මෙන්න මුලින්ම මං පුංචි කාලේ සඟරාවක තිබිලා කියවපු ජෝක් එකක්.
ගුරුවරයා: මොට්ටපාල, කයිරාටික කියන වචනය දාලා වාක්‍යයක් කියනවා බලන්න.දැන් මෙන්න 2013 සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන දෙවන පොත්-කතන්දරය.
මොට්ටපාල: මිනිසා මස් ටික කයි රා ටික බොයි!
ශිෂ්ඨාචාරවීමට පෙර සිටම හෝමෝ සෙපියන්ස් ලා සතුන් දඩයම් කර ආහාරයට ගත්හ. පසුව බිහිවූ ඇතැම් ශිෂ්ඨාචාරවල මේ මාංශ අනුභවය අනුමත නොකෙරුණු අතර තවත් ජනකොටස් යම් යම් වර්ගවල සතුන් පමණක් මස් පිණිස මැරීම අනුමත නොකළහ. අප ඉන්දියාවේ අහමඩාබාඩ් නගරයේ කළ කෙටි සංචාරයක දී අපට කෑමට තිබුණේ එළු මස් පමණි.
මස් පිණිස සතුන් ඇති කිරීම ලොව පුරා පැතිර ඇති කර්මාන්තයකි. මේ කර්මාන්ත පවත්වාගෙන යන ව්‍යාපරිකයින් සඳහා දියුණු යැයි සම්මත රටවල යම් යම් නීති පැනවී ඇත. ඒවායින් වැදගත් නීතියක් වන්නේ සතුන් මරණයට පත් කිරීම ඉතාමත් ශිෂ්ඨ ආකාරයට කළ යුතුය යන්නය. නමුත් ඉන්දුනීසියාව වැනි රටවල සතුන් මැරීමට පෙර එවඑනට වද හිංසා කරන බව පසුගිය දිනවල වාර්තා වැඩසටහන් තුළින් හෙළිදරව් විය.
ශ්‍රී ලංකාවේ ද ගවයින්, ඌරන් වැනි සතුන් ඝාතනය කරන්නේ කෘර වද හිංසා පැමිණවීමෙන් පසුව යැයි මම අසා ඇත්තෙමි. හලාවත පැත්තේ, මතුගම පැත්තේ කෝවිල්වල සත්ව බිලි පූජා පිළිබඳව විශාල ආන්දෝලන පසුගිය දිනවල පැතිර ගියේ ය. ගවයින් ඝාතනය කරනු නොව, ඝාතනය පිණිස ගවයන් ගෙන යන අයුරු දුටු අය ද ගව මස් කෑම අත්හැරිය බවට කියවෙන උපක්‍යයාන කතන්දර අපි බොහෝ දෙනෙකු අසා ඇත්තෙමු.
හැටේ දශකයේ දී තිරගත වූ ඇල්. ඇම්. පෙරේරා ගේ "හතර මහා නිධානය" චිත්‍රපටයේ එන "උම්බෑ කිය කියා මරණ බයේ" නම් ගීතය ඇතුළත් දර්ශනය දුටු සමහරු කම්පාවට පත් වී හරක් මස් කෑම අත්හළ බව වැඩිහිටියන් කියනවා ද මා අසා ඇත.
හරක් මස් කෑමට විරෝධය පාමින් ශ්‍රමණ වේශධාරියෙකු සිය දිවි හානිකරගත්තේ ද නොබෝදා ය.
මේ කරුණු සමගින් මා මේ සැරසෙන්නේ බුද්ධදාස අබයසිරිවර්ධන නම් විශ්‍රාමලත් භෞතචිකිත්සකවරයා විසින් ලියා පල කරන ලද "සුද්දී" නම් වූ නවකතාව පිළිබද විවරණයක යෙදෙන්නටයි.
"සුද්දී" නවකතාව මුළුමනින් ම පාහේ කැප වී ඇත්තේ, ලංකාවේ පසුබිමක් තුළ, ගව ඝාතනයේ කුරිරුකම පිළිබඳව පාඨක අවධානය යොමු කිරීමට බව පෙනේ.
