Sunday, 15 September 2013

පාන් නොකා, පාන් ජොකා හැර වෙනත් පාන් කේස් තිබේද? - In praise of poor man's staple food


පාන් යනු අතීතයේ සිටම පැවතෙන සුමිහිරි ආහාරයක් බව එක්දාස් නමසිය හයේ ඉපදුණු මගේ සීයා පසුව ගුරුවරයෙක් ලෙස සේවය කළ කාලයේ සිදුවූ පාන් ජොකා කේස් එකෙන් පෙනුණි.

ජානගතව ඇති නිසා විය හැකි පරිදි, පාන් කෑමට මම ද ප්‍රිය කරමි. මින් වසර තුනකටත් වඩා පෙර දිනයක පාන් ගෙඩියක් ම කෑ කතන්දරය මා ලිව්වේ ද එනිසා ය.

අද මා සැරසෙන්නේ පාන් කෑම පිළිබඳ මගේ මතකයන් කීපයක් පෙළ ගැස්සීමටයි.

මෙය තනිකරම පුද්ගලික සටහනකි. සමහරුන්ට ගෝචර නොවිය හැක. (ඉතිං මට පාන් යැ?)

පරිසරයෙන් සාමාන්‍ය ගමක් වුවද, කොළඹ කොඩි ගහ ළඟ සිට සැතපුම් පාලහක පමණ දුරින් පිහිටි අප වාසය කළ නිවස පිහිටි ප්‍රදේශයේ පාන් සහ අනෙකුත් කඩයප්පන් විකුණන කඩ බහුලව තිබුණි. කුඩා කල සිට කඩේ ගිය නිසා මට හොඳින් මතක ඇති පරිදි අපේ නිවසේ සිට ගුරු පාර දිගේ බස් යන මහ පාරට පැමිණි විට විනාඩි පහක් ඇතුළත පාන් විකුණන කඩ තුන හතරකට යා හැකි විය. (මුල් යුගයේ කතන්දරයක සඳහන් වුණු සුදාල ගේ කඩේ මෙයින් එකකි).

ඉතින් උදෑසන පාන් කෑම කුඩා වයසේ සිටම මට හුරු පුරුදු විය.

පාන් වනාහී බඩගිනි ඇති නම් නිකම්ම ගුලිකර ගිලිය හැකි අගනා ආහාරයකි. නමුත්, සැලසුම්කර පාන් කන්නේ නම් තවත් යමක් සමග පාන් කෑම අපේ සාමාන්‍ය සිරිතයි.

පාන් කෑම පිළිබඳ මගේ මුල්ම මතකය ඇත්තේ මා පළමුවැනි ශ්‍රේණියේ සිටි කාලයේ අවුරුදු නිවාඩුවෙන් පසු මුලින්ම පාසල් ගිය දිනය හා සම්බන්ධව ය.

ඒ වසරේ අවුරුදු නිවාඩුවට අපි සියලු දෙනා අම්මා ගේ ගමට ගියෙමු. නිවාඩුව අවසානයේ ආපසු ආවේ පාසල් ගුරුවරයෙක් වූ තාත්තා සහ පාසල් යා යුතු වූ මා පමණි. මල්ලිලා දෙන්නා සමග අම්මා තවත් සතියක් පමණ ගමේ ගත කරන්නට නියමිත විය.

පාසල පටන් ගන්නා දිනයේ තාත්තා සුපුරුදු පරිදි උදේ රැයින් නිවසින් පිටවිය. ඔහු උදේ ආහාරය සඳහා ගෝනි පඩංගු රසෙන් යුතු බනිසක් කෑම ප්‍රිය කළ අයෙකි.

අසල කඩේකින් තැටි පාන් ගෙඩියක් ගෙනා ආච්චී, එයින් කොටසක් කපා මට කන්නට දුන්නේ පොල් පැණි සමග ය. මේ පොල් පැණි අවුරුද්දට කැවුම් හදන්නට ගෙනැවිත් ඉතුරු වූ ඒවා විය යුතුයි.

