ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 14 August 2011
කඩේ යාම = xx දීම : සෝමරත්න දිසානායක සමග සාකච්ඡාව : A chat with Soma
සරෝජා හදපු සෝමරත්න දිසානායක කියන සිනමාකරුවා එක්ක කතන්දරකාරයා කරපු සාකච්ඡාවේ මුල් කොටස පසුගිය ඉරිදා සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකේ දැම්මා.
ඒක ඉවර වුනේ මං අහපු ප්‍රශ්ණයකින්. අද එතැන සිට කියවන්න.
කතන්දරකාරයා: සමහරු කියනවා මෙහෙම. සෝමරත්න හොඳ සිනමාකරුවෙක්, නමුත් ඔහුගේ ප්‍රශ්නය තමයි තමන්ගේ මුල් කෘතියෙන්ම උච්චස්ථානයට පත්වීම කියලා. ඒ කියන්නේ සරෝජා තමයි ඔහු ගේ අග්‍රගණ්‍ය චිත්‍රපටිය. ඔහුගේ පසුකාලීන නිර්මාණ ඒ මට්ටමට ආවේ නෑ, ඒවායෙන් එතරම් කම්පනයක් ජනතා සිත් සතන් තුළ ඇති කළේ නෑ කියලා. ඒ අදහස ගැන සෝමා මොකක්ද කියන්නේ?
සෝමා: විවිධ මතධාරීන් විවිධාකාරයෙන් මගේ නිර්මාණ විචාරය කරනවා. සරෝජා සංවේදී චිත්‍රපටියක්. සමහරුන්ට එයයි මගේ හොඳම චිත්‍රපටිය. තව සමහරුන් වඩාත් කැමති සූරිය අරණටයි. ගුණදාස අමරසේකර මහත්තයාට මගේ හොඳම චිත්‍රපටිය සමනල තටු.
මගෙන් කතන්දරකාරයා ඇහුවොත් මගේ හොඳම චිත්‍රපටිය මොකක්ද කියලා, මං කියන්නේ මං දැනට හඳලා තියෙන චිත්‍රපටි හයම නෙමේ මං ඊලඟට හදන්න ඉන්න චිත්‍රපටියයි කියලයි. නමුත් මගේ හැම නිර්මාණයකටම මම එක සේ ආදරෙයි.
කතන්දරකාරයා: හොඳයි, එහෙනං මං ඇහැව්වොත් ඔබේ චිත්‍රපටිවලින් යම්යම් දුර්වලතා තිබුණු චිත්‍රපටි මොනවාද කියලා, ඔබ මොනවගේ උත්තරයක් ද දෙන්නේ?
සෝමා: මගේ හැම චිත්‍රපටියකම දුර්වලතා මං දකිනවා. ඕනෑම නිර්මාණකරුවෙකුට එය එසේ විය යුතුයි. තමන්ගේ නිර්මාණයක් දෙස හැරී බලා ස්වයං විවේචනයක් කිරීමට හැකියාව තිබිය යුතුයි. මගේ ඕනෑම නිර්මාණයක් මා නැවත වරක් කළොත්, ඊට වඩා හොඳ නිර්මාණයක් බිහි කිරීඟට මට හැකිවේවි.
කතන්දරකාරයා: මා සිරි රජ සිරි චිත්‍රපටිය නරඹන වෙලේ මට හිතුණු එක් දෙයක් තමයි එහි අවසානයේ කුඩා දරුවාගේ සියළු ප්‍රශ්ණ, හරියට හින්දි චිත්‍රපටියක මෙන්, අපූරුවට විසඳෙනු දැක්වීම කොතරම් දුරට යථාර්තය නිරූපනය කරනවාද කියන එක.
ඒ එක්කම, ඔය ගමෙන් නගරට පැමිණෙන ළමයා ගේ කතාව මීට දශක ගණනාවකට කලින් කතාවට ලක්වුණු එකක් නොවේද කාරණයත් මට සිහිවුණා.
සෝමා: මෙහෙමයි, මෙවැනි කතා තවත් තියෙන්න ඇති. නමුත් එකවාගේ මූලාශයකින් වුනත් විවිධ නිර්මාණ බිහිවෙන්න පුළුවන්. එකවාගේ ආදර තේමා යටතේ විවිධ නිර්මාණකරුවන් විවිධ ආකාර වලට නිර්මාණ ඉදිරිපත් කරන්නාක් හා සමාන දෙයක්.
