ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday 1 April 2010
වන් මෑන් ෂෝ - කතන්දර බ්ලොග් මැරතන් - ඇයි?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් මිනි බ්ලොග් මැරතන් එකක් තියන්න යනවය කියන ආරංචි වුනා දැන් සති දෙකකට විතර කලින්.
කතන්දරකාරයත් ඒ වෙන කොට මැරතන් දිවීමක් පටන් අරගෙනයි හිටියෙ. ඒත් පොඩි වෙනස් කමක් දෙකක් තියෙනව.
එකක් මේක වන් මෑන් ෂෝ එකක්. දෙක, හැම විනාඩි පාලහටම නෙමේ දවසකට එක ගානෙයි, කතන්දර බ්ලොග් එක ලියවුනේ.
බලන්න මාර්තු මාසය දිහා. මං හැම දවසටම එක ගානෙ කතන්දර ලිව්ව. ඇත්තටම කියනව නං මේ මැරතන් දුවන අදහස ඇවිත් මං ඒක පටන් ගත්තෙ පෙබරවාරි මාසෙ විසි එක් වෙනිද යි. නමුත් පෙබරවාරි විසි හත් වෙනිද පොඩි කුටුම්භ රක්‍ෂණ වැඩකට යන්න වුනු නිසා මැරතන් එක ආපහු පටන් ගන්න වුණා පහුවදා ඉඳලා.
මේ කාලය ඇතුලත, දවසකට පැය තුනක් විතර මිඩංගු කළා, කතන්දර ලියන්නයි, පොස්ට් කරන්නයි, කමෙන්ට්ස් අනුමත කරන්නයි, ඒවට උත්තර දාන්නයි. සමහර ප්‍රතිචාර කවියෙන් හින්ද, කවියෙන්ම උත්තර බඳින්නත් උනා නොවැ! මං මුල් කාලෙ හිතපු විදියට අනුව මේක විශ්මයජනක දෙයක්.
අද මේ පොස්ට් එකේ ප්‍රධාන කතන්දරේ තමයි ඇයි මට මේ විදියට දවසකට එක කතන්දරය බැගින් ලියන්න හිතුනෙ කියන එක.
මේක ටිකක් දුක කතන්දරයක්.
පෙබරවාරියෙදි මට හිතුන මං එක පාරටම මැරිල ගියොත් මං නොලියපු කතන්දර ටික කවුරුවත් දැනගන්නෙ නැතුව මාත් එක්කම පිච්චිලා අළු වෙලා යාවි නේද කියල.
ඒක නිකං හිතළුවක් නෙමේ පදනම් සහිත සිතිවිල්ලක්. (වැඩි විස්තර ඕනැම නං, පස්සෙ ලියන්නං.) ඉතිං, සතියකට දෙක තුනක් කර කර හිටිය වැඩේ දිනපතා කරන්න හිතුවෙ ඒ නිසයි.
කළු වලාවක රිදී ඉරක් වගේ මේ කතන්දරේට අදාල සතුටුදායක කොටස මේකයි. මං මාර්තු මාසෙ දාන්න හිතං හිටපු කතන්දර වලින් දොලහක්ම තව ඉතුරුයි. ඒ මදිවට දවස ගානෙ අළුත් කතා එකතු වෙනව. අප්‍රියෙල් මාසෙ පුරාත් බ්ලොග් මැරතන් වන් මෑන් ෂෝ එක ගෙනියන්න පුළුවන් වෙයි වගේ.
ඒ එක්කම දවසක් නිවාඩු දාල හරි සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ මිනි බ්ලොග් මැතරන් එකට දුවන්නත් හිතාගෙනයි ඉන්නේ.
මුළු මාර්තු මාසය පුරාම, දිනකට එක බැගින් කතන්දර ලිවීමේ ප්‍රීතිය නිමිත්තෙන් අද මං එක පොරොන්දුවක් දෙනව.
ඒක තමයි අපේ මකරා ගේ බලවත් ඉල්ලීම පරිදි මං කලින් මුල් කොටස ලියා අතපසු කර දැමූ ලංකේන්ඩියා කතන්දරේ දෙවන කොටස හෙටම ලියනවයි කියන එක. පාඨක ඉල්ලීම් ඉටුකිරීම යුතුකමක්.
