Thursday 26 September 2013

කසාද වයිෆ් ගෙදර නැති වෙලාවට මහත්තුරු කන බොන හැටි - Secret men's business!



බ්ලොග් ලියන, කියවන අයගෙන් වැඩි පිරිසක් කසාද බැඳපු පිරිමි කියලයි මට තේරිලා තියෙන්නේ. මං මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා මගේ ඒ සහෝදර පිරිස දන්නවා.

එතකොට බැඳපු කාන්තා පක්‍ෂය? ඒ අයටත් මං මේ කියන්න යන කේස් එක ගැන තරමක හෝ අවබොධයක් ඇති.

මේ කියන්න යන්නේ, තමන් ගේ කසාද වයිෆ් පැය දෙක තුනකටවත් නිවසෙන් පිට ගියොත්, ඒ කාල සීමාවට දවසේ දිවා ආහාර වේලාව හෝ රාත්‍රී කැම වේලාව යෙදුනොත්, ගෙදර තනිවෙන කසාද මිනිහා කන්නේ බොන්නේ කොහොමද, මොනවාද කියන දැවැන්ත ප්‍රශ්නය ගැනයි!

මේ වැඩේ මට කලින් දෙතුන් වතාවක් වෙලා තියෙනවා.

මුල් වතාවේ මං ලිව්වා ඒ කාපු පරිප්පුව ගැන.

දෙවෙනි වතාවේ ලිව්වේ රමණී නෝනා මට කළ උදව් උපකාර ගැනයි.

තුන්වෙනි වතාවේ ලිව්වා ස්ටර් ෆ්‍රයි හැදීම ගැන.

දැන් මෙන්න හතරවෙනි වතාව.

පහුගිය දවසක මංතුමා දවල් වරුවේ ගෙදර හිටියා. හාමිනේ වැඩට ගිහින්. ළමයි ඉස්කෝලේ. මං හිතාගෙන හිටියේ කලින් උයපු කෑම ජාති මොනවා හරි ෆ්‍රිජ් කට්ටේ අහුමුළුවල ඉතුරු වෙලා ඇතිය කියලයි.

බඩගිනි වෙලා මා ගිය කල කුස්සියට
තිබුණේ නැතිය කිසිවක් එහි මට කන්ට
මොකදෝ කරන්නේ කියලා හිතුණි මට
ක්‍ෂණිකව හදා ගත්තෙමි කෑමක් රසට!

වැඩි ටෝක්ස් බෝක්ස් නැතුව ෆොටෝවලින් ම දෙඤ්ඤංකෝ කතා වස්තුව.



අන්න එහෙමයි වුනේ!

පින්තුරු කතන්දරේ නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න. මං විස්තර කරලා දෙන්නම් මේ රෙසිපි එක පියවරෙන් පියවරට.

දැන් ඔය කිව්වේ දවල්ට කාපු කෑම ගැනනේ. මෙන්න බීම ගැන පින්තූර කතන්දරේ.



චියර්ස්!

-කතන්දරකාරයා

(image: http://www.thefiftyfactor.com/2012_10_01_archive.html)

64 comments:

  1. මාගේ රසික,රසිකාවියන්ට සුපෙම්බර සුභ උදෑසනක් වේවා..!!

    ReplyDelete
  2. ඒ කියන්නෙ කසාද වයිෆ් හැර තවත් වයිෆ්ලා අපිට සිටිනවා කියලද?

    ReplyDelete
    Replies
    1. ඇයි අර ළමයි හම්බවෙන වයිෆ්ලා, ඒ කියන්නේ මිඩ්-වයිෆ් ලා?
      and there are Ex-Wives as well.

