Monday 30 January 2012

හාමිනේ ගේ බඩු ලයිස්තුව හෙවත් අපි නොදන්න ස්ප්‍රැට්ස්! - What on earth are Sprats?


මේ සිද්ධිය වුනේ කතන්දර ජෝඩුව බැඳලා අවුරුදු එකහමාරකට විතර පස්සේ අපේ රෝස බබා උපන්න කාලයේ.

මුල් කාලේ කතන්දර ජෝඩුව ගෙදරට අවශ්‍ය බඩු ගත්තේ හන්දියේ රාජා ගේ කඩෙන් එහෙම නැත්තං ගෑණිගේ කඩෙන්. පස්සෙන් පහු රතු කොරොල්ලා එකක් ගත්තු නිසා නුගේගොඩට ගිහින් පොළෙන් එළවළුයි, සතොසෙන් ගෙදරට අවශ්‍ය ග්‍රොසරීස් ටිකයි ගේන්න පුළුවන් වුණා.

සාමාන්‍යයෙන් කඩේ යනකොට ගේන්න ඕනෑ බඩු ලයිස්තුවක් ලියන පුරුද්දක් මට නෑ. ඔය ලයිස්තු හදන එක හාමිනේ නම් හරිම කැමති දෙයක්. මුල් කාලේ කඩේ ගියේ දෙන්නා ජෝඩු දාලා නිසා මට ඒ හදපු ලයිස්තු බල බල ෆලෝ කරන එක කවදාකවත් ප්‍රශ්ණයක් වුනේ නෑ.

දැන් ඉතිං මේ කියන දවස වෙනකොට රෝස බබා ගෙදර ඇවිත් නිසා මට තනියමයි නුගේගොඩ යන්න වුනේ.

ඔන්න මං නුගේගොඩ සුපර්මාකට් කාර් පාක් එකේ කාර් එක දාලා, පොළට ගියා. එළවළු ටික අරං ඇවිත් ඩිකියට දැම්මා.

ඊට පස්සේ නාවල පාරේ තියෙන සතොස එක ලඟට ගිහින් එතන පාක් කළා.

ඇතුලට ගිහින් සාමාන්‍යයෙන් ගන්න ලට්ට ලොට්ට ටික අරං එළියට ආවා.

එතකොටයි මතක් වුනේ හාමිනේ දුන්නු බඩු ලයිස්තුව!

කෝකටත් කියලා ලයිස්තුව චෙක් කරන්න පටන් ගත්තා.

Vegies ටික් ü
Dhal ටික් ü
Sugar ටික් ü
Lakspray ටික් ü
Sprats වට් ?
Tea ටික් ü
Coils ටික් ü

ලයිස්තුවේ තිබුණු දේවල්වලට වඩා තව එක එක ජාති දහයක් විතර අරගෙන තිබුණත්, ලයිස්තුවේ තිබුණු මේ ස්ප්‍රැට්ස් කියන ජාතිය නං අරගෙන තිබුණේ නෑ.

ඒකට හේතුව බඩු ලයිස්තුව මීට කලින් බලපු නැති එක නෙමේ. පොළේ දී හරි සතොස ඇතුලේ දී හරි ලයිස්තුව බැලුවා වුනත්, කවුද මේ ස්ප්‍රැට්ස් කියන්නේ මොන මගුලක්ද කියලා දන්නේ.

මේ කාලේ මට මොබයිල් ෆෝන් එකක් තිබුණේ නෑ. ලඟපාතක පේන්න අර කාඩ් දාන කහපාට ෆෝන් බූත් එකක් තිබුණෙත් නෑ. ඉතිං ඔන්න ඔහේ ගෙදර ගියා.

බඩු ටික සද්ද නැතුව කුස්සියෙන් දාලා මං ගියා ඇඟ හෝදා ගන්න.

ආපහු එනකොට හාමිනේ තේ එකකුත් හදලා!

"කෝ කතී ඔයා හාල්මැස්සෝ ගෙනල්ලා නෑනේ!"

"හාල්මැස්සෝ? ඔයා ගේ ලයිස්තුවට නේ මං බඩු ගෙනාවේ. මං දැක්කේ නෑ, හාල්මැස්සෝ තියෙනවා. මං සතොසෙන් එන්න කලිනුත් චෙක් කළා."