කතන්දරකාරයා: මිනිසුන් වශයෙන් අප හැමෝටම පුද්ගලික දේශපාලන මතවාද තියෙන බව සත්‍යයක්. නමුත් ප්‍රසිද්ධ කලාකරුවන් මැතිවරණවලදී ප්‍රසිද්ධියේ පක්‍ෂ දේශපාලනයේ යෙදීමේ යම් ගැටළු තියෙනවා නේද?
සෝමා: කලාකරුවෙක් ස්වාධීන පුද්ගලයෙක් විය යුතුයි. මගේ මතය හැටියට කලාකරුවෙක් යම් දේශපාලන පක්‍ෂයක හෝ නායකත්වයක එල්බගෙන සිටීම වැරදියි. මම දේශපාලන වේදිකාවේ මගේ දේශපාලන මතය කතා කලේ කිසිම පක්‍ෂයක සාමාජිකයෙක් විදියට නෙමේ.
නමුත් මම ඒ මොහොතේ රටේ අවශ්‍යතාවය මට දැනෙන විදියට ජනතාවට කීම මගේ යුතුකමක් යැයි සිතුවා. මගේ මතය සමහර දේශපාලන පක්‍ෂවලට වාසි සහගත වීමටත් සමහර දේශපාලන පක්‍ෂවලට අවාසි සහගත වීමටත් ඉඩ තියෙනවා. සිදුවුනේ එයයි. ඒ සමගම තීරණාත්මක මැතිවරණයකදී එක් කණ්ඩායමකින් මා විශ්වාස කරන අපේකමට අවාසියක් ඇතැයි මට සිතුනොත් මට සිදුවෙනවා ඔවුන් බලයට ඒම වලක්වා වෙනත් කණ්ඩායමක් ගේන්නට ක්‍රියාකරන්න.
පසුගිය මැතිවරණයේදී මං පෙනී සිටියේ මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයා වෙනුවෙන්වත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන්වත් නොවේ. මං ඒ බව වේදිකාවේදීත් කිව්වා.
කතන්දරකාරයා: "කඩේ යාම" යනුවෙන් අළුතෙන් ජනවහරට එකතු වී ඇති යෙදුමෙන් හැඳින්වෙන්නේ මෙය නේද?
සෝමා: ඔව්, ඒ කලාකරුවාගේ මතය එක දේශපාලන පක්‍ෂයකට වාසි සහගත වෙද්දී ඔහු හා එකඟ නොවන අනෙක් පක්‍ෂවල අය කලාකරුවා ව හඳුන්වන විදියයි. ඒ සඳහා ඔයිට වඩා දරුණු වචනත් පාවිච්චි වෙනවා. මේක දාන්න එපා. සමහර අය ඕකට කියනවා xx දෙනවා කියලා. (ඔන්න දැම්මේ නෑ, හරිය?) ඒවා මාව හෙළා දකින්න අනිත් කණ්ඩායමේ අය පාවිච්චි කරන වචනයි.
ඇත්තටම ඔතන සිද්ධ වුනේ මොකක්වත් දීමක් වත්, කඩේ යාමක්වත් නොවෙයි. මම මගේ මතය ප්‍රකාශ කළා, සමහරු ඒකට එකඟයි, සමහරු විරුද්ධයි.
කතන්දරකාරයා: නමුත්, කලාරසිකයින් වශයෙන් අපිට හිතෙනවා නේද කලාකරුවා එක් දේශපාලන පක්‍ෂයකට වාසි සහගත ප්‍රකාශ කිරීම තුලින්, දෙන්නෙක් අතර චන්දයකදී එක පැත්තක් ගැනීම තුලින්, තම ස්වාධීනත්වය පාවා දුන්නා කියා? නිර්මාණකරුවෙක් හැටියට ඔබ එය දකින්නේ කොහොමද?
