Wednesday 25 September 2013

ජනප්‍රිය නළු අනුරාධ තම අනියම් පෙම්වතිය නිශාදි සමග සමග වාහනයේ යද්දී රිය අනතුරකට! So, what happened next?


සිංහල බ්ලොග් අවකාශයේ විටින් විට විවිධාකාරයේ නවකතා පල කෙරුණා. මා හිතන විදියට ඒවායින් වඩාත් ම සාර්ථක වුනේ "අපි නොදන්න ලේඛකයා" ලියපු සමනල විප්ලවය කියන නවකතාවයි.

සමනල විප්ලවයේ ඒ සාර්ථකත්වයට මුලිකම හේතුව ඒ දේශපාලන නවකතාවේ අන්තර්ගතයේ තිබුණු ආකර්ශනය බව අවිවාදාත්මකයි.

ඒ එක්කම තවත් වැදගත් හේතුවක් වුනේ, ලේඛකයා මේ නවකතාව කොටස් වශයෙන් ඉදිරිපත් කරපු නවතම ආකාරය මගින්, සාමාන්‍ය අච්චුවේ රේඛීය කතාවක් කොටස් වශයෙන් කාල පරතරයක් එක්ක කියවන විට පාඨකයාට දැනෙන වෙහෙස සහ දුරස්තබව සමතික්‍රමණය වීමයි.

මේ ලඟදී මං ෆේස් බුක් එකේ දැක්කා ජනක රත්නායක විත්‍ර ඇඳලා කොටස් වශයෙන් පලකරපු එක්තරා චිත්‍රකතාවක රචකයා වුණු චානුක වත්තේගම මෙහෙම කියලා තිබුණා.
මා ජනක රත්නායකට කතාවක් ලියන කාලයේ ඔහු හැමදාමත් කීවේ "මල්ලි කුතුහලය දැනෙන තැනකින් සතියේ කතාව ඉවර කරන්න" කියාය.
සාමාන්‍ය අච්චුවේ කතාවක් සතිපතා කොටස් වශයෙන් පල කරන්න ලියන එක අමාරු වැඩක්. කතාව පලවෙන්නේ මාසික සඟරාවක වුණොත් ඒ වැඩේ තවත් අමාරු එකක් වෙනවා.

අද සාහිත්‍ය මාසයේ පොත්-කතන්දරයෙන් මං කියන්න යන්නේ ඒ ආකාරයට මාසික සඟරාවක මුලින් පලවෙලා පස්සේ පොතක් විදියට මුද්‍රණය වුණු නවකතාවක් ගැනයි.


ජගත් ජේ. එදිරිසිංහ අප නෙත් ඉදිරියේ මවන තාරකා විජිතයේ රුසිරු

සතියේ දිනවල උදෑසනම අපි අවදිවෙමු. දරුවන් පාසලට යවමු. ලක ලැහැත්ති වී සේවයට යමු. ඩොලර් කිහිපයක් සඳහා දිවා කාලය කඹුරමු. සවස් වී නිවසට එමු. කා බී මෝඩයාගේ පෙට්ටිය ඉදිරියේ කාලය ගතකොට හෙට දවසේ ද මේ කර්තව්‍යයේ ම නිරතවන්නට ඇති බව මෙනෙහි කර දුක්මුසු සිතින් නින්දට වදිමු.

අප සති අන්තය ගත කරන අයුරුද මෙලෙසම පුර්ව නිගමනය කෙරී ඇත. අපටම කඩේ යාම, ගෙදර දොර පිරිසිදු කිරීම, වත්ත පිටියේ වැඩ, දරුවන් ට ටැක්සි සේවා සැපයීම ඒ සති අග නිති පිළිවෙත වේ.

අපේ ජීවිත කතා නවකතාවලට වස්තුබීජ නොමසපයන්නේ මේ ඒකාකාරීබව නිසාය. නවකතා ලියවෙන්නේ අසාමාන්‍ය ජීවිත ගතකරන, අසාමාන්‍ය මිනිසුන්ගේ, අසාමාන්‍ය ජීවන අත්දැකීම් පසුබිම් කරගෙන බව පැහැදිලිය.

ජගත් ජේ. එදිරිසිංහ ගේ සිව්වන මුද්‍රිත නවකතාව (2010) වන "තාරකා විජිතය" එවැනි අසාමාන්‍ය අන්තර්ගතයක් රැගත් නවකතාවකි.

නවකතාකරුවෙකු, කවියෙකු, සඟරා සංස්කාරකවරයෙකු, කවියෙකු, සහ තිරනාටක රචකයෙකු ලෙස සිංහල සාහිත්‍යයට නොමද සේවයක් සපයන ජගත් ජේ. එදිරිසිංහ ගේ මුල් නවකතා යුගල වන ”අසුර අඩවිය” සහ "ගිම්හාන සුලඟ" මෙන්ම "තාරකා විජිතය" කෘතියද මුලින් ම ලියවුනේ ද සන්නස නම් වූ සඟරාවේ මාසිකව කොටස් වශයෙන් පලකරන්නට ය.

කොටස් වශයෙන් පලකෙරෙන නවකතාවක් රචනා කරන ලේඛකයා එහිදී අභියෝග කීපයකට මුහුණ දෙයි. සෑම වාරිකයක් ම ප්‍රමාණයෙන් සීමාසහිත විය යුතු නමුත් ඒ සෑම වාරිකයකම නවකතාවේ ප්‍රමාණාත්මකව සෑහෙන කොටසක් අඩංගුවිය යුතුය. වාරිකය අවසාන විය යුත්තේ ඊලඟ කොටස ද නොවරදවා බැලීමට පාඨක සිත තුල අවශ්‍යතාවයක් ජනිත කරවමිනි.

