Wednesday 11 September 2013

කඩේ යෑම සහ බීඇම්අයිසීඇච් යෑම - කටුබැද්දේ කොල්ලන් ගේ වැඩක් :: Book-Seeker SMS Service


මං කඩේ යෑම ගැන කතන්දර කීපයක් ම මීට කලින් ලියලා තියෙනවා. ඒ බොහොමයක් ඒවා මං කඩේ ගිය හැටි ගැන කතන්දර. අඩු වශයෙන් එකක් හෝ "කඩේ යෑම" ගැන කතන්දරයකුත් ඇති.

ඒවා කියවලා නැති අයටත්, කියෙව්වත් දැන් අමතක අයටත් ඒ කතන්දරවලට යන්න සබැඳි එක්ක ලයිස්තුවක් මං පල්ලෙහායින් දාන්නම්.

මේ දවස්වල නං මං සාමාන්‍යයෙන් කඩේ යන්නේ සතියෙකට එක පාරයි. ඒ සති අන්තයේ දවසක ගෙදරට අත්‍යවශ්‍ය එලවළු, පාන්, කිරි වගේ බඩු ටික ගෙන්නයි. සමහර විට සති මැද්දේත් දුවල ගිහින් පාන් ගෙඩියක් දෙකක් අරගෙන එනවා.

මං හිතන්නේ අපි කාගෙත් කඩේ යෑම කෙරෙන්නේ සාමාන්‍යයෙන් ඔය ආකාරයට තමයි.

ඔයිට අමතරව අපි සමහරු කරන කඩේ යැම තමයි අවුරුද්දකට පාරක් සැප්තැම්බරයේ බීඇම්අයිසීඇච් එකට යෑම. ඒ සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශනයේ සැරිසරන්නයි.

ගිය අවුරුද්දේ මං එතනට ගිය වෙලාවේ ගත්තු ෆොටෝ එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ. ඒ පොතක් නෙමේ, මයියොක්කා සහ සම්බෝල පීරිසියක්.

ඇත්තටම පොත් ගන්න පොත් ප්‍රදර්ශන භූමියට යන අයට එන එක ප්‍රශ්නයක් තමයි තමන්ට මිලට ගන්න ඕනෑ පොත කොයි කඩේ තියේද කියලා හොයා ගන්න එක.

පොතේ නම වගේම ප්‍රකාශකයාගේ නමත් දන්නවා නම් ඒ ප්‍රශ්නය එන්නේ නෑ තමයි. කොහොම වුනත් සමරුන්ට මේක වෙලාව කා දමන අවුලක් වෙන්න ඉඩ තියෙනවා.

අද මේ ලියන්නේ ඒ ප්‍රශ්නයට ඇස්ඇම්ඇස් මගින් පිළිතුරු දෙන අළුත් සේවාවක් ගැන ඔහේලාට කියන්නයි.
ඒ කියන්නේ ඔන්න අපි ඇස්ඇම්ඇස් එකක් යවනවා පොතේ නම දාලා.
එතකොට ඩේටාබේස් එකෙන් පොත තියෙන කඩේ නම එක්ක අපිට උත්තර ලැබෙනවා.
ඉතිං අපි කඩේ යනවා!
අද ආරම්භ කෙරෙන මේ ඇස්ඇම්ඇස් සේවාව ගොඩ නගලා තියෙන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ පිරිසක්. වෙනත් වචනවලින් කියනවා නම් කටුබැද්දේ කට්ටෝ ටිකක්.

මේ වැඩේට පොඩි බැකප් එකක් දෙන්න කියලා පෙරේදා මගෙන් ඉල්ලීමක් කෙරුණු වෙලාවේ මට හිතුණා කඩේ යනවා නම් මෙන්න මේ වගේ වැඩකට කඩේ ගියාට නම් කමක් නෑ නේද කියලා.

බුක්-සීකර් කියලා නම් කරලා තියෙන මේ ඇස්ඇම්ඇස් සේවාවට ලියාපදිංචි වෙන්න චූට්ටං සුපියක් දහයක් යනවා. ඊට පස්සේ සේවාව සැපයෙන්නේ නොමිලේ ය කියලයි මේ ආරංචිය මට දුන්නු සුධීර පලිහක්කාර කියන්නේ.

මෙන්න මේ සේවාව ගැන විස්තර පත්‍රිකාවක්.



පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේකෙන් වැඩක් ගන්න නම් ඩයලොග් මොබයිල් එකක් තියෙන්න ඕනෑ.

ලබන අවුරුද්ද වෙනකොට මේ ඇස්ඇම්ඇස් සේවාවට අමතරව ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකුත් හදන්නට මේ කෂ්ටියට හැකිවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අර මුලින් කියපු කඩේ යන කතන්දර ලයිස්තුව.

1. කතන්දරකාරයා කඩේ ගිය හැටි
2. ගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ
3. දුමින්ද කඩේ යයි - Duminda goes shopping
4. කඩේ යැවීම හෙවත් විනෝද් කුමාර ට එන්න එපා කියන්න
5. ජොක්කු ගන්න ආයෙත් කඩේ ගියා - Superiority Complex
6. සුදා ල ගෙ කඩේ ප්‍රේමේ
7. තේ පැන් සාදයි තම්බි කඩේ - Splitting the bill
8. හන්දියේ හෝටලේ චූ කතාව
9. ආඩම්බරකම නිසා කොලුවෙක් තුට්ටු දෙකට තට්ටුකර ගනී
10. පාන් ගෙඩියක්ම කෑවෙමි!
11. හාමිනේ ගේ බඩු ලයිස්තුව හෙවත් අපි නොදන්න ස්ප්‍රැට්ස්
12. සෝමා, සරෝජා සහ කඩේ යාම - සෝමරත්න දිසානායක සමග පිළිසඳරක්
13. කඩේ යාම = පුX දීම සෝමරත්න දිසානායක සමග සාකච්ඡාවක්
14. මෙහි අළුත් මාළු විකිණීමට තිබේ! Fresh fish for sale here
15. බනිස් කතන්දර
16. ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)
17. ජොක්කු ගන්න ආයෙත් කඩේ ගියා
18. පාමසියේ දී මුණ ගැහුණු සීයා ගේ කතා වස්තුව


63 comments:

  1. ඔය චූටි රුපියල් දහයට ඩොලර් දහයක් දීලා අපිට කඩේ යන්ට බැරිවෙයිද?:D

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් ඩොලර් දහයක් හරි දීල කඩේ යන්න නෙවි ඕන.... කඩේ ගෙන්නගන්න විදියක් ..... නැද්ද ?????

      Delete
    2. ඩොලර් වලට කඩේ ගියොත් පිළිකා හැදිලා මැරෙණවාය කියලා විමල් වීරවංශ කියලා දොස්තර කෙනෙක් අළුතින් හොයාගෙන තියෙනවා. ඒ නිසා පරෙස්සමෙන්.

      Delete
    3. @ Podi Kumarihami
      ඔබ එවූ ඊ-මේලයට ස්තුතියි. ඔබේ පොත් විචාරය මා හැකි විගස පළ කරන්නම්!

      Delete
  2. වැඩේ තියෙන්නෙ ඔය කියන ඇප් එක ඩයලොග් විතරක් වැඩ කරන එක තමයි.... අපි උපන්දා සිට මොබිටෙල්.. කොටින්ම මොබිටෙල් ගඩොල් තියෙන කාලෙ ඉදලා අපි මොබිටෙල්

    ReplyDelete
    Replies
    1. ඔහේ ගන්නේ පරණ පොත් නේ!

      ඒකට ඇප් එන්න කල් යයි. ;-)

      Delete
  3. මේකෙ ඇන්ෆ්‍රොයිඩ් ඇප් එක එනකන් ඉවසන්න වෙයිද මන්දා ..අපි ඉතින් මොබිටෙල් නෙ..පරණ ෆෝන් කට්ටක් තියෙනවා..ඒකටවත් ඩයලොග් සිම් එකක් ගහ ගන්ඩෝනි..

    ReplyDelete
  4. මාත් බොගෙයි, සින්ඩියෙයි දෙකේම එල්ලලා සප් එකක් දුන්නා.. නියම වැඩක්... මේ විස්තරේ නම් ඉතින් පත්තරේ දැම්මා වගේ තමයි....

    ReplyDelete
    Replies
    1. ඒකාලෙ නම් ගමේ මේ වගේ වැඩකට පබ්ලිසිටිය දෙන්න ගන්නෙ අපේ සීයගෙ බක් ෆියට් එක.....

