
ඔන්න ඉතිං, මං අපේ තාත්තව නතරකරල තිබුණු ඉස්පිරිතාලෙ පෙරේරා උන්නැහලො රන් කරන කැන්ටිමට ගිහින් ඉල්ලුව පානුයි චිකන් කරියි දෙන්න කියල උදේ කෑමට.
කැෂියර් මලයා කියපි "බැහ්!" කියල.
"ඇයි ඒ?" මං ඇහැව්ව.
"චිකන් කරි තියෙන්නෙ රොටි වලටයි. පාන් කන්න දෙන්නෙ, අල හොදියි, සම්බෝලයි."
"ඉතිං, මට පානුයි, චිකනුයි කන්න ඕනැ නම්?"
"කරන්න දෙයක් නෑ, මහත්තය. අපිට කියල තියෙන්නෙ, චිකන් කරි රොටි කන්න දෙන්න කියලයි."
"කවුද එහෙම කියල තියෙන්නෙ?"
"කොම්පැනියෙන් අපිට කියල තියෙන්නෙ එහෙමයි."
"ඒ කියන්නෙ ඕ ගොල්ලන්ගෙ කොම්පැණියෙ ඉන්න ලොක්කෙක් තීරණය කරල ඉවරයි මං උදේට පාන් කන්නෙ මොනව එක්කද කියල, එහෙමද?"
කාට කියන්නද මේව?
අපි කන හැටි එයා දනී!
කතන්දරකාරයා
හේ හේ ඈත්ත තමයි. සමහර වෙලාවට අපි කන හැටි තීරනය කරන්නේ දොස්තර මහත්තයා නේ... ඕං එහෙනම් මම ගියා.........
ReplyDeleteවතුර ඕනද ? නාන්න නෙමේ බොන්න.......
ආහ්... ලංකාවෙ පිරිසිදුම වතුර තියෙන්නෙ අපේ ගමේ...
ගිහින් එන්නම් ....
සල්ලි ගෙවන්නෙ අපි උනාට ජීවිතේ ගොඩක් වෙලාවට අපි කන දේවල් තීරණය කරන්නෙ වෙන පුද්ගලයො.
ReplyDeleteමේ ලඟදි ජපානෙ ආපනශාලා පනත ගැන හොයල බලපු වෙලාවක දැක්ක Set Menu එකක උනත් customer අකමැති දෙයක් තියෙනවනම් ඒක එපා කියල, ඒ මුදලට හරියන්න වෙන දෙයක් ඉල්ලන පුලුවන් කියල.
ReplyDeleteලංකාවෙදි ඒ විදිහට ඉල්ලුවොත් එහෙම හොදි නැතුව තමයි බත් කන්න වෙන්නෙ...හික්ස්!!!!
ඉතින් කසූ අයිය මොකද කලේ? පානුයි සම්බෝලයි කෑවද,එහෙම නැත්නම් චිකන් කරි එක්ක රොටි කෑවද?
කතන්දර මාමා ඕනෙ දෙයක් හිමිහිට කතන්දරේකට පෙරළනව නෙහ්... ;)
ReplyDelete