මේ කරුණු සමග ගැටෙමින් නවකතාවක් රචනා කිරීමේදී රචකයාට එහි අන්තර්ගතයේ මෙන්ම ආක්‍යතියේ ද ගුණාත්මකභාවය ගැන යම් යම් කේවල් කිරීම් කරන්නට සිදුවෙන බව මගේ විශ්වාසයයි. අද සිංහල ටෙලිනාටකයට වී ඇති ව්‍යවසනයෙන් මේ කරුණ හොඳින් පැහැදිලි වෙන බව අපි දනිමු.

තම මුල් නවකතා යුගලය වූ "අසුර අඩවිය" සහ "ගිම්හාන සුලඟ" කෘති රචනයේ දී ජගත් ජේ. එදිරිසිංහ මේ අභියෝගය සාර්ථකව ජයගත්තේ ය. ඕස්ටේ්‍රලියානු සිංහල ප්‍රජාවේ උප ප්‍රධාන අංශ වන, සරණාගතයින් සහ ජාත්‍යන්තර සිසුන් ප්‍රධාන භූමිකා සඳහා උපයෝගී කර ගනිමින් ඔවුන් ගේ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා කරමින්, මනා සමාජීය විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ප්‍රභල අන්තර්ගතයක්, සාර්ථක ආකෘතියක් මගින් ව්‍යක්තව ජගත් ජේ. එදිරිසිංහ එදා අපට ඉදිරිපත් කළ බව මගේ මතයයි.

එසේ නමුදු, "තාරකා විජිතය" නවකතාව රචනයේ දී ඒ තිරසාර පදනම බිඳ ගනිමින් රචකයා තම හැකියාවේ යම් පසු බැසීමක් පෙන්නුම් කර ඇත්දෝයි මා සිත තුල කුකුසක් ඇතිවන බව කිව යුතුය. එය කෙතරම් සාධාරණ විවේචනයක්දැයි මදක් සොයා බලමු.

"තාරකා විජිතය" නවකතාවේ කතා වස්තුව සැකෙවින් මෙසේය.

පවුල් දිවියට වඩා තම ආචාර්ය උපාධියේ පර්යේෂණ මුල්කොට සලකන දිලීප ගේ බිරිඳ ලෙස ඕස්ටේ්‍රලියාවේ පස්වසරක් ගතකර සැමියා ගේ අණ කිරීම මත ලංකාවේ නිවාඩුවකට යන නිෂාදි එහිදී ජනප්‍රිය නළුවෙකු වන අනුරාධ හා ලිංගිකව හැසිරී පසුව ඔහු හා පෙමෙන් බැඳේ. රිය අනතුරක් නිසා ඔවුන් දෙදෙනාගේ අනියම් සම්බන්ධය රට තුල ප්‍රසිද්ධියට පත්වේ. ලංකාවට පැමිණෙන දිලීප ඇගේ නොකමැත්ත නොසලකා නිෂාදිව නැවත මෙල්බර්න් රැගෙන යයි. එහිදී නිෂාදි අනුරාධ නිසා ගැබ්ගෙන ඇති බව දැනගත් පසුව ද දිලීප ඇය අතහැර නොදමන්නට තීරණය කරයි. එය නොතකා දිලීප හැර යන නිෂාදි පසුව තමන් රඟන සිනමා පටයක් තිරගත කිරීමට ඕස්ටේ්‍රලියාව එන අනුරාධ සමග නැවත එක්වේ. ඒ අනුරාධව මරා දමා තමා ද මිය යාමට දිලීප කරන සැලසුම ඔහුගේ දුර්වල සිත නිසා ව්‍යවර්ථ වීමෙන් අනතුරුවය.

ප්‍රථමයෙන්ම කිව යුත්තේ "තාරකා විජිතය" නවකතාවේ ඉහත කී අන්තර්ගතය වනාහී සෑබෑවීමට අතිශයින්ම අඩු සම්භාවිතාවයන් සහිත සංසිද්ධීන් කිහිපයක සමපාතවීමක් ලෙසින් පමණක් සාධාරණීකරණය කළ හැක්කක් බවයි. තනිව ලංකාවට ගොස් සිටියදී විනෝද ගමනක් යන නිෂාදී ට අනුරාධ නම් නළුවා හමුවීම, ඔවුන් වචන කිහිපයක් පමණක් කතාබහ කරන දෙවන දිනයේම ලිංගිකව එක්වීම, එක් ලිංගික එක්වීමකින් පමණක් කාන්තාවක් ගැබ් ගැනීම, ඔවුන් එක්ව මෝටර් රථයක යන ප්‍රථම අවස්ථාවේදීම එය අනතුරකට ලක්වීම මේ ආකාරයෙන් සමපාත වී ඇති අසම්භාවී සිද්ධීන් කිහිපයකි.

