Saturday, 21 September 2013

ජුකී තරුණිය හෙවත් සුරඟන කුමරිය ගේ වාසනාව - September book review series continues...



"මිල්ස් ඇන්ඩ් බූන්" කියලා ඉංගිරිසි නවකතා පොත් වර්ගයක් තියෙනවා. පත්තර කඩදාසිවල ලාබෙට ප්‍රින්ට් කරලා වර්ණවත් කවරයක් එක්ක එන මේ පොත් හැම එකක ම වගේ තියෙන්නේ සරල ආදර කතන්දර කියලයි කියවෙන්නේ. අර කොල්ල පෝසත් කෙල්ල දුප්පත්, කොල්ල දුප්පත් කෙල්ල පෝසත් යනාදී විවිධ වර්ගවලට අයිති පෙම් කතන්දර, දන්නවනේ? අන්න ඒ වගේ එව්වා!

මං සෑහෙන කාලෙකට කලින් මේ ජාතියේ "මිල්ස් ඇන්ඩ් බූන්" පොතකින් පිටු කිහිපයක් කියෝලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ පොත් ලියවෙන්නේ, මාකට් වෙන්නේ කාන්තා වෙළඳ පොල අරමුණු කරගෙනයි.

මේ ජාතියේ කතා වලට සිංහලෙන් "මල් කතා" කියල කියන්න පුළුවනි. මෙතනදී මල් කියන්නේ ගෑල්ළමයි සම්බන්ධ නිසයි, අර මල් පාත්තිය, මල් කඩනවා යනාදී යෙදුම්වල එනවා වගේ.

මං දන්න තරමින් ලංකාවේ "මල් කතා" විශාල ප්‍රමාණයක් මුද්‍රණය වෙනවා. මං එකක්වත් කියවලා නැති වුණත් සුජීව ප්‍රසන්න ආරච්චි සහ චන්දි කොඩිකාර ලියපු නවකතා මේ ගොඩට අයිතියි කියලයි කියවෙන්නේ.

"චාතුර්යා" කියන සෙට් එකෙන් නම් පොත් හතරක් ද කොහෙද මං කියෝලා තියෙනවා. ඒකත් මල් කතාවක්. මල් ම මල්. ටෙලියකුත් ආව නේද?

මල් කතාවලට මාකට් එක හොඳයි කියලා දැනගෙනද කොහෙද සමන් දිසානායක කියන ලේඛකයාත් මල් කතාවක් ලියන්න උත්සාහ කරලා තියෙනවා.

මෙන්න ඒ "සුරඟන කුමරිය" කියන නවකතාව ගැන කෙරුණු විචාරයක් සාහිත්‍ය මාසය වෙනුවෙන් අද පලවෙන පොත්-කතන්දරය විදියට.


"සුරඟන කුමරිය", පලපුරුදු නවකතාකරුවෙක් වන සමන් දිසානායක ගේ හත්වන ප්‍රකාශිත නවකතාවයි. මෙය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. ඔහු මින් පෙර රචනා කළ "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "රන්දෙනිගල සිංහයා", "දුරුතු සිහිනය" සහ "ලන්සි කෙල්ල" යන නවකතා ලංකාවේ පාඨකයින් අතර ජනප‍්‍රි‍්‍රයත්වයට පත්වූ අතර එමගින් සිංහල සාහිත්‍යයට වැදගත් සම්මාදමක් ද කෙරුණු බව මගේ අදහසයි. ඒ සමන් දිසානායක විදේශ රටක වෙසෙමින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකු වීම නිසා, තමන් ගේ කෘතිවල අන්තර්ගතය මගින් ඔහුට පාඨකයා වෙත ඉදිරිපත් කරන්නට හැකි සුවිශේෂී කරුණු නිසා ය.

"සුරඟන කුමරිය" නවකතාව ගෙතී ඇත්තේ ගම්බද දුප්පත් තරුණියක වූ තේලණී ගේ විවිධ හැලහැප්පීම්වලට බඳුන් වුණු ජීවිතය වටා ය. පවුලේ කරදර මැද අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා රැකියාවක් සොයා යන ඇයට අවසානයේ නොසිතූ ලෙස වාසනාව උදාවෙන අයුරු මේ නවකතාව තුලින් සමන් දිසානායක තම සුපුරුදු භාෂා විලාසයෙන් සහ ඔහුට ආවේණික වූ ඇඹරුම්-පෙරළුම් සහිත රටාවෙන් පාඨකයාට ඉදිරිපත් කරයි.

