Friday 13 September 2013

ආනන්දෙට ඇතුලත් වීමේ විභාගයට "ඩ්‍රැකියුලා ගේ මනාලියෝ" පොත ගැන රචනයක් ලියූ කොල්ලා! - Dont judge a book by its cover!


සුසන්ත සුරන්ජිත් සහ මා මරදානේ ආනන්ද විද්‍යාලයේ දහයේ පන්තියට ඇතුලත් වූයේ එකට ය. එදා අපත් සමග අඩු වශයෙන් සිසුන් හැත්තෑ පස් දෙනෙක් පමණ පිරිසක් විදුහලට බඳවා ගත්තේ යැයි සිතමි.

අපේ පන්තිවල, නාත්තණ්ඩියේ සිට තෙලිජ්ජවිල දක්වා ද, පස්සර සිට කටුගස්තොට දක්වා ද විවිධ පාසල්වලින් පැමිණි සිසුහු වූහ. සුසන්ත එහි පැමිණ සිටියේ මීගමුව ප්‍රදේශයේ පාසලකිනි. මා ඊට පෙර වසරේ උගත්තේ ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි මධ්‍යම විද්‍යාලයේ ය.

රටේ නොයෙකුත් පලාත්වල පිහිටි පාසල්වල ඒ දක්වා ඉගෙන ගත් අප මෙලෙස කොළඹ පාසලක ඉගෙනුම ලබන්නට පටන් ගත්තේ ඊට පෙර වසර අවසානයේ පැවති ආණ්ඩුවේ විභාගයෙන් අප ලද උසස් ප්‍රතිඵලවල ආනිසංශයෙන් බව කිව යුතුය.

පසුව මා සුසන්ත සූන්ජිත්ගෙන් දැන ගත් පරිදි, මේ සාර්ථක වී තිබුණේ ඔහු ගේ පියා සුරංජිත්ව ආනන්ද විද්‍යාලයට ඇතුලත් කිරීමට දැරූ දෙවන උත්සාහයයි.

දෙවන වාරයේ දී මෙන් නොව, මුල් වාරයේ දී ආනන්දයට ඇතුළත්වීමේ අයැදුම් පත ඉදිරිපත් කළ පසු සුසන්ත සූරංජිත්ට පාසලෙන් පැවැත්වූ පරීක්‍ෂණ විභාගයකට මුහුණ දෙන්නට සිදුවී ඇත.

ඒ විභාගයෙන් සුසන්ත සුරන්ජිත් සමත් නොවුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සුසන්ත මුහුණ දුන් ඒ විභාගයේ එක් කොටසක් ලෙස නියමිතව තිබී ඇත්තේ සිංහල වාක්‍ය රචනාවක් ලිවීමයි. ඒ සඳහා මා කියවා ඇති හොඳම පොත යන්න මාතෘකාව ලෙස යෙදී තිබී ඇත.

මා මිතුරු සුසන්ත සුරන්ජිත් ඉතා පහසුවෙන් එම රචනාව ලියා නිම කළේය.

විභාගයෙන් පසු නිවෙස කරා යාමට මරදාන දුම්රිය පොළට සිය පියා සමග පා නගන ගමන් ප්‍රශ්ණ පත්‍රය ගැන කතා බහ කරමින් සුසන්ත මේ රචනාව ගැන සිය පියා දැනුවත් කළේය.

"ඉතිං, පුතා මොන පොත ගැනද ලිව්වේ?" තාත්තා විමසීය.

"මම ලිව්වෙ තාත්තෙ "ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ" පොත ගැනයි!" සුසන්ත පිළිතුරු දුනි.

සිය පියා තම හිසේ අත ගසා ගත්තේ ඇයි දැයි එවේලේ පුතාට තේරුණේ නැත.

අනිවාර්යෙන් ම එම ප්‍රශ්ණ පත්‍රය සෑදු ගුරුවරයා මෙන්ම පිළිතුරු පරීක්ෂණය කළ ගුරුවරුන් ද අපේක්ෂා කරන්නට ඇත්තේ විභාගයට පෙනී සිටින සිසුන් එක්කෝ මාර්ටින් වික්‍රමසිංහ ගේ "මඩොල්දුව" ගැන හෝ නැත්නම් ටී.බී ඉලංගරත්න ගේ "අඹ යහළුවෝ" ගැන හෝ අඩු තරමේ ටී.බී ඉලංගරත්න ගේ "විලම්බීත" ගැන හෝ රචනා ලියාවි කියා විය යුතුයි.