තමා කොළඹ ගව ඝාතනාගාරය අසලදී දුටු සිදුවීමක් පාදක කොටගෙන, පසුගිය සියවසේ මැද භාගයේ දකුණු ලංකාවේ ගැමි සමාජය පසුබිම විස්තරාත්මකව ඉදිරිපත් කරමින් රචනා වී ඇති "සුද්දී" නවකතාවේ මා දුටු අතිශය සුවිශේෂී ලක්ෂණය නම් මෙහි ප්‍රධාන චරිතය වන්නේ සුද්දී නම් එළදෙන වීමයි. එපමණකුදු නොව මුළු කතාවම රචනා වී ඇත්තේ සුද්දී ගේ උත්තම පුරුෂ ව්‍යාකරණයෙනි.
ගමේ නිවසක හැදි වැඩී, ඒ නිවසට අවශ්‍ය කිරි ලබාදෙමින්, ඒ වෙනුවෙන් නිසි සැප සත්කාර ලබමින් ජීවත් වූ සුද්දී, නිසි පරිදි මස් සඳහා ගවයන් ඇති කිරීමේ ව්‍යාපාරයක් නොමැතිකම නිසා ලංකාවේ බිහි වී ඇති හොර හරක් ජාවාරම්කරුවන් සහ ඔවුන් වෙනුවෙන් සේවය කරන හරක් හොරුන් ගේ ග්‍රහණයට අසුවී දුක් විඳීමත්, තම මරණයට සුළු මොහොතකට පෙර එයින් ගැලවී නැවත තම සුපුරුදු ගැමි පරිසරය වෙත යෑමත් "සුද්දී" නවකතාවේ ඉතා නිර්මාණාත්මකව ඉදිරිපත් කර ඇත.
"සුද්දී" නවකතාව තුළ සුද්දී ගේ ජීවිත කතාවට පරිබාහිර, නමුත් වක්‍රාකාරයෙන් සම්බන්ධ, විවිධ අතුරු කතා කිහිපයක් ද බුද්ධදාස අබයසිරිවර්ධන විසින් අපට ඉදිරිපත් කර ඇත. මෙයින් මා වඩාත් සිත් ගත්තේ නගරයේ පාපකාරී ලෙස හැදී වැඩෙමින් සිට ගමට පළා එන "ඇල්පි" නම් චරිතය වේ. ඇල්පි මට සිහි කළේ, මඩොල්දූවේ සුරංචියා ගේ චරිතයේ අප නෑසූ කුඩා අවදියයි.
තිරිසනෙකු ප්‍රධාන චරිතය ලෙස ගෙන උගේ දෘෂ්ඨි කෝණයෙන් පරිසරය සහ සිදුවීම් ප්‍රථම පුරුෂයෙන් විස්තර කරමින් රචනාවක් කිරීම ඉතා කැපවීමකින් සහ සංයමයකින් කළ යුතු කාර්්‍යයකි. "සුද්දී" රචනා කිරීමේ දී කතුවරයා ඒ අභියෝගය හොඳින් ජයගෙන ඇති බව කිය යුතුය.
බුද්ධදාස අබයසිරිවර්ධන විසින් මේ කෘතියෙහි ලා භාවිතා කර ඇති භාෂා විලාසය තත්කාලීන භාවිත සිංහලයට වඩා තරමක් පැරණි බව බැලූ බැල්මට පෙනේ. බොහෝ දුරට එයට හේතුව වී ඇත්තේ රචකයා දශක ගණනාවක් තිස්සේ මව් රටින් දුරස්ව කල් ගත කිරීම විය හැක. එසේ වතුදු, "සුද්දී" නවකතාව පසුබිම් වී ඇති හැටේ දශකයේ පරිසරයට ඒ භාෂා ශෛලිය අපූරුවට ගැලපෙන බව මගේ අදහසයි.
