ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 12 September 2013
ගෙම්බෙකුට අයිති පොඩි කුමාරිහාමි ගෙම්බෙක් ගේ අයිතිකාරයෙක් වෙන ගාමිණී සමරකෝන් ගේ පොතක් ගැන විචාරයක් ලියයි! - Its all frog business
පොඩි කුමාරිහාමී බ්ලොග් එක ලියන ප්‍රවීනා පළිපාන ගැන නොදන්න අය ඉන්නවා ද මන්දා?
මේ කියන පොඩි කුමාරිහාමි පසුගිය දිනයක ඇගේ "ගෙඹි කුමාරයා" එක්ක විවාහ වුණු බවයි එයා ගේ බ්ලොග් එක කියවන අපි හැමෝටම තේරුණේ.
ගෙම්බෝ ගැන කතා කරන කොට අනිවාර්යෙන්ම මතක් වෙන නමක් තමයි "ගාමිණී ගේ විජිතය" ලියන ගාමිණී විජිත් සමරකෝන් කියන බ්ලොග්කාරයා. ගාමිණී කියන්නේ එසේ මෙසේ පොරක් නොවෙයි, තමන්ගේ නමින් පඳුරු මැඩියෙක් (ඔව්, ඒ කියන්නේ ගෙම්බෙක් තමයි) නම් කිරීමෙන් උපහාර ලබපු කීපදෙනාගෙන් එක් කෙනෙක්.
ඒ "සමරකෝන් ගෙම්බා (Pseudophilautus samarakoon)" ගැන විස්තරේ මෙතනින් බලන්න.
http://gaminievijith.blogspot.com/2013/03/37.html
ගාමිණී මං දන්න තරමින් වනාන්තර ගැන පොත් දෙක තුනක්ම ලියලා තියෙනවා.
ඉන් එකක් තමයි "යාල නැගෙනහිර අහිමි වනමං" කියන පොත.
මෙන්න ඒ පොත ගැන පොඩි කුමාරිහාමි ලියපු විචාරය හෙවත් පොත්-කතන්දරය.
ගාමිණී විජිත් සමරකෝන් ගේ "යාල නැගෙනහිර අහිමි වනමං" (පොඩ්ඩිගේ මුල්ම ග්‍රන්ථ විචාරය)
වනාන්තරය කියන කොටම හිතට එන්නේ නිශ්ශබ්දතාවයයි. ඒ නිශ්ශබ්දතාවයට ඇහුම්කන් දුන්නොත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න හැකියි.
හිස එක එල්ලේ ඔසවා අඳුර තුළින් දඩයක්කරුවෙකු ඒවිදැයි බලමින් අවදානමට සූදානම් වීම, හිතට පමණක් නොව ගතටත් දැනෙනා බිය, නිහඬව කරන කුරුමානම් ඇල්ලීම, උගුරු දඬු ඉරා ගනිමින්, ලේ වගුරුවමින්, ජීවත්වීම සඳහා කරන සටන් වගේ ගොඩාක් දේවල්.
වනාන්තරය තුළ තියෙන්නේ ගුප්ත මායාකාරී, හිත ඇදගන්නා ගතියක්.
ඒ වගේම උදේට ගස් අතුරින් අඳුර මකමින් ගලා එන හිරු රැස් පොකුරු, උදෑසන සීතලින් තෙත්වුණු මල් කැකුළු, දේදුන්නෙන් ආවා වැනි සමනල රෑන්, උස් කන් ඔසොවා බලා හිඳිනා මුව පැටව්, සුළඟේ ගීතයට නටනා නිල් මොනරු වගේ හිත සතුටින් පුරවන දේවලුත් වනාන්තරයේ අනන්තවත් තියෙනවා.
පොඩි කාලේ ආර්.එල්. ස්පිටල්ගේ Wild White Boy (සුදු වැද්දා ) සහ Where the White Sambhur Roams (සුදු ගෝනා) කතා දෙක නර්තනයෙන් ඉදිරිපත් කරලා පෙන්නුවේ අම්මා.
සුදු වැද්දා, කිඹුල්ලු සතුන්ගේ මස් කන්නේ නැහැයි කියලා හිතාගෙන වතුරට බැස්ස හැටි, රනී කොහෙන්දෝ හොයාගත් මල් හිසේ දවටගෙන සුදු වැද්දා එක්ක දීග යන හැටි, වැදි පවුලේ කෙනෙක් සුදු වැද්දා උයපු කෑම කාලාකැලේට ගිහින් ඇවිත් "අපරාදේ හොඳ කෑම ටික අපතේ ගියා!" කියමින් දුක් උණු හැටි තාමත් හිතේ ඇඳිලා තියෙන්නේ ඒ කතාව තුළ ජීවත් වුණු හන්දා වෙන්ට ඇති.
ඒ මතකයට යළිත් පණ ලැබුණේ ගාමිණී විජිත් සමරකෝන් ගේ "යාල නැගෙනහිර අහිමි වනමං" පොත තුළින්.
ගාමිණි විජිත් සමරකෝන් මුලින්ම මා දැනගත්තේ බ්ලොග් රචකයකු ලෙසින්. ඔහු වනජීවී සංරක්ෂණ නිලධාරියකු වගේම වන ජීවීන්ට,වනයට ආදරේ කරන්නෙකු බවත්, තමන් ලද අත්දැකීම් අප හා බෙදාගැනීමට තරම නිහතමානී සොඳුරු මිනිසෙකු බවත් දැන ගත්තේ ඔහුගේ "යාල නැගෙනහිර අහිමි වන මං" පොත කියවීමෙන් පසුව.
මුලින්ම ඔහු කොළඹ කොටුවෙන් මඩකලපුව බලා දිවෙන තැපැල් දුම්රියට නගින්නේ අපවත් රැගෙනයි. එතැන් සිට ඔහු යන හැම තැනකම අපව ගෙන යා හැකි සරල, සුගම භාෂා විලාසයක් ඔහු සතුයි. එකම රටේ වුවත්, දෙමළ හා මුස්ලිම් ජනයා වාසය කරනා පෙදෙස් හා සංස්කෘතික ලක්ෂණ ඔහු විස්තර කරන්නේ අතීතයේ එක් දිනෙක සැවොම එක්ව ජීවත්වූ අපූරුවත් එදා සහ අද අතර වෙනස සිහිවීමෙන්, සිත් තුළ දුකකුත් ඇති කරමින්.
මේ ග්‍රන්ථයේ විශේෂ ලක්‍ෂණයක් හැටියට මා දකින්නේ ගම් වැසියන් ගැන විස්තර කිරීමේදී ගාමිණී සමරකෝන් දක්වන කරුණාවයි.
ගම්වැසියනට මූණ දීමට සිදුවන ගැහැටවලට හොඳම උදාහරණය තමයි දැවැන්ත වල් අලියකගේ පහර කෑමට අසුවී මියයන, අසරණ මහලු කාන්තාව.
