Sunday 29 September 2013

කොන්දේ අමාරුවක් හැදිල තියෙනවද? - Back pain is the worst pain ever!


මං හිතන්නේ මේ ලෝකේ තියෙන නරකම අමාරුවක් තමයි මේ කොන්දේ අමරුව කියන්නේ.

මේක හැදෙන්න, තැනක්, නොතැනක්, වෙලාවක්, අවේලාවල්, වයසක්, දවසක්, අරකක්, මේකක් නෑ.

හැදුණොත් හැදුණා!

අද ඉරිදා මං උදේම නැගිටලා පොඩි ඇක්සයිස් පාරක් දැම්මා. සතියකට පාරක්වත් ඔය වගේ ඇක්සයිස් එකක් කරන එක හොඳයි.

සතියේ දවස්වල නං දවල් කැම වෙලාවේ පොඩ්ඩක් ඔෆීසිය අවට සිරි නරඹමින් ඇවිදගෙන යනවා පැය භාගයක් විතර.

නමුත් මේ සති අන්තයේ කරන්න පුළුවන් ඇක්සයිස් වැඩත් ඉතා වැදගත් නිසා සති දෙක තුනක් තිස්සේ ප්ලෑන් කරලා ඔන්න යාන්තම් අද ඒක කළා!

ඊට පස්සේ ඇඟ හෝදලා, ෂෝටක් සහ ටී-ෂර්ට් එකක් ඇඳගෙන, උදේට කාලා ගෙදරින් එලියට බැස්සා.

වත්තේ පිටියේ පොඩි පොඩි වැඩ දෙකතුනක් තියෙනවා ඒවා කරන්නය කියලා හාමිනේ ඇජෙන්ඩා හදලා තිබුණේ දැන් සති ගණනාවක ඉඳලයි.

දිගටම කල් ඇර ඇර හිටියට අද නම් මග හරින්න විදියක් තිබුණේ නෑ.

ඔන්න මල් ගස් වගේකට දියර පොහොර වගයක් දාලා, වත්තේ වල් පැළ මැරෙන්න බේත් වගයක් ගහලා හෙම ඇජෙන්ඩා එකේ වැඩ එකඑ ක ඉවර කරන්න පටන් ගත්තා.

ඒ අතරේ පොඩි ප්‍රවාහන වැඩකුත් යෙදුණු නිසා ටිකක් අත ඉක්මන් කරපු ගමන් මෙන්න බොලේ එකපාරටම කොන්ද දිගේ විදුලියක් ගමන් කළ වගේ දැනුණා.

ඒ ආපු වේදනාව එවෙලේ ඉඳලා තාම එහෙමමයි.

කොන්දේ අමාරුවක් හැදුණාම:
ඉඳ ගත්තත් කොන්ද රිදෙනවා.
හිට ගත්තත් කොන්ද රිදෙනවා.
නිදා ගත්තත් කොන්ද රිදෙනවා.
ඇවිද්දත් කොන්ද රිදෙනවා.
හිටගෙන හිටියත් කොන්ද රිදෙනවා.
කාර් එකක් ඩ්‍රයිව් කළත් කොන්ද රිදෙනවා.
ඩ්‍රයිව් නොකර වාඩිවෙලා ගියත් කොන්ද රිදෙනවා.
ඒ හින්දා දිව ඇදගෙන විකාගෙන, පුටු වගේකයි, මේසෙකයි තීන්ත ගාන්න තිබුණා ඒකත් කරලා දැම්මා!

දැන් නං ඉතිං දිව්‍යලෝක සැප දැනෙනවා.

නාලා, වේදනා නාශකයක්වත් බීලා නිදාගන්න ඕනෑ කියලා හිතුනත් එතකොටම මතක් වුණා බ්ලොග් එක. කලින් ලියන්න සැලසුම් කරපු ඒවා පැත්තකට දාලා ඔන්න ඔහේ කොන්දේ අමාරුව ගැන ලියනවා ය කියලා හිතුවා!

බුදු අම්මෝ, හෙට සඳුදා නේද? වැඩට යන්නත් තියෙනවා.

ඔය අව්-අස්සේ තමයි දැක්කේ කතන්දර බ්ලොග් එකේ මේ දක්වා පලකරලා තියෙන කතන්දර ගණන 900+ නේද කියලා.

සාහිත්‍ය මාසේ පොත්-කතන්දර අතරේ හිරවෙලා හිටිය නිසා ඒ මංසලකුණ දන්නෙම නැතුව මග හැරිලා ගිහිල්ලා.

කමක් නෑ! තව මාස කීපෙකින් එනවානේ දාහේ සංවත්සරය. එදාට දෙඤ්ඤං ජම්බු!

