Thursday 9 January 2014

එක්තරා බ්ලොග්කාරයෙක් කැම්පස් විභාගයකින් ෆේල් වූ බව හෙලිදරව්වේ! - What a shame!


පහුගිය දා ඒ ලෙවල්ස් හෙවත් උසස් පෙළ විභාග ප්‍රතිපල ආපු වෙලේ ඒ විභාගෙන් ඉහලින්ම පාස් වුණු ළමයින් පස් දෙනාට විභාගේ නියම වීරයෝ ටික එකතුවෙලා තමන්ගේ පොකැට් එකෙන් තෑගි දෙන අවස්ථාව ගැන මං ලියපු කතන්දරේ මතකයි නේද?

ඔය උසස් පෙළ විභාගේ පාස් වෙලා විශ්ව විද්‍යාලයට යන්න තියෙන අමාරුකම හින්දම, ඒ චාන්ස් එක වැදුණු ගොඩක් දෙනා හිතනවා, එතැන ඉඳලා නිකං වැඩේ හරිම ලේසියි නිකං බයිසිකලයකින් පල්ලමක් බහිනවා වගේ ඇති ය කියලා.

නමුත් ඔය වැඩේ ඒ හිතන තරම් ලේසි නෑ!

කැම්පස් එකේදී විභාග ෆේල්වෙන, බැච් මිස්වෙන, අන්තිමේදී කෝස් එක දාලා යන අය අපමණයි.

අද මං හෙලිකරන්න යන්නේ ඔය විදියට විශ්ව විද්‍යාලයට ගිය අද මේ බ්ලොග් අවකාශයේ නිතරම පොර ටෝක් දෙන එක්තරා අළුගුත්තේරු බ්ලොග්කාරයෙක් කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ තිබුණු විභාගෙකින් ෆේල් වෙච්ච බවයි.

මේ ෆේල්වීම මේ වනතුරු බ්ලොග්කාරයා ගේ දෙමව්පියන්ට පවා රහසක්ව පැවති එකක්.

ඒත් මගෙන් එහෙම ගැලවෙන්න බෑ!

මූ ෆේල් වුනා මදිවට නිකං පතරංග ජාතකය වගේ දුක් කවියකුත් ලියලා ඒ ගැන.

ඒ කවියේ තියෙන සමහර තැන් නං මට තේරුණේ නෑ. නමුත් ෆේල් වෙන්න හේතුව නං යම් යම් වචන නිසා පැහැදිලියි.

කවියේ අන්තිම හරියේ තියෙන අධිෂ්ඨානයට තමයි මං වැඩියෙන්ම කැමති වුණේ!

මැද හරියත් නරකම නෑ!

මොනවා වුනත් මෙන්න ඒ කවිය.

සටහන්

උදේ අටට නැගිටීලා
නමයේ සිට වැඩ අරඹා
පොදු කාමර කෙලි පිටියේ,
නීරස දේශන හැරදා
තෝරා ගත් කීපයකට
ඔහේ ගියත් අවාරයේ,
මැයි එකොලහ කළුවර තෙක්

අවිනිශ්චිත අනාගතය
වසරක් මැද වැලපුණා ය
මාස තුනක් සීතල මැද
කඳුකරයක හිරවුණා ය
බෝයි කොටා විභාගයට
කණු තියලා හිනැහුණා ය
සීතල රෑ පොත් අතරේ
කාලය ගත කළ නොහැකිව
සිතත් හදත් දුක් වුණා ය
ණයට ගත්තු අකුරු අතර
නිදිමත ඇස් තනිවුණා ය

මාස සමග තරහ වෙලා
සති සමගින් යාළු වෙලා
ගට දමලා
දිරි වඩලා
වෙද මැදුරේ දින හතරක් වද විඳලා
අවසානය එලැඹුණේය
සිතේ දුකක් ඉතුරු වෙලා