"මීටර දෙතුන් සීයක් ඉදිරියට ගිය අපට මදක් දුරින් දැවැන්ත දිවුල් ගසක් දකින්නට ලැබිණි. ඉදිරියේ සිටියකුගේ සංඥාව අනුව නැවතී සැලකිල්ලෙන් බැලු අපට දිවුල්ගස යට පොහොර මල්ලක් සහ රෙදි කඩමාලු පොදියක් තිබෙනු පෙනිණි. පිරිස නවතා, දෙතුන් දෙනෙකුසමග දිවුල් ගස යටට සෙමින් ළඟාවු මා දුටුවේ මගේ රාජකාරි ජීවිතයේදී දුටු අවාසනාවන්තම දසුනයි." (පිටුව 41)
ඒ වගේම වන ජීවීන් ගැන වුවත් ඔහු තුළ ඇත්තේ එබඳුම කරුණාවක්.
ගම්වැසියන්ගේ කඨෝර ජීවිතය වගේම වනජීවින් ජීවත්වීම සඳහා කරන අරගලයත් මේ පොතන් මොනවට පිළිඹිබු වෙනවා.
"මහත් වූ හඬක් නගමින් ජීප් රිය එන දිශාවක් නොදුටු කැලය තුළ සිටි ඇතින්න, පැටවාද පෙරටු කොටගෙන දුවයන්නට ඇත්තේ ඉන් ගැලවීගන්නට ය. පාරට දුව ආ ඇතින්න ජීප් රිය දැක්කේ අහම්බෙනි. පැටවාට එළඹිය හැකි අනතුරක් සේ හඳුනාගත් ජීප් රිය වළකාගන්නට ඇතින්න නිබයව ඊට පහර දුන්නා ය. පහර දෙන්න්ට දුව එද්දී හෝ ආපසු දුවයද්දී, ඇතින්න කිසිදු හඬක් නොනැගුවා ය." (පිටුව 73)
හිත සසල කරනා ලෙසින් කල තවත් සටහනක් නම් අත් හරිනා ලද පතලක සිටි ඇතින්නක් හා ඇගේ පැටවා ද ගොඩට ගන්නා අයුරුත් මව් ඇතින්නගේ හැසිරීමත් ය. රචකයා එය අහවර කරන්නේ මෙලෙසිනි.
"ගොඩට පැමිණි ඇතින්න පළමුව පැටවා ඉවරකර බැලුවා ය. අනතුරුව මුදුව කකුලෙන් පැටවා තල්ලු කළ ඇය ඊට ද ප්රුතිචාරයක් නොවූයෙන් සෙමින් ඔය දෙසත පියවර මැන්නා ය. පැටවකු බිහිවන මොහොතේ සිට මව් ඇතින්නක සහ පැටවා අතර ඇතිවන්නේ ලයාන්විතවූ දැඩි බැඳීමකි. එම බැඳියාව බිඳ දැමිය හැක්කේ මරණයට පමණි." (පිටුව 77)
තවත් මා අගය කල කරුණක් නම් සෑම පරිච්ඡේදයක දී ම එක් වන ජීවියෙකුගේ විස්තර පාඨකයා ඉදිරියේ තබන අපූරු ආකාරයයි.
කථාවෙන් විස්තර කර ඇති ප්‍රදේශයේ සංචාරය කර නැති මා වැනි අයට මීට වඩා විස්තර සහිත සිතියම් අඩංගු උනා නම් කියලා කතාව කියවාගෙන යද්දි සිතුණු වාර එමටයි. ඒත් එය කථාවේ රසයට කොහෙත්ම බාධාවක් නෙමෙයි.
පොත කියවීමෙන් අනතුරුව මගේ සිතට කරුණු දෙකක් නැගුණා.
ඉන් එකක් මේ අසරණ ගම්වැසියන් මෙන්ම වන ජීවින්ටද කළහැකි සියල්ල කෙරෙනවාද යන්නය.
දෙවැන්න නම් මිනිසා, වන සතුන් සමග වනය සාමයෙන් බෙදා හදා ගත යුතු බවයි.
එමෙන්ම අවසානයේ ඉතිරි වූයේ, හිතේ සතුටකුත් එක්ක හීනියට ඉතිරි කරලා ගිය ශෝකයක්.
"යාල නැගෙනහිර අහිමි වනමං" කෘතිය ශ්‍රී ලාංකික හැම දෙනෙක් විසින් අනිවාර්යයෙන් ම කියවිය යුතු පොතක් ලෙස නිර්භයව හඳුන්වන්න පුළුවනි.
ශ්‍රී ලංකාවේ පොතකට සම්මාන පිරිනමන්නේ කොහොමද කියලා මා දන්නේ නැහැ. ඒත් මේ පොත නම් එවැනි සම්මානයකට සුදුසු බව මගේ හැඟීමයි.
අවසානයට කියන්නට තියෙන්නේ ගාමිණී විජිත් සමරකෝන් නැමැති රචකයාට අපේ ජනතා සම්මානය මින් පිරිනැමෙන බවයි.
තමන් ලියපු මේ ග්‍රන්ථ විචාරය මගේ පොත්-කතන්දරයක් විදියට පලකරන්න එවපු ප්‍රවීනා පළිපාන ට මගේ ස්තුතිය.
-කතන්දරකාරයා
ප/ලි:
මීට කලින් කතන්දර බ්ලොග් එකේ තමන් ලියන කතන්දර පලකරන්න කියලා ගෑල්ළමයි මගෙන් ඉල්ලලා තියෙනවා. ඒ ගැන විස්තර (සහ කතන්දර කීපයක්) මෙන්න.
1. කතන්දරකාර මී මැස්සියක ගෙන් කතන්දරකාරයාට ලිපියක්
2. මෙන්න මී මැස්සිය ගේ බ්ලොග් එකේ ලිපිනය
3. තුන්වැන්නී නොහොත් සහායට ඩැනී ගෙන් කතන්දරකාරයාට ලිපියක් ඇවිත්!
4. තුන්වැන්නී - කතන්දර කාරයාට ලියා එවූ කතන්දරය - ලෙඩුන් බැලීම
5. තුන්වැන්නී ට තමන් ගේ ම බ්ලොග් එකක්.....!!!
6. චූටි ටීචර් කෙනෙක් එවූ චූටි කතන්දර කීපයක්- I
7. චීචර් කෙනෙක් විසින් කතන්දරකාරයාට ලියා එවූ දෙවෙනි කතන්දරය
8. චූටි ටීචර් ලියා එවන චූටි කතන්දර - 3
9. ගුරු සේවයේ තවත් රස කතන්දර - චූටි ටීචර් ලියයි
10. යෝවද තම්පව රෝමනු ජේසූ - චූටි ටිචර් ලියයි
Labels:
ගාමිණී විජිත් සමරකෝන්,
පොත්-කතන්දර
Subscribe to:
Post Comments (Atom)
අයියෝ...එයා ඉදල ඉදල බැන්දේ ගෙඹි කුමාරයෙක්ද?
ReplyDeleteපොඩි කුමාරිහාමි ගේ බ්ලොග් එකේ ගිය විස්තරවලට අනුව ඇයට ගෙඹි කුමාරයෙක් මුණ ගැසී උම්මා එකක් දුන්නාම ගෙඹී වේෂය නැති වෙලා කුමාරයෙක් වුණාලු.