එපමණකුදු නොව, "තාරකා විජිතය" නවකතාවේ විශ්වාසනීත්වය බිඳෙන තවත් අතාත්වික කරුණු කිහිපයක් ද වේ. ජනප්‍රිය නළුවෙකු වූ අන්සතු තරුණ බිරිඳකට උන්මත්තකව මෙන් ආදරෙන් බැඳීම, පූර්ණකාලීන ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් කිසිදු ආර්ථික ප්‍රශ්ණයක් නැතුවා සේ හැසිරීම, තරුණ සැමියෙකු අනාචාරයේ හැසිර අවජාතක දරුවෙකු ද කුස තුල දරා සිටින තම බිරිඳ ගේ දැඩි ප්‍රතික්ෂේප කිරීම් ද නොසලකා ඇය ම පැතීම, උගත් තරුණියක් වසර පහක් පැරණි විවාහයක බැඳී සිටින මිනිසෙකු පැතීම ඒ අතර වේ.

තාත්විකත්වය සොයන විචාරකයෙකු ලෙස මා එලෙස දුටුවද මේ අසාමාන්‍ය සිද්ධීන් සහ තරමක් අතාත්වික ලෙස පෙනෙන හැසිරීම් මාලාවම ජගත් ජේ එදිරිසිංහ ගේ "තාරකා විජිතය" නවකතාව ලාංකික සිංහල නවකතා පාඨකයින් ගේ බහුතරයක ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැංවෙන්නට හේතුවිය හැකි බව ද මට පෙනේ. වෙනත් වචන වලින් කියතොත් ”තාරකා විජිතය” නවකතාවේ අන්තර්ගතය තුල ජයග්‍රාහීත්වයේ සූත්‍රය ගැබ්ව ඇත.

ඒ සමගම පෙනීයන තවත් කරුණක් වන්නේ "තාරකා විජිතය" නවකතාව කෙලින්ම ජනප්‍රිය වට්ටෝරුවේ සිනමා පටයක් කරන්නට හොඳින් ඉඩකඩ තිබෙන බවයි. සුදුම සුදු සේ සහ කළුම කළු සේ බැළු බැල්මට පෙනෙන චරිත, ලෝකාන්තයේ දී සිදුවෙන අහඹු හමුවීම්, නුවර එලියේ දර්ශන, මෝටර් රථ අනතුරු, ගුවන් තොටුපොලේ කෙරෙන සමුගැනීම් සහ මුණ ගැසීම් මෙන්ම මාරාන්තික මෝටර් රථ පැදවීම් ද මෙහිදී සිත් ඇද ගන්නා දර්ශන මවනු ඇත.

කරුණු එසේ වුව ද, මේ ජනප්‍රිය කතාව අති සරලව ඉදිරිපත් කරන්නට ජගත් ජේ. එදිරිසිංහ නවකතාකරුවා තුල සිටින ව්‍යක්ත ලේඛකයා ඉඩ නොදීම සතුටට කරුණකි. අද ලංකාවේ දුසිම් ගණනින් ප්‍රකාශයට පත්වෙන ”මිල්ස් සහ බූන්” වර්ගයේ අති සරල නවකතාවල මෙන් නොව ”තාරකා විජිතය” නවකතාව පුරාම භාවාත්මක මෙන්ම භාවපූර්ණ දෙබස් සහ ස්වයංභාෂණ මගින් එහි අඩංගු අසාමාන්‍ය චරිතවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් දෙස යම් දුරකට විශ්ලේෂණාත්මකව බැලීමක් සිදුවී ඇති බව කිව යුතුය. එහෙත් එමගින් ආවාර්ය උපාධි ශිෂ්‍ය දිලීප ගේ සංඛීර්ණ චරිතය මුළුමනින් සාකච්ඡා නොවීම කණගාටුවට කරුණකි.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මගේ නිර්ණායකයන්ට අනුව සාපේක්ෂව අඩු තක්සේරුවක් ලැබුනද ජගත් ජේ. එදිරිසිංහගේ "තාරකා විජිතය" නවකතාව සිංහල නවකතා කියවන්නන් ගේ පොදු රසාස්වාදය ඉහල නංවන කෘතියක් බවට සැකයක් නැති බවයි.


ජගත් එදිරිසිංහ ගේ අනෙක් පොත් ගැන ලියවුණු පොත්-කතන්දර.
1. ඉස්කෝලෙ කාලේ
2. අදිසි
3. අසුර අඩවිය

-කතන්දරකාරයා


80 comments:

  1. ඕස්ට්‍රේ;ඊයාවට යන්තන් හිරි සම්භන්දයක් තියෙන කථා වලට කකා වැඩි කැමැත්තක් තියෙනවා වගේ දැනෙනවා

    ReplyDelete
    Replies
    1. යකෝ උඹට මාර කියවීමේ වේගයක් නේ තියෙන්නේ....0530 ට දාපු පෝස්ට් එක කියවලා 0533 ට කමෙන්‍ටුවකුත් දාලා තියෙන්නේ......

      කතන්දරයයි මයියා යි දෙන්නම එක්කෙන්ද?

      කෙන්ජියට නම් හොදම වැඩේ.....පොඩ්ඩිව නෝන්ඩි කලාට...

      Delete
    2. මයියා

      එහෙම විශේෂයක් නැත!

      Delete
  2. සියලු දෙනාටම සුභ උදෑසනක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. කෙන්ජියා පෝස්ට් එක කියවන්නේවත් නැතුව පොඩ්ඩිට කලින් එක වීමේ කොමෙන්‍ටුව දාලා...ඒත් දන්නේම නැතුව මයියා පැනලා...

      Delete
    2. @ Kenji
      සුභම එකක් හෙටත් වේවා!

