Wednesday 18 September 2013

ඔහේලා පොත් කන්නේ උයලා ද? මලවලා ද? සම්බෝල හදලා ද? නැත්තං අච්චාරු දාලා ද? - In defence of the September Book fair


මට මතකයි මට අවුරුදු දහයක් විතර කාලේ අපේ මුළු පවුලම ගියා මගුල් ගෙදරක කැස්බෑව පැත්තේ. අපේ අම්මාගේ පැත්තේ ඥති ගෙදරක දුවෙක් බඳින වෙඩිමේ හෝම් කමින් එකද කොහෙද?

පවුලේ වැඩක් නිසා අපි උදේම එහේ ගියා. ඒ ගෙදර ඉස්තෝප්පු කාමරේ තිබිලා මට හම්බ වුණා පොතක්. මේක ළමයින් සඳහාම ලියපු නවකතාවක්. පොඩි ළමයි කීප දෙනෙක් කැලේ ගිහින් අතරමංවෙන කතාවක් තමයි තිබුණේ. මට දැන් හිතෙන විදියට මේ පොත තමයි දොන් පීටර් පියනම ලියපු "වනගත ළමෝ".

ඉතිං ඒ පොත හම්බු වුණු මොහොතේ ඉඳලාම මං කෙරුවේ පොත කියොපු එකයි. නමුත් කියවලා ඉවර කරන්න කලින් අපිට මනාල යුවල එක්ක හෝම් කමින් ගමන යන්න සිදුවුණා.

බාගෙට කියෝපු පොත දාලා මං ඒ ගෙදරින් පිටත් වුණේ පුදුම දුකකින්.

ආයේ ඒ ගෙදරට යන්නවත්, ඒ පොතේ ඉතුරු හරිය කියවන්නවත් මට තාම බැරිවුණා. ඉතිං, ඒ දුක සදකාලිකයි.

සාහිත්‍යය කන්න ද? පොත් ලියලා මෝටර් කාර් එකක්වත් ගන්න පුළුවන් ද? කියලා ඇහැව්වේ ඉස්සර හිටපු ජනාධිපතියෙක් වෙන ජේ.ආර් ලොක්කායි.

ඒ ප්‍රකාශයෙන් පොර ගේ පුකත්වය එළිදරව් වුණාය කියලා නිසැකවම කියන්න පුළුවනි.

පොඩි කාලේ ඉඳලාම අතට අහුවෙච්චි පොත් කියෝලා, කියෝලා, ගංසබා පුස්තකාලෙත් අහවර කරලා ඇට්ටකුණා වෙච්ච මං වගේ එවුන්ට පොත් කිව්වොත් බත්වත් ඕනෑ නෑ.

නමුත් පොත් කියවන්නේ ම නැති අයත් ඉන්නවා.

ලෝකේ විවිධත්වයක් තියෙන්නත් එපායැ.

සැප්තැම්බර් මාසේ සාහිත්‍යය මාසය කියලා නම් කරලා සාහිත්‍ය උත්සව හෙම පටන් අරගෙන තියෙන්නේ මං දන්න තරමින් පනස් ගණංවල අග හරියේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයක් පිහිටෙව්වායින් පස්සෙයි.

නමුත් තාමත් ලංකාවේ ජනගහනයේ හැටියට පොත් කියවන පිරිස අඩුයි. මිලට ගන්න පිරිස ඊටත් අඩුයි. ඒ නිසා පොත් ලියවෙන්නේත් ඉතා අඩුවෙන්. ප්‍රකාශයට පත්වෙන පොතක මුද්‍රණය වෙන පිටපත් ගානත් ඉතාම අඩුයි.

අපිට තව ගොඩක් දියුණු වෙන්න ඉඩකඩ තියෙනවා ඒ අතින්. ඒ කියන්නේ "දෙයාරීස් ප්ලෙන්ටි ඔෆ් රූම් ෆෝ ඉම්පෲමන්ට්"!

සාහිත්‍ය මාසයේ විවිධ සාහිත්‍ය තෑගි උත්සව පැවැත්වෙන මේ දවස්වල නැගලා යන තවත් දෙයක් තමයි මේ සිංහලනේ පොත් ප්‍රදර්ශනය කියන ඉංගිරිසියෙන් බුක් ෆෙයා කියන ඉවෙන්ට් එක.

