්. විදුහල්පතිණී වයසක කෙනෙක්. මං සීය කියල කියන හොට හිතේ මැවෙන්නෙ වයසක කෙනෙක් නේද?
@ දසයා
ඒ දවස්වල ඉංගීරිසියෙන් ඉහෙන ගෙන පස්සෙ සිංහල ඉගෙන ගත්තු අය කතා කලේ තමා, යුෂ්මතා කියල තමයි.
@සුලඟ
ඔව්, ඒ පැත්තෙ. හොරණට වඩා කළුතරට ලඟයි.
කතන්දරකාරයා
එදායින් පස්සෙද කෝට් අදින එක නවතලා ජාතික ඇදුමට බැස්සෙ.
ReplyDeleteකෝට් එක විදුහල්පතිතුමිය වෙන කාටවත් තෑගි කරලාද දන්නෙ නෑ. හික්ස්.. සීයා මොන එහෙකට කෝට් එක ගලවගෙන බස් එකේ ගියාද ?
ReplyDeleteසීයා මොන එහෙකට කෝට් එක ගලවගෙන බස් එකේ ගියාද?
ReplyDeleteමට හිතෙන්නෙ කෝට් එක විදුහල්පතිතුමිය කාට හරි තෑගි කරන්න ඇති..
"තරුණ සීයා" කියලා සීයාව හැඳින්වුවොත් නරකද? නැතිනම් මගේ හිතේ මැවෙන්නෙ වයසට ගිය කොණ්ඩෙ සුදු වුණු බස්තමක් අතින් ගත්තු සීයා කෙනෙක් නොවැ.. හික්ස්..
"එදායින් පස්සෙද කෝට් අදින එක නවතලා ජාතික ඇදුමට බැස්සෙ", LOL
ReplyDeleteඒ කියන්නෙ, සීයට තිබිච්ච එකම කෝට් එකද, මේ නැතිවුනේ? කොහමත් කෝට් කියන්නේ පාන් වගේ ලාභ ජාතියක් නොවෙයිනෙ.
කමෙන්ටු දැමූ සියළු දෙනාටම ස්තුති වේවා!!!
ReplyDeleteඑලzz ආ.... අඩේ මමත් හොරණනෙ බන්.
ReplyDelete