Monday 23 September 2013

නිකං දුන්නත් මේ පොත නං නොදකින් - රෝහණ විජේවීර ප්‍රෝඩාව : Dont buy this book


මං මේ වෙනකොට කතන්දර බ්ලොග් එකේ පොත්-කතන්දර දහපාළහක් ම පලකරලා තිබුණාට ඒ එකක්වත් පොතක නරකක් කියපු ඒවා නම් නොවෙයි.

හැමදේට ම පළමුවෙනි පාරක් තියෙනවානේ. අද ඒ දවසයි.

මෙන්න මගේ අවවාදය මුලින් ම.

ඔය උඩින් කවරේ දාලා තියෙන ඔරුවල බන්දු ගේ නමින් දයාවංශ ජයකොඩි සමාගම පළකරපු පොත, ඒකේ නම විතරක් දැකලා නම්, මිළ දී ගන්න නම් එපා.

මේක මාර රැවටිල්ලක්!

පොත් ලයිස්තුවකින් මං මේ පොත ගැන දැක්කා. නම දැක්ක ගමන් කියවන්න ඕනෑ කියලා හිතුණා. මට එකක් ඕනෑ ය කිව්වා. සල්ලි දීලා ගත්තා. මං අහුවුණා!

මං මේ පොත ගන්න ඕනෑය කිලා හිතපු හේතු මෙන්න මේවායි.

1. මේ පොත ලියපු ඔරුවල බන්දු ගේ වෙනත් පොත් මං කියෝලා තියෙනවා. විශේෂයෙන් පොර එක්දාස් නමසිය හැටගනංවල මුල හරියේ රුසියාවේ ඉගෙන ගන්න ගිය කාලේ වුණු සිදුවීම්වල වාර්තා සහිත නවකතා. ඒ එක්කම පස්සේ කාලෙක, මං හිතන්නේ හැත්තෑව දශකයේ වෙන්න ඕනෑ, පස්තාච්චි කුපාඩි වැඩක් කරන්න ආපහු රුසියාව ගිහින් රුසියාවේ නිලධාරීන් ගේ කරදරවලට ලක්වෙලා ආපහු ඇවිත් ලියපු සෝවියට් සිර මැදිරියේ සිට කියන පොතත් මට හොඳට මතකයි. මේවා නවකතාවලට වඩා නිකම්ම වාර්තාමය සටහන් වුනත් නොදන්නා රටක නොදන්නා දේවල් ගැන ඒක පාර්ශවික හෝ විස්තරයක් දැනගන්න එකේ වරදක් නෑ. ගන්න දෙයක් තියෙනවා.

2. රෝහණ විජේවීර කියලා කූප්‍රසිද්ධ වුණු, නන්දසිරි විජේවීරත් ඔය ඔරුවල බන්දු ගේ කාලේම තමයි රුසියාවේ මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න ගිහින් තියෙන්නේ.

3. අනික මේ දෙන්නාම දැන් මැරිලා මිය පරලොව ගිහින්. හැමදාම නෑ, හැම තැනම නෑ!

ඉතිං ඔය කරුණු නිසා මට හිතුණා ලේඛක ඔරුවල බන්දු තම සමකාලීන විජේවීර විප්ලවවාදියා ගැන ලියපු දේ කියවන්න ම ඕනෑ ය කියලා.

මං පොත අරගෙන කියවන්න පටන් ගත්තා.

සාමාන්‍ය ඔරුවල බන්දු ගේ වාර්තාමය ශෛලියෙන් ම තමයි පොත ලිවිලා තියෙන්නේ. මුල් හරිය ටිකක් උනන්දුවෙන් කියෙව්වා. පොර කොල්ලා කාලේ රුසියාවේ යනවා. විජේවීරත් හමුවෙනවා. හැටේ දශකයේ රුසියාව ගැන සුපුරුදු විස්තර තියෙනවා. කොහොමින් කොහොමින් හරි පොත අවසානය දක්වාම කියෙව්වා.

දැන් මෙන්න මේ පොත මිලට නොගත යුතු වීමට හේතු.