මේකේ නම දාලා තියෙන්නේ මං කතන්දරවලට නම් දානවා වගෙයි. ඒ කියන්නේ සිංහල නමයි, ඉංගිරිසි නමයි එකිනෙක අනුපූරණය වෙනවා මිස එකක් අනිකෙන් විස්තර වෙන්නේ නෑ. සිංහල සහ ඉංගිරිසි නම් දෙකම එකට එකතුකරලා ගත්තාමයි සම්පූර්ණ තේරුම එන්නේ!
පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ බලන්නයි, නරඹන්නයි.
බුක් ෆෙයා එකක් තියෙන්නේ පොත් මිලට ගන්නයි.
ඉතිං ඔතනට යන අයට එක්කෝ ඔයින් කැමති එකක් කරන්න පුළුවන්, නැත්තං දෙකම වුනත් කරන්න පුළුවන්.

තමන්ගේ මැට්ටම්, තම්මැට්ටම්!

මං ගියපාර ඔය ප්‍රදර්ශනයට තුන් හතර පාරක්ම ගියා. එක පාරක් නං ගියේ දයාවංශ උන්නැහේ මුණ ගැහෙන්නයි.
ඒ හැම සැරේම උස්සාගෙන එන්න පුළුවන් තරමේ පොත් ගත්තා.
ඒ අතරේ කන බොන දේවලුත් හැකි අයුරින් කෙරුවා.
පොත් එළිදැක්වීමේ උත්සයකින් පොඩ්ඩක් නැරඹුවා.
පොත්කාරයින් කීප දෙනෙක් කතා කරනවා අහගෙන හිටියා. ෆොටෝ කිපයක් ගත්තා.
ඒ කියන්නේ ප්‍රදර්ශනයත් නැරඹුවා, පොලෙන් බඩුත් ගත්තා.

මං දැක්කා පාසල් ළමයි පෝලිම් ගැහිලා යනවා, එනවා. සමහර තැන්වලට යන්න හිතෙන්නේ නැති තරමට සෙනග හිටියා. මේ පාරත් එහෙම ලු.

මං හිතන්නේ මේ පොත් ප්‍රදර්ශනය සහ පොත් පොල ඉතාම හොඳ අදහසක්. අඩු වශයෙන් ඒ ගැන ඇතිවෙන ප්‍රචාරය, කතාබහ වුනත් වැදගත්. මේ ගැන අහන දකින කෙනෙක් එක පොතක් හරි කියවන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා.

මං ගිය පාර ගත්තු පොත්වලින් තාම තුන හතරයි කියෙව්වේ. නමුත් ඊට පස්සේත් ඉඩ ලැබුණු හැම පාරම පොත් අරගත්තා. ඒ සමහර පොත් කියෙව්වා. ඒ එක්කම හිතවතුන්ගෙනුත් පොත් ලැබුණා. ඒවාත් කියෙව්වා.

නොකියවපු පොත් ගෙදර තියෙනවාය කියා අළුතින් පොත් අරගන්නේ නැතුව ඉන්න හේතුවක් නෑ.

මොකද පොත් කියන්නේ නරක් වෙන දේවල් නොවෙයි. අපේ ආච්චිගේ ශත හැත්තෑ දෙකේ සීනි වගේ, එහෙමත් නැත්තං අපේ ගෙදර කුස්සියේ කබඩ් එකක තියෙන සමහර දේවල් වගේ, පොත් නරක් වෙන්නේ නෑ.

ඇත්තටම සමහර පොත් පරණ වෙන්න වෙන්න තවත් හොඳ වෙනවා.

ඉතිං අර "වනගත ළමෝ" කියන ළමා නවකතා පොත ගැන කියනවා නම් තාමත් අවසානය කියවන්න නොලැබුණාට මං හිතන්නේ ඒ පොත ආශ්‍රයෙන් සෝමා මාමා හදපු, රේනුකා නැන්දා නිපදවපු ටෙලිය නං මං බැලුවා. ඒ දෙන්නා ඊලඟට හැදුවේත් සුමිත්‍රා රාහුබද්ද ගේ ඉටි පහන් කියන පොත ආශ්‍රයෙන් ටෙලියක්.

ඊට පස්සේ සෝමා මාමා පොත් අත හැරියා වගෙයි පෙණුනේ.

දැන් නං මාත් කියවන්න කැමති පොතක් තමයි බැංකු පොත. බින්දු වැඩිවෙන තරමට හොඳයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ "තෝට් ඩම්ප්" එක හරි හැටි මොරනකං ඉන්නේත් නැතුව අමුවෙන් ම එලියට දාන්න හිතුනේ මාතලන් සහ වෙනි යන දෙදෙනා ලියූ ලිපි කියවීමෙන් පසුවයි.

තෑන්ක්ස් ගයිස්!