සුසන්ත සුරන්ජිත් එදා උගත් පාඩමෙන් වැඩක් වී නොතිබුණි. ඒ දෙවනවර වදුහලට ඇතුලත් කර ගැනීමේදී, මා කලින් සඳහන් කළාක් මෙන් අළුතින් පරීක්‍ෂණ නොපැවැත්වුණු හෙයින් වාක්‍ය රචනා ලිවීමක් සිදු නොවුණු හෙයිණි.

එදා සුසන්ත ලියූ "ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ" රචනය කියවා ඔහු අසමත් කළ ගුරුවරයා නොදැන කළ වරද වූයේ සුප්‍රකට ඉංගිරිසි කියමනක් වන "Don't judge a book by its cover!" යන්න අමතක කිරීමයි.

ආනන්දයේ උසස් පෙළ හැදෑරීමෙන් අනතුරුව පසුව කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ උගත් ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ රසිකයා අද වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

උපාධි ප්‍රදානෝත්සව දිනයන්හි දී නම් ඔහු තවමත් ඩ්‍රැකියුලා මෙන් ඇඳුමෙන් සැරසෙන බව නිසැකය.

-කතන්දරකාරයා

ප/ලි:
සුසන්ත මෙන් ආනන්දයේ එකී විභාගයට පහේ පන්තියේ සිසුවෙකු ලෙස මා එදා මුහුණ දුන්නේ නම් වාක්‍ය රචනාව ලියවෙන්නට ඉඩ තිබුණේ ගුණදාස ලියනගේ ගේ "මුළු හදින් මම ඇයට පෙම්කොට" නමැති නවකතාව ගැනයි!

(image: http://www.ugo.com/movies/sexy-vampires-draculas-brides)

86 comments:

  1. ඔබ ඒක ගැන ලිව්වනම් සුසන්තට වුන එකේ අනිත් එක තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිත් එක කිව්වෙ කොයි එකද දන්නෑ නේ.

      Delete
    2. කට වහරෙ එන විදියට කිව්වෙ කොල්ලො.
      ඇයි අවුල් ද?

      Delete
    3. මාත් පහේ පන්තියේ දී විභාගයකට ලිව්වා ඒකෙන් තමයි මධ්‍යම විද්‍යාලයට ගියේ.
      නමුත් සිංහල රචනය ලිව්වේ බලු මැක්කා ගැනයි1

      Delete
    4. "බලු මැක්ක"ත් මැක්සා මාර්තුකාවක් තමා.

      Delete
    5. හි හි

      Delete
  2. ඩ්රැකියුලාගේ මනාලියෝ පොත ලියලා තියෙන්නෙත් ආනන්දයේ සිසුවෙක්‌ වුනු ඩීමන් ආනන්ද නේද ?

    ReplyDelete
    Replies
    1. මුල් පොත බ්‍රෑම් ස්ටෝකර්. පරිවර්තනය චන්ද්‍ර අනගිරත්න.

      Delete
    2. ඩීමන් ආනන්දගෙත් පොතක් තියෙනව කකා ඔය නමින්ම... පරිවර්තනයක් වගේ තමයි මතක... එහෙම නැත්තං මුල් පොත ඇසුරින් ලියපු කතාවක් වෙන්න ඕනෙ... මටත් හොඳ වැඩක් උනා ඕක හින්ද 9 වසරෙදි විතර...

      Delete
    3. මම දන්න තරමින් බ්‍රෑම් ස්ටෝකර් ලියල තියෙන්නෙ, 'ඩ්‍රැක්‍යුලා' පොතයි, 'ගෙස්ට් ඔෆ් ඩ්‍රැක්‍යුලා' පොතයි. ඒ දෙකම චන්ද්‍ර අනගිරත්න පරිවර්තනය කරලා තියෙනවා. දෙවෙනි පොත පරිවර්තනය කරලා තියෙන්නෙ 'ඩ්‍රැක්‍යුලා ගේ අඩවිය' නමින්. 'ඩ්‍රැක්‍යුලා ගේ මනාලියෝ' ලියල තියෙන්නෙ ඩීමන් ආනන්ද. මා ළඟ ඔය පොත් තුනම තියෙනවා.