හිරු අහසේ කැරකුණේය
කරුවල වී එළිවුණේය
අවසානයෙ
සිත රිදවූ හද බරවූ
අඳුරු මොහොත
ලොවට හොරෙන් එළැඹුණේය
පොල් බෑ දෙක හිනැහුණේය

දුකින් පිරුණු
අතීතයේ
කරදර අමතක වුණේය
ඉරෙන් හදෙන් එළියට බට
ලැජ්ජාවක් ඇතිවුණේය
ලෝකේ හැටි අස්ථීරය

වසර ගණං ගත කරලා
ඉගෙන ගන්න බැරිවුණු දේ
ඇණ කඩයෙන්
එළියට ආ මුල් වාරේ
අතුරු සැනින් වැටහීමත්
ලොකුම දෙයකි

අවසානය මෙය නොවේය

ආරම්භය මෙතැන් පටන්
අවසානය අනන්තයේ
ගව්වක් දුර වනන්තරේ
කළ යුතු දේ කළ හැකි නම්
මොන කරුණට
කල් මර මර ඉන්නේ දෝ
වලට තෙලට?

දුන්නොත් එහි පල ලැබෙතේ
නොදුන්නොතින්
නිසැකයෙන්ම විපාක දෙයි
දීම හොඳය, ඇඟට ගුණය
එපින් බලය
තමන්ටමය අනුමෝදන්
සාදු, සාදු!

මුල් දිනයෙම කණට වැටුණු
අතීසාර පොදු නියමය
සිහියට එයි

හැන්ඩියන්ට බඩු නැතේය
ක්‍රෑමුන් හට ක්ලාස් නැතිය


මොන පිස්සුද?

පළමුවැන්න අසත්‍ය බව
අත්දුටුවයි
ප්‍රත්‍යක්‍ෂයි

දෙවැන්න ගැන මොන කතාද?

රන් සේසත් පලක් නොවේ
රන් වියණින් පලක් නොවේ
තමන් හිසට තම අතමය
වෙන කිසිවක් පිහිට නොවේ

අද ඉඳලා
සුදු කොල මිටි ඉවර වේවි
පුස්තකාලෙ මහ කඩු පොත්
මේස පුටුත්
අඹ යහළුවො සේ පෙනේවි
කාලය ඔහෙ ගෙවී යාවි

පෙර දෙවැන්න අසත්‍යබව
ඔප්පු වේවි
අත්දැකුමෙන් ඔප්පුවේවි

සිද්ධිරස්තු!




-කතන්දරකාරයා

ප/ලි
මං හිතන්නේ මේක කවියක් නං, මේ මං ටයිප් කරලා තියෙන දිගම කවියයි!

(image: http://www.lonelyreload.com/2011/09/fail-class-student.html)

92 comments:

  1. හී හී...මෙයා විභාගේ ෆේල් වෙලාලුනේ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි කවියෙන් කියවෙන්නේ, නේද?

      "හිරු අහසේ කැරකුණේය
      කරුවල වී එළිවුණේය
      අවසානයෙ
      සිත රිදවූ හද බරවූ
      අඳුරු මොහොත
      ලොවට හොරෙන් එළැඹුණේය
      පොල් බෑ දෙක හිනැහුණේය"

      Delete
  2. හැබෑටම කව්ද මේ බ්ලොග් කාරය? :D

    ReplyDelete
    Replies
    1. පොර තමයි මේ කවිය ලියලා තියෙන්නේ!

      Delete
  3. කවුද දන්නේ නැහැ පොර.

    ReplyDelete
  4. හැන්ඩියන්ට බඩු නැතේය.
    (කෙන්ජි වැනි) නාකියන්ට බඩු ඇතේය

    ReplyDelete
  5. "කැම්පස් එකේදී විභාග ෆේල්වෙන, බැච් මිස්වෙන, අන්තිමේදී කෝස් එක දාලා යන අය අපමණයි."

    අත ඉස්සුවා !