1. මේ පොතේ නම රෝහණ විජේවීර වුණාට කතාවේ ප්‍රධාන චරිතය විමල් නොහොත් ඔරුවල බන්දුයි.

2. පොතේ අන්තර්ගතයෙන් 95% ක් ම තියෙන්නේ තියෙන්නේ මේ විමල් චරිතයේ කතාවයි. ඔහු ගේ විස්තරයි. කොටින්ම රුසියාවේ, යුරෝපයේ විමල් ආ ගිය තැන්, කළ කී දේ, ලංකාවේ නාලන්දේ විමල් ඉගැන්වූ කාලය ගැන විස්තර, විමල් ලියූ කවි, ගී යනාදිය ගැන මේ පොතේ සවිස්තරාත්මකව සඳහන් වෙනවා. විජේවීර ගේ නමත් අතරින් පතර, එහෙන් මෙහෙන්, පොඩ්ඩක් විතර සඳහන් වෙනවා.

3. ඒ කියන විමල් ගේ විස්තරවල බහුතරයත් අමුතු ඒවා, අළුත් ඒවා නොවෙයි. ඔරුවල බන්දු කලින් ලියපු පස් අවුරුද්ද, බීරියෝසා, වානේ වගේ පොත්වල තිබුණු දේවල්මයි. මං හින්නේ කෙලින්ම කට් ඇන්ඩ් පේස්ට්!

4. ඒ මදිවාට, එකම කවි පන්ති කිහිපය විවිධ තැන්වල දෙතුන් වර දාලා තියෙනවා. හරියට ඩිමෙන්ෂියාව ගැන අත් පොතක් වගේ.

5. කතාවේ අග හරියේ කාල වකවානු අම්බානක අවුල්. ඓතිහාසික කතාවක් වුණාට, මේ පොතේ ටයිම් ලයින් එක ගැන නම් කියලා වැඩක් නෑ!

6. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑනේ! විජේවීර රුසියාවේ ඉඳලා තමන්ගේ ඩිග්‍රිය ඉවර කරන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා මෙහේ නවතිනවා. ඔරුවල බන්දු එහේ වැඩ ඉවර කරලා, යුරෝපයේ රස්තියාදු ගහලා පස්සේ ලංකාවට ඇවිත් මෙහේ ජීවත්වෙනවා. කොහොම හරි කතාවේ අන්තිම වෙනකොට තේරෙන විදියට මේ දෙන්නා අවුරුදු විස්සක් ම එකට ලංකාවේ හිටියාට එකිනෙකා මුණ ගැහිලා තියෙන්නේ දෙතුන් පාරක් විතරයි. කොටින්ම හැත්තෑ එකේ කැරැල්ල ගැන, විජේවීර ගේ සිර ජීවිත කාලය ගැන, මට මතක හැටියට මේ පොතේ එක වචනයක්වත් නෑ.

පොත කියවලා ඉවර වුනාම මට දැනුනේ, අයියෝ අනේ අපරාදේ මගේ චූටි සුපියල් තුන්සිය කියලයි!

සල්ලි කෙසේ වෙතත් ඇතිවෙන ඉච්ඡාභංගත්වය සහ කේන්තිය ගැන නං කියලා වැඩක් නෑ.

ඒ හින්දයි මං කිව්වේ "නිකං දුන්නත් මේ පොත නං නොදකින්!" කියලා.

හැබැයි, ඔරුවල ඔන්දුගේ වෙනත් පොත් කියවලා නැති අයට මේ පොත නිකං හම්බ වුනොත් නං නොගෙන ඉන්න එපා.

ලූනු බිකත් බඩට නේ!

-කතන්දරකාරයා

මෙය සාහිත්‍ය මාසය වෙනුවෙන් පලවෙන තවත් පොත්-කතන්දරයකි.


66 comments:

  1. Replies
    1. මේ ඔයා පළවෙනි වෙන රහස කියන්ටකෝ මෙයා? :D

      Delete
    2. එහෙම කියන්න ඇහැක්කයි...?
      මේව රාජතාන්ත්‍රික රහස් නොවැ... :).

