Friday 20 September 2013

සායි බබා ගේ අහවල් අවයවය සහ පිං පඬුරුවල බලේ - The easiest and cheapest way to get away with traffic offences


මේ පෙරේදා ද කොහෙද කතරගම දෙයියා ගේ බර්ත් ඩේ එක දවසේ පොරගේ අවතාරයක් බලන්න කෂ්ටිය හෝ ගාලා සෙට් වුනාට, පාටියට දෙයියා ආවේ නෑ. පුජා භාණ්ඩ, පඬුරු ටික ඒජන්ට් ලා දම්මලා ගත්තා විතරයි. ඒත් මං කියන්නේ නෑ කතරගම ගොයියා හොරෙක් ය කියලා.

ඇත්ත හොරු සෙට් එක තමයි කතරගමයියාව අපේ මෝඩ අයියලාට කිලෝ ගාණට විකුණනාගෙන කන කපටි නැකත්කාරයෝ, ආචාරියෝ සහ කපුවෝ.

හැබැයි පහුගිය දවස්වල මිය ගිය සායි බබා කියන ඉන්දියන්කාරයා නම් පට්ට හොරෙක්. (වයසින් වැඩිමහල් කෙනෙක් හින්දා මං බබයියා කියන්නම්).

සායි බබයියා ගේ රත්තරන් බඩු හොර වැඩ, අළු එක්ක, දිලීර එක්ක කරන මැජික් ගැන ඕනෑ තරම් විස්තර ලියවිලා, වීඩියෝගත වෙලා තියෙන නිසා මං ඒ ගැන අමුතුවෙන් ලියන්න යන්නේ නෑ.

සායි බබයියා ගැන කාලෙකට ඉස්සර පැතිරලා තිබුණු කතාවක් තමයි, එක දවසක් සායි බබයියි, තව කෂ්ටියකුයි ගමනක් යන කොට පැට්‍රෝල් නැතුව වාහනේ නතර වුණු වෙලේ, පොර වතුර ගෙනිච්ච කෑන් එකට ඇගිල්ල දාලා කරකෝලා ඒ වතුර කෑන් එක පැට්‍රෝල්වලට හැරෙව්වාය කියන එක.

ලංකාවේ හිටිය අංක එකේ උපහාසාත්මක ලේඛකයෙක් වෙන සිසිර කුමාර මාණික්කආරච්චි සායි බබයියා ගේ මේ විකාර ගැන හොඳ සරදම් ලිපියක් ලියලා තිබුණා. මේ ලිපිය මං කියෙව්වේ මාණික්කාරච්චි ගේ පොතක තිබිලයි.

මං හිතන්නේ මේ ලිපිය ලියපු කාලේ ඔපෙක් සංවිධානයෙන් බොර තෙල් නිෂ්පාදනය සීමා කරලා තෙල් මිල ඉහල ගිය කාලයක්.

සායි බබයිය ගේ කලින් කියපු පෙට්‍රෝල් මැවුම ගැන කියලා මාණික්කආරච්චි සායි බබයියාගෙන් ඉල්ලනවා "අනේ බබෝ, අපිට අනුකම්පා කරලා ලංකාවට එන්න, ඇවිල්ලා එක්කෝ ඔයා ගේ ඇඟිල්ල හරි නැත්නම් අහවල් අවයවය හරි බේරේ වැවට දාලා හොල්ලලා මුළු බේරේ වැවම පෙට්‍රෝල් බවට පත් කරන්න!" කියලා.

මේ කතාව මට මතක් වුනේ පහුගිය අඟහරුවාදා (17 සැප්තැම්බර්) මං ලියපු "දානයේ ආනිසංස" කියන පොත්-කතන්දරේ පිවිසුම ලෙස මං ලියපු පරණ කතන්දරයක කොටසක් ගැන සිංහල බ්ලොග් පාඨකයෙක් වෙන සමරසේකර දාලා තියෙන කමෙන්ට් එක හින්දයි.

මෙන්න ඒ පිවිසුමේ මං ලියපු වාක්‍යය.
පන්සල් ලඟින් යනකොට පස්ස පැත්ත උස්සන එක ගැන මං කලින් දවසක ලියල තියෙනවා. ඒ වගේම පන්සල් ලඟින් යනකොට කප්පං දෙනවා වගේ සල්ලි දාන එකත් අපි සමහරු කරන වැඩක්.
මෙන්න සමරසේකර ගේ කමෙන්ටුව.
මට ඔබේ මතයට එකඟ වෙන්න බැහැ. බස් එකේදී උනත් නුවර ඉඳල කොළඹට යනකොට ගැටඹේ බෝධියට පඬුරක් දමන්න හා ආසනයෙන් නැගිට බෝධියට වඳින්න මා පැකිලෙන්නේ නැහැ.

දැන් දින කීපයකට පෙරදී මා යාලුවෙක්ගෙන් ඉල්ලා ගත් කාර් එකකින් නුවරින් හැටන්, බලන්ගොඩ, හපුතලේ හරහා නුවරඑලිය පාරෙන් ආපහු නුවරට එන ගමනක් ගියා. කාර් එක ඉල්ලා ගත්තේ සවස බැවින් මට ලයිට් පරික්ෂා කරන්න බැරිඋනා. බැලින්නම් පත්තු වෙන්නේ හෙඩ් ලයිට් දෙක විතරයි. පිටිපස්සේ ලයිට් බ්රේක් ලයිට් මොකුත්ම නැහැ. ගමන නොයාත් බැහැ. මග දිගටම ට්‍රැෆික් පොලිස් ඉන්න නිසා දඩ කොළ ෂුවර්මයි. මම බොහොම අමාරුවෙන් ගැටඹේට ගිහිල්ල පඬුරක් දමල ආරක්ෂාව පතල ගමන ගියා. එන කල්ම කිසිම පොලිස් පරීක්ෂාවක් උනේ නැහැ. තැන් දෙකකදීම මට ඉස්සරහින් හිටි වාහනය නැවැත්තුවා.

මිට පෙර වතාවකදීත් මගේ ෆොක්ස්වාගන් කාර් එකේ වැලිමඩට ටන කොටත් ගියේ ගැටඹේට පඩුරක් දමල පෙරාදෙණියේ ඉඳල මම ගිහින් තියෙන්නේ බැටරි කරන්ට් එකෙන් කියලා දැන ගත්තේ ගෙදර ගියාමයි. ඒක හදා ගන්න බණ්ඩාරවෙලට ගියත් වැඩක් උනේ නැහැ. මම හිතුවේ නංගිගේ කාර් එක ඉල්ලගෙන ආපසු එනවා කියල. ඒ උනත් එයාට මගේ ගැටලුව තේරුනේ නැහැ. සවස පහේ ඉඳල මම සහ පවුලේ අය ආපහු නුවර එන්න පටන් ගත්තා. එන්ජිම නවත්වන්නේ නැතිව හෝන් ගහන්නේ නැතිව පාකින් ලයිට් වල පිහිටෙන් නුවරටම ආව. එන්ජිම විදුලිය නැහැ කියල කියන්න පටන් ගත්තේ ගෙදරට හරවන කොටයි. එතකොටත් කිලෝ මීටර 100ක් බැටරි කරන්ට් එකෙන් දුවල.

මම කියන්න හදන්නේ මුලින්ම භක්තිය සහ ශ්‍රද්ධාව වගා කර ගන්න කෙනාට පිහිට ලැබෙනවා නියතයි.
ඔන්න නුවර පලාතේ ඉන්න, ගැටඹේ හරහා වාහන පදවන අයට හොඳ චාන්ස් එකක්. තමන් ගේ පාරේ යාමට සුදුසු තත්වයක නැති වාහනය පාරේ යනෙන අන් අය ගේ ආරක්‍ෂාව ගැන නොතකා පදවමින් දඩ කොළවලින් ද බේරෙන්න දැන් ක්‍රමයක් තියෙනවා.

ගැටඹෙට පඬුරක් දාන එක විතරයි තියෙන්නේ...!!!

මගදී පොලිසියෙන් නවත්වලා දඩ කොළයක් හෙම දෙන්න ගියොත් ඒ අයට පොඩ්ඩක් මතක් කරන්න පිං පඬුරු ඩේටාබේස් එක චෙක් කරන්න කියලා එච්චරයි.