      ඒකෙ ලවුඩ්ස්පිකරේ බැදලා ගම වටේ යනකොට මම පස්සෙ සීට් එකේ යනවා මට තාම මතකයි....

      කාරෙකේ ටයර් පාර ගමේ මැටි පාරවල් වලින් මැකෙන්න සතියක් දෙකක් යනවා...

      සීයට තියන බයටද මන්දා මිනිස්සු ඒ ටයර් පාර පාගන්නත් බයයි...

      දවසක් කාරෙකට නයෙක් අහුවෙලා මැරිලා හිටියා...

      Delete
    2. සිංහල බ්ලොග් අවකාශයේ ගැණු නයි අරින්නේ තමන්ගේ හස්බන්ඩලාගේ රස්සාව, කඩවසම් බව, ධනය යනාදිය ගැනය. පිරිමින් නයි අරින්නේ එක්කෝ තමන්ගේ ලිංගික ශක්තිය ගැනය. නැත්නම් සීයලා ගැනය.

      Delete
    3. ඒ බක් ෆියට් එක සීයගෙ නෙමෙයි තාත්තගෙ.. සීයට තිබුනේ තිරික්කලයක්.. එකේ ඩැකරේසන් තනි රත්තරන්... කැරට් 24...

      Delete
    4. තිරික්කලේ ඇදන් ගියෙත් සීයමද?

      Delete
    5. නෑ. ආච්චි.

      Delete
    6. මගේ ආච්චී ගේ තාත්තටත් තිරික්කලයක් තිබිලා තියෙනවා.

      Delete
    7. ඔය ඇනෝ කියලා තියෙන්නේ ඌගේ ආච්චිය කියලා..

      Delete
    8. @ මාතලන් September 11, 2013 at 4:01 PM

      +++++++++++++++++++++++++++++++++++++

      Delete
  5. ඔන්න වැඩි විස්තර ඕනේ කස්ටිය මෙන්න මේ ලින්කුවෙන් ඔය ඇප් එක හදපු කස්ටියගේ ෆේස්බුක් පිටුවට යන්න.
    @චතු-රංග: මේ සේවාව ඩයලොග් වලට විතරක් සීමා වෙන්නෙ හේතුවක් උඩ, ඒ අය විතරයි මේවගේ අළුත් දේවල් වලට ටිකක් හරි සප් එකක් දෙන්නෙ.
    @මාතලන්: දැක්කා දැක්කා, බොහෝම ස්තුතියි. :)

    Link : Bookseeker Facebook Link

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනවත් වැඩක්. වෙබ් අඩවියක් හරහා මේ සේවාව ලබා ගන්න හැකි අයුරින් දියුණු කරගන්න පුලුවන්නම් තවත් පිරිසකට මේ සේවාව ලබාගන්නට හැකිවේවි. හැබැයි ඉතින් මූල්‍යමය අතින්නම් එය මෙහි නිපැයුම් කරුවන්ට පාඩුවේවි. සේවාවක් විදිහටනම් අනික් අයට වාසිවේවි.

      Delete
    2. ඇප් එක්කෝ විකුණනවා, නැති නම් නිකන් දීලා ඇඩ්ස් දානවා!

      Delete
  6. හොඳම වැඩක්. මේව තමයි වෙන්න ඕන. හැබැයි ඩයලොග් පමණයි නං අවුල්.

    ReplyDelete
    Replies
    1. අර මිළ දී ගත්තය කියපු කොන්ඩෝම් වලින් වැඩක් ගත්තද?

      Delete
    2. නැතුව! නගරසභාවෙ කුණු ට්‍රැක්ටරේටත් ගිහිල්ල ඉවරයි.

      Delete
    3. මචන් මම මාසෙකට කලින් ගත්තු පැකට් දෙකක්ම කාර් එකේ කබියෙ වේලෙනවා... උඹටවත් බැරිද ශෝට් ලීව් එකක් දාලා එන්න.....

      අනෙක මම ගන්නෙත් ඔය තිහ හතලිහෙ ඒවා නෙවෙයි..... දෙසීයෙ තුන්සීයෙ බඩු....

      Delete
  7. මේක නම් ඇත්තටම හොඳ වැඩක් ලොකු කාලයක් ඉතිරි කල හැකි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ට්‍රයි කරලා බලන්න.

      Delete
  8. Replies
    1. ස්තුතියි! ට්‍රයි කරලා බලන්න.

