ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 8 November 2013
දෙකේ පන්තියේ දී විතර ඇතිවෙන මනමාල බය - Was that love or what?
මුලින්ම කියන්නං, මේ මනමාල බය කියන කෑල්ල මගේ එකක් නෙමේ. මං මේක අහුලා ගත්තේ ලියනගේ අමරකීර්ති ලියපු "අටවක පුත්තු" නවකතාවෙන්.
දැන් ඔය ගෑල්ළමයෙක් ගැන කොල්ලෙක් ගේ හිතේ ආදරබර මියුරු කල්පනාවක් ඇතිවෙන්නේ හරියටම කොයි කාලෙද කියන එකට නීතියක් නෑ නේ.
මේක එක්කෝ ඒ ලෙවල්ස් කරන කාලේ එන්න පුළුවන්.
නැතිනං, ඊට කලින් ඕ ලෙවල් කරන කාලේ එන්න පුළුවන්.
නැත්තං, ඊටත් කලින් ප්‍රාථමික පාසලේ ඉගෙන ගන්න කාලේ එන්නත් පුළුවන්.
මොන්ටිසෝරියේ දී වෙන්නත් පුළුවන්.
මට මතකයි මං දෙකේ පන්තියේ ඉන්න කාලේ, ඒ කියන්නේ මගේ වයස හරියටම අවුරුදු හයයි මාස හයක් කාලේ, අපේ පන්තියේ හිටපු ශානිකා කියන ගෑල්ළමයා මට වෙසක් කාඩ් එකක් දුන්නා.
ඒක දෙකට නවපු, අරක වරෙක දාන ජාතියේ හොඳවායින් එකක්. ඒ දවස්වල තැපැල් පත් වගේ, එහෙමත් නැත්තං පික්චර් පොස්ට්කාඩ් වගේ ලාබ වෙසක් කාඩ් තිබුණා!
පිට කවරේ බුදු සාදු හිනාවෙලා ඉන්න ලස්සන ෂෝක් චිත්‍රයක්.
ඇතුල පෙරළලා බැලුවාම උඩින් කවියක් තියෙනවා. ඊට යටින් තිත් ඉර උඩ මෙන්න මෙහෙම ලියලා තිබුණා.
කතන්දරකුමාර.......ට
ශානිකා...............ගෙන්
වෙසක් සුභ පැතුම්!
මේ වෙසක් කාඩ් එක ශානිකා මට දුන්නු වෙලේ මං ගත්තා වුනාට මට ඒ ගැන ඇති වුනේ මහා ලැජ්ජාවක්.
නිකං විලිලැජ්ජාවක් වගේ එකක්.
මං දැන් මොකක් කරන්න ඕනෑද කියලා මට හිතා ගන්න බැරුව ගියා මුලින්ම.
දැන් කවුරු හරි අපිට වෙසක් කාඩ් එකක් එව්වාම අපි කරන්න ඕනෑ, එයාටත් වෙසක් කාඩ් එකක් යවන එකනේ.
මට මේක කරන්න එකම විදියයි තිබුණේ.
ගෙදර ගිහින් අම්මට කියනවා මට ශානිකා වෙසක් කාඩ් එකක් දුන්නා ය කියලා.
ඊට පස්සේ අම්මාගෙන් ඉල්ලනවා ශානිකාට දෙන්න මට වෙසක් කාඩ් එකක් අරගෙන දෙන්නය කියලා.
වැඩේ කෙරෙන්න ඕනෑ විදිය නං අති සරලයි.
ඒත් කොහොමද මං ඒක කරන්නේ, මේ විලිලැජ්ජාව එක්ක?
ඉතිං මං මොකක්ද දන්නවාද කෙරුවේ?
ශානිකා දුන්නු වෙසක් කාඩ් එකේ අපි දෙන්නාගේ නම් දෙක උඩින් ඉරක් ඇඳලා ඊට උඩින් දෙන්නා ගේ නම් දෙක මාරු කරලා ලිව්වා.
ශානිකා..................ට
කතන්දරකුමාර..........ගෙන්
වෙසක් සුභ පැතුම්!
ඊට පස්සේ වෙසක් කාඩ් එක ශානිකාට දුන්නා.
කතන්දරේ එච්චරයි!
මොකද, ශානිකා නොවෙයි මට ඊට පස්සේ වෙසක් කාඩ් එකක් හෝ නත්තල් කාඩ් එකක් හෝ දුන්නේ!