Deleteමං හිතන්නේ එයාව වෙන්න ඕනෑ පසුගිය දිනවල බැඳලා යුරෝපයේ චාරිකාවක් ගියා කියලා දාලා තිබුණේ.
අනේ ඇත්තටම කකා මේ කරන සේවය නම් මා ඉතා අගය කරනව.
ReplyDeleteඔබ මේ කියන තුරා මේ විස්තර දැනගෙන හිටියේ නැහැ.
ගෙම්ඹන් ගැන විස්තරයද? ගාමිණී ගේ පොත ගැන විස්තරයද?
Deleteපොඩ්ඩි +++++++++
ReplyDeleteකකා සාහිත්‍ය මාසයටම ඔබින ලිපිපෙලක් ගෙන එනවා ස්තුතියි ,
හැමදාම නෑ, හැම තැනම නෑ!
Delete@කකා, අරුණි ශපීරෝ සුනිලා අබේසේකර පිළිබඳව ලියූ බ්ලොග් සටහන ඔබේ බ්ලොග් රෝල් එකේ දර්ශනය නොවන්නේ ඇයි? ඇගේ බ්ලොග් එක ඉවත් කළාද? එසේ වී නම් පමා වී හෝ ලැබුණු නුවණ ගැන අපේ සතුට!
ReplyDeleteඔව් අද උදේ ඉවත් කළා.
Deleteඅරුණී ගේ දේශපාලන මතවාදය පැතිරවීම ගැන මට අවුලක් නෑ.
නමුත් සුනිලා අබේසේකර ගැන ලියා ඇති ලිපියෙන් අරුණී ගේ පුකත්වය එළිදරව් වුණාය කියලයි මට හිතුනේ. ඇග් තර්ක, විද්‍යාව, දත්ත, සත්‍යය ගැන සියළු මතවාද හිතේ පැසවෙන කෝපයක් නිසාදෝ පසෙක ලා තියෙනවා මේ ලිපිය ලිවීමේදී.
ඒ ලිපිය මං හිතන්නේ ලඟදීම වීරවංශ ගේ වෙබ් සයිට් එකක යාවි.
පුකත්වය = http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html
ඕක තමයි අපි ඒ දවස්වලම කිව්වේ! දැන්වත් අප සමඟ එකඟ වීම ගැන සතුටුයි.
Deleteමා අනෙක් බ්ලොග් ඉවත් කෙරුවේ එදා බාලචන්ද්‍ර නම් ළමයා ගේ මරණය ගැන අසංවේදී සහ අමනුෂ්‍ය කතා කියූ අයගේයි. එදා අරුණී නිවරදි තැන හිටියා කියලයි මං හිතන්නේ.
Deleteඔය මොනවා කළත්, මා කිසිවෙකු සමග වලියක් හෝ තරහක් හෝ නෑ. ඒ කාලේ ගියා!
/ඔය මොනවා කළත්, මා කිසිවෙකු සමග වලියක් හෝ තරහක් හෝ නෑ. ඒ කාලේ ගියා!/
Deleteමේක තමයි කකා හා මාතලන් දෙදෙනාගේම මා දකින වැරැද්ද. නරක දැක දැක එය ඉවසීම. කකා ඔබට පුළුවන්ද දොළොස් හැවිරිදි නිරායුධ දරුවකුගේ ඝාතනය සාධරණීකරණය කරන කෙනෙක් පෞද්ගලික මිතුරකු හැටියට පිළි ගන්න? වෙනත් කෙනකු දහඩිය මහන්සියෙන් හම්බ කරගත් සල්ලි ණයට ගෙන නොදී පැහැර හරින්නෙක් මිතුරකු ලෙස පිළි ගන්න? මීට පිළිතුර 'ඔව්' නම් එහි අදහස ඔබ ඔවුන්ගේ ක්‍රියාවලිය වක්‍රව අනුමත කරන බවයි. මාතලන්ටත් එක්කයි මේ කියන්නේ. ඇයි ඔබ දෙදෙනාම මෙවැනි ජඩයින් ඈත් නොකරන්නේ?
අරුණි ශපීරෝ වගේ කෙනෙක් මෙහෙම ලිපියක් ලියයි කියලා මාත් හිතලා තිබුනේ නෑ. ඇයව අගේ කල අවස්ථා බොහොමයක් මට තිබුනා. ඒත් සුනිලා ගැන ලියපු කතාවෙන් නම් මට ඇය ගැන ලොකු කළකිරීමක් දැණුනා.
Deleteසුනිලාව මම හඳුන ගන්නේ 1987 විතර. මහින්ද, වාසු (හා ඔය මානව හිමිකම් ගැන ඒ කාලේ කතා කරපු ඔක්කොම) ඔක්කොමලා එකම කාලේ. ඒ ඒ කාලවල ඒ ඒ අය පෙනී හිටපු ලේ රතු වෙනකම් දාඩිය පෙරාගෙන කෑගහපු අයගෙන් සුනිලා විතරක් තමන්ගේ මතවාදය වෙනුවෙන් අන්තිම වෙනකම් පෙනී හිටියා කියලා මම අදටත් විශ්වාස කරනවා. සමහරවිට සුනිලාට ගරහන අයට තියෙන්නේ ඊර්ශ්‍යාවක් වෙන්න පුළුවන්.
සමාවෙන්න මෙතන මේ අදහස් දැම්මට.
සමාවෙන්නේ මක්කටෙයි නෝනේ,බොහොම වැදගත් අදහසක් පලකරලා තියෙන්නේ.
Deleteසුනිලා අබේසේකර කියන්නෙත් මනුස්සයෙක්. එයා ගැන ප්‍රශස්ති වගේම අරුණිගෙ ජාතියෙ ලිපිත් තියෙන්න පුළුවන්. මතක ඇතිනේ සුචරිත ගම්ලත්. දැන් කකා ඔයාගෙ බ්ලොග් රෝලෙ තිබියයුත්තේ මොනවගේ ලිපි සහිත බ්ලොග්ද කියල පැහැදිලි කරන්න කාලය හරි. බාලචන්ද්‍රගේ මරණය වෙනුවෙන් බ්ලොග් ඉවත් කිරීම අවුලක් නෑ. ඒත් මෙතන තියෙන්නෙ මතවාදී ප්‍රශ්නයක් විතරයි.
Delete//ඇග් තර්ක, විද්‍යාව, දත්ත, සත්‍යය ගැන සියළු මතවාද හිතේ පැසවෙන කෝපයක් නිසාදෝ පසෙක ලා තියෙනවා//
අරුණි ෂපිරෝ අන්තිමට කියල තියන කාරණය (සම්මුඛ සාකච්ඡාව) ගැන මොකද හිතන්නෙ?
@ Anonymous September 12, 2013 at 9:24 AM
Deleteමා ඒ අය මගේ මිතුරන් ලෙස සලකන්නේ නෑ. මා ඒ කිසිවෙකු සමග ආශ්‍රයකුත් නෑ නේ.