සමන් දිසානායක ගේ සුරඟන කුමරිය නවකතාවට ලූනු ඇඹුල් ඇතුලත් කරන අනෙකුත්  අංග අතර කලක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිට පසුව ශ‍්‍රී ලංකාවේ ධනපති කර්මාන්තශාලා හිමියෙක් බවට පත්වෙන්නෙක්, ඔහු ගේ අනියම් සම්බන්ධතාවයක් සහ අවජාතක දරු දෙදෙනෙක් මෙන්ම එවැන්නෙක් ඇත්දැයි එතෙක් නොදැන සිටියද, තම සැබෑ පියා සමග තේලනී අවසානයේ එකතුවන අයුරු ද වේ. මේ සියල්ල ජනප‍්‍රිය නවකතාවක සාමාන්‍ය වට්ටෝරුව සමතික‍්‍රමණය කරන්නා වූ අංග වේ යැයි මම සිතමි.

සමන් දිසානායක මට පැවසූ පරිදි "සුරඟන කුමරිය" නවකතාව ඔහුගේ ලේඛක දිවියේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එයට හේතුව නම් ඔහු අතින් මෙතෙක් කල් නිරායාසයෙන් කෙරුණු ප‍්‍රභන්ධකරණයෙන් මදකට බැහැර වී සමන් දිසානායක මේ "සුරඟන කුමරිය" කෘතිය ශ‍්‍රී ලංකාවේ සිංහල නවකතා පාඨක පිරිසේ වැදගත් අනුඛණ්ඩයක් වන තරුණ වැඩිහිටි වයසේ කාන්තාවන් ඉලක්කකොට ගෙන සුවිශේෂයෙන් නිර්මානය කිරීමයි.

ගම්බදව ගෙවෙන තේලණී ගේ ළමා ජීවිතය, ඇගේ නගරාගමනය සහ රැකියාව මේ පාඨක පිරිසට කෙලින්ම සමීප විය හැකි ඒවා බව පෙනේ. එසේම, වඩාත් සාර්ථක, ආර්ථික වශයෙන් සුඛිත මුදිත ජීවිතයක් පිළිබඳ සදාකාලීක අපේක්‍ෂාවෙන් කාලය ගතකරන එකී පාඨක පිරිස ගේ ඒ දැඩි අපේක්‍ෂාවන් දිගින් දිගටම නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික ශක්තියද මෙවැනි නවකතාවක් කියවීම තුලින් ලැබීමට ඉඩ ඇත. එය පවතින තත්වය තුල එක්තරා සමාජ සේවයක් ලෙස සැළකිය හැක.

එපමණකුදු නොව ඒ අහිංසක යුවතියන් ගේ ශ‍්‍රමය සූරා කන ධනපතියන්ද, ඔවුන් ගේ රූකඩ ලෙසින් රට කරවන පාලකයින් ද අපමණ සතුටට පත්වෙනු නිසැකය.

මේ නවකතාව පෙර කී පාඨක අණුඛණ්ඩය ඉලක්ක කොට ගෙන අද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශයට පත්වන අනෙකුත් නවකතා අතර තරගකාරී එකක් වෙන බවට සැකයක් නැත. "සුරඟන කුමරිය" ලිවීමෙන් සමන් දිසානායක අදහස් කළේ මල් කතාවක් ලිවීමට නම් ඔහුගේ උත්සාහය සාර්ථක වී ඇති බව කිව යුතුයි.

මේ නවකතාව සඳහා සමන් දිසානායක යොදා ඇති "සුරඟන කුමරිය" යන්නෙන් ඔහු අදහස් කළේ නවකතාවේ අන්තර්ගතය තුල අඩංගුව ඇති පරිදි "ෆෙයරි ප‍්‍රින්සස්" යන අරුත දීමට නම් එය "සුර කුමරිය" ලෙස නම් කළ යුතුව තිබුණේ යැයි මට සිතේ.

