Sunday 22 September 2013

ඡන්දෙන් පැරදුණු අයට කෑමෙන් පසු කන්න සුවිශේෂී අතුරුපසක් - Easy to make dessert to wash your election blues away



දැන් ඉතිං අපේ අයියලා සමහරු ඡන්දේ දිනලා හෝ ගාලා සතුටෙන් ඇති. අනිත් කෂ්ටිය නම් අම්බානකට පැරදිලා දුකෙන් පුං පිට කර කර ඇති.

අපේ අම්මා කියලා තියෙනවා ඉස්සර කාලේ යුඇම්පී එක ඡන්දෙන් පැරදුණාම, සිරි ලංකාකාරයෝ කරන්නේ යුඇම්පී අය ගේ ගෙවල්වලට කිතුල් අතු දානවාලු. මොකද අලියෝ කිතුල් කොල කන්න ආසා නිසා.

හැත්තෑ හතේ මුළු රටම වගේ යූඇම්පීකාරයෝ දිනපු පාරනම් හොඳ හොඳ කෑම කන්න දුන්නානේ සිරිලංකාකාරයින්ට!

මට හිතුණා ඊට වැඩිය හොඳයි කියලා පැරදුණු අයට අද ඉරිදා දවල්ට බත් කාලා කන්න රහම රහ අතුරුපසක් හදන හැටි කියලා දෙන එක.

මේ අතුරුපස අම්බානක රහ වුණත් හදන්න හරිම ලේසියි.

දැන් සති දෙකකට කලින් මාත් කෑවා දුක හින්දා ම!

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය
1. හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්.
2. අයිස් ක්‍රීම්
3. චොකලට් බිස්කට් එකක්
4. පිහියක්
5. දීසියක්


සාදා ගන්නා ක්‍රමය

කෙසෙල් ගෙඩිය කුඩා පෙතිවලට කපා ගෙන දීසියට දමන්න. කෝලිකුට්ටු, ඇඹුල් යනාදියට වඩා ආනමාළු, ඇම්බුං වඩාත් හොඳයි.


එයට උඩින් අයිස් ක්‍රීම් දමන්න. වැනිලා අයිස්ක්‍රීම් නම් වඩාත් හොඳයි. අන් රස ද ප්‍රශ්නයක් නැත.


චොකලට් බිස්කට් එක කුඩා කුඩු ප්‍රමාණයට කුඩුකර උඩින් ඉසින්න. මා බිස්කට්ටුව කුඩු කර ගන්නේ, කඩදාසි බැගයක් ඇතුලට එය දමා පිහි මිටකින් තැලීමෙනි.


දැන් හැන්දකින් ටිකෙන් ටික කමින් රස විඳින්න.

පැරදුණු දුකට කන්න විතරක් නොවෙයි, දිනපු සතුට සමරන්න කන්නත් මේක ඉතා හොඳ අතුරුපස ජාතියක්!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් සරල රෙසිපියක්. කුළුබඩු රස සහිත ස්පයිසි බිත්තරයක් තම්බා ගන්නා හැටි.
http://kathandara.blogspot.com/2012/04/how-to-make-spicy-boiled-egg.html


(image: http://depositphotos.com/3360008/stock-illustration-Winners-and-losers.html)

38 comments:

  1. කකා මේ අයිස්ක්‍රීම් ද මට පෙනෙන්නෙ නම් ගාපු පොල් වගේ,ඉග්ලූ අයිස් ක්‍රීම් වෙන්න ඇති නේද

    ReplyDelete
    Replies
    1. අධි ශීකරණය අංශක -18c තියෙන්නේ, ඇස්කිමෝ රටේ වගේ තමයි!

      Delete
  2. :D :D නියම අතුරු පස ...

    ReplyDelete
  3. මදැයි මේක දැක්ක හැටියේ අයිස්ක්‍රීම් කන්ට දොළදුකක් ආවා...:D :D

    කෝ අනේ මෙයා?... දුවලා දුවලා කඩේට ගිහින් Belgian chocolate ice cream එකක් ගේන්ටකෝ. :)

    ReplyDelete
    Replies
    1. බනානා අමතක කරන්න එපා!