      කකා ගේ මතකය නිවැරදි කිරීමක් විතරයි. තර්ක කිරීමක් නෙවෙයි.

      Delete
    4. එහෙනම් අහන්න දෙයක් නෑ මේ කියන්නෙත් ඩ්‍රැකීයමනෙ

      Delete
    5. ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ පොත පරිවර්තනය කර ඇත්තේ ඩීමන් ආනන්ද බව ඩ්‍රැකී සහ හිරු දෙදෙනාම පවසති.

      Thanks guys!

      මා මේ පොත කියවා නැත. මා කියවා ඇති චන්ද්‍ර අනගිරත් ගේ පොත සමග ටැපලීමක් වී ඇති බව පෙනේ!

      Delete
    6. රසික සූරියආරච්චි ලියු ඩ්‍රැක්‍යුලාගේ මනාලියෝ කතාව නම් මා කියවා ඇත. නොමද ආස්වාදයක් ද ඒ කතාව අඩංගු පොතෙන් ලදිමි.

      Delete
    7. ඩීමන් ආනන්දගේ පොත පරිවර්තනයක් කියලා නම් ඒ පොතේ සඳහන් වෙන්නෙ නෑ. ශෛලියෙ හැටියටත්, පරිවර්තනයක් වගේ පේන්නෙ නෑ. සාමාන්‍ය සුරංගනා කතාවක් වගේ. ඒත්, ඒ පොත සිංහල පොත් අතරේ ලෑන්ඩ් මාර්ක් එකක් වගේ සළකන්න පුළුවන්.

      Delete
    8. මාත් චන්ද්‍ර අනගිරත් ගේ පොත තමයි කියෝලා තියෙන්නේ ..

      Delete
  3. කොහොමද "50 Shades of Grey" ගැන ලීවා නම් එහෙම? :)

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර තියෙනවා, හාමිනේ නං කියෙව්වා. මාත් කියවන්නයි ඉන්නේ.

      Delete
    2. ඒ පොත වැඩියෙන් කියවන්නේ හාමිනේලාලු. :D

      Delete
    3. මං පොඩ්ඩිට ඒක translate කරන්න කියලත් කිව්වා පොඩ්ඩි බෑ කිව්වනෙ

      Delete
  4. ඊයේ පොත්-කතන්දරයේ තිබුණේ එක පොතක් ගැන විතරයි.

    අද ලියූ සාමාන්‍ය කතන්දරයක් දන්නෙම නැතුව පොත් ගැනයි. මේකේ පොත් පහක් ගැන සඳහන් වෙනවා.

    1. ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ (Translation)
    2. මාර්ටින් වික්‍රමසිංහ ගේ "මඩොල්දුව"
    3. ටී.බී ඉලංගරත්න ගේ "අඹ යහළුවෝ"
    4. ටී.බී ඉලංගරත්න ගේ "විලම්බීත"
    5. ගුණදාස ලියනගේ ගේ "මුළු හදින් මම ඇයට පෙම්කොට"

    !!!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ පොත පරිවර්තනය කර ඇත්තේ ඩීමන් ආනන්ද බව ඩ්‍රැකී සහ හිරු දෙදෙනාම පවසති.

      මා මේ පොත කියවා නැත. මා කියවා ඇති චන්ද්‍ර අනගිරත් ගේ පොත සමග ටැපලීමක් වී ඇති බව පෙනේ!

      Delete
    2. මෙන්න නයෙක්
      සාහිත්‍ය මාසේ නිසා මමත් හැකිතාත් සාහිත්‍යයයෙන් ම උදාහරණ අරන් ලිපියක් ලිව්වා.වෙලාව තියෙනව නම් කියවල බලන්න.