"ඇයි අනේ ඔයාට ඇස් පේන්නේ නැද්ද, නැත්තං අකුරු කියවන්න බැරිද?" හාමිනේ ලයිස්තුව මට දීලා ඇහැව්වා.

ෂිහ්, මං ලයිස්තුව බඩු මල්ලක් ඇතුලේ දාගෙන ඇවිත්. මෝඩකම තමා. අපරාදේ ඒක විසිකරන්න අමතක වෙලානේ!

"මේ තියෙන්නේ මං ලියලා හොඳ පැහැදිලි අකුරෙන් Sprats කියලා!" හාමිනේ මට ලයිස්තුව පෙන්නනවා.

මං නේද, සද්ද බද්ද නැතුව නිකං මීයා වගේ හිටියා.

කවුද හලෝ දන්නේ මේ ස්ප්‍රැට්ස් කියන්නේ හාල්මැස්සන්ට කියලා?

එතකොට "රයිස් ෆ්ලයිස්" කියන්නේ අහවල් එකටද?

-කතන්දරකාරයා

ප/ලි:
කැන්ඩි ලයිට් රයිස් ෆ්ලයිස් වෙරි ඇරිත්මැටික්!


(image: http://news.bbcimg.co.uk/media/images/51478000/jpg/_51478869_51468750.jpg)

51 comments:

  1. ඒකත් හරියට මං මෙහේ ඇවිත් eggplants හොයං ගියා වගේ තමයි...හික්ස්....

    ReplyDelete
  2. 'කිවි' කියන්නෙ මෙහෙ තියන පලතුරක්.....මම ලංකාවෙදි දැකල තියෙන්නෙ 'කිවි' කියන්නෙ සපත්තු පොලිශ් ටින් එකක්...මෙහෙ ආපු අලුත එක දවසක් මම අයිය එක්ක සුපර්මාකට් ගිහින් සපත්තු පොලිශ් හොය හොය ඇවිද්දා...අම්ම ගේන්න කිව්ව බඩු ලිස්ට් එකේ ''කිවි'' කියල ලියා තිබුන නිසා..........

    ReplyDelete
  3. චකේ චකේ මටත් වුනා නෙවැ ඔහොම එකක්.. සුපර් මාර්කට් එකේ වම්බටු හොයාගන්න බැරුව වැඩ කරන බුවෙක්ගෙන් ඇහුවා කොහෙද brinjals තියෙන්නෙ කියලා, මූ උඩ බිම බලලා කිවුවා "අපි ඒවා විකුණන්නෙ නෑ" කියලා.. පස්සෙනෙ දන්නෙ මෙහෙ කියන්නෙ aubergine කියලා.. :D

    ReplyDelete
    Replies
    1. මෙහෙ කියන්නේ eggplant :D

      Delete
  4. මයි ග්‍රෑන්ඩ් ෆාදෙර් යෙලෝ යෙලෝ ස්ලීපින්ග් ඔන් ද ඩොන්කි බෙඩ් :D

    ReplyDelete
    Replies
    1. මේවා ඇහෙනකොට "මයි බොඩි ෆිෂ් ඩාන්සින්ග්"... :)

      Delete
    2. Standing sitting belly going, medicine took took, still no good meya.

      Delete
  5. හිකිස්.. කකා ලැජ්ජ වෙලාද මන්දා.. මාත් අද බෙල ඕක දන්නේ !

    ReplyDelete
  6. බ්ලැක් ෆැට් රයිස් ෆලයිස් වෙරි එරිත්මැටික් !

    ReplyDelete
  7. මේ ළඟදි ටෙලියක මරු කෑල්ලක් ගියා. පොෂ් බඩුවක් එනවා අලුතෙන් සල්ලි කාරයෝ උන ගෙදරකට.
    හරි ටයර්ඩ් අනේ නැද්ද මොකුත් ෆ්‍රෙෂ් ජුස්.
    නෑ අනේ තේ එකක් දෙන්නද.
    ඇවකාඩෝ, බනානා, පයිනැපල් අඩූ ගානේ මැන්ගෝ.
    එහෙනං අඹ ගෙඩියක් කපලා දෙන්නද.
    නෑ අනේ ඩ්‍රින්ක් එකක් ඕන... "ඇට්ලීස්ට්" සොෆ්ට් ඩ්‍රින්ක් එකක්
    අනේ අපි දැන් "ඇට්ලීස්ට්" ගේන්නේ නෑනේ. හස්බන්ඩි කැමති නෑ අනේ ඒවට.