      Delete
    2. ඈඹරල්ල, වෙරළු පාර්සලයක් එවන්ටද පොඩ්ඩි

      Delete
  4. //හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්//
    මේක පරවෙච්ච කෙහෙල් ගෙඩියක්.... හරියට කකාගෙ එක වගේමයි

    ReplyDelete
  5. රැවුල ගිනි අරන් ඉන්න වෙලාවේ සුරුට්ටු පත්තු කරන්න එද්දී තමයි කකා කේන්ති යන්නේ..මේ සෝකේ වහන්ට බැහැ කෙහෙල් ගෙඩියකට ... කෙසේ උනත් රසවත් අතුරුපසක් වේවි කියලා හිතනවා..


    මේ අර නිශාන් කොලුවට වෙච්චි දෙයක් නෑ නේද පපඩම් බද්දගෙන් පස්සේදී...? පොර තාම පපඩම් බදිනවද දන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. \\\හැත්තෑ හතේ මුළු රටම වගේ යූඇම්පීකාරයෝ දිනපු පාරනම් හොඳ හොඳ කෑම කන්න දුන්නානේ සිරිලංකාකාරයින්ට! \\\

      මේවා දකිද්දී නම් දුක ශෝකේ අඩු වෙනවා කකා..:)

      Delete
    2. නිහාල් ගුරුසිංහට මොකද උනේ?

      Delete
    3. එනවා යනවා. මේක තාවකාලික නවාතැනක්!

      Delete
    4. නිහාල් ගුරුසිංහ කියන්නේ ආරූඪ නමක් වෙන්න ඇති ... මාස 5 ක් තිස්සේ නැහැයි කියන්නේ එක්කෝ

      01. බ්ලොග් එපා වෙලා.
      02. පාස් වර්ඩ් එක අමතක වෙලා.
      03. විවේක කාලයක් නැතුව ඇති.
      04. හිරේ විලංගුවේ වැටිලා.
      05. අසනීපයක්.
      06. ________________


      මොකක් වෙන්න ඇතිද හැබෑටම ...?

      Delete
    5. කකා ,

      "දොස්තර නිහාල් ගුරුසිංහ කෙංසින්ටන් රෝහලේ සේවය කරන එකම ආසියාතික වෛද්‍යවරයාය. " මේක ප්‍රභන්ධයක් ද ? සත්‍යක්ද ..?

      __________________________________________________
      කව්රු හරි මට කියනවද " කොත්තු " සිංඩියට ඇතුළත් වෙන හැටි..

      Delete
    6. නිහාල් ගුරුසිංහ එක තැනක කියා තිබුණු විදියට ඔහු 1978 පමණ පේරාදෙනියේ කලා උපාධියක් ලබාගෙන ඇෂ්ලි හල්පේ සමග වැඩ කර තියෙනවා.

      ඔය දොස්තර කතාව තිබුණේ ප්‍රභන්ධයකයි. නමුත් සත්‍යයය එයද, ප්‍රභන්ධය මුල් එකතැයි දන්නේ කවුද?

      වරෙක ඔහු කියු පරිදි දුවරු දෙදෙනෙක් ඉන්නවා. එවැනි ප්‍රොෆයිලයක් ඇති අයෙකුව (දියණියක) මා වත් පොතෙන් කන්ටැක්ට් කළත් උත්තරයක් නෑ.

      කොත්තුවට ඇතල් වෙන්න නම් ඉන්ඩි (සමරජීව) ට ඊ-මේලයක් යවන්න.

      Delete
    7. සැබෑ පුද්ගලයා එයා වෙන්නත් පුළුවන් , නොවෙන්නත් පුළුවන්.. කකා දන්නවද මට දැනට මාස 3 කට වගේ කලින් වුණු සිද්දියක් .. මම මුළින්ම කියලා ආදරේ කරපු කෙනාව හෙව්වා FB එකෙන්... හෙව්වා වගේම හම්බුණා වෙනත් ක්‍රමයකින්... ඒක හරිම පුදුම හමුවීමක්... මම ඒ ගැන පෝස්ට් එකක් ලියන්නම්කො...

      ( නලින් අය්යා නම් දන්නවා සිද්දිය )

      මට සමරජීවගෙ මේල් එක දෙන්න .. කොත්තු සයිට් එකේ නැහැ පේන්න ...

