Thursday 18 October 2012

"උපහාර" සහ "අභිමාන" (ඇඩ්වර්ටීස්මන්ට් එකක් නොවේ) - No advertisements here, yet!


මගේ වැඩිහිටි පරම්පරාවේ බහුතරයක් ගුරුවරු. අනිත් අය හුඟ දෙනෙක් රජයේ සේවකයෝ. මේකට හේතුව කියන්නයි මං මගේ මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරේ ලිව්වේ.

මේ ගොල්ලෝ දැන් පැන්සොං!

ඒ වුණාට දැන් අවුරුදු දෙක තුනක ඉඳලා කට්ටියම හරිම ක්‍රියාශීලීයි. උදේ ඉඳලා හවස් වෙනතුරු විතරක් නොවෙයි හවස් වෙලා වුණත් එහෙන් කෝල් මෙහෙට, මෙහන් කෝල් අරහෙට, අරහෙන් කෝල් එහෙට, වැඩ කෝටියයි. ගෙවල් නිකං කොමියුනිකේෂන් වගේ.

මේකට හේතුව තමයි "උපහාර".

ඉතිං අපේ ඇන්ටිලා කෂ්ටිය "උපහාර"වලින් අන්තර්ජාලයක් හදාගෙන ජොලියේ ඉන්න වෙලේ තව ඇන්ටි කෙනෙක් ටිකක් දුකින් ඉන්නවා මොකද එයා ගේ පවුල පෞද්ගලික අංශයේ සේවය කළ අය නිසා මේ "උපහාරේ" ජොලිය නැතුව.

මං විහිළුවට වගේ මේ ඇන්ටිට කියන්නේ අන්න අර ගොල්ලෝ නං උදේ හවා "උපහාර", ඔයාට නං දැං ඉතිං "අපහාස පැකේජ්" එකක්වත් ගන්න වෙයි නේද? කියලයි.

අලි මදිවට කොටි වගේ දැන් ඔන්න ඇවිත් "අභිමානේ".

තව ටික කාලෙකින් කට්ටිය උපහාරේ අතහැරලා "අභිමානෙන්" යුතුව ස්කයිප් කරන්න පටන් ගනීවී.

මට නං "අභිමානේ" ආවේ ඊයේ පෙරේදා. ඒ නිසා තමයි මේ අද මං "උපහාරේ" දෙන්න යන්නේ.

කතාව අවුල් වගේද?

නෑ, මෙහෙමයි.

දැන් ඉතිං මගේ මේ කතන්දර බ්ලොග් රාජයා ගේ ෆලෝවර්ස් ලා ගාන දාහ පැන්නා නේ ඊයේ පෙරේදා. ඒක තමයි මගේ "අභිමානේ".

ඒ වෙනුවෙන් ඒ සූ ගාලා පහලින් එක් රොක් වෙලා ඉන්න දාස් දෙනාටයි මේ මගේ "උපහාරේ".

හොඳට බලන්න, සයිබර්යායේ මොනවා තිබුණත් මෙතන ඉන්නවා ඇනෝනිමස් ලා.



ජයවේවා!

-කතන්දරකාරයා

ප/ලි
ඇත්තටම කියනවා නං මං කතන්දර බ්ලොගේ ෆලෝවර්ස්ලාට උපහාරය දෙන්න පටන් අරං දැන් අවුරුද්දකටත් වැඩිය වැඩියි. මගේ උපහාරය මං දුන්නේ ෆලෝවර්ලා ගේ මූණත්තහඩු ටික තියෙන විජට්ටුව නිකං පැත්තකින් නොදා බ්ලොග් එකේ උඩින්ම දාලායි.

මං හිතන්නේ කී දෙනෙක්ම දැන් එහෙම කරනවා. ඒකත් ෆලෝ කිරිල්ලක් තමයි!

(image: http://en.wikipedia.org/wiki/File:Anonymous_at_Scientology_in_Los_Angeles.jpg)

59 comments:

  1. Replies
    1. ඔය මූණක් නැතුව ඉන්නේ ඇනොනිමස්ලා නෙවෙයි කතන්දර. ඔය බ්ලොගර් ප්‍රොෆයිල් වලට මූණක් දාපු නැති හරි, ගූගල් මේල් වලින් හැදෙන අකවුන්ට් එකෙන් ෆලෝ කරපු අය. :P :P ඇනෝනිමස්ලාට ෆලෝ කරන්න කිසිම පහසුකමක් බ්ලොගර් අඩවියෙන් දීලා නෑ. වර්ඩ්ප්‍රෙස් වලදි නම් පුළුවන්.

      Delete
    2. කතාවේ කතාව තේරිලා නෑ වගේ??

      Delete
    3. ඒ වගේ තමයි.

      මොනවා නැතත් මොකා නැතත් අර ඉස්සර හිටිය ඇනෝනිමස් ආතල් නං මෙතන ෆලෝවර් කෙනෙක් විදියට ඉන්නවා.

      Delete
  2. උණුසුම් සුබ පැතුම් කකා..:)

    ReplyDelete
  3. onna ehenam abimanawath 1000k(etath wediyen) ekka karana blog mehewarata(mehewarak thamai) magen upaharayak. Lassana hinawakin. :)

    ReplyDelete
  4. සුබපැතුම් ලැබේවා...අබිමාන හොදයි ඉතිං නාකි අයටම...ටිකක් වැලක් බලාගන්නවත් මදිනේ 2ජීබි ප්‍රමාන්‍ය...