ඒ එක්කම වාහනයේ ඕල්ටර්නේටර් එක කැඩිලා නං ඒක හදන්න මහන්සි වෙන්න ඕනෑ නෑ.

ගැටඹෙට දාන එක පඬුරකින් කිලෝ මීටර් සියක් වුණත් යන්න පුළුවනි. මාතරම යනවා නං පඬුරු දෙකක් දාන්න.

-කතන්දරකාරයා

ප/ලි:
පස්සෙයි මතක් වුනේ, පඬුරු විතරක් මදි ශ්‍රද්ධාවත් ඕනෑ. ග්‍රෑම් දෙසිය පනහක් කීයද මන්දා දැන් ඒවා!

(image: http://www.graffitiwithpunctuation.net/2012/10/06/shaun-micallefs-mad-as-hell-dvd-giveaway/)

99 comments:

  1. අද හරිම බිසි.පසුව එනවා.

    ReplyDelete
    Replies
    1. පඩුරු ගැට ගහල විශ්වකර්ම දේවල් කරන්න පුළුවන් නම්,
      රටේ කන්න නැති අයට දවසට ආහාර මල්ලක්,
      ලෙඩ රෝග සුව කරගන්න එහෙම බැරිය පඩුරු ගැට ගහල.
      මේ වගේ ගොන් යක්කු ඉන්නවනෙ.

      Delete
  2. මම අද දෙවෙනියා.. මාත් බිසී. පසුව එනවා

    ReplyDelete
  3. වටින දෙයක් කිව්වෙ වාහනේ ලෙඩක් ආපු දවසක හදිසි ගමනක් යන්න යෙදිල තිබ්බොත් බාස් ලගට නොයා අනිව යන්නෙ ගැටඹෙ දේවාලෙටයි :D

    ReplyDelete
  4. තමන් කැමති දෙයක් ඇදහීමේ නිදහසත්, ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් හැමෝටම තියෙන හන්දා ඒ ගැන මුකුත් කියන්නේ නෑ.

    විශ්වාසය කියන එක පුදුම දෙයක්. දවසක් බණකට හාමුදුරු නමක් කීවා එළුවෙකිගේ ඇටවලට (නොදැන ) පූජා පවත්තපු කෙනෙක් ගැන.

    අපේ අත්තම්මත් ගැටඹේ හාස්කම් ගැන කතා කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්.

    කැමති කට්ටිය පඬුරු දාලා ගිහින් බලන්ට. හැබැයි තමන් කරන දේ හරියනවා කියන තද විශ්වාසයෙන්.:D

    ReplyDelete
  5. දැනට අවුරුදු ගානකට පෙර,සායි බබයිය ජිවතුන් අතර සිටිද්දී ජපානයේ TV විනෝදාත්මක වැඩ සටහනක් කලා ඔය වගේ හාස්කම් ගැන.
    සභාවට පැමිණි එක කාන්තාවක් පෙන්වූවා බබයිය ඇයට මවා දුන්න අත් ඔරලෝසුව.
    නිවේදක එය හොදට පරික්ෂා කර බලා සභාවේ අයට පෙන්නුව එහි යට පැත්තේ පැහැදිලිව තිබුන Made in Japan කියල කොටපු Citizen අත් ඔරලෝසුවක්.
    ඔන්න ඔහොමයි මැවිලි කාරයන්ගෙ වැඩ.

    ReplyDelete
    Replies
    1. බබයියාගේ කපුවා20 September 2013 at 21:12

      මේ තර්කය නම් ඒ හැටි සාර්ථක නෑ නේද? බබයියා මවන්නෙ නෑ, ready made දේවල් ගෙනත් දෙනවා මිසක්කා. ඒ නිසා එයාට ජපන් ඔරලෝසුවක් දුන්නට පුදුම වෙන්න දෙයක් නෑ. රත්තරන් මාල වලලු වුණත් කොහෙන් හරි උස්සලා බබයියා ළඟට ගෙනත් දෙන මළගිය ප්‍රාණකාරයෙක්/ බූතයෙක් නැත්නං බූතසෙට් එකක්ම පොරට හිටියා.

      Delete
  6. කකා ඔබ නොදන්නා දේවල් කොච්චර මේ ලෝකයේ තියෙනවද ? තමන් නොදන්නා දේවල් ගැන උපහාසයෙන් කතාකිරීමෙන් ලෝකෙට හෙලිවෙන්නේ තමන්ගේ පුකත්වය නේද ?

    සමරසේකර උන්නැහේගේ කොමෙන්ටුව කියෙව්වේ අද උදේ. ටිකක් මෝඩ පහේ විදියට ලියල තිබ්බ නිසා පොඩ්ඩක් හිනා ගියත් , ඔහුගේ එම විශ්වාසයට අගෞරවයක් නම් හිතේ ඇති උනේ නැහැ.

    කොහොම උනත් මේ මගේ අත්දැකීමක් කිහිප පාරක් සිදුවෙච්චි. ට්‍රැෆික් පොලිස් සහ දඩ කොළ සම්බන්දයෙන්.

    වාහනය පැදවීමේදී මාව පොලිසියෙන් හැම සැරේම අල්ලන්නේ වේග සීමාව පැනීම සහ සුදු ඉර කැපීම නිසා. වාහනේ නවත්වපු හැම දවසක මගේ සිද්දි වෙච්චි රාජ වශීය සිහි කරගෙන පොලිස් මහත්තයාගේ මුණ බලල හිනා වෙලා ඔන්න ඔහේ අදට යන්න දෙන්න මහත්තයා කියන එක විතරයි කියන්නේ. කිසි කතාවක් නැතුව රාලහාමි ලයිසොන් එක අතට දීල හා යන්න කියනවා. කිසිම දවසක දඩයක් කාල නැහැ තාම. ලෝ කතාකරන්න ගිහිල්ලත් නැහැ. යාප්පු වෙලත් නැහැ. මේ මගේ අත්දැකීම. කකා , තමන් නොදන්නා ශාස්ත්‍ර , විද්‍යාවන් ගැන නුගත් ආකාරයෙන් විවේචන කිරීමෙන් තමන්ගේ නුගත් කම සහ පුකත්වය ලොවට හෙළි වේ නේද ?

    ReplyDelete
    Replies
    1. විසි එක් වැනි සියවසේත් සමරසේකරලා, මහ සොහොන් පිල්ලිය වගේ මැටි චරිත ඉන්නවා. මොනව කරන්නද? මෝඩයි කියල මරන්නයැ!

      Delete
    2. /වාහනය පැදවීමේදී මාව පොලිසියෙන් හැම සැරේම අල්ලන්නේ වේග සීමාව පැනීම සහ සුදු ඉර කැපීම නිසා./

      මේ උදව් කරන දෙයියා නම් මාරම පොරකි. උදව් කරන්නේ රටේ නීතිය කැඩීමටය. මේ වගේ තව දෙයියන් කිහිප දෙනකු සිටියේ නම් රටම චකබ්ලාස්ය. සියල්ලටම පළමු මේ දෙයියා අල්ලා නඩු පැවරිය යුතුය.

      Delete
    3. මහසෝනා ඔයාගේ කමෙන්ට් එකත් සමරසේකර මහත්තයගේ එකට දෙවෙනි නැහැ .. නමුත් අවංකවම කියන්නේ මම නම් කිසි කෙනෙක්ගේ හිතේ විශ්වාසයට ගරහන්නේ නැහැ.. නමුත් සීමාව ඉක්මවා යද්දී නම් හිනා යනවා.. ( ඒකෙන් කියවෙන්නේ නැහැ ඔයාගේ කමෙන්ට් එකට හිනා යනවා කියලා හරිද ..? )

      Delete
    4. @සහන්
      කමන් නෑ බං හිනාවෙයන්. මේක මළගෙයක් නෙවේ නෙව අඬ අඬ ඉන්න. ;) එත් තමන් නොදන්නා සබ්ජෙක්ට් වලට හිනා වෙනකොට ඒ දේවල් දන්න උන්ට නම් හිනාවෙන කෙනාගේ පුකත්වය පේනවා ... ඒකයි මම කියන්න හැදුවේ .. .