      Delete
    8. @ Sahan,

      Check the top bar. A link is there.

      Or click here: http://kottu.org/about

      Delete
    9. මෙච්චර කාලයක් තිස්සේ මම මේල් ඇඩ්රස් එකක් තියේද තියේද කියලා හොයපු හෙවිල්ලක්.. බැරිම තැන මම වැඩේ අතැරලා දැම්මා... ස්තූතියි තොරතුරට ...

      Delete
  6. ඩෝප්ද ඕයි? අපි මෙහෙ රැවුල ගිනි අරන් ඉන්නකොට තමුසෙ එනවා සුරුට්ටු පත්තු කරන්න.

    ReplyDelete
    Replies
    1. එහෙනං අයිස් ක්‍රීම් නොදා කෙහෙල් ගෙඩිය විතරක් කාලා දොයිය බබා කරන්න!

      Delete
  7. මට උන ගැනුනම නම් තියෙන පලතුරු හැම ජාතියක්ම බෝල් එකකට කපල දාල,අයිස් ක්‍රීම් ලීටරයෙන් 1/4 පමණ මිශ්‍ර කරගෙන දවසට දෙසැරයක් බුදිනව.
    පැරදුන ලොකු අයටත් පොඩ්ඩක් කාල නම් හරි යන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජියාට බඩම යන්න එපාය

      Delete
    2. පැරදුන ලොකු අයට හැමදාම පරිප්පු කාලා එපා වෙලා ඇතිනේ.

      ඒකයි මං මේ අයිස්ක්‍රීම් කවන්න හිතුවේ!

      Delete
    3. @ Kenji
      දුරියනුත් දානවාද ඒ පළතුරු මිශ්‍රනයට?

      Delete
    4. දුරියන් මම කාලම නැහැ.
      හැබැයි මාසෙට දින හතරක්,පහක් සිහිනියට කපා ගත් දුරියන් ඇට හතරක් පමණ මිලි 750 ක වතුර භාජනයකට රාත්‍රියේ දමා තබා,පසු දින උදයේ ඇට කැබලි ඉවත් කොට හිස් බඩ බොනව.

      Delete
  8. දැන් කව්ද පැරදුනේ කව්ද දිනුවේ

    ReplyDelete
    Replies
    1. රස්තියාදුකාරයා පස්ට පොස්ට් එකක් දාලා තියෙනවා පස්ට ෆොටෝ ටිකකුත් එක්ක නිවාඩු තියෙන අය ගිහින් බලන්න
      http://vidura-weerasinghe.blogspot.com/2013/09/normal-0-false-false-false-en-us-x-none.html

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. "කව්ද" කියා ඇහුණාට ඒ වචනය ලියන්නේ "කවුද" කියායි.

      "කව්ද" කියා ලිව්වාම මට පේන්නේ "කව් ද? බුල් ද?" වගේ ප්‍රශ්නයකින් කොටසක්.

      Delete
    2. කකා හරකෙක් ද? කියලා ඇහුවනම් ඉවරයිනෙ....

      Delete
    3. ටයිටස් තොටවත්ත මහත්තයා භාවිතා කළේ, “කවුද?“ වෙනුවට “කවුරුද?“ යන්න.
      “කව්ද?“ කියන්නේ “කමුද?“ කියන එකනේ!

      Delete
    4. ටයි මහත්තය ගෙ වචන භාවිතය ගැන ඔබ කියන තරම් සුන්දර නැහැ.

      Delete
    5. Kenji @ Japan - සිරාවටම

      Delete
  10. චන්දෙදි මෙහෙම කන එකේ එහෙමත් කාලම බලමු..

    ReplyDelete
  11. මේවා කාලා දුක දුකෙන් පුන් යවන්න බෑ..

    ReplyDelete
  12. රනිල් නම් කැමති වෙයි මේ ඩෙසර්ට් එකට..

    ReplyDelete
    Replies
    1. ඇයි සෝමේ, එයත් කැමති ඇති.

      Delete
  13. මේක ඇත්තටම තිබුනු කෑමක් ද ? ඔයාගෙම සොයාගැනීමක් ද ?
    මමත් ට්‍රයි කරල බලන්න ඕනෙ .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.