      Delete
  3. පළවෙනි කොටුවෙන් පේන්නේ මා ප්‍රිය නූඩල් ජාතිය
    මිරිස් රසට බිත්තරයක් සමගින් කෑමයි ප්‍රීතිය

    දෙවෙනි කොටුවෙ මා කරන්නේ නූඩල් පොඩියට කැඩීම
    පැකට් එකේ ඇතුලේදිම හරි පහසුයි එය කිරීම

    තායි රසය ගෙන එන පොඩි පැකට් ජාති තුනක් ඇතේ
    තුන්වෙනි, සිව්වෙනි කොටුවලට ඒතතු විස්තර කෙරෙතේ

    ReplyDelete
    Replies
    1. සාස්පාන ලිපේ තියා වතුර ටිකක් රත් කරන්න
      ඒ ගැන නොම දන්නා අය පස් වෙනි කොටුවෙන් බලන්න

      වතුර නට නටා එන කොට නූඩල් ටික එයට දමා
      හයවෙනි කොටුවේ විදියට තම්බා ගත්තොත් කදිමා

      හත්වෙනි කොටුවේ පෙනෙන්නේ එතකු කරපු බිත්තරයයි
      අටවෙනි කොටුවේ විදියට කවලම් කරගත යුතුමයි

      Delete
    2. නමවෙනි කොටුවෙන් පෙනෙන්නේ රසකාරක යොදපු හොද්ද
      හොඳ හැටි කවලම් නොකලොත් එතන වෙන්නේ වස වැරැද්ද

      විනාඩි දෙක ගත වුණු පසු දිසියකට දමා ගන්න
      වයිෆ් ගෙදර එන්න කලින් උණු උණුවෙම රස විඳින්න

      ක්‍ෂණිකව නූඩල් හදනා තොරණේ විස්තර එහෙමයි
      අසා සිටිය ඔබ සැමටම මහ රජ්ජුරුවන් සරණයි!

      Delete
    3. කකා, මමත් මේ රෙසිපියම හදනවා ( පුලුවන්නම් පරිප්පු හොදි ටිකකුත් මේකටම එකතු කරලා.) මට කවදාවත් හමුවී නැති ඔබත් මේ රෙසිපියම හදනවා යැයි ඇසීම සිනාවට කරුනක්.

      Delete
    4. මේ කවි ටික නේ පෝස්ට් එකට දාන්න තිබුනේ... ඕක ඔළුවට ආවේ නැතෙයි කලින්.. මම මේ කොමෙන්ට් එකක්වත් නොදා මල පැනලා යන්න ගියේ..

      Delete
    5. සාස්පාන හා පිඟාන හෝදාලා නොතිබ්බොතින්
      හොර අහුවෙයි වෙරි හිඳවයි ඒ හින්දා පරිස්සමින්

      Delete
    6. @ dawkinssdodo

      ඒ කැලේ කොටි සහ මේ කැලේ කොටි එක පුල්ලි ඇති අය බවද එයින් කියවෙන්නේ?

      පරිප්පු තිබුණා නම් මං පාන් කෑල්ලක් කනවා!

      Delete
    7. @ Maathalan - Priyantha HewageSeptember 26, 2013 at 8:14 AM

      ඔළුවේ තිබුණා. ටයිප් කෙරුවේ පස්සේ!

      Delete
    8. @ Praසන්ன

      නෝන ගෙදර ආපුවාම තේකක් හදලා දෙනවා
      එපිං බලෙන් වලං පිඟං නොසේදු පව පහවෙනවා!

      Delete
  4. මම නම් කරන්නෙ හාල් හුන්ඩුවක් ලිපේ තියල පොල් සම්බලයක් හදල,බිත්තර දෙකක් බැදල අරගෙන කන එක.
    මට ඔය ක්ෂණික දේවල් අරහං.

    ReplyDelete
  5. Is this something to post on a blog, this looks perfectly normal to me, there is a similar thing in SL called Maggie Instant Noodles

    ReplyDelete
    Replies
    1. මගේ වෙබ් ලොග් එකේ ලොග් ඇන්ට්‍රි විදියට කවදත් දාන්නේ මගේ අත්දැකීම් තමයි.

      Delete
  6. කසාද වයිෆ් ??
    කසාද නොබැදපු වයිෆ්ලත් ඉන්නවද?
    හොර ගෑනුන්ට වයිෆ් කියල කියනවද?