      දරුවෝ ඉපදෙන්නේ මවගේ යෝනි මාර්ගයෙන් කියල ඉස්කෝලේ පහ වසරේද කොහෙදකියල පන්තියේ කොල්ලෝ මාස ගානක් (මම බොරු කියනවා කියල ) මට කින්ඩි දැම්ම කියලත් මට මතකයි මචං . එහෙව් දන්නවා කියල හිතන නුගත්තු රැලක් අතර ඉඳන් තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. උන් ලොකු වුනාම කින්ඩි දාන්නේ තමන් නොදන්නා වෙන දේවල් වලට .. මේ කකා වගේ ... හි හි .. කොහොම උනත් උන්ගේ පුකත්වය එහෙම්මමයි.

      Delete
    5. /වාහනය පැදවීමේදී මාව පොලිසියෙන් හැම සැරේම අල්ලන්නේ වේග සීමාව පැනීම සහ සුදු ඉර කැපීම නිසා./
      අනිත් පැත්තෙන් එලවගෙන එන එකාටත් ඔය දෙයියගෙම පිහිටාරක්සාව තිබ්බ නං උඹල දෙන්නටම දෙයියංගෙම පිහිටයි

      Delete
    6. පුකත්වය පේන්නේ උඹේ දෙයියාගේ මිස වෙන කාගෙවත් නෙවෙයි. උගේ නම් පුකත්වය නෙවෙයි වෙන වෙන දේවලුත් පෙනෙනවා.

      Delete
    7. මේ වගේ මැට්ටන් ඉන්නකල් ඉතින් අපේ රට හැමදාම තුන්වැනි ලෝකයේ රටක් තමා. මහරජාටම ගැළපෙන වැසියෝ!

      Delete
    8. /මම නම් කිසි කෙනෙක්ගේ හිතේ විශ්වාසයට ගරහන්නේ නැහැ../

      මෝඩකම පෙන්නා දීම ගැරහීමක්ද?

      Delete
    9. @ මහසෝනා


      මමත් යම් තරමකට එවැනි දේවල් විශ්වාස කරනවා. ඇතැම් දේහී සත්‍ය තාවයද දැක තියෙනවා. මගේ මෙන්න මේ පෝස්ට් එකේ කමෙන්ට් ටික කියවන්න. එතකොට ඔබට තේරේවි මම මෙවැනි දේවල් ගැන දරණ මතය...

      රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කරන්නේ ඇයි ? කල නොහැකි අවස්ථාවන් .


      යම ලොවට අධිපති යම රජ|.A horror story.


      නමුත් සීමාව ඉක්මනවා යමෙක් " මට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තිබේ. " යැයි කියයි නම් එයට මම එකඟ නොවෙමි. දෙවියෝ කියලා කොට්ඨාශයක් ඇති. නමුත් අපේ පිහිටට එන්නේ නැහැ, එක්කෝ පිටට එන්න බැරි කම නැත්නම් උවමනාවක් නැති කම.. ඇත්තටම ඔබ දන්නා යම් දෙයක් වේ නම් පුද්ගලිකව හෝ පවසන්න( silentsahan@gmail.com ). මොකද බළලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලන්නයි ඕනේ.. මහසෝනගෙන් උනත් උදව්වක් ගන්න මම පැකිළෙන්නේ නැහැ නහයට උඩින් වතුර ගිහින් තියෙන වෙලාවක...


      Delete
    10. බලනකොට මේකත් මිත්‍යා දෘෂ්ටිකයෙක්!

      Delete
    11. හැබැයි මාර්ග නීතියක් කඩලා බේරිලා යන එක නම් මහ ලොකු දෙයක් නෙවෙයි. ඔය පොලිස් දෙයියට රුපියල් දාහක් විතර පඬුරු දුන්නම කරගන්න පුළුවන්.

      Delete
    12. @ඕනය
      ලංකාවේ පාරවල තියෙන තනි සුදු ඉර අසම්පුර්ණ බව දුලිප් දන්නවා නේද ? සාමාන්‍යයෙන් සුදු ඉර තියෙන තැනක එක පැත්තක තනි සුදු ඉරත් , අනිත් පැත්තේ සුදු කඩ ඉරිත් තිබිය යුතුයි. ( දෙපැත්තෙන්ම වන්ගුවේ ඉදිරිය නොපෙනේ නම් පමණක් තනි සුදු ඉරි දෙකක් ) සුදු කඩ ඉරි තියෙන පැත්තෙන් ඕවර්ටෙක් කල හැකියි. නමුත් බොහෝ විට ලංකාවේ වංගු වල තියෙන්නේ තනි සුදු ඉර පමණයි. නමුත් එක පසකින් යනවිට වන්ගුවේ වුවත් ඈතට යනකම් පාර පේනවා. මේක ලංකාවේ මාර්ග සඥා ඇඳීමේ ඇති වරදක්. එවැනි වංගුවක ඈත පේන තැනකින් සුදු ඉර කපන්න දෙවියන් වත් වෙන මොකෙක් ගේ වත් ගේ පිහිට ඕනේ නැහැ. අනතුරක් නැහැ.

      පොලිසිය සාමාන්‍යයෙන් දවසේ ගාන කඩාගන්න , දවසේ නියමිත නඩු ගාන සම්පුර්ණ කරගන්න මේ වගේ තැන්වල ඉන්න බව ඔබ දන්නවා නේ. ඔවුන්ගේ එම කෝටාව සම්පුර්ණ කරගන්න, මාර්ග සඥා වල වැරදි නිසා , වරදක් නැතිව මට උර දෙන්න අවශ්‍ය නැහැ. වරදක් කරලා නම් එය දඬුවම් නොලබා මග අරවන් යන්න මම උත්සාහ කරලත් නැහැ මේ වෙනකන්.

      Delete
    13. මචන් පොලිස් කාරයා කොළු කාරයෙක් වෙන්න ඇති... ඒකයි හිනා වුනාම අනිත් පැත්ත හැරිලා යන්න කියුවෙ.... උඹ හැරුනාම ඌට සසර කලකිරිච්ච නිසා උඹට යන්න දෙන්න ඇති......

      Delete
    14. තමන් වරදක් කරලාත් වරදක් නොකළ බව සිතීමත්, ඊට දෙයියාගේ අනුමැතිය ලැබෙතැයි සිතීමත් මේ දේව භක්තිකයින්ගේ විශ්වාසයේම කොටසක්ද?

      Delete
    15. හැබැයි ඉතින් ඔය 'මහ සොහොන් පිල්ලිය' කියන බ්ලොග් එක ලියන්න නම් බුදු පිහිට දේව පිහිට ලැබිලා නැති පාටයි. 2012 අප්‍රේල් ඉඳලා තාම පෝස්ට් දෙකම දෙකයි.

      Delete
    16. @සහන්
      කියවල තියෙනවා සහන්. ඔබගේ ධර්මය සම්බන්ධ ලිපි මම ඉතා අගය කරනවා. හොඳ දැනුමකින් යුතුව ඒගැන අදහස් ප්‍රකාශ කරන බව පෙනෙනවා. දෙවියෝ පිහිටට එයි දෙවියන්ගේ පිහිට ලැබීමේ ප්‍රතිපදාවේ පිහිටපු කෙනෙකුට. ඔබට යම්කිසි රෝගයක් හෝ වෙනයම් අපහසුවක් සිදු වී ඇතිබව මට පෙනුනා. ඒ අපහසුතා වලින් ඉක්මන් සහනය හදවතින්ම ඔබට ප්‍රර්ථනා කරනවා.

      @ඇනෝල සේරෝටම
      දෙයියෙක් ගැන මම කොහෙද කියල තියෙන්න බං ? ඔය පුජා වට්ටි උස්සන් යන එකෙක් දිහා වත් දෙයියෝ පුකෙන් වත් බලන්නේ නැති බව මටත් හොඳටම සුවර්.


      Delete
    17. [මචන් පොලිස් කාරයා කොළු කාරයෙක් වෙන්න ඇති... ]

      එහෙම උදව් එන්නෙ කකාටනෙ

      Delete
    18. @මහසොහොන් පිල්ලිය,

      දෙයියා නෙවෙයි නම් උඹට මොකාද බං උදව් කරන්නේ? උගේ නම මොකද්ද?