      Delete
  9. BMICH fair is SO crowded. You really can not browse books the way you want in the stalls.

    ReplyDelete
    Replies
    1. එතනට යන්නේ පොත් ගන්නම නොවෙයි. මං නං මයියොක්කාත් කැවා!

      Delete
    2. මඥ්ඥොක්කා ටිකට කීයක් උනාද ?

      Delete
  10. අද ඇනෝලා කවුරුත් නෑ.... හරි පව්.... කකාට ඇනෝලා එපා වෙලාද නැත්නම් ඇනෝලාට කකාව එපා වෙලාද?

    ReplyDelete
    Replies
    1. වැඩ! වැඩ! වැඩ!

      Delete
  11. පොත් ප්‍රදර්ශනෙන් පොත් ගන්න ගියාම පොත් එපා වෙනවා .කඩේ හොයාගන්නත් , පොත් හොයා ගන්නත් හරිම අමාරුයි. මේ ක්‍රමේ අනුගමනය කලොත් ලේසි වේවි මා හිතේ.අනිත් එක දැන් කාලෙ බුක් ෂොප්වල වැඩට ගන්නෙත් මෙලෝ රහක් නැති අය. මම දවසක් ප්‍රසිද්ධ බුක් ෂොප් එකකට ගිහින් අලුත් පරිවර්තන පොතක් ගැන ඇහුවා , එතන වැඩ කරණ අය පොතේ කතෘ ගැන අහල මූණෙන් මූණ බලා ගත්ත. ඊට පස්සෙ මම කවදාවත් වැඩකර අයගෙන් පොත් ගැන අහන්න ගියේ නැහැ :)

    ReplyDelete
    Replies
    1. බලනකොට කඩේකට ගිහිලා පොතක් ඉල්ලන එක ෆාමසියකට ගිහින් කොන්ඩෝම් එකක් ඉල්ලනව වගේ සංකීර්ණ කාර්යයක්නෙ.

      Delete
    2. මම පොත් කඩේට කඩේ යනවා නෙවෙයි,මරදානෙ සූරිය පොත්හලේ වැඩකරන අය නං පොත් ගැන හොඳට දන්නව සහ අපි නොදන්නා අලුත් පොත් ගැනත් දැනුවත්

      Delete
    3. AnonymousSeptember 11, 2013 at 11:59 AM
      ලින්ක් එක දැම්මනං හිට්ස් ටිකක් හරි කන්න තිබුනනෙ, නපුර!

      Delete
    4. නපුරු කමකට නෙවෙයි මම කකා වගේ ලින්ක් දාන්න දන්නෙ නෑ. ඔහේ කපල අවලන්න විතරයි පුළුවන්. ඔන්න ඇලෙව්වා එහෙනම්. පින්වතුනි ඔය ශ්‍රද්ධාවත් පින්වතුන් මේකටත් ගිහිල්ලා බලලා දුප්පතාට පිනට යමක් දෙන්න.

      ෆුඩ්සිටියෙ නෝනගෙ කොන්ඩම් භීතිකාව http://raj1st.blogspot.com/2013/09/blog-post_10.html

      Delete
    5. ආං එහෙම එන්න.

      Delete
  12. කකා අද කඩේ ගිහින් තියෙන්නේ අපූරුම දේකටනේ. හොද ළමයි එහෙම තමා. අතිශය වටින වැඩක්

    ReplyDelete
    Replies
    1. ඔයා කඩේ යන්නෙ කාටද කියලා හැමෝම දන්න නිසා අපි කියන්නෙ නෑ...

      Delete
    2. කුමටද කුසලට කම්මැලි වන්නේ!

      Delete
  13. දැනුවත් කරාට බොහෝම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නැවත එන්න !

      Delete
  14. සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන පොත්-කතන්දර සඳහා ගෑල්ළමයෙක්ගෙන් සම්මාදමක් - බලාපොරොත්තු වෙන්න ප්‍රවීනා පලිපාන ((පොඩි කුමාරිහාමි)) ලියූ ප්‍රථම ග්‍රන්ථ විචාරය කතන්දරය.....

    This is Called begging for a blog post !

    ReplyDelete
    Replies
    1. //This is Called begging for a blog post !//

      Why not... kaka is a one of the top class comment beggars in blog writers....

      හිට් එකට කොමෙන්ට් එකට රට ජාතිය ආගම උනත් විකුණනවා...