    ReplyDelete
    Replies
    1. NEHE NEHE ,MISTRESS KIYALANE KIYANNE.

      Delete
    2. /* කසාද නොබැදපු වයිෆ්ලත් ඉන්නවද? */

      ඇයි මිඩ්-වයිෆ්?

      Delete
  7. COOKERY WALATA NAM ME HUCHAKKUWA BALANNA OONE NEHE. HONDA RECIPE BLOG THIYENNE, MEWA BALANA APATA YAMA RAJJURUWANGEMA SARANI.

    ReplyDelete
    Replies
    1. මොන ගූ ගොඩක් ලිව්වත් පොඩ්ඩිල, මාතලංල, වෙදනා වගේ මාරුවට පිට කහගන්න කට්ටියක් ඉන්නවනෙ කැප් මචෝ

      Delete
  8. කොමෙන්ට් මදි හින්දද මේ තමන්ම දාගෙන තියෙන්නේ :o

    - මහසෝනා

    ReplyDelete
    Replies
    1. අනේ මෙහෙම තන්හාවක්, අනේ මෙහෙම ආසාවක්
      මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්?

      Delete
  9. බීම කෙසේවෙතත් , කෑම ගැන කතාව නම් සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. වැඩිපුර බීම මෙන් ම කෑම ද අගුණයි!

      Delete
  10. අපෙත් ඉතින් ජනප්‍රියම කෑමක් තමයි ඕක.... වේල් දෙක තුනකට සැරයක් ඕක එනවා ...... මාර වැඩේ කියන්නේ සමහර වෙලාවට වේල් දෙකතුනම පිට පිටමත් ඕකම එනවා

    ReplyDelete
    Replies
    1. ඔයා නං කන්නේ මී ගෝරිං වෙන්න ඇති නේ?

      Delete
  11. අපේ වත්තෙ ඕවගේ ක්ෂණික ආහාර තියෙන්නෙ සංචිත විදියට ඒ තැන්වලමයි..
    ඇඹරැල්ල, අඹ, දොඩං හැදෙන කාලෙක ඒව ඒ ගස්වල..
    වැහි කාලෙක නම් මයියොක්ක අලයක් ගැලෙව්ව තැම්බුව කෑව..
    කොස් හැදෙන කාලෙක නම් කොස් හරි වැල වරක හරි ගෙඩියක් බෑව කෑවා...

    හැබැයි ඔය මොන අලගෙඩිය තිබුනත් අපේ ගෙදර අයත් හිටපු ගමන් කඩේ ගිහින් නූඩල්ස් ගෙනල්ල කනවා.. සාම්ප්‍රදායික විදියටම අපේ තාත්ත කෘතිම ආහාර වලට බනින අතර බැනල ඉවර වෙලා තාත්තත් “කෝ ටිකක් රහ බලන්නවත්“ කියලා පිගානක් බෙදාන කනවා...

    ReplyDelete
    Replies
    1. ඇයි, තැඹිලි කුරුම්බා නැද්ද?

      Delete
  12. පිළි ගත්තත් නැතත් අප බොහෝ දෙනකුට අකසාද වයිෆ්ලා ඉන්නවා. (හොර ගෑනු නෙමෙයි, හොඳේ.)

    දර්ශීය උදාහරණයක් ලෙස දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ රස්සාවට එන සිල්වා මහත්තයා ගන්න. සිල්වා මහත්තයා පැය තුනක් වත් (උදේ හවස) කෝච්චියේ පැට අටක් ඔෆිස් එකේ. ඒකට සාපේක්ෂව ගෙදර වයිෆ් එක්ක ඉන්නේ (නිදා ගන්න කාලය අත ඇරියාම) පැය තුනක් විතර. ඉතින් ගෙදර වගේම කෝච්චියේත්, ඔෆිස් එකේත් සිල්වා මහත්තයාට අකසාද වයිෆ්ලා දෙන්නෙක් ඉන්නවා. වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නෙ සෙක්ස් කරන ළමයි වදන වයිෆ්ලා නෙවෙයි. නමුත් ඉතුරු සියළු කාරණා වලට ගැළපෙන වයිෆ්ලා. සමාජ සම්මතයන් නොතිබුණා නම් සිල්වා මහත්තයා එක්ක ඇඳට ගොඩ වෙන්න වුණත් අකැමැති නැති වයිෆ්ලා. ඒ අයටත් ගෙදර තව නීත්‍යානුකූල හස්බන්ඩලා ඇති.