(image: http://www.ceylontoday.lk/)

60 comments:

  1. මම නම් දාන්නෙම පොත.

    ReplyDelete
    Replies
    1. සාහිත්‍යය කන්න ද? - Kenji@Japan

      Delete
    2. තෙද බල ඇති කඳ සුරිඳුනි!
      ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි

      Delete
    3. මහ බල ඇති ජෝතියාණෙනි.......
      මාගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලබා දුනිමි.උන්ගේ බොරු අසා ඊයේ දින මා සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම පැමිණි සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සැලසුවෙමි.

      ඔබගේ මේ අහිංසක උත්සාහය තැන තැන පබ්ලිශ් කරමින් යම් මෝඩයෙක් ආතල් එකක් ගන්නා බව පෙනේ. ඔවුන් සදහාද දඩුවමක් අවශ්‍යනම් කරුණාකර නොපමාව මා ඔබගේ බ්ලොග් සටහන හරහා මා සම්බන්ධ කරගන්න.

      ප.ලි: ලින්ක් දැමීමට ලින්ක් දමන දෙවියන්ගේ අවසරය ලබා දීම ගැනද තුති.

      තෙද බල ඇති කඳ සුරිඳු

      Delete
    4. //ඔබගේ මේ අහිංසක උත්සාහය තැන තැන පබ්ලිශ් කරමින් යම් මෝඩයෙක් ආතල් එකක් ගන්නා බව පෙනේ. ඔවුන් සදහාද දඩුවමක් අවශ්‍යනම් කරුණාකර නොපමාව මා ඔබගේ බ්ලොග් සටහන හරහා මා සම්බන්ධ කරගන්න.//

      තෙද බල ඇති කඳ සුරිඳුනි,අනේ එයාව අතාරින්න.....

      Delete
  2. කෙන්ජි හරි නරකයි...:(
    :D:D:D

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඉදල හැමෝම කිව්ව වචනෙ ඕක තමයි :).
      දෙවනියත් නරකම නැහැ නොවැ පොඩ්ඩි :).

      Delete
  3. //The man who never opens a book has a comparatively empty mind. He, no doubt, learns something from his own experience and from others; but to what mankind has learnt and thought and done his mind is a blank. But he who reads widely and judiciously has a full mind. "Reading maketh a full man...//

    කීවේ මම නෙමේ. අප්පච්චිත් නිතර කියන කතාවක්. :D

    ReplyDelete
    Replies
    1. අප්පච්චි නයෙක්ද ?

      Delete
    2. නැත.
      හොද පෙළපත් නාමයක් ඇති රත්තරන් පියෙක්.

      Delete
    3. මොකද යකෝ කඩේ යන්නෙ ? මම ඇහුවෙ පොඩ්ඩිගෙන්

      Delete
    4. පොඩ්ඩි කිව්වත් ඔය ටිකම තමයි බං.

      Delete
  4. නොම්මර එකේ පොත් කාරයෝ ඉන්න රටේ පොත් වලට සතියක් වෙන් කරන එක බොහෝම හොඳයි. නමුත් මෙතන කියවීම වර්ධනය කරන්න කිසිම දෙයක් වෙන්නේ නැති එකයි මට තියෙන දුක. පොත් සාප්පු වලිනුත් ඉඳගෙන පොතක් කියවන්න පුළුවන් පොත් සාප්පු එකම එකයි මම දැකලා තියෙන්නේ අපේ රටේ. ඔතන වැඩියෙන්ම වීකිනෙන පොත, ඇක්සයිස් පොත. අනික ඔය ප්‍රදර්ශනේට දාන්නේ බාල කොලිටි පොත්. ඒක මම හොඳටම දන්නේ අපේ ගමේ එකෙක් ගොඩගේ සාප්පුවේ වැඩ කල නිසා. පරමාර්ථය හොඳ උනත් කරන්නේ තනිකර බොරුවක්. බොරු කාරයෝ සෝබන කාරයෝ වැහි වැහලා ඉන්න රටක. වෙලෙන්දත් ඒ දේ කලාට කිසි අවුලක් නෑ. ඕක තිබ්බා කියලා කියවීමේ කිසි වර්ධනයක් වෙලත් නෑ.