-කතන්දරකාරයා

ඇ/ප/ලි:
ආහ්, ඌහ්! පොඩි වෙලාවකට අමතක වෙලා තිබුණු කොන්දේ අමාරුව ඔන්න ආපහු ආවා!


(image: http://healthyblackmen.org/2012/06/03/treating-chronic-pain/)

50 comments:

  1. ඔය උඩටම දතේ අමාරුවක් හැදුනා නම් දිව්‍ය ලෝක සැප ....

    ReplyDelete
    Replies
    1. කාලෙකින් දතේ අමාරුවක් නං හැදුනේ නෑ!

      Delete
    2. දත් තියෙන්න එපායැ දතේ අමාරු හැදෙන්න. ලොම්බන්ට මොන දතේ අමාරුද?

      Delete
  2. ඉවසන්නම අමාරු වේදනා ගොන්න - දත් කැක්කුම, කණ් කැක්කුම, කොන්දෙ කැක්කුම. ඒත් ඔය ඔක්කොටම වඩා මවක් විදින ප්‍රසව වේදනාව අමාරුයි.
    හොදට උණු වතුරෙන් තවලා බාම් ටිකක් ගාලා කොට්ට මෙට්ට මුකුත් නැතිව බිම නිදා ගත්තනම් හරි පැය දෙකක් විතර. මන් නම් කරන්නෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසව වේදනාව ගැන දැනගන්න නං අම්මෙක් වෙන්නම ඕනෑය කියනවානේ!

      Delete
    2. නෑ පිරිමින්ටත් ක්‍රමයක් තියනවා. *කට මැහුම් දෙකක් දාලා විරේක පෙති දෙකක් බීල පැය කීපයක් බලන්ටකෝ.

      Delete
    3. ඊට ලේසියි ඇටේට පයින් එකක් දුන්නම් කවුරුහරි

      Delete
  3. Replies
    1. තුති!
      ගැනලා බැලුවා. දැන් 905 යි.

      Delete
  4. අම්මෝ. මතක් කරන්න එපා. හිටගෙන ඉන්නකොට පු‍ටුවකින් වැටිල හැදුන කොන්දෙ අමරුවෙ ආනිසංස තාම තියෙනවා.මොන ඉරියව්වකින්වත් ඉන්න බැරි වේදනාවක් තියෙන්නෙ. උනු වතුරෙන් තවල මොනව හරි බාම් එකක් ගාන එක තමා තාවකාලික ප්‍රතිකර්මය.

    ReplyDelete
    Replies
    1. හාට් ඇටෑක් එකක් ආ විට හදවතක් ඇති බව දැනගන්නවා වගේ කොන්දේ අමාරුවක් ආ විට කොන්දක් තිබෙන බව දැන ගන්නට ලැබීමත් ලොකු දෙයක් !

      Delete
  5. කකා, කොන්ද සම්පුර්ණයෙන් නැතුව ඉපදෙන එකත් ලොකු වාසියක් සමහර වෙලාවට.

    ReplyDelete
    Replies
    1. පිස්සුද, එතකොට නවන්නේ මොකක්ද?

      Delete
  6. 900 සමරන්න බැරිවුණු එකේ මේ අවුරුද්දේ ලියපු 150 වත් සමරන්න.ගෙදර සිද්ධාලේප වෙදමහත්තයා නැතෙයි

    ReplyDelete
    Replies
    1. එකසිය පනහට වඩා නමසිය පහ කොච්චර ලොකුද?

      මං හයිඩ්‍රෝ තෙරපියක් කෙරුවා, දැන් හොඳා තරමක්. නිදාගන්න කොට බාම් ගානවා.

      Delete
  7. Because of old age.

    ReplyDelete
    Replies
    1. මුළු ඇඟම එක වයසේනේ!
      ඔය කකුල්, අත්, බඩ තියෙන්නේ අපූරුවට. කොන්තේ වම් පැත්ත විතරයි රිදෙන්නේ!

      Delete
  8. සද්ද වහලා වැඩට ගිහිල්ලා කොම්පෝ පාරක් දාල ....... පිසියෝ පාරක් දාල .......ගොඩට යන් ....... නැතිනම් ගෙවල ඉවරයක් නැ....... ඉන්ෂුවරන්ස්........තිබ්බොත් ගොඩ ,,,,,ක්‍රිස්තුවා ගෙ අදහසක්

    ReplyDelete
    Replies
    1. කාර් එක නං ඉන්ෂුවර් කරලායි තියෙන්නේ!

      Delete
    2. ෆුල් ඉන්ෂුවර්ද.....තඩ් පාටිද......ෆුල් නම් මෙහම කරමු........වම පැත්තේ ඉස්සරහා සිට් එකේ වාඩිවෙන්න වයිෆ්ට එලවන්න කියන්න ......වම්පත්තේ ගහකට ඇනගන්න.....n.r.m.a ...කියන්න... නින්ද ගියා කියල ... ගොඩ යන්න .......ක්‍රිස්තුවා ගේ අදහසක්.....

