
මේකත් මං අහල තියෙන, ගිය සතියේ ලියපු ඒ බූරුවා අපි වික්කා වර්ගයේ එකක්.
මං මීට කලිනුත් මනමේ කුමාරි ගේ කන්‍යාභාවය වගේ මගේ නොවන කතන්දර ලියලා තියෙන හින්දා, මේ කතාවත් අවුලක් නෑ මගෙ හිතේ.
ඉතිං අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරේ මේකයි.
අපේ මුල් කතන්දරේ හිටිය තාත්තයි පුතාටයි පස්සේ කාලෙක හිතුණා මොකක් හරි බිස්නස් එකක් කරන්න ඕනෑ කියලා. මාළු වෙළදාමටයි හිත ගියේ.
ඉතිං දෙන්නා ගමේ හන්දියේ මාළු ලෑල්ලක් අටවලා, පෑලියගොඩට ගිහින් පාමංකඩ විල්සන් කරු ගේ කඩෙන් කිලෝ එක රුපියල් පනහ ගානේ දීලා මාළු ගෙනල්ලා විකුණන්න පටන් ගත්තා.
ටික ටික බිස්නස් දියුණු වෙනකොට, දෙන්නට හිතුණා පොඩි පහේ බෝඩ් ලෑල්ලකුත් ගහන්න.
දෙන්න කතාවෙලා බෝඩ් එකක් ඇඳලා හයි කළා.

මෙහි අළුත් මාළු විකිණීමට තිබේ!
මේක දැකපු මාළු ගන්න ආපු පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ මෙහි කියලා ලියලා තියෙන එකේ තේරුම. මෙහේ නැතුව එහේ තියෙන මාළු මෙතනින් ගන්න පුළුවන්ද කියලා.
කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.

අළුත් මාළු විකිණීමට තිබේ!
මේ අළුත් බෝඩ් එක දැකපු මාළු ගන්න ආපු තවත් පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ අළුත් කියලා ලියලා තියෙන එකේ තේරුම. අළුත් ඒවා නැතුව උඹලා පරණ මාළුත් විකුණනවද කියලා.
කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.

මාළු විකිණීමට තිබේ!
මේ අළුත් බෝඩ් එක දැකපු මාළු ගන්න ආපු තවත් පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ මාළු කියලා ලියලා තියෙන එකේ තේරුම. මාළු නැතුව උඹලා එළවලුත් විකුණනවද කියලා.
කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.

විකිණීමට තිබේ!
මේ අළුත් බෝඩ් එක දැකපු මාළු ගන්න ආපු තවත් පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ විකිණීමට කියලා ලියලා තියෙන එකේ තේරුම. විකිණීමට නැතුව මෙතන පිනට දෙන්නත් මාළු තියෙනවද කියලා.
කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.

තිබේ!
මේ අළුත් බෝඩ් එක දැකපු මාළු ගන්න ආපු තවත් පණ්ඩිතයෙක් කිව්වා, මොකක්ද බං මේ බෝඩ් එකේ තිබේ කියලා ලියලා තියෙන එකේ තේරුම. තිබේ නැතුව නොතිබේ නං ඇයි උඹලා කඩේ ඇරගෙන ඉන්නේ? මාළු ලෑල්ල වහලා දාලා ගෙදර යනවනේ, නේද? කියලා.
කතාව ඇත්තනේ. තාත්තයි පුතයි බෝඩ් එක වෙනස් කළා.

