Sunday 8 September 2013

ඡන්දෙට කැන්වසින් ආපු පාසල් මිතුරා (පොඩි ඉලෙක්ෂන් කතන්දරයක්) - Nalanda Piyathilake meets his match!


මේ සිද්ධිය වෙන කොට මට අවූරුදු විස්සක් විතර ඇති. මේ කියන කාලේ ආණ්ඩුව කියන මල්ටි-බිලියන් රුපියල් බිස්නස් එක රන් කෙරුවේ යූඇම්පී එකෙන්. සිරි-ලංකා කාරයෝ අර දාහත් වසරක සාපයට ද මොකක්දෝ එකට අහුවෙලා නන්නත්තාර් වෙලයි හිටියේ.

ඔන්න ඔය අතරේ මොකක්දෝ ඉලෙක්ෂන් එකක් තිබ්බා.

මේ දවස්වල යුනිවසිටියේ නිවාඩු කාලේ හින්දා මං ගෙදරයි හිටියේ.

අපි හිටියේ තාත්තා ගේ මහ ගෙදර. ඒ පරණ ගෙවල්වල තියෙනවා ඉස්තෝප්පු කාමරයක්. ඒක තමයි මටයි, මල්ලිටයි අයිතිවෙලා තිබුණේ.

එදා රාත්‍රියේ අපේ මිදුලේ කවුද කතා කරනවා ඇහුණා. මේ කියන කාලේ මැසි මදුරුවෝත් අද වාගේ නැති හින්දා අපේ ගෙදර රෑට දොරවල් වහන්නේ නෑ, නිදා ගන්න යනකම්ම.

මං කාමරෙන් එළියට ආවා. තාත්තාත් ගේ ඇතුලේ ඉඳලා එළියට ආවා.

බැලින්නම් මේ ඇවිත් ඉන්නේ අපේ අල්ලපු ගෙදර නාලන්ද පියතිලකයි, තවත් කොල්ලො දෙන්නෙකුයි.

නාලන්ද පියතිලක කියන්නේ මගේ පන්තියේ සිටි මිතුරෙක්. පොර ඒ ලෙවල් කරලා මේ කියන කාලේ ඉංගිරිසි ටියුෂන් පන්තියකට යමින් ජොබ් එකක් හොයමිනුයි හිටියේ.

"අපි ආවේ මේ ඉලෙක්ෂන් එක ගැන කියන්නයි!" නාලන්ද කිව්වා.

බැලින්නම් නාලන්දයා යූඇම්පී එකට වැඩ කරනවා. මේ ඇවිල්ලා ඉන්නේ ඉලෙක්ෂන් එකට යුඇම්පීයෙන් ගහපු විස්තර පත්‍රිකා, මඩ පත්තර, මනාප දෙන හැටි වගේ දේවල් බෙදන්නයි.

අවුරුදු විස්ස කියන්නේ ඇඟේ ලේ හොඳටම රත්වෙන කාලයක් නේ. මට ඒ කාලේ යූඇම්පීකාරයෝ පෙන්නන්න බෑ. අද වගේ අනේ පව් අසරණයෝ කියලා හිතෙන්නේ නෑ, මොකද යූඇම්පීය තමයි මං මුලින් කියපු විදියට ලංකාණ්ඩුව කියන මල්ටි-බිලියන් රුපියල් බිස්නස් එක රන් කෙරුවේ.

දැන් මට නාලන්දයාට බණින්නත් ඕනෑ, ඒත් බණින්නත් බෑ. මොකද මූ මගේ පාසල් මිතුරා, අසල්වැසියා සහ ඒ මදිවට අපේ ඥාතියෙක්.

ඔන්න නාලන්දයා යූඇම්පී ප්‍රචාරක පත්‍රිකා ගොන්නක් අරගෙන එකට මිටියක් හදලා මගේ අතට දුන්නා.

මං කෙරුවේ ඒවා ගන්න වගේ අත දික්කරලා, අරගන්නේ නැතුව බිමට වැටෙන්න ඇරියා.

නාලන්දයා ගේ කට ඇදවෙලා ගියා.

අපේ තාත්තා ගේ මූණ රත් වෙච්ච තාච්චියක් වගේ වුණා.

මට කුරිරු සතුටක් ඇතිවුණා!

නාලන්දයි, අනිත් කොල්ලෝ දෙන්නයි ඒ කොල ටික අහුලලා තාත්තාට දීලා යන්න ගියා.