      Delete
  9. කොන්දේ අමරුවත් ලේසි නැහැ තමා...

    ReplyDelete
  10. කොන්දේ අමාරුව සුව වේවා 900 ට ජය වේවා

    ReplyDelete
  11. නමසිය ගානට සුභ පැතුම්..!!
    ඔය නැමි,නැමි වැඩ කරද්දී ඔබේ වයසෙ අයට තිබෙන "මැග්නට්"බෑන්ඩ් එකක් ඉනට බැදගෙන වැඩ කලාම හොදයිනෙ.
    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ක්ෂණික සුවය ලැබේවායි පතමි...!!!

    ReplyDelete
    Replies
    1. මෙය නැමී කළ වැඩක් නිසා ඇතිවූවත් නොවේ. දැන් තරමක් සුවයි.
      ජයවේ!

      Delete
  12. දැන් සෙන්චරි පන්නපු කාලේ ගියා.. දැන් සමරන්නේ මිලේනියම් නේ..
    සුපැතුම් කකා.. කොන්දෙ අමාරුවට නෙමෙයි.. 905 ට..

    කතාට තියෙන්නෙත් බක් ෆියට් එකක්ද... (ඇනෝ ආතල් වෙනුවෙන් දුක සිතී..)

    ReplyDelete
    Replies
    1. බක් ෆියට් එකේ ගියත් කොන්දේ අමාරුව ආවොත් රිදෙනවා රිදෙනවාමයි!

      Delete
    2. බක් ෆියට් නෙවෙයි බං බග් ෆියට්. මහ ලොකුවට ගියේ රෝයල් එකටයි ආනන්දෙටයිලු.

      Delete
    3. මාතලන්. ඇත්තටම මොකද්ද බන් මේ "බක් ෆියට්" කියන්නෙ? ඕක ඔය අවුරුදු මාසෙට විතරක් වත් පදින වාහනයක් ද?

      Delete
    4. ඔන්න ඔන්න මලේ.......එක එක නම් දාගෙන ආයි පටන් ගන්න හදන්නේ බුදු මලේ කුනුහරපන් එපා ....උපන්දා හිටන් අහලා .....කරලා......තියන ඒවා හොඳටම ඇති ......ක්‍රිස්තුවා ගේ අදහසක්

      Delete
  13. මෙන්න කොන්දේ අමාරු හැදෙන්න හේතුවෙන අපේ වැරදි ඉරියව් ගැන ලියපු පොස්ට් එකක්.

    අපේ වැරදි ඉරියවු...

    ReplyDelete
  14. මටත් දරුණු ලෙස මේ රෝගය ඇති වු හෙයින් දැන් ඉනට බෑන්ඩ් එකක් දාගන තමා වැඩට යන්නේ. මට මේ වේදනාව හැදී රෝහල් ගතව ඉන්නකොට මහේෂ් නිශාන්ත මේ ගැන අගනා ලිපියක් ලිව්වා.
    මෙන්න ඒ අගනා ලිපිය එය සොඳුරු අසපුව බ්ලොගයේ ලිවැවුණක් අනෙක් ලිපිය කළු සහ සුදු ලිව්වේ එහි ලිංකුව උඩ දාල තියනවා.

    ReplyDelete
    Replies
    1. අමතක වුණා උණුසුම් සුබ පැතුම් 900+වලට නුදුරේම 1000 සමරමු

      Delete
    2. ලේක් හවුස් එකේ එවුන්ට කොන්ද අමාරුව හැදෙන්න කොන්දක් තියෙන්න එපායැ.

      Delete
    3. මතක් කළ එක හොඳයි ඇනෝ... මටත් අමතක වුණා..

      Delete
  15. මමත් බොහොම බැරෑරුම් විදියට කොන්දේ වේදනා විඳින කෙනෙක්.
    මට මෙට්ටේ මාරු උනත් භයානක විදියට මේක හැදෙනවා. වාහනේක උනත් යද්දි එමමයි. සර්ජරි එකකුත් කරලාත් ඒ තරම් විසදුමක් නෑ. පේන් කිලර්ස් නොගන්න හින්දා දැන් නම් වෙනිවැල් තම්බලා බොනවා. බාම් වලට ස්ප්‍රේ වලටවත් විසඳුමක් නෑ. මට කොන්දක් තියෙනවා කියලා මතක් වෙන්නෙත් ඔය කොන්ද රිදෙන හින්දා වෙන්න ඕනේ හැබැයි.
    කකාට ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
  16. මට නම් ඔය කොන්දෙ අමාරුව කිසි දා එන එකක් නැහැ.
    පවුලට එකතු වෙනෙනවා නම් ගම්මන් බිලය වගේ අංශක 45 කොන්ද නැමෙන්න ඕන නිසා නැන්දම්මා ප්‍රමුක කට්ටිය,දන්න ඩොකෙකුට කියල අවසාන පුරුක් හතර අරන් දාල තියෙන්නෙ.
    හැක...හැක..එල නේද...මං....