කොහොමටත් මකරයි මායි එක වලේ වැටිල ඒකෙන් ගොඩ ආපු ඈයොනේ.
එහෙනං, බයි බායි මාර්තු, ආයුබෝවන් අප්‍රියෙල්.
කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
කසූත් පේරා ඉංජක් ඈං....
ReplyDeleteහොඳා හොඳා...මැරතන් එක දිගටම දුවන්න. වතුර ගහන්න අය ඉන්නවා ඕන තරම්!
හැබැයි ඉතින් රජෝ කතන්දර කුට්ටි කරන්න නම් එපා.
ReplyDeleteකතන්දර ශූරීනි, ඔබේ කතා කියවීමට මම ඇස් දල්වා කට දල්වා බලා සිටිමි.
ReplyDeleteහා හා ඉස්තූතියි මැත ඇනගෙන එකම වලට ගිය මගේ ඉල්ලීමත් ඉටු කරන්න ලෑස්ති වෙච්ච එක ගැන. අර අමතක වෙන ලෙඩේ හෙට මතු වෙන්නෙ නැති වෙයි නේද ?
ReplyDeleteඒක නෙවෙයි සමහර වෙලාවට මේ බ්ලොග් එක ලෝඩ් වෙනකොට browser එක stuck වෙනවා. කොහෙන් හරි නරක script එකක් අරන් දාගත්තද ?
ඒ මකරා...
ReplyDeleteමූ කවුද බං???
කොයි ලාංඡනේ එකෙක්ද?
/බිඟුවා...!
@ බිඟුවා...!
ReplyDeleteමෙයා මේ ගොඩාක් පරණ ආදිවාසියෙක්. නිෂ්පාදන අංශයේ හිටියා කියල විතරයි දන්නෙ. මෙයා ඉන්න කාලෙ ලාංඡන තියෙන්න නැතුවත් ඇති
@ කශූ
බිඟුවාට Explain කරත්වා
කතන්දර කාරයෝ දිගටම වෑඩේ කරගෙන යන්න.. අපිත් පුලු පුලුවන් විදිහට COOL වතුර ගහන්නම්
ReplyDeleteඒකනම් හැබෑව . දවසට එක ගානේ ... මනසට බෙහෙතක් වගේ තමයි. කතන්දරකාරයගේ කතන්දර කියවල මටත් හිතුනා කතන්දරයක් ලියන්න. ඒත් ඔයා වගේ ලියන්න නම් බැහැ. වෙන අයට වෙච්ච දේවල් මගේ වගේ ලියනව. මගේ කතන්දර ලියන්න ගියොත් හිස් පිටුවක් විතරක් තියේවි.
ReplyDeleteඈත්ත ඈත්ත අපි මැරුණම අපේ කතන්දර(සමහර කතන්දර) අපිත් එක්කම මැරිලා යනව. ඉතින් ඊට පස්සෙ හොල්මනක් වෙලා එන්න කියලයා.
ඉදිරියට තවත් හොද කතන්දර කියවන්න අපි බලාගෙන ඉන්නවා.
ReplyDeleteතෙරුවන් සරණයි
තරිදුවා කියන කතාව ඈත්ත. ලියද්දි කුට්ටි කරන ඒක ලේසි උනාට මොකද කියවද්දිනෙ ඒකෙ අමාරුව තේරෙන්නෙ.
ReplyDeleteමිනිස්සු ජනවාරි පලවෙනිද දෙන පොරොන්දුත් විශ්වාස කරන්න බැරි එකේ, මේ අප්‍රියෙල් පලවෙනිද දෙන ප්‍රසිද්ධ පොරොන්දු ගැන, කියන කතා ගැන කුමන කතාද කියලයි හිතුණෙ.
ReplyDeleteමොකද හිතුණෙ කියල ලිව්ව ඔන්න.
හොඳයි හොඳයි එහෙනම් දිගටම ලියමුකෝ..... අපි අනිවා එනවා කියවන්න .............
ReplyDelete@ All
ReplyDeleteදුටු, නොදුටු මිතුරනි,
සියළු දෙනාගේම ප්‍රතිචාරවලට ස්තුතියි.
ඊයේ දුන් පොරොන්දුව අද (2 April) ඉටු කළා!!!