නමුත් සිදුවීම් ගැණ දුකක් කෝපයක් මිස පුද්ගලයින් ගැණ කෝපයක් හෝ වෛරයක් නෑ.
දැන් මේ කතාව ඇරඹුණේම මගේ බ්ලොග් රෝලෙන් බ්ලොග් ඉවත් කිරීම ගැන ප්‍රශ්නයෙන් නේද? එනිසා ඔබේ අවසන් වැකිය තේරුමක් නැති කතාවක්.
කෙහොමටත් මගේ පොලිටිකල් බ්ලාග් රෝලේ මා අකමැති දේශපාලනයක් ගැන කතාකරන බ්ලොග් ඇත්තේම නැත! තිබුණේද නැත!
ඇත්තටම මා එවැනි වෙනස් කැටගරියක් ඇරඹුවේම සිංහල බ්ලොග් සංසදයේ රීඩරයෙන් පොලිටිකල් බ්ලොග් පසුපසට දමා කොන්කිරීමක් ඬැනි දෙයක් කළ නිසායි!
@කකා, පැහැදිලි කිරීම ගැන ස්තූතියි.
Delete@ රංගී
Deleteඔබේ අදහසට මා එකඟයි.
මා සුනිලා කළ කී දෑ වැඩිය දන්නේ නෑ.
නමුත් එක දවසකට හෝ මිනිස්කම ගැන කතා කරපු, ඒ වෙනුවෙන් කැප කිරීම් කරපු කෙනෙකු ගැන මගේ තියෙන්නේ ගෞරවයක්.
අද මොනවා කළත් වාසු වගේ අය එදා කළ කී දේ ගැන හිතන්න.
ඇත්ත. වාසු විතරක් නෙමෙයි එදා ඒ කාලේ ඒ වගේ මානුශික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු මහින්දටත් මම තාම ගරු කරනවා. ඒත් අද ඉන්න මහින්දට නෙමෙයි.
Delete@ රාජ්
Delete/* දැන් කකා ඔයාගෙ බ්ලොග් රෝලෙ තිබියයුත්තේ මොනවගේ ලිපි සහිත බ්ලොග්ද කියල පැහැදිලි කරන්න කාලය හරි. */
මේක හරි ලේසියි. මගේ රෝලේ තියෙන්නේ "මං කියවන බ්ලොග්", හොඳම උදාහරණය පොලිටිකල් ලයිස්තුව!
/* ඒත් මෙතන තියෙන්නෙ මතවාදී ප්‍රශ්නයක් විතරයි. */
නැහැ, මානුෂිකත්වය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. කොහොමටත් මනුස්සයෙක් මැරුණ වෙලාවේම ඒ පුද්ගලයා ගේ වැරදි විතරක් පේන්නේ හිත හොඳ අයට නොවෙයි නේද?
මට මතකයි ප්‍රේමදාස මැරුණු වෙලේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කළා. නමුත් ඒ කාගේ හරි තාත්තා කෙනෙක් නේද? මැරුණු අයගෙන් පලිගන්නේ ඇයි?
අන්තිම කරණය ගැණ කිව යුත්තේ අරුණී තම ලිපියේ සුනිලාට එරෙහිව උපුටා දක්වා ඇති කරුණු එක්කො නොවැදගත්, නැතිනම් ඔප්පු කළ නොහැකි දේ කියායි. උදාහරණ බ්‍රෙෂියර්වලට විරුද්ධව ස්ත්‍රීවාදී කතා කළාය කියන එක වැනි දේ, සිළුමිණ, දිවයින මූලාශ්‍ර වැනි දේ!
සම්මුඛ සාකච්ඡාව ගැන අරුණී ගේ තර්කය බොඃඳ එකක්. තමන්ම ඉල්ලුම් පතක් දමා නොමිනේට් කර විස්තර සැපයූ අවස්ථාවක දී වුව ඒ ආරංචිය මුලින්ම ලැබෙන්නේ සම්මුඛ සාකච්චාව ගැන ලැබෙන ඇමතුමෙන් වෙන්න බැරි ඇයි. මොන මෝඩ චෝදනාවක්ද?
අනෙකුත් සියළුම දේ බැහැර කළත් සිළුමිණ, දිවයින වැනි පුවත්පත් මූලාශ්‍ර කර ගැනීම ගැන ලොකු ගැටළුවක් තියෙනවා. මන්ද මේ පත්තර දෙකම කියන 'ඇත්ත' ගැන අප දන්නා නිසා.
Deleteකබරගොයි = තලගොයි!!!
Deleteඅඩුගාණේ දිනමිණේ තිබුණා කිවා නම් විශ්වාස කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රවෘත්තිය වගේ.
Deleteඇඳුම් ගලවා නිරුවත් කොට බිම පෙරළා රැග් එක දීලා http://www.dinamina.lk/2013/09/12/_art.asp?fn=n1309121
(කොහෙද මේවා කකාට අහුවෙන එකක්යැ! අපිම හොයලා දාන්න ඕනෑ)
කකා
Deleteස්තුතියි පැහැදිලි කිරීම ගැන. රෝල ගැන අවුලක් නෑ.
"මං කියවන බ්ලොග්"!(එකෙන්ම බ්ලාස් වෙන උත්තරයක්!:-)
මැරුනට පස්සෙ ම මතක් වෙන කාරණා තියනව කියලයි මම කියන්නෙ. උදාහරණයක් විදියට සුනිලා අබේසේකර ගැන මීට කලින් අපි කවුරුත් කතා කරල තියනව මම දැක්කෙ නෑ. මැරුනට පස්සෙ තමයි කතා කලේ. එතනදි 'සුදු' සහ 'කලු' පෝස්ට් කියන්නෙ කාසියෙ දෙපැත්තෙ කාරණා. 'කලු' එපා කියනව නං 'මළගෙවල් වල පවත්වන කතා' තත්වෙට බ්ලොග් පෝස්ට් පත් වෙනව.
අනිත් කාරණය කාගෙහරි තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් කියල විවේචනය නොකර සිටීම විහිළුවක් විතරයි. හැමෝටම වගේ දරුවො ඉන්නවනේ :-)
@රාජ්,
Delete[අන් තැනකින් උපුටා දක්වමි.]
මළ ගිය ඇත්තන්ගේ නරක කතා නොකිරීම අපේ සංස්කෘතියේ එක් අංගයකි. මම මීට එකඟ නොවෙමි. සුනිලා අබේසේකර ගැන අපක්ෂපාතී ඇගැයීමක් කරන්ට ඇය මිය ගිය කාරණය බාධාවක් නොවිය යුතුය. ඇය මියගිය හෙයින්ම ඈ සමාජයට කළ අයහපතක් ඇති නම් එය කතා නොකළ යුතුය කියා කවරකු හෝ කියන්නේ නම් ඒ ඇය සමාජයට අයහපතක් කළේය යන බව අප වක්‍රව පිළි ගැනීමක් වේ. එබැවින් විවෘතව මළගිය කෙනකු ගැන කතා කිරීම මට කිසිම ගැටළුවක් නොවේ.