      Delete
    3. විනාඩි දහයෙන් නොවැ ගහලා ගිහින්න් තියෙන්නේ,පොඩ්ඩියි කෙන්ජීයි දෙන්නාම ඉන්නේ ඉර කලින්ම පායන රටවල නේද?

      Delete
    4. ලංකාවට ඉර පායන්නේ උදේ හයට!

      ගයිජින් ගේ නිප්පොන් රටට නේද උදේම ඉර පායන්නේ?

      Delete
    5. "වෙස්‌ට්‌ගේඩ් සාප්පු සංකීර්ණයට කඩාවැදී ඉස්‌ලාමීය ත්‍රස්‌ත කණ්‌ඩායම ශුද්ධ කුරානයේ වගන්ති සහ මහමත් නබි නායකතුමාගේ මවගේ නම ප්‍රකාශ කිරීමට නොහැකිවූ පුරුෂයන්, කාන්තාවන් හා ළමුන් ද මරා දැමූ බව සිද්ධිය සියෑසින් දුටුවෝ පැවසූහ."
      දිවයින

      අපේ කකා ළමයි , ස්ත්‍රීන් වගේ අහිංසක අය ම්ලේච්ච විදියට මරා දානවට විරුද්ධයි නේ. හැමදාම පන්සලට , සිංහල හමුදාවට බැන බැන ඉන්න එකේ ලියමුද කතන්දරයක් මේක ගැනත්. ඉස්ලාම් , ප්‍රචන්ඩත්වය , ම්ලේච්චත්වය හෙලා දැකල ? ;)

      Delete
    6. @ Anonymous September 24, 2013 at 4:18 AM

      මේ මොන මෝඩ කතාවක්ද?

      මං පන්සලකට හෝ "සිංහල" හමුදාවකට බැන්න එක තැනක් පෙන්වා දෙන මෙන් අර කලින් සමරසේකරටද කොහෙද කළ අභියෝගය ඔබටත් ඉදිරිපත් කරමි.

      Delete
  2. මම අද 3 වෙනියා

    ReplyDelete
    Replies
    1. ඔය කාගෙත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත.

      Delete
  3. පොඩි නේම් ඩ්‍රොපින් පාරක් දාලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මං දන්න විදියට නං නේම් ඩ්‍රොපින් කියන්නේ ප්‍රසිද්ධ පුද්ගලයින්ව තමන් දන්නා අඳුණන බව පෙන්නීමට ඔවුන්ගේ නම් සාමාන්‍ය කතා බහේ දී පවා සඳහන් කිරීමයි.

      මෙතන දී ඔරුවල බන්දු කරලා තියෙන්නේ නේම් ඩ්‍රොපින් එකටත් වඩා බරපතල වරදක්. එනම් පාඨකයා නොමග යැවීමයි. ෆෝල්ස් ඇඩ්වර්ටයිසින්!


      Delete
    2. මෙන්න මා ලියූ නේම් ඩ්‍රොපින් කතන්දර

      1. සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නය
      http://kathandara.blogspot.com/2011/05/sunday-special-extra.html

      2. කැසට් මුදලාලි ලා මාව රවට්ටලා මගේ කට හඬට නව රිද්ම මියුසික් දැම්මා
      http://kathandara.blogspot.com/2011/06/interview-with-rohana-beddage.html

      3. විජේරත්න වරකාගොඩ සමග හෝරාවක්
      http://kathandara.blogspot.com/2011/07/blog-post_17.html

      4. ජැක්සන් ඇන්තනි කතන්දරකාරයා සමග භාතිය සන්තූෂ් ගැන කියූ බයිලා
      http://kathandara.blogspot.com/2011/07/blog-post.html

      5. කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය
      http://kathandara.blogspot.com/2011/07/anura-kumara-dissanayake-f2f-with-kk.html

      6. අර්ජුන රණතුංග ගේ විහිළු සැපයීම
      http://kathandara.blogspot.com/2011/07/arjuna-ranatunge-acts-joker.html

      Delete
  4. //2. පොතේ අන්තර්ගතයෙන් 95% ක් ම තියෙන්නේ තියෙන්නේ මේ විමල් චරිතයේ කතාවයි//

    මම ගිය සතියෙ කාපු බයිට් එකකුත් මේවගේ කකා. කැලේ වැඩියි සතා අඩුයි.