      Delete
    19. @ මහසෝනා

      ඔබේ ඒ ලෙන්ගතු වචන වලට මම කෘතඥතාවය පළ කරනවා බොහොම ගෞරවයෙන් මිත්‍රයා...

      Delete
    20. ඉන්ද්‍රිය ගෝචර නොවන බලයන් ශක්තීන් පිළිබදව අවබෝධ අධ්‍යනය කල යුත්තේ ප්‍රත්‍යක්ෂ බුද්ධීයෙන් පමනයි.මෙම ශක්තීන් ප්‍රතික්ෂේප කරන්නාගේ තර්කය ජය ලැබීම නිරායාසයෙන් සිදුවේ.කර්මය පුනර්භවය නිර්වානය වැනි ඉන්ද්‍රිය ගෝචර තත්ත්වයන් පවා අන් අය අවබෝධ කර යුත්තේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් බවයි බුදු හාමුදුරුවොත් කිව්වේ..එබැවින් ඒවා ප්‍රතික්ෂේප කරන්නන් සමඟ තර්ක කිරීමට නොගෝස් නිහඩව සිටීම තමයි නියම බුද්ධි ඝෝචර වැඩේ...

      Delete
    21. ජෝති ඔබේ මුල් මතය සමග එකඟයි. නමුත් පැත්තකට වී බකං නිලාගෙන සිටීම බුද්ධි ගෝචර ක්‍රියාවක් වෙන්නේ නැහැ. එය පෞරුෂය , හැකියාව , සහ ප්‍රඥාව මදකම නිසා අධර්මයට බලවත්විමට ඉඩ දී සිටීමක් පමණයි. වැරැද්ද දැක දැකත් සිංහලයෙක්ව එසේ බෙලහිනව කරබාගෙන සිටීම ඇත්තටම නින්දාවක්.

      උදාහරණ යක් ලෙස මිලිඳු , නාගසේන සිදුවීම ගන්න. මිලිඳු රජු තමන්ගේ නාස්තික වැරදි දෘෂ්ටිය භාවිතා කරමින් තර්කයෙන් සියල්ලන් පරාජය කරා. තමන් නිවැරදි බව දන දැනත් කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඔහු සමග වාදයට ගියේ නැහැ. බියේ ඔබ කියුවාක් මෙන් සැඟවී පැන ගියා.

      මෙවන් සිදුවීමකින් අවසානයේ සිදුවන්නේ සාමාන්‍ය පුහුදුන් දුරදිග කල්පනා කල නොහැකි මිනිසුන් මේ දෙව්දත් බණ අසා ධර්මයට , පැවිද්දන්ට නින්දා අපහාස කොට අපාගත වීමත් , මිනිසුන්ගේ විශ්වාසය ගිලිහි ගිය පුරාණ සත්‍ය ධර්ම ශාස්ත්‍රයන් ඉක්මනින් ලෝකයෙන් අන්තර්ධාන වී යාමත්.

      එම නිසා තමන් විශ්වාස කරන, සත්‍ය බව දන්නා දෙයක් වේ නම්, තමන්ගේ එම විශ්වාසයන්ගෙන් කාටවත් හානියක් , හිරිහැරයක් නොමැති නම් ඒ වෙනුවෙන් පෙනී සිටීම නේද යුතුකම ?

      මෙතැනදී වෙනත් අතුරු තර්කයකුත් පැන නගිනවා නේද ? තර්ක කිරීමට නොගෝස් නිහඩව සිටීම නියම බුද්ධි ඝෝචර වැඩේ නම් නාගසේන රහතන් වහන්සේ බුද්ධි හීන මෝඩයෙක් , කලයුතු දෙය නොදන්නා කෙනෙක් යන නිගමනයට අපිට එන්න සිදුවෙනවා නේද ? දැන් මොකද මේකට කරන්නේ ? ;)

      Delete
    22. @මහසොහොන් පිල්ලිය
      ඔබගේ කතාව හරි.නමුත් සංවිදානාත්මකව මේවා ප්‍රතික්ෂේප කරන්නන් එසේ කරන්නේ අපගේ අනන්‍යතාව විනාශ කිරීමටයි. නියම බෞද්ධයන් මෙසේ නොවිය යුතු බවට ඔවදන් දුන්නත් ඔවුන් වැඩි පිරිසක් බෞද්ධයන් නෙවෙයි.ඔවුන් කිසිවිටෙක කිස්තියානි පූජකයන් සිදු කරන දේව කනනලවු ඇදහීම් යැදීම් තර්ක කරන්නේ නෑ.බයවෙන්න දෙයක් නෑ..අපි අපේ පාඩුවේ නිහඩව සිටිමු.ඔවුන්ට අපේ කම ඉක්මනට නැති කරන්න බැහැ.නමුත් ඔවුන් කවදා හෝ අපේ කම නැති කරනවා..ධර්මපාල තුමත් කියල තියෙනවනේ අපේකම නැති වෙන්නේ සුද්දන්ගෙන් හැදෙන අපේම කළු සුද්දන්ගෙන් කියල.දැන් බලන්න ලංකාවෙ හොදට ඉගෙන ගන්න අයගෙන් වැඩි පිරිසක් සේවය කරන්නේ පිටරටටනේ...

      Delete
  7. අර කවුද කිවා වගේ මිනිස්සු රවටන එක බොහොම ලෙහෙසියි තමන් රැවටිලා කියලා ඔවුන්ට ඒත්තු ගන්නනවට වැඩිය.

    ReplyDelete
  8. ගැටඹේ බ්‍රාන්ච් එකක් අපේ පැත්තෙත් පිහිටවන්න කියල මම වගකිවයුතුතන්ගෙන් ඉල්ලීම් කරන්න ඕන. කවුරුහරි ඉන්නව නං මේවගේ අනුහස් සිදුවන දේවාල, දෙවියන් සහ අදාල කාරණා ගැන අපව දැනුවත් කරන්න කියල කාරුණිකව ඉල්ලනව. මොකද ජීවන වියදම වැඩිපුර දැනෙන මේ කාලෙ අපිත් කැමතියි දඩයක් නොගෙවා යන්න, බයික් එකට වතුර ටිකක් ගහගෙන දුවන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි AGA ඔෆිස් වල වැඩ කරල දුන්නාම මිනිස්සු පෙට්‍රල් ගහලා දෙනවනෙ...

      Delete
    2. නෑ ඉතිං නිකංම ලැබෙනව නං වැඩ කරන්නෙ මක්කටෙයි?

      Delete
    3. අරක්කු බාගෙට වැඩ කරන එව්වො තමා වැඩි හරියක් ඔෆිස් වල ඉන්නෙ.... ෆීල්ඩ් එකේ යන එවුන්ට අරක්කු ඇරුනාම පෙට්‍රලුත් ලැබෙනවා....

      Delete
  9. කකා... සාහිත්‍ය මාසෙ වෙනුවෙන් ඔයා කවි පල නොකරට අපි මේ බ්ලොග් එකේ කවි පල කරා මම ලියපු එක කවි පෙලක් පහල දානවා.... පුලුවන්නම් මාසෙම ලියලා තියන කවි, හයිකු, නිසදැස් එක්කරලා විචාරයක් ලබා දෙන්න....

    අයියනායක - විමලරත්න කුමාරගම


    දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
    පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැනේ
    මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ


    ***************
    ඇදහිලි වලට පාමින් අමන නක්කලේ....
    තට්ට කකා ඇවිදියි ඇතුව වික්කලේ
    එවන් කිවිදෙකුට දැනුනත් ඒ උතුම් බලේ....
    අමන දනන් හට දුර වෙයි මොක් බලේ....
    ***************************


    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්වර දවස්වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම


    *********************
    කිරි ඉතිරීම වෙනුවට ගෙරි මස් කෑම...
    සැම දිනකදිම රහ මෙර වඩි දිව ගෑම....
    සමරිසි දනන් වෙත වැඩි ලීලය පෑම....
    මුගෙ සැනසුමයි ඇදහිලි වල දොස් පෑම....
    *****************************

    සාගත වසංගත හා එන නියඟවලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්


    ************************
    තොප වැනි නිවට මිනිසුන් පෙර ඇදිනගෙන.....
    විමලරත්න කිවිදුන් පෙර නෙලූ නෙලුමින.....
    අට-පහ හය-හතර නිසි ලෙස ඇදිනගෙන...
    පුහුදුන් ලොවට නිසි අභිමන් පුදනු මැන.....
    ******************************

    ReplyDelete
  10. කකා... සමහර බ්ලොග් කාරයො ඉන්නවා දෙවියන්ට යැදලා බ්ලොග් සටහන් දානවා.... ඒ කියන්නෙ දෙයියො බ්ලොග් බලනවා කියන එකද?