මගේ විලිලැජ්ජාව එක්ක මං ජීවත්වුණා ටික දවසක්. පස්සේ ඒක ඇරිලා ගියා.
දැන් මේකයි කේස් එක.
එදා මට ඒ වෙසක් කාඩ් කේස් එකේදී ඇතිවුණු හැඟිම මොකක්ද?
ඒක ආදරයක මූලික අවස්ථාවක්ද?
මං හිතන් හිටියේ එහෙමයි.
නමුත් ලියනගේ අමරකීර්ති ගේ "අටවක පුත්තු" නවකතාව කියවපු දවසේ ඉඳලා මට හිතෙන්නේ එදා මට ඇතිවුනේ මේ පොර කියන මනමාල බය බවයි.
අටවක පුත්තු ගැන ලියවුණු ලිපි කිහිපයක් මෙන්න.
1. අටවක පුත්තු එකේ ‘අඩ හදයා’ කොටස
2. අටවක පුත්තු- නූතන සිංහල ප්‍රබන්ධකතාවේ පෙරටුගාමී සලකුණ
3. අටවක පුත්තු, නිර්මානකරනය, වියරනය සහ භාශා මූලධර්මවාදයේ වත්මන් තත්වය
4. හෙටට පෙර අටවක පුත්තු
-කතන්දරකාරයා
ප/ලි:
මනමාල බය හෙම හැදිලා තියෙනවාද?
(image: http://pincel3d.deviantart.com/art/First-love-Honey-79346733)
Subscribe to:
Post Comments (Atom)
මට නම් තුනේ පන්තියේ ඉදල පටන් ගත්තේ.
ReplyDeleteඇම්ඩානම් ඊටත් කළින් වැඩ පටන් ගත්තේ. මේ අනුව බලනකොට ඇම්ඩා කෙන්ජිඩ වඩා හුඟක් ඉදිරියෙන්.
Deleteලීක් වෙන්නද?
Deleteකෙන්ජි තුනේදී පටන් ගත්ත ලව් එක අටේදි ඉවර උනා දිගටම ෆේල් නිසා ඉස්කෝලෙන් අයින් කරලා.....
Deleteහෙක්...හෙක්...තැන්ක්ස් මචං ගෙදර එව්වො කියන්නෙ පුංචි පහට ගිය උඹ වගේ එකෙකුට තරම්වත් මොලේ නෑලු කියල.
Deleteඒ අතින් මගේ දෙයිය තුනක්ම අප් කොරල මාව උඩ තියල තැන්ක්ස් අගේන්...!
මම නම් තුනේ පන්තියේදී ජානකිට නළලට කිස් එකක් දුන්න එකී අඩාගෙන ගිහිල්ල ටීචර්ට කිව්වා.
ReplyDeleteහතරේ පන්තියේදී සීතට නළලට නොදී කම්බුල් දෙකට කිස් දෙකක්ම දුන්න,මෙන්න බොලේ මේකි පෙරලා මගේ නළලට කිස් එකක් දුන්නනේ.
ජානකි අඩන්න ඇත්තෙ නළලට දීපු හින්ද වෙන්න ඇති නේද...?
මට නම් ඔය විලි ලැජ්ජාව කියන එක තිබුනෙම නැහැ.
ඒ නහර උපතේදීම පිහිටලා නොතියෙන්න ඇති මයෙ හිතේ...
තුනේ හතරේ ඉද්දි මෙහෙම නම් ඕ ලෙවල් කාලේ, ඒ ලෙවල් කාලේ.......???????
Deleteඕහ් මේරේ භගවාන්!!!!!!!!!!!
එකෙන්ම මාමා ජී.........!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අනේ අප්පේ මෙයා ඈ
Deleteදැන් කොහාටද කෙනජි මාමේ කිස් දෙන්නේ.
Deleteදැන්ද....පුතේ......ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ....
Deleteඉස්සර
ReplyDeleteඅතේ තැපැල් - කටේ ඇපල් නේ !!
මුද්දරය හුළඟේ ගියා අල්ල ගන්න බැරුව ගියා !!
අතට ආපූ දේ කටේ දාගන්නත් බැරි උනාද බං.
Deleteපත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක්........
Deleteපත්තර මල්ලි ඉස් හියර් .. හව් කැන් අයි හෙල්ප් යූ සෑර් :-)
Deleteඒක එහෙමෙයි කියල දැන් හිතෙනවා හැබැයි දෙකේ පන්තියේදි නං තිබ්බේ නෑ සත්තයි කකා..