හරකුන් වද දී මරනු දැක අප බොහෝ දෙනෙක් මා මුලින් දැක්වූ පරිදි කම්පා වුවද, පසුගිය දිනක බ්‍රිතාන්‍යයේ "චැනල් ෆෝ" නමැති නාලිකාවෙන් මිනිසෙක් ගසක බැඳ පිහියකින් කපනු සහ ඉන්පසු ඔහු මරා දමා තිබෙනු දැක කම්පා වූයේ අප කීයෙන් කී දෙනාද? අප බොහෝ දෙනෙකු දේශප්‍රේමී කඩතුරාවක් අස්සේ සැඟවී, තම හෘද සාක්ෂියට මුකවාඩම් බැඳ, ස්වයං මුළාවකින් සිත රවටා ගෙන, සිද්ධාර්ථ ගෞතම ලා, ධර්මාශෝක ලා, මාටින් නීමොලර් ලා කියූ වදනක් හෝ නොදන්නා සේ ඉඳිනු දැකීමට ලැබීම අප කළ අපරාපරියවේදනීය කර්මයක පටිසන් දීමක් යැයි සිතමි.
"සුද්දී" කෘතියෙහි ලා බුද්ධදාස අබයසිරිවර්ධන අපට මවා පාන්නේ ලංකාවේ ගව ඝාතනයේ මීට දශක ගණනාවකට පෙර පැවති තත්වයයි. තමා වැනිම වූ මිනිසුන් මරා, ඒ දෙස බලමින් සතුටු විය හැකි සදාකාලික චණ්ඩාශෝක ලා වෙසෙන දේශයක අද පවා ඒ තත්වය එලෙසම පැවතෙන්නේ නම් එය පුදුමයක් නොවේ.
අවසාන වශයෙන්, බුද්ධදාස අබයසිරිවර්ධන විසින් රචිත "සුද්දී" නවකතාව අවිහිංසාව අගයන සියලුදෙනාම විසින් කියවා අගය කළ යුතු කෘතියක් යැයි සඳහන් කරමි. විශේෂයෙන් ම මෙය ළමුන් ට ද එකසේ ගැලපෙන නවකතාවකි.
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න පෙර කී උම්බෑ කිය කියා මරණ බයේ නම් ගීතය ඇතුලත් සිනමා දර්ශනය.
[මෙය ඔබ්බවීමට (එම්බෙඩ් කිරීමට) නොහැක. එහි ගොස් බලන්න.]
http://www.youtube.com/watch?v=2jEV_h3QNQg
ප/ප/ලි:
මෙන්න පරණ කවියක්.
ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ
මෙන්න සම්පූර්ණ කවි පන්තියට පාර.
http://kathandara.blogspot.com/2012/05/wesak-thoughts.html
කියවීමට සුදුසු පොතක් කියලා හිතනවා. මස් කන එක පව් නම් මොන සතෙකුගේ මස්වත් නොකන එක තමා හරිදේ මම හිතන හැටියට. මාලුත් ඇතුලුව. සතාගේ ප්‍රමාණයෙන් වැඩක් නෑ. ජීවිතයක් කියන්නේ ජීවිතයක්. සමහර විට ගව ඝාතනය මෙච්චර හෙලා දකින්නේ හරකා මිනිසාට ලොකු සේවයක් කරන හන්දද නැත්නම් හින්දු සංස්කෘතියේ බලපෑම හන්දද දන්නේ නෑ. මොනවා උණත් පණක් හන්දා පණ නහගන්න එක නම් මෝඩකමක්.
ReplyDeleteමම නම් මස් කන කෙනෙක් නෙමේ ඔන්න....:)
කතන්දර මගේ අලුත් පෝස්ට් එක අනෙක් බ්ලොග් රෝල්වල අප්ඩේට් වෙලා නැත්තේ මොකෝ. ඔයාගේ එකෙත් පේන්ට නෑ.:(
එහෙනං ඔයත් එලෝලු ජීවිතයක්. අපේ අම්මාත් එහෙමයි.
Deleteමං බඳින්න ඉස්සර දන්න කියන ගෑල්ළමයෙක් හිටියා එයත් එලෝලු ජීවිතයක්.
http://kathandara.blogspot.com/2011/05/living-with-vegitables.html
!
පොඩි කුමාරි ගේ මෙන්න මේ කතන්දරේ (ඊයේ දාපු) නං මං බැලුවා!
