Tuesday 24 September 2013

මෙඩිකල් ෆැකල්ටියේ ශිෂ්‍යාව මානසික රෝගියාගෙන් ඇසූ පැණය - Ah, these medical faculty chicks, don't we love them all?


ඔන්න දැන් ටික කාලකෙට කලින් මට සිද්ධ වුනා හොස්පිටිතාලෙක සතියක් දෙකක් තපින්න.

වරදවා වටහා ගන්න එපා, ඒක මගේ උවමනාවකට වෙච්ච දෙයක් නොවෙයි. නමුත් එහෙම නොකර ඉන්න මට හැකියාවක් තිබුණෙත් නෑ.

ඔන්න මට ටිකක් සනීප වේගෙන එනකොට, නහයෙන්, බෙල්ලෙන් දාපු බට ගලෝලා, එහෙන් මෙහෙන් හයි කරපු වයර් ගලෝලා දැඩි සත්කාර ඒකකයේ හිටපු මාව දැම්මා වෙන වාට්ටුවකට.

මේකේ එක කාමරයක ඇඳන් හතර ගානේ තියෙනවා. එක ඇඳක හිටියා අංකල් කෙනෙක්.

මේ කියන හොස්පිටිතාලේ ශික්ෂණ රෝහලක්. ඒ කියන්නේ විශ්ව විද්‍යාලේ වෛද්‍ය පීටර් ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ මෙතන නිරතුරු ගැවසෙනවා.

ඔන්න මේ වගේ ශිෂ්‍යාවෝ දෙන්නෙක් ආවා මං හිටපු කමරේට. ඒ දැක්කා විතරයි අර අංකල් කට ඇද කරගත්තා.

පස්සේ මං දැනගත්තු විදියට මේ අංකල් ගේ කේස් එක හරිම ඉන්ටරෙස්ටින් එකක් හින්දා වෛද්‍ය පීටර් ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ වැල නොකැඩී ඇවිත් ප්‍රශ්ණ අහනවා, පරීක්‍ෂා කරනවා එක විකාරයයි ලු. ඉතිං අංකල් ට මේ වැඩේ එපා ම වෙලා.

එදා මේ කියන ශිෂ්‍යාවෝ දෙන්නා මා ලඟටත් ඇවිත් විවිධ ප්‍රශ්න ඇහැව්වා. මං නං ඒවට උත්තර දුන්නේ කැමැත්තෙන්මයි. මොකද, මොනවා කළත් ශිෂ්‍යයින්ට උදව්කරන එක අපේ යුතුකමක් නිසා.

හැබැයි ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන රීපීට් රෙකෝඩින් කරන්න ගියා නං ඒ අංකල්ට වගේ මටත් එපා වෙන්න ඉඩ තිබුණා.

ඔය සිද්ධිය මතක් වුනේ මේ ගිය සුමානේ අහපු කතන්දරයක් ලියන්න ඕනෑ කියලා හිතුණු වෙලාවෙයි.

මේකයි ඒ කතාව.

ඔන්න මීට අවුරුදු බර ගාණකට කලින් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගත්තු ශිෂ්‍ය කණ්ඩායමක් මේ වාගේ රෝගීන් පරීක්‍ෂාවකට එක්කෝ පේරාදෙනියේ ශික්‍ෂණ රෝහලට එහෙමත් නැත්තං මහනුවර රෝහලට ගිහින් තියෙනවා.

එදා මේ කණ්ඩායම රෝගීන් ලඟට ගිහින් තියෙන්නේ ඒ කාලේ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙකුත් එක්කයි.

මේ ගොල්ලෝ එදා පරීක්‍ෂා කරලා තියෙන රෝගියා මානසික ආබාධයක් තියෙන ලෙඩෙක්.

ඉතිං මහාචාර්යවරයා රෝග තත්වය සැකෙවින් පැහැදිලි කරලා ශිෂ්‍යයින්ට කියලා තියෙනවා රෝගියාගෙන් ප්‍රශ්න අහන්න කියලා.

සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න ඇහිල්ල කරන්නේ ලෙඩා ගේ රෝගී තත්වය ගැන අදහසක් ගන්නයි. දැන් ඉතිං කොල්ලෝ කෙල්ලෝ විවිධ ප්‍රශ්න අහනවා ලු.
නම මොකක්ද?
කොහෙද ගම?
වයස කීයද?
අද දවස කවදාද?
ඊයේ රෑට මොනවාද කෑවේ?
ලංකාවේ රජතුමා කවුද?
රෑට නින්ද යනවාද?
ඔය වගේ ප්‍රශ්න.

ඉතිං ලෙඩාත් ඕවට උත්තර දෙනවාලු.

මේ ශිෂ්‍යයින් අතර හිටපු එක්තරා ශිෂ්‍යාවක් අහලා තියෙනවා මෙන්න මෙහෙම.

"ඔයා කසාද බැඳලාද?"

ඒ ප්‍රශ්නය ඇහුණා විතරයි මේ ලෙඩාට ආවා ලු හොඳම හිනාවක්!

"මෙන්න මේ නෝනාට විතරයි මගේ ප්‍රශ්නේ තේරුණේ!" පොර ඉතාමත් සන්තෝසෙන් කිව්වා ලු.

ලෙඩා ගේ රෝග නිධානය අන්න එහෙමයි හෙලිවුනේ!

-කතන්දරකාරයා

(image: http://www.kidderminstermedicalsociety.co.uk/new_page_60.htm)

42 comments:

  1. ගෑනියෙකුට විතරලු පිරිමියෙකුගේ ලෙඩ තේරුම් ගන්ට පුලුවන්...:)

    ReplyDelete
    Replies
    1. කොහෙද එහෙම කියල තියෙන්නෙ..?
      මම අහල තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.
      කොයික හරිද කියලනම් මම දන්නෙ නැහැ.

      Delete
    2. පොඩි කුමාරි නං බැඳලා නේ?

      Delete
    3. ඉතිං කෙන්ජීත් බැඳලා නේ.

      Delete
    4. පොඩ්ඩි ඇවිල්ල ඊයෙ පෙරේද බැන්ද හිච්චි කෙල්ලක් නොවැ.
      මම ඇවිල්ල මේ දෙසැම්බර් 31 ක මගෙ දෝනියන්ද 17 න් 18 ට පය ගහන සහ ලබන මස 12 ට පය ගහන පුතෙකු ඉන්න වයසින් නාකි උනත් හදවතින් තරුණ බුවෙක් නෙ.

      Delete
    5. කොල්ලොන්ගෙ ලෙඩ කකාටත් තේරෙනවනෙ

      Delete
  2. ඒ යකාට තිබිල තියෙන්නෙ අර මොකක්ද කියන මාන්දම.

    ReplyDelete
    Replies
    1. "කෙමුරි නො අරු තොකරො නි හි අරි"

      Delete
  3. ඔය තත්වය අතීතයේ ඉඳලා තිබුන නම් මානසික රෝගීන් මෙච්චර බිහි වෙන එකක් නෑ. නමුත් අතීතයේ තිබුනේ නිදහස් ලිංගික ජීවන රටාවක්.. ගෙදරකින් කෑම ටිකක් දෙනවා වගේ පාරේ යන ගමන් පඳුරක් අස්සට රිංගන එක මහ දෙයක් උනේ නෑ.. ආගන්තුක සත්කාරයෙත් හොඳම එක ලෙස සැලකුවේ ඒක. ඒත් අද පුහු සදාචාරයක් නිසා මිනිස්සුන්ගේ අසහනය වැඩියි. රූපවාහිනියේ කොටු දානවා. වැඩිහිටියෙකුටවත් ෆෝන් එකේ පෝන් දාගන්න බෑ. පොඩි උන්ට අපිට තිබුන නිදහසවත් නෑ. නවකතාවක තිබුනත් ඒකට ගහනවා..