ReplyDeleteකවුද දන්නේ ? :D
Deleteමමත් හෝඩි පන්තියෙදි දෙකේ ගැල්ලමයෙකුට කිස් එකක් දුන්න. ඒ කාලෙ ඔය සිද්ධිය කියල අක්කල දෙන්න අවුරුදු ගනනාවක් හිනාවුනා.
ReplyDeleteමේක ආදරයේ මූලික අවස්තාව වෙන්න පුළුවන්. මොකද මේ වනවිට ගෑනු පිරිමි කියන්නෙ දෙකොට්ඨාසයක් කියල තේරුම් අරගෙනනේ ඉන්නෙ. ඒකාලෙ මට මේ ගැන හිතුනෙ අම්ම-තාත්ත, නැත්තං නිතර දකින අනිත් කසාද පවුල් වල උදවිය වගේ අපිත් වෙනව-වෙන්න හදනව, වගේ හැඟීමක්. සෑහෙන ලැජ්ජාවකුත් තිබුන.
අද මුකුත් නැද්ද.....
Deletethiyanawa labbak
Deleteමටනම් 11 දී විතර 9 පංතියේ නංගියෙකුගෙන් වෙසක් කාඩ් එකක් හම්බ වුනා. හැබැයි මුලින්ම මම දුන්නේ. එත් මට ලැබුණ කාඩ් එකේ මිල්ටන්ගේ සිංදුවක් යාන්තන් පෙනෙන නොපෙනන ගානට ලියලා තිබුනා. එදා මට ඒක තේරුම් ගන්න බැරි වුනා. දැන් ඇය බැදලා. ළමයින්ද සිටිනවා.
ReplyDeleteමම ඇය ගැන දුක් වෙනවා. වෙන කුමක් නිසාවත් නොවේ. ජීවිතේ අතරමං වීම ගැන.
අතරමං වීම ජීවිතේ විනාස වීමට වඩා හොදයි...
Delete- 9 වසරෙ නංගී -
ඔව් බං. ග්‍රාමීය පරිසරවල හැටි ඔහොම තමා. 11 න් ඉස්කෝලේ නැවතුනා, ඉක්මනටම දීගෙකුත් ගියා. දැන් ළමයි 3 දෙනෙක්.
Deleteඅරේවා කාවා ජී............!
Deleteඋඹත් ඒ කාලේ ඉඳලම ප්‍රේම් කුමාර් කෙනෙක් එහෙනම්.......!
මේ වෙනකොට ඒ අංශේ වැඩ කොහොමද? නැගලා යනවැයි........??
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
දැන් ඇය හොඳින් ඇති,උඹට අහුවුනා නං තමා කාවො ඒ ළමය අතරමං වෙන්නෙ
Deleteනෑ ආයුබෝවන්. ඒ කාලෙදි මම ප්‍රේම් කුමාර් උනානම්, අතරමං වෙන්නේ මම තමා ඕන්. වැඩිය මොකුත් පම්පෝරි ගහන්න බෑ. මගේ වෙන්ඩ ඉන්න එක්කෙනාත් ඉඳලා හිටලා බ්ලොග් බලනවා.
Deleteඅරේවා!!!!!!!!!!!!
Deleteකාවා ජී ට "කාවියක්" ඉන්න බව අපි දැනන් හිටියේ නෑ නොවැ!
බොහොත් අච්චා දෝස්ත්!!!!!!!!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
කාවෝ උඹට කාවියෙක් ඉන්නවාද?
Deleteඅපොයි මෙහෙම ලැජ්ජා කාරයෙක්..
ReplyDeleteඅපි නම් කලේ ශත පහට නැත්නම් ශත දහයයට තිබ්බ පෝස්ට් කාඩ් එකක් අරන් ලස්සනට චිත්‍රයක් ඇඳලා ආපහු දුන්නා..වෙසක් කාඩ් එකක් ඒ කාලෙ ශත 25යි වගේ ගොඩක් උඩ තිබ්බෙ ! ඇති උනේ නම්...අර චිත්‍ර කතාවල වගේ තුරුල් වෙලා කතා කර කර ඉන්න පුළුවන් නොවැ කියලා වගේ හැඟීමක් මිසක..ලැජ්ජාවක් නෙවෙයි..