Deletehttp://podikumarihami.blogspot.com/2013/09/blog-post.html
ඒක හරි... හැම සතෙකුගේම ජීවිතේ වටිනාකම එක හා සමානයි කියල සැලකුවොත්, හරක් මස් නොකන, ඒත් හාල්මැස්සො කන මනුස්සයෙක් කොච්චර පවු කරනව ඇද්ද... සංස්කෘතිය නිසා (සහ, තමන්ට ගොවිතැනට උදව් කරන සතා නිසා) ලංකාවෙ මිනිස්සු හරක් මස් නොකෑවට, පව කියන එක සලකල බැලුවොත්, හරක් මස් (හෝ, ඒ හා සමාන විශාල සතෙකුගේ මස්) කන එකෙන් තමයි අඩුම පවක් සිද්ද වෙන්නෙ...
Deleteපොඩි පැහැදිලි කිරීමක්.... හරකා තමුන්ගෙ කැමැත්තෙන් අනේ මගේ කිරි ටික ගනින්, අනේ මාව කරත්තෙ බැඳපන්, අනේ මාව නගුලෙ බැඳපන් කියල කියනවද, නැත්නම් මිනිස්සු හරකව බඳගෙන තමන්ගෙ වැඩ ටික කරගන්නවද?
DeleteThis comment has been removed by the author.
Deleteහා ගුල, ඔයාම ඒකට උත්තරෙත් දන්නව නේ... කියන්න හැදුවෙ මොකක්ද කිව්ව නම්... :)
Deleteසුද්දිලාගේ කතාව කියල චිත්‍රපටයකුත් කලාද?
ReplyDeleteසුද්දි ලා ගේ කතාව
Deleteකතාව: සයිමන් නවගත්තේගම
අධ්‍යක්‍ෂණය: ධර්මසිරි බණ්ඩාරනායක
නිශ්පාදනය: බන්දුල ගුණවර්ධන
රඟපෑම්: ස්වර්ණා, සොමී, ජෝ, සිරිල්
ඒ වුණාට නවගත්තේගම සූරීන්නම් කියන්නේ ධර්මසිරි සිනමාවට නැගුවේ එයාගේ සුද්දි ලා ගේ කතාව නොවේලු සුද්දිගේ කාතවලු.
Deleteමම හිතුවේ "සුද්දිලාගේ කතාව" ගැන කියන්න යනවැයි කියලා, පොතක් කියලා කිව්වාම. කොහොමත් මේ ගව පාළණය මහ පරිමානයෙන් කරලා වැඩක් නෑ, මස් පිණිස සතුන් මරන්නේ නැත්නම්. ගමේ ගෙදර හදන හරකා විකුණගෙන කන එක නම් ඒ කාළේ ඉඳලා අපේ මිනිස්සු කරන්නේ නෑ.. හරකා වැලලුවේ බූමිතෙල් සිරුරට ඉහලා. ඒ මොකෝ ගමේ නොසංඩාල උන් වල හාරගෙන කුණ කන නිසා. ඒත් ඉතින් කඩේ තියෙන මස් වලින් රසම මසත් හරක් මස්ම තමයි..
ReplyDeleteඅපේ ගමේ හිටපු එළදෙනුන් නම් කිරි ඇරෙන කාලෙට විකුණනවා. හරකෙකඛ ගේ භූමදානයක් නම් මං දැකලා හෝ අහලා නෑ!
Deleteඒකනම් ඇත්ත ,
Deleteඅපේ සීයා ගාව උන්න එළදෙන්නු දෙන්නම පාංශූකූලේ දීලා භූමිතෙල් ඉහලා භූමදානය කලා.. ඒ උනාට සීයත් හරක් මස් කනවා.. ඉස්සර දෙවට හංදියේ මස් කඩෙන් තමයි මස් ගේන්නේ.. බක් ෆියට් එකේ යනවට වඩා මම කැමති. සීයගෙ බයිසිකලේ ලැගේජ් එකේ යන්න..
Deleteඇත්ත..මහා පර්මානයෙන් කිරි නිෂ්පාදනය කරනවානම්, මස් පිණිස සතුන් මරන එක කරන්න වෙනවා...
Deleteවයසට ගියැයි කියල එළදෙන්නු ටික නිකන් තියාගෙන නඩත්තු කරන්න කැමැති ව්‍යාපරිකයෝ ඉඳියි යැයි?