      Delete
  5. ඩ්‍රෑකියුලා ගේ මනාලියො රස කරමින් කියවූ බව "හිරු" ලියා තිබුණා!
    http://hirunethihorawa.blogspot.com/2012/11/blog-post_8.html

    ReplyDelete
    Replies
    1. ආහ්.. මේ අහුවෙලා තියෙන්නෙ... හි හි

      Delete
    2. ආහ්..... මොකක්ද අහුවෙලා තියෙන්නේ?
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....

      Delete
    3. This is sexual haresment

      Delete
    4. "Sexual harassment is bullying or coercion of a sexual nature, or the unwelcome or inappropriate promise of rewards in exchange for sexual favors."

      I just repeated her words and asked a question.... Everything is vulgar to vulgar minder....

      Delete
  6. ඒ ගුරුවරුන්ගෙයි, ගම්පෙරලිය පොත නිසා අත් අඩංගුවට ගත්ත උන්ගෙයි වෙන්සක් නෑ නේද..

    කතා කැමති නැද්ද, ගුලීගේ, "තුන් වන සිල් පදය නොකඩමි.." පොතට..

    ReplyDelete
    Replies
    1. කියවලා තියෙනවා. එච්චරම මතකයක් නෑ, මේ අර හාමුදුරුවන් ගේ කතාව නේද?

      Delete
    2. නෑ හුලං විදුලියේ කතාවක්...

      Delete
    3. සීයගෙ කාර් එකේ යන ගමන් නේද ඒ පොත කියෙව්වේ....

      Delete
    4. ඒ කාර් එක තාත්තගෙ බං...

      Delete
    5. ඇත්තද...
      ඔයා ගියේ රෝයල් එකට නේද?
      කන්ට්‍රි මියුසික් නේද අහන්නෙ?
      සුද්දො එක්ක නේද වැඩ?
      තව නයි නැද්ද?

      Delete
    6. ඉතින් උඹලට ඒවා නැති උනා කියලා මම මැරෙන්නය...

      Delete
    7. අපිටත් තියනවා මචන්.... ඒත් අපි අරමයි මේමයි කියලා උඩ පනින්නෙ නෑ....

      Delete
    8. @ Maathalan

      මාතලන්ටත් ටැපලිලා වගේ.

      ගුවන් විදුලිය ගැණ කතාව දෝන කමලාවතී.

      තුන්වන සිල්පදය නොකඩමි කියන්නේ සාදු කෙනෙක් එක්ක සෙට් වෙන්න එන කූගර් නෝනා කෙනෙක් සම්බන්ධ කතාවයි.

      Delete
    9. ගුවන් විදුලියේ කතාව දෝන කමලාවතී ඒකෙ තමා ඒකනායක අයියා එහෙම ඉන්නේ. සත්‍ය කතාවක් ආරුඩ නම් ඇතිව ලියැවුණු.

      Delete
    10. දෝන කමලාවතීනම් කියවා ඇත...

      Delete
    11. අන් සියලු සිල්පද කැඩුවත් ඒ චීවරධාරියා තෙවැනි සිල්පදය කඩන්නේ නැහැ. සිරාම අවසානයක් තියෙන්නෙ.

      Delete
  7. සිංහල පොතක් අතට අරගෙන පිටු පෙරලා පෙරලා බලන්න උනේ නැ මට දැන් අවරුදු 5කින් .....

    ReplyDelete
    Replies
    1. හිරේ ද ඉන්නේ?
      හිරේත් තියෙනවා නේ පුස්තකාල!
      ඔහොම වෙන්නේ කියවන්ණ කැමත්තක් නැති නිසයි.

      Delete
    2. නැ කකා මම කිව්වේ සිංහල පොතක්.....

      Delete
    3. ලංකාවට ගියේ නැද්ද අවුරුදු පහටම?

      අනේ මන්දා?

      Delete
    4. @ රාළේ.......ලංකාවට ආපුවහම උඹට අනිත් හැම මගුලක්ම කරගෙන යන්න පුලුවන්නම් මොකද යකෝ සිංහල පොත් ටිකක් අරගෙන යන්න බැරි?

      Delete
    5. http://www.sinhalaelibrary.com/sinhala%20novels.html

      Delete
  8. //එදා අපත් සමග අඩු වශයෙන් සිසුන් හැත්තෑ පස් දෙනෙක් පමණ පිරිසක් විදුහලට බඳවා ගත්තේ යැයි සිතමි.//

    මෙව්වා ටොම් පච.... කකා පැරෂුට් ඩයල් එකක්......