    ReplyDelete
    Replies
    1. දැන් මේ "දෙවියන්ට යැදලා"කියන වචනේ වෙන අඩවියකට ලින්ක් කරලා තියෙන්නේ කොහොමද කියලා පින්වතෙක් කියලා දෙනවාද?(කමෙන්ට් එකෙන් වෙන තැනකට ලින්ක් කරන විදිය)

      Delete

    2. <a href="http://lankajhothisha.blogspot.com/2013/09/blog-post_17.html"> දෙවියන්ට යැදලා</a>

      Delete
    3. මම දෙවියන්ට යැදලා හැමදාම ඉල්ලන්නේ මට ලොතරැයියක් ඇදෙන්නේ කියලා..

      Test

      Delete
    4. //සමහර බ්ලොග් කාරයො ඉන්නවා දෙවියන්ට යැදලා බ්ලොග් සටහන් දානවා.... ඒ කියන්නෙ දෙයියො බ්ලොග් බලනවා කියන එකද? //

      මොකෝ නැත්තේ දෙයියො බ්ලොග් බලනව විතරක් නෙවෙයි කමෙන්ටුත් දානවා ඔය පල්ලෙහා තියෙන්නේ

      තෙද බල ඇති කඳ සුරිඳු

      Delete
  11. ගැටඹෙට යනකන් ගියේ වාහනේ තල්ලු කරගෙනද දන්නෙ නෑ... මම හිතුවා ගැලඹේ දේවාලේ ගැරෙජ් එකක් ගැන කතා ලියන්න යනවයි කියලා...

    ReplyDelete
    Replies
    1. බක් ෆියට් එකේ දෙහි එල්ලලා තිබ්බෙ නැද්ද?

      Delete
    2. ඊට පස්සෙ වොක්ස්වගන් වෑන් එකකුත් ගත්තා... බක් ෆියට් එක විකුණුවා..

      Delete
    3. බක් ෆියට් නෙවෙයි, බග් ෆියට් නේද? රෝයල් එකට නේද ඔයා ගියේ අනේ?

      Delete
    4. ඒකේ හින්ගලෙන් ඉගෙන ගත්තේ..... හින්ගලද... සිංහලද....

      Delete
    5. මගේ ඊළඟ පෝස්ට් එකේ නයි ඇනෝ ගැනත් සඳහනක් තියෙනවා... මාර බැක් එකක් නේ දෙන්නේ.. ඒකේ නයි පිරිලා...

      Delete
    6. ඒ වුනාට සුද්දො එක්ක නේද කැලේ රිංගන්නෙ.... කන්ට්‍රි මියුසික් නේද අහන්නෙ..... එහෙම පුරාජේරු ගහන එකාට වැරදුනාම අපිටත් අවුල්....

      අනෙක මම ඇහුවෙ දෙහි එල්ලලා තිබ්බද කියලා....

      Delete
  12. කකා ඉතිං ගහන්න ගියාම පන්න පන්න ගහනවනේ. මෙහෙමයි මම නම් කෙනෙක් පන්සලකට පඬුරක් දාන එකේ මහලොකු වරදක් දකින්නේ නෑ. ප්‍රසිද්ද පන්සල් වල මොනවා උණත් ගමේ පන්සල් වල නම් පන්සලේ ලයිට් බිල ගෙවා ගන්නෙත් පින් කැටේ අතගාලා.ගැටඹේ පන්සල ගොඩක් පරණ එකක්. ඒකට කෙනෙක් ගෞරව කරනවා කියන්නේ වරදක් නෙවේ. ඒත් මෙතැන් තියන අවුල අපේ අය ඒකත් තමන්ගේ ලාබයට හරවා ගන්න එක. දළඳා මාලිගාව ගාව නැගිටලා අත් දෙක එකතු කරලා වදින වයසක අම්මලා තාත්තලා විතරක් නෙවේ 20 25 කොල්ලොත් මම නම් දැකලා තියනවා. ඒ වගේම යාන්තම් අධෝ වාතයක් අරිනවා වගේ පස්ස පැත්ත උස්සන අයත් දැකලා තියනවා. ඒක ඒ ඒ අයගේ හැටි කියලා හිතාගන්න එක තමයි හොදම වැඩේ. හැබැයි ඒවා මේ විදියට කතා කරන්න යන එකෙන් වෙන්නේ ඒවාගේ ඇත්ත වටිනාමත් හෑල්ලුවට ලක්වෙන එක.

    ReplyDelete
    Replies
    1. ඉහත ප්‍රකාශය සායි බබා නම් හොර තක්කඩියා ගැන කියපු දේට නම් නෙවේ ඔන්න

      Delete
    2. //මෙහෙමයි මම නම් කෙනෙක් පන්සලකට පඬුරක් දාන එකේ මහලොකු වරදක් දකින්නේ නෑ.//
      වැරැද්ද තමයි ඒ පඩුර දෙයියන්ට පගාවක් විදියට දීල රටේ නීතිය කඩන්න උන්දැලාගෙන් උදවු ඉල්ලීම

      Delete
    3. මං හිතන්නෙ ඔය සමරසේකර උන්නැහේලට පිහිටට එන්නේ නීති කැඩීමට අධිපති අයි. ආර්. සී. දෙයියෙක්! වරෙන්තු පිටද දන්නෙ නෑ ඉන්නෙ දැනටමත්?

      Delete
  13. එක් එක්කෙනාගෙ ශ්‍රද්ධාවන්ට , විශ්වාසයන්ට හිනාවෙන එකනම් එච්චර හොඳ නැහැ. කොච්චර දියුණු කාලෙක උනත් සමහරවෙලාවට විශ්වයේ අමුතු සිදුවීම් වෙනවා. ඒවා විද්‍යාවෙන්වත් , පරීක්ෂණ වලටත් හොයා ගන්න බැරිවෙනවා. ඒ නිසා හැම දෙයක් පිළිබඳවම තමුන්ගේ සිතිවිලිම ස්ථිර කරන්නත් හොඳ නැහැ. යම්දෙයක් ගැන විශ්වාසයක් ඇති වෙන්නේ මොකක් හරි හේතුවක් නිසාවෙන්. සායි බාබා ගැන මොනා කීවත් සයි බාබා ඒ රටේ මිනිස්සුන්ට කරල තියෙන්නෙ ලොකු සේවයක්. අපේ රටේ චන්දෙ කාලෙට කර සේවයන් වගේ නෙවෙයි. මෙහෙම කිව්වට ඇත්තටම මම සායි බාබගෙ අනුගාමිකයෙක් එහෙම නෙවෙයි ඔන්න .....

    ReplyDelete
    Replies
    1. එහෙමනං ගාලතැන්නෙ කපුමහත්තයත් ඒ පලාතෙ මිනිස්සුන්ට හෙනට උදවු උපකාර කරනවනෙ අප්පා . . . . මොනවා කලත් හොරා හොරාම තමයි

      Delete
    2. එච්චර දුර යන්න ඕනි නෑ පන්නිපිටිය පැත්තෙ ඉන්නවා බ්ලොග් ලියන ඩයල් එකක්................. කඹ දෙනවා, පිට්ටනි සෙට් කරලා දෙනවා, ජොබ් දෙනවා, දාන දෙනවා, කොල්ලො කෙල්ලො නිකන් ට්‍රිප් එක්ක යනවා....

      පට්ට සමාජ සේවෙ.... හැබැයි අමු හොරා....