    අපො පොඩි කාලේ ගුණසේන පොත් සාප්පුවේ ඔය මාසෙට 50% කටත් වඩා වට්ටම් දුන්නා.. ඒ කාලේ බොහොම සුළු ගනන් වලට ගෙනාපු පොත් අදත් මගේ ගාව තියෙනවා.. සමහර ඒවා නම් ගල් කරලා. සමහර ඒවා දුප්පත් දරුවෝන්ට දුන්නා. ගත්තා කියලා මතක තියා ගන්න කීපයක් විතරක් තියාගෙන ඉන්නවා. පොඩි කාලේ ඉඳලා මම ආසම පොත් සෙට් එකක් තමයි අපේ උරුමය පොත් සෙට් එක. එහෙම පොත් අද ලියවෙන්නේ නෑ. ඒ පොත් අදටත් මට ප්‍රයෝජනවත්. නවකතා කියවිල්ල නවත්තලා ගොඩාක් කල්.

    අපේ ගෙදර පොත් කියෙව්වේ මම විතරයි. පොඩි කාලේ මාව ගුණසේන එකට එක්ක ගියාම. මම තමයි පොත් තෝරන්නේ. එහෙම පොඩිම කාලේ ගෙනත් කියවපු පොතක් තමයි. දෝන කමලාවති.. බලාගෙන ගියාම පොඩි කාලෙදිම මාත් හෙන ප්‍රභුද්ධ පොරක් නේ...

    ආ මට අමතක උනා.. මේ පොත් ගේන්න ගියේ. තාත්තගෙ බක් ෆියට් එකේ.. (නයි ඇනෝට පොඩි ආතල් එකක් ගන්න.)

    ReplyDelete
    Replies
    1. කතා කොමෙන්ට් වෙරිෆිකේසොන් අයින් කරලා..... ජයවේවා....!!!

      Delete
    2. සීයත් පොත් කාරයෙක්ද

      Delete
    3. සීයත් තිරිල්ලකෙන්ම ගිහින් (පුස්කොළ) පොත් ගන්න ඇති.

      Delete
    4. වෙරිෆිකේසොන්?
      එහෙම එකක් කවදාවත් තිබුනෙ නෑ.

      Delete
    5. සීයා ලියපු පුස්කොල පොත් වලින් තමයි වෙද මාමා බෙහෙත් දෙන්නෙ....

      Delete
    6. බක් ෆියට් එකේ රෝයල් ගිය එකාට වෙරිෆිකේසොන්, මොඩරේශන් අදුරගන්න බැරි හැටි.... පව්...

      ඉන්නෙ සුද්දො එක්ක... අහන්නෙ කන්ට්‍රි මියුසික්.... බලන්නෙ කලු සුද්දො ලියන බ්ලොග්.... අනේ මන්දා....

      Delete
  5. කකා ගත්ත පොත් මොනවද ? ගියපාර වගේ නහුත නැවු ටෝක් දීලා ගුරු ගීතය පොත විතරද ගෙනාවේ ??

    ReplyDelete
  6. මේ මගුලෙ බ්ලොග් කියවිල්ල නිසා පොත් කියවිල්ල අභාවයටම ගියා. පොත් මොනව උනත් විස්කි නං ඉතිරිකිරීම අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ඇත්තක් ...

      Delete
    2. රාජ්ගේ කටේ මසුරන් දාන්න ඕනේ.

      Delete
  7. කසු, සාහිත්‍යය කන්නද? කියලා පප්පා කරපු පොරකාසයට කේ.ජයතිලකයන් උත්තර දීලා තිබුනා ඔහු අලුත්ම කාර් එකක් ගත්තා විතරක් නොවේ ගෙවල්ද හදා ළමයිනුත් ලොකු මහත් කලේ පොත් ලියලා කියලා

    ReplyDelete
  8. //ඉතිං, ඒ දුක සදකාලිකයි.//

    ඔබේ දුක මගේ පුකයි.... your sorrow is my ass

    ReplyDelete
  9. කකා දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් කඩේ යන්නෙ ඇයි කියලා මට ඊයෙ තමයි හරියටම තේරුනේ...... ඔස්ට්‍රේලියාවෙ සුලු ජාතිකයෙක් වීම නිසා සුද්දන්ගෙන් ඇතිවන කොන් කිරීම් ඉවසා ගන්න බැරිව මොහු පෙලෙන අධික හීන මානය නිසා තමයි කකා මෙහෙම කරන්නෙ.... කොහොමත් කකා හීන මානෙන් පෙලෙන පොරක්නෙ...

    ආනන්දෙ තමයි ඉස්කෝලෙ පොතෙන් ඒක ඔප්පු වෙනවා....