      Delete
  3. හොද විග්‍රහයක්.
    එක දිනකින් නොව විනාඩි ගානකින් නළුවන්ට වහ වැටෙන අම්මණ්ඩි ල ඕන තරම් මම දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි නම් වූ නළු බට්ටාට ද?

      Delete
  4. Mario's Father - Hiroshi Yamauchi
    Hiroshi Yamauchi (山内 溥 Yamauchi Hiroshi?, real name: 山内 博,who ran Nintendo for more than 50 years and led the Japanese company's transition from traditional playing-card maker to video game giant, has died. He was 85.
    Reputed as a visionary and among the richest men in Japan, Yamauchi made key moves such as employing the talents of Shigeru Miyamoto, a global star of game design and the brainchild of Nintendo hits such as Super Mario and Donkey Kong.
    Born November 7, 1927 Kyoto, Japan
    Died September 19, 2013 (aged 85) Kyoto City, Japan
    Alma mater Waseda University (dropped out)
    Wikipedia http://en.wikipedia.org/wiki/Hiroshi_Yamauchi

    ReplyDelete
    Replies
    1. මාරියෝ කොල්ලෙක් ගෙදර හිටියා, දැන් ඌට ඒ ගේම් එක එපා වෙලා!

      Delete
  5. කෝ මේ කෙන්ජි මාමා

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝ කාරයා හිතං ඉන්නේ ඌ කෙන්ජිටයට කලින් කමෙන්ට් කලයි කියලා :)

      Delete
  6. කකා ට ග්‍රන්ථ විචාරයට නම් පූර්ණ සුදුසුකම තියෙනවා

    ReplyDelete
    Replies
    1. එකම සුදුසුකම පොත් කියවීම

      Delete
  7. කකා ඕස්ට්‍රේලියවෙ ඉන්න පොරවල්ගෙම පොත් විචාර ලියන්නෙ ඩොලර් වලින්ද ගෙවන්නෙ

    ReplyDelete
  8. කෝ අද කෙන්ජි සාන්? :)

    ReplyDelete
    Replies
    1. තප්පර හැටෙන් මයියා පැනල නොවැ.
      පොඩ්ඩි ට හරි සතුටුයි නේද :)?

      Delete
    2. කෙන්ජි අඩිකෝදුවෙන් මයියා පැනලා ඕනෙද?

      Delete
  9. මේ පොත නම් කියවලා තියෙනවා. වෙන්ට බැරි කතාවක් විදියට හිතේ ඇඳිච්ච එකක්.

    ReplyDelete
    Replies
    1. ඉතින් ?

      Delete
    2. වෙලා තියෙන කතාවක් ද නැද්ද අපි දන්නේ නෑ නේ?

      Delete
  10. //තනිව ලංකාවට ගොස් සිටියදී විනෝද ගමනක් යන නිෂාදී ට අනුරාධ නම් නළුවා හමුවීම, ඔවුන් වචන කිහිපයක් පමණක් කතාබහ කරන දෙවන දිනයේම ලිංගිකව එක්වීම//

    මෙව්වනම් වෙන්න බෑ කියන්න බෑ.... බස් හෝල්ට් එකේ දි කථා කරලා රෙස්ටුරන්ට් එකට දවල්ට කන්න ගිහින් එහෙම්ම ඇදට ගිය කපල් මම දන්නවා....

    ටික කාලෙකට කලින් කුප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක් තමන් කෝච්චියෙ යද්දි කෙල්ලෙක් සෙට් කරන් කෙලින්ම රෙස්ට් එකට ගෙනිච්චා.....

    ReplyDelete
  11. කකා කියවලා නැද්ද... කාව්‍ය ශේකරය.....

    පිරිමියනුදු පතන........
    අවසර කල් රහස් තැන................
    මිසැ නො ලැබෙන සෙයින............
    ගැහැනු කවරු ද වරදැ නො බැ‍ඳෙන..........

    කම් සැප විඳීමෙන්.......
    ආභරණ පැළඳීමෙන්........
    දරුවන් වැදීමෙන්.........
    වෙසෙති අඟනෝ නොතිත් වීමෙන්.........

    ReplyDelete
    Replies
    1. එතකොට පිරිමි?

      දුන්නොත් එපා කියයිද?

      Delete
  12. දෙවන දිනයේම ලිංගිකව එක්වීම අසම්භාවී ??? KK, Now you get one night stands in SL too !

    ReplyDelete
    Replies
    1. කකා ලංකාව ගැන දන්නෙ නෑමං හිතන්නෙ. මුල් පැයේම අහවල් වැඩේ කරන්න ගිහිල්ල තමුන්ගෙ කනකර නැති කරගත්ත ගෑනු ගැන කේස් ඕන තරම් පත්තරවල තියනව.

      Delete
    2. මේ කතාව ගොඩ නැගී එන විදියට හිතා ගන්න බැරිවුණා!

      Delete
  13. අර සමනල විප්ලවය ලියපු හාදයා නම් මාර වැඩ කාරයෙක්.. ඒක පොතක් කලත් මාරට නැගලා යයි...

    ReplyDelete
    Replies
    1. නැගලා යන්න බක් ෆියට් එකත් හොදයි.....