ඊට පස්සේ තමයි, තාත්තා මට මගේ ජීවිතයේ අන්තිම පාරට බැන්නේ. නිකං නෙමෙයි පලු යන්න බැන්නා.

ඒත් මගේ හිතේ ඇතිවුණු කුරිරු සතුට නම් වැඩි වුණා මිස අඩු වුණේ නෑ!

පස්සේ නාලන්දයාට ගුරු පත්වීමක් ලැබුණා.

නමුත් ඒ යූඇම්පීයට කඩේ ගිය හින්දාම කියලා මං කියන්නේ නෑ.

පොර පාසල් යන කාලේ දක්‍ෂ ශිෂ්‍යයෙක්. උසස් පෙළ කළායින් පස්සේ උනන්දුවෙන් ඉංගිරිසි ඉගෙන ගෙන ටෙක් එකේ ඉංගිරිසි ඩිප්ලෝමා එකක් හෙම කරමිනුයි ඒ දවස්වල හිටියේ.

දැන් නාලන්ද පියතිලක දක්‍ෂ ඉංගිරිසි ගුරුවරයෙක්.

-කතන්දරකාරයා

ප/ලි:
මං දැන් ටික කාළෙකට ඉස්සර දවසක අපේ පරණ ගම් පැත්තේ අම්මයි තාත්තයි එක්ක ගිය වෙලේ නාලන්දලා ගේ ගෙදරටත් ගොඩ වුණා. එදා සෙනසුරාදා පොර ටියුෂන් කඩේ කරන්න ගිහින් නිසා හමුවෙන්න නම් බැරිවුණා.

නාලන්ද පියතිලක රඟපාන වෙනත් කතන්දර (ප්‍රධාන චරිතම නොවේ, සුලු චරිත සහ නම සඳහන් කිරීම් ද ඇතුලත්ය).

1. පන්සල් යන්න සරොං අඳින්න ඕනැද?

2. තුනේ පන්තියට පාස් වුනෙමි

3. ගෑල්ළමයෙකුගේ අවාසනාව නිසා හතරේ පන්තියට කලර්ස් පෙන්නා පාස් වුණෙමි

4. කූනිස්සෙකු ගේ මතකය

5. හික් හික් හික් කුරුක් කුරුක්

6. මුල්වරට පන්ති නායකයා වුණු කතන්දරේ

7. කතන්දරකුමාර හතරෙන් පහට පාස්වෙයි

8. පුංචි පහේ පන්ති නායකයා

9. මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් - පන්ති නායිකාවරණය

10. ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්! - හෙට සිට හැම පිරිමියා ම උඩු රැවුල වැවිය යුතුය!

11. අනේ කතන්දර ඔයා කළු වෙලා! - Sri Lankan Bruce Wills


(image: http://www.euronews.com/tag/sri-lanka/)

37 comments:

  1. කුරිරු සතුට කියන එකට හොඳම උදාහරනේ කිවා කියලයි මට හිතෙන්නේ .

    ReplyDelete
  2. අපේ අප්පච්චිට සිරි ලංකා කාරයො පේන්න බෑ ඒ කාලෙ.
    මම දවසක් ඇහුවා ඉතින් අපිත් සිරි ලංකා කාරයො නෙවෙයිද අප්පච්චි, ඇයි අපි වෙන රටකද කියල.
    ඔසී වලත් ඉන්නවද කකා ඕස්ට්‍රේලියන් කාරයො කියල පාක්ෂිකයො ජාතියක් ?

    ReplyDelete
    Replies
    1. ඕක වුණේ මෙහෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිවෙන කාලේ අපේ රටේ නම නිකම්ම නිකන් 'ලංකාව'. ඒ කාලෙ පක්ෂ නම් වුණේ ලංකා සමසමාජ පක්ෂය, ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වගේ. හැබැයි බණ්ඩාරණායක උන්නැහේ යූ. එන්. පී. එකෙන් එළියට බැහැලා Lanka Freedom Party කියලා පක්ෂයක් පටන් ගත්ත වෙලාවේ ඒක නම් කරපු ශ්‍රී නිශ්ශංක කියන කපටියා තමන්ගේ නමට කලින් තිබුණු 'ශ්‍රී' අකුර දැම්මා පක්ෂයේ නමට. ඕක ට්‍රේඩ් මාක් එකක් විදියට නැඟලා ගිය නිසා තමයි 'සිරි ලංකා කාරයෝ' කියලා කොටසක් බිහිවුණේ. ඊට පස්සේ 1972දි මේ පක්ෂයේම බලය යටතේ රට ජනරජයක් වෙද්දි ඔය 'ශ්‍රී' කෑල්ල රටේ නමටත් එබ්බුවා. ඒ හන්දා මුලින් ආවේ පක්ෂය. පස්සේ ආවේ රට. අවාසනාවකට මේ අවුල් අරින්න දැන් කවුරුත් නැහැ.