    ප. ලි. මෙම කොමෙන්ටුවට බොහෝ විට පිළිතුරු නොලැබෙන්න පුලුවන්... නැත්නම් ඉතින් සුපුරුදු පිලිතුර.... "පව්"

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවට ඊයෙ පෙරේද සංක්‍රමණය වුනු අයට ලැබෙන කොන් කිරීම සහ පරම්පරා ගානක් තිස්සේ එකම භූමියක ජීවත් වන දෙමළ මිනිස්සුන්ට ලැබෙන කොන් කිරීම අතර වෙනසක් තියන බව ඇනෝට තවත් කාලයක් ගිහයට සමහර විට තේරෙන්න ඉඩ තියනවා. එතකොට ඒකත් කමෙන්ට් එකකින් දාන්න ඇනෝ.

      Delete
    2. ඒ කියන්නෙ පළමුවෙනි කොන් කිරීම දෙවැන්නට වඩා සාධාරණයි කියලද?

      Delete
  10. වනගත ළමෝ කොහොමහරි හොයා‍ගෙන කියවන්න කකා. ඒක ඒ තරමටම ලස්සනයි. හැබැයි සමහර විට අද අපේ වයසට එච්චරම ආතල් එකක් නැති වේවි. මට දැන් ඒ කතාව හරියට මතක නැහැ.
    ලංකාවෙ අඩුවෙන් පොත් ලියැවෙන්නෙ ප්‍රකාශනයේ දුෂ්කරතා නිසයි කියලයි මං හිතන්නෙ.
    සමහර පොත් එක්ස්පයර් වෙනවා, කුස්සියෙ රාක්කෙ තියන සමහර දේවල් වගේම.
    ඒත් සමහර පොත් අකාලිකයි (සදාකාලික නෙවෙයි, මීයො, කාවො එහෙම ඒවා එක්ස්පයර් කරනවනෙ)

    ReplyDelete
  11. //ඔහේලා පොත් කන්නේ උයලා ද? මලවලා ද? සම්බෝල හදලා ද? නැත්තං අච්චාරු දාලා ද?//

    මොනාත් කරන්න ඕනෙ නැහැ අමුවෙන්ම කත හැකි, මේ දවස්වල දුකකට තියෙන්නෙ කකුලෙ ඇඟිලි දෙකක් කඩාගෙන නිසා පොත් ප්‍රදර්ශනයට යන්න බැරි එක. ඒත් මගේ දේව දූතිකාවක් වගේ යාලුවෙක් පොත් 15ක් ගෙනත් දුන්නා :) ඒ පොත් වලට පින්සිදුවෙන්න කාංසියක් නැහැ.

    ReplyDelete
  12. ඔය නෑදෑ ගෙදරක හෝ වෙනත් ගෙදරක ගියාම පොත් රාක්ක වල තියෙන පොත් අරන් බලන් කියවන එක මගෙත් පුරුද්දක් . පොත සම්පූරණයෙන්ම කියවන්ඩ වෙලාව මදියි වගේ තේරුනොත් මම නම් කරන්නේ සේප් එකේ පොත ගල් කරන එක .. ඒ විදිහට ගල් කරලා ගෙදර ගෙනාපු පොත් පෙට්ටියක්ම මගේ ලඟ තියනවා .

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජ නැතුව කියන හැටි... උඹව හොද අභීත ගාව වැඩටම තමයි..... තකට තක....

      Delete
    2. මමනම් කරන්නෙ ශේප් එකේ අතරින් පතර කොල කීපයක් කඩලා විසි කරනවා. මට කියවන්න කම්මැලියි, අනිත් උන් කියවන එකට ඊරිශියයි. හිහි

      Delete
    3. යාලුවෙක්ගෙ හරි නෑදෑ ගෙදරකට ගියහම ඒ ගෙදර තියෙන පොත් අරන් බලන එක මගෙත් පුරුද්දක්.. ඒත් කියවන්න වෙලා නැත්තන් ඉල්ලන් එනවා (ගල් කරන්නෙ නැහැ)... කකා ගෙවල් පැත්තෙ ආවොත් එහෙම සෙක්‍යුරිටි චෙක් එකක් කරල තමයි ආපහු යවන්න වෙන්නෙ.... :D

      Delete
    4. අහවලා :
      උබට එහෙනම් ජොකා අස්සෙත් බලන්ඩ වෙයි. කකා, ජොකා අස්සෙත් පොත් හංගගෙන මාට්ටු වෙච්ච එකෙක්.

      Delete
  13. පොත් පට්ටල් වෙලා වගේ...