    මේ සිස්ටම් එක ගැන කාටවත් බනින්න බෑ. හිතන්න බලන්න සිල්වා මහත්තයාට මෙහම චාන්ස් එකක් නොතිබුණා නම් ජීවිතේ කොයි තරම් කටුක වෙන්න තිබුණාද කියලා. ඉතින් සිල්වා මහත්තයාට වත් ඔහුගේ වයිෆ්ලට වත් බනින්න එපා. ඔබ තුළ ඉන්නා සිල්වා මහත්තයා හඳුනා ගන්න.

    ReplyDelete
    Replies
    1. එතකොට අවසේ වැඩිපුරම කාලයක් එකට ගත කරන කොම්පීටරී?

      Delete
  13. ඊට වඩා ලේසියි නෙ කප් නූඩ්ල්ස් හදන් කන එක... එකම රහ... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒකටම බිත්තරයක් කඩල දාල ටික වෙලාවක් වහල තියල කෑව නම් හරි.
      කාලය,ශ්‍රමය සහ වියදම ඉතිරියි.

      Delete
    2. උණුවතුරේ දානවාට වැඩි රහයි මේ විදියට ඉව්වාම

      Delete
  14. අම්මපා මේදවස් වල මාත් එහේමනේව...හික්ස් ...!!!

    ReplyDelete
    Replies
    1. බිරින්දෑ නෑගම් ගොසින්?

      Delete
  15. //In Australian indigenous culture "secret men’s business" refers to ceremony and ritual open only to men. //

    කවුරුත්ම අහලා නෑ ඇයි මේ secret men’s business කියලා තියෙන්නේ කියලා නේද?

    ReplyDelete
    Replies
    1. වයිෆ් ලා නැති වෙලාවට කන බොන හැටි ගැන කියවෙන හින්දා ඒ යෙදුම පාවිච්චි කළා! අවසරද?

      Delete
  16. \\බ්ලොග් ලියන, කියවන අයගෙන් වැඩි පිරිසක් කසාද බැඳපු පිරිමි කියලයි මට තේරිලා තියෙන්නේ. \\

    :)


    කකා ඒක නෙවේ පොතක් ලියලා ඒක ප්‍රකාශකයෙක් ළඟට අරන් ගියාට පස්සේ කොහොමද ඉතුරු ටික වෙන්නේ කියලා පෝස්ට් එකක් දාන්නකෝ.. කතෘ භාගය එහෙම කොහොමද තීරෙනය වෙන්නේ ... මම දන්න කෙනෙක් උන්නා CR පොත් 2 ක විතර කේන්දර හදන හැටි අග සිට මුලට ලියන් හිටපු, පොතක් ලෙස පළ කිරීමේ උවමනාවෙන්.. පිටපත් 1000 ගහන්න ලක්ෂ එක හමාරක් යනවලු.. ඒ මනුස්සය ගේ උකස් තියලා වැඩේට බහින්න ලෑස්තිය..අනේ මන්දා කකා..

    ReplyDelete
    Replies
    1. වෙනම පෝස්ට් එකක් විදිහට දාන එක හොඳයි...ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි.. දැනටම ලියලා තියේද ..?

      Delete
  17. ෂා නූඩ්ල්ස්... කටට කෙලත් උනනවා බොල

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ මට බඩේ අමාරුවක් හැදෙයිද මන්දා?

      Delete
  18. මේ කෑමට කොරියාවේ කියන්නේ නම් රාම්්‍යාන් කියලා..ගුණ අගුණ කාරණේ පැත්තකින් තිබ්බොත් රස කෑමක්..

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කතා?
      නැත්තං මං කනවාද?