පහතින් ඇති බ්ලොග් සටහන මට පිළිකුල් සහගත වන්නේ එය "මළවුන්ට අගෞරව කිරීමක්" වන නිසා නොවේ. සුනිලා අබේසේකර තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනී නොසිටි නිසාම ඇයට ඉතාම කෲර ප්‍රහාර එල්ල කරන එකක් වීම නිසාය. මෙය ලියන ලේඛිකාව 'සිළුමිණ', 'දිවයින' වැනි පුවත්පත්හි ඇති දේ පරම සත්‍යය සේ විශ්වාස කරයි. එසේම සමූහ දූෂණයට ලක්ව මියගිය දහසය හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ගැන කතා කිරීම ඇයට අනුව 'අපේ ඇත්තන් පාවා දීමකි'. සුනිලා අබේසේකර ගමක ගැහැණු විසින් පන්නා දැමූ බව ඇසින් දුටු සේ විස්තර කරන්නේ 'දිවයින' නම් පච මෝලේ ප්‍රවෘත්තියක් පාදක කර ගනිමිනි.
ඇත්තටම මේ සටහන සුනිලා අබේසේකර ගැන යමක් නොකියයි. එහෙත් අරුණි ශපීරෝ ගැන බොහෝ දේ කියයි. හැකිනම් මීට ඔබේ ප්‍රතිචාර දක්වන්නැයි මම ඉල්ලා සිටිමි.
AnonymousSeptember 12, 2013 at 11:19 AM
Deleteමියගිය උදවිය සම්බන්ධව ඔබේ ප්‍රතිචාරයේ මුල් කොටස් සමඟ එකඟයි. මම මුලින්ම කතන්දරට කිව්වෙ ඔහුගේ බ්ලොග් රෝලේ තිබියයුතු බ්ලොග් ලිපි වර්ග කුමක්ද කියා පැහැදිලි කරන්න කියලයි. මගේ ෆ්‍රී හිට් එකට ඔහු හයේ පහරක් එල්ල කලා "මං කියවන බ්ලොග්" කියල.
මියගිය කෙනෙකුගේ (මියගිය මොහොතේම උවත්) හරි වැරැද්ද ප්‍රශ්න කිරීමේ අයිතිය මම පිලිගන්නව. එතනදි ඔය කියන සදාචාරය මට අදාල නෑ. ඒ ගැන ඇති.
අරුණි ෂපිරෝ හෝ කතන්දරකාරයා ගැන අපි මූලිකව දන්නෙ බ්ලොග් තුලින්. ඊට වැඩිය කියන්න දෙයක් නෑ. සුනිලා අබේසේකර ගැන ප්‍රශස්ති ලියපු බ්ලොග් සහ අරුණිගෙ ලිපියේ වෙනසක් මට නෑ. එක්කෙනෙක් එකක් කියනව තවෙකෙක් විරුද්ධ පැත්ත පෙන්නනව. දෙගොල්ලම කියන දේවල් මම ඇහින් දැකල නෑ. ඒව ඒ ඒ උදවියගේ අදහස්. අදහස් වාරණය නොවියයුතුයි කියන මතයේ මම ඉන්නෙ.
දිවයින-සිළුමින(සහ අනෙකුත් මාධ්‍ය) ඒනයින්ම සාවද්‍යයි කියලත් මම හිතන්නෙ නෑ.
@රාජ්,
Deleteඅදහස් වාරණය විය යුතුයි කියල අදහස් කළේ නැහැ. මේක වෙන කතාවක්.
මා කලින් දවසක කකා සමඟ සංවාදයක් ඇති වුණා කකාගේ ප්‍රතිපත්ති අනුව අරුණි ශපීරෝගේ බ්ලොග් එක කකාගේ බ්ලොග් රෝලේ තිබිය යුතු නැහැ කියලා. කකා ඒ අවස්ථාවේ ඊට එකඟ වුණේ නැහැ. ඒ එක්කම මගේ මතය තහවුරු කරන්න සාක්ෂි ඉල්ලුවා. සාක්ෂි දෙන්න මට බැරි වුණු නිසා ඒ කතාව එදා එතැනින් නතර වුණා.
අද කකා මා සිටි තැනට ඇවිත් තියෙනවා. ඒකයි මේ කතාබහට මුල.
සිළුමිණ/දිවයින ගැන කියතොත් මේ දෙකේම පක්ෂග්‍රාහී බව අප දන්නා නිසා මේ කාරණයේදී ඔවුන්ගේ මූලාශ්‍ර විතරක් මදි. විශේෂයෙන්ම මියගිය පුද්ගලයකුට චෝදනා කිරීමේදී.
//මේක හරි ලේසියි. මගේ රෝලේ තියෙන්නේ "මං කියවන බ්ලොග්", හොඳම උදාහරණය පොලිටිකල් ලයිස්තුව!//මෙ කොමෙන්ටුව හොද කොමෙන්ටුවක් . ෆොර්ඩ් කොම්පනියෙ හදන රතු පාට කාර්ෙකෙ පාට කලු කියල ෆොර්ඩ් මහත්තයා කිව වගෙ.
Deleteමටත් ඔය ඇමරිකන් ඇන්ටිගේ පඩි ටෝක් අහලා ඇතිවෙලා දැන් අවුරුද්දකට විතර කලින් රීඩර් එකෙන් අයින් කලා
Deleteනවකතා කෙටිකතා කාව්‍ය නොවන කෘති සදහා සම්මාන ලැබෙන්නෙ මොන විදියටද කියලා හොයන එක මෝඩ කමක්.. ලංකාවෙ පොත් කිව්වම මිනිස්සු තාම හිතන්ෙන නවකතා තමයි ලොකුම පොත් කියලා...
ReplyDeleteස්වර්ණ පුස්තකය, ගොඩගේ, විද්‍යෝදය, දයාවංශ වගේ අය වැඩියෙන් තෑගි දෙන්නේ නවකතාවලටයි. පොත් ප්‍රකාශකයෝ නම් එහෙම කරන්නේ අළෙවිය ගැණ සිතා විය යුතුයි.
Deleteවැඩි ප්‍රසිද්ධියක් නැති වුණාට අනිත් කැටගරිවලටත් සමමාන දෙනවා රාජ්‍ය සම්මාන උලෙළේදීත්.
මට මතක හැටියට නං පොඩි කුමාරිහාමිට අහම්බෙන් ලැබිච්චි පොතක්. පස්සේ තමා බ්ලොග් ගෙම්බෙක්ගේ එකක් විත්තිය දැනං තියෙන්නේ. ආසාවෙන් කියෙව්ව කියල නං ආරංචියි.. කකාත් මාර සමාජ සේවා වැඩ නෙව කරන්නේ. හොද විචාරයක් පොඩ්ඩි කරල තියෙන්නේ.. කකා ගෑනු ළමයින්ට දීපු අත දැක්කම දුක හිතෙනවා මට...
ReplyDeleteගැහැණු / පිරිමි බ්ලොග්කරුවන් කියා වෙනසක් නෑ.
Deleteහැක් හැක්.. අන්න කින්ඩි...
