Thursday, 19 September 2013

ආහ්චර්යලන්තයේ සුදු වෑන්වලින් යන පොලිස්කාරයින්, බිළිඳුන් ජාවාරමේ යෙදෙන දුෂිත දේශපාලුවන් සහ මරා දැමෙන පුවත්පත් කලාවේදීන් ගැන - A story from "Marvel-land"


අන්න මන්දනාත් රටින් ගිහිල්ලා. අහන්න දෙයක්යැ? ලසන්ත ගිය පාරේ යන්න කවුද කැමති, නේද?

සුදු වෑන් ගැන, ජාවාරම්කාර දේශපාලුවන් ගැන, මරා දැමෙන පත්තරකාරයින් ගැන, ඇස් කන් ඇරගෙන ජීවත්වෙන අයට අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.

නමුත් ඒ කියපු දේවල් ගැන ලියවුණු නවකතා නම් මං කියවලා තියෙන්නේ හරිම අඩුවෙන්. එයින් එකක් තමයි හේමාල් ජයවික්‍රම ගේ "මනුලී" කියන නවකතාව.

හේමාල් ජයවික්‍රම පේරාදෙනියේ ඉගෙන ගත්තු ඉංජෙක්. පොර නැගී එන ගායකයෙක්. කවි, කෙටිකතාත් ලියනවා. දැන් මේ ලඟදී ඉඳලා අංකුර නවකතාකාරයෙක්.

මෙන්න සාහිත්‍ය මාසය වෙනුවෙන් පලවෙන පොත්-කතන්දර සීරීස් එකේ අද එපිසෝඩ් එක විදියට හේමාල් ජයවික්‍රම ගේ "මනුලී" නවකතාව ගැන පොඩි විචාරයක්.


සාහිත්‍යමය නිර්මාණයන් හි බොහෝ දුරට අඩංගු වන්නේ රචකයාගේ ප්‍රථමික හෝ ද්විතීය අත්දැකීම් වේ. තමන් ගේ අත්දැකීම්වලට වඩා මුළුමින්ම පරිබාහිර පසුබිමක් හෝ වස්තුබීජ හෝ පදනම් කරගෙන නිර්මාණකරනයේ යෙදෙන්නෝ ද සිටිති. හේමාල් ජයවික්‍රමට තම "මනුලී" ප්‍රබන්ධය සඳහා මූලික වස්තු බීජ සපයා ඇත්තේ, දරුවන් මුදලට විකිණීම, පාතාල ලෝකයේ අවි ජාවාරම් සහ මෙහෙනි සස්න යන, මා සිතන අයුරින්, ඔහුට කෙලින්ම අත්දැකීම් නොමැති කාරණා කිහිපයකි.

මෙවැනි ප්‍රබන්ධයක් රචනාකරන නවකතාකරුවා ට, තම නිර්මාණය සැබෑ ලෝකයට පරිබාහිරව තිබෙන සංසිද්ධීන් මාලාවක් පමණක් වීමේ අනතුරෙන් මුදවාගෙන යතාර්ථයට හැකිතාක් දුරට සමීප කිරීමට අවශ්‍යතාවයක් ඇතිවේ. එසේ නොවුණු විට, එනම් නිර්මානය යතාර්ථයෙන් දුරස් වූ විට, පාඨක චිත්ත සන්තානය තුල නිර්මාණය පිළිබඳව ඇතිවන්නේ අවිශ්වාසයකි.

මේ අවශ්‍යතාවය හොඳින් හඳුණාගෙන, ඒ සමගම, ඒ සඳහා නිර්මාණකරුවෙකු ට උපයෝගී කරගැනීමට ඇති විධිධ ක්‍රම මැනවින් ග්‍රහණය කරගෙන ඇති හේමාල් ජයවික්‍රම, තම නිර්මාණයේ දී එහි කතා වස්තුවට පරිසරය වී ඇති ශ්‍රී ලංකාවේ තත්කාලීන සමාජමය සංසිද්ධීන් හැකි සෑම තැනම අවශ්‍යය පරිදි සාර්ථකව යොදාගෙන ඇති බව පෙනේ.

කූප්‍රකට සුදු වෑන් වලින් ගමන් බිමන් යමින් සාක්ෂි සපයන්නන් එක්කෝ අනවශ්‍ය පරිදි බියගන්වා හෝ නැතිනම් සටකපටකම් මගින් රවටා හෝ විවිධ ආර්ථික වාසි ලබා ගන්නා පොලිස් නිළධාරීන්, අමානුශික ළදරු ජාවාරමක් මෙහෙයවන දේශපාලඥයින්, පක්ෂග්‍රාහීව, හිතවත්කම් මත පදනම්ව සහ ඊටත් වඩා තුන්වන සහ පස්වන සිල්පද කඩමින් ක්‍රියාත්මක වෙන දේශපාලකයින් සහ ඔවුන් විසින් නිදහස් කරගන්නා ලබන පොලිස් නිළධාරීන් මේ ප්‍රබන්ධයේ එන චරිත කිහිපයකි. ඔවුන් වටා ගොඩ නැගෙන සංසිද්ධීන් මගින් මේ ප්‍රබන්ධය නවකතාකරුවා ඉතා අගනා අයුරින් තාත්වීයකරණය කර ඇත.