      Delete
    3. උඹ සුද්දවන්තයා....කුරා කූඹියෙකුටත් වරදක් නැති එකා...අනේ පලයන් බං යන්න... උඹලට කරන්න පුළුවන් එකම දේ තමා බ්ලොග් ගානේ ගිහින් එක එකාට කුණු කතා කියන එක...

      Delete
    4. හලෝ අභීත ඇයි මේ ඇනෝ....

      Delete
  14. අපිට ලැබෙන කනා පිනා චෑන්ස් තමන් කැමති ඕනෑම දේකට ආදේශ කරගැනීම මිනිස් ගතියනේ කකා, පොලිස් කතාව නම් තනිකරම කනා චෑන්ස් , මමත් අදනම් පරිස්සමින් යනවා කියලා හිතා ගත්ත දවසට අනිවා දඩ. හැබැයි පිස්සු බල්ලා වගේ ආපු දවසට නෝ පොලිස් -(පඬුරු දැම්මද කියා නම් මතකයක් නැත.)
    අනික හාස්කම කියන්නේ නීති කැඩීමට ලයිසොන් දීමක්වත්, අනතුරු දායක ලෙස නියමිත් ධාවන් තත්වයේ නැති වාහන පාරවල් වල දමා දාස් ගානක් මිනිස් ජීවිත අනතුරේ හෙලීමට ලයිසොන් දීමක වත් නෙවේ.

    ReplyDelete
  15. කෙනෙක්ගේ ඇදහීම් වලට ගරහන්න එපා කකා..අනිත් එක සමරසේකර මහත්තයා කියන්නේ ටිකක් නිවී සැනසිල්ලේ ඉන්න මනුස්සයා වෙච්චි කාටවත් කරදරයක් නොකර.. මන් අහන්නේ ඇයි ඒ අහිංසකයවම මේ විදිහට අල්ලාගත්තේ...?

    ReplyDelete
    Replies
    1. මෝඩකම පෙන්නා දීම ගැරහීමක්ද? මට නම් ඔහොම කතා කියන එකෙක් අහිංසකයෙක් ලෙස පෙනෙන්නේ නැහැ සමාජයට වින කරන පුද්ගලයෙක් වශයෙන් මිසක. මොකද මේ තමන්ගේ මෝඩකම අනුන්ටත් හඳුන්වා දීමේ උත්සාහයක්.

      Delete
    2. සමරසේකර මහත්තයාගේ කමෙන්ට් එක දැකපු වෙලේ මටත් අවංකවම හිනා ගියා. ඒත් ඉතින් ඒක එයාගේ විශ්වසයනේ..

      Delete
    3. ඒත් ඉතින් ඒක එයාගේ ගොන්කමනේ..

      Delete
  16. පහේ සිස්සත්තෙට යන කොළු කෙළි පැටික්කියන්ට ජප කරපු පෑනුත් විකුණන්ට තියෙන්නේ!
    වාහන කිව්වම මතක් උනේ...ඔය එල්ලල තියෙන දෙහි ගැට, මිරිස් එතකොට අර නයි පෙනේ තියෙන ස්ටිකර් වලින් ට්‍රැෆික් උත්තමයින්ගෙන් බේරලා දෙන්නැත්ද?

    ReplyDelete
    Replies
    1. අපි නම් වාහනේ නැග්ග වෙලාවෙ ඉදන් බලන්නෙ එල්ලෙන එව්වා පොලිස් කාරයන්ගෙන් බේරගන්න විදිහක්.....

      Delete
  17. කකා, මෙහෙමනේ මේ ගොයියලා/දෙයියලා දැන් මිනිස්සුන්ගේ පගා වලට හුරු වෙලා. ඉටු කරලා දෙන්නෙත් නීති විරෝධී වැඩ, හරියට මිනි මැරීමට උපකාර කිරීම, බැංකු කැඩීමට උපකාර කිරීම වගේ දේවල්.වැඩි ගානක් යට කරලා, වශී බෝල ජීවම් කරලා මේවට වඩා දේවල් කරන්න පුළුවන්. මේ කියන උදාහරණයෙනුත් බලා පොරොත්තු වෙලා තියෙන්නේ, පාරට දාන්න බැරි වාහනයකින්, තමන්ට හා අනික් අයට සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂාව ඉල්ලීමක් නොවේ. එවැනි අනතුරු නොකිරීමට සම්මත කර ඇති නීතිය කැඩීම නිසා ගහන දඩයෙන් බේරෙන්න උදවු ඉල්ලීමක්. ඔන්න හැටි. මේ අයියල විතරක් මේ ලෝකයේ හිටියා නම්, තාමත් කැලේ තමයි. අඩුම ගානේ ගොන් කරත්ත හා පුස් කොළ පොත් වත් නැහැ!

    ReplyDelete
  18. දැන් නම් දෙයියට මළ පැනලා ඇත්තේ මේ කමෙන්ට් කියවලා. අද රෑට ඇවිත් කකාගෙ බෙල්ල මිරිකයිද දන්නෙ නෑ. අනේ අපි නම් ගාව ගන්න එපා ඕවට.

    ReplyDelete
    Replies
    1. කකා සම රිසි නිසා දෙයියොත් ලගට එන්න බයයි.... කතරෙට උනත් ඔලු හයක් තිබ්බට එක පුකයිනෙ....

      Delete
    2. කතරෙත් අපේ කකාට බයයි එහෙනං ඈං?

      Delete
    3. නැත්තම් බන් හයෙන් කාලා එකෙන් රෙන එකා කොහොමත් අපි හිතනවට වඩා තමන්ගෙ පුක ගැන හිතනවා.....

      Delete
    4. කතරේ මේක කියෙව්ව නම් උඹට ත්‍රිශූලෙන් ඇනලා මෙලහට.

      Delete
    5. ත්‍රිශූලෙන් ඇන්නට නම් කමක් නැහැ වෙන එහෙකින් අනින්නේ නැතුව..:)

      Delete
    6. කතරෙ බ්ලොග් කියවනවා.... අර ජෝතියා දාලා තියෙන්නෙ කතරෙට රික්වෙස්ට් එකක්......

      Delete
    7. හිටියොත් දෙකට නැමී - කකාත් පුකට අරී

      Delete
  19. One of you better posts KK,.
    To- කතන්දර බ්ලොගය සුරැකීමේ ජාතික සංසදය නම් ඇනෝ සංවිධානහි සාමාජිකයින්- billions of apologies for still writing in English and defacing/smearing/corrupting your beloved blog with my lazy ugly eye-sore of a comment. (hey, at least i got your name in Sinhala, so cut me some slack will you!). I stopped writing for a while in order not to hurt your Sinhala purist sensibilities but this post is too good to keep silent. Sorry!

    Sisira Kumara Manikkaarachi - "SAGARAYAK MEDA AMANA RATAK ETHA" AND "YANUKEE HEYIN" . These books are getting more and more relevant with the recent increase in superstitions.

    ReplyDelete
    Replies
    1. කරුණාකර යුනිකෝඩ් භාවිතා කරන්න... අපට ඔබ සමග අමනාපයක් නැත.... යුනිකෝඩ් ඉතා පහසුයි....

      කලිනුත් පැවසුවා සේ මොන පොත තිබුනත් ආනන්දෙ තමයි ඉස්කෝලෙ පොත පොත් අතරින් ඉතාම හොද පොතයි......

      -කතන්දර බ්ලොගය සුරැකීමේ ජාතික සංසදය-

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. යුනිකෝඩ් ඉතා පහසුයි. I believe you buddy I truly believe you. But wrting in English is even more පහසුයි!!
      Sorry. I'm incorrigible. Have never been good at doing what I'm told to do!

      "ආනන්දෙ තමයි ඉස්කෝලෙ" පොත පොත් අතරින් ඉතාම හොද පොතයි-- Hmmmmm........ කකාගේ කත්රු බාගය සුරැකීමේ ජාතික සංසදය ???

      Delete
  20. /එන්ජිම විදුලිය නැහැ කියල කියන්න පටන් ගත්තේ ගෙදරට හරවන කොටයි.එතකොටත් කිලෝ මීටර 100ක් බැටරි කරන්ට් එකෙන් දුවල./

    මේ නම් නාථ දෙයිය වෙන්න බෑ. නාථ දෙයිය දන්නෙ රසායන විද්‍යාවනෙ. මේ එලෙක්ට්‍රිකල් මිකැනික් දෙයියෙක්!