      Delete
    2. අදමයි ඒක දැනගත්තෙ.

      Delete
    3. ඈ.....එතකොට 1972 කලින් “ශ්‍රී ලංකාව“ කියල කිව්වෙ නැද්ද?

      Delete
    4. ඔව්, ලංකාව ඉංග්‍රීසියෙන් Ceylon කියල තමයි 1972 වෙනකතුරු අපේ රට හැදින්වූයේ.1971 ජනරජ ව්‍යවස්ථාවෙන් තමයි ශ්‍රීලංකාව (Sri Lanka) කියල හැදින්වූයේ.බලන්න 1972 ට පෙර මුද්දර වල රටේ නම තියෙන්නේ Ceylon කියල.
      ඇනෝ කියවන නිදහස් පක්ෂ කතාව මම ඇහුවෙත් අද හැබැයි.

      Delete
  3. ඔය polling කියන වචනේ හැදිලා තියෙන්නේ, ජන්දේ දෙන්ට පෝලිමේ ඉන්න හන්දලු නේද? :)

    ReplyDelete
    Replies
    1. කන්ට බොන්ට යන්ට එන්ට දෙන්ට.
      මම අහල තියෙන්නෙ කොත්මලේ පැත්තෙ බයියො තමයි හැම එකෙටම 'ට' කියන්නෙ.
      ගනන් ගන්ට එපා නගෝ පොඩි ජෝකක්.

      Delete
    2. කාරි නෑ අය්යණ්ණ්ඩි...පොඩ්ඩි ඉතින් කොහොමත් ගොඩේ බය්යියක් තමා. ඉන්නෙත් මෙල්බන් ටවුමේ ඉඳන් ගොඩක් ඈත ගමකලුනේ. :D

      Delete
    3. හික්, අපි නොදන්න චෙස්

      Delete
    4. යඤ්ඤං අයියන්ඩි ගම රට දුර හන්දා!

      Delete
  4. එතකොට තාත්තා යුඇන්පී ද ?.......

    ReplyDelete
  5. ඔය මම මෙ පක්ෂෙ මම අර පක්ෂෙ කියන ජාතිය ලන්කාවෙන් වදවෙවා කියන එක තමයි මගෙනම් පෑතුම

    ReplyDelete
  6. කකා ගෙ තාත්තියත් මගෙ තාත්තිය ගෙ ජාතියේ බුදු පොරක් නොවැ.
    එල..එල.. මට හරි සතුටුයි.!

    ReplyDelete
  7. අගේ ගෙදරට ඡන්දේ ඉල්ලං එන මොන පක්ෂේ අයට වුනත් අපි කියන්නේ “ඔයාට ම තමයි ඡන්දේ දෙන්නේ“ කියල.නිකං මොකට ද තරහ කරගන්නේ?
    ප.ලි.
    ඔස්ට්‍රේලියාවේ ඡන්දෙන් ටෝනි ඇබොට් මහත්තයා දිනල.
    මාලදිවයිනේ ඡන්දෙන් හිටපු ජනපති නෂීඩ් මහත්තය දිනල, හැබැයි 50% නැති නිසා දෙවන වටයට යන්න වෙලා.

    ReplyDelete
  8. කතන්දරත් ඒ දවස්වල මරු වැඩ තමයි කරල තියෙන්නේ නේද?මැවිල පේනවා කට්ටිය නැවිල කොළ අහුලන හැටි.උන්ට තේරෙන්න ඇති වැඩේ කලේ ඔන කමින් කියල.මමත් මේ වෙලාවට වැඩ කරන්නේ ජයශ්‍රී කිව්ව විදියට තමයි.මොකටද කවුරුවත් තරහකරගෙන මොකටද? අනික කවුද දන්නේ දවසක අපිටත් ඒ අයව ඔන වෙයිද කියලා..

    ReplyDelete
  9. ඕස්ට්‍රේලියානු මැතිවරණයේදි අර වම් අත පැත්තේ බූත් එකේ ඡන්දය ප්‍රකාශ කරන්නේ කතන්දරද?

    http://news.bbcimg.co.uk/media/images/69708000/jpg/_69708475_69708474.jpg

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..හෙහ්..හේ...... පට්ටයි :):)

      Delete
    2. පුදුම රටක් අෆ්ෆා.
      පූල්/බීච් එකේ ඉන්න ගමන් තමන් කැමති කෙනෙක් එක්ක සෙට් වෙලා,ජෝඩු දාගෙන කතිර ගහන්ට පුළුවන් ට.