අපේ සීයට කාර් එකක් තිබුනා.... ඒකෙ හන්දියට මස් ගන්න යනකොට නයි දුවනවා පැන පැන....
Deleteඑතකොට ලැගේජ් එක තියෙන බයිසිකලේ නයි නැද්ද...? බක් ෆියට් කියන්නේ ලාබ කාර් එකක්...
Deleteහරක් මැරීමට විරෝධය පෑමට නිර්මාණය වූ අනෙක් ගීය තමයි නෙල්සන්ගෙ "කිරි දුන්නේ දරුවන්ටයි....." කියන ගීය. විශේෂයෙන්ම එළදෙන කිරි අම්ම කලේ ඒකෙන්.
ReplyDeleteගව ඝාතනය ශිෂ්ඨ සම්පන්න අයුරින් කරන්න ඕන කියන එක නං ඇත්ත.
ඒකේ ගණිතය පාඩමකුත් තියෙනවා නේද?
Deleteගෙරි මස් කෑමත් හරකුන් මැරීමට අනුබල දීමක් නේද කකා ?
ReplyDeleteකකා සුද්දිලගේ කථාව ගැන විවේචනයක් දෙන ගමන් කකාගේ කථාවකුත් කියලා තියෙනවා වගේ...
ReplyDeleteඒක හරියට නිකං අපි ඉස්සර සෙල්ල කතරගම ගිහිල්ල ,කළු දොදොල් වල ගුණ අගුණ කියනවා වගේ වැඩක්...අපි කලේ මග දිගට තිබ්බ කඩවල විකුනණන් තිබ්බ කළු දොදොල් කෑලි ටේස්ට් කරන්න කියලා කන එක එකයි. ඒත් ඇත්තටම අපි කලේ කලු දොදොල් විවේචනය කරනවයි කියල අපේ කෑදර කම සංතෘප්ත කර ගත්ත එකයි..
මං ලියන්නේ මගේ කතන්දර නේන්නම්!
Deleteඔබ ලියන්නේ කාගේ කතන්දරද?
මා ලියා ඇත්තේද මගේ කතන්දරයයි...කමෙන්න්‍ටුවයි :)
Deleteලින්කන්ගේ කතාවක් මතක් උනා ...
Deleteලින්කන් ගේ කතාව:
Deletehttp://kathandara.blogspot.com.au/2010/10/blog-post_29.html
සුද්දී පස්සේ කියවන්න ඕනේ. මම මේ දවස්වල මහාචාර්‍ය නන්දසේන රත්නපාල සර් ගේ යාචකයෝ පොත හොයනවා හෝ ගාල.
ReplyDeleteඒ නිසා සුද්දී පසුවට කියවන්නම්..
මස් ගැන කිව්වොත් මටනම් අප්පිරියයි.. නොකනවා කියනවා නෙමෙයි. ජීවත් වෙන්න වෙන දෙයක් නැත්නම් මං කනවා. ඒත් මං ගෙදර කවදාවත් මස් මාළු කරවල කන්නේ නැහැ. ඒක දැන් පුරුද්දක් වෙලා. එළවලු වලට ගොඩක්ම ආසයි. කොළ පාට එළවලු තම්බලා උනත් මාර රසයි. හේතුව මේකයි.. පව් ද නැත්ද මං දන්නේ නැහැ. ඇයි අපි වෙන කෙනෙක්ගේ ජීවත් වීමේ අයිතිය උදුරන් ඒ සතා ලබන සතුට සින්නක්කරව උදුරාගෙන අපේ රස නහර පිනවන්නේ.. මට බෑ ආත්මාර්ථකාමී වෙන්න.
මං සර්වසම්පූර්ණ නෑ.. ජීවත් වෙන්න මං පිදුරු ගහෙත් එල්ලෙනවා. හැබැයි එහෙම දවසක් නෑවිත් කඹ තියෙද්දී පිදුරු ගස් මොකටද නේද ?
නිකමට හිතන්නකෝ..
Bora Diyaka Induwara
ඔව්, මස් නොකන අය මස් කන්න එපා! මස් කන අයට කන්න දෙන්න.
Deleteමස් කන අය මස් නොකන අයට බලෙන් කවන්න යන්න එපා!