සෝමා: ඇත්තටම මෙය නිර්මාණකරවෙකුට ඉතා අවාසිදායක දෙයක්. මට වාසිසහගත දේ තමයි කට පියාගෙන ස්වාධීනව සිටීම. මා සිනමා නිර්මාණකරන්නේ එක දේශපාලන පක්‍ෂයක අයට විතරක් නොවෙයි. මගේ දේශපාලන අදහස්වලට විරුද්ධ අයත් මගේ චිත්‍රපට නැරඹිය යුතුයි. එහෙම නොවුනොත් එය නිර්මාණකරුවාට වෙන විශාල පාඩුවක්.
නමුත් මා හැම විටම ඒ ගැන, මගේ වාසිය අවාසිය ගැන නොසලකා, රටේ යහපත සඳහා ඉවහල් වෙයි කියා මා සිතන මතය ඉදිරිපත් කිරීමටයි. මං හිතන්නේ කලාකරුවා කියන්නේ එක්තරා ආකාරයකට ජනතා නියෝජිතයෙක්. ඒ නිසා කලාකරුවෙකුට යම් කිසි වගකීමක් තියෙනවා.
තමන් ආදරය කරන ජනතාවට යම් අනතුරක් වෙන බව දකිනවානම් එයින් ඔවුන් මුදවාගන්න තමන් ගේ මතය ප්‍රකාශ කිරීම කලාකරුවෙකු ගේ යුතුකමයි.
කතන්දරකාරයා: හොඳයි ඔබ ඔබේ මතය දරමින් ඔබේ ගමන යනවා. බලයේ සිටින පක්‍ෂය හෝ නායකත්වය ඔවුන් ගේ මතය දරමින් ඔවුන් ගේ ගමන යනවා. මා දකින්නේ මේ මොහොතේ මේ ශ්‍රිතයන් දෙකේ යම් සමපාත වීමක් සිදුවී ඇති බවක්. යම්කිසි විදියකින් අනාගතයේ දිනක මේ මතවල යම් කිසි පරස්පර විරෝධී බවක් ඇතිවුණොත් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඔබ තවදුරටත් තම මතයෙන් බැහැර නොවී ස්වාධීනව ඉඳීවි කියා?
සෝමා: මා දැනටමත් යම් යම් කරුණු වලදී පවතින රජයේත් නායකත්වයේත් තීරණ විවේචනය කරනවා. මේ සඳහා හොඳම උදාහරණය තමයි ලංකාවේ ඉඳිවුණු සිනමා ගම්මානය. කලකට ඉහත සිනමා කලාකරුවන් ගේ අදහස් විමසීමේ දී අපේ මූලික අවශ්‍යතා ලෙස අප දැක්කේ අද අපට නැති රසායනාගාර, ශබ්දාගාර සහ අනෙකුත් තාක්‍ෂණික පහසුකම් ස්ථාපිතකර ගැනීමයි. සිනමා ගම්මානයක් කිසිසේත්ම අපේ මූලික අවශ්‍යතාවයක් නොවන බව අප රටේ නායකයාට කියා සිටියා.
සිනමා ගම්මානයක් කියන්නේ මොකක්ද? පසුතල! අපේ මුළු රටම සිනමා ගම්මානයක්. සිනමා පට, ටෙලි නාට්‍ය සඳහා අවශ්‍ය හැම පරිසර පසුබිමක්ම අපේ රටේ ස්වභාවිකවම තියෙනවා. අපේ යෝජනාව වුනේ තාක්ක්‍ෂණික ව්‍යාපෘති. අපි ටෙලි සිනමා ගම්මානය ප්‍රතික්‍ෂේප කළා.
අපේ උපදෙස් නොතකා රජය සිනමා ගම්මානයට මුල්ගල තැබුවා. ඉන් පසුව අපව කැඳවා මේ ගැණ ප්‍රශණකරන විට මම ජනාධිපතිතුමගෙන් ඇසුවා, අපේ කමිටුව, රවීන්ද්‍ර, ජැක්සන්, මාලිනී, රෝහණ සහ මම ඇතුළු, මේ ගම්මානය හැදීම වෙනුවට ඉල්ලා හිටියේ තාක්‍ෂණික ආධාරයි. එහෙනම් මේ මුල්ගල තැබුවේ කාගේ යහපත සඳහා කවුරු කළ යෝජනාවක් අනුවද කියා. ඔහු කීවේ එය තමන්ගේ අවශ්‍යතාවය මත තමන් කරන දෙයක් බවයි. මා කීවා එහෙනම් අපේ කමිටුවෙන් ඇති වැඩක් නැහැ නේද කියා. එය මෙන්ම වෙනත් දේවලුත් අප විවේචනය කරනවා වැරදි තීරණ ලෙස.