      Delete
    3. "please read the instructions on your ballet paper" කියල දැන්වීමක් පැත්තක තියෙන නිසා විශ්වාස කරනව මිසක් මේ Polling booth එකක් කියල හිතන්නවත් බෑ.බැලූ බැල්මට ඡන්ද බලය නැති බව පේන පොඩි ලමයෙකුත් ඉන්නව.

      Delete
  10. \\\මට කුරිරු සතුටක් ඇතිවුණා!\\\

    දෙයියනේ කකා ..

    \\\ඒත් මගේ හිතේ ඇතිවුණු කුරිරු සතුට නම් වැඩි වුණා මිස අඩු වුණේ නෑ!\\\

    මම කවදාවත් හිතුවේ නැහැ ඔයා වගේ සුන්දර මනුස්සයෙක් ළඟ මේ වගේ කුරිරු පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා ..:(


    ප.ලි. මාත් කරන්නේ ජය ශ්‍රී කරපු දේ තමයි. චන්දෙ දාට ගහනවා අලියට. හිතුණොත් එහෙමම ගහනවා බුලත් කොලේටත්. ඊට පස්සේ කැමති තුන්දෙනෙක් නම් කරනවා..

    ReplyDelete
  11. ඔයිට වඩා සීරියස් දෙයක් වුණා මට. ඒ කාලෙ සිරාවට ට්‍රයි කරමින් සිටි චරිතයක් ආවා යූ. එන්. පී. එකට බැනර් වගයක් ඇඳ ගන්න වැඩක් අරන්. අතට ගාණකුත් එන වැඩක්. බැහැයි කියන්නත් අමාරුයි. හැබැයි මට මුලින්ම කිව්වා "ඔයා අකැමැති නම් නොකළාට කමක් නෑ, මාත් මේ තාත්තාගෙන් බේරෙන්න බැරුව මේක කියන්න ආවේ" කියලා. ඒ හන්දා ගොඩ ගියා දෙපැත්තම බේරගෙන.

    ReplyDelete
  12. MEKA KURIRU SATHUTAK NOVE, KALAKANNI SATHUTAK. PATHRIKA TIKA GANNA THIBUNA, S/L KARAYO OHOMA THAMA, VIRUDDA MATHA IWASANNE NEHE.PATHRIKA TIKA NOGENA, PUKA PENNUWANAM IWARINE .

    ReplyDelete
    Replies
    1. ආ ...කැපිටල් ඇනෝ අන්කල්...මට උඹේ මූණ බලා ගන්න ආසයි බන්.

      Delete
  13. ඉස්සර වගේ නෙමෙයි කකා දැන්.ඇමති ,මැති, පුතුලාගේ ලීෆ්ලට් ඒවා මේවාට ඔහොම කරොත් දස මාසයක් ඉස්පිරිතාලේ ඉන්න ගහන්නේ.

    ReplyDelete
    Replies
    1. හිහි ඉස්සර අපි ලයිට් කණුවල තියන මුනවල් වලට රැවුල් අදිනවා ,,විකාර කරනවා