      Delete
  19. කකා.........මම තමයි ගෙදර බොහෝවිට උයන්නේ. මට රසට කෑම උයන්න පුලුවන්. වයිෆ් නිවාඩු දවසට එයා උයනවා. ගෙදර වැඩ වෙන කිසිම දෙයක් මම කරන්නේ නැහැ ඉවිල්ල විතරයි. වයිෆ් ගෙදර නැතත් මට කෑම අවුලක් නැහැ.විනාඩි 30න් එලවළු දෙකයි, මස් එකයි. යාලුවොත් මට කියලා විච්චූරණ හදාගෙන කන්න ආසයි.මට ඉන්ස්ටන්ට් සහ ටේක් අවේ අරහං. කොහේ හරි ගියොත් කනවා.තව එකක් තියෙනවා කකා....... රෑට බත් නොකෑවොත් එලිවෙනකම් දන්සල්, බුෆේ වගේ දේවල් හීනෙන් පෙනි පෙනී නින්ද කැඩෙනවා. ඕන යාලුවෙක්ගේ පාටි එකකදී මට බත් ඒ අය ආසාවෙන් හදලා තියනවා.

    හැබැයි කකා....වයිෆ් ගෙදර නැති උනොත් බොන කොන්ටිටි එකනම් අනිවාර්යෙන්ම ඉහල යනවා.

    ReplyDelete
    Replies
    1. /* රෑට බත් නොකෑවොත් එලිවෙනකම් දන්සල්, බුෆේ වගේ දේවල් හීනෙන් පෙනි පෙනී නින්ද කැඩෙනවා. */

      ජීවිතේට අහලා නෑ මේ වගේ කතාවක්!

      Delete
  20. comment kanawada yako

    ReplyDelete
  21. අන්න ඒකයි. බොන එක පැත්තක දාලා ඔය ඇපල් වගේ එව්ව හපල කන විදිහට ගත්ත නම් මොකද? නූඩ්ල්ස් එක හදාගන්න එක නම් මහලොකු කජ්ජක් නෙවෙයි. අර විස්තරේ බලල ගේමට බහින්ඩ තියෙන්නේ. මම නම් හීටරේ ගැහුවා. සාස්පානක් ගත්තා දැම්මා නුඩ්ල්ස් ටික. ඔන්න ඔහොම. උයන එකෙන් මට හොඳටෝම පුලුවන් අම්ම උයන වෙලාවට පොල් ටික ගාල දෙන්න තමයි. අනිත් ඒවත් පුලුවන් උයන්ඩ. හැබැයි මම විතරයි කන්නේ.

    ReplyDelete
    Replies
    1. ග්‍රීන් ඇපල් උයන්න පුලුවන් ඇඹරැල්ල, අඹ වගේ. ඒ විදිහටම ගත්තහැකි. හපන්න ඇටයක් තමයි නැත්තේ.

      Delete
    2. ඔව් ග්‍රීන් ඇපල් පමණයි සම්මත හිදිහට උයන එකම ඇපල් ජාතිය . ඒකෙන් අතුරුපස බර ගානකුත් හදහැකී . ග්‍රීන් ඇපල් වලට කුකින් ඇපල් කියන්නෙත් ඒක නිසාතමා මයෙ හිතේ .

      Delete
    3. @ තරංග.........හැම ග්‍රීන් ඇපල් වර්ගයක්ම කුකින් variety එකක් නෙමේ.සමහර රෙඩ් ඇපල්ස් වර්ගත් කුකින් වලට ගන්නව. බොහෝවිට ග්‍රීන් තමයි පාවිච්චිය. එයිනුත් Bramley කියන වර්ගය කුකින් සඳහා විශේෂයි

      Delete
    4. @ තරංග.........හැම ග්‍රීන් ඇපල් වර්ගයක්ම කුකින් variety එකක් නෙමේ.සමහර රෙඩ් ඇපල්ස් වර්ගත් කුකින් වලට ගන්නව. බොහෝවිට ග්‍රීන් තමයි පාවිච්චිය. එයිනුත් Bramley කියන වර්ගය කුකින් සඳහා විශේෂයි

