
ඔව්, ජීවිතේ මුල් වරට මං පාං ගෙඩියකටම වග කිව්වා පහුගිය සිතුරාදා උදේ.
මෙන්න මෙහෙමයි ඒක වුනේ.
මං තාත්ත ගෙ ඇඳ ලඟ ඩියුටිය බාරගත්ත උදේ හයයි තිහට.
හතට විතර නර්ස් නෝනල ආව තාත්තට වොෂ් එකක් දෙන්න. මටත් නහුතෙට බඩගිණියි. බැස්ස පහලට පෙරේර උන්නැහැලගෙ කඩේපැත්තෙ යන්න කියල.
බැලින්නං උන්නැහැල කඩේ අරින්නෙ හතාමාරටළු!
ඒ පාට මං එලියට බැහැල ගියා නාරාහේන්පිට පැත්තට.
කිරි මංඩල පාරෙ අයිනෙ තිබුණ සාමාන්‍ය අයික කඩයක්. ෂෝ කෙස්ස් එකේ, පාන්, බනිස්, බූඩ්ලස් සහ බත් පිඟන් වල දාපු ඒව, මාර චොයිසස් ගොඩක්.
මොනව තිබුණත් මගෙ හිත ගියේ පාං වලටයි.
කඩේ යුවතිය ගෙනාව පාන් බාගයයි, පරිප්පු පිඟානයි. පරිප්පු වලින් බාගයක් ඉතුරු වෙද්දි පාන් බාගෙ අන්තර්ධාන වුනා.
පරිප්පු ටික විසිකරන එක අපරාදෙනෙ. ඉතිං, මං තවත් පාං බාගයක්ම ඉවර වෙනකං, පරිප්පු ටික කෑව.
කීයද දන්නවද බිල?
රුපියල් හැත්තෑවයි!
කතන්දරකාරයා
ප/ලිඃ සිකුරාදාත් ගියා එතනට උදේට කන්න, හැබැයි පාන් තුන්කාලකට වඩා වග කියන්න බැරිවුනා!
හ්ම් හ්ම් මම නම් කියන්නේ රු.70 ට පාඩු නැහැ.........
ReplyDelete@wath
ReplyDeleteඔයාගේ කඩේ කීයද? පාන් ගෙඩියයි පරිප්පුයි.
not bad
ReplyDelete