Sunday 25 April 2010

මදුරුවාට ලැබුණු තෑග්ග : KK-BM7


ඉස්පිරිතාලෙ නං මදුරුවො හිටියෙ නෑ. කොහොමටත් මං ඩියුටි කලේ දවල්නෙ.

ඒකටත් එක්ක ගෙදර!

මැට් එකක් ප්ලග් කරල තිබුණත්, කොයිල් එකක් පත්තු කරල තිබුණත් මදුරුවො ඉඳල හිටල දෙනව ඇටෑක් එකක්.

ඔය අව් අස්සෙ මට මතක් වුනා මෙන්න මේ පරණ කතාව.

ඔන්න ඉස්සර දවසක දෙයියො මැව්වලු සත්තුන්ව. එහේ ඉඳල මේ ලෝකෙට එවන දවසෙ තෑගි දුන්නලු හැමෝටම.

ඔටුවට වතුර ගෙනියන්න මොල්ලියක්, වඳුරට ගස් උඩ ඇඟ බැලන්ස් කරගන්න වලිගයක්, හාවට දුවන්න කකුල් යනාදී ප්‍රයෝජනවත් දේවල්.

අන්තිමේදී එතනට ගිය මදුරුවට දෙන්න දෙයියො ලඟ කිසිම දෙයක් තිබුනෙ නෑ, තමන්ගෙ නියනට (chissel) අමතරව.

නියන දුන්නට මදුරුව කැමතිවෙලා නෑ වැඩිය. අර සමහර ඇමතිවරු වගේ.

"නියනකින් විතරක් මං මොනව කරන්නද?" පොර ඇඬුම්බරයි.

"ඔන්න ඔහෙ, ඕක අරං යනව. ගියාම එහෙදි හමබවෙයි මිටියක්."

ඉතිං මදුරුව ආව මේ ලෝකෙට තිබ්බ මගෙ කකුලෙන් උගෙ නියන.

චටාස්!

ඒ ඇහුනෙ, මිටියෙ සද්දෙ!

කතන්දරකාරයා

8 comments:

  1. මැක්සා කතාව....

    ReplyDelete
  2. ඉබි පැටවු 3 දෙනාගෙ කතාව කියපියෝ

    ReplyDelete
  3. ඒත් පවු නේද මදුරුව..... :(

    ReplyDelete
  4. අනේ දැන් ටිකක් වෙලා මම ඈහරිලා.... මදුරුවන්ට පුරුද් කරමු මල් පැණී බොන්න කියල කීවට වැඩක් වුනේ නැහැ වගේ...

    ReplyDelete
  5. ආ.....ඔබතුමා මැරතොං දුවනවා දැක්කෙ දැං නොවැ !
    සන්තෝසයි, අප්‍රමාණ සන්තෝසයි !

    පියාණන්ටත් ඉක්මන් සුවය පතනවා !!!

    ReplyDelete
  6. දෙයියො දීපූ දේවල් ගැන කියන කොට කතා දෙකක් මතක් වුනා. දෙයියො දුන්නු දරුවයි, විලි රුදාව පිරිමින්ට දීපූ එකයි. පුලුවන්නම් වැදගත් විදියට ලියන්න වැඩිහිටි කතා නිසාවෙන්. නැතිනම් දුකාට කියමුද?

    ReplyDelete
  7. හපොයි. බලන්නකො දෙයියන්ගෙත් මොලේ හැබැට

    ReplyDelete
  8. හෝව් හෝව්. අසරණ මදුරුව.

    මදුරුව නෙවෙයි, මධුරි!

    කාන්තා පාර්ශවය තමයි ලේ උරාබොන්නෙ. ;)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.