අම්මා නම් අපට පාන් කන්නට දුන්නේ, විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න, සීනි සමග ය. ඒ සීනි වනාහී සැමවිටම නිවසේ තිබෙන ද්‍රව්‍යයක් නිසාම පමණක් නොව මාත් මල්ලිලාත් සීනි සමග පාන් කෑම ඉතා ප්‍රිය නිසාය.

අම්මා නම් පාන් කෑවේ පෙරදා රාත්‍රියේ කෑමෙන් පසු ඉතුරු වූ හොදි වර්ගයක් සමගයි. හොදි සමග උදේ ආහාරයට පාන් කෑම කුඩා අපට එකල අපුල දෙයකි.

විටින් විට අම්මා කොහෙන්දෝ සොයා ගත් රෙසිපියකට අනුව ජෑම් සෑදුවාය. ඒ එක්කෝ වට්ටක්කා ජෑම් ය නැතිනම් තක්කාලි ලාභ කාලෙට තක්කාලි ජෑම් ය.

ඒවා ද නරක නැත. ඒත් මා නම් කැමතිම ජෑම් වර්ගය වූයේ දිවුල් ජෑම් ය. නමුත් දිවුල් ජෑම් වනාහී ගෙදර සෑදිය හැකි දෙයක් නොවුණි. ඒවා මුදල් ගෙවා කඩෙන් මිලට ගත යුතු විය.

වට්ටක්කා වේවා තක්කාලි වේවා දිවුල් වේවා ඕනෑම ජෑම් වර්ගයක එකට එකක් සීනි තියෙන නිසා, ජෑම් සමග කෑවත්, සීනි සමග කෑවත් ලැබෙන පෝෂණය ඉතා සමාන බව අමුතුවෙන් කිව යුතු නැත.

බටර් තැවරූ පාන් පෙතිවල සීනි විසුරවා කෑම ද අප එකල ඉතා ප්‍රිය කළ දෙයකි. ශීතකරණ තබා විදුලිබලයවත් නොමැති වුණු අපේ නිවසට බටර් ගෙනැවිත් කල් තබා ගත නොහැකි විය. එකල බටර් ගෙනා විට ඒවා තැබුවේ සුවිශේෂී බටර් දිසියක වතුර මැද්දේ ය. මාජරින් යනුවෙන් වෙළඳ භාණ්ඩයක් එකල තිබුණා වෙන්නට ඇත. මට මතක හැටියට අපේ තාත්තා මාජරීන් ගැන කිව්වේ ඒවා නිකම්ම නිකං පොල්තෙල් ගුලි කියායි.

මා පහේ පන්තියේ සිටි කාලේ දී පමණ දිනක් කොළඹ පාමංකඩ කුලී නිවසක එකල පදිංචිව සිටි අපේ ආච්චී කෙනෙකු ගේ නිවසට ගොස් රැයක් ගත කළෙමි. එංගලන්තයේ සිට පැමිණි අංකල් තම ළමා කාලය ගැන කයිවාරු ගැහුවේ මේ නිවසේ සිටය.

පසුවදා උදෑසන ආහාරය සඳහා කුමන කෑමක් මට අවශ්‍යදැයි ඇසූ ආච්චී ඒ සඳහා මට විකල්ප කිහිපයක් ම ලබා දුන්නීය.

1. පාන් පෙතිවල බිත්තර සහ ගම්බිරිස් තවරා
2. පාන් පෙතිවල ජෑම් තවරා
3. පාන් පෙතිවල බටර් ගා සීනි විසුරවා

මා තෝරා ගත්තේ තුන්වෙනි විකල්පයයි.

මින් ටික දිනකට පසු දවසක ස්ට්‍රෝබෙරී ජෑම් තැවරූ පාන් කන්නට ගොස් මා ඇදගෙන නෑ ආකාරය ද මෙහිදී මගේ සිහියට එයි.