    ReplyDelete
    Replies
    1. සිරා සිරා.. ආනන්දෙට එහෙම කටිය ගන්නවා අඩුයි. කකා එන්න ඇත්තේ දේශපාලන ඇඳුනුම්කමක් උඩ !

      Delete
    2. මේ වගේ සිංහල ජාතියට නිගාදෙන... ආගමට අපහාස කරන පොරක් ආනන්දෙන්ම බිහිවීම නිකන් අදහන්නත් බෑ වගේ.....

      Delete
    3. \\\මේ වගේ සිංහල ජාතියට නිගාදෙන... ආගමට අපහාස කරන පොරක් ආනන්දෙන්ම බිහිවීම නිකන් අදහන්නත් බෑ වගේ.....\\\

      මේවට නම් හිනා යනවා කකා..:)

      Delete
    4. I went to the same school for 12-13 years.
      In my view: ආගමට අපහාස කරන = Bodu Bala Sena and other intolerant fanatics!
      සිංහල ජාතියට නිගාදෙන = JHU and other hypocritical power hungry politicians!
      No intention of getting in to a debate here with the "patriotic guardians of "Sinhala" Buddhism". You can never win arguments with the illogical! It's just that i'm very happy to see that tolerant, logical, informed and liberal old Anandians like KK exist!

      Delete
    5. @ Pra Jay
      ඔයා වීර පුරන් අප්පුගෙ මී මුණුබුරෙක්ද?

      Delete
    6. @ Anonymous September 13, 2013 at 8:14 AM
      දැන් ඔහේද එදා ඉස්කෝලෙට ගියේ මං ද?
      හැත්තෑ පහක් කිව්වේ 10-7, 10-8 සහ 10-9 පන්තිවලට අළුතින් ආ ගැනයි.

      Delete
    7. නෑ, නෑ එයා ඔල්කොට් තුමාගෙ මී මුණුබුරෙක්. ඒකෙනෙ මේ හිංගල බ්ලොග් එකේ ඉංගිරිසියෙන් ලියන්නෙ.

      අපේ බ්ලොග් ලෝකෙ කී දෙනෙක් ඉන්නවාද පිටරට ජීවත් වන, ඒත් හොඳ සිංහල වලින් ලියන? පිරුණු කලේ දිය නොසැලේ :)

      Delete
    8. මටත් ඇනෝ සිංහල බ්ලොග් වල ඉංගිරිසියෙන් ලිවීමයි, සිංහල ඉංගිරිසි අකුරු වලින් ලිවීමයි කියන දෙකම පෙන්නන්න බැරි දෙකක් (මොකද මලලසේකරව හොයන්න වෙනවා). ඒ නිසා මේවා මා කියවන්න වෙහෙසෙන්නෙත් නැහැ.

      Delete
    9. මට නං ඒකේ අවුලක් නෑ, හැකි දාක සිංහල ටයිප් කරන්න ඉගෙනගෙන සිංහලෙන් ලියයි!

      Delete
    10. //හැකි දාක සිංහල ටයිප් කරන්න ඉගෙනගෙන සිංහලෙන් ලියයි//

      WTF.C'mon, it is not rocket science.Having said that, if you are that IT retarded, visit here:
      සිංහලෙන් ටයිප් කරන්න සිංහලෙන් ඉගෙනගම

      ස්ථානය: නමසිය බර ගණන් වල, සැලලිහිනි මාක් මාධ්‍ය ආයතනයක ආපන ශාලාව

      පාත්‍ර වර්ගයා: ටයි නොදාපු - සිංහල , ඉංගිරිසි හොඳින් දත් මහත්තයෙක්, ඒරොප්පෙන් මෑතදී ගොඩ බැහැපු හිටපු සිංහලයෙක්

      දර්ශනය: හිටපු සිංහලයා , බත් මුලක් දිග හැරගෙන, හැන්දෙන් ගෑරුප්පුවෙන් එය කෑමට දරණ උත්සාහය

      ටයි නොදාපු මහත්තයා - කන්නෙ බත් නේද, සිංහල නේද? ඉතිං කන්වකො අතින්

      Delete
  9. //අපේ පන්තිවල, නාත්තණ්ඩියේ සිට තෙලිජ්ජවිල දක්වා ද, පස්සර සිට කටුගස්තොට දක්වා ද විවිධ පාසල්වලින් පැමිණි සිසුහු වූහ.//

    හම්බන්තොට, බෙලි අත්ත, සූරියවැව, මැද මුලන කට්ටිය හිටියෙ නැද්ද?