"මනුලී" නවකතාවේ එන පුවත්පත් කලාවේදිනිය ගේ ඝාතනය මා සිත සසල කළේ ය. අප දන්නා පරිදි පසුගිය දශක දෙකක පමණ කාලය ඇතුලත ලංකාවේ පුවත්පත් කලාවේදීන් විසි දෙනෙක් පමණ ඝාතනය කර තිබේ. මීට අමතරව, පසුගිය වසර පහක පමණ කාලය තුල පැහැරගෙන ගොස් වද හිංසන වලට ලක් කරන ලද පුවත්පත් කලාවේදීන් සංඛ්‍යාව ද පනහ ඉක්මවයි. මින් බොහෝ දෙනෙකුට තම ජීවිත ආරක්ෂාපව පතා රටින් පැන යාමට සිදුවී ඇත.

ලංකාව පසුබිම් කොට ගෙන රචනා කෙරෙන ප්‍රබන්ධයක් තාත්වීයකරණය කිරීමට අද උපයෝගී කරගත හැකි මෙයට වඩා වෙනත් තත්කාලීන සත්‍යයක් තවත් නොමැති තරම් ය.

මා දකින ආකාරයට, හේමාල් ජයවික්‍රම ලියූ "මනුලී" නවකතාව, රචකයෙකුගේ ප්‍රථම නිර්මාණයකට වඩා ඉතා ඉහලින් පවතින්නකි. මේ ප්‍රබන්ධය ගොඩ නගා ඇති ආකාරය, චරිත නිර්මාණය, දෙබස් සහ භාෂා රටාව ගැන සලකන විට ඉස්මතු වී පෙනෙන්නේ නවකතාකරුවා ගේ පරිනතභාවය සහ කුසලතාවයි. මෙම කෘතියේ පසුවදනේ ද සඳහන්වෙන පරිදි, දීර්ඝ කාලයක් තිස්සේ සාහිත්‍ය නිර්මාණ ඇසුරින් හේමාල් ජයවික්‍රම ලබා ඇති පරිචය ”මනුලී” නවකතාවෙන් හොඳින් විදහා දැක්වේ යැයි මම සිතමි.


මෙය මාසික සඟරාවක (2011) පළවුණු ලිපියකි.

කතෘ ප්‍රකාශනයක් වන මනුලී නවකතාව සරසවි, ලේක් හවුස් සහ ගොඩගේ පොත්හල්වල විකිණීමට ඇති බව සැළයි.

-කතන්දරකාරයා

32 comments:

  1. පසුව එන්නම්.
    නම ලකුණු කරල යන්න ආවෙ.

    ReplyDelete
    Replies
    1. පස්සෙ ආවත් ඉතින් කුණුහරුපයක් හරි ගොං කතාවක් මිසක්ක කලාවට සාහිත්‍යයට අදාල කමෙන්ට් එකක් ලියන්න ඔය මොලය තවම වැඩිල නෑ නොවැ.

      Delete
    2. සාහිත්‍යය කන්න ද? පොත් ලියලා මෝටර් කාර් එකක්වත් ගන්න පුළුවන් ද?

      Delete
    3. ගොනෙක් උනාට තපුල්ලන්න එපා පිං ගොනෝ. තමුෙස් හිතන්ෙන් අනවශ්‍ය විදියට කුණුහරුප ඩබල් මීනීන් තිෙයන ෙකාෙමන්ට් දැම්මම ෙපාර ෙවනව කියල ද? මූ ෙමාන මූසලෙයක්ද ෙම්..

      Delete
    4. ඔයාට ගොඩක් අප්ෂට් ගිහිල්ල වගෙ.
      ඒ මගේ ඉට්ටයිල් එක.
      සම හරක් බුවාලට "පෝය"දවස් වලට,මගේ වචන දැක්කම ඔළුවට පොල්ලෙන් ගැහැව්ව වගේලු.
      ඔබත් ඒ කෙනෙක්ද....?

      Delete
    5. අද පෝය හින්දා ඔෆීසි වහලා, බ්ලොග් බලන අය අඩුවෙලා!

      Delete
    6. හැම එකම බලද්දී ඒක තේරුම් යනව.

      Delete
  2. බලලා නම් නෑ. හොඳ පොතක් වගේ.

    අදත් දෙක...මම හිතන්නේ කෙන්ජි ඉන්නේ කතන්දර බ්ලොග් එකේමයි.:(

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද වී අවදි වීමේ ප්‍රතිලාභ තමයි ඉතින්... :).

      Delete
    2. මේක හොඳ පොතක්!
      සෑහෙන්න දිග එකක්.

      Delete
  3. මට තුන වෙන්නවත් බැරි වෙයිද මන්දා ? මන්දනාත් ගිහිල්ලනම්....

    ReplyDelete
    Replies
    1. පත්තරකාරයෙක් වෙන්න ලේසි නෑ වෙනී!

      Delete
  4. මම 4වෙනියා !