      Delete
  14. මටත් කැන්වසින් කියද්දී බඩ්ඩක් මතක් වුණා. අවුරුදු කීපෙකට කලින් පබා චන්දේ ඉල්ලපු වෙලේ යු ඇන් පී එකෙන්.. එයා ගමක් ගමක් ගානේ ගිහින් තොදොල් වුනානේ ,, අපේ ගමේ තිබ්බේ අපේ ගෙදර තමයි,, (නේ පව් අපේ ආච්චි අම්මා පබාගේ මුණ ඉබලා අත අල්ලගෙන ආදරේ කරපු හැටි මතක් වුනා හි හි මාත් කුලුදුල් චන්දේ දුන්නනේ කැත නැතුව ,, පස්සේ ගොඩක් පසුතැවුනා) ඉතින් නිතර unp අය ආවා ගියා,, ඔය "නාලන්ද " වගේ කොල්ලෙක් හිටියා එහා ගමේ එයා තමයි පබාව ගෙන්නුවේ,, කොහොමහරි පබා දිනුවා ,,කාලේ ගත වුනා..ඊලග වතාවේ චන්දෙදි අර කොල්ලා ලොකු සෙට් එකක් එක්ක ආවා සුදු ඇදගෙන චන්දේ ඉල්ලන්න,, අනේ අපේ අම්මා හිනාවෙලා පිළිගත්තා,, කොල්ලා කතා බහ කරන ගමන් එක්කෙනෙක් අපේ දොරේ උඩ උළුවස්සේ අලෙවුවා ස්ටිකර් එකක් එතකොට තමයි අම්මා දැක්කේ තඩි බුලත් කොලේ,,, මටයි මල්ලිටයි හිනා,, අපේ අම්මගේ කට සුපිරි මිනිස්සු එක්ක කෑගහගෙන රණ්ඩුවෙන්නේ නැහැ ඔයා කළා වගේ කුරිරු සතුට තමයි ගන්නේ,, අම්මට උස නැති හින්ද මල්ලිට කිවුවා ගලවන්න කියලා ඉස්ටිකරේ,, ඊට පස්සේ 30 ක් විතර ඇවිත් හිටපු අයට අම්මා හොද කතාවක් කළා...ඊට පස්සේ යන්න ඇරලා අර කොල්ලට ඇහෙන්න අම්මා ආච්චි අම්මට කියනවා ගියපාර පබාව එක්කගෙන ආපු ළමයනේ.. කියලා ,, පස්සේ මට ගිය අවුරුද්දේ ආරංචි වුණා දේශපාලන හේතු නිසාම එයාව මැරුව කියලා ,ගිරිඋල්ලේදීද කොහෙද ,, නම මතක නැහැ ආ "ඉන්දික" මිනුවන්ගොඩ පැත්තේ අය දනනවා ඇති ,,

    ReplyDelete
    Replies
    1. ඉන්දික බණ්ඩාරනායක ද අක්කේ ??

      Delete
    2. සුදුයි කෙට්ටුයි ඉන්දික කොටස විතරයි මතක

      Delete
    3. ඒ යකා මදාවියනේ.
      බෝක්කුවක් යටද කොහෙද මරල දාල තිබ්බ.

      Delete
    4. නැහැ අනේ ඒකා හුනෙක් වගේ ,,මොන මදාවිද

      Delete
  15. චන්දත් අරහං! චන්ද ඉල්ලන උනුත් අරහං!

    ReplyDelete
  16. මේ ලඟදි මා එක්ක යාලුවෙක් ලොකු විවාදයක් කරා. දයාසිරි පැනපු දවස් වල. පොර කිව්වේ එහෙම කලාම 'පාක්ෂිකයා අතරමන් වෙනවා' කියල. මම ඇහුව මොකාද පාක්ෂිකයා කියන්නේ සහ ඇයි උන් අතරමන් වෙන්නේ කියල. ඇත්තටම මට හරි උත්තරයක් ලැබුනේ නැහැ. කවුරුහරි මට කියනවද කවුද පාක්ෂිකයා කියන්නේ සහ ඇයි නායකයෝ පක්ෂය මාරු කරාම උන් අතරමන් වෙන්නේ කියල ?

    ReplyDelete
  17. පලවෙනි චන්දෙ දුන්නා අන්තිම චන්දෙ කියල හිතාගෙන .
    ඉන් පස්සේ ඔක්කොම චන්ද කොළ ගෙදර .
    චන්දේ ඉල්ලනවා මිස දෙන්නේ නම් නෑ .
    එකත් චන්දෙ ඉල්ලන්නේ කෙල්ලෙක්ගෙන් තමා . හිහිහිහිහිහිහ්

    ReplyDelete
  18. ඡන්දෙ ඉල්ලගෙන ගෙදර එන අයට නම් වෙනසක් නැතුව හිනා වෙලා කතා කරලා..පස්සෙ මට හොඳයි කියලා හිතුනු කෙනෙකුට දුන්නා..මොකද ගම් වල ඡන්දෙ ඉල්ලන්න එන්නෙ දන්න හඳුන අය හෝ ඒ අය එක්ක නිසා..අපිට බෑනෙ ඒ අයව අපහසුතාවයට ලක් කරන්න..පස්සෙ මොන පක්ෂෙ දිනුවත් අපි ගම් වල එකට ජීවත් වෙන්න එපාය !

    ReplyDelete
  19. One's childhood forms biases and prejudices. Mine was in 70's. SLFP was so unpopular due to economic hardships. So, although my parents were never UNPers I grew up biased for UNP and against SLFP. Then UNP came to power and showed their shortcomings and became unpopular in turn. But my distrust and dislike of nationalist/socialist/anti-imperialist rants still remain, maybe because of childhood dislike of the SLFP.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.