    ReplyDelete
    Replies
    1. චෙහ්.... ඔෆිස් එකේ වැඩ කරගන්න එන එවුන්ගෙන් ජරාවට බීලා ඉවරවෙලා බයිට් එකට බනිනවා.... AGA ඔෆිස් වල එවුන් ඔහොමම තමයි......

      නිකන් දෙන අස්පයගෙ දත් ගනින්න එපා බන්......

      Delete
    2. @ AnonymousSeptember 23, 2013 at 8:52 AM
      //AGA ඔෆිස් වල එවුන් ඔහොමම තමයි......//
      ඔය කතාව වැරදියි බන්... AGA ඔෆිස් වල ඉන්න පිනට පත්වීම් ලද (තරග විභාගයක් පාස්වෙන්න බැරි) උපාදිදාරීයෝ (සියල්ලම නොවේ. අම්බානක් හොඳ උන්ද ඇත)ඔහොමම තමයි. ඒ මදිවට උන්ගෙ රැස්පොට්...

      අනේ කාලේ වනේ වාසේ..

      මේ කියන්නෙ උපාදියක් ගොඩදාගන්න බැරි වේච්ච පොෆයිල් එකෙන් එන්න කොන්ද පණ නැති එකෙක් ඉරිසියාවට හො‍‍‍ඳේ.. හිකිස්..

      Delete
    3. @!රාජ්
      රටකජු, කජු, අල පෙති හෙම කොහෙමත් කැලේ නේ! මා ඬැඩිපුර කන්නේ ඒවා!

      Delete
  5. ඔරුවල බන්දුගේ ඔය කතාන්දරය මට මතක් විදිහට දිවයින පත්තරේ පලවුනාද කොහෙද...? (පත්තරේ නම හරියටම මතක නෑ ), කොහොමත් ඔය කියන රුසියන් ජීවිතේ ගතකරපු හැටි ඒ කාලේ මං නම් ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. දියතෙද මන්දා ..මාත් ටිකක් බැලුවා.. මට ඇල්ලුවේ නැහැ වැඩිය.. ( කොහොමත් ජෙප්පෝ ඇලජික් මට )

      Delete
    2. කොයි පත්තරේ ගියත් පොතක් විදියට පලකරන කොට ටිකක් ආපහු කියෝලා බලන්න එපායැ!

      සමහර විට මේ පොතට ඔරුවල බන්දු අළුතින් සම්මාදම් නොවෙන්න ඇති!

      Delete
  6. //ලංකාවේ නාලන්දේ විමල් ඉගැන්වූ කාලය ගැන විස්තර//

    පොර ආනන්දෙ ඉගැන්නුව නම් මේ විස්තරේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා නේද?

    ReplyDelete
    Replies
    1. ඔබේ මිම්මෙන් මා නොමනින්න!

      Delete
  7. ඕක උණේ මෙහෙමයි. ඔය ඔරුවල බන්දු කාරයා දිවයින පත්තරේට ලියපු ලිපි වල එකතුවක්. පස්සෙ පොත ගැහුවා. එකම කවිය තැන් දෙක තුනක ඇත්තේ ඒ නිසයි.

    මොනවා කරන්නද පත්තර පොතුත් විකුණා ගන්න එපායැ! ඔරුවල බන්දුලා, ගාමිණී සුමනසේකරලා ජීවත් වෙන්නත් එපායැ. නැතුව උන්ට මැරෙන්නද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔරුවල බන්දු නම් දැන් මැරිලා!

      Delete
  8. ඕකෙ නේද අර විජේවීර දුම්මල ගහනවා කියල කෑල්ලක් තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මාතලංගේ ඇනෝ කමෙන්ට් මේ දවස්වල අතේ පත්තුවෙනවා නේද....

      Delete
    2. ඒ ශිෂ්‍යයින් ගේ විවිධ ප්‍රසංගයකද කොහෙද!