Ultra ethically killing of any sentient being (other than as a last resort for self preservation) can not be justified. But, the reality is that we eat flesh and like it. So, what should be done and what could be done practically is to reduce the suffering of the animal as much as possible. I like beef but prefer not to eat it in SL because of the inhumane slaughter methods. here. I would eat and enjoy beef in (and from) any country with humane slaughter. Not killing at all is the best and the ideal but practically we should do the next best thing i.e minimize suffering of the animal. Agreed?
ReplyDeleteBTW, I like this type of book reviews b'coz I'm clueless about poems!!
මා නම් සතුන් මරන්නේ නෑ සිතා මතා. කාලෙකින් මදුරුවෙක්වත් මරලා නෑ.
Deleteමා මස් කනවා වුණාට ඒ වෙළද පොලේ තියෙන නිසයි. මසුන් මරා හෝ සතුන් මරා කන්නට මගේ අදහසක් නෑ.
මා කන මස් සතුන්ට වද නොදී මැරූ ඒවා යැයි මා සිතනවා. හැබැයි ඒ ගැන මා සොයා බලා නෑ.
This review is about a short novel (not poetry).
@මයි ඩියර් කකා,
ReplyDeleteදිස් ඉස් ඇන් එක්සලන්ට් පෝස්ට්. අයි ලව් දිස් පෝස්ට්. වට් ඉට් ඉස් අබවුට්? ඕල් අයි අන්ඩ'ස්ටෑන්ඩ් ඉස් ඉට් ඉස් අබ්වුට් අ කව් ඕ කව්ස්. කැන් යූ එක්ස්ප්ලේන් ඉන් ඉන්ග්ලිශ්?
රනිල් වික්‍රමසිංහ, ඔපසිෂන් ලීඩ'
සතුන් මැරීමටත් සතුන්ට හිංසා කිරීමටට් මම කැමති නෑ.ඒත් මිනිසුන්ට කරුණාව නොදක්වා සතුන්ට පමණක් කරුණාව දක්වන සමාජයකටත් මම නම් කැමති නෑ.ඇත්තෙන්ම සතුන් නොමරා ගිහි ජීවිත ගත කරන එක ප්‍රායෝගික නෑ.ඒ වගේම බිලි පූජා සඳහා සතුන් මැරීමට වෙනත් සංස්කෘතීන්ට ඇති අයිතියට බාධා කරන්නත් අපට අයිතියක් නෑ.එතනදි අපි කරන්නේ බලහත්කාරකමක්.මස් සඳහා සතුන් මරන කිතුනුවන්ට ඒ සඳහා අයිතියත් ආගමික යාතුකර්මයකට සතුන් හලාල් කර මරණ මුස්ලිම්වරුන්ට ඒ සඳහා අයිතියත් ,බිලි පූජාවලට සතුන් මරණ හින්දුවාට ඒ සඳහා අයිතියත් තිබිය යුතුයි.නැත්නම් අපේ අවිහිංසා බලහත්කාරය වනයේ කොටි සිංහයන් හා සර්පයන්ටත් අදාල කළ යුතුයි.සොබා දහම තුල තමයි වැඩිම සත්ව ඝාතනයක් සිදු වන්නේ.
ReplyDeleteසතුන්ට ව්යාජ අනුකම්පාවක් පෙන්වමින් මිනිසුන් ට දෙතිස් වධ දුන් පැරණි රජවරු යැයි කියාගත් මහත්වරු ගැන නම් මට ඇත්තේ දැඩි පිළිකුලක්.
මා නම් සතුන් මරන්නේ නෑ සිතා මතා.
Deleteකාලෙකින් මදුරුවෙක්වත් මරලා නෑ.
මා මස් කනවා වුණාට ඒ වෙළද පොලේ තියෙන නිසයි. මසුන් මරා හෝ සතුන් මරා කන්නට මගේ අදහසක් නෑ.
කකා හිතට එකඟව ඔබට මෙම කෘතිය ගැන විචාරයක් කිරීමට බැහැ. මම දැක්කනේ ඔහේගේ කෙරුවාව w3 ඒකෙදි.. මතකැයි ඔහේට ?