    ReplyDelete
    Replies
    1. මං හෙට විතර කියන්නං අත පහල දාන්න වෙලාව!
      http://kathandara.blogspot.com/2010/01/blog-post_31.html

      Delete
  6. පොර ටෝක් දෙන අජූත ඩයල් එකක් කියල අර මෙලෝ දෙයක් තේරෙන්නැති කවියෙං තේරෙනව අයියො

    ReplyDelete
  7. ඔය කයිකාරයගෙ කයි ව‍ලින් මේක විශිෂ්ටයි. නියමයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න ෆේල් වෙච්ච තවත් එකෙක්!

      Delete
  8. කැම්පස් එකේදී විභාග ෆේල්වෙන, බැච් මිස්වෙන, අන්තිමේදී කෝස් එක දාලා යන අය අපමණයි.///
    එකෙන්ම ...අඩම්බරයි කකා ...

    ReplyDelete
    Replies
    1. දුකින් පිරුණු
      අතීතයේ
      කරදර අමතක වුණේය
      ඉරෙන් හදෙන් එළියට බට
      ලැජ්ජාවක් ඇතිවුණේය
      ලෝකේ හැටි අස්ථීරය

      Delete
  9. මේ බ්ලොග්කාරයා ෆේල් වුණාට කමක් නැහැ, කැම්පස් ගිහිල්ලනෙ. දැන සමහර බ්ලොග්කාරයො ඉන්නවනෙ කැම්පස් යන්න බැරි වෙලා තමන්ගේ මුළු ජීවිතේම ගියපු එවුන්ට ඉරිසියා කර කර ඉන්න. ළඟදි 'කැම්පස් සින්ඩිය' කියල එකක් දැම්මය කියල ඒ වගේ ටිකක වයසක ඩයල් එකකට මල පැනලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගැනීමත් සමගම ඒ ඒ පුද්ගලයින් ගේ චර්යාවන් යම් ආකාරයකින් වෙනස් විය හැක. නමුත් කැම්පස් ගිය නොගිය පමණින් චරිත මුළුමණින් වෙනස් නොවේ!

      වනචරයා කොහේ හිටියත් වනචරයාය.

      හොඳ මිනිසා හොඳ මිනිසාය!

      Delete
  10. ඔය කුප්‍රකට බ්ලොග්කාරයා අනන්දෙට පැරෂුට් එකෙන් පාත්වෙච්ච ගෙරිමස් කන බුදු දහමට නිගා දෙන බ්ලොග්කාරයෙක් නේද ?
    (මෙම කමෙන්ටුවේ උපහාසයක් මිසක් අපහාසයක් නැත. එම නිසා මේ කමෙන්ටුව පලවිය යුතු ය.)

    ReplyDelete
    Replies
    1. ඒක එයා රේඩ් එකක්. පැරෂූට්වලින් හැත්තෑපස් දෙනෙක් ගේ බැටෑලියන් එකක් එක මොහොතේ කඩා පැන්නා!

      Delete
    2. මාත් ලියලා තියෙනවා නේ බුද්ධාගම, පන්සල්වලට සහ පැවිදි අයට සම්බන්ධ කතන්දර.

      බලන්න අපහාසයක් තියෙනවාද කියලා!

      1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ
      2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
      3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
      4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
      5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
      6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
      7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
      8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
      9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?
      10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?
      11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව
      12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!
      13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්
      14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
      15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?
      16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!

      Delete
    3. 17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages
      18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
      19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
      20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven
      21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
      22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය
      23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!
      24. බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others
      25. බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept
      26. මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore
      27. ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
      28. පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
      29. අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!
      30. ඇත්තටම මේක ලියුවේ කව්ද? මහා ආන්දෝලාත්මක නිර්මාණයක්! - Don't kill the messenger!

      Delete
  11. වල සහ තෙල නිසා මමද දෙවන වසරේ දැඩි විබාග ෆේල් වීමකට මුහුණ දුන්නා . ඉතින් කකාගේ අදිෂ්ඨානය කවියෙන් ලියලා තියෙන විදිහ අපුරුයි.