    ReplyDelete
  17. මටත් තියෙනවා කාලෙකට මතුවෙන කොන්දේ අමාරුවක්..දැනට මාස 2 කින් වගේ හැදුණේ නැහැ... 900 ට සුබ පැතුම් කකා... මාත් මේ ලඟදි මගේ උපන් දිනේ , ෆලෝ 175 , පෝස්ට් 50 සැමරුවා...
    පෝස්ට් 50 ,ෆලෝ 175 , මගේ උපන් දිනේ ඇතුළු ඔක්කෝම Happy Birthday To Me !

    ReplyDelete
  18. කතන්දර 900 ට උණුසුම් සුභ පැතුම් මගෙනුත්. මම හිතන්නේ ඔය කියන කොන්දේ අමාරුව ගොඩක් දෙනෙක් අත් විඳලා ඇති. මටත් ඉඳලාම දවසකදි එනවා. ඒ දවල් වරුවක බර දෙයක් කර ගැහුවොත් නම් රෑට තමයි අමාරු...

    ReplyDelete
  19. අමාරුව හැදුනෙ තිබුන නිසා නෙ.සතුටුවෙමු

    ReplyDelete
  20. 905ට සුභ පැතුම් කකා.

    මේ පෝස්ට් එක සහ කමෙන්ට් කියවලා මම කුරිරු සතුටක් වින්දා. බලං ගියාම මම විතරක් නෙවෙයි කොන්දේ අමාරුවෙන් පීඩා විඳින්නේ. කකා ඕක ඇස්පිරින් වලට හරියනවා

    ReplyDelete
  21. වැඩියෙන් පුටු වල වැරදි විදිහට ඉඳගෙන ඉන්න එක තමා හේතුව මම හිතන විදිහට.

    ReplyDelete
  22. කොන්දෙ අමාරුවට එක බේතක් තමයි සුදුළූනු. වකුගඩු සහ මුත්‍රාශයේ අසනීප වලටත් කොන්දෙ අමාරුව හැදෙනවා. අපේ තාත්ත ඕකට කිව්වෙ "කොන්ද ඇවිලෙනව" කියල. මටත් ඔව මගුල හැදෙනව ඉඳල හිටල.
    මහ වෙදන කෝ අද? ඔව්ව හැදෙන්නෙ වා පිත් සෙම් බැලන්ස් එක නැතිවෙලා ගිහාම නේද? ඕවට කියන්නෙ වාත අමාරු කියල නේද? දොස්තර මහත්තුරු වාත අමාරු කියල දෙයක් නැහැයි කියනවනෙ. ඔය කැක්කුම් වලට එයාල දෙන්නෙ ඩයික්ලොපෙනැක් සෝඩියම් පෙති. ඒක වේදනා නාශකයක්. අපි ළඟ ගෙදර වැඩට උදව්වට එක්ක ආපු ආච්චි කෙනෙක් ඒ පෙති වලට කිව්වෙ වාත පෙති කියල.

    ReplyDelete
  23. කොල්ලු සුදුළුනු තම්බලා බොන්න.... සුවය ලැබෙයි.....

    ReplyDelete
  24. කොන්දේ අමාරුව වගේද ලිපි 900+..
    සුභ පැතුම් අයියේ..

    ReplyDelete
  25. konde amaruwata wada loku puke amaruwa

    ReplyDelete
  26. ලංකාවේ ඉන්න කෙනෙක්ට කොන්දේ අමාරුව නිට්ටාවට සුව කර ගන්න ඕනේ නම්
    ස්නායු රෝග සහ පාරම්පරික නිළ වයිද්‍ය
    වයිද්‍ය පී සුමනසේන
    ඔලබොඩුව , ගෝනපල
    03 43742411

    කපන්න කොටන්න කලින් ගිහිල්ල පොඩ්ඩක් කතාකරලා බලන්න. තෙරුවන් සරණයි.

    ReplyDelete
  27. ටිකක් බරපතල කේස් එකක් යාළු තව ලෙඩක අතුරු ප්‍රතිපලයක් වෙන්නත් නොවෙන්නත් පුලුවන් . මොකටත් බෙහෙතක් කරානම් හරි හැබැයි සිංහළ බෙහෙත් නම් ඔය කොන්දෙ අමාරුවට හරියන් නෑ (මම මගෙ අදහස)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.