Saturday 28 September 2013

සංස්කෘතික උප ඇමති ගේ නවකතා පොතෙන් අමු අමුවේ කොපි කර කෙටිකතාවක් ලියවේ! Short story plagiarised from deputy minister's novel


ලංකාවේ සංස්කෘතික කටයුතු බාර ඇමතිලා කියන්නේ සිය දිවි හිමියෙන් සංස්කෘතිය රැකගන්න ඇප කැප වෙලා ඉන්න කෂ්ටියක් බව අමුතුවෙන් නොකීවාට මුළු රටම දන්නා කාරණයක් නේ?

මට තේරෙන විදියට නම් රටේ සංස්කෘතිය කියන්නේ, රටේ ජීවත්වෙන විවිධාකාර ජන කොටස්වල ජීවිතය පදනම්වෙලා තියෙන සමාජ රටා, ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර, කලා කටයුතු යනාදී සියළුම දේ සම්බන්ධ ඉතාමත් පුළුල් විෂයකටයි.

නමුත් සාමාන්‍යයෙන් සංස්කෘතික කටයුතු කියන්නේ නම් ඔන්න ඔය ලේඛන කලාව, නර්තනය, සංගීතය, ජාතික උත්සව වගේ ටැන්ජිබල් දේවල්වලට යි.

හුඟක් ඉස්සර කාලෙක සංස්කෘතික ඇමතිවෙලා ඉඳලා තියෙනවා සේමගේ සයිමන් කුලතිලක කියලා පොරක්. දවසක් අමරදේව මාස්ටර්ව මේ ඇමතිට හඳුන්වලා දුන්නාම පොර කියනවා ලු, "ඉතිං සින්දු කිය කියම ඉඳලා වැඩක් නෑ නේද? ජොබ් එකක් කරන්න අදහසක් නැද්ද" කියලා!

පස්සේ කාලෙක චන්දිරික්කා නම් රැජිනක් රාජ්ජේ කරන කාලේ සංස්කෘතික කටයුතු ඇමති වුණේ ලක්‍ෂ්මන් ජයකොඩි කියලා අංකල් කෙනෙක්. (මගේ අංකල් කෙනෙක් නොවේ, චන්දිරික්කා ගේ අංකල් කෙනෙක්!). ජයකොඩි ගේ සැකන්ඩ්-ඉන්-කොමාන්ඩ්, ඒ කියන්නේ උප ඇමති, විදියට පත් වුනේ අලංකාරගේ වික්ටර් සුරවීර මන්තිරිවරයායි.

සුරවීර දේශපාලනයට එන්න කලින් විද්‍යෝදය ජයවර්දෙනපුර විශ්ව විද්‍යාලයේ සිංහල පිළිබඳ මහැදුරෙක්. ඒ වගේම ඔහු ලේඛකයෙක්.

පොර පොත් පනහක් හැටක් ලියලා තිබුණාට ඒවායින් අතිබහුතරය සාහිත්‍යය ගැන විවිධාකාර පොත්. මං කියෝලා තියෙන්නේ සුරවීර ලියපු පෑදි දියට බොර දිය කියන ටිකතා පොතයි, අත්ත බිදෙන් පය බුරුලෙන් සහ හෙයියම්මාරුව කියන නවකතා පොත් දෙක විතරයි.

හෙයියම්මාරුව කියන්නේ කියවන්න වටින පොතක්. ඒකේ අමුතු භාෂා ව්‍යවහාරක් තියෙන්නේ, කතා කරන වචන ඇහෙන විදියටම තමයි ලියලා තියෙන්නේ. සිංහල කථිකාචාර්යවරයෙකු කළ අත්හදා බැලීමක් වෙන්න ඇති, අර අටවක පුත්තු නවකතාවේ ලියනගේ අමරකීර්ති කළා වගේ!

හෙයියම්මාරුව පොත මං කියෙව්වේ හතරේ පන්තියේ දී යි. මේකේ කතාවේ තරමක් "ඇඩල්ට්ස් ඔන්ලි" කතා තිබුණට මට ඒවා ප්‍රශ්ණයක් වුනේ නෑ. ඒ වෙන කොට මං "ගණිකාව" කියන වචනේ තේරුම ගෙන් අහන්න ගිහින් පාඩමක් ඉගෙන ගෙන තිබුණු හින්දා, "ගබ්සා කරනවා" වගේ දේවල්වල තේරුම මං කාගෙන්වත් අහන්න ගියෙත් නෑ.

මං හෙයියම්මාරුව හතරේ පන්තියේ දී කියෙව්වා ය කියලා මට හොඳටම මතක එක කාරණයක් හින්දයි.

ඔන්න ඒ වසරේ අපේ පන්තිය බාරව හිටපු මැගිලින් ටීචර් අපිට කිව්වා කෙටි කතාවක් ලියන්න කියලා.

කෙටිකතාවක් කියන්නේ කෙටි-කතන්දරයක් ය කියන එක තමයි ඒ දවස්වල අපේ අදහස වුණේ!