    ReplyDelete
    Replies
    1. මේ කවියේ විභාගය ගැන කියවෙන්නේ මෙහෙමයි.

      මාස තුනක් සීතල මැද
      කඳුකරයක හිරවුණා ය
      බෝයි කොටා විභාගයට
      කණු තියලා හිනැහුණා ය
      සීතල රෑ පොත් අතරේ
      කාලය ගත කළ නොහැකිව
      සිතත් හදත් දුක් වුණා ය
      ණයට ගත්තු අකුරු අතර
      නිදිමත ඇස් තනිවුණා ය

      මාස සමග තරහ වෙලා
      සති සමගින් යාළු වෙලා
      ගට දමලා
      දිරි වඩලා
      වෙද මැදුරේ දින හතරක් වද විඳලා
      අවසානය එලැඹුණේය
      සිතේ දුකක් ඉතුරු වෙලා

      Delete
  12. ඔබේ ලිපිය ඉතාම වැදගත් විශේෂයෙන් අපේ දරු කැලට ස්තුතිය නැවතත් මෙවැනි දැනුම් සම්භාරයක් එක් කරමින් සිටින ඔබතුමාට.....

    “මේ සටහන තමන් විභාගය අසමත් වූවත් තම ජීවිත පරදුවට තබා පාඩම් කිරීමට ඉටාගත් මිනිසෙක් ගැනයි.... Adventure යන්නට සිංහල වචනයක් නැත්තේ එවැනි ගති ස්වභාවයක් සිංහලයන්ට නැති නිසාදැයි හිතේ!!!!!!” ....

    මෙය විමසිය යුතු මතයකි. සමහරවිට සිංහල සංස්කෘතිය විසින් හික්මවන ලද මිනිසුන් තුළ Adventure ගතිස්වභාවය වර්ධනය වීම අධෛර්ය කළා වියහැකි ද? සිතා විමසා බැලිය යුත්තකි

    ReplyDelete
    Replies
    1. වැදූ මවටත් ස්වභාව ධර්මයටත් කවදාවත් හොඳක් අහන්න ලැබෙන්නේ නෑ කියනවනේ.ඔය adventure වචනයට ලංකාවේ මාධ්‍යවල කියන්නේ ත්‍රාසජනක ක්‍රියා නැත්නම් නාමපදයක් විදිහට මානව ජයග්‍රහණ කියලා.

      Delete
    2. "වීරක්‍රියා" හරි යන්නැති වෙයිද ??

      ලංකාවෙ ඔටුවො නැති වුනත් සිංහල භාෂාවෙ ඔටුවා කියලා වචනයක් තියෙන්නෙ කොහොමද කියලා මම තාම හිතනවා

      Delete
    3. adventure = වික්‍රමය, වික්‍රමාන්විතය(?)

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. වික්‍රම /වීර වික්‍රම /වීර වලට අමතර තේරුමකුත් adventure වලට තියනව. (sense of adventure)

      Delete
    6. වෙනදා ඇඳ ගන්නෙ ටියුබ් ලයිට් ඇනෝලා. ඔන්න අද කකාත් ඇඳ ගත්තා.

      Delete
    7. @ Anonymous January 10, 2014 at 2:41 PM

      ඔය ප්‍රශ්නය තිබුණු ඔරිජිනල් තැන මං දැන් කමෙන්ට් කරන්න නොයන නිසයි මෙතන උත්තරේ දුන්නේ.

      එතැනට නොගියට මගේ ඊ-මේල් සබ්ස්ක්‍රිප්ෂන් එක තවම තියෙන නිසා සමහර විට අන්තර්ගතය දන්නවා.