!
-කතන්දරකාරයා
ප/ලි
මේක නං මාර ගමක් වගේ නේද, පණ්ඩිතයෝ ම යි ඉන්නේ. පඳුරකට ගැහැව්වත් පණ්ඩිතයෙක් දෙන්නෙක් එළියට විසිවෙනවා ඇති.
(image: http://123rf.com)
සමහරවිට ඒ රැකියා විරහිත උපාධිධාරින් වෙන්ටැති..
ReplyDeleteපලි: කකා, සමාවෙන්ටෝනැ මෙහෙම කියනවට.. 'අළුත්' කියන එක ව්‍යාකරණානුකූලව වැරැදියි.. එය 'අලුත්' යනුවෙන් නිවැරැදි විය යුතුයි.. :)
@ බුරාතෙනෝ
ReplyDeleteමං හිතන්නේ ඔබ හරි, නමුත් අළුත්, අලුත් දෙකම භාවිතා වෙනවා කියලයි. මං සාමාන්‍යයෙන් අක්‍ෂර වින්‍යාසය බලන්නේ මෙතනින්.
http://www.subasa.net/spellerweb.py
අළුත් කතන්දර කියවීමට තිබේ!
ReplyDelete@ All
ReplyDeleteබුරාතෙනෝ මේ කියන මාළු කඩේට ගියා නං මුලින්ම "අලුත් මාළු මෙහි විකිණීමට තිබේ" කියලා බෝඩ් එක වෙනස් කරන්න කියයි නේද?
නිවරද අක්‍ෂර වින්‍යාසය අලුත් බව සලකන්න. ස්තුතියි බුරාතෙනෝ.
@ Priyantha
ReplyDeleteමෙහෙමයි දාන්න ඕනෑ.
අලුත් කතන්දර සඳුදා, බදාදා සහ සිකුරාදා කියවීමට තිබේ.
ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කියවීමට තිබේ!
ඒ බූරුවා වික්කා කිව්වට විකුනලා නෑ වගේ.... :D
ReplyDeleteකොහෙද කියලා නෑනේ.
ReplyDelete! පස්සෙ මම නම් කරන්නෙ බෝඩ් එක කියපු කෙනාටම ගලවලා දෙන එක ඔය විදියට බලන් ගිහාම බෝඩ් එකේ වැඩකුත් නෑ
ReplyDelete! එකක් තියෙන එකේ තේරුමකුත් නෑනෙ. ඒකත් අයින් කරල දැම්මනං හරි.
ReplyDeleteඔයා මේ කියලා තියන්නේ මීට වසර දහයකට පෙර කතන්දරයක් වෙන්ට ඕන.නැත්නම් කොහෙද අප්පේ රු50ට මාළු කි1 ක්
ReplyDeleteගන්න තියෙන්නේ
මාර පන්ඩිතයෝ ඉන්න පලාතක නොවැ මාලු කඩේ දාලා තියෙන්නේ.
ReplyDeleteඅනික අර කිව්වත් වගේ මේ බුදුන් පුංචි කාලේ කාතාවක්ද කොහෙද. නැත්නම් කොහේද මාලු කිලෝ එක රුපියල් පනහට . . !!
කොහෙද බන් මේ පහල ගම උන්ද කතන්දර අයියේ මෙහෙම කරන්නේ....?? :D
ReplyDeleteනරකද ඒ දඩු ටිකක් බිස්නොස් කරානම්
ReplyDelete/* ....පෑලියගොඩට ගිහින් පාමංකඩ විල්සන් කරු ගේ කඩෙන් කිලෝ එක රුපියල් පනහ ගානේ දීලා මාළු ගෙනල්ලා .....
ReplyDelete*/
ඒ කෑල්ල සමහර අයට ටියුබ් ලයිට් වගේ.
ඇයි ළමයිනේ මේ කියන්නේ කඩකාරයා මාළු ගන්න ගාණ නේ. මාළු ලෑල්ලෙන් අපි මාළු ගන්න ගාණ නෙමේ.
අනිත් එක: මෙන්න මේ නිවුස් එක හොඳට කියවන්න. මේකේ මං කියවූ සිංහල පිටපත සර්ච් කරලා හොයාගන්න බෑ.
http://www.lankaenews.com/English/news.php?id=10981
මෙන්න සිංහල ප්‍රවෘත්තිය:
ReplyDeletehttp://www.lankaenews.com/Sinhala/news.php?id=16889
හක් හක් හක්.. අන්තිමට ඉරකි තිතකි විත්‍රයි හේනම්.. :D :D ලොල්ය. ලොලේම ලොල්ය.
ReplyDeleteකිව්වත් වගේ බූරුවා තාමත් සනීපෙට දෙන්න ලඟම ඉන්නව වගේ....
ReplyDeleteඊ නිව්ස්, නිව්ස් එකනෙ බොලO නිව්ස් එක.....
පහලගම වෙන්නත් බොහෝ දුරට ඉඩ තියෙනව...හික්
මං මේ ලඟදි මීගමු ගීයා, මාළු විකුණන තැන් වල බෝඩ් මුකුත් නැහැ, හැබැය් කස්ටමර්ලා පොර කනවා මාළු ගන්න.