ඒ කියන්නේ අර හාවායි ඉබ්බායි රේස් දුවපු කතාව, කපයුටා සහ කේජු කෑල්ල කතාව, සුබලයා ගේ පින කතාව වගේ ඒවා.

මැගිලින් ටීචර් දුන්නු පැවරුම ගැන අහපු වෙලාවේ කෙලින්ම මගේ හිතට ආවේ ඒ වෙනකොට ආච්චිලා ගේ ගෙදර පොත් අල්මාරියේ තිබිලා මං කියවලා තිබුණු සුරවීර ගේ හෙයියම්මාරුව පොතයි.

හෙයියම්මාරුව කතාවේ ඉන්න දුප්පත් කොලු ගැටයා (ගුණපාල කියමු) පාසලේ ගුරුවරයා අහපු ප්‍රශ්නයකට නිවරදි පිළිතුර දෙනවා. ඒකට ත්‍යාගයක් විදියට ගුරුවරයා කරන්නේ පැන්සලක්, ජිල් බෝලයක් සහ ටොෆියක් මේසඋ උඩ තියලා ගුණපාලට එයින් එකක් තෝරා ගන්න කියන එකයි.

ටොෆියට, ජිල් බෝලෙට හිත ගියත්, තමන් ගේ දුප්පත්කම නිසාම ගුණපාල තෝරා ගන්නේ පැන්සලයි. ඒ බව හොඳින් දන්නා ගුරුවරයා තෑගි තුනම ගුණපාලටම දෙනවා.

ඉතිං මැගිලින් ටීචර් ගේ පැවරුම අනුව මං ලියපු කෙටිකතාවක් සෑහෙන්න ඔය වගේ තමයි. හැබැයි වෙනස්කම් කිහිපයකුත් තිබුණා.

1. කොල්ලා ගේ නම ගුණපාල නොවෙයි, නිමල්.
2. ගුරුවරයා ගේ නමත් වෙනස්
3. තෑගි විකල්ප විදියට නිමල්ට ලැබෙන්නේ පෑනක්, චොකලට් එකක් සහ රබර් බෝලයක්.

ඒ කරුණු තුන හින්දා මට ප්ලේජරිසම්වලට චෝදනා ආවොත් පිළිතුරු දෙන්න පුළුවනි.

අපේ පන්තියේ හිටපු නාලන්ද පියතිලක ලියලා තිබුණේ වෙසක් කුඩුවක් පිච්චෙන කේස් එකක් ගැන කෙටිකතාවක්.

මට අද හිතෙනවා, ඒක ජී.බී. සේනානායක ගේ ප්‍රසිද්ධ කෙටි කතාවේ කොප්පයක් ද කියලා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන තවත් පොත්-කතන්දරයකි.

(image: http://www.sundayobserver.lk/2010/06/13/fea05.asp)


29 comments:

  1. අදත් එක කෙන්ජිද?

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම්........ මොකක්ද කොමෙන්ට් එක දාපු හෝරාව?

      Delete
    2. සිකුරාදා රාත්‍රියේ සහ සෙනසුරාදා උදේ වරුවේ මා කාර්ය බහුල වුණු නිසා අද ජෝතිට මං එක වීමට ඉඩ ලැබී ඇත.

      බල පෙර නිමිති පෙරමග නැකතටත් වැඩී!

      Delete
    3. //සිකුරාදා රාත්‍රියේ සහ සෙනසුරාදා උදේ වරුවේ මා කාර්ය බහුල වුණු නිසා අද ජෝතිට මං එක වීමට ඉඩ ලැබී ඇත.//
      වැරදියිනේ මං එක උනේ කකාගෙ කාර්ය බහුල බව නිසා නෙවෙයි නේද?

      Delete
    4. මා සිකුරාදා කාර්ය බහුල නොවුණා නම්, සෙනසුරාදා උදේ හයට කතන්දරය පලවෙන්නට සකසා තමයි නිදාගන්ණ යන්නේ. මේ දිනවල කේන්ජි උදේ පාන්දර සිට මේ අඩවිය දෙස නෙත් යොමා ගෙනයි ඉන්නේ.

      අද මේ කතාව පලකරන වෙලාව පසුවුණු නිසායි ජෝතිට මං එක වෙන්න ලැබුණේ.

      සමහර විට අද තත්කාලයත් බලාපන්න ඇති!

      Delete
  2. ඇමතිලා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ මම හොදටම දන්නවා.

    ReplyDelete
  3. KAKKA THAMAGE FATHER GENA LIYANA KOTATH LIYANNE "PORA" KIYALADA?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව !
      උන්දැව විකුණලා ගොඩක් කල් නෙ

      Delete
    2. @ කැපිටල් ඇනෝ,

      මගේ තාත්තා මට නම් පොරක් තමයි. ඇයි ඔගේ ගේ තාත්තා පොරක් නොවෙයිද?