කොල්ලෙක් අනිමිස ලෝචනේ දාගෙන ඉන්නකොට කෙල්ලෙක්ට වෙන්නෙත් ඒවගේම එකක් තමයි.වැඩියෙන්ම ඔය සෙනග ඉන්න ටියුෂන් පංතියකදී වගේ වුණාම විලි ලැජ්ජාවේ බෑ. මොකද කෙල්ලෝ කෙල්ලෝ වුනත් සැර පල් එකක් දෙන්නේ එහෙම සිද්ධි වලදී .
ReplyDeleteහෙ හෙ.....ඉස්සර අපි පොඩි කාලේ කොස් කිරන්න බලා ගත්තේ 'නයිට් රයිඩර්' එකේ මයිකල් නයිට් දුෂ්ඨයව පරද්දලා කථාවේ අනිතිමට කෙල්ලට කිස් කරන සීන් එකෙන්.....
ReplyDeleteඕක බලලා මමත් දෙකේ පන්තියෙදි කෙල්ලෙකුට කිස් කලා....මේක කියෙව්වම ඒ සීන් එක මතක් උනා...
මම තුන වසරෙදි ඩෙස්ක් එකේ පැන්සලෙන් ලියුවා මම අහවල් කෙනාව බඳීනවා කියලා..... අනේ කකා ඒ කෙල්ල මගෙත් එක්ක 13 වසර වෙනකල්ම එකට හිටියත් එයාව බඳීන්න බැරි උනා.....
ReplyDeleteඅද ඉතින් දෙදෙනා දෙමංසලේ.....
ලව්ජ්ජාව ?
ReplyDeleteනිර්මාණය හොඳයි!
Delete@කකා,
ReplyDeleteදැන් ඔය මොන්ටිසෝරියේදි, එකේදි දෙකේදි, තුනේදි හතරෙදි දළුලා එන ප්‍රේමය ඕ ලෙවල් වලට විතර යනකං නින්දට යන්නේ මොකද දන්නවද?
(මොකද අපි සාමාන්‍යයෙන් අහලා නැහැනෙ පහේදි, හයේදි, හතේදි, අටේදි එහෙම නැත්නම් නමේදි දළුදාන පෙම් කතා. එහෙම ඇහුවොත් ඉතාම කලාතුරෙකින් තමයි.)
මේ කාලෙ තමයි මිනිසාගෙ male-to-male bonding ඇති වන යුගය. එහෙම ඇති වෙන්නෙ මානවයාගෙ ළමා කාලය දීර්ඝ කරන්න. මේක හෝමෝ සේපියන්ස්ලගෙ පමණක්ම වෙන දෙයක්. වෙනත් සතුන්ට මෙහෙම දීර්ඝ ළමා කාල නැහැ. මේ දීර්ඝ ළමා කාල ඇති කිරීමේ පරිණාමික අර්ථය තමයි ඉගෙන ගන්න (ඉස්කෝලෙන්ම නෙවෙයි.) වැඩි කාලයක් ලබා දීම. අන්න ඒකෙන් තමා මානවයා අනෙකුත් ප්‍රෛමාටාවන්ගෙන් වෙනස් වෙන්නේ.
හොද ප්‍රෙව්ශයක්...
Deleteඔයා ඩාවින්ගෙ කවුරුහරිද?
Deleteමට මතක විදියට මං පුංචි කාලේ පිරිමි ළමයි එක්ක ගොඩක් රණ්ඩු උනා ,, එයාලට හගහලත් තියෙනවා හොදට. ආදරයක් ඇතිවෙලා නැහැ පොඩි කාලේ
ReplyDelete// එයාලට හගහලත් තියෙනවා......//
DeleteWhat ? හගහල ?
රණ්ඩු වෙලා තියෙනවා ,, ඔයා පෙන්නන්න කල් මං දැක්කේ නැහැ අනේ .. තාත්තා එක්කම හිටපු නිසා වෙන්න ඇති ඇනෝ
Deleteහගලත් එක්ක ද?
Deleteකාකා ජී,
ReplyDeleteඅමතක වෙලා ගිහින් තිබුණු පරණ මෙමොරීස් වගයක් අලුත් කලාට බොහොත් ෂුක්‍රියා!!!!!!!!!
ඒ වයසෙදි මටත් ඔය වගේම හැඟීම් අනන්තවත් දැනිලා තියෙනවා!!!!!!
හැබැයි ඒ හුඟ දෙනෙක් මට වඩා වැඩි මහල් අය!
අන්තිමට පහ වසරේදි ඔහොම ෆීලින්ග් එකක් දැනුනා මතකයි!!
එදා එයාටත් ඒ මෙව්වා එක තිබුණු බව මට හොඳටම විශ්වාසයි.........!!!!!