      Delete
  22. මේ noodles හදන විදිය අපි හදනවට වඩා වෙනස් නේ

    ReplyDelete
  23. //ඇමරිකානු බිමේ ඉපදිලා කන්න , ඉන්න නැතුව ඉන්න අහින්සක මිනිස්සු ඉදීදී????????????// අපේ පැත්තේ ඇමරිකාවේ නම් ආහාර මුද්ද්රෙන් කන අයත් ලංකාවේ සල්ලි කාරයන්ට වඩා හොඳට කනවා… ඇමරිකාවේ කවුරු හරි ගෙවල් නැතිව හරි පාරේ හිඟමනේ හරි ඉන්නේ නැති හින්ද නොවෙයි ඒක ඒ මනුස්සයන්ගේ තෝරා ගැනීම නිසා. මෙහේ නගරාධිපතිට තියන ගැටලුව ඔහු දවසක් කිව්වේ මෙහෙම we can’t force homeless people into shelter against their free will.

    ReplyDelete
  24. මේ මොනාද මේ කකා???? අලුත් කෑමක් ද???

    ReplyDelete
  25. නියමයි නියමයි .
    හැබැයි මායීයා හදන කෑම වගේ නැතත් මේ වගේ දෙයක් මේ වගේ වෙලාවට දිව්‍යය බෝජනයක් තමා .

    ReplyDelete
  26. මට නම් හැමදාම ඉතින් උයාන කෑම තමා.ඉන්දලා හිටලා ඔය පැකට්ටුවක් කනවා.

    ReplyDelete
  27. දැන්ම ඉදන් මේවා දැනන් ඉන්න්න එක කෝකටත් හොදයි..

    ReplyDelete
  28. නුඩ්ල්ස් නම් මහා ලොකු දෙයක් නෙවේනේ කාකා හදන එක. හොස්ටල් එකේ අපිට සාස්පාන් නෑ. ඉතිං තේ බොන කෝප්පෙට වතුර එකක් දාලා තමයි යාන්තමට තම්බා ගන්නේ

    ReplyDelete
  29. මටත් ක්ෂණික නූඩ්ල්ස් නම් අරහන්. ගඳ එනකොට කෑම රුචිය නැතිවෙලා යනව. ඒත් ළමයි ඉල්ලා සිටියොත් මගේම රෙසිපියකට හදල දෙනව. උනුත් අම්ම හදල දෙන එකට වඩා බොහොම කැමැත්තෙන් කනවා. මෙන්න රෙසිපිය. ඔලිව් තෙල් හැන්දක් රත්වෙන්නට හැර ඒකට සිහින්ව කපා ගත් රතු ළූණු ගෙඩි දෙකක් සහ කරපිංචා කොළ 4ක් 5ක් දමන්න. ඊළඟට වියලි ඉස්සන් 5ක් 6ක් දමන්න. ඊලගට රස කාරක පැකට්ටුවෙන් භාගයක් බැදෙන මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරන්න. කරි කුඩු තේ හැඳි භාගයක් සහ කෑලි මිරිස් හැඳි භාගයකුත් එක් කරන්න. ඒ අතරම නූඩ්ල්ස් හොඳින් පොඩිකර උනුවතුරේ බහා විනාඩි 2ක් තබන්න. වැඩිය තැම්බෙන්න දෙන්න එපා. al dante තත්වයට තබාගන්න. එය බැදෙන මිශ්‍රණයට එක් කරන්න. ඒ සමගම බිත්තරයක් කඩා මිශ්‍රණයට එක කර හොඳින් දවටා ගන්න. බිත්තරය ගන්නට ඉදුණු පසු යම් තෙතමනයක් තිබියදී ලිපෙන් බාගන්න.

    ඇනෝවෙක් ලෙස ලියන එක ගැන සමාවන්න. ඇනෝ තත්වයෙන් මිදී අන්වර්ථ නාමයකින් ලියන හැටි ගැන පහදා දෙන්න,

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.