    ReplyDelete
  10. ඩ්‍රැකිව්ලා ගේ මනාලියෝ කියවීමත් වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වීමත් අතර සම්බන්ධයක් තියෙනවද කකා?

    එහෙම වුනොත් මටත් පුලුවන් වෙයි විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වෙන්න... මොකද මම ඒ පොත වගේම චාටර් බ්ලොග් එකක් බලනවනෙ....

    ReplyDelete
    Replies
    1. තියෙනවා.

      සුසන්ත සුරන්ජිත් පශ්චාත් උපාධියට කෙරුවේ ෆොරෙන්සික් මෙඩිසින්

      Delete
  11. දැන් පොඩි එකෙකුට "මේ දිනවල ඔබ කැමතිම ටෙලි නාට්ටිය" කියල ලියන්න දුන්නොත් මොනව ලියයිද?
    මට නම් ලියන්න තියෙන්නේ. "එහෙම එකක් නැත." කියල විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කොහෙද පොඩි....

      Delete
    2. එයාගේ පොඩියි ලූ... අයියෝ යෝ යෝ

      Delete
    3. මාත් මේ දිනවල යන ටෙලි නොබලමි!

      Delete
    4. @කකා.....රූපවාහිනියෙන් ගිය "අමුතු මිනිස්සු" හොයාගෙන බලන්න, කකාට ඒ ටෙලිය බලන්න නෙමේ කියවන්න පුලුවන් වෙයි.

      Delete
  12. හරි ඉතින් සුසන්ත කැමති පොත ගැනනෙ සුසන්ත ලියල තියෙන්නෙ, සර්ට ඕනෙ පොත මොකක්ද කිය සුසන්ත දන්නවයැ :) ඩ්‍රැක්‍යුලාගේ මනාලියෝ පොත බුක් ෂොප් එකකින් මේ දවස්වල ගන්න පුලුවන් වේවිද?

    ReplyDelete
    Replies
    1. හොර කොපි නම් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න

      Delete
  13. ලස්සනයි ලස්සනයි කියන ගොඩක් දේවල් ගෙයි ගොඩ ගහ ගත්තම ගෙදර තිබ්බ ලස්සන අඩු වෙලා අපිලිවෙලක් ඇති වෙනවා වගේම..

    කකාත්,

    හොඳයි හොඳයි කියලා හිතෙන ගැජට් ගොඩ ගහ ගන්නවා. එතකොට වෙන්නේ බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලා යනවා වගේම බ්ලොග් එකේ බරත් වැඩි වෙනවා. බ්ලොග් එක අපිලිවෙලත් වෙනවා....

    මේ ටික තේරුම් ගන්න බැරි තරම් කකා අඳ බාලයෙක් ද ?

    දැනටම බ්ලොග් එක ලෝඩ් වෙනකොට සෑහෙන රික්වෙස්ට් ගානක් යනවා. ෆයර් බග් ටූල් එක යූස් කරලා ඒක හොයාගත්තේ..

    ප.ලි. - රස්සාවකට යන නිසා මේ පැත්තේ එන්න වෙන්නේ නෑ කකා. සතියට දවස් හයාමාරක් ඩිලිවරි යන්න තියෙනවා. ඉරිදා දවස විතරයි නිදහසක් තියෙන්නේ. ඒ දවස පුරාම පන්ති. පුලුවන් වෙලාවට ඇවිත් කමෙන්ට් දාන්නම්.

    සංගණන ඇනෝ.

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඇත්ත... blog 1 open වෙන්න යන වෙලාව සාපෙක්ෂව ගොඩක් වැඩියි.