තවත් වසර කිහිපයකට පසු පේරාදෙණියේ සිව් වසරක සිර දඩුවමක් නියමව දුක් විඳි කාලයේ දී නම් උදේට පාන් කැම හැර කිසිදු විකල්පයක් අපට නොතිබුණි. ඒ පාන් වනාහී ලාබ ම කෑම වර්ගය වූ නිසාය.

වසර හතරක කාලය පුරාම මා පේරාදෙණියේ දී උදේට කෑවේ පරිප්පු හොදි සමග පාන් බාගයකි. ප්ලේන් ටී එකකින් ආහාරය පරිපූර්ණ විය!

නමුත් පාන් කෑමෙන් හොඳම පාන් කෑම වනාහී කිරට උයන ලද තලපත් මාළු සමග පාන් කෑම බව පේරාදෙණියෙන් චුත වී බොසියක් යටතේ සේවය කරන කාලයේ මා වටහා ගත්තෙමි.

නමුත් ඒ ආකාරයට කිරි මාළු සමග පාන් කෑම හැමදාම, හැම තැනම කළ හැකි දෙයක් නොවේ.

උදාහරණයක් ලෙස අද ඉරිදා උදෑසන මා කෑවේ මාජරින් තැවරූ පාන් පෙත්තක් සහ ජෑම් තැවරූ පාන් පෙත්තක් එකට තබා සාදාගත් සැන්විචයකි. මේ ක්‍රමය මා ඉගෙන ගත්තේ පේරාදෙණියේ ඉගෙන ගන්නා කාලයේ ලැබූ දිගු නිවාඩුවක දී පුහුණුවක් සඳහා ගොඩනැගිලි ඉඳිකිරීම් වැඩ බිමක සේවය කරන අතරතුර එහි නේවාසික ඉංජිනේරුවා ගෙනි.

පාන් කෑමෙන් පසු ඇතිවූ මගේ පාන් පිළිබඳ මතක සටහන් එපරිදි වේ.

ඔබ සැමට අදින් ඇරඹෙන සතිය ජොළියෙන් පිරි එකක් වේවා යැයි පතමි!

-කතන්දරකාරයා

ප/ලි:
පොත් ප්‍රදර්ශනය ජයට ඇරඹුනු බව සැලයි. ගියවර නම් තුන් දවසක්ම ගොස් රත්තියාදු ගැසුවෙමි. මෙවට එහි යෑමට නොවෙනු ඇත. ගියවර මිළට ගත් පොත්වලින් ද තවමත් කියවා ඇත්තේ දෙක තුනක් පමණි.

අළුත් පොත් කතන්දරයක් හෙට (16 සඳුදා) බලාපොරොත්තු වෙන්න!


(image: A cartoon by Darshana Karunathilake)

54 comments:

  1. පාන් කන්න තව දෙයියෙක් තමා මාතලන් ලොක්ක.

    ReplyDelete
  2. ඉඩමෙ පැපොල් සහ අඹ තිබුන නිසා ඒවලින් අම්ම ජෑම් හැදුව.

    ReplyDelete
    Replies
    1. අපේ වත්තේ තිබුණා තඩි ලොවි ගස් දෙකක්, ඒත් එවායින් නම් කවදාකවත් ජෑම් හැදුවේ නෑ!

      පැපොල් ජෑම් දියාරුද?

      Delete
  3. ඉස්සර නිවාඩු කාලෙට ගගවල්,මුහුදු වෙරළේ සයිකල් වලින් රස්තියාදු ගහද්දි කන කෑමක් තමා පැත්තක් ගනට රෝස් වුන තැටි පාන් සමග උලුප්පා ගන්න කලටි පොල් සහ රතු ලූනු.

    ReplyDelete
    Replies
    1. ඇරි අමු මිරිස් කරල්... පොල් සම්බල කටේදි හැදෙන්නේ.. සමහර උන් උම්බලකඩ කෑල්ලකුත් හොයාගෙන එනවා..