සමන් දිසානායක නවකතාකරුවෙක් පමණක්ම නොවේ. ඔහු ලියූ කෙටිකතා සිංහල සඟරාවල පලවී ඇති අතර, ඕස්ටේ‍්‍රලියානු සිංහල සංක‍්‍රමණික අත්දැකීම් රැගත් "තිරස තරණ" කෙටිකතා සංග‍්‍රහයේ ද ඇතුලත් වුණි. සමන් ගේ කාව්‍ය නිර්මාණයන් ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ සැකසුණු "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහයේ පලවිය. ඔහු ගේ ගී රචනා සිඞ්නි නුවර වෙසෙන ගායකයින් ගේ හඬින් ගැයෙනු ඇසේ. විවිධ ඓතිහාසික කරුණු ගැන ද සමන් සඟරාවලට ලිපි රචනා කර ඇත. ඔහු නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කෙරෙන "සිංහල" සඟරාවේ හිටපු සංස්කාරයෙකු ද වේ. මෙලෙස සිංහල ලේඛන කලාවේ සියළුම අංගයන් හි තම දස්කම් දක්වා ඇති සමන් දිසානායක වැනි පුරෝගාමී ලේඛකයින් ඕස්ටේ‍්‍රලියාව තුලින් බිහිවෙන නවක ලේඛකයින්ට මහත් වූ ශක්තියක් බව මගේ අදහසයි.

සිඞ්නි මහ නවකතාකරු සමන් දිසානායක අතින් තව තවත් නිර්මාණ බිහිවේවා යැයි අවසාන වශයෙන් පතමි.


-කතන්දරකාරයා

ප/ලි:
අවුරුදු තුනකට විතර කලින් මං කරපු "පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි ද? දුප්පත් කෙල්ලයි පෝසත් කොල්ලයි ද?" නවකතා වර්ගීකරණය ගැන සමීක්‍ෂණයේ ප්‍රථිපල ගැන විස්තර මෙතනින්.
http://kathandara.blogspot.com/2010/06/blog-post_01.html


42 comments:

  1. දැන් නම් බිසී, පස්සේ එන්නම්!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. \\\සමන් දිසානායක ගේ සුරඟන කුමරිය නවකතාවට ලූනු ඇඹුල් ඇතුලත් කරන අනෙකුත් අංග අතර \\\\

      අහ්හ් මෙහ් තියෙන්නේ මම අර කියපු ජාතියේ ආරුම්බුල් ....

      Delete
    2. අපි නම් කියන්නෙ ආරළු බුරුළු කියලා....

      Delete
    3. වෙබ් ඉතිහාසයේ මුල්වට මේ ආරුම්බුල් කියන වචනය භාවිතා කර ඇත්තේ සයිලන්ට්සහන් විසිනි!

      Delete
    4. මාත් දැක්කා ..විලිලජ්ජාවේ සන්තෝසේ බැහැ.. ඇත්තටම ඔහොම වචනයක් නැද්ද ඒ කියන්නේ ...? අපි බලමු හැලපේ , නලින් ගෙන් අහලා...


      ස්තූතියි ඇනෝ...

      Delete
  3. අද චන්දෙ නිසා ඔබට වෙලාව මාරු උනා ද...?
    එහෙම නැත්නම්.....

    ReplyDelete
    Replies
    1. අහෝ , කිම මේ !!!

      අප්පමාදෝ අමත පදං
      කෙන්ජි බීල හතර වරං
      නැගිට ගන්න බැරුව උදෙං
      හතර උනා නේද මචං

      Delete
    2. @ Kenji
      වැඩ අධික සිකුරාදා හැන්දෑවක් සහ සෙනසුරාදා දවසක්!

      Delete
  4. අනේ සහෝ කතන්දරේ කියවන්න තරම් වෙලාවක් නෑ.ඔන්න ඇවිත් බලලා කමෙන්ට් කළා.ජය වේ..

    ReplyDelete
    Replies
    1. ගානක් නැහැ , හැමෝම මෙතෙන්ට එන්නේ කොමෙන්ට් කරන්න , කොමෙන්ට් කියවන්න මිසක්ක කකා ගේ ලිවිල්ල කියවන්න නෙවේ නෙව !

      Delete
    2. @ Roshan
      කියෙව්නේ නැත්තේ මොකක්ද? පොත ද?
      එතකොට බැලුවේ මොකක්ද? කතන්දරේද? රූප දෙකද?

      Delete
  5. පොත කියවා බලා ම කොමෙන්ටුවක් කොටන්න තිබුණානම් හොඳයි

    දැන් හුඟක් ටෙලි වල යන්නෙත් දුප්පත් පෝස්ත් ගැටුමනේ

    ReplyDelete
    Replies
    1. කෙල්ල දුප්පත්/පෝසත් කොල්ලා පෝසත්/දුප්පත් වුනු පලියට ම ගැටුමක් නෑ!