      Delete
  13. එකම එක බ්ලොග් කරුවෙක් නම් ඉන්නවා වැස්සකටවත් කැම්පස් ගිහින් නැති නමුත් හැමදේම දන්න මහාචාර්ය වගේ ඉන්න. ඒ පොර ලියලා තියෙන වැරදි කරුණු දන්න කෙනෙක් ප්‍රශ්න කලවිට හතර අතේ වාද කරලා මම ඕවට පිළිතුරු දෙන්නේ නැහැ කියලා කට වහගන්නවා. අන්තිමට හෙළිවුණේ තමන් ළඟ පමණක් ඇති පින්තුර ගත්තේ වීඩියෝ වලින් බව.
    http://tinypic.com/view.php?pic=10hqbzl&s=5#.Us4ja7Tam_K

    මෙහෙම පොර වෙන්න යන අසාර්ථක පුද්ගලයින්ට වඩා කැම්පස් විභාගයකින් ෆේල් වූ නමුත් සාර්ථක ජීවිතයක් ගෙවන ඔය කුප්‍රකට බ්ලොග්කාරයා නම් සැබෑ පොරක්.

    ReplyDelete
  14. HANE APE KAKKAIYA ADA KAI GADAK DALA, HARI SKOAK KAI, WENADATANAM DANNE KAI 5, 5,

    MEWWATH, PERADENIYE INNA KALE HASTHOPAK KRAMETA ELI DAKKAPU EWWA WENTA ATHI.

    HARI SHOAK KAI PADAWAL. .

    ReplyDelete
    Replies
    1. ABOVE COMMENT IS NOT FROM ME. (CAP.ANO.)

      Delete
    2. කැපිටල් ඇනෝ අංකල්ට අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් වගේ!

      Delete
    3. KAKKA BUWATA ADA PISSU HADILA. ANO COMMENT TANIYENMA DAGANNAWA.

      Delete
    4. කමෙන්ට්කරුවන් අතර ලොකුම පිස්සා කවුද කියන එක නං අවිවාදාත්මකයි නේද?

      Delete
  15. THAWATH SHOAK WEDAK, IYA KARALA. ARA VISIBLE AFTER APPROVAL DA MOKAKDA EKAK WETENNE, EKATH INVISIBLE WELA. DAN HARIMA SHOAK.

    ReplyDelete
    Replies
    1. ABOVE COMMENT IS NOT FROM ME. (CAP.ANO.)

      Delete
    2. කැපිටල් ඇනෝ අංකල් ගේ පිල්ලියටත් අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් වගේ!

      Delete
    3. IDENTITY CRISIS HADALA THIYENNE KAKKA MA NE?

      Delete
    4. KAKKA BUWATA ADA PISSU HADILA. ANO COMMENT TANIYENMA DAGANNAWA. (CAP.ANO.)

      Delete
    5. කැප් ඇනෝ අංකල්, ගෙට් එ ලයිෆ් මෑන්!

      Delete
  16. ඔය කවිය වගේම උත්තරත් ලිව්වනම් අසමත් වෙන එක "Ripley's Believe it or not" එකේ යන තරම් පුදුමයක් නෙමේ නේද?
    නෑ මම කිව්වෙ ඒ ලෝක පූජිත blog කාරයගෙ වරදක් නෙමේ අග්‍ර ගනයෙ ලිවීම් තේරුම් ගෑනීමේ ශක්තිය අඩු (මේ මම වගේ) examinersලා ඉන්න පුලුවන් නේ?
    කුනු බෑනුම් අසමින් සිටි මා ගෑන පතල වූ කරුනාවෙන් මට phonetic converter වරය ලබාදීම ගෑන blog ලොවට අදිපති KK දේවතාවා දෑන් regret නොකරතෑයි මේ අසරණයා pray (KK, yaagna ලියා ගන්න බෑනෙ ඕයි) කර සිටියි

    ReplyDelete
    Replies
    1. ඔබේ සිංහල යතුරුකරනයේ ප්‍රගතිය ගැන සතුටුයි. එන්න එන්න හොඳ වෙනවා!