    මැනික් නදිය ගලා බසී එකෙත් තිබුනා එහෙම කෑල්ලක් "අපි ඊයේ කෑවේ ක්‍රොකඩයිල් කරිත් එක්ක රොටි අනේ", බැලුවහම කකුළුවෝ හොදි කාලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ක්‍රොකඩයිල් මස් තෝර මාලු රහලු..

      Delete
  8. good that she has written "Vegies" instead of things like bitter gourd & sanke gourd ?

    ReplyDelete
  9. බ්ලැක් ෆැට් රයිස් ෆ්ලයිස් වෙරි ඇරිත්මැටික්!

    ReplyDelete
  10. රහා කෑම ගොඩාක් කාලා, කාලා ආවේ. ඔය කියන 'රයිස් ෆ්ලයිස් ' කෑවා.
    අද උදේ, බ්ලොග් ටික කියවපුවාම හිතුනේ බ්ලොග් ලියන අයටත්, පොඩි පහේ හරි නිවාඩුවක් ඕනේ බවයි...:D

    ReplyDelete
  11. බණ්ඩක්කා ඕනේ වෙලා මම ladies fingers කිව්වාම මෙහෙ සමහරු දන්නේ නෑ. මෙහෙ කියන්නේ okra. අල්ලපු රටේ යාලුවෝ නිසා මට එක කාලෙකදී භින්දී කියලත් කියවුනා. :D

    ReplyDelete
  12. Traffic Ano
    ඉංගිරිසි වචන හරි අමුතුයි. දැන් බලන්න කණාමැදිරියට ඉංගිරිසියෙන් කියන්නෙ ලකේපුයිට් කියලනෙ. මං ඕක කිව්වම අපේ ලමයි හිනාවෙනව.

    ReplyDelete
  13. මේකත් නිකන් චුයින්ගම් එකක් හපද්දි "චූ පුතා චූ" කිව්ව වගේ තමා....මමත් ඕක දන්නෙ මේක කියෙව්වට පස්සෙනෙ...

    ReplyDelete
  14. ඇත්තටම කියනවා නම් මාත් දැනං හිටියෙ නෑ ස්ප්‍රැට් කියන්නෙ මොකද්ද කියලාජ මේ ළඟක් වෙනකම්..බෝඩිමේ හිටපු කාලෙ මාත් එක්ක හිටපු ළමයා SMS එකක් එවලා තිබුනා ස්ප්‍රැට් ගේන්න කියලා..හොඳ වෙලාවට කෝල් එකක් දීලා මොකද්ද කියලා අහගන්න පුළුවන් වුනේ..

    ReplyDelete
  15. Tile-rice හෙවත් උළුහාල් වලට කියවෙන ග්‍රීක වචනය ලියා දීමෙන් එකසිය ගානට කෑ අපේ භාර්යා තොමෝ එතැන් සිට මේවගේ භයානක ඒවායේ නම දෙබසින්ම ලියන්නීය.

    අන්ඩස්ටෑන්ඩින් කියන්නේ ඉතින් මීට වඩා තව මොනවාද?

    අන්ඩස්ටෑන්ඩ් ද බස් ස්ටෑන්ඩ්?

    ReplyDelete
  16. අපේ හාමිනේත් ලියනවා අංජබජල් ෂොපින් ලිස්ට්. එයා ලියන්නේ එකක් මම ගෙන්නේ වෙන එකක්. අන්තිමට කියන්නේ "මොනවා නැතත් ඔයාගේ බෝතලේ නම් ගේනවා" කියලා!

    ReplyDelete
  17. Sitting standing belly going. Medicine giving giving not asking

    ReplyDelete
  18. මමත් ඔය නම ඉගෙන ගත්තෙ අපේ ගම හාමිනේගෙන්. ගම හාමිනේ ඉගෙන ගත්තේ කාගෙන්ද දන්නෙ නෑ...

    හැබැයි ස්ප්ට්‍රැට්ස් කියන්නෙ හරිනම් හාල් මැස්සන්ට නෙමෙයි.

    මේ බලන්න විකී පීඩියා එකේ.