අවුරුදු 9කට විතර පස්සේ මට එයාව මුණ ගැහුනා!!!
එයා මාව දැක්කෙ නැහැ........!!
මටත් ගිහින් එයත් එක්ක කතා කරන්න හිතුනෙත් නැහැ.....!!!!!!
ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
කෙන්ජිගෙන් උපදෙස් ටිකක් ගනින්.
Deleteඋඹ මාරකෙයක් පැනල තියෙන්නෙ ඒකිගෙන්..
Deleteයේ භගවාන් .. ඕ ශාන්තී
හපොයි ලව් ලැජ්ජාව නං පොඩිකාලෙ ඕනෑ තරං ඇතිවෙලා තියෙනව,පස්සේදී නං ඒ ලැජ්ජාව ආගිය අතක් නැතුව ගියා මොකද මන්දා.
ReplyDeleteහි හි පේනවා අර සංචාරේ ෆොටෝ ටික දැක්කම ,,
Delete//මගේ විලිලැජ්ජාව එක්ක මං ජීවත්වුණා ටික දවසක්. පස්සේ ඒක ඇරිලා ගියා.//
ReplyDeleteදැන් විලි ලැජ්ජාව කියලා දෙයක් ඇත්තෙම නැත්තෙ ඒකද?
meka lajja thiyana ekek neve
Deleteකකා පොඩිකාලෙ කොල්ලන්ට ආස නැද්ද?
ReplyDeleteපොඩි කලේ ඕන තරම් ඔවා ඇතිවෙලා තියෙනවා ,,කොමිපිට්ටු හදන කලේ ඉදලාම හැබැයි ලැජ්ජා වෙලා නම් නෑ ,,දැනටත් ඇති වෙනවා එත් තව හොද එකක් දැක්කාම අමතක වෙනවා
ReplyDeleteශානිකාගේ ප්‍රථම ප්‍රේමයට උනේ ඔන්න ඔහොම දෙයක්ලු ඉතින්..
ReplyDeleteමොන්ටිසෝරීයේද මටම කෑල්ලක් හිටියා.. ඊට පස්සේ ගියේ කේරී කොලේජ් නේ.. ඒකේ කොල්ලෝ විතරයි.. ආයෙත් 3 පන්තියේ මැද හරියෙදි, ධර්මාළෝකෙට ආවා. ඉස්සෙල්ලම සෙට් උනේ සඳමාලි. කට සැරයි. එයත් එක්ක තරහ වෙලා ජයමානී එක්ක යාලු උනා. මේන් දවසක් සඳමාලි අපේ ගෙදර ඇවිත් අම්මට කියලා. මම එයත් එක්ක තරහයි කියලා. අම්මා හිනා වෙලා නිකන් හිටියා. එයාට කියලා, අපි එක්කත් තරහ වෙලා ඉන්නවා ආයෙත් යාලුවෙයි කියලා.. ඔහොම ඉතින් හැමදාම කෑල්ලක් උන්නා. පහේ පන්තියට යනකන්. ඊට පස්සේ අහල පහල කෑලී...
ReplyDeleteඒත් ඉතින් වැල රහට සෙට් උනාම ගැට පොලොස් එපා වෙලා ගියා...
මගේ කපාපු පලුවක් වගේනෙ මාතලන් ලොක්කත්...
Deletemewage satha 5 post walata comments danna lajja nedda
Deleteසඳමාලිගේ කට සැරැයි කීවේ, දැවිල්ල හට ගත්තද මාතලන්ගේ. සිග්නල් ටිකකින් දත් මැදලා ගත්තානම් කූල් එකක් මාතලන්ට දැනෙවී.
Deleteපොඩි කාලේ මුඛ ක්‍රීඩාව තමයි නේද මාතලන්.
Deleteඉස්සර මතක් වෙද්දිත් හිනා යනවා. මම හතර වසරෙ වගේ ඉන්නකොට පයින් තමයි ගමන බිමන. ඔන්න එක දවසක් පුංචි නංගියෙක් ඇවිත් බයිසිකලේ නවත්තලා කිව්වනෙ නගින්න අයියෙ මම් ගිහින් දාන්නම් කියලා. මට විලි ලජ්ජාවේ පන ගියා.