ReplyDeleteතව අපේ බ්ලොග් ලියන යාලුවෙක් විසින්,තත්ව පරීක්ෂණ එහෙම කොරල, මාළු පිටරට යවන, පැට්ටේරියක් බලන්නත් ගියා,එතනත් විකුනන්න බෝඩ් නං තිබුන් නැහැ, ඒ වුනාට බල මාළු කිලෝව උන් විකුනනන්නේ රු. 1600/= කට විතර.
පුළුවන් නං කාල වරෙන් කියල.
කතන්දර මම අහල තියන විදියට අන්තිමට එන්නෙ ගමේ පන්ඩිතයෙක් නෙමේ . . . කනේ මයිල් කෙලිං වෙන්න දෙකක් දාගත්ත ගමේ චන්ඩි සෝමෙ . . . (අර මොහොමඩ් අලී ට චැලෙන්ජ් කලේ . . . අන්න ඌ) . . . .බුවා කඩේ ඉස්සරහට ඇවිල්ල "තිබේ" කියන බෝඩ් එක දිහා ටිකක් බලාඉඳල සරමෙ කොනකුත් උස්සං අහනව . . . .
ReplyDelete"මොනවද යකෝ . . . තිබේ. . . කියන්නෙ . . . ??? තොපෙ අ*** ***ද ????"
@ඔබ්සර්වර් . . . . මේ දවස් වල 2500යි කිලෝ එක
@ All
ReplyDeleteකියවූ, අදහස් පලකළ සැමට තුති.
මේ අද පල කලේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා ජනප්‍රිය පස්වෙනි කතන්දරයයි. දිගටම ගෙනයාමට බලාපොරොත්තු වෙමි.
මං "මැරෙන එකත් පණ යන වැඩක්" කතන්දරේ දී කියු පරිදි මාසයකට බඩු සෙට් කර ඇත.
අද මාළු - හෙට එළවලු!
ඔහොම පණ්ඩිතයෝ හිටියොත් කටක් අරින්නවත් බැරි තත්වයක් උදා වෙයි නේ--
ReplyDeleteඅපරාදේ තාත්තටයි පුතාටයි තිබුනේ බෝඩ් එක ඉංග්‍රීසියෙන් ලියන්න ..එහෙම උනානම් ඉතින් පඬි වදන් දෙන්න සුද්දෙක්ම එන්න ඕනෑ නේ ..
ReplyDeleteමයි ගෝඩ් ඔබාම, එක්දාස් හයසීයට විකුනන්නෙ උන්ට රත්තරන් කවලද බන්? මෙහෙ අලුත් බලයො කිලෝ එක රුපියල් වලින් නං තුන්සීයයි, බලයම ගන්න ඕනි ඉතින්. කිලෝ හතරෙ බලයෙක් හෙට්ටුවෙ දස්සකමට හාමිනේ ගිය සිකුරාද ගෙනාවෙ ඩිනාර් තුනාමාරට (ඩිනාර් එකක් රු288යි )
ReplyDelete@ඉන්දික: රත්තරං කවල හදල වගේ තමයි . . . . මේ දවස් වල USD 25 ත් 28ත් අතර ගනන් වලට යන්නෙ . . . වෙන මොක්කුවත් නෙමේ . . . . කෙලවල්ලො . . .
ReplyDeleteහැබෑවටම මාළු කිලෝව රුපියල් පනහට දෙනවනං වීක් එන්ඩ් එකේ ප්ලේන් ටිඅක්ට් එකක් අරන් ඇවිත් මාළු කිලෝ තුන හතරක් අරගෙන ආපහු ආවත් පාඩු නෑනෙ බොලේ.
ReplyDeleteමෙහෙ සාජා මාළු මාකට් එකේ කිලෝ 3 - 4 ක කෙලවල්ලෙක් ගන්න පුළුවං ලංකාවෙ සල්ලිවලින් රුපියල් 600 කට විතර.
මම මේ කල්පනා කලේ, ඔය කස්ටම් එකේ පින්වත් මහත්තයෙක්ව පොඩ්ඩක් යාළු කරගෙන මෙහෙ ඉඳන් ලංකාවට මාළු පැටොව්වොතින් පරම්පරාවටම ගොඩ යාතෑකි....
@කකා,
ReplyDeleteමාත් අර පණ්ඩිතයෙක් වගේ වෙන්න කියලයි අක්ෂර විණ්‍යාසය ගැන කතාවක් ඇදලා ගත්තෙ.. මං හිතුවෙ තව කවුරු කවුරු හරි මට පස්සෙ ඇවිත් තව මොනා මොනා හරි වැරැදි පෙන්නලා සපෝර්ට් එකක් දෙයි කියලා.. ම්හු.!! :)
@ඉන්දික හා දුමී,
උඹලට නං මොකද..?? ඩුබායි බහරේන් කියන්නෙ වටේටම මුහුද.. ලංකාවෙ එහෙමද, කොච්චර ඈත ඉදන්ද මාළු ගේන්න ඕන..
කතන්දර "තිබේ"!
ReplyDeleteදැන් කොතැන වුණත් බෝඩ් තිබුණොත් වැඩ වෙනවා අඩුයි. බෝඩ් එක විතරයි. හොඳ දේ බෝඩ් ගලෝලා වැඩ පටන් ගන්න එක :))
ReplyDelete