      Delete
    2. ඔබ වෑනි බ්ලොග් උගතෙකු (දෑක්කනෙ praagnayek කියල ලිය ගන්න බෑ. @සෙන්නා ඒකෙන් එන්නෙ "ඤ" . KK ගේ praagnathwaya ගෑන ලියන්නෙ කොහොමද? "ප්‍රාඤ"කියල ලියමුද. කවිය නම් ටිකක් "ඤ" තමයි!! ) ගේ සතුට සහ අනුමෑතිය ගෑන මගේ ප්‍රනාමය .

      Delete
  17. චැහ් කකා

    ඕව ප්‍රසිද්ධියෙ කියනවද !!!

    ReplyDelete
    Replies
    1. මා එක්ක කොහෙද ඔය රහස් තියාගෙන ඉන්නේ. දැන ගත්තු ගමන් මං දැම්මා බ්ලොග් එකේ

      Delete
  18. විභාගයක් පාස් වෙලා ඒ සතුට විදින්න කොච්චර මහන්සි වෙන්න ඕනේද නේද..

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ෆෙල් වෙන්නත් කොච්චර මහන්සි වෙන්න ඕනේද..

      Delete
    2. හැඟදාම පාස් වෙන එකේ එක දවසක් ෆේල් වුණාමත් හොඳ යුනික් අත්දැකීම් ලැබෙනවා.

      Delete
  19. "කැම්පස් එකේදී විභාග ෆේල්වෙන, බැච් මිස්වෙන, අන්තිමේදී කෝස් එක දාලා යන අය අපමණයි."
    මේ ගොඩේ මාත් ඉන්නවා.
    වෙන එකක් තියා ගිය අවුරුද්දේ මට හම්බවුන ස්කෝලර් එකකට තාම එකම ලෙසන් එකකටවත් ගිහින් නෑ. ඒ වුනාට මම මෝඩයා ඒක වෙන එකෙකුට ලැබෙන්න තියෙන චාන්ස් එක දෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. බල්ල පිදුරු කන්නෙත් නෑ!

      Delete
    2. //බල්ල පිදුරු කන්නෙත් නෑ!// වැරදියි
      බුරු බබා ස්කෝලර් එකකට යන්නෙත් නෑ, වෙන එකෙකුට ලැබෙන්න තියෙන චාන්ස් එක දෙන්නෙත් නෑ.

      Delete
    3. ඒක මහ කැත වැඩක් තමයි. ඒ වුනාට ඉතින් මට කම්මැලිකම ගිහින් කරන්න හිතුනොත් එහෙම. බල්ලා පිදුරු කතාව හරි තමයි.

      Delete
  20. ඔය කුප්‍රකට බ්ලොග්කාරයා විතරක් නොවේ මේ අප්‍රකට බ්ලොග්කරුවාත් ඒ ගොඩේමයි. ඔය වැඩේටත් වැරදිකරු ගුරුවරයාද?

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට සූ-ප්‍රකට වෙයි!

      Delete
  21. බාධක මැදින් ජයග්‍රහණයට.... හොඳ ආදර්ශයක්

    ReplyDelete
    Replies
    1. ඊලඟ හරියත් ලියන්නම් දවසක!

      Delete
  22. වලයි තෙලයි නිසා ෆේල් උනා නම් කමක් නෑ කියල මට නම් හිතුනේ ඒ දෙකම නැති පට්ට ක්රැමොත් අම්බානක් විබාග අනාගත්ත හින්දයි.

    ReplyDelete
    Replies
    1. මෙතැන කියවෙන්නේ වලයි තෙලයි නිසා ෆේල්වුනා කියලා නොවෙයි. ෆේල් වෙන්න හේතු වෙනම තියෙනව.

      වලයි තෙලයි ගැන කියවෙන්නේ මෙහෙමයි.

      කළ යුතු දේ කළ හැකි නම්
      මොන කරුණට
      කල් මර මර ඉන්නේ දෝ
      වලට තෙලට?