    ReplyDelete
  21. විශ්වාසය is putting පඬුරු in advance. That's payment for a safe journey up front isn't it? Trusting the god not to pocket the පඬුරු and forget to provide security. Might be better to give half on the way and the balance when you return!
    Do not encourage supernatural powers to cheat! Put a deposit and complete payment when u return safely, especially since you don't get a refund in case of failure!.
    There KK, I did not do කෙනෙක්ගේ ඇදහීම් වලට ගැරහීමක්. Only some good financial advice! Do you think I can escape the wrath of දෙවියන් ඇදහීමේ ජාතික සංසදය නම් ඇනෝ සංවිධානය like I do with කතන්දර බ්ලොගය සුරැකීමේ ජාතික සංසදය!

    ReplyDelete
    Replies
    1. දෙවියන් ඇදහීමේ ජාතික සංසදය නම් ඇනෝ සංවිධානයක් නොමැත. එය ප්‍රොෆයිල් බලකායකි.....

      අපේ අදහස් දෘශ්ටිමය මතවාදයකින් තොරවූ ස්වායක්ත කොමෙන්ටුයි.....

      අපි කඩේ යන්නේ කකා වෙනුවෙන්ම පමණි.......

      මෙම සංගමය කලකට ඉහත බ්ලොග් යුක්ති ධර්මය පිළිබද කකාට ඇතිවූ ප්‍රශ්න වලදී අපගේ මැදහත් භාවය රැකීම නොමනා යයි වැටහුන හෙයින් ඇනෝ වරුන් කිහිප දෙනෙක් එක්ව ආරම්භ කරන ලදුව දින පතා රැස්වීම් පවා පැවැත්වූ ක්‍රියාකාරී සංවිධානයකි.....

      කකාට නිසි යුක්තිය ඉටුවී ඇති බැවින් අපේ හඩ නිසල කර තිබුනද කකා වෙනුවෙන් අපි සදා පෙනී සිටිමු....

      -කතන්දර බ්ලොගය සුරැකීමේ ජාතික සංසදය-

      Delete
    2. LOL. I like you guys (guys right?) more than you lot like me!!

      Delete
    3. \\(guys right?) \\

      no wonder why you forgot to use d mother language b'cause u r living in a British colony !

      Delete
  22. ජේසු උන්නැහේ මලවුන්ගෙන් නැගිටපු එක ගැන කකා මොකෝ හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. The book "Jesus the Man" written by Barbara Thiering suggested that Jesus and Judas Iscariot had been crucified together but Jesus survived, married Mary Magdalene, travelled around the Mediterranean area and then died in Rome.

      Delete
    2. කතාව ඇත්තද එතකොට?

      Delete
    3. කෝ ජේසු උන්නැහේ ගැන කතා නෑ නෙ?

      Delete
    4. 5.54 ඇනෝ......බලපන් කොච්චර පාස්ටර්ලා මිනිස්සුන්ව අන්දනවද කියලා. මේක මචං. ආගම හා සම්බන්ධ ප්‍රශ්ණයකට වඩා මොන රෝලක් ගහලා හරි අහිංසකයෝ මුලා කරන ගේමක්. හින්දු පූසාරියොත් එහෙමයි. ඉස්ලාම් මුල්ලලාත් එහෙමයි. ඇබිත්තකට හරි (මේ ආගම් නෙවෙයි )මේවා කඩ ලෙස පවත්තගෙන යන උදවිය ගැන උඹ මොකක් හරි ලියපං. මම උඹට මේ ආගමික කඩ ගැන මම දන්න සියලුම තොරතුරු දෙන්නම්. වනචර හාමුදුරු වගේම. ෆාදර්ලා. මුල්ලලා, පූසාරිලත් ඉන්නවා.

      රයිගම්ගේ බ්ලොග් එකේ එයා කියනවා වගේ... ලිංගික අවශ්‍යතාවයන් තිබෙන්න පුලුවන්. පුලුවන් නෙමේ ..තියෙනවා අනිවාර්‍යයෙන්ම...ඒ වැඩේ කරගත්තට කමක් නැහැ කැමැත්තෙන්. අපයෝජනය නොකර. ඕවා නොකරන්නනම් නොවෙන්නනම් රහත් සඟ පැටවු සහ කුරුසේ ගහපු ජේසු පැටව් බිහි වෙන්න වෙයි. උඹ යතාර්ථයේ ජීවත්වෙන ඇනෝ කෙනෙක් බව මම හිතමි.

      Delete
  23. මිනිසුන්ට තමන්ට කැමති දෙයක් ඇදහිමට නිදහස ඇති නමුත් නුගත් විලසින් එය සමාජගත කිරීම පිළිගත නොහැකිය. මේ දේවල් සත්‍ය නම් අප කුඩා කල ඉගෙන ගත් විද්‍යාව සහ භෞතික විද්‍යාව බොරු වනු ඇත !!!

    ReplyDelete
    Replies
    1. විද්‍යාව ඇත්ත බව කියන්නේ කව්ද සනෝජ්. හැම දේම සාපේක්ෂනෙ. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඉස්සර කට්ටිය කිව්වා තමන්ට පේන ආකාරයට ඉර පොලව වටේ කැරකෙනවා කියල. ඒක බොරු කිව්ව එවුන්ව පුච්චලා මැරුවා. ඇක්වයිනාස් වගේ අය මේ මතය විද්‍යාත්මකවත් ඔප්පු කරන්න හැදුවා. එ යුගයේ ඇත්ත ඒක. පොලව ඉර වටේ යනවා කියපු එකා මෝඩයෙක් හරකෙක් පිස්සෙක්. දැන් මෙතන පොර ටෝක් දෙන කට්ටියගේ හැසිරීමත් ඒ වගේ නේද. මිනිසාගේ ප්‍රත්‍යක්ෂයට හසු වෙන්නේ බොහොම ටිකයි. විද්‍යාත්මකව කියන විදියට බල්ලන්ට අපට වැඩිය පෙනෙනවා. එතකොට උගේ ප්‍රත්‍යක්ෂය අපට වඩා දියුණුයි. එතකොට බල්ලෙක් ඌට පේන දේ බැරි වෙලාවත් කාට හරි කිව්වොත් (කියන්නේ නැ තමයි, එහෙම හිතුවොත්) මට කියන්න පුලුවන්ද පල බල්ලෝ යන්න මට එහෙම පෙන්නේ නැ කියල එතකොට කවුද මොඩ.
      අපිට ප්‍රත්‍යක්ෂ නොවන දේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්තගාමී නොවී මැදිහත්ව හැම දේ දිහාම බැලුවාම නොපෙනෙන ගොඩක් දේවල් පේනවා. අනික දැන් බටහිර පවා මේ දේවල් ගැන විද්‍යාත්මකව පරීක්ෂණ කරන්න පටන් අරගෙන තියෙනවා. මම කියන්නේ දෙයියන්ට කප්පන් දීම නෙවෙයි. නොදන්නා දේවල් තියෙනවා වෙන්න පුළුවන් නෑ වෙන්නත් පුළුවන් . ඒවා පිළිගන්න අයට මම පොර කියල පහත් කරලා සලකන්න හොද නැහැ. එතකොට මමත් ඒ තත්වයටම පත් වෙනවා.
      ටිකක් පිස්සු වගේ ඇති. ගණන් ගන්න එපා. මේ මගේ පලවෙනි comment එක.