      Delete
    2. ඒ අමුද්‍රව්‍ය එකතු වුනේ බොන්න පටන් ගත්තම.
      අතනදි දිව හක්ක කපාගෙන යන තැටි රෝස් පාන් සුවය තමයි ලැබුවෙ.

      Delete
  4. ඔය කෙන්ජියා කියලා තියෙන්නේ... මමත් මේ ගැන කයි කතන්දර අනන්තවත් ලිව්වා. ඉස්කෝලේ කාලේ මගේ ෆේවරිට් එක තමයි, "අල පාන්"

    http://maathalan.blogspot.com/2013/05/bread-with-curries.html

    http://maathalan.blogspot.com/2013/05/bread-marijuana-plain-tea.html

    http://maathalan.blogspot.com/2013/05/sri-lankan-bread.html

    http://maathalan.blogspot.com/2012/02/inflation-poems-2.html

    ReplyDelete
  5. /අම්මා නම් අපට පාන් කන්නට දුන්නේ, විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න, සීනි සමග ය. ඒ සීනි වනාහී සැමවිටම නිවසේ තිබෙන ද්‍රව්‍යයක් නිසාම පමණක් නොව මාත් මල්ලිලාත් සීනි සමග පාන් කෑම ඉතා ප්‍රිය නිසාය./

    ඉතින් අපට පාන්යැ!

    /විටින් විට අම්මා කොහෙන්දෝ සොයා ගත් රෙසිපියකට අනුව ජෑම් සෑදුවාය. ඒ එක්කෝ වට්ටක්කා ජෑම් ය නැතිනම් තක්කාලි ලාභ කාලෙට තක්කාලි ජෑම් ය. /

    ඉතින් අපට පාන්යැ!

    /වසර හතරක කාලය පුරාම මා පේරාදෙණියේ දී උදේට කෑවේ පරිප්පු හොදි සමග පාන් බාගයකි. ප්ලේන් ටී එකකින් ආහාරය පරිපූර්ණ විය!/

    ඉතින් අපට පාන්යැ!

    /නමුත් පාන් කෑමෙන් හොඳම පාන් කෑම වනාහී කිරට උයන ලද තලපත් මාළු සමග පාන් කෑම බව පේරාදෙණියෙන් චුත වී බොසියක් යටතේ සේවය කරන කාලයේ මා වටහා ගත්තෙමි./

    ඉතින් අපට පාන්යැ!

    /උදාහරණයක් ලෙස අද ඉරිදා උදෑසන මා කෑවේ මාජරින් තැවරූ පාන් පෙත්තක් සහ ජෑම් තැවරූ පාන් පෙත්තක් එකට තබා සාදාගත් සැන්විචයකි./

    ඉතින් අපට පාන්යැ!

    ReplyDelete
    Replies
    1. පාන් ද නැද්ද බව පේනවා කට් ඇන්ඩ් පේස්ට් කර කර දාලා තියෙන කමෙන්ටුවෙන්ම!

      Delete
  6. පාන් කියන්නෙ නියම ආහාරයක් තමයි.
    කාලයක් 3.50 ටත් ඕව තිබුණ කියල මතකයි. ඒ කාලෙනං පාං වලින් බල්ලන්ටත් දමල ගැහුවලු.

    ReplyDelete
    Replies
    1. මං කාලා තියෙනවා තුනයි පනහේ පාන්! ඒ 1994 දී.
      හැබැයි බල්ලන්ට ඝැහුවාය කියන කතාව නම් බොරුවක්.

      Delete
  7. අවුරුදු 16/17 වෙන කොට මට උදේට පාන් රාත්තලක් ඕනෑ විය.
    ඒත් සාමාන්‍යයයෙන් ලැබෙනේ භාගයකි.

    ReplyDelete
    Replies
    1. යකෝ මූ යෝධ පැටියෙක් නේ!

