Monday 10 August 2009

අංකල් ල ගෙ කතා - අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී

අංකල් ල ගෙ කතා කියන්න ගියාට පසුගිය සැරේ කියන්න ඉඩ ලැබුනෙ එකම එක කතාවයි. අද මෙන්න තව කතා දෙකක් ම.

අංකල් නම්බර් ටූඃ
මේ අංකල් නම් එච්චර උග්‍ර වාමාංශිකයෙක් නෙමේ මං දන්න තරමට. හැබැයි කතා බහ අදහස් ප්‍රගතිශීලීයි. හොඳ ජොලි මනුස්සය.

දවසක හම්බ වෙච්ච වෙලේ මොකක් හරි කතාවකින් මගෙන් දේශපාලන මතවාදයක් ප්‍රකාශ වුන වෙලේ මෑන් මට කියනව මෙන්න මෙහෙම.

පුතා! මටත් ඔය වයසෙ දි ඔය වගෙ අදහස් තිබුණ තමයි. තරුණ කාලෙ දි ඔහොම තමා. ටික ටික ඕව ඇරිල යනව කාලයත් එක්ක. බලාගෙන යනකොට මේ ධනවාදී සමාජ ක්‍රමයෙත් කියන තරම් වරදක් නෑනෙ!

අංකල් නම්බර් ත්‍රීඃ
මේ අංකල් නං වාමාංශිකයෙක් නෙවේ. දක්‍ෂිණාංශිකයෙක්. ඒකෙත් අන්තයේම ඉන්නෙ. යූ.ඇම්.පී කණුව.

ඇත්තටම කියනව නං පොඩි කාලයක් යූ.ඇම්.පී ය එක්ක විරසක වෙලත් හිටිය. ඒ වෙන එකක් හින්ද නෙමේ යූ.ඇම්.පී ය, යූ.ඇම්.පී මදි, ඒ කියන්නෙ දක්‍ෂිණාංශික මදි ය කියල.

හිනාම වැඩේ මේකයි. මේ අංකල් ගෙ දක්‍ෂිණාංශිකත්වය ලංකාවෙන් නවතින්නෙ නෑ. අංකල් ෆුල් ඉන්ටර්නැෂනල් පොරක්.

මෑන් ඇමරිකාවෙ ජනාධිපතිවරණ ඡන්දෙදි ෆුල් සපෝට් රිපබ්ලිකන් අපේක්‍ෂකයට. ඒ කියන්නෙ රොනල්ඩ් රීගන්, ජෝර්ජ් බුෂ්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් කට්ටියගෙ සපෝටර් කෙනෙක්. කාටර් ලා ව ක්ලින්ටන් ලා ව පෙන්නන්න බෑ.

හේතුව දන්නවද?

ඩිමොක්‍රටික් කාරයන් ට වැඩියෙන් ඊශ්‍රායලය ට සපෝට් කරන්නේ රිපබ්ලිකන් කාරයො ලු.

මේ අංකල් බුෂ් ල ට සපෝට් ඒකයි.

කාට කියන්නද?

2 comments:

  1. අයින් වෙලා ඉන්න....
    http://myresignation1.blogspot.com/

    ReplyDelete
  2. පරණ කතාවකුත් කියෙව්වා ඕන් :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.