මැතිවරණයේ දී මා මගේ මතය ප්‍රකාශ කර, ජනතාවට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටියාට, මම කිසි ලෙසකත් රජය හෝ එක්තරා නායකයෙක් හෝ ආරක්‍ෂා කිරීමට බැඳී නැහැ. මා හැම විටම සිටින්නේ රටට, ජනතාවට, අපේ කමට යහපතක් සිදු කළ යුතුයි යන ස්ථාවරයේ දී. පවතින රජයෙන් හෝ එහි නායකත්වයෙන් හෝ රටට, ජනතාවට, අපේ කමට, මහා විනාශයක් සිදුවේ යැයි ඉදිරියේ දී මට වැටහුණොත්, ඉදිරියේ දී මා එයට විරුද්ධව කතා කරනවා.
-කතන්දරකාරයා
ප/ලි:
ඔය උඩින් තියෙන ෆොටෝ එක හොයා ගත්තු වෙලාවේ තමයි තේරුනේ, මං මුලින් හිතං හිටපු ඈයෝ විතරක් නෙමේ, නීලා, කපිල සහ සුමිත්‍රාත් කඩේ ගිය බව. ඩබ්ලිව් ජයසිරිත් අනිත් පොරට කඩේ ගියා ටෙලිවිෂන් එකේ දැක්කා. ඇයි පබා බබා?
ප/ප/ලි:
මීලඟ නේම් ඩ්‍රොපින් කතන්දරේ එන්නේ මං දන්න තරමින් කඩේ නොගිය කලාකරුවෙක් ගැනයි. පසුගිය දිනයක බොරලැස්ගමුවේ මනෝරත්න නිවසේදී කතන්දරකාරයා මනෝරත්න සමග කළ කතාබහ ටයිප් කිරීමට ඉඩ ලැබුණු වහාම සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක් විදියට අනිවා ඩෙෆා දාන්නයි ඉන්නේ.
(image: http://www.dinamina.lk/2009/12/12/default.asp)
Subscribe to:
Post Comments (Atom)
කඩේ නොයන අය ඉන්න එක ගැන තමා අයියේ වැඩියෙන්ම සතුටු වෙන්න ඕනේ....
ReplyDeleteශුභ ඉරිදා දිනයක් වේවා!
ReplyDeleteකතන්දරට ස්තූති වෙන්නට යමක් කියවන්න ලැබුන.
කලාකරුවන්ට තම නිපැයුම් විකුනා ගැනීමට මාධ්යක් අවශ්යයි, ඒ මාධ්ය නිර්මානය කරනොගන්නෝ සිය කලාව කොතරම් හොඳ වුවත් සිය කලාව සමගම අභාවයට නොයන්නේ කලාතුරකිනි.
හරියට කඩේ යන්නට බැරි උන අයද ගොස් වැටුනු අයද අනෙකාට ඇඟිල්ල දික්කරන අවස්තා ඇත.
අප කාටත් අඩු වැඩි වශයෙන් කඩේ යන්නට සිදුවෙනවාය
රසානගාර ආදී පහසුකම් අවශ්ය නම් ඊලඟ වරත් වේදිකාවට නැගිය යුතු බව ව්යන්ගයෙන් කියන තේරුම් ගන්නට බැරි බබෙක්ද සෝමා?
(මෙය අතීතයෙ සිදු වූ දෙයක් බැවින් දැනටමත් එය සිදුවී තිබෙන්නට ඉඩ ඇත.)
කඩේ ගියාම තමා කාලා ඇදලා ඉන්න පුලුවන් වෙන්නේ...කට්ටිය ඒක හොදට දන්නවා
ReplyDeleteතමන් පක්ෂයකට, පුද්ගලයෙකුට කඩේ ගියේ නෑ කියා කටේ දිවේ නොගෑවී කියන මේ සෝමෙලා පහුගිය ජනාධිපතිවරණෙදි රූපවාහිනී දේශපාලන විවාද වලට පවා පක්ෂ නියෝජනය කරමින් ආපු හැටිත්, තමන්ගේ සාමාන්‍ය දැනීම ප්‍රදර්ශණය කොට රෙදි නැතිව ආපහු ගිය හැටිත් දැන් නම් අපේ ජනතාවට අමතකත් ඇති!