ReplyDeleteකෙල්ලෙක් එක්ක බයිසිකලේ යන්න. අනික ඒකි මාව දාගෙන. මම් බෑ කිව්වා. ඒත් එයා යන්නේම නෑ. එන්න අයියේ කිය කිය අඬගහනවා. වට්ටන්නෙත් නෑ කිය කිය. මම් බෑම කිව්වම මට ගස්සගෙන ගියා.
තාමත් මතක් වෙනවා එතනින් යනකොට.
කිව්වත් වගේ ඒ දවස් වල හීනියට හඳුන්පොත කී ගෑවා වගේ මතකයි නේ
ReplyDeleteKakkiya punchi apata adath honda kathawak liyala.
ReplyDeleteBoru praise noda hitu
Deleteලව්ද නැද්ද මම දන්නේ නැහැ. මට වඩා ටිකක් වැඩිමල් අක්කලා නම් මාව පොඩි පුංචි සෙල්ලම් වලට ගත්තා. ඒවා නම් හරිම ශෝක්.
ReplyDeleteහ්ම්ම්..පැහැදිලි කරන්න බලන්න තව ටිකක්. :)
Deleteමට පහේ පන්තියෙදි එක ගෑල්ලමයෙකුගෙ නමක් අල්ලල විහිලු කරා.. ඒත් මට දැන් හිතෙනව මම යටිහිතින් ඒකට ආස කරාදෝ කියල. යාංතං හතේ පන්තියේදි එකක් වැඩ කරා.. නමයෙ හෝ දයයෙදි ඉන්ග්‍රීසි මිස්ට ඒක පාර්ශවීය ප්‍රේමයක් තිබුන මගේ
ReplyDelete(නෙලා ගෙනා කිසිම මලක් - නැහැ ඒ තරමට ලස්ස
මමත් පොඩිකාලේ යාලුවන්ට වෙසක්කාඩ් දීලා තියෙනවා. යාලුවොත් මට වෙසක් කාඩ් එවනවා.
ReplyDeleteමේ මනමාල බය කියන එකනම් තිබුනේ නැහැ.
පොඩ්ඩිත් ඔය වගේ උම්මා එක්ක දුන්නා කොල්ලෙකුට චූටි කාලෙදි. ඒ දුන්නේ නම් ලමයි හම්බ වෙන හැටි කියලා දුන්නු හින්දයි. නිදාගන නැගිටිනකොට දෙය්යෝ ලඟින් තියලා යනවලු. ඒ වගේ දෙයක් කියලා දුන්නු කෙනෙකුට ඉතින් උම්මා නොදී කොහොමද? මොන බයක්වත් දැනුනේ නෑ. :D:D
ReplyDeleteමං හිතුවා වගේ කාට කාටත් හොඳ ලස්සන අත්දැකීම් තියෙනවා වගේ නේද?
ReplyDeleteජයවේවා!
මටත් ඕක හැදුනා මොන්ටිසෝරියෙදිම ගෑනු ළමයගේ නම සඳමාලී... සඳමාලිත් මට මුලින්ම දුන්නේ වෙසක් කාඩ් එකක්ද කොහෙදෝ
ReplyDeleteඅනේ බං ඕකී මාතලන් එක්කත් සැට් වෙලා තියෙනවා. පොඩ්ඩක් උඩ කොමන්ටුව බලහන්කෝ.
DeleteNodomakin
Deleteඒ ඒ වයස් කාණ්ඩයන් හි දී ඇතිවන මනෝ භාවයන් තමා මේ තත්ත්ව ඇති කරන්නේ. අටවක පුත්තු ඉතා රසවත් මානයන් කරා පාඨක සිත රැගෙන යන පොතක්. සම්මානයෙන් ද පුද ලද එකක් මෙයට වසර තුනකට විතර පෙර බවයි මගේ මතකය.
ReplyDeleteඕක මනමාල බයද ලැජ්ජාවද කියන්න දන්නෙ නෑ. හැබැයි මටත් ඔය දෙකෙ පන්තියේ විතර ඉන්න කාලෙ ඔහොම මෙව්ව එකක් වෙලා තියනවා.
ReplyDeleteමොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම මගේ කැමැත්ත තිබ්බේ අක්කලට... ඔය දෙකේ තුනේ කාලෙම වෙන්න ඇති අක්කා කෙනෙක් මගේ උපන්දිනේට උම්මා එකක් දුන්නහම තමයි ඔය විලිලැජ්ජාව මුලින්ම ඇති උනේ...
ReplyDeleteමගේ පන්තියේ කෙනෙක් ගැන විශේෂ හැඟීමක් ආවේ හතර වසර අග කාලේ....