    ReplyDelete
    Replies
    1. ඇයි ගිගාබයිට් එකයි දශම පහකුයි මෙගාබයිට් පන්සීයකුයි දීලත් මදිද?

      Delete
    2. මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට!

      Delete
  5. සුභ පැතුම් කකා
    අපි කොහොමත් දන්නවා මේ ෆලෝස්වරු අතර ඇනොලා ඉන්නවා කියලා.ඔක්කොම අපේම ය තමා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිෂාන්?

      අපි වෙනුවෙන් අපි?

      Delete
  6. සිංහල බොග් කලාවේ රාජයා....

    සුභ පැතුම් ගුරු ජී.....!!!

    ReplyDelete
    Replies
    1. මේ ලිච්ඡවි රජ දවස!

      තෑන්ක්ස් අහිංසක.

      Delete
  7. සුභ පැතුම් ලොක්කා..!

    ReplyDelete
  8. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. සුභ පැතුම් ලොක්කා!

    ReplyDelete
  10. සුබ පැතුම් කතන්දර! මාත් කාලයක් උඩින් මැදට කරලා දාලා තිබුණා! දැන් නම් ආයෙත් පැත්තක. හැබැයි තාමත් උඩ තමා..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හොඳයි, හොඳයි, ඔහොම යමු!
      ස්තුතියි! ජයවේවා!

      Delete
  11. කතාන්දර ලොක්කට ජය වේවා....

    ReplyDelete
  12. කතන්දරට සුබ පැතුම් සහ අනෙක් අයට උපහාර...!!!
    එතන අපිත් ඉන්නවනේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      අපි කියන්නේ ඔයයි ගෙඹි කුමාරයයිද?

      Delete
  13. මගේ චූන් මටම චූන්!!

    ReplyDelete
    Replies
    1. මයි කාර්, මයි පැට්‍රෝල්!

      Delete
  14. කතන්දර කාරයට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ!
      ඇනෝලාට නං කවදත් ජයයිනේ.

      Delete
  15. සුභ පැතුම් ...ජය වේවා !!!!!

    ReplyDelete
  16. කකා එහෙම කිවුවට ඔය ෆලෝ කරන කට්ටිය මහ වාතයක් කනෙක්සන් ස්ලෝ වෙලාවලට බ්ලොග් එක ලෝඩ් වෙන්න මහ වෙලාවක් ගන්නව. අපි වගේ ආශ්චර්යමත් දේශයක ජීවත් වෙන පාඨකයො ගැනත් පොඩ්ඩක් සලකා බැලුවොත් හොඳා.

    සුබ පැතුම් කකා.............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !

      එහෙම වෙන්නේ ඉන්ටර්නෙට් එක්ෆ්ලෝරර් වලයි.

      Delete
  17. කකා සුබ පැතුම්!

    හැබැයි ඔයාගේ ඔය උපහාරේ හින්දා පේජ් එක ලෝඩ් වෙන්න කල්පයක් විතර යනවා. :P

    පින්තූරය ගැන කියනවා නම්, "They are anonymous. they are legion. They do not forget. They do not forgive."

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සම්පත් !

      එහෙම වෙන්නේ ඉන්ටර්නෙට් එක්ෆ්ලෝරර් වලයි.

      Delete
  18. 1000 වෙනියා වුන මටත් 1000 එකතු කරගත්ත කකා ටත් සුභ පැතුම්!

    ReplyDelete
  19. කකාට උණුසුම් සුභ පැතුම් ..
    අර විජට්ටුවද මොකක්ද එකේ ඔබා මාමගෙ මූන තැන් දෙකක පේනවනෙ.
    ඒ කියන්නෙ දෙපාරක් අනුගාමිකයෙක් වෙලදා ඔබා??

    ReplyDelete
    Replies
    1. හග් ආ... ඒක සැබැයි සැබැයි සැබැයි සැබැයි...
      ඇත්තටම එහෙම උනේ කොහොමැයි????

      Delete
    2. ඔබාට ප්‍රොෆයිල් දෙකක් තියෙන්න ඇති.

      ස්තුතියි තරු.

      Delete
  20. කකාට උණුශුම් ශුප ෆැථුම්!!!!

    :D

    ReplyDelete
    Replies
    1. මගෙනුත් ඔබට මෙන්න හොට් තෑන්කියු එකක්!

      Delete
  21. සුබ පැතුම් කකා ..!!

    ReplyDelete
  22. සුභ පැතුම්. මම 1007. කලින් කතන්දර නම් කියවල තියෙනව.

    ReplyDelete
  23. ඇහැක්.. කාලෙකින් මෙ පැත්තෙ ආවේ.. 1000ත් පැන්නුවැයි.. :D සුබ පැතුම් අහ්... නිවන් සුව! :D

    ReplyDelete
  24. ඔය ඵල දෙන්නෙ අපිට අත දුන්න එව්වගෙ පින. සුභ පැතුම්!

    ReplyDelete
  25. සුබ පැතුම් කතන්දර මල්ලි

    අපේ උපහාරේ තියෙනවානේ ඔයා ඒ නිසා වැඩේ කරගෙන යන්න
    ජයවෙනවාමයි

    ReplyDelete
  26. සුභ පැතුම් කශු.

    ඇනෝලා නම් බිහි වුනේ ගොඩක් කාලෙකට කලින්.. කැලෑ පත්තර, නිර්නාමික පෙත්සම් පටන් ගත්ත කාලේ.:) ..
    (ඇනෝලා සියල්ලන්ම කැලෑ පත්තර කාරයෝ නොවේ..)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.