ReplyDeleteකතන්දර ඔය කියපු දෙවෙනි වර්ගෙට අයිතිවෙන තවත් සිනාමාකරුවෙක් තමයි ප්‍රසන්න විතානගේ කියන්නෙත්... අඩුතරමින් වර්ථමානය වෙනවිට ඔහු එහෙමයි! ඒ නිසාම තමා ඔහුට අවංකව තමා අදහන දේට අනුව සිනමා භාවිතාවක යෙදෙන්න හැකි වෙන්නේ...
මනෝගේ කතාව එනතෙක් මඟ බලා ඉන්නම්......
කොහොමත් කඩේ යන කවුරුත් කියන ප්‍රකාශය තමයි සෝමරත්නත් කියන්නෙ. ඒ තමයි "රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම" කියන ජනප්‍රිය මාදිලියේ ප්‍රකාශය. ඇත්තෙන්ම මේ කියන උදවිය අවුරුදු හැට ගාණක් රට ජාතිය වෙනුවෙන් පෙනී සිටියනම් රට ජාතිය අද තියෙන්න ඕනි තැන විතරක් අපිට සාපේක්ෂව හරි උපකල්පනය කරන්න පුඵවන්.
ReplyDeleteකඩේ ගියාට කමක් නෑ.. ඒත් අනෙක් කෙනාට බල්ලා කීමයි වැරදී...
ReplyDeleteඩෙ0ගු හෑදිලා රටේ මිනිස්සු මෑරෙනකොට, අපියි අපේ ලොක්කොයි මොනවකරන්නද කියලා අහපු කලාකාරයොත් ඉන්නවා.
ReplyDeleteකඩේ යන්නෙ නැතුව කොහොමද අඩුගානෙ අයිටීඑන් එකෙයි රූපවාහිනියෙයි සල්ලි දීලවත් තමන්ගෙ චිත්‍රපටියක් ගැන ඇඩ් එකක් දාගන්නෙ? ගොඩයන්න ඕනෙ නම් පොර ටෝක් දෙන ගමන් කඩේ යන්නම වෙනවා. පේනවනෙ සෝමා ඉන්ටවිව් එක ගොඩදාල තියෙන හැටි.
ReplyDeleteරේණු අක්කි හිටියෙ නැතෙයි?
ReplyDeleteකඩේ යාම හෝ XX දීම ප්‍රශ්නයක් නෙමෙයි.
ReplyDeleteඒත් අපි එහෙම කලේ සංවේදී කලා කාරයෝ නිසාය වගේ කතා කියන කොට තමයි තුවාලෙට ලුනු දානකොට වගේ දැනෙන්නේ . ..
ඒ තරම් සංවේදී කලාකාරයෝ නම් චන්දෙන් පස්සේ වෙන දේවල් වලට සංවේදී නැත්තේ ඇයි.
අර සංවේදී අවයව අසංවේදී වෙන තරම් චන්දෙදි තමන් කඩේ ගිය හෝ XX දුන්නු එකා පාවිච්චි කරලද . .
ඒවටත් අපිට පිලිගත හැකි හේතු දෙනවනම් මේ අයගේ අසංවේදී කම සාධාරණයි කියලා අපි හිත හදා ගන්නවා.
යකඩෝ සුනේත්‍රා?
ReplyDeleteඔක්කෝටම වඩා මට නම් දුක වසන්ති සහ රෝහණ ගැන.
ඔබ පොටෝ එක කඩේ ඇතුලෙදි ගත්ත එකක් නිසා ඒකෙ ඉන්න හැමෝම කඩේ ගිය අය කියල කියන්නයි යන්නෙ නේද?
ReplyDeleteතව කෙනෙක් කියයිද දන්නෙ නෑ "මම කඩේට ගොඩ වුනේ කඩේ යන්න බැහැයි කියල එන්නයි" කියල.