      Delete
  8. සීනිත් එක්ක පාන් කෑමෙත් අමුතුම ගතියක් තියනව තමා..ඒත් අපේ අම්ම එහෙම සීනි එක්ක කනවට බලවත් විරෝධය පානවනෙ :D

    ReplyDelete
    Replies
    1. රොටීත් රහයි සීනි එක්ක.

      Delete
  9. කකා මාමගේ වයසේ හැටියට දැන්නම් සීනි සමග පාන් කෑම ඇඟට ගුණ නෑ. කතන්දර හාමිනේ ඒවා දන්නවනේ . මගෙත් ප්‍රියතම කෑමක් පාන්.හැබැයි පොල් සම්බල් vs පාන් . පට්ටට පට පට

    ReplyDelete
    Replies
    1. සම්බෝලෙට සීනි ටිකක් දාලා බලන්න. මසුරං!

      Delete
  10. දැන් නම් පාන් කියන්නේ සුකෝපභෝගී භාණ්ඩයක් නේ! ඒ හින්දා පාන් කන එක පොකට් එකට එච්චර හොඳ මදි

    ReplyDelete
    Replies
    1. පාන් තමයි ඒත් දුප්පතා ගේ කෑම නේද?
      ඇයි ඔහේ බුරියානි ද කන්නේ?

      Delete
  11. කකාගේ පාන් කතන්දරේ දොළදුක හදවන කේස් එකක්...

    පාන් සමඟ “උම්බලකඩ දාපු” පොල් සම්බෝල තමයි මගේ ප්‍රියතම පාන් කෑම... හැබැයි අපේ මහත්තයා පරිප්පු බාස් හින්දා හැමදාම පරිප්පු.. ඔන්න ඊයේ කාලෙකට පස්සේ පාන් බාගයක් විතර කෑවා හොඳ පොල් සම්බෝලයක් හදාගෙන.. ඒක නිසා දුක නැතුව මේ කමෙන්ට් එක දාන්න පුළුවන් අද... හි හි

    තලපත් කිරට උයල පාන් කෑමත් නියමයි තමයි...

    හාල්මැස්සෝ අලත් එක්ක හිඳෙන්න උයල පාන් කෑමත් නියමයි..

    දිවුල් ජෑම් හදන එක එච්චරම අමාරු නෑ.. හැබැයි ම‌ං හිතන විදියට ලේසිම ජෑම් හැදිල්ල ෆැෂන් ෆෘට් ජෑම් වෙන්න ඕනෙ..

    පාන් කන්න මට පේන්නම බැරි විදිය තමයි එක පෙත්තක ජෑම් සහ අනිත් පෙත්තෙ බටර් සිස්ටම් එක.. ඒක ෂේප් වෙන්නද මන්දා හොඳ වෙලාවට අපේ මහත්තයා කැමති බටරුයි ජෑමුයි දෙකම පිඟානකට දාගෙන පාන් කන්න...

    මේ පාර බුක් ෆෙයාර් යන්න වෙන්නෙ නැත.. ආර්ථික තත්වය අවුල්... ඕක පටන් ගත්ත අවුරුද්දෙ ඉඳන් මේ පාර තමයි මං නොයා ඉන්න පළවෙනි පාර...

    ReplyDelete
    Replies
    1. /* දොළදුක හදවන කේස් එකක් */

      මළ කෙලියයි මහරජ!

      එහෙමත් එකක්ද? ජයවේවා!

      Delete
    2. දිවුල් ජෑම් නොසෑදුවේ දිවුල් ලේසියෙන් හොයාගන්න නැති නිසාය. අනික වට්ටක්කා සත පනහට තිබේ!

      Delete
  12. නයි කයිද රෝස් පාන් කිවුවලු. මේව වංශට ඇහුනොත් එහෙම වසල හමාරයි. අමරිකන් කාරයාට කත් අදිනවා කියා මර හඬ දේවි.