      Delete
  9. එයත් පොත් පහක් ලියලා තියෙනවා නේද? තාමත් ඒ පොත් පහමද දන්නේ නෑ උගන්නන්නේ.. මේ තරම කෙලවෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අද නයි ටෝක නැද්ද?

      Delete
    2. කා ගැනද මේ කියන්නේ?

      ඔරුවල බන්දු පොත් විස්සක් විසි පහක් ලියා තියෙනවා. වාර්තාමය නවකතාම දාහතරක්. ඔහු දැන් මැරිලා.

      Delete
    3. මාතලන්, විජේවීර පොත් පහක් නෙමෙයි පන්ති පහක් කරන්න පාඨමාලා පහක් ලිව්වෙ. ඒ අතරින් ඉන්දියානු ව්‍යාප්තවාදය වගේ එව්ව තාම වැලිඩ්.

      මාත් බන්දුගෙ මේ පොත කියෙව්ව. භාගයක් යද්දි අතෑරිය මොකද ඒකෙ තීන්නෙත් අර බෝම්බ සහ බැලුම්බෝල, කේ ජී බී සිරකරුවා වගේ නම් තීන පොත් සෙට් එකක තිබ්බ ඒවම වෙන විදියට ගලපල.

      ඔය පොතේ නමත් හරියට අර හෝටල් වල දෙන cashew with green piece කරිය වගේ තමයි. ග්‍රීන් පීස් අස්සෙ කජු බිකක් දෙකක් තීනව යන්තමට.

      Delete
  10. ඔය ඔරුවල බන්දුව ඌ රුසියානු කෙල්ලෙකුට ලවු කරපුව ගැන කතාවක් ලියල තිබුන.මට ඒක ගැනනම් ලොකු සැකයක් තිබෙන්නෙ.ඔතන විජේවීරය වෙනුවට බන්දුව පුම්බන කතා තමයි.මාත් කියවල තිබෙනවා.ඔරුවල බන්දුව කියන බොරු අතේ කයිතන් .බන්දුව හිටියනම් ඌව ආයෙ රුසියාවට යවන්න ඕන බොරු කීම ගැන පස් අවුරුදු ඩිග්‍රියක් කරන්න.

    ReplyDelete
    Replies
    1. මේක නම් කේන්තියෙන් කියපු කතාවක් නේද?

      මට නං හිතෙන්නේ ඔහු මුල් කතා ලිවුවේ අවංකවමයි කියායි. මේ පොතේ ප්‍රෝඩාව ඇත්තේ ටයිටලයේ විතරයි. ඒකට ඔරුවල බන්දු සමහරවිට වග කිව යුතුව නැතුවා විය හැකියි!

      Delete
  11. චාර්මි සහ අනිත් අය කියලා තියෙන දේවල් එක්ක එකඟයි.. අනේ මන්දා මට නම් ඔවුන් ටික පේන්න බැහැ.. මේ තරම් එපා වුණේ සෝමවංශ කියන විකාර නිසා.. ටිල්වින්ලා කමක් නැහැ කියමුකෝ.. ඒත් මේ සෝමවංශ මොනවද කියවන්නේ..තාමත් ඉන්නේ 89 ...

    _______________________________________________________
    " ළූණු බිකත් බඩටනේ " යන්නෙහි මුල්ම අන්තර්ජාල භාවිතය නවම් මාවතෙන්ද .. දෙවන භාවිතය සයිලන්ට්සහන්ගෙන්ද සිදු වී ඇත.
    " ලූනු බිකත් බඩට නේ " යන්නෙහි මුල්ම අන්තර්ජාල භාවිතය ඔබෙන්..

    ReplyDelete
    Replies
    1. මේ හැබෑට ඔය වචන දෙකේ උච්චාරණයේ වෙනසක් තියනවාද ?

      Delete
    2. මට නම් වෙනසක් ඇතුව උච්චාරණය කරන්න තේරෙන්නේ නැහැ.. හැබැයි සිංහලය ගැන ප්‍රාඥයෝ කියන විදිහට තියෙනවලු...