      Delete
    2. ඒක ඇඩ් එකක්.

      මං ගිය අවුරුද්දෙත් ඔය වගේ ඇඩ්ස් දාලා තිබුණා, මතක නැද්ද? නැත්තං ඔහේ ස්ප්‍රිං චිකන් එකෙක්ද?

      Delete
  15. කකා,
    මෙදාපාර ස්වර්ණ පුස්තක සම්මානය (2013) දිනලා තියෙන්නේ කීර්ති වැලිසරගේ ලියපු "කාල සර්ප" පොත. මෙලෝ රහක් නෑ ඒක නම්....

    ReplyDelete
    Replies
    1. චික් විතරක්.... සම්මානෙ දෙන්න තිබ්බෙ ආනන්දෙ තමයි ඉස්කෝලෙ කියන පොතට.... අන්න ඒකනෙ පොත..... තට්ට ඩයල් එකක් ලියලා තියෙන්නේ....

      Delete
    2. "kaala sarapa" කියල බුක්සීකර් එකෙන් අහල බලන්න ඕනෑ කොහෙද ඒ පොත තියෙන්නේ කියලා!

      Delete
    3. Type
      isk Anande thamai iskole


      Reply

      Book is not found.

      Delete
  16. වැඩේ නම් මරු.අපේ කොල්ලෝ කවදත් එකම තමා...ජය වේවා..උබටනම් හොදට කඩේ ගිහින් පුරුදුනේ.එල ආ

    ReplyDelete
  17. හොද වෑඩක් නේ.ස්තුතියි දැනුවත් කිරිමට

    ReplyDelete
  18. නියමයි කකා....හොඳ වැඩකට අත හිත.......

    ReplyDelete
  19. පොත් ගන්න කඩේ යනවා කියලා කියද්දී මතක් උනේ. මටනම් මාර ඉරිසියයි ඔය පුස්තකාල පොත් කඩවල් එක්ක. එව්වාගේ තියෙන පොත් ඔක්කොම ගෙන්න නැති නිසා ඒ නම්..
    ඔන්න මම රෙජිස්ටර් උණා..

    Bora Diyaka Induwara

    ReplyDelete
  20. ෆ්‍රී mms සේවයක් විදිහට දුන්නා නම් මීට වඩා හරි.. මොකද ෆ්‍රී sms කියලා ජාතියක් මේ ලෝකේ නැහැ .. ඒ උනාට වෙබ් බේස් mms ෆ්‍රී යවන්න පුළුවන්..

    උදාහරණයක්

    0711234567@@mms.mobitel.lk

    මේ විදිහට යවන msg එකක් ෆෝන් එකට එන්නේ mms එකක් විදිහට...

    ReplyDelete
  21. මම මේ දැන් බුක්සීකර් එක පාවිච්චි කලා...

    විශ්වාස කරන්න!!! රිචඩ් ඩෝකින්ස් නැමැති කතුවරයගේ බෙස්ට් සෙලර් The Magic of Reality: How We Know What's Really True සහ An Appetite for Wonder: The Making of a Scientist යන පොත් දෙකම මේ සැරේ පොත් ප්‍රදර්ශනයේ / ඩේටා බේස් එකේ නැහැල්ලු.

    පොත් ප්‍රදර්ශනයේ වරදක්ද? බුක් සීකර් එකේ වරදක්ද?

    - ඇනෝපාල

    ReplyDelete
    Replies
    1. ඇනෝපාල මහත්තයෝ, මම නම් ගොඩක් පොත් මේකෙන් හොයාගත්තා. ලෝකෙ තියෙන ඔක්කොම පොත් BMICH එකේ විකුනන්න නැතුව ඇති මං හිතන්නෙ. බුක් සීකර් එක සීයට සීයක් හරි නැතුවත් ඇති. හැබැයි මේ මිනිස්සුන්ගෙ උත්සාහය සහ සංකල්පය අපි අගය කළ යුතුයි එකහෙළාම... සාමාන්‍ය ලෝකයේ තියෙන ප්‍රශ්නයක් දැකල, ඒකට පිලියමක් දෙන ගමන් ලංකාවෙ පොතපත කියවන ඔබතුමාලා අපි වගේ අයට උදව්වක් වෙන්නනේ මේක හදල තියෙන්නෙ... නැද්ද මං අහන්නෙ...

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.