    ReplyDelete
    Replies
    1. වංසලා ඩිස්නිලන්තේ ගිහින් කන්නේත් කුරක්කන් පිට්ටුද?

      Delete
  13. මම දැනුත් උදේට දවල්ට එක්ක එකටම සතියකට දින තුනක් පාන් තම කෑම.දුඹුරු පාන් සමග ජෑම් හරි බටර් හරි තමයි ... ඒ කාලේ අපේ ගමෙත් තිබුන පාන් පෝරණු තුනක් .. කතාවක් මතක් උනා බෝගේ දාන්න./..

    හැබැයි බාපු ගමන් ලුඋනු ගෙඩියක් එක්ක උනත් පාන් කන්න ඇහැකි ....අපි ඉස්සර දන්නේ පාන් ජාති දෙකයි .. පස්සෙන් පහු තමා අවේ සැන්විච් පාන් ... දැන් නම් වයිවාරන පාන් තියනවා නේ

    ReplyDelete
    Replies
    1. ඉස්සරත් පාන් ජාති තුන හතරක් තිබුණා.

      1. තැටි පාන්
      2. අච්චු පාන්
      3. මාලු පාන්
      4. රෝස් පාන්

      Delete
    2. හැබෑට රෝස් පාන් අමතක උනානේ .. මාලු පාන් , සිනිසම්බල් පාන් ,,, ජෑම් පාන් .....අම්මෝ නැති පෑනක් නැහැ

      Delete
  14. පාන් ගැන මතකයන් රාශියක්ම අවදිවුනා,අපිත් කොල්ලෝ කාලෙ කරවෙච්චි තැටි පාන් රාත්තලක් නිකම්ම කනවා අපේ කොල්ලෙක් තියල තියෙන රෙකෝඩ් එක පාන් රාත්තල් දෙකයි තුන්කාලයි

    ReplyDelete
    Replies
    1. මට හොඳ අදහසක් ආවා. පාන් පෙති දෙකක් මැද්දට හැලපයක් දාලා කෑවොත් කොහොමට තියේද?

      Delete
    2. කකාට මරු අදහස් පහළවෙනව,මම කියන්නද එතකොට පාන් රස එන්නෙත් නෑ හැලප රස එන්නෙත් නෑ.

      Delete
  15. දිවිය ලෝක රහ තියෙන පාන් කෑම තියෙන්නෙ වැලිකඩයි පල්ලෙ කැලේ එලිමහන් හිර කඳවුරෙයි..(ලංකාවෙ හැම (හිර)ගේකම එහෙමයි මයි හිතෙ). පාන් කාලෙ ගෙඩියයි අතින් අනපු (කුස්සි පාටිලගෙ සියලු සරීරාංගයකම වයිටමින් A ‍ටු Z දක්වා තියෙන නිසා වයිටමින් බහුල)ගුනෙන් සපිරි පිරි ඉතිරි පොල් සම්බෝලෙයි. අන්න කෑම...පාං කෑලි කඩල රෑට ඉතුරු කරගත්ත මස් හොදි (වතුර) ටිකයි (පිළුනු උනු නොවුනු)බත් ජුන්ඩයි එක්ක කලවං කොරගත්තම හිල්ටොං කැලේ...ඒක පරිපූර්න වෙන්න තේ වතුර ජුන්ඩයි සීනි අල්ලයි. අම්..ම්ම්ම ගායි.. බෙලෙක් පිඟානෙං

    ReplyDelete
    Replies
    1. එක්ස්පෝටර් ආණ්ඩුවේ බෝඩිමෙන් පාන් කාලා වගේ!