      Delete
  14. සමනළ විප්ලවය ලියු පුද්ගලයා වෙනත් නමකින් බ්ලොග් අඩවියක් කරන බව නොදන්නේද ...? සමනළ විප්ලවයේ අවසාන පෝස්ටුව තුළද ඒ බව සඳහන්. එසේම ඔහු පටන් ගත් නව බ්ලොග් අඩවිය තුළද ඔහු ඉන්නේ නිර්නාමිකව. ඔහු ගැන කිසිම දෙයක් දන්නා කිසිම කෙනෙක් නැහැ .ඔහු සමනළ විප්ලවයෙන් පසු පටන් ගත් අඩවිය තුළද දේශපාලනය ගැන පෝස්ටු ඇතුළත්. ඔහු මෙතනටත් එනවා. කකා එක්ක රණ්ඩුත් වෙනවා.නිර්නාමිකව ඉන්නේ හේතුවක් ඇතුවනේ. ඔහුට එසේම ඉන්නට ඉඩ දෙමු.

    ReplyDelete
    Replies
    1. එහෙත් පළා යන්ට මත්තෙන් මගේ පාඨකයින්ට වූ පොරොන්දුව ඉටු කළ යුතුව ඇත. මවිසින් කළ සුළු සංස්කරණ කිහිපයකින් යුතුව, මේ කතාංගය පළ වන්නේ එනිසාය. (එය විකල්ප අවසානයක්ද නොදනිමි. මෙහි රචකයා, කතාවේ ලේඛකයාද සමඟ කතාවෙන් එළියට පනියි!)

      විශේෂ උපදේශයක් නොදුන් නිසා නොනමින් පළ කරමි. රචකයාට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමන්ට් එකකින් හෙළි කළ හැකිය. (ඔහු මෑතකදී බ්ලොග් එකක් පටන් ගත් බ්ලොග්කරුවෙකි.)

      - ලේඛක


      සමනළ විප්ලවය ඔහු ගැන කියූ දේ

      Delete
    2. /* සමනළ විප්ලවය ලියු පුද්ගලයා වෙනත් නමකින් බ්ලොග් අඩවියක් කරන බව නොදන්නේද ...? සමනළ විප්ලවයේ අවසාන පෝස්ටුව තුළද ඒ බව සඳහන්. එසේම ඔහු පටන් ගත් නව බ්ලොග් අඩවිය තුළද ඔහු ඉන්නේ නිර්නාමිකව. */

      මොන බ්ලොග් එක ගැනද මේ කියන්නේ? අපටත් දැනගන් කියන්න කෝ?

      මං නං හිතන්නේ නෑ සමනල විප්ලව නවකතාකරු වෙනත් බ්ලොගයක් පටන් ගත්තාය කියලා.

      ඔහු ම බොදු බල තොට නමින් වෙනත් දේශපාලන නවකතාවක් (අනාගත කාල) පටන් ගැනීමට ගියා. ඒකේ හැඳින්වීම කියවූ මා "දෙඤ්ඤං බැටේ" විචාරයක් ලියාගෙන හිටියත් පසුව ඔහු ඒ බොදු බල තොට අදහස අතහැරියා.

      Delete
    3. //කේ හැඳින්වීම කියවූ මා "දෙඤ්ඤං බැටේ" විචාරයක් ලියාගෙන හිටියත් //

      මහරජ ඒ අඹ ගසුත් මේ අඹ ගසත් හැර තවත් ගස් තිබේද?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. විශේෂ උපදේශයක් නොදුන් නිසා නොනමින් පළ කරමි. රචකයාට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමන්ට් එකකින් හෙළි කළ හැකිය. (ඔහු මෑතකදී බ්ලොග් එකක් පටන් ගත් බ්ලොග්කරුවෙකි.)

      රාජ් ඒ කියන්නේ උබ දන්නවා සමනළ විප්ලවය ලියපු එකාටත් වැඩිය දේවල් ? අනේ මන්ද උබලා වගේ මානසික රෝගියෝ කොහේ නවතීද කියලා. ඉරිසියාවෙන් පැලෙද්දී අමාරුයි නේද බන්ස්.හිකිස්

      Delete
    6. රාජ් මනුස්සයෙක් වෙන්න බලපන් මුළින්ම. ඊට පස්සේ ආයේ ඉස්කෝලේ පලයන්. ඊටත් පස්සේ අලුත් බ්ලොග් එකක් පටන් ගනින්. හිකිස් !

      Delete
    7. ඇනෝ,
      කමෙන්ටුව දැම්මත් උඹ ගැන පව් කියල හිතල මැකුව බං. සමනල විප්ලවය ලිව්ව එකාට කිට්ටු වෙන්නවත් උඹට බෑ බං. නිකං තැන තැන ගොං පාට් දාන්නෙ නැතුව හිටපං.

      Delete
    8. මෙහෙමත් නෝන්ඩියක් ! මතකද මීට කලිනුත් කට්ටිය පෝලිමට කිච උනා. හිකිස් ! අනේ හුකේ රාජ් !

      Delete
    9. ඒකත් ඔයාගෙ වැඩක් කියල දන්නව.

      Delete
    10. /* ඔහු සමනළ විප්ලවයෙන් පසු පටන් ගත් අඩවිය තුළද දේශපාලනය ගැන පෝස්ටු ඇතුළත්. ඔහු මෙතනටත් එනවා. කකා එක්ක රණ්ඩුත් වෙනවා.නිර්නාමිකව ඉන්නේ හේතුවක් ඇතුවනේ. ඔහුට එසේම ඉන්නට ඉඩ දෙමු. */

      මේ මොන විහිළු කතාවක් ද?

      මට නැවතත් කියන්න ඇත්තේ කලින් ලියූ ටිකම තමයි.

      මං නං හිතන්නේ නෑ සමනල විප්ලව නවකතාකරු වෙනත් බ්ලොගයක් පටන් ගත්තාය කියලා.