      Delete
  6. කකා තාම ඉන්නව කියලා දැන ගත්තු එක ගැන සංතෝසයි. මං හිතුවෙ ඊයේ මහ සොහොන් පිල්ලිය හරි සමරසේකර උන්නැහේගේ දෙයියා හරි ඇවිල්ලා බෙල්ල මිරිකයි කියලයි. බලාගෙන යනකොට උන්ට එච්චර බලයක් නෑ. මාර්ග නීති කඩලා කොච්චියන් ඇල්ලුවාම බේර ගන්නයි, බැටරි චාර්ජ් එකෙන් කාර් දුවවන්නයි විතරයි පුළුවන්. මොනවද බං මේ දෙයියෝ? මෙහම දෙයියන් නම් පොල්පිත්තෙනුත් කපා ගන්න පුළුවන් අපට.

    ReplyDelete
    Replies
    1. පුතා... මොන දෙයියො උනත් තමන්ගෙ අවයව පරිස්සම් කරගන්න කැමතියි..... කකා දෙයියො කියලා බලන එකක් නෑ.... දෙන දෙයියො ගෙට ගෙනවිත් දෙනවා කියලා දෙයි......

      Delete
    2. මං තියා මගේ හතුරෙක් වත් කකා ගාවට රෑ පානේ යවන්නේ නෑ මචං. පුක (© කකා ) ඉන්සුවර් කරන පැකේජ් එකක් තියෙන කොම්පැනියක් තියෙනවා නම් දන්නා කෙනෙක් කියපන් .. හරි වටිනවා මේ වගේ වැඩ වලට යද්දී !!

      Delete
    3. ඇයි බං උඹේ වශී රත්නය ඉන්ෂුවර් කරලා දෙන්නෙ නැද්ද?

      Delete
    4. ජෝතියට කියලා හොද වෙලාවක් බලවන් එලියට බැහැපන්....... ආයෙ මාරයා (ම.රා.පු. දෙ. මා. නෙවෙයි ) ආවත් පරද්දන්න බෑ...... ජොතියා නැකතට ඉන්දුව පොල් ගහක් තියෙනවා උන්ගෙ ගෙදර ගහ තුනට බෙදිලා තුනේම ගෙඩි..... ලොරිය ගහයටට පාක් කරලා තමයි පොල් කඩන්නෙ.... ලොරියෙන් එකයි පොල්....

      Delete
  7. කතා කියවලා තියෙනවද හැරල්ඩ් රොබින්ස් ගේ පොත්... ඒ ගැන ලිව්වොත් මොකද.. මේ මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා..

    ReplyDelete
    Replies
    1. පොත් නයා..... මේකත් හරියට කන්ට්‍රි මියුසික් වගේ තමයි...

      Delete
    2. දැන් ඔයා ඉංගිරිස් පොත්ද කියවන්නේ? හැබැයි තාම බග්-ෆියට් එකට කියන්නෙ බක්-ෆියට් කියලා.

      Delete
    3. @ Maathalan
      මං හැරල්ඩ් රොබින්ස් ගේ එක පොතක් කියවා තියෙනව, දැන් අවුරුදු 20 කට පමණ කලින්. නම අමතකයි. අර ඇඩල්ට්ස් මැගසින් එකක් කරන පොරකගේ කතාව.

      බෙට්සි කියන මූවි එකේ පොත ලිව්වේත් රොබින්ස් නේද?

      Delete
  8. මට නම් හොද වෙලාවට මල් කතා අරහන්. ඒ හින්දා අවුලක් නෑ. වැරදිලාවත් මේ පොතක් අතට ගැනෙන්නේ නෑ.

    ReplyDelete
  9. මේ පොතත් කියවලා නෑ. මට ඔය නොකියවපු පොත් ටිකක් හොයාගන්ට ඕනි.:(

    ReplyDelete
  10. කියවන්න බැරිවුණු තව කොච්චර ඇත්ද ...?

    ReplyDelete
    Replies
    1. මට නම් තාම කියවන්න බැරි වුනේ පන්සීය පනස් ජාතකේ විතරයි.

      Delete
    2. කියවලා තියෙනවද හැරල්ඩ් රොබින්ස් ගේ පොත්..

