Wednesday 22 January 2014

සුදු ජාතික බෞද්ධ භික්‍ෂුව හිර ගෙදරට! - Monk and the prisoners


ඊයේ මේ කතන්දරේ කියන්න පටන් ගන්න කලින් හිතට ආපු පෙර කතාව ලියලා ඉවර වෙන කොට මේක ලියන්න වෙලාව ඉතුරු වුනේ නෑ. ඒක නිසා වෙනදා කතන්දර පලකරන දිනක් හැර දිනක් පිළිවෙල පොඩ්ඩක් අමතක කරලා මේ වැඩේ ඉවරයක් කරලා දාන්න හිතුණා!

මේකත් "ලූ" කතන්දරයක්.

අපි දන්න සේරම බණ කතාත් ඉතිං "ලූ කතන්දර" නේ.

ඔන්න සුදු ජාතික බෞද්ධ භික්‍ෂුවක් ඉන්නවා ලු අජාන් බ්‍රහ්ම් කියලා. එංගලන්තේ ඉපිදිලා "ඔරිජිනල්" සියම් නිකායක මහණ වුණු කෙනෙක්. ඒ නිසා තායිලන්තේ වනවාසී භික්‍ෂුන් ගේ පිළිවෙත තමයි ලු ගෙනියන්නේ.

අජාන් බ්‍රහ්ම් හරි ප්‍රසිද්ධයි සරල බණ දේශනාවලට. මාත් පැය භාගයක විතර බණක් අහලා තියෙනවා ඇම්පීත්‍රී එකක් ලැබිලා.

අර ලංකාවේ ප්‍රසිද්ධ කේජී සාදු ගේත් ඇම්පීත්‍රී බණක් ලැබිලා ඒක නං විනාඩි පහකට වඩා අහන්න හිතුණේ නෑ. හිමාල වනයේ දී දේවතාවෙක් හමුවු කතන්දරේ ඇහුණු ගමන් ඕෆ් කරලා දැම්මා ඒක.

ඉති මේ අජාන් බ්‍රහ්ම් දවසක් ගියා ලු හිරගෙදරක භාවණා වැඩ සටහනක් මෙහෙයවන්න.

හිරකාරයෝ ශාලාවේ කපලා එකයි ලු.

සාමාන්‍යයෙන් මේ වගේ මෙඩිටේෂන් සෙෂන්ස් වල කෙරෙන්නේ මුලින්ම ඉතිං සරලව බුදු දහම ගැන විස්තරයක් කරලා, භාවනාවේ වැදගත් කම සහ විවිධ භාවනා ක්‍රම ගැණ විස්තරයක් කරන එකනේ භාවනාවට කලින්.

අජාන් බ්‍රහ්ම් අහලා තියෙනවා ඒ වැඩසටහනට සහභාගී වුණු සිරකරුවන්ගෙන් ඒ අය "මොකද ඒ වැඩසටහනට සහභාගීවෙන්න හිතුවේ? මොනවද මේ වැඩසටහන අවසානයේ බලාපොරොත්තු වෙන්නේ?" කියලා.

"හිත සන්සුන් කරගන්න! කරදර අමතක කරගන්න!" වගේ උත්තර ලැබිලා තියෙනවා.

එක හිරකාරයෙක් විතරක් කිව්වා ලු මෙහෙම.

"මට නං ඕනෑ, භාවනා කරලා හිත දියුණු කරගෙන, ධ්‍යාන වඩලා අහසින් යන බලයක් දියුණු කරගන්න!"

හොයලා බැලින්නම් හිරකාරයෝ භාවනාව ඉගෙන ගන්න ඇවිත් තියෙන්නේ එහෙම අහසින් යන්න හැකියාව අරගෙන මේ හිර ගෙදරින් පැනලා යන්න!

ඉතිං අජාන් බ්‍රහ්ම් එදා පැහැදිලි කරලා දෙන්න ඇතිනේ භාවනා නිවරදි කරුණු කාරණා. කොහොම හරි දෙවෙනි භාවනා පන්තියට ඊලඟ සතියේ ගිහිල්ලා බැලින්නම් ඇවිත් ඉඳලා තියෙන්නේ හිරකාරයෝ හතරදෙනයි ලු. අනිත් අය සත්‍යය අවබෝධ කරගෙන පළමුවෙනි පන්තියෙන් ම!

ඔය වගේම තවත් ජොලි කතන්දරයක් තමයි මේක.

එක හිරකාරයෙක් ඇහැව්වා ලු "ඉතිං කොහොමද භාවනා කරන භික්‍ෂුවකගේ ජීවිතය ගෙවෙන්නේ?" කියලා.

අජාන් බ්‍රහ්ම් විස්තර කරාලු:

"උදේ හතරට නැගිටිනවා. පැය දෙකක් භාවනා කරනවා. උදෑසන ආහාර ගන්නවා. ඉන් පසු තවත් දිගටම භාවනා කරනවා. තනිවම දවස ගෙවනවා. වෙන අය සමග කතා බහ කරන්නේ නෑ. දිනකට මේ ආකාරයට පැය දහ අටක් භාවනා කරනවා" යනාදී වශයෙන්.