ReplyDeleteපොත ගැන ..
විචාරය කියෙව්වම නම් ලස්සන ගම්මානයක සුන්දර වටපිටාවක් මැවෙනවා.. පොත අරන් කියවන්න හිතෙනවා.. අමරගේ විචාර වලට වඩා නම් දාහෙන් සම්පතක් අපේ කකා..සුද්දීත් ලස්සනයි සමනල්ලු දෙන්නත් ලස්සනයි..
/* කකා හිතට එකඟව ඔබට මෙම කෘතිය ගැන විචාරයක් කිරීමට බැහැ. */
Deleteපුහ්, ඔහෙට පරචිත්ත විජානන ඥානය තියෙනවද?
මගේ හිතේ තියෙන දේ තමයි මනුස්සයෝ ඔය ලියලා තියෙන්නේ.
පොත කෙසේ වුවත් කාලෙකට කලින් ලියපු කවිය උපුටපු එක නම් වටිනවා..
ReplyDeleteපොත ගෙඩි පිටින් උස්සලා මෙතන අත අරින එකේ උපුටන ගැන කවර කතාද රූ..
Delete@ රූ....
Deleteඒ කවි පන්තිය තමයි මා වඩාත්ම උපුටා දක්වා තියෙන කවි
රට දැය කන කකා....
ReplyDeleteගව මස් කන කකා.....
හිට්ස් මල්ල තකා...
ලියයි අමුතු කතා...
බුදු දහමට නිගා දීලා..
Deleteගෙරිමස් ගෙනත් කාලා...
කම් සැපට ලොල් වීලා...
ඉමු නිවන් දුරස් වීලා...
කකා ඉන්නේ...
Deleteගවමස් ගන්නේ...
රහමෙර බොන්නේ...
කොහොමද නිවන් යන්නේ....
මා ආදරනීය අපේ කකාවෙතටයි..
Deleteමේ ලියන්නේ ආදරය භක්තිය හින්දයි...
අප ඉපදිලා ඉන්නේ දහම රකින්නයි..
ඒ යුතුකම අප අතරින් ඉටුකර ලන්නයි.
ලියපු අමුතු කතා
Deleteරහක් නෑලු පුතා
චූ ජී පඩ කතා
ගොඩක් ලියා ඇතා
ගොඩක් හරක් මස් නොකන අය හාල්මස්සෝ මාලි උද ගෙන කනවා ...... මම කියන්නේ එක හරකෙක්ව මැරුවම එක පනි නැති වෙන්නේ පවුල් 25ක් විතර කනවා ඒ පවුල් 25ම හරක් මස් නොකා හාල්මැස්සෝ කරවල කෑවොත් පන කීයක්ද ??????
ReplyDeleteසාමන්‍ය පිළිගැනුම තමයි පරිනාමයේ ඉහල ඉන්න සතුන් මැරුවාම පව් වැඩියි කියන එක!
Deletehttp://kathandara.blogspot.com/2010/10/blog-post_19.html
එහෙනම් මව, පියා හෝ රහතුන් මැරීම ආනන් තර්ය පාප කර්ම ලෙස දක්වා ඇත්තේ ඇයි? ඔබේ තර්කය ට අනුව මවට පියාට හෝ රහතුන්ට ද ඇත්තේ එකම පන බැවින් වෙනත් හාල් මැස්සෙක් මැරීමට සමාන වේ !
Deleteකකා අමුතු සතා
ReplyDeleteසමරිසි සුව පතා
ලියයිලු සති පතා
පරිස්සමෙන් පුතා
සාහිත්ය මාසේ...
ReplyDeleteපෝස්ට් නැද්ද රාලේ...
සමරිසි උන්ට ආලේ...
අපොයි විනාස කාලේ..
කවුරුහරි කියනවද ලොකුසත්තු මෑරුවම පවු වෑඩිද කියල.මොන ආගමකට අනුව උනත් කමක් නෑ
ReplyDeleteබුදු දහමට අනුව නම් එහෙම කියන්ට බැහැ..ගවයින් ගැන පුමුඛත්වයෙන් කතා කරන්නේ මං හිතන විදිහට ගවයා ලංකාවෙ කෘෂිකාර්මික සංස්කෘතියෙන් මිනිසාට බොහෝ ළං වූ සතෙකු නිසා වෙන්නට ඇති..අනික් අතට කුකුළන් මැරීම ගැන කියා මේ තරම්වත් සත්ව ඝාතනය ගැන මිනිසුන් තුළ මානසික බලපෑමක් ඇතිකරන්නට හැකි වෙයි කියා හිතන්ටත් බැහැ..