      Delete
    2. ඔය කියන තරම් ගැජට් මෙතන නෑ. සින්දු වීඩියෝ කිපයක් සහ ට්‍රෑකින්, වගේ කීපයක් විතරයි.

      අඩුකරන්න බලන්නම්!

      Delete
    3. සම්පූර්ණ රික්වෙස්ට් ප්‍රමාණය 363
      රික්වෙස්ට් ධාරිතාවය 209.4 KB
      ලෝඩ් වීමට ගතවූ කාලය තත්පර 23.83 (onload: 17.89 s)
      ජාවා ස්ක්‍රිප්ට් රික්වෙස්ට් ප්‍රමාණය 27

      සාමාන්‍ය රික්වෙස්ට් එකක ධාරිතාවය ඉතාම කුඩා අගයක් ගනී. මෙවැනි රික්වෙස්ට් විශාල ප්‍රමාණයක් එකතු වී මෙම කිලෝබයිට් 209 සෑදී ඇත.
      මතක තබා ගන්න මේ ඔබගේ බ්ලොගය අදාල සර්වරයට යනව රික්වෙස්ට් ප්‍රමාණය පමණක්ම බව. මෙම රික්වෙස්ට් වලින් ඉල්ලා සිටින දත්ත ප්‍රමාණයේ ධාරිතාවය මෙගාබයිට් ප්‍රමාණයේ අගයයන් විය හැකි බව !

      ජාවා ස්ක්‍රිප්ට් රික්වෙස්ට් ප්‍රමාණය 27කි. ඔබ මෙපමණ ජාවා ස්ක්‍රිප්ට් ප්‍රමාණයක් ඉල්ලා සිටින්නේ බ්ලොග් එකකටද බ්ලොග් කිහිපයකට ද ? මෙය පුදුම එලවන සුළු ය.

      තිර ඡායාරූපයකින් (screen image) උවද නිරවද්‍යතාව ඔප්පු කල හැකිය. අවශ්‍ය නම් දිය හැකිය.
      කකාවේ සුබ සිද්ධිය තකා

      මම
      සංගණන ඇනෝ !

      Delete
    4. මෙන්න මෙම ටූලය ස්ථාපනය කර ඔබම බලා ගන්න.

      https://getfirebug.com/

      ඇනෝවරු අයියෝ සුපියල් පහ ලෙස පවසන කතාව නිවැරදි බව මටද දැන් සිතේ..

      කකාගේ සුබ සිද්ධිය තකා
      මම

      සංගණන ඇනෝ

      Delete
    5. ස්තුතියි සංගණන ඇනෝ,

      මා මෙහි තිබූ ට්‍රැෆික් ගැජට්ටුව සහ තවත් ලින්ක් කීපයක් අයින් කළා. දැන් නම් තියෙන්නේ අවමයක් පමණයි. කරුණාකර නැවත බලන්ණ.

      මා වසරකට පමණ කලින් මේ ආකාරයේ විශාලේෂණයක් කළා.

      ඔබ කියන ෆයර් බග් මට අදාල නෑ, මා භාවිතා කරන්නේ ක්‍රෝම්.

      Delete
    6. //ඔබ කියන ෆයර් බග් මට අදාල නෑ, මා භාවිතා කරන්නේ ක්‍රෝම්.//

      අදාල නැති උලව්වක් ගැන නොවෙය සංගණන ඇනෝ කියන්නෙ. Firebug කියන්නෙ tool එකක්. තමන්ගෙ බ්ලොග් එක කොච්චර බරපතලද කියල දැනගන්න. උඹ නං අං දිග ගෝනෙක්ම තමා.


      <a href="https://chrome.google.com/webstore/detail/firebug-lite-for-google-c/bmagokdooijbeehmkpknfglimnifench?hl=en> firebug for Chrom</a>

      Delete
  14. අන්න මීමුරේ කෙල්ලොන්ව නිකන් අරන් ගිහින් අනාථ කරලා එවන්න හදන්නෙ..... වැඩිහිටියෙක් එක්කන් ගියාට උන්ට ගල් උඩ දුව පනින්න බෑ යකුනේ.... වැඩිහිටියා නවාතැනේ වැඩහිටින වෙලාවෙ අහියා එක්ක කැලේ රින්ගලා රියැලිටි ෂෝ එකට පැටව් එක්ක තමයි යන්න වෙන්නෙ.....