ඒක අහං හිටපු හිරකාරයෝ කියලා තියෙන්නේ:

"අනේ සාදු, ඔච්චර දුක් විදින්නේ මොකටද, ඔයිට වැඩිය හොඳයි නේ හිරේ වැටුණා නම්!" කියලයි!

-කතන්දරකාරයා

ඊයේ කතන්දරේට මං දාලා තියෙන්නේ වැරදි සින්දුවක්. පස්සේ හරි ඝැස්සුවා. මෙන්න නිවරදි විඩියෝ එක ආයෙත්.



(image: http://en.wikipedia.org/wiki/File:Ajahn_Brahmavamso_Mahathera.jpg)

54 comments:

  1. Replies
    1. ස්පෑම් කරන්න එපා මිනිහෝ.

      Delete
  2. හි හි ..ජොලි අප්පා

    ReplyDelete
    Replies
    1. not "ජොලි අප්පා", Kaka is ජොලි පප්පා

      Delete
    2. මටත් වේදනාව නැති වෙන සුවයක් ලැබුන කියෙව්වාම...

      Delete
    3. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔලුව ටිකක් හෙල්ලිලා වගේ අනේ හොදයි...

      Delete
  3. ලංකාවේ සමහර කට්ටියට මෙයා ටිකක් ඇලජික්

    ReplyDelete
  4. අජාන් බ්‍රහ්මවංසෝ කියලා නේද අපේ කට්ටිය කියන්නේ. මම හිතන්නේ මෙතුමා පොත් කීපයක් එහෙමත් ලියලා තියනවා.

    සිංදුවේ මේ වර්ෂන් එක නම් හරි කම්මැලියි (අහනකොට ). හිතට කිසිම ගතියක් එන්නේ නෑ. ඊයේ දීපු එකනෙ මරු. මේකෙ විෂුවල්ස් එක්ක කලින් එකේ ඕඩියෝ එක මික්ස් කලා නම් මාර ගති.

    ReplyDelete
  5. ආ එහෙනම් දෙක කථාව මේකයි

    ReplyDelete
    Replies
    1. හලෝ මෝඩ රාළ සැප දුක් කෙසේද?

      Delete
    2. උබලගේ පිහිටෙන් අපේ වියදමින් හොඳින් ඉන්නවා බන්

      Delete
  6. දවසට පැය දහ අටක් භාවනා කරනවා , පැය හයක් නිදාගන්නවා....එතකොට t 20 වර්ල්ඩ් කප් කාලෙටත් එහෙමම කරනවද ? මටනම් බෑ

    ReplyDelete
    Replies
    1. ඉතිං අපිට පාන්ද?

      Delete
  7. හිනා වෙවී බණ කියන කොට සිරීයස් මූඩ් එකේ ඉන්න පොරවල්ගේ දැහැන බිදිනෙවා....හිරකාරයෝයි පිස්සොයි හින්දා අවුලකුත් නෑ....

    ReplyDelete
  8. උවමනාවෙන් වැරුද්දුවද වීඩියෝ එක..

    වෙෂ්ෂන්තර අප්පුහාමිගේ පදුරු කතාව දන්නවැයි ඒක ලියල වැඩක් නෑ. ලස්සනට කියන කොට තමා ගති..

    ReplyDelete
  9. මේ හාමුදුරුවෝ ගැන ලියවෙච්චි පොත් එහෙමත් තියෙනවා නේද "සිනහවෙන සුදු සාදු " කියන්නෙත් මෙයාටද කොහෙද ..

    ReplyDelete
  10. මමත් බණ අහනවා කලාතුරකින්.හැබැයි අර කිව්වත් වගෙ දෙවතාවො එන්ටර් වෙන සීන් ආපු හැටියෙ ඕෆ් කරල දානවා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි..... දෙවිවරු බුදුවරු ගැන සිහිපත් කරනකොට යක්කු භූතයො කැලේ කඩාගෙන දුවනවලු.....

      Delete
  11. කකා... බලන්න කෙන්ජියා පාස්වර්ඩ් එක අර ඔයාමෙයාට දීලා තිබ්බ නිසා තමා අපි කෙන්ජිගෙ ඇක්සිඩන්ට් එක දැනගත්තේ..... ඒත් මොහොතක් හිතන්න... කකා ඔහොම හැප්පිලා මොනව හරි වුනොත් හරි... මළොත් හරි අපි දැනගත්තත් ඒක මේ බ්ලොග් එක බලන එවුන්ට කියන්න විදිහක් නෑ.... ඒක නිසා අපිට පාස්වර්ඩ් එක දීලා දාන්න කකා.... අපි කකා නැතත් මේ බ්ලොග් එක කරගෙන යන්නම්.....

    ප. ලි. කකා.... අවංකවමයි කියන්නේ..... දැන් ලියන ලිපි නම් මේ ලෝකෙ රහක් නෑ..... ගත යුත්තක් නෑ...... දැන් ඉස්සර වගේ කකා වටේ හිටිය ඇනෝලා සෙට් එකත් නෑ.....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කකා හදිසියේ මළොත් එහෙම බ්ලොග් එක පාලුවට යයි. ඒ හින්දා ප්ලීස් කකා අපිට පාස්වර්ඩ් එක දීලා තියන්න. එතකොට කකා මැරුණට කමක් නැහැනේ. අපි ඇනොලා බ්ලොග් එක කරගෙන යන්නං