Delete//ගැහැණු / පිරිමි බ්ලොග්කරුවන් කියා වෙනසක් නෑ//
Deleteඔව් ඉතින් කකා ඉතින් ද මෝස්ට් රොමෑන්ටික් බයිසෙක්ෂුවල් බ්ලොගර් නෙ......
අහිංසකයි.....
ReplyDeleteWhat?
Deleteබොහොම ස්තුති කකා, ගාමිණි ගේ ඔය පොත කියවන්න ආසාවක් ආවා ...
ReplyDeleteපොඩි කුමාරිහාමි ලියපු විචාරයත් නරකම නැහැ..
මාත් කියෙව්වා, නමුත් මං විචාරයක් ලියන්න කලින් මේ විචාරය ඊ-මේලෙන් ලැබුණා.
Deleteමං ලිව්වා නං නිකං දුං විසිවෙන්න ලියන්නේ.
මෙච්චර ලොකු හෑල්ලක් කියවන්ඩ බෑ කකා. පොඩියට කොටස් දෙකක ලිව්වා නම් අහවරයි නේ..
ReplyDeleteදැන් ඉතින් උඩම කමින් අප් ලයින් එක අයින් කලා නම් හරි නේද ? පොඩ්ඩිගේ විචාරය ලැබුනා නේ.
Delete@ Anonymous September 12, 2013 at 8:57 AM
Deleteඔබට කියවීමට ඇති අපහසුතාවය ගැන අසා මා ඉතා කණගාටු වුණා.
මේක සාක්‍ෂරතාවය පිළිබඳ ප්‍රශ්නයක්!
උත්සාහ අරං කියවන්න.
උත්සාහවන්තයා ජයගනී.
@ Anonymous September 12, 2013 at 8:58 AM
Deleteඑය උදේම වෙනස් කළා!
This comment has been removed by the author.
ReplyDeleteඅප්පද බොල මේ අපේ ප්‍රවීනා පලිපාන.
ReplyDeleteමම වඩාගෙනත් තියෙනව මුන්දැව.
මේ කෙලීගෙ අප්පා මගේ ගජ මිතුරා ඒ කාලෙ.
WTH?
Deleteපොඩ්ඩිගෙ පොත් විචාරය අපූරුයි.. මමත් හිතන දෙයක් තමයි පොත ඇතුළෙ ජීවිතය කියවීමයි වඩා වැදගත් කියල. පොඩ්ඩි හදවතින්ම පොත තුළ ජීවිතය කියවල ග්‍රහණය කර ගන්නා අතරම අපිටත් ඒ ගැන සංවේදී හැගීමක් ඇති කරනවා...
ReplyDeleteනිර්දය විචාරවලට වඩා මෙවැනි මැදිහත් ඇගයීම්වලට මං කැමතියි... අගෙයි ... මේ පොතත් කියවන්න ඕන කියන පොත් මතක ගොන්නට එක් කරගත්තා ඔන්න...
මාත් ආසාවෙන් කියෙව්වා, මායා රන්ජන් සිහි වුණා!
Deleteපොඩ්ඩිගෙ විචාරය නරක නෑ. :-)
ReplyDeleteකකාගෙ පොචාරයත් නරක නෑ. :-)
Deleteකොහොමද මං දාපු ටයිටල් එක, ඈ?
DeleteKK, I wish you'd review books like this too, in addition to the high-brow poetry you like a lot but which goes way above the heads of the ignorant philistines like me!
ReplyDeleteBTW, the best translators (English to Sinhala) I have come across are A. P. Gunaratne ( සුදු වැද්දා, සුදු ගෝනා and Vana Viththi - Kipling's Jungle book) and Mayaranjan (Scott's Ivanhoe and Homer's Iliad). Have you read them?
"පොඩි කාලේ ආර්.එල්. ස්පිටල්ගේ Wild White Boy (සුදු වැද්දා ) සහ Where the White Sambhur Roams (සුදු ගෝනා) කතා දෙක නර්තනයෙන් ඉදිරිපත් කරලා පෙන්නුවේ අම්මා." WOW! What a fantastic lady!
සුදු වැද්දා, සුදු ගෝනා විතරක් නොවෙයි ඇයි බැද්දෙගම, මැකී ගිය දඩමං? ඒ සේරම ගුණරත්න ගේ පරිවර්තන.
Deleteමං කැමතිම පරිවර්තන මෙන්න මේකයි.
http://kathandara.blogspot.com/2011/11/iq.html
Yes. Baron Manchausen. I read a borrowed translation as a kid and loved it Had forgotten it was Kuruppu.
DeleteGunaratne did Wan Sarana too.
පොඩ්ඩිගේ විචාරය කියවලා පොත ගන්න තීරණය කලා..ස්තුතියි කතන්දරටත් පොඩ්ඩිටත්
ReplyDeleteස්තුතියි.
Deleteකතන්දර කාරයාSeptember 3, 2013 at 6:59 PM
ReplyDeleteපොත් ගුල්ලෝ පොත්වල ගුල් විදිති!
බ්ලොග් ගුල්ලෝ කියන්නේ බ්ලොග්වල ගුල් හාරන අයටද?
පිලිතුර - බ්ලොග් වල ලින්ක් හල හලා යන එවුන්ට තමා බ්ලොග් ගුල්ලෝ කියන්නේ !!
මූලාශ්‍රය -
http://tharurasi.blogspot.com/2013/09/blog-post_3.html?showComment=1378963413795#c6802603420362853940
තවත් ගුල්ලෙක්!
Deleteපොත ගැන පොඩ්ඩි කරල තියෙන විචාරය දැක්කම පොත කියවන්න ගොඩක් ආස හිතුනා. සාහිත්‍ය මාසයේ මේ හොඳ පොතක් ගැන දැනුවත් කිරීම ගැන පොතේ කතෘ මහතා වන ගාමිනී විජිත් සමරකෝන් මහතාටත් , මේ පොස්ට් එක දැමූ කතන්දරට සහ ප්‍රවීනාටත් ස්තූතියි.
ReplyDeleteසමාවෙන්න මට පොඩිවැරදීමක් උනා :) මට කියන්න ඕනේ උනේ මෙවැනි අගනා පොතක් ලිවීම ගැන කතෘතුමාටත් , එම පොත පිළිබඳව පෝස්ට් පළකිරීම ගැන කතන්දරට සහ අගනා විචාරයක් කල ප්‍රවීණාට ස්තූතියි කියල.
ReplyDeleteකියවා ප්‍රතිචාර දැකවූ ඔබටත් ස්තුතියි!
Deleteමං හිතන්නෙ වෙනදට ඉස්සෙල්ල එන පොඩි කුමාරිහාමිට ලැජ්ජ හිතිලද කොහෙද මේ පැත්තෙ ඇවිල්ල නෑ!
ReplyDeleteහැංගිලා කමෙන්ට්ස් ෆලෝ කරමින් ඇති!
Deleteපොඩ්ඩිගෙ විචාරය පළපුරුදු විචාරක්යෙක්ගේ විචාරයක මට්ටමටම තියෙනව කිව්වොත් නිවැරදියි.විචාරය කියවල මටත් පොත අරං කියවන්න හිතුනා.