      ඔහු ම බොදු බල තොට නමින් වෙනත් දේශපාලන නවකතාවක් (අනාගත කාල) පටන් ගැනීමට ගියා.

      පසුව ඔහු ඒ බොදු බල තොට අදහස අතහැරියා.

      Delete
  15. මම කොටස් වශයෙනුත්, පොතත් කියෙව්වා... විශේෂත්වයක් නම් දැනුණේ නැහැ. ජගත් ජේ එදිරිසිංහ ගෙ ලිපි කියවන විට දැනෙන දෙයක් තමයි, ඔහුගේ නවකතා තියෙන්නෙ ඊට වඩා අඩු මට්ටමක කියලා....

    ReplyDelete
    Replies
    1. ඔහු ලියූ ලිපි මොනවාද? සමරු සටහන් ද?

      Delete
  16. සමනල විප්ලවය දේශපාලන නව කතාවක් ලෙස සඳහන් වුවත් මටනම් හිතෙන විදියට ඒක ලියන්නේ විද්‍යාඥයෙක් තරමට ඉහළ විද්‍යා දැනුමක් තියෙන කෙනෙක් අර කිව්වා වගේ එයා නිර්නාමිකව ඉන්නේ කුමක් හෝ හේතුවක් ඇතිව.එයාගේ ජාතකේ හොයන්න බැරි වුනත් බ්ලොග් අවකාශයේ ඔහුගේ ලේඛන ස්වරූපයට වඩාත්ම සමීප කෙනා ටැබූ..සමහර විට වෙනත් කෙනෙක් එම උරුව ආරූඩ කොට ලියනවා වෙන්න පුළුවන්..ඒත් ඒ තරම් දැනුවත් බව...එතනයි පුදුමේ.....

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් ඉන්නවා. ඔහුගේ බ්ලොග් අඩවියේ ඇති පෝස්ට් බැලුවොත් හොඳටම තේරුම් යයි. ඔහුගේ විද්‍යාත්මක සහ න්‍යායාත්මක පැහැදිලි කිරීමේ හැකියාව ඉතාම ඉහළයි. සියලු දේ ගාණට පැහැදිලි කරනවා. විද්‍යාව , දේශපාලනය , ආර්ථිකය , සමාජීය දැනුම ඉතාම ඉහළයි.

      Delete
    2. කියන්නකො මෙයා අපිටත් ආසයි ඒ බ්ලොග් එක බලන්න......

      Delete
    3. ජෝති බුධ මාරුව කුම්භ ලග්නෙට කොහොමද? ජෝතිට කොහොමද?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. රාජ් මේක නම් තනිකර ඉරිසියාවෙන් පැලිලා දාපු කමෙන්ට් එකක් නේද බන් ? බලපන්කො උබලගේ ගූ බ්ලොගේ දිහා. මොනාද යකෝ තියෙන්නේ ඒකෙ. ලංකාව උඩ යට මාරු කරපුවයි , ගම් ගාලා සපත්තු අලවපුවයි . අනේ බොල බූරු පුතේ. පුකෙන් හිනා බන් උබේ බ්ලොගේ දැක්කම. වැදගත් දෙයක් ලියලා හිටපන් මුලින්.

      Delete
    6. රාජ් රෙද්ද පල්ලේ ගියා නේද බලු කමෙන්ට් දාන්න ගිහින් ? පව් !

      Delete
    7. මෙතන රාජ් දාපු කමෙන්ට් එක කෝ...එයා මොකක්ද කියල තිබුනේ.......

      Delete
    8. ජෝති බුධ මාරුව කුම්භ ලග්නෙට කොහොමද? ජෝතිට කොහොමද?

      Delete
    9. ජොති,
      කමෙන්ටුව දැම්මත් මේ ඇනෝගෙ මානසික තත්වෙ සලකල මකල දැම්ම බං. තමුන් කියන දේ ගැන ඊලඟ මොහොතේ නොදන්න මේ ඇනෝ මල්ලි තමුන් "ලේඛකයා"(නැත්තං ටැබූ) කියන්න හදනව. පවු ටැබූ දැක්කොත් වස බොනව.

      Delete
    10. දැන් ඉතින් එහෙම වත් කියපන් බන්.

      Delete
    11. අනේ බං මගේ පෝස්ට් වැදගත් කියකිය තැන තැන හලල යන්නෙ නෑනෙ. ඒක කරන්නෙ උඹනෙ. උඹේ ලිපි වල වැදගත් දේවල් තියනව ඒක නෑ කියන්නෙ නෑ. ඒත් ටැබූ නැත්තං ලේඛකය උඹයි කියන එක නවත්තපං. මොකද හෙළුව වහගත්තට මූන පේනව :-)

      Delete
    12. ඒක මිසක් මම බැලුව රාජ් බුධ මාරුව ගැන පලාඵල කියන්න ගියා වත්ද කියලා....D

      Delete
    13. මචන් සිරා අහන්නෙ..... කියපන්කො ජෝති.... මගේ ලග්නෙට හොදද?

      Delete
    14. සැප්තැම්බර් 25 බුධ මාරුව කුම්භ ලග්නෙට හොඳයි....ලේඛන කටයුතු රැකියාවට හොඳයි.ඇයි ඇනෝ මේක මෙතන අහන්නේ..මගේ බ්ලොග් එකට ඇවිත් අහන්නකෝ...මේක කකාගෙ බ්ලෝග් එකනේ.....