      Delete
  16. පාන් රාත්තලක් හොරකම් කොලාටනේ ඔය ජෝන් වැල් ජෝන් කොල්ලා ජිවිත කාළෙම චාටර් කර ගත්තේ...... පාන් ඔච්චර වටිනා නිසා තමයි ඕක පොතකත් ලියලා භෂා ගණනාවකට පරිවර්තනයත් කොරලා , පිචැර්ම කියක් ගැහැව්වද

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ වික්ටර් හියුගෝ ගේ ලේ මිසරාබ්ල පොත ගැන නේද?
      http://kathandara.blogspot.com/2011/11/what-hell-is-first-love.html

      Delete
    2. මේ මනුතාපය ගැන ද? නෑනේද කකා තුමා;

      Delete
  17. ME KATHAWEN KIYANNE GRAND FATHER TEACHER, FATHER TEACHER, MAMA VISSA VIJJALE GIYA, UNCLE ENGALATHE, WENA ATHI BAMBUWAK NEHE. PAAN MONAWA EKKA KEWATH PAAN MA NE. API PAAN KANNE NEDDA. WARNA PATALLA, SAVALA BIJJA.

    ReplyDelete
    Replies
    1. යන්න, ගිහින් චූ කරලා නිදා ගන්න!

      Delete
    2. OYA KIWWE, MATHAK WENNEMA CHOO, PADA, JEE, JOKKU, PUKA WAGE EWWAMA THAMA/

      Delete
    3. ඒක ඇත්ත. කක්කා දන්නෙ පුක, ජොකා, චූ, පඩ වගේ දේවල් විතරයි

      Delete
    4. වර්ණ පටල්ලා සවල බිජ්ජා !!!

      නියමයි කැප් ඇනෝ නියමයි... මැරෙන්න හිනා මචං !

      Delete
  18. ගෙදර වැඩ කරලා පාන් කියාගන්ටත් බෑ.:(

    පානුත් තිබුණේ නැත්නම් හරි වැඩේ තමයි.:)

    ReplyDelete
    Replies
    1. බැන්දම තමා නේද ඕව ඇඟට දැනෙන්නේ පොඩ්ඩ්යේ

      Delete
    2. පව් කියලා හිතෙනවා!

      Delete
    3. පව් කියලා හිතෙනවා!

      Delete
  19. මෙන්න කක්කාගේ තවත් ජොකා කතාවක්.

    ReplyDelete
  20. කකා.........පාන් රාත්තල ශත 35 කාලේ මට මතකයි. පොඩි රෝස් පාන් ගෙඩියක් ශත නවයයි. කකා ලියලා තියෙන බොහොමයක් දේ එක්ක පාන් කාලා තිබුනත් පැනි සහ මැටි පාන් තරම් කිසි දෙයක් රහ නැහැ.මැටි පාන් කියන්නේ කරවෙන්න ඉස්සෙල්ලා බාන පාන්.උනු උනුවෙන් ගුලිකරපුවාම මැටි වගේ. තම්බපු පාන් කියලත් කිව්වා.පස්සේ පස්සේ නම් කැමති උනේ කිරි මාලු සහ සම්බෝල එක්ක.කකා හෙන බඩගිනි වෙලාවකද කොහෙද මේක ලියලා තියෙන්නේ.

    ReplyDelete
  21. මගේ අක්බාර් වාසී මිත්‍රයෙක් 'දවස' අර්ථ දැක්කුවේ 'පාන් බාග දෙකක් අතර කාලය' කියල . උදේට කාලා අත හෝදන ගමන් කියනවා 'ඔන්න බන් තව පාන් බාගයක් ගෙවිල ගියා' කියල

    ReplyDelete
  22. අපේ මාමටත් ඩොක්ට අංකල් රෑට පාන් පෙති දෙකක් දක්වා කෑම අඩු කරන්න කියල අවවාදයක් දුන්න. පොර කරේ පාන් ගෙඩිය දෙකට කපල පෙති දෙක කාපු එක.

    ReplyDelete
  23. Mamath ingineruwekgen kemak ahagena cook kenekgen ingineru wedath ahagena thiyenawa.

    ReplyDelete
  24. 1991 මම රුපියලට පාන් ගත්තා......
    ඒක නෙමේ කකා කාලා තියෙනවද කිරි පාන්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.