ReplyDeleteබණ පොතක් අරගෙන කියවනවා මිසක්කා මේ වගේ පොත් අරගෙන කියවන්න කාලේ නාස්ති කරගන්න එපා. ඔය කාලේ පුරාම කරපු කියපු දේවල් මදෑ ඉතින්. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන ඉමු නේද මහත්තයෝ.
Delete@ Helapa kade
Deleteමාත් මේ ලඟදී තමයි කියෙව්වේ! හොඳ පොතක්!
බහුශෘත විචාරයක් නොවුනත් පොඩ්ඩිගෙ විචාරය, සරළයි .
ReplyDeleteමටත් ඔය පොත කියවන්න ආසාවක් ආවා..
ඔය පොත දැන් වෙලඳ පොලට නිකුත් කරලද?
ඔයාව දැක්ක කල්.... කෝ අර සන් ග්ලාස් පෙයාර් එක....
Deleteමේ පොත පරණ පොතක්! අළුත් මුද්‍රණයක්!
DeleteAno වැස්ස දවස් වලට සන්ග්ලාස් දාන්නෙ නෑනෙ.. :-)
Deleteක.කා ස්තූතියි
තමන්ගෙ දුවගෙ වයසෙ කෙල්ලොන්ට නංගී.. කෙල්ලේ... කිය කිය යන බ්ලොග් කරුවගෙ කොමෙන්ට් එක නම් අද තාම නෑ..... හැබැයි.. පොර නෑවිල්ලා අරින එකක් නෑ...
ReplyDeleteඅහවල් එක වටේ දුව දුව ඉදලා මෙහාට්ටත් ගොඩ වෙයි.
Deleteචික්... මචන් ඔහොම කෙලින්ම කියන එක හරි මදී.....
Deleteගාමිණී අයියගෙ ඔය පොත එළිදකවන එකට මටත් යන්න ලැබිච්ච එක නිසා හැබැහින්ම දැකලා අඳුරා ගන්න පුළුවන් උනා. බොහොම නිහතමානි මනුස්සයෙක් කියලා කට ඇරලා කියන්න පුළුවන්..
ReplyDeleteඔය ගෙම්බො නම් කිරිල්ලෙන් නම් උනේ..ඉස්සර ගෙදරට ගෙම්බෙක් ආවහම කරන්නෙ කොස්සෙන් තල්ලු කරලා තල්ලු කරලා එළියට දමලා දොර වහනවා. ඒත් දැන්...
මුලින්ම ඩස්ට් පෑන් එකට කඩදාසියක් එලලා රෙද්දකින් ගෙම්බව හෙමිහිට අල්ලලා බොහොම සීරු මාරුවෙන් මිදුලට අරන් ගිහින් උස ගලක් උඩින් තියලා ටික වෙලාවක් හරි දිර ඇරලා බලන් ඉන්නවා ආයි එයිද කියලා...
කවුද දන්නෙ සමරකෝන් ගෙම්බෙක්ද ආවෙ කියලා...සලකන්න එපාය..
පොත වගේම රහට පොඩ්ඩිත් විචාරෙ ලියලා තියෙනවා
Deleteවෙනී ගියේ ඔය පොතේ ඉංගිරිසි පරිවතර්තනය එළි දක්වපු දවසෙද? නැත්තං අළුත් මුද්‍රණයක් ආපු දවසෙද නැත්තං දෙවෙනි පොත එලිදක්වපු දවසෙද?
Deleteමේ පොත නං පරණ පොතක්!
ආ පොඩි පටැලවිල්ලක් උනා නොවැ.. මේ මම ගියේ මොනරවිල පොත එළි දකවපු දිනයෙ නොවැ..
Deletehttps://www.facebook.com/priyantha.weniwelptiyia/media_set?set=a.4927382376271.2180431.1049785475&type=3
අරුණිගේ කතාවක් ඇදී ඒමෙන් පොඩ්ඩිගේ විචාරය යටපත් වෙලා ගිහින් වගේ. කොහොම වුණත් මේ විචාරය අපි දන්න කෙනෙකුගේ පොතක් ගැන.ඔහු පරිසරවේදියෙක් හිත හොඳ මනුස්සයෙක්,පරිනත බ්ලොග් කරුවෙක් වගේම සහෘද සුලෝහිතයෙක්. මේ සියල්ල නැති වුණත් වචනයේ පරිසමාප්ත අරථයෙන්ම පොත හොඳයි කියා කිව හැකියි.
ReplyDeleteපොඩ්ඩිද සිය කුළුඳුල් විචාරයෙන්ම ඒ බැව් මැනවින් පාඨක අපට පෙන්වා දී තිබෙන්නෙත් අපුරුම ශෙලියකින්. විචාරයට පිවිසුමත් හොඳයි. ඒ වන පෙත් ගැන ලියැවුණු ස්පිට්ල් ගේ කෘති ද සිහිපත් කරමින් ඇරඹුම රැගෙන ඇති නිසා.
විචාරය කිව්වාම ඉතින් විවිධාකාරයිනේ. ඇතැම්හු මාක්ස්වාදි වද තවත් අය ට්‍රොස්කිවාදිවද තවත් අය ප්‍රස්චාත් නූතනවාදිවද විචාරයේ යෙදෙනවා. එනමුත් දන්න නොදන්න සැමට රසවිදින්න හැකි මේ විචාරයට මං කැමතියි. ඒ වගේම මේ පොතේ දොසක් දකින්නත් නැති තරම්. අපේ අලුත් විචාරකවරියට සුබ පැතුම්.
ඔය ගෙම්බගේ පොත දොරටවඩින දවසේ මාත් එතැන්ට ගියා. වෙනියා ඔය කියල තියෙන්නේ ඒ ගැනත්.
නලීන් විචාරය ගැන අගනා සටහනක්. ගොඩාක් ස්තූතියි.:)
Deleteනලින් ඔබ ගොස් ඇත්තේ මොනරවිල පොතේ උත්සවයටයි!
Deleteඔව් ඔව් මා ගියේ මොණරවිල පොත ආ දවසේ තමා..
Deleteමගේ පොත ගැන විචාරය ලියාපු පොඩි කුමාරි නගාටයි, ඒකට බ්ලොග් එකේ ඉඩ වෙන් කරලා දීපු කකා මලයටයි අනේක වාරයක් ස්තුතියි. යමක් ලියලා, තව කෙනෙකුට කියවන්න ඉඩ ඇරලා, ඒක අගය කරනවා දකින එක මොනතරම් සතුටක් ද කියලා මම විස්තර කරන්න ඕන නෑ. ඒ සතුට අද නැවත වරක් මම විඳ ගත්තා. මම අවුරුදු 120 ක් විතර ජීවත් වේවි කියලා මට හිතෙනවා ...!
ReplyDeleteපොත කියවපු වෙලාවේ ඉඳලා මගේ හිතේ තිබුණු ආසාවක් මම මේ ඉටු කරගත්තේ. ඉන් ඔබ යම් සතුටක් ලැබුවානම්, එයින්ම මට සතුටු උණු හැකි.