      Delete
  11. ඕලු පොත ගැන මගේ යාළුවෙක් කරපු වර්ණනා අහල මම ඒ පොත් ටික කියෙව්වා..අන්තිම වෙද්දී මාර කම්මැලියි...පිටු ස්කිප් කරලා අවසානෙට ආවේ. චාතුර්යා කියවන්න පටන් ගත්තා ඒත් කම්මැලි හිතුනා. අර twilight පොතුත් එහෙම්මම තමයි. මොකක් හරි හේතුවක් නිසා ටිකක් කියවද්දී මට ඒකෙ කෙල්ලට කනට දෙකක් ගහන්න හිතුන නිසා :(

    mills & boon කියවල නැහැ... බාබරා කාට්ලන්ඩ් නම් දෙක තුනක් කියෙව්වා...ලංකාව පසුබිම් කරගත්ත පොතක් තියෙනවා එයාගේ moon over eden ද කොහෙද නම. ඔය මල් කතන්දර එකක් කියෙව්වම මට අවුරුදු දෙක තුනකට ආයිත් ඒ වගේ එකක් කියවන්න හිතෙන්නේ නැහැ. හරියට සීනි කිලෝ පහක විතර තේ එකක් බිව්වා වගේ!!!

    ReplyDelete
    Replies
    1. මාත් එක පාරක් ඩැනියෙල් ස්ටීල් පොතක් කියවන්නට පටන් අරගෙන මාර දුකක් වින්දා!

      Delete
  12. මේක පෝස්ට් එකට අදාල නොවුනත් කකා ගෙන් අහන්න හිතුන. වෙන අහන්න කෙනෙක් නෑ, හිටියත් මේ වගෙ කෙලින්ම අහන්න නිදහස දීල නෑ. අනිත් එක මෙච්චර මඩ අනෝ කමෙන්ට් යද්දි ඇහුවට මක් වෙනවද?. http://www.youtube.com/watch?v=IAjMLH9Tj5U
    මේ ලින්ක් එකේ තියෙන්නෙ ලඟඳි ම්ට අහම්බෙන් දකින්න ලැබුන වීඩියෝවක්. කකාත් මේ ගායිකාව ගැන මීට පෙර ලිපියක් පලකරල තිබුන. මේ දෙසොහුයුරියන්ගෙ මන බඳින ගායනා විලාශය නිසා මට නැවතත් අමතකවෙලා තිබුන පරන ක්ලැසික් සින්දු ටිකක් අහන්න හිතුන එයිනුත් සිත්ගත් ගීතය උනේ මේ ගීතය ඉතින් මං කතන්දරගෙන් ඉල්ලන්නෙ මේ ගීතයේ තේරුම පහදල දෙන්න කියල මොකක්ද මේ ලවන් ඔඩම කියන්නෙ?
    ගීතයේ ශබ්දාලංකාරය නිසා තේරුම් නොගියත් අහන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. “ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ“ - මෙහි ලවන් කියන්නේ දෙතොල් කියන එක

      (පැනල දෙනව නම් සමාවෙන්න)

      Delete
    2. සැබෑ මලක සුවඳ කඩදාසි මලකින් විඳින්න බෑ.මෙන්න ඔරිජිනල් ගීතය
      රසවිඳින්න

      Delete
    3. ඔඩම කියන්නේ සුරා බොන බඳුන කියන එකයි. ගීතයේ මේ පදයේ අදහස තොල්වලට කිස් කරනවා කියන එක මිස වෙන එකක් නොවේ!

      Delete
  13. කකා මේක පහදන්න. මටත් තව ටිකක් රෑ වුනොත් පුළුවන්. ඔය ලවන් ඔඩම කියන්නේ තොල් නමැති මධු බඳුන (වයින් ග්ලාස්) මා හිතන්නේ. මේවා අහන්න තොල් කෙසේ වෙතත්, මධු බඳුනක් නම් ඕනේ කරනවා>

    ReplyDelete
    Replies
    1. අද ඉරිදා. මං හෙටත් නිවාඩු. ඒත් පොඩි පානයකින් (amber) නැවතුනා!

      Delete
  14. "මේ නවකතාව සඳහා සමන් දිසානායක යොදා ඇති "සුරඟන කුමරිය" යන්නෙන් ඔහු අදහස් කළේ නවකතාවේ අන්තර්ගතය තුල අඩංගුව ඇති පරිදි "ෆෙයරි ප‍්‍රින්සස්" යන අරුත දීමට නම් එය "සුර කුමරිය" ලෙස නම් කළ යුතුව තිබුණේ යැයි මට සිතේ. "
    මට නම් හිතෙන්නෙ ඒ වචනයෙන් අර්ථය වඩාත් තීව්‍ර කරනවා කියලා...

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නම්:
      සුරඟන = සුර + අඟන = සුරලොව ගැහැණිය

      Princess යන අරුත නැතිවෙනවා ගැහැණිය කිව්වාම.

      ඔබ මේ නවකතාව කියෙව්වාම එය ගැහැණියක් ගැන නොව කුමරියක් ගැන බව තේරේවි.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.