      දුන්නොත් එහි පල ලැබෙතේ
      නොදුන්නොතින්
      නිසැකයෙන්ම විපාක දෙයි
      දීම හොඳය, ඇඟට ගුණය
      එපින් බලය
      තමන්ටමය අනුමෝදන්
      සාදු, සාදු!

      Delete
  23. අම්මෝ කවියේ දිග ..... අන්තිම කියවද්දී මුල තිබුනේ මොකද්ද කියලත් මතක නෑ

    ReplyDelete
  24. හිහ් හි... එළ බයිට් එක

    ReplyDelete
  25. තේරුම් ගන්න නිසා කීප සැරයක් කියෙවුවා ,,,හේතු සහ විසඳුම් කවියේම තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව කෙලින්ම අකුරෙන් ලියවිලා නැති හේතුවකුත් තියෙනවා. ඒක තමයි "අහේතුව"!

      Delete
  26. පෙනේද කකා ගෙදර මනුස්සොයොන්ටත් කොලේ වහන හැටි

    ReplyDelete
  27. ඇණයක් නැති කැම්පොස් ජීවිතේ පලක් නැත.


    -සෙකන්ඩ් ඉයර් එකේදී ඇණයක් හිමිවූ බ්ලොග්කාරියක්-

    ReplyDelete
    Replies
    1. එකයිද? ඇණ කඩයක් නොවෙයිනේ?

      Delete
  28. ඕකනේ අපි කැම්පස් යන්න කලින්ම ෆේල් වුණේ..

    ReplyDelete
    Replies
    1. හොඳට ප්ලැන් කරන්න ඇති? සුභ පැතුම්!

      ;-p

      Delete
  29. මට නම් ඔතෙන්ට යන්න ලකුණු 2 යි මදි උනේ.. ඒ කියන්නේ කැම්පස් ගත්තේ 248 න්... මට තිබුනේ 48 යි.. ඉස්සරහට දෙකක් තිබුනා නම් අපිත් පොරවල් තමයි... අපිට කැම්පස් යන්න බැරි උනෙත් ඔය වගේ හේතු උඩ තමයි...

    ReplyDelete
    Replies
    1. මාළු ඔලු කන්න දැන් වත් මොළේ හොඳට හැදෙයි.....

      Delete
    2. // ඉස්සරහට දෙකක් තිබුනා නම් අපිත් පොරවල් තමයි... ///

      OMG....I thought u r a male..!

      Delete
    3. ඇයි, මැදපු කමිස දෙකට මොකද වුනේ?

      Delete
    4. ඔයාලා හරි වල් අනේ... යන්න වල් පඳුර යන්න... (ඇඹරෙමින්...)

      Delete
  30. ඒ බ්ලොග් කාරයාද අර කොලපාට බ්ලොග ලියන්නේ ....?

    ReplyDelete
    Replies
    1. අම්මප වෙන කොලපාට බ්ලොග් ඇත්තෙම නැද්ද?

      Delete
  31. වැටි වැටි නැගිට්ටේ කකා නේද? කවි පෙළ දිග වුනත් රස වින්දා.

    කකා මම කවදාවත් කිසිම විභාගයක් ෆේල් වෙලත් නැහැ. හැබැයි ඒ ලේවල් වලින් පස්සේ උසස් අධ්‍යාපනය කරලත් නැහැ.

    ReplyDelete
    Replies
    1. විභාගෙට නොගිහින් හිටියාමත් ෆේල් නොවී ඉන්න පුළුවනි නේ!

      Delete
    2. +++++++++++++++++++++++++++++++++

      Delete
  32. අම්මප කකා මම ෆේල් උන හැටි නම් විලිලජ්ජා සහගතයි.මොකද මම පෙර කල පවක් තියනව කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ.මට ඇණ වෙලා තියෙන්නෙ නිකන් නෙමේ හොදම එකෙන්.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.