      නිවැරදි වචනය " ළූණු "

      Delete
    3. මං භාවිතා කෙරුවේ මලලසේකර ශබ්දකෝෂයයි. මේ බලන්න ඒ ආශ්‍රයෙන් සෑදු මධුර ඔන්ලයින් එක.

      http://maduraonline.com/?find=onion

      Delete
  12. නොමිලෙ ලැබුණොත් කියවන්නම්....

    ReplyDelete
  13. KK, Do you remember the name of the guy who translated a number of Russian (Soviet era) books in to Sinhala They were published by Soviet Publishing House (?) in 70s. (Just realized my memory isn't great nowadays!)
    Like ඔරුවල බන්දු, he too had a village name in front.

    ReplyDelete
    Replies
    1. දැදිගම වී රොද්‍රිගෝ රාදුගා ප්‍රකාශකයෝ ( දේදුන්න ප්‍රකාශකයෝ)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  14. කකා බන්දු නිකම් අවිහිංසක මනුප්පයෙක් කියල මට නම් හිතෙන්නේ. ඔහුගේ වරදවල් නම්, සාහිත්‍යමය ප්‍රතිභාවක් නොතිබීමත්,අධික ලෙස සෝවියට් දේශයට වන්දනා මාන කිරීමත් කියන දෙක. ඔහුගේ කතන්දර ඔබ කියන්න වගේ නිකම් වාර්තා. ඒවයෙත් වටිනාකම, අධික භක්තිය විසින් අඩපන කර තියන බවක් මා කියවන විට දැනුනා. ඔය යුරෝපයේ කරක් ගැහුවා කියුවට එහෙම ලෝකය දැක්ක වගක් මට නම් දැනුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මා ඔබ සමග එකඟයි. ඔහු අවංක ම නිසා තමයි මුල් පොත් ලියා ඇත්තේ. ඒවා වාර්තා වුනත් මා රස වින්දා.

      මේ පොත නම් අග හරියේ අන්තිම ජරාවක්. ඒ මදිවට ටයිටලය තමයි හොර වැඩේ!

      සමහර විට අවසාන කාලයේ ඔහු අනවබෝධයෙන් කළ කී දෑ වෙන්න ඇති. නමුත් ප්‍රකාශන සමාගමට මේ කර ඇති වරදට සමාව දෙන්න බෑ!

      Delete
    2. //අධික ලෙස සෝවියට් දේශයට වන්දනා මාන කිරීමත්//

      මිනිහගෙ අනික් පොත් බහුතරයක තියෙන්නෙ මට හිතෙන විදියට සෝවියට් නිළධාරීවාදි පාළනය ( විශේෂයෙන්ම කේ ජී බී රාජකාරි ) ගැන දොස් කියන ගමන් කොමියුනිස්ට් සන්කල්පය අගය කිරීමක් වගෙයි.

      Delete
  15. ඔන්න පුද්ගලික බස් රථ වල කොන්දොස්තර තනතුරට ස්ත්‍රී පක්ෂයටත් අවසර ලැබිල.

    ReplyDelete
    Replies
    1. අපි පාසල් යන කාලේත් හිටියා නේ කොන්දොස්තරී ලා?

      අර නිහාල් නෙල්සන් ගේ සින්දුවකුත් තියෙන්නේ!

      Delete
    2. එහෙනං ඒ අය කොල්ලොන්ගෙ පිටට අත තියල නග්ගගනියි.

      Delete
    3. හිටියා නේන්නම් කකා. මොකද වුනේ ඇත්තටම?

      Delete
  16. නොදකින් or නොගනින් ?

    ReplyDelete
    Replies
    1. මා නොදකින් කියා සිංහලෙන් ලියුවේ එහි ගැම්ම වැඩි නිසයි!