    ReplyDelete
  14. මමත් ඉස්සර නම් ගෙදරින් දෙන සල්ලි, මහපොල සල්ලි එකතු කරගෙන ඉඳල බුක් ෆෙයා ගියා... අන්තිමට ගියෙ 2007... ඊට පස්සෙ සැප්තැම්බර් මාසෙ (හෝ, බුක් ෆෙයා තියෙන දවස් වලට) ලංකාවෙ ඉන්න හම්බ වෙලා නැහැ... ඉතින් ඕකට යන්න පුලුවන් උන් ගැන පොඩි ඉරිසියාවක් නැතිව නෙවෙයි... ;)

    හැබැයි දැන් නම් පුරුදු වෙලා ඉන්නව මාසෙකට සැරයක් විතර පොත් සාප්පුවකට ගිහින් බලන්න, මාස දෙක තුනකට සැරයක් පොතක් ගන්න... කැන්ගරුලන්තෙ නම් ඉතින් අඩුවටම පොත් තියෙන තැනක් කියල අහු උනේ "ALLBOOKS4LESS" තමයි... පෙන්රිත් වල කඩේ වහපු එක නම් අපරාදේ... මෙල්බර්න් වල DFO එකක තියෙනවා එයින් කඩයක්, කොටුවෙ ගුණසේන එක විතර සයිස්... :)

    පොත් කියවන්න මට පුරුදු කිරීම ගැන මගේ තාත්තටත්, ඊට පස්සෙ මරදානෙ දයාවංශ එකේ වැඩ කරන අයටත් ස්තුති කරන්න ඕනෙ... ඉස්කෝලෙ යන එන ගමන් ඒකට ගොඩවෙලා එතන ඉඳගෙන පොත් කියවලා තියෙනවා ... කවදාවත් බැනලා නැහැ... :)

    ReplyDelete
  15. ගිය මාසේ නුවර KCC එකේ තිබුණ පොත් ප්‍රදර්ශණයට (පොලට ) ගියා. වැඩිහරියක් තිබුනේ පිටරටින් ගෙනාපු ළමා පොතුයි නවකතායි. නැවත මුද්‍රණය කරපු පැරණි පොත් තිබුනේ ඉතාම අඩුවෙන්. ගුලි ගේ හා සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ පොත් හෙව්වා ඒත් හම්බවුනේ නෑ. ඒවා නැවත මුද්‍රණය කලේ නැතිලු.
    වනගත ලමෝ පොත මාළඟ තවමත් තියෙනවා... 70 මැද කාලේ නුවර ගුණසේන පොත් කඩෙන් සැප්තැම්බර් සේල් එකකින් ගත්තේ...

    ReplyDelete
  16. අපි නම් නැවෙන් පොත් ගත්තු නිසා අයෙ පොත් ගන්න සල්ලි නැ... :(

    ReplyDelete
    Replies
    1. BMICH එකෙන් පොත් ගන්නවා වගේද බන් නැවෙන් ගන්න එක... ඔය හිපාඩු හිගන්නො වගේ නෙවෙයි නැවෙන් පොත් ගන්නෙ ලොකු දොස්තර ඉංජිනේරු පවුල් වල අය.....

      Delete
  17. මාත් හිතනවා කකා, රැල්ලට හරි පොත් ගන්න එක නරක දෙයක් නොවේ කියා. මොකද වෙන කෙනෙක් හරි කියවන්න ඉඩ තියන නිසා. මිනිසුන්ට සාහිත්‍යය කන්නද කියුවට, මීයන්ට නම් දත් ටික හරිගස්ස ගන්න මේ පොත් උපකාර කරනවා.

    ReplyDelete
  18. මම මේදවස් වල කියවනවා "සරාවක් නදිය දිගේ " පොතනම් ලස්සනයි ..... එ කිව්වේ ලස්සනට ලියල තියෙනවා....... ඒ කියල තියෙන මැලේසියාව හරි ලස්සනයි මේ අපි ඉන්න මැලේසියාවට වඩා

    ReplyDelete
    Replies
    1. තනි පීල්ලේ රේල්ලුව තමා මට නම් ඒකේ නැගලම ගිය කතාව රාලේ.

      Delete
  19. අද කකාගේ සුපුරුදු කොමෙන්ටුව තව සුළු වේලාවකින් බලාපොරොත්තු වන්න.....

    " වැඩ වැඩ වැඩ....
    හරිම බිසි කාලයක්"

    සෑම දෙනාටම ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. කොහොමද මේ අං දිග ගෝණාගෙ ආඩම්බර... මූ තාම එක රිප්ලයි එකක් දාලා නෑ.... අද සෙන්ටිමීටරේ ඩෙසි මීටරේ වෙලා වෙරිමතේ බුදි ඇති....