    මම දැක්කා මෑතක තිබුනා ලංකාවේ කාන්තාවන්ගෙන් 25% මානසික රෝග කියලා.. මම නම් හිතන්නේ ඒක බොරුවක්.. ගෑණු පිරිමි ඔක්කෝටම මානසික රෝග තියෙනවා මේ සමාජේ..

    ReplyDelete
    Replies
    1. මාතලනුත් බැඳලා නේද?

      Delete
    2. "අසාඔකි වා සන්මොන් ඔ තොකු" - කෙන්ජි සං

      Delete
    3. සමහරුන්ට තියෙනවනෙ පුරාජේරු ගැහීමේ මානසික රෝගෙ....

      Delete
    4. දැන් මාතයා කියන්නෙ ගෙදර ගෑනිව හෝල් සේල් දාලා... වටේම ගෑනු එක්ක බුදිය ගත්තාම වැඩේ හරි කියලද?

      Delete
  4. අපිනම් තාම බැඳලා නෑ අයියා .......

    ReplyDelete
  5. කකා අයිසැක් නිව්ටන් ගණන් ඉගෙන ගත්තෙ ජෝතිගෙ මී මුත්තගෙන් කියන්නෙ ඇත්තද?

    ReplyDelete
  6. මගේ සාමාන්‍ය පෙළ හිටපු යාලුවෙක් ඉගෙන ගත්තේ රාගම වෛද්‍ය පීඨයේ , ඔය වගේ මෙයාලගේ බැච් එකේ කට්ටිය රාගම හොස්පිටිතාලේ ලෙඩ්ඩු පරීක්ෂා කර කර යනකොට ,ප්‍රොෆෙසර් පෙන්නුවලු ලෙඩෙක් මෙයාගේ වෘෂණ කෝෂ මල්ල බොහොම ඝන්කමයිලු .ඉතින් මහාචාර්යතුමා මෙයාලට මේක කියලාදීලා බලන්න කියලා ගියාලු. දැන් කට්ටිය හෝ ගාලා ප්‍රශ්න අහනවලු අර බෝල දෙක අතගාලා බලනවලු, ඉහතින් කට්ටිය කුතුහලෙටත් එක්ක අතගාලා බලන වෙලාවේ ,අර සීයා කියනවලු අනේ පුතේ අල්ලන එපා ,අල්ලන්න එපා දැන් කියලා. එත් කොහෙද වැඩිපුරම කෙල්ලෝ අතගානවලු, ප්‍රශ්න අහනවලු ,ලියාගන්නවලු. සීයා අනේ දැන් ඇති පුතේ කියනකොට කෙල්ලෙක් එත් අල්ල අල්ල බලනවලු. එකස්රේම සීයා අනේ පුතේ කියලා වෙරළු මල් සුවඳ තියෙන මොකක්දෝ සුදු පාට දියරයක් විද්දලු ළඟ හිටපු එවුන් නෑවෙන්න

    ReplyDelete
    Replies
    1. මේක කකාගෙ කතාවට වැඩිය හොඳයි නෙ බං. කකාට ඇහැකියැ මේ වගේ සුපර් කතා ලියන්න.

      Delete
    2. නයෙක් ඉන්නවා ඔය විදිහටම විෂ විදින ......

      Delete
  7. //"ඔයා කසාද බැඳලාද?"//
    ඔන්න ඔය ප්‍රශ්නෙන් තමයි මේ කථාවටත් සමලිංගික පදනමක් එන්නෙ..... කකා ලිව්වොත් ලියන්නෙ සමරිසි කථාවක් නෙ.......

    හොස්පිටල් එකේ හිටපු ලෙඩා කකා නේද?

    ReplyDelete
  8. //"ඔයා කසාද බැඳලාද?"//
    ඔන්න ඔය ප්‍රශ්නෙන් තමයි මේ කථාවටත් සමලිංගික පදනමක් එන්නෙ..... කකා ලිව්වොත් ලියන්නෙ සමරිසි කථාවක් නෙ.......

    හොස්පිටල් එකේ හිටපු ලෙඩා කකා නේද?