    හාල් මැස්ස්ටන්ට කියන්න ඇන්චොවි කියලා.

    මේ බලන්න විකී පීඩියා එකේ.

    ReplyDelete
  19. අදමයි කසූ මම නම් ඕක ඇහුවේ.....

    හොඳ වෙලාවට කසූ ඕක ගැන කිව්වේ...නැත්තම් අපිටත් අනාගතේ අපේ නෝනලා ඉස්සරහා කුජීත වෙන්න වෙයිද දන්නෑනේ....ිහි හි හි

    ReplyDelete
    Replies
    1. අපි ඔය කීරමින් කියලා කියන්නේ මේ ස්ප්‍රැට්ස් ලට කියලා මට නම් හිතෙන්නේ?

      Delete
  20. හාල් මැස්සන්ට ඔය නම කියනවා කියලා මමත් අදනේ දන්නේ...

    ReplyDelete
  21. අපේ හිටියා සර් කෙනෙක්.... එයා අපිට උගන්නවා වගේම අපිව බයිට් කරන එකත් ගානට කළා.වැඩියෙන්ම බයිට් වුනේ ගෑණු ළමයි තමයි. උගන්නන අතරෙ දවසක් සර් අහනවා අපෙන් පාන් රාත්තලක ගාණ..ඒකට උත්තර දුන්නා යන්තම්. ඔන්න ඊලඟ ප්‍රශ්නෙ sprats 250ක මිල......... කවුරුත් උත්තර දෙන්නෙ නෑ... සර් බොරුවට අපිට බනිනවා මේ ගෑණු ළමයි කඩේක බඩු වල ගාණ දන්නෙ නෑ කියලා. ඒ වුණාට සර් දන්නෙ නෑ අපි දැනගෙන හිටියෙ නැත්තෙ sprats කියන එකේ තේරුම කියලා. පස්සෙ තමයි තේරුම් ගත්තෙ මොනාද මේ කියලා

    ReplyDelete
  22. හැක් හැක් ගෑනුන්ට ඇති ගාය කඩු ගාය කියනවනෙහ් ඉතිං....

    ReplyDelete
  23. හිකිස්‌ හිකිස්‌..,, කතන්දර මාමා ඉංගිරිසි ඉගෙන ගන්න කාලේ ඕව ඉස්කෝලෙ ඉගැන්නුවෙ නැතෙයි? අපිට නම් ඉගැන්නුවා ප්‍රයිමරියෙදි...

    ReplyDelete
    Replies
    1. මාමා කියලා මේ කෙල්ල ගුටි කන්නයි යන්නේ.

      Delete
    2. මාමේ නැතුව අහවල් එකක් කියන්නද හලෝ...ඔයා කතන්දර මාමගේ "ඉඳල වැඩක් නැතෝ!!" පෝස්ට් එක කියවන්ඩකො. අන්තිමට එයාම රිප්ලයි එකකුත් දාලනේ තියෙන්නෙ.ඉතින් මම උසස් පෙළ කළේ 2009 නෙ. ඉතින් මාමා කිව්වම මක් වෙනවද? හිකිස්‌ හිකිස්‌....!! !!!!..

      Delete
  24. ඩික්ශනේරියක් අරන් යන්ඩ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මතක් කරලා ඩික් එක අරන් පලයන් කඩේ යද්දි

      Delete
  25. කතන්දරත් හාල් මැස්සෝ වලට ඉංගිරීසියෙන් කියන වදන නොදැන උන්නා නම් ඉතින් මම ඕක මෙතුවක් කල් නොදැන හිටි එකට ලැජ්ජ වෙන්නේ මොකටෙද ?

    ReplyDelete
    Replies
    1. මාත් ඒගොඩේ සදරු මලයො.

      Delete
  26. කොරියන්ඩර් ලීව්ස් කිව්වම අනේ මන්දා මට ලැජ්ජයි වගේ නිකං අන්ඩර්වෙයාර් මතක් වෙනවා.....

    ReplyDelete
    Replies
    1. කොරියන්ඩර් ලීව්ස් වලට අපි කියන්නෙ මොකද්ද දන්නවද??? Cilantro

      Delete
  27. Why are you outstanding ? come and understand my umbrella.

    ReplyDelete
    Replies
    1. And ප්ලීස් ඩෝන්ට් මිස් අන්ඩර්ස්කර්ට් මී...කියලත් කිව්වලු!