    ReplyDelete
    Replies
    1. මම 5 වෙනියා, හූ හූ .............

      Delete
    2. මම 6 වෙනියා
      අන්න ඒ පොතනම් හොදයි වගේ

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මන්දනාගේ ගෙට පැන්න හොරු ගැන පරීක්ෂණය බොහෝම විනිවිද බාවයක් ඇතුව කලා.. කොයි තරම් විනිවිදද කියනවනම් දැන් හොරු ටික ඉස්පිරිතාලෙත් නෑලු. රිමාන්ඩ් එකෙත් නෑලූ.. ඒත් ආයෙත් එකෙක් ගෙට පනිනවා.. පුදුමයි කිව්වේ නැතුව, ඒ පැන්නේ මන්දනාගේ හොර මිනිහය කියලා...

      Delete
    2. තව ටික දවසකින් කවුරු හරි වාචාලයෙක් කියයි රට පනින්න ඕන නිසා එයාම කරගත්තු දෙයක් කියල.

      Delete
  6. මෙන්න සාහිත්‍ය මාසය වෙනුවෙන් මගේ කන්ට්‍රිබියුෂන් එක:

    සතර දෙනෙක් බ්ලොග්කරුවෝ
    අභියට ණය දෙන්න ගියෝ
    හිත හොඳ බ්ලොග් අම්බරුවෝ
    උන්ගේ හැටි කියාපියෝ

    ඕනයාට ජොබත් නැතේ
    සෝරොට බඩු පැකට් වෙතේ
    ඔබා මාම මඟ මැරෙතේ
    ඉන්දිකයා පොලිසි යතේ

    අපේ කකා මඟ එන්නේ
    නෑ කාටත් ණය දෙන්නේ
    ඉර හඳ තරු පායන්නේ
    කකාටමයි බලපන්නේ

    ReplyDelete
    Replies
    1. “බ්ලොග්කරුවන් හතරදෙනා ගේ ගීතය“

      මෙන්න ගීතයට මාර්තෘකාවක් (හුණුවටයෙත් එහෙම තියෙනව නේ)

      Delete
  7. සමාන සටහනක්.

    http://samanalaviplavaya.wordpress.com/2012/12/12/butterflyrevolution41

    ReplyDelete
  8. අද කකාගේ සුපුරුදු කොමෙන්ටුව තව සුළු වේලාවකින් බලාපොරොත්තු වන්න.....

    " වැඩ වැඩ වැඩ....
    හරිම බිසි කාලයක්"

    සෑම දෙනාටම ස්තූතියි....

    ReplyDelete
  9. මේ පොත හොයාගන්නම්.. කියවා බලන්න දැඩි ඇල්මක් ඇති වුණා. ස්තුතියි කකා

    ReplyDelete
    Replies
    1. නවකතාවේ අන්තර්ගතය ගැන මා මෙහි ලියා නෑ. මේකේ සෑහෙන්න දිග කතාවක් තියෙනවා.

      Delete
  10. මටත් කැමැත්තක් ඇති වුණා කියවන්න... ඒත් මේ හැටි පොත් ගන්න සල්ලි කෝ.... ගන්න පින්වතෙක්ගෙන් හුවමාරු කර ගන්න බැරි වෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. නවකතාවේ අන්තර්ගතය ගැන කියනවා නම් මෙය එක්තරා රූමත් තරුණියක ගේ ජීවතයේ හැලහැලප්පීම් ගැණ කියවෙන දීර්ඝ කතාවක්. රහස් පරීක්‍ෂක කතාවක් යැයි කියන්නත් පුළුවන්. ඒ පරීක්‍ෂණයට සම්බන්ධවෙන පුවත්පත්කාරියව තමයි මරා දැමෙන්නේ.

      හැම පොතක්ම කියවන්න ඕනැත් නෑ.

      කියවන්න අවශ්‍ය පොතක් වුනත් අයිතිකර ගන්නම ඕනැත් නෑ.

      ඇයි ප්‍රාදේශීය සභා පුස්තකාලවලට පොත් ගන්න කියා පාඨකයින්ට යෝජනා කරන්න බැරිද? ලියුමක් ලියන්න ප්‍රාදේශිය සභාවට පොත් ලියස්තුවක් එක්ක.

      Delete
  11. කතන්දර කාරයා තමා මගේ ප්‍රියතම බ්ලොග් කාරයා. කම්මැලි කම නිසා කොමෙන්ටුවක් නොදැම්මට හැමදාම කියවනවා .
    පොත හොයලා කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මනුලී දිග කතාවක්. මං නං රස වින්දා!

      Delete
  12. නිකන් මදි මදි වගේ කකා..තව අරුම්බුල් ටිකක් ඔබලා ලියන්න නෙව තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. අරුම්බුල් ?

      කෙහෙන්ද සහන් ඒවා ගන්නේ?

      Delete
    2. ඒවා ගන්න ඕනේ පොතෙම්ම තමයි.. ඊට පස්සේ ඒවා දාලා විචාරය ලියනවා ... අර " සුද්දී " එකේ තිබ්බේ ගම්මානය ගැන ලස්සන විස්තරයක්..


      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.