      මෙන්න තාත්තා ගැන මතක සටහනක්.
      http://kathandara.blogspot.com/2010/12/blog-post_10.html


      Delete
  4. හරිම ගවේෂණාත්මක පෝස්ට් එකක්නේ කකා... අර කතා මේ කතා ඔක්කොම ඇතුළත්.. පරිපූර්ණ ( සාපේක්ෂයි ) කියවන්නේක්ගේ ලක්ෂණ පිළිඹිමු වෙනවා ...

    ප්‍රොෆ්‍රේෂනල් විචාරයක් නේද ...? ( ද්වේශ සහගත නෙවේ නේද ? )

    ReplyDelete
    Replies
    1. මේක පොත ගැන විචාරක් නොවෙයි, කතාව කියෙව්වේ නැද්ද?

      Delete
    2. කියෙව්වා ..ඒකනේ මම කිව්වේ "හරිම ගවේෂණාත්මක පෝස්ට් එකක්නේ කකා... අර කතා මේ කතා ඔක්කොම ඇතුළත්.." කියලා..

      Delete
  5. කකාට මෙච්චර පොත් වල තියන නට් බෝල්ට් ඇන මුරුච්චි තියන තැන කොහොමද මතක තියෙන්නේ??????

    ReplyDelete
    Replies
    1. මම අහන්න හැදුවෙත් ඔය ටිකම තමයි කකා......පොත් ගුලක්.....අලි මතකයක්.....

      Delete
    2. ඒ පොතේ තිබුණු මේ අතුරු කාව මතක ඒ හා සම්බන්ධ සිදුවීම් නිසයි.

      Delete
    3. දල සිදුවීම නම් මතක තියනව නමුත් අවස්තා සම්බන්දේ එක්ක චරිත මට නම් හරියටම අමාරුයි. . .

      Delete
  6. ඒ. වී. සුරවීරගෙ "පිඹිත් නලා සුරා මතින්" කියලා කෙටි කථා සංග්‍රහයක් තියෙනවා..... කකා කියවලා නැද්ද?

    කකාත් අද සුරා මතින් වගේ.....

    ReplyDelete
    Replies
    1. කියවා ඇති බවට මතකයක් නැත. සුරවීර ගේ ප්‍රභන්ධ හුඟකට නම් දාලා තියෙන්නේ කවිපදවලින්.

      Delete
  7. ඒකට දැන් ඉන්න සඟිස්කුරුත් ඇමතිලා...

    ReplyDelete
  8. සුරවීර මහැදුරුතුමාගේ මං ආසම සදා මෙලෙස පුර දෙරණේ කියන පොතයි.

    ReplyDelete
    Replies
    1. apita paanda aiye oya ekata asai kiyala.

      Delete
    2. @ Nalin
      නම හුරුයි කියවා නෑ වගේ. කව්ද ප්‍රකාශක?

      Delete
    3. මම ලියන්න ගිය දේ නලීන් ලියල.ප්‍රකාශක නම් මතක නෑ.සීගිරිය,කාශ්‍යප ගැන කයැවෙන ඓතිහාසක නවකතාවක් තමයි “සදා මෙලෙස පුර දෙරණේ“ කියන්නේ.

      Delete
  9. නලින් අතුරුදහන් වී ඇති බව දැනගැනීමට ලැබින.
    රීගල් සිනමා හල මාවත කෙලවරේ තිබී මාධ්‍ය හැදුනුම් පත සමග,අලුත්ම අලුත් Made in Malaysia සලකුණ තිබෙන කළු පැහැති,කරේ එල්ලා ගෙන යන බෑගයක් සමු වී ඇත.
    එම බෑගය ඇතුලේ තිබී ඇත්තේ පාන් කපන සුදු ෆයිබර් ලෑල්ලක් පමණක් බව පොලෝසිය පැවසූ බව සියලු ගිරා නාලිකා කඩන නිවුස් වලින් පවසයි.

    ReplyDelete
  10. දැන් ඉන්න සංකෘතික ඇමතිට ඕව හොයල බලනවට වඩා කරන්න තව වැඩ තියනවා. අහල තියන විදියට සේකුරිටි පිට බඩු ප්‍රවාහනය කරන්නේ....

    ReplyDelete
  11. ඇමති වගේම තමයි අධ්‍යක්ෂකත් කොල්ලෙක් පේන්න බෑ...... පොඩි වැඩක් කර ගන්න ගිය මගේ නම්බර් එක ඉල්ලගෙන මළ වදයක් දුන්නෙ..... මම කසාද බැදපු එකෙක් (ස්ට්‍රේට්) කියලා නොකියා කියද්දිත් තනියම හම්බවෙලා කථාකරමු කියලා කෝල්ස් දහයකට වඩා දුන්නා.....

    සමලිංගිකයින්ට කඩේ යන කකා වගේ අය මේ ගැන දරන මතයත් මෙතනදිම අහන්න කැමතියි.....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.