      - සනාත

      Delete
    2. you know who know who me are....

      Delete
    3. (Traffic Ano)
      ඒක මෙහෙමයි.
      “යූ නෝ හූ මී ආ?”
      “යූ අයි පී, අයි එම් පී”

      Delete
    4. පලාතෙ මන්ත්‍රී තුමා හදිසියෙම පොලීසියට ආවලු කසිප්පු විකුනද්දි අල්ලං ආව මිනිහගෙ ගෝලයෙක් බේරගන්න . . . ඒ වෙලාවෙ ඩියුටි හිටපු අයිපී මහත්තයට දැම්ම තගක් . . . කඩ්ඩෙං . .

      කොනෝ පීපල් කොනෝ
      ඩෝන්ට් කොනෝ පීපල් ඩෝන්ට් කොනෝ
      අයි නෝ හූ යූ ආ
      යූ නෝ හූ මී ආ ??
      යූ අයිපී අයි එම්පී
      ගෙටවුට් මයි අන්ඩවෙයා

      **** ඔන්න සම්පූර්න එක . . . අපෙං අහන්න

      Delete
    5. මේක ඇත්ත සිද්ධියක් ..... අපි පේරා 1st year එකේ ඉද්දි උනේ ... Production dept . workshop එකේ හිටිය කඩ්ඩ හොර ඉන්ටෙක් (Instructor).. දවසක් අපේ බැචෙක් පොඩි මරි වැඩක් කරලා man ට නහුතෙට තද උනා... උගේ ලගට ඇවිත් ඉන්ටා කිව්වා "get out " කියල.. අපේ එකත් නොකර කතා එලියට ගියා...ටික වෙලාවකට පස්සේ ඉන්ටාට ඕන උනා බැචාව ආයේමත් workshop එක ඇතුලට ගන්න.. ඒත් man ට ඒක කඩ්ඩෙන් කියන්න දන්නේ නැ.. මූ මොකද කරේ.. මුත් workshop එකෙන් එලියට ගිහින් බැචා ලගට ඇවිත් කිව්වලු "get out " කියලා.....

      Delete
    6. ඕනයා, මොකක්ද මේ "කොනෝ " කියන්නේ? පොඩ්ඩක් tube light බන්....

      Delete
  28. I KNOW YOU KNOW WHO KNOW MOON KNOW බකමූණෝ

    ReplyDelete
  29. King Bug and Big Jug කියලා ඒ දවස් වල අපි නාකි ඉංග්‍රීසි ටීචර්ගෙන් ගුටි කාලත් තියෙනවා !

    ReplyDelete
    Replies
    1. බිග් ජක් විතරක් කිවුවනම් ගහන්නෙ නෑ.. මොකටද කිම් බක් කියන්න ගියේ...


      එතකොට හඩහ්වත් ගැහෙන්නෙ

      ලබ් බක්

      Delete
  30. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    ඉතා කාර්ය බහුළ සමයක් එළැඹී ඇත. එහෙත් අඩුපාඩුවක් නැතුව කතන්දර ටික පළ වීමට කටයූතු යොදා ඇති බව සතුටින් දැනුම් දෙමි.

    ReplyDelete
  31. කකාට කියන්න . . . මම කඩේ යද්දිත් මගෙ හාමිනේ දෙනව බඩු ලිස්ට් එක. මම කරන්නෙ . . . හංදියෙ තොග කඩේට ගිහිං කඩේ මෑන්ට ලිස්ට් එක දීල පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක. එක දවසක් සීන් එක ඔහොම වෙද්දි . . . කඩේ බුවා ලිස්ට් එකේ අයිටම් එකක් පෙන්නල "මේව නං මේ කඩේ විකුනන්නෙ නෑ"
    කිවුව . . . බලද්දි කිරි පිටි පැකට් දෙක හාමිනේ ලියල තියෙන්නෙ "කුක්කු 2" කියල

    //කැන්ඩි ලයිට් රයිස් ෆ්ලයිස් වෙරි ඇරිත්මැටික්!//

    මමනං අහල තියෙන්නෙ . . .
    බ්ලැක් ෆැට් මාකට් කෝනර් බුටික් රයිස් ෆ්ලයිස් වෙර් ඇරිත්මැටික් . . . කියල

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.