      Delete
    15. සමනල විප්ලවයක් ආපහු එනකං බලා ඉඳිමු!
      තාම නං ආවේ නැත!

      Delete
  17. අභව්‍ය සිදුවීම් වලින්නේ කකා කතාවක් ගොඩනැ‍ෙඟෙන්නෙ. ඕක තාත්වික කරන්න ගියොත් කතාවක් නැතිවෙන්නත් පුළුවන්.

    ReplyDelete
  18. කකා මට ගැටළුවක් තියෙනවා .. අවුරුදු 5 ක විවාහ ජීවිතයක් ගත කර තිබූවද ගැබ් නොගත් නිශාදි කොහොමද සති දෙක තුනක් ඇතුළට ගැබ් ගත්තේ වෙනත් පුරුෂයෙකු මගින් ..?

    පිළිතුරක් ලබා දීමට හැකි නම් කෘතඥ වෙමි.. ( වෙනත් අයටද උත්සාහ කල හැකිය )

    ReplyDelete
    Replies
    1. ***සති දෙක තුනක් ඇතුළත

      Delete
    2. ඕකට කොච්චර උත්තර තියෙනවද බං?

      1. නිශාදිගෙ සැමියා සරු/මඳ සරු වීම
      2. නිශාදිගෙ සැමියාට උනන්දුවක් නැති වීම
      3. නිශාදිගෙ සැමියා රේන් කෝට් භාවිතය
      4. නිශාදිගෙ සැමියා සමරිසි වීම
      5. චාන්ස්...ජස්ට් බයි චාන්ස්
      6.....
      7......
      8.....

      Delete
    3. ස්ත‍්‍රි පුරුෂ දෙකොට්ටාසයේම සරුභාවයට හානි කරන ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ පමණක් දැකිය හැකි සංකල්පය අපි හඳුන්වන්නේ ”ඌෂ්ණය” "Ushnam" යනුවෙන්. ඉතාම වැදගත් කාරණය වන්නේ මේ ඌෂ්ණය යනුවෙන් හඳුන්වන්නේ උෂ්ණත්වයවත්, Temperature තාපයවත් Heat නොවන බවයි.

      ඩිම්භ සෛලයක මේරීම සිදුවන විට එම ක‍්‍රියාවට යෙදවෙන ඩිම්භ සෛලයේ විභව ශක්තිය හා එහි ශක්ති හානිය අතර ඇති අනුපාතය හැම විටම එකීය විය යුතුයි. නමුත් යම් විදියකින් එම ශක්ති හානිය නියමිත මට්ටමට වඩා වැඩි නම් එම සෛලයේ පැවතිය යුතු විභව ශක්තිය, එහි ක‍්‍රියාකාරී චාලක ශක්තිය සහ ශක්ති හානිය යන ශක්ති සමීකරණයේ හානිය පැත්ත වැඩි වූ විට ජීව ක‍්‍රියාවලි සඳහා යෙදවෙන ශක්තිය හෙවත් චාලක ශක්තිය ඉතා අඩු වී යයි.

      ගුවන් යානයේදී සිදුවූ උස වෙනස් කම් හේතු කොටගෙන ඩිම්බය ගබඩාකරගත් විභව ශක්තිය හේතුකොටගෙන ඇතිවූ නව ශක්ති සංස්ථිතිය මගින් මෙම කාන්තවගේ මද සරු භාවය නැතිවී ඇති බව මෙහිදී දකින්ට පුළුවන්....

      Delete
    4. @ Anonymous September 25, 2013 at 12:54 PM
      මට හිතෙන්නෙ හරිම දේ අංක හතර කියලා.... ඔසී ඉන්න ලංකාවෙ පොරවල් සමරිසි වෙන්න ලොකු පොසිබිලිටි එකක් තියෙනවා......

      ඒක නෙවෙයි දිලීප කියන පොර තට්ටයෙක් ද?

      Delete
    5. එක් ලිංගික එක්වීමකින් පමණක් කාන්තාවක් ගැබ් ගැනීම කියන එක නවකතාවලට ටෙලි නාට්‍ය වලට බොහොම පොදු දෙයක්. සැබෑ ජීවිතේනම් එහෙම වෙන සම්භාවිතාව බොහොම අඩුයි නේද?

      Delete
    6. ඒත් වෙන්න පුළුවන් පුතා..... ගැට ගහලා තියෙද්දිත් බඩට බීමත් පුරුෂයගෙ පා පහරවල් කිහිපයක් වැදිලත්.. මම දන්න අවුරුදු 45 වෙච්ච කෙනෙකුට බබෙක් ලැබුනා.... එන්න ඉන්න එකා කොහොම හරි එනවා .........

      Delete
    7. @ පළමු ඇනෝ

      ඉතා හොඳ හේතු දැක්වීම් ටිකක්...

      2 ඇනෝ

      නව ආරක කමෙන්ටුවක් ( ද්වේශ සහගත නෙවේ නේද? )

      3 ඇනෝ

      පිළිගන්න පුළුවන්.. ගැබ් ගැනීමක් නොවීමටත් , වෙනත් පුරුෂයෙක් හා එක් වීමටත් ලොකු ඉඩක් තියෙනවා එවැනි විටකදී..