      Delete
  17. ඔය ඔරුවල බන්දුලා විජේවීරල අයත් වන්නේ සෝවියට් දේශයට ගිය මුල් ශිෂ්‍ය කණ්ඩායමට. විජේවීර නම් යනකොට යාන්තම් පාසලෙන් අවුට් වුණු ශිෂ්‍යයෙක්ලු. ඒත් ඔය ඔරුවල බන්දු කියන මනුස්සයා ඊට වැඩිය වැඩිමහල්. කුරු පොල් ගෙඩියක්. මතක හැටියට අවුරුදු තිස් ගාණකින් තමයි ගිහින් තියෙන්නේ. අනෙක මේ ගමේ බයියො ටිකකට මොස්කව් වලට ගියාම මැජික් වගේ. වයස මෝරලා ගියාම තවත් මැජික් වෙන්න ඇති. ඔය් එහෙම වශී වෙලා කියපු බයිලා තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔහු වැඩිහිටි සිසුවෙක් වූ බව පොතේ තියෙනවා.

      Delete
  18. නිකම් දුන්නත් එපාමද....හා හා එහ‍ෙනම් හා

    ReplyDelete
    Replies
    1. නිකං ලැබුනොත් කියවන්න කියා නේද මං කියලා තියෙන්නේ. ලූනු බිකත් බඩට!

      Delete
  19. කකා ඔරුවල බන්දුව පට්ට ගහල තියෙන්නෙ මොකද පරන තරහක්වත් තියනවද?සමහර කමෙන්ට් කරල තියන අය ගැනත් දුකයි.දැන් කාලෙ වගෙ ගම්වල ඉන්න මැද පංතියෙ අයගෙ ලමයින්ව බොහොම අමාරුවෙන් පිටරටකට ඉගෙනගන්න යවන්න පුලුවන්කමක් නොතිබුන කාලෙක රුසියාවෙ ලුමුම්බා සරසවිය ඒ වගෙ ලමයින්ට දීපු අවස්තව මමනම් අගය කරනවා.මොන දුර්වලකම් තිබුනත් බන්දු හොඳ ගුරුවරයෙක් මොකද මමත් 1973 වගෙ කාලෙ නාලන්දෙදි රුසියන් ඉගෙන් ගත්තා එයාගෙන්.බොහොම සරල ක්‍රම වලට ඉගැන්නුවෙ.අපි පිස්සු කෙලියට සමහර ලමයි හොඳට රුසියන් ඉගෙන ගත්තා.ඒ වගෙ හොඳට ඉගෙනගත්තු දෙන්නෙකුට ඒ දවස්වල රුසියාවෙ තිබුන පුරෝගාමී කඳවුරකට යන්නත් අවස්තාව ලැබුනාPioneer Camp පරන සෝවියට් දේශය සඟරා කියවපු අයට මතක ඇති මේ මොනවද කියල.කාලෙකට උඩදි නැතිවුන හර්ද රෝග විශේෂඥ ප්‍රමෝද් රනතුංග එක්කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. /* කකා ඔරුවල බන්දුව පට්ට ගහල තියෙන්නෙ මොකද පරන තරහක්වත් තියනවද? */

      ඒ ඔබ වැඩ කරන ආකාරයද?

      මෙහි මා ඔරුවල බන්දු ගැන දොසකට කියා ඇත්තේ ඔහුගේ වාර්තාමය රචනා ශෛලිය ගැනයි. ඔරුවල ගේ පොත් මා ඒ කාලේ කියවා රස වින්දා.

      මේ පොත නම් ප්‍රෝඩාවක්. ඔරුවල මිය ගිය පසු හෝ අවසාන කාලයේ කාගේ හෝ ගැටයකට අහුවුණාද? මෙහි ඇති විජේවීරයෙක් නෑ.

      පොත් ප්‍රකාශක සමාගම ද මෙයට වග කිව යුතුයි!

      Delete
  20. පල්ලේවෙල පිහිටි ඔරුවල බන්දුගේ ගෙදර ඉතා වටිනා පුස්ථකාලයක් ඇත.

    ReplyDelete
  21. මට පේන්නේ විජේවීරවයි, ඔරුවල බන්දුවයි දෙන්නවම විකුනලා වගේ. හැබැයි දැන්නම් විකුනන්න අමාරුයි.

    ReplyDelete
  22. ඔරුවල බන්දු කියන්නේ අන්වර්ථ නාමයක් නේද?

    ReplyDelete
  23. සිව් වසරක් මරදානේ කියන පොත් පින්ච දැක්කම නොදකින් කියල හිතෙන්නෙ නැද්ද​?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.