      Delete
    2. විද්‍යාව ඇත්ත බව කියන්නේ කව්ද සනෝජ්. හැම දේම සාපේක්ෂනෙ. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඉස්සර කට්ටිය කිව්වා තමන්ට පේන ආකාරයට ඉර පොලව වටේ කැරකෙනවා කියල. ඒක බොරු කිව්ව එවුන්ව පුච්චලා මැරුවා. ඇක්වයිනාස් වගේ අය මේ මතය විද්‍යාත්මකවත් ඔප්පු කරන්න හැදුවා. එ යුගයේ ඇත්ත ඒක. පොලව ඉර වටේ යනවා කියපු එකා මෝඩයෙක් හරකෙක් පිස්සෙක්. දැන් මෙතන පොර ටෝක් දෙන කට්ටියගේ හැසිරීමත් ඒ වගේ නේද. මිනිසාගේ ප්‍රත්‍යක්ෂයට හසු වෙන්නේ බොහොම ටිකයි. විද්‍යාත්මකව කියන විදියට බල්ලන්ට අපට වැඩිය පෙනෙනවා. එතකොට උගේ ප්‍රත්‍යක්ෂය අපට වඩා දියුණුයි. එතකොට බල්ලෙක් ඌට පේන දේ බැරි වෙලාවත් කාට හරි කිව්වොත් (කියන්නේ නැ තමයි, එහෙම හිතුවොත්) මට කියන්න පුලුවන්ද පල බල්ලෝ යන්න මට එහෙම පෙන්නේ නැ කියල එතකොට කවුද මොඩ.
      අපිට ප්‍රත්‍යක්ෂ නොවන දේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අන්තගාමී නොවී මැදිහත්ව හැම දේ දිහාම බැලුවාම නොපෙනෙන ගොඩක් දේවල් පේනවා. අනික දැන් බටහිර පවා මේ දේවල් ගැන විද්‍යාත්මකව පරීක්ෂණ කරන්න පටන් අරගෙන තියෙනවා. මම කියන්නේ දෙයියන්ට කප්පන් දීම නෙවෙයි. නොදන්නා දේවල් තියෙනවා වෙන්න පුළුවන් නෑ වෙන්නත් පුළුවන් . ඒවා පිළිගන්න අයට මම පොර කියල පහත් කරලා සලකන්න හොද නැහැ. එතකොට මමත් ඒ තත්වයටම පත් වෙනවා.
      ටිකක් පිස්සු වගේ ඇති. ගණන් ගන්න එපා. මේ මගේ පලවෙනි comment එක.

      Delete
  24. අසා ඇති සමහර ප්‍රශ්නවලට පොදු පිළිතුරක් දෙන්නම්.

    සමරසේකර ගේ දේව හො යක්‍ෂ ඇදහිල්ල, භක්තිය හෝ ශ්‍රද්ධාව ගැන මගේ අවුලක් නැත. ඔහු ගේ මිත්‍යාදෘෂ්ටිය ඔහුටය.

    නමුත් ධාවනයට නුසුදුසු වාහන අනාරක්‍ෂිත ලෙතස පදවමින්, වාහනයේ ගමන් ගන්නා අය, පාරේ අන් වාහනවල යන අය සහ පාරේ යනෙන අනෙකුත් අයගේ ජීවිත අනතුරේ දැමීම සහ කඩකළ මාර්ග නීතිවලට ලැබිය යුතු නීත්‍යානුකූල අඩුවම්, දඩ නොලබා සිටිමට විධික්‍රමයක් ලෙස පඬුරු දැමීම මාකටින් කිරීම ගැන නම් මට ප්‍රශ්ණයක් ඇත.

    මා ඔගුව මේ කතන්දරයකට ඇද ගත්තා නොවේ. ඔහු මගේ වෙනත් කතන්දරයකට දැමූ කමෙන්ටුවක් නිසා මේ කතන්දරය ලියුවෙමි.

    මා ජීවිතයේ තුන් වරක් වේග සීමාවට උඩින් ගොස් දඩ කා ඇත. ඒ තුන්වරම මා නිවරදි සීමාව නොදැන උපකල්පන මත ක්‍රියා කිරීම නිසා සිදුවූ ඒවාය. ඒත් ඒ එකිණෙකක් අනෙකෙන් වෙනස් වූ සංසිද්ධීන්ය. එකම වරද දෙවරක් නොකෙරුවෙමි. දඩ නිසි පරිදි ගෙවා දැම්මෙමි.

    ජීවිතේට දෙයියන්ට හෝ පොලීසියට හෝ වෙනත් අයෙකුට හෝ පගා දී නැත. දෙන්නට අදහසක් ද නැත.

    එසේම මා ඕනෑ තරම් පන්සල්වලට ආධ්ර කර ඇත. පින් කැටවලට සල්ලි දමා ඇත.

    නමුත් ඒ මගින් අයථා ප්‍රයෝජනයක් රියල් හෝ මිත්‍යා ලෝකයේ කිසිවෙකුගෙන් නොපැතුවෙමි.

    ReplyDelete
  25. ITHIN APATA BREAD DA?

    ReplyDelete
  26. මේ රටේ මිනිස්සුන්ට ඉතා ඉක්මනින් සමහර දේවල් අමතක වෙනවා.මගෙ මෙහෙම පුරුද්දක් තිබෙනවා ඔය හොරුන්ගෙ අනාවැකි ලියා ගන්න එක.එක සාත්තර පත්තරකාරයෙක් ප්‍රභාකරන් අල්ලනව කීව 1996 සැප්තැම්බරේ.එකෙක් කීව ඇමරිකානු ජනාධිපතිවරනෙන් ජෝන් කෙරී දිනන බව .එහෙම වුනේ නෑ.අධ්‍යාත්මවේදිය කියන හොරා කීව රන්ජන් ලෝක ප්‍රසිද්ධ වෙනවය,නවසීලන්තය ලෝක කුසලානෙ දිනනවය,කිඅය් කිය .මේව කීපයක් පමනයි.නමුත් මුන් මෙහෙම කීව කියල බහුතරයකට මතක නෑ.

    කලකට ඉහත පිළිකා හොදකරන වෙදෙක් ගැන දිවයිනේ ජඩමාධ්යවේදියෙක් පබ්ලිසිටියක් දුන්න.උගෙ හොර එළි වුනා.දැන් රත්‍රන් වලින් පිළිකා හොද කරන හොරෙක් ගැන පබ්ලිසිටි දෙනව.මේ රටේ සමාජ්ය මුග්ධ බවේ ගිල්වීම අරමුණු කරගත් මාද්‍ය මේ අක්‍රන සෙල්ලමෙන් හිරිහැරයට පත් වෙන්නෙ කර කියා ගන්න දෙයක් නැති අසරණයො.මේ අය මේවට වියදම් හොයාගන්න කන කර විතරක් නොවෙයි ගේ දොරත් උගස් තියල.බැරි එකාටම කෙළින මේ හොරුන්ට වඩා හපන් මාධ්‍ය.හොරුන්ට සේසතම පුදල පාරට වැටෙන අසරණයො ගැන පුදුම කනගාටුවක් තිබෙන්නෙ.

    දැන් බටහිර විරෝධය හා ජාතික චින්තනයට මුවා වෙලයි මේව වෙන්නෙ

    ReplyDelete
  27. රටටම කෙලවෙන තීරණ අරන් එදාම හැන්දෑවට බෝධි පූජා තියන හිකනල්ලු ඉන්න රටේ මාර්ග නීති කඩකිරීමකට සෑම් ද මෑන් පඬුරක් පිදුවාම මොකෝ කියලා හිතෙනවා කකා.

    ReplyDelete
  28. ඔක්කොටම හපන් වශීබෝල මිරික මිරික ඉන්න නායකයෙකුත් ඉන්න එකේ පඬුරු දාන එක මක්කා වෙනවාද!

    ReplyDelete
  29. කමෙන්ට් කියෙව්වට පස්සෙ කතන්දරේ අමතකම වෙල ගියා.
    සමරසේකර උන්නැහේගේ ශ්‍රද්ධා භක්තිය සහ පඬුරු දමා නීතියෙන් බේරීම ගැන අහල මට මතක් වුනේ මේකයි.
    දේවදත්තයා ගලක් පෙරළපු වෙලාවෙ මහපට ඇඟිල්ල තුවාල වුනේත්, චුන්ද කර්මාර පුත්‍රයාගේ සූකර මද්දවය වැළඳීමෙන් ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳුනේත් බුදුහාමුදුරුවන්ගෙත් ශ්‍රද්ධාව අඩු වීම නිසාවත් ද?

    ReplyDelete
    Replies
    1. \\\\කමෙන්ට් කියෙව්වට පස්සෙ කතන්දරේ අමතකම වෙල ගියා.\\\\

      :D

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.