      @ වරකා ( මට wයන්න සහ chaයන්න පේනවා හොරයි )

      අනිවාර්යෙන්ම..මමත් පොඩි කාලේ හිතන් උන්නේ බලහත්කාරකමක් කරහමයි ළමයි හම්බෙන්නේ කියලා.. :)

      @ 4 වන ඇනෝ

      ඇත්ත ඇත්ත කතාව ඇත්ත...දෙයක් වෙන්න තියේ නම් වෙනවම තමයි...

      Delete
    8. සහන්.... ඇත්තෙම්ම නිව්ටන්ගේ ශක්ති සංස්ථිතිය ඇසුරෙන් මද සරු භාවය පැහැදිලි කිරීමේ ගරු අයිතිය හිමි වන්නේ ලාංකිකයෙකුට......

      Delete
    9. මෙහෙමයි මචන් ඔය සිදුවීම මම දැක්කා. ආයුර්වේදයේ තියෙන සමහර දේවල් ඇහුවම සිනහා යනවා. එක්කෝ හරි හැටි ආයුර්වේද පොත පතේ තියෙන ශ්ලෝක පරිවර්තනය නොවීමේ/තේරුම් නොගැනීමේ ගැටලුව.. අරයට මෙයාට ඕනේ විදිහට එක එක දේවල් කියගන්නවා..

      උදාහරණයක් විදිහට :- එක ශුක්‍රානු බින්දුවක් හැදෙන්න ලේ බින්දු 8 ක් පමණ වැය වෙනවා කියලා ඕනේ තරම් රජයේ රෝහල් වල ඉන්නම ආයුර්වේද වෛද්‍යවරුන් කියනවා මගේ මේ කනට ඇහිලා තියෙනවා අනන්ත... ( එහෙම බැලුවොත් මේ කමෙන්ට් එක දාන්න මම නැහැ මේ ලෝකේ )

      අනිත් දේ තමයි ආයුර්වේදය කියන්නේ එක විශයක් , නිව්ටන් මහත්තයා කියන්නේ තව විශයක්.. විශයන් දෙකක් එකට පාහන්න යන්න හොඳ නැහැ. අනිත් එක එකට පෑහුවා කියලා මොනවද ලැබෙන්නේ ..? ප්‍රසිද්දියද ..?

      සැළකිය යුතුයි : මම ආයුර්වේදයට ගරහන්නේ නැහැ. මම දන්න තැනක් තියෙනවා අංශබාගයට බෙහෙත් කරන.. අවුරුදු ගණන් ඔත්පල වෙලා උන්නු 4 දෙනෙක් මම දැනුවත්ව සනීප උනා. ( පිනුම් ගහන්න නම් බැහැ , ඒත් යන්තන් කකුල උස්සලා ඇවිදින්න , දොට්ට පිලට යන්න , කඩේකට යන්න වගේ දෙයක් පුළුවන් අද ඒ අයට... ) මේ තැන ගැන විස්තර දැනගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් මට මේල් එකක් එවන්න.. ඒ වගේම මෙතන ගැන මම ඕනේ තරම් බ්ලොග් වල කමෙන්ට් දාලා තියෙනවා... silentsahan@gmail.com

      ආයුර්වේදය විහිළුවක් වෙලා තියෙන්නේ මොඩ් වැඩ කරන අය නිසා... පරණ දේවල් මොඩ් කරන්න යන්න ඕනේ නැහැ..ඒවා ඒ තියෙන විදිහටම තියෙන්න අරින්න ඕනේ...

      Delete
    10. @ Silent-NotSo-Sahan

      එසේ වී ඇත්තේ නවකතාකරුවාගේ අභිමතය පරිදිය.

      Delete
  19. දව දවස් හයා...යි !!!! ඉවසපං පපුව !!!

    ReplyDelete
    Replies
    1. එහෙමට බලාපොරොත්තු තියාගන්න එපා..... ලබන මාසෙ ඉදලා කයිපද දාන්න ගත්තොත් අපිට ඉන්න වෙන්නෙ කැx කාපු රිලව් වගේ තමයි.......

      Delete
    2. මොනවා දැම්මත් කමක් නෑ කකා. කමෙන්ට් නම් කපන්න එපා. අපි එන්නේ කමෙන්ට් කියවන්න. නැතුව ඔය මෙලෝ රහක් නැති පෝස්ට් කියවන්න නෙවෙයි.

      Delete
  20. කතන්දර දැන් වත් ඇනෝ වහන්න.

    ReplyDelete
    Replies
    1. හරි පුතා දැන් ඔයාගෙ සිප් එක වහගන්න.....

      නිකන් පව් දෙන්න එපා හලෝ... ප්‍රොෆයිල් කාරයො ඇනෝ ඇවිත් තමන්ගෙ හොර, බොරු, පුරාජේරු එලිවෙනවට ඇනෝ වහන්න කියලා දගලනවා...... කොන්දක් ඇතුව කියන්න ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා.....

      මේකෙ ඉන්න අපි වගේ ෆුල් ටයිම් ඇනෝලාට ඇනෝ වහන එක අසධාරණයක්...

      Delete
  21. මෙව්වාට වඩා අතාත්විකයිනේ දැන් යන බඩ වැල් ටෙලි නාට්‍ය. තනිකර මනෝ . ...... අනිවා ඇනෝ වහන්න කියනවට අපිත් විරුද්දයි. සමහර ඇනොලා නිකන් පුක (කකා අනුමත කරන ලද වචනයකි) දෙන්න ආවට හැමෝම පලිද ? අනික ඔයි කියන එකා ඕක කියන්නෙත් ඇනෝ ඇවිත් නේ ! විලි ලැජ්ජයි !!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.