      Delete
  20. ලංකාවට ගිය වෙලේ අරං ආපු පොත් ටික කියවල ඉවරයි,දැන් ඉන්නව විරෝපට්ටන් ගහගෙන

    ReplyDelete
  21. පොත් විකනෙන්නේ නෑ කියන කතාව බොරුවක් කතන්දර.. අද ඉන්න ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෙකුගේ එක් පොතක් අවම පිටපත් 2500ක් විකිණෙනවා. ඒ සිල්ලරට නොවේ සදා ලැබෙන ඇනවුම්වලට පමණක් දීමෙන්.(පුස්තකාල පාසල් හා වෙනත් ආයතනවලට සැපයීමෙන්) ඒත් කතුවරයාට කියන්නේ පොත් 1000යි ගැහුවේ කියලා. මෙන්න මේ ප්‍රෝඩාව තමා වෙන්නේ.

    ReplyDelete
  22. කියවීම ගැන තියෙන ආසාවට මගේ තාත්තට තමයි මගේ ගෞරවය හිමිවෙන්න ඕනෙ. පොඩි කාලේ හපනා, විජය පත්තරෙන් තමයි මම කියවන්න පුරුදුවුනේ. ආතර් සි ක්ලාක් මහත්මයාගේ ගොඩක් පොත් ඒ කාලේ සල්ලිවලට ගත්තා. කියවලා ඉවරවෙලා කාලයක් ගියාට පස්සේ පුස්තකාලයට පරිත්‍යාගයක් විදිහට දුන්න. දැන් නම් කියවන්නෙ පුස්තකාලෙන්.පොත් ග්නන වියදම් කරන්න අමාරුයි. ඉඳල හිටල ගත්තොත් මිසක. බැංකුපොත තමා ආසම පොත.

    ReplyDelete
  23. මම පොතක් ගැහුවොත් විකුනගන්න පුලුවන් වෙන්නෙ පිටපත් පන්සීයයි. නමුත් ඒ කතාවම බ්ලොග් එකේ දැම්මොත් මාසයක් දෙකක් ගියාම හිට්ස් නවසියක් දාහක් එනවා..
    මගේ අරමුණ මගේ අදහස් සහ නිර්මාණ එලිදක්වන්න නම් මේ ස්පේස් එක හොදටම ඇති..
    මට සල්ලි හොයන්න බැහැ අන්තර්ජාලයෙන්.. නමුත් ඒකත් ඉස්සරහට පුලුවන් වෙයි..කියල හිතනවා..

    ReplyDelete
    Replies
    1. //මට සල්ලි හොයන්න බැහැ අන්තර්ජාලයෙන්.. නමුත් ඒකත් ඉස්සරහට පුලුවන් වෙයි..කියල හිතනවා//
      අන්තර්ජාලයෙන් සාර්තකව සල්ලි හොයන ක්‍රම තියනව :D එහෙම හොයපු සහ හොයන අයත් ඉන්නව

      Delete
  24. මගෙ කියවිල්ල කොහොමද කියනවනම් (පොත් හොඳේ) මට පොතක් හරි පත්තරයක් හරි පෙරල ගන්නෙ නැතිව බත් කන්නත් බෑ....අදටත් ඒක එහෙමමයි...වෙඩින් එහෙකට හරි ට්‍රේනින්/ෆෝරම් එකකදි වගේ පොත් පත්තර බල බල කන්න බැරි තැනකදි විතරයි පොත් පත්තර නැතිව කෑම කන්නෙ....ඔෆිස් එකේදි උනත් මම කන්න යන වෙලාවට කියව කියව ඉන්න අය උනත් මට පත්තරේ දෙනව...

    මීගමුවෙ බාලිකාවෙ ලොකු පුස්තකාලෙ තිබුනු පරිවර්තන, යොවුන්, පර්යේෂණ, ප්‍රබන්ධ, වනගත, ඉතිහාස වාගෙ මම කැමතිම පොත් ඔක්කොම එක මාසෙන් කියවල ඉවර කලා... පාසල් පුස්තකාලයෙ,නාගරික පුස්තකාලයෙ කියවන්න පොතක් ඉතුරු උනේ නෑ...නවකතා නම් වැඩිය කියවන්නෙ නෑ...වැඩියෙන්ම කියවන්නෙ පරිවර්තන....මම ගත්ත පොත් එක එකා අරන් ගිහින්...මම කාටවත්ම දුන්නෙ නැත්තෙ "බැස්කර්විල් දඩ බල්ලා" කියන පොත විතරයි...

