Followers

Saturday, April 24, 2010

තාත්තා ගේ සුව දුක් : KK-BM2


තාත්තා ගේ සුව දුක් විමසූ, ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ සියළු දෙනාටම ස්තුතියි.

ඒ ගැන මේ දක්වා කිසිම දෙයක් නොලිවීම ගැන කණගාටුයි.

ඒ කණගාටුව තවත් වැඩි වෙන්නේ තාත්තා නැවතත් පෙර තත්වයට තාමත් පත් වී නැති හින්දයි.

පසුගිය සෙනසුරාදා ඉස්පිරිතාලෙට ඇතුලත් කරන වෙලාවේ සිටියාට වඩා නම් දැන් හොඳයි කියායි කවුරුත් කියන්නේ. ඒත් නැවතත් පෙර තත්වයට එන්න නම් මාසයකටත් වඩා ගතවේවි.

කොහොම වුණත් මේ දුක මැද සැනසුමකුත් තියෙනවා. ඒ අද තාත්තාව ගෙදර ගෙනාපු නිසා ඇතිවූ සතුට.

අඟහරුවාදා පැය දහ අටකුත්, එතැන් සිට දවසකට පැය පාළොහ ගානේත් මං ඉස්පිරිතාලේ තාත්තා සමග හිටියා. මුල් දවසේ හැර ඒ කාලය ගත කලේ දවල් කාලයේයි.

අද තාත්තා මුලින්ම ගෙදර ආපු දවසේ, රෑ මුර සේවය මගෙන්.

සෝ ෆා සෝ ගුඩ් - so far so good!

කතන්දරකාරයා

4 අදහස්:

  1. ඔයා දුක් වෙන්න එපා... තාත්තට දැන් ටිකක් හරි සුවයි නෙ. අනික ඔයා තාත්තගෙ ලොකු කිරි ඉබ්බ නෙ නේද?
    ඒකනෙ​මෛයි.... miniblog එකේ ඔයාගෙ post මට මඟ ඈරෙනව . මම හිතන්නෙ අනිත් අයටත් එහෙමයි. මම නම් තව ටිකකින් දොයිය බබා. ඔබතුමා තව කතා දෙක තුනක් ලියන්න....

    ReplyDelete
  2. කොහොම හරි අන්තිමේ ආවනේ... තාත්තව බලාගන්න ගමන්ම මැරතන් එකත් දුවමු දිගටම... අපි ඉන්නවා ජල සම්පාදනයට... ජය වේවා.... :D

    ReplyDelete
  3. බ්ලොග් මැරතන් තරගයට එකතු වී සිටීම දකින්න ලැබීම සතුටක්. මටත් මග හැරුණා ඔබේ කලින් පෝස්ට් කීපයම.

    තාත්තාට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවායි පතමි.

    ReplyDelete
  4. Thaththata ikman suwaya prarthana karanawa....

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).