    ReplyDelete
  9. මේ කතන්දර ගේ How I met your mother කතාවද? :D :D

    ReplyDelete
    Replies
    1. නැහැ මේ කතන්දර ගේ how i discovered i am gay කතාව යි......

      Delete
  10. ඇයි ඉස්පිරිතාලේ වෙනුවට හොස්පිටිතාලේ කියලා කියන්නේ ?

    ReplyDelete
  11. කකා ඔබගේ මුග්ධ ඇනෝවන් හට භාදකයක් යොධන්න.

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඇයි කකා මේ කමෙන්ට් එක කැපුවේ ?

      -අසහනයට පත් ඇනෝවෙක්-

      Delete
  13. පේරාදෙනියේ ශිෂණ රෝහලට ..... ?

    ee mokakda.... ? :D

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියේ ශිෂණ රෝහල නෙමෙයි පේරාදෙණියේ ශිෂ්ණ රෝහල... ඒක තියෙන්නේ කකාගේ හිතේ.. කොටින්ම ඒක කකාගේ හිතලුවක් !!

      Delete
  14. කකා,මාගේ පළමු කොමන්ටුව නිසා ඔබ යම් කිසි අපහසුතාවයකට පත් වුවා නම් සමාවන්න.
    එහි සදහන් කලේ ඔබ සැමට "සුභ උදෑසනක් වේවා..!!"කියා පමණයි.

    ReplyDelete
  15. MANASIKA ROGIYA ASUWALU, DAN KAKKA TA PISSU HONDADA KIYALA.

    ReplyDelete
  16. ඉස්පිරිතාලේ හිටියා කියලා අපි දන්නේ නෑනේ. දන්නවා නම් එනවා කෙහෙල් ඇවරියක් වත් ඔතාගෙන

    ReplyDelete
    Replies
    1. මම නම් ගෙනියන්නෙ තැඹිලි.

      Delete
  17. කකා......ලංකාවේ වැඩියෙන්ම මානසික ආබාධ තියෙන්නේ විවාහකයින්ටද? අවිවාහකයින්ටද? නැද්ද එහෙම වාර්තාවක් මුණ ගහුනේ?

    ReplyDelete
  18. දවල් දැක්ක බ්ලොග් එක නෙවෙයි රෑ..... මොකද කකා උනේ.... කෝ තරු විසිතුරු?

    ReplyDelete
  19. //LANKAWE WEDIYENMA MANASIKA ABADA THIYENNE// KAKAGE POST KIYAWALA COMMENT KARANA EWUNTA

    ReplyDelete
  20. හි හිහී . . ඒකෙත් හැටි
    මොනා උනත් එහෙම බලන්න ප්‍රශ්න අහන්නයි දෙන එකෙන් තව ලෙඩෙක්ට බෙහෙත් කරන්න පහසු වෙනව නොවෑ ඒ දොස්තරලට .

    ReplyDelete
  21. අනේ අප්පේ ඇනෝ කොමෙන්ට් ටික කියෝලා වෙනම ආතල් එකක් ගන්න පුළුවන්නේ කතාවේ තිබ්බ දේට වඩා ,, මාත් අහලා තියෙනවා කතාවක් ඒක නම් කුණුහරපයක් ඔයවගේම සිද්දියක් ඒ නිසා කෙල්ලෙක් විදියට මේකේ ලිවුවොත් ඇනෝල හොද එවුවා කියයි හි හි වෛදය ශිෂ්‍යයෝ එද්දී සමහර රෝගීන්ගේ මුනවල් ඇබුල් වෙනවා මාත් දැකලා තියෙනවා ,,

    ReplyDelete
    Replies
    1. @ අපූර්වී ඔමායා
      //කෙල්ලෙක් විදියට මේකේ ලිවුවොත්//
      සිංහලයන්ගෙ පුරුෂාධිපත්‍යය නැහැයි කියල අහල නැද්ද?

      Delete
  22. පුරුෂාධිපත්‍යය නෙමේනෙම් නපුන්සකධිපත්‍යනේ තියෙන්නේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.