    ReplyDelete
    Replies
    1. අර බාලිකාවෙ නම Newstead හොඳේ...

      Delete
  25. මමත් ප්‍රාදේශීය සභා පුස්ථකාලය අවසන් කරල, නගරසභා පුස්ථාලයෙත් බාගයක් විතර අවසන් කළ පාඨකයෙක්.“වන ගත ළමෝ පොතෙන් කොටසක් 5 වසර සිංහල පෙල පොතේ “ගහක් උඩ රැයක්“ නමින් තිබුණා.ඒක කියවපු දවසේ ඉදන් මට අවශ්‍ය වුණා සම්පූර්ණ පොත ම හොයාගෙන කියවන්න.කොහොම හරි ඒ දවස් වලම ඒ ආසාව ඉටු කරගත්තා.ඒ විතරක් නොවෙයි දොන් පීටර් පියතුමා ලියපු ළමා පොත් සේරම වගේ හොයාගෙන කියෙව්වා.හැම වසරකම සිංහල පෙල පොත් වල සාහිත්‍ය කෘති වලින් උපුටා ගත් පාඩම් ඇත්නම් නම් ඒ මුල් කෘතිය සොයාගෙන කියවනවා.ඉහත අන්ඩර්රයිටර් වගේ මමත් අද වුණත් කෑම කන ගමනුත් පොත් පත්තර කියවන එක පුරුද්දක්.හැකියාවක් තිබෙනව නම් සෑම වසරකම කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්නවා.ඒ අතර තුර අනෙක් මාස වලත් පොත් ගන්නවා.විශේෂයෙන් කියන්න ඕනි මරදාන දයාවංශ ජයකොඩි සමාගමේ පොත් හලට වසරේ මොන දවසක ගියත් ඔවුන්ගේ ප්‍රකාශනයක්ට වට්ටම් ලැබෙනවා.

    ReplyDelete
  26. i actually dont have money to spend on books so i down load and read e books,well the sinhala books the ones which made me really think was the ones written by ajith thilakasena,,,, and english one's even tho i havent read the julias ceasar fully, i went thru the speeches made by mark antony and brutas on the day of ceasors funeral and that was the best peiece of literature i hve ever read other than les misrable

    ReplyDelete
    Replies
    1. Please read " Anande Thamayi Iskole" that is the best book ever in human history.

      Delete
  27. අපෙන් සාහිත්‍ය කන්නද කියලා ඇහුවට, මිනිහානම් හොඳට කියවපු කෙනෙක් කියලා අහලා තියෙනවා. ඒ ඉංග්‍රීසි සාහිත්‍ය වෙන්නැති.

    ReplyDelete
  28. වනගත ළමෝ කියෙව්වා පොඩි කාලෙ...... ඒකෙන් පස්සෙ සෝමපුර වීරයෝ , තුන් යහළු වික්‍රමය, නිධන් දූපත ඔය වගේ වීර ක්‍රියා
    ඊට පස්සෙ ටොම් සෝයර් , හක්ල්බරිගේ හපන්කම්....
    ශා ඔන්න පොත්

    ReplyDelete
  29. ඒකීය පුද්ගලයා පොත් ප්‍රදර්ශනයට යන්නේ කැමැත්තෙන් නම්, පොත් ගන්නේත් ඒකීය පුද්ගලයා හරිහම්බකරගත් ධනයෙන් නම්, ඌ පොත් මලවලා කෑවත්, ඒකෙන් පුක පිහිදෑවත් ක.කා ට ඇති (පුකේ) අමාරුව කිම?

    ReplyDelete
  30. ඉස්සර පොත් ප්‍රදර්ශනේට ගියා මට පොත් ගන්න
    ඊට පස්සෙ ප්‍රදර්ශනේට ගියා මටයි හාමිනේටයි දෙන්නටම පොත් ගන්න
    මේ වතාවෙ ප්‍රදර්ශනේට ගියා දුවට පොත් ගන්න

    ජීවිතේ . . . ජීවිතේ . . .


    ඔය අතරෙම

    ඉස්සර පොත් ප්‍රදර්ශනේට ගිහිං අනුන්ගෙ කෙල්ලො දිහා බැලුව
    ඊට පස්සෙ ප්‍රදර්ශනේට මගෙම කියල කෙල්ලෙක් එක්කං ගියා
    මේ වතාවෙ ප්‍රදර්ශනේට ගිහින් අපි දෙන්නගෙම කෙල්ල පස්සෙ දුව දුවා හිටිය

    ජීවිතේ හැටි තමයි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.