කිතුල් ගහට නැග්ග මිනිහටත් උත්තරයක් තිබුනු එකේ කඩේ ගිය එවුන්ගෙන් ඇයි කඩේ ගියෙ කියල අහන එක තේරුමක් නැති දෙයක්. මෙහෙම ගිහිල්ලා "කඩේ යාමේ අයිතියට අත නොතබව්" කියල උද්ඝෝෂණයක් එන්න බැරි කමකුත් නැහැ. එහෙම නැත්තං, කඩේ යන්ඩ තරංවත් කොන්ද පණ නැති එවුං විදිහට කඩේ නොයන අයව හඳුන්වන්න පටන්ගන්නත් ඉඩ තියෙනව.
තව කාරණයක්.
පහුගිය සතියේ එක කොමෙන්ට් එකක් තිබුනා ෙට්‍රාට්ස්කිවාදියෝ කඩේ නොයනවයි කිව්වට ඒ කට්ටියක් උන්ගෙ නායකයන්ට කඩේ ගියාය කියල. ඒ කතාව වැරදියි. කවුරුහරි තමන්ගෙ සහකාරිය හෝ සහකාරයා සමග ගියාට ඒකට කවුරුවත් කියන්නෙ නෑනෙ අවලමේ ගියා කියල, ගිහිං කරන වැඩේ එකම උනත්.
කඩේ යනව කියන්නෙ තමන්ගෙ ප්‍රතිපත්තිය පාවලා දීල වැඩ කරන එකයි.
-ට්‍රැපික් ඇනෝ
අකුරු වැරදුනා. පටන් ගන්නෙ "ඔබ" කියල නෙවෙයි "ඔය" කියල.
ReplyDeleteදුකාට මෙන්න තවත් ලුණු බිංදුවක්
ReplyDelete@දුකා අය්යා
ReplyDeleteහැබෑට වසන්තිත් කඩේ ගියාද..මා ඒබව දැනගෙන හිටියේ නෑ.
මේ පින්තූරෙ ඉන්නේ වසන්ති නෙමේ නේද.. මාලනිය නේද???
@ ගිමහානි
ReplyDeleteඩිංගක් ඔය මම දුකාට කියල දීපු ලුණු බිංදුව ක්ලික් කරල බැලුවනම්...
- සපතේරු උන්නැහේ
@- සපතේරු උන්නැහේ
ReplyDeleteහපොයි ඇත්ත නෙවෙන්නම්..
වස අප්පිරියයි අහන් ඉන්න...
අනේ මංද මොනව කියන්නද කියල,කතන්දරෙය්,කොමෙන්ට් ඔක්කොමය් කියෙව්ව. කොහොමත් සෝමරත්න හම්බවෙච්ච පලවෙනි දවසෙම ආපු first impression එක නං අන්තිමය්.
ReplyDeleteසුනේත්‍රා නෙමෙයි කලින් කොමෙන්ටුව සුමිත්‍රා වෙන්ට ඕන.
ReplyDeleteසපතේරු උන්නැහේ ගිම්හානිගේ පුරස්නෙට උත්තර දීලා තිබ්බා නේද?
මම නම් ඔව්වා බැලුවට පස්සෙ මේ කඩවල් ගානේ යන සංවේදී කලාකාරයින්ගේ කලා නිර්මානයක් වත් රසවිඳින්න හිතුවේ නෑ තාම .
අදාළ පිලිතුර කලින් "ඇක්ස්ට්‍රා ඉස්පෙෂල්" එකට දාපු නිසා. මෙතන ආයිත් දාන්නේ නැත. [ඊටත් කලින් එකටත් එ අදහසම ලියු නිසා].
ReplyDeleteකලාකරුවෝ මනුෂ්‍යයෝය කියා කෙටියෙන් සටහන් කරමි.
වික්‍රමබාහුට ඇයි කවුරුත් කඩේ යන්නේ නැත්තේ?
ReplyDeleteමොනව නැතත් ඩබ්ලිව් ජයසිරි අනෙක් පොරට කඩේ ගිය එක නම් හිතා ගත්තැහැකි.ඒ හේතුව මත කකාත් අනෙක් පොරට කඩේයන්න ඇති කියලයි මම නම් හිතන්නෙ
ReplyDeleteආමිකාරයොන්ට කඩේ යන්නේ ඇයි මං?
Deleteමෙන්න කඩේ යනවා නං මං යන අය ගැන මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2013/09/book-seeker-sms-service.html