Deleteඑහෙනම් මව, පියා හෝ රහතුන් මැරීම ආනන් තර්ය පාප කර්ම ලෙස දක්වා ඇත්තේ ඇයි? ඔබේ තර්කය ට අනුව මවට පියාට හෝ රහතුන්ට ද ඇත්තේ එකම පන බැවින් වෙනත් හාල් මැස්සෙක් මැරීමට සමාන වේ !
Deleteමම බොහොමයක් මස් වර්ග කන්නෙ නෑ..ඒත් කන අයට එපා කියන්න නම් යන්නෙ නෑ..ඒ එක් එක් අයගෙ කැමැත්ත නෙ..ලංකාවෙ ගව ඝාතනය නවත්වන්න කිව්වත් ඒක කොහොමවත් පුයෝගික දෙයක් කියල හිතන්න අමාරුයි..තම තමන් ඉන් වැළකුණා නම් යම්තාක් දුරට හරි එය අඩු වේවි..මම ත් අද මීට සබැඳිය හැකි කවි පන්තියක් බ්ලොග් කළා..මෙහි සබැඳි පළකළ හැකි දැයි දන්නේ නැහැ http://chamikaya.blogspot.com/2013/09/blog-post_5.html
ReplyDelete(පළකළ නොහැකි නම් ෙකාෙමන්ටුව පිළිබඳ සමාව අයදිමි
ලැම්බා කියන්නේ ඔබ ලැම්බර්ට් කෙනෙක්ද?
Deleteලින්ක්ස් දාන්නේ මෙහෙමයි.
Deletehttp://chamikaya.blogspot.com/2013/09/blog-post_5.html
!
නම පමණි..නමේ හැටියට වැඩ නැත..
Deleteසබැඳි දමන‘යුරු කියා දුන්නාට තුති :)
''හරකුන් වද දී මරනු දැක අප බොහෝ දෙනෙක් මා මුලින් දැක්වූ පරිදි කම්පා වුවද, පසුගිය දිනක බ්‍රිතාන්‍යයේ "චැනල් ෆෝ" නමැති නාලිකාවෙන් මිනිසෙක් ගසක බැඳ පිහියකින් කපනු සහ ඉන්පසු ඔහු මරා දමා තිබෙනු දැක කම්පා වූයේ අප කීයෙන් කී දෙනාද? අප බොහෝ දෙනෙකු දේශප්‍රේමී කඩතුරාවක් අස්සේ සැඟවී, තම හෘද සාක්ෂියට මුකවාඩම් බැඳ, ස්වයං මුළාවකින් සිත රවටා ගෙන, සිද්ධාර්ථ ගෞතම ලා, ධර්මාශෝක ලා, මාටින් නීමොලර් ලා කියූ වදනක් හෝ නොදන්නා සේ ඉඳිනු දැකීමට ලැබීම අප කළ අපරාපරියවේදනීය කර්මයක පටිසන් දීමක් යැයි සිතමි.''
ReplyDeleteකකා,
ඔබ ඔය කියන්නෙ සාමාන්්‍ය මිනිසුන් ගැනනේද? ඕක මොකක්ද ?88/89දි තරුණයන් මරා පාරවල් දිගේ පුළුස්සන කොට කටපුක වහගන හිටපු අපේ මහානයක හිමිවරු ,තරුණයන් මරලා ඉවරවුන ගමන් ආණ්ඩුවට විරොධයපානව.මොකකටද?කැම පිණිස මිරිදිය මසුන් ඇති කිරිමට විරුද්ධව. අන්තිමට 90 වසර මුලදි ප්‍රෙමදාසගේ ආණ්ඩුව මිරිදිය මසුන් කැම පිණිස ඇති කිරිම තහනම් කරනව.
A.Fernando