    ReplyDelete
  15. මාත් ස්කෝලෙන් අයින් වෙනකොට පොතක් බාරදීල තිබුනෙ නැහැ.. මතක විදියට ඒක පියදාස සිරිසේනගේ වාසනාවන්ත විවාහය නොහොත්...... කියල පොතක්..

    ReplyDelete
    Replies
    1. ජයතිස්ස සහ රොසලින්

      Delete
    2. මං අහලා තියෙනවා කතාවක් අවුරුදු 50කට විතර පස්සේ ඒ වගේ පොතක් ආපහු දුන්නු හැටි ගැන.

      Delete
  16. @කකා......ආනන්දෙන් වගේම බොහොම වැදගත් මිනිසුන් බිහිවුන තැනක් තමයි නේද ගණේමුල්ල සෙන්ට්‍රල් එක? පුලුවන් වෙලාවක ලියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. @ අරූ,

      මා ලියා තියෙනවා විවිධ කතන්දර ඒ කාලේ ගැන.

      එකම වෙනස තමයි මා ඔබ මෙන් එක දිගට දිවයන අතීත කතාවක් ලියන්නේ නෑ. හිතට එන කතන්දර එන විදියට වෙන් වෙන්ව තමයි ලියන්නේ.

      මෙන්න කීපයක්.

      1. නපුරු ගුරුවරුන් ගෙන් ගැලවෙන්නම බැරිද?
      http://kathandara.blogspot.com.au/2010/04/blog-post_06.html

      2. කූනිස්සෙකු ගේ මතකය - Memory and Fuzzy Logic
      http://kathandara.blogspot.com/2012/08/memory-and-fuzzy-logic.html

      3. ගුණරත්න සර් ගෙ ටියුෂන් පන්තිය
      http://kathandara.blogspot.com/2009/10/blog-post_31.html

      4. පx යනු පදාර්ථයක් ද පරමාණුවක් ද - Is Penis a "matter" or an "atom"?
      http://kathandara.blogspot.com/2011/05/x.html

      5. කතන්දරකාරයා - විලි ලැජ්ජාවක් නැති එකා
      http://kathandara.blogspot.com/2010/05/blog-post_25.html

      6. මෙන්න තවත් බුද්ධාගම පාඩමක කතන්දරයක්
      http://kathandara.blogspot.com/2010/05/blog-post_26.html

      Delete
  17. මාත් ඔය ඉස්කෝලෙට ගියේ නාත්තන්ඩියේ ඉඳල,ඒකාලේ නම් දෙකයි තුනයි අපේ පැත්තේ උන් හිටියේ.

    ReplyDelete
  18. ඩීමන් ආනන්ද මහතා ලියු ඩ්‍රැක්යුලාගේ මනාලියෝ පරිවර්තනයක් නොවෙ. ඩීමන් අනන්දයන් විසින් නිර්මාණය කරන ලද එම කෘතිය ඩ්‍රැක්යුලා පිලිබද ස්වයං නිර්මාණයකි. මෙම දැනුවත් කිරිම එතුමාගේ ගෞරවය පිනිසය.

    ReplyDelete
  19. ඩීමන් ආනන්ද මහතා ලියු ඩ්‍රැක්යුලාගේ මනාලියෝ පරිවර්තනයක් නොවෙ. ඩීමන් අනන්දයන් විසින් නිර්මාණය කරන ලද එම කෘතිය ඩ්‍රැක්යුලා පිලිබද ස්වයං නිර්මාණයකි. මෙම දැනුවත් කිරිම එතුමාගේ ගෞරවය පිනිසය.

    ReplyDelete
  20. ඩීමන් ආනන්ද මහතා ලියු ඩ්‍රැක්යුලාගේ මනාලියෝ පරිවර්තනයක් නොවෙ. ඩීමන් අනන්දයන් විසින් නිර්මාණය කරන ලද එම කෘතිය ඩ්‍රැක්යුලා පිලිබද ස්වයං නිර්මාණයකි. මෙම දැනුවත් කිරිම එතුමාගේ ගෞරවය පිනිසය.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.