Deleteඇවිත් මේ විදියේ සටහනක් තැබුවට ස්තූතියි.:)
@ ගාමිණී
Deleteමා මේ පොත මිලට ගත්තේ පසුගිය මැයි මාසයේ. ආසාවෙන් කියෙව්වා!
පොත කියවන්න ලබුනෙ නහ නමුත් හොයන්න ඔන කියල හිතුන නිස ප්‍රචරය වගෙම විචරයත් නියමයි
ReplyDeleteස්තුතියි!
Deleteඔන්න පොත ගන්න වනිට බාර දුන්න. . . තන්කු වෙවා. .
Deleteමං මේ කල්පනා කොලේ කෝ බොලේ අපේ Fatty-Frog කාරයා කියලා.. අපරාදෙ බුවා දැන් බ්ලොග් අවකාශය පැත්තෙ සරන්නෙ නැත්තෙ.. ගෙඹි පෝස්ට් එකකට ගෙඹි කමෙන්ට් එකක් කියවන්ට තිබුනා එහෙමනං.. :)
ReplyDeleteFatty Frog is now an introduced species (just like his cousin Cane Toad) in a foreign land seven seas away.
Deleteබුරා ඇත්තෙන්ම අපිට මේ ගැන බොහොම ගැඹුරින් කතා කරන්න තිබ්බා. මොකද මම ගාමිණි අයියගේ පොත කියවලත් නැහැ. පොඩ්ඩිගේ විචාරයත් කියෙව්වේ මේ දැන්. පොඩ්ඩි ගේ විවාහය ඇතුළු අතුරු කතා දැක්කෙත් දැන් [පොඩ්ඩි හැපී වැඩින් පොජ්ජක් මන්දෝ වේවා හොඳේ]. අනික බං මම ගෙම්බෝ ගැන දන්නා කෙහෙම්මලකුත් නැහැ. ඒ නිසා මේක ගැන අම්බානක ගැඹුරු සංවාදයකට සියලු අවශ්‍යතා සපුරලා තියෙනවා.
Deleteකොටින්ම ෆැටි ෆ්රොග් කියන්නෙත් මම නෙවෙයි බං ඌ ඇත්තටම ගෙම්බෙක්. ඒ කාලේ මම හෙන කෙට්ටු එකා. ඔය ඊ මේල් ඇඩ්රස් එක අස්සේ හද්ද ලවු කතාවක් පැටලිලා තියෙනවා. ඔය ගෙරි ගෙම්බා අපේ බෝඩිමේ හිටියේ. අපි ඌට කවදාවත් හිරිහැර කලේ නැහැ. මල් කඩන තැන්වල නැවතිලා මූණ බලාගෙන ඉන්න සිරිත නිසා ඌ මගේ ජීවිතේට ඇතුළු වුනේ.
දැට් ඉස් හිස්ටරි. දැන් මාව දැක්ක එකෙක් ඉන්නවා නම ඌ මලාට පිළිගන්නේ නැහැ ෆැටි ෆ්රොග් මම නෙවෙයි කියලා.
බ්ලොග් අවකාශයෙන් අයින් වෙන්න හේතුව බං කොමියුනිකේෂන් ප්රෝටෝකොල් ගැන මතවාදී විරෝධයක් [:)] විනා ජාත්‍යන්තර ලෙස විතැන් වීම හෙවත් උන්හිටිතැන් අහිමි වීම නොවේ. මේක නිකම් හරියට කතන්දර කාරයා විසින් අරුණි ශපිරෝ ඉවත් කිරීම වැනි මෙව්වෙකක්.
මට "පෝලින්" ප්රෝටෝකොල්ස් එපා වෙලා තියෙන්නේ. කොමෙන්ට් එකක් දැම්මමහෝ මාව ටැග් කලාම මට නෝටිෆයි වෙන [ඉන්ටරප් මෙකෑනිසම් එකක්] තියේනම් කියපන්. මම ආයිත් බ්ලොග් කොමෙන්ට් වලට සෙට් වෙනවා. එහෙම නැතිනම් කොමෙන්ට් වලට උත්තර දාලද නැද්ද කියා කියා හොයා බලමින් ඉන්නත් ඒ අතරේ වැටෙන අසු හාරදාහක මෙලෝ බෝලෙක සහසම්බන්ධයක් හෝ ලොජික් එකක් නැති නාමික, සුඩොනාමික නිර්නාමික ජනී ජනයාගේ මානසික විකාර [කතා කිරීමේ නිදහසේ මෙව්වෙක] කියවන්න වීමත් මගේ ක්‍රමයෙන් වයසට යන සෞඛ්‍යයට නොගැලපෙන හින්දයි දුරස් වුනේ.
බුකියේ ටිකක් හරි ඉන්නේ හවසට ඇවිත් මට අදාළ වන දේ තෝරාගන්න සකරයා ලබා දී ඇති පහසුව නිසා.
/* දැන් මාව දැක්ක එකෙක් ඉන්නවා නම ඌ මලාට පිළිගන්නේ නැහැ ෆැටි ෆ්රොග් මම නෙවෙයි */
Deleteහොක්, හොක්, හොක්!
@ Kakā,
DeleteIt should be Croak Croak Croak, not Hok Hok Hok.. :-)
@හැමෝටම,
ReplyDeleteමෙන්න පොඩ්ඩිගේ ස්තූතිය.
*කතන්දර දවස් ගණනක් තිස්සේ කළ ප්රචාරයටත්, රසබර කථාවක් කියවන්ට බලා සිටි අයගේ හිත් පලුදු කරමින් පොඩ්ඩිගේ ලිපියක් දැම්මාටත් :D
*විචාරය කියවා ඒ ගැන යමක් සටහන් කල හැමෝටම
*කමෙන්ට් නොකලත් කියවූ ඔබ හැමටමත්
*ඊමේල්වලින් ගුණ දොස් දැක්වූ හැමෝටමත්,
*පොඩ්ඩිගේ විචාරය කියවා පොත ගැනීමට තීරණය කළ සැමටත් :)
ගොඩාක් ස්තූතියි.
පොද්දීගේ විචාරය කියෙව්වා.. මමත් ආස පොත ගැන ආසාවක් දැනෙන විචාර කියවන්නයි මේ වගේ.. පොත ගැන වෛරයක් ඇති වෙන විචාර කියෙව්වම ලේ කෝප වෙනවා ( අමරේ ලියන ඒවා මතකනේ ) ..
ReplyDeleteදිගටම ලියන්න පොඩ්ඩි...
___________________________________
අනේ කකාගේ රෙද්දේ මානුෂිකත්වය.. මගෙන් අහගන්න එපා ... බොරු සිල් රෙද්ද ගලවන්න පුළුවන් මට ..
@ SilenSahan
Deleteඇයි රෙදි ගලවන්න හිතෙන්නේ? නිරුවත දැක ගන්න ආසද?
එහෙනම් කියවන්න
1. කතන්දරකාරයා ගේ නිරුවත හෙලිවේ:
http://kathandara.blogspot.com/2013/02/kathandara-karaya-in-drag-with-photos.html
2. මැද පුක මිස කිසිත් නැත
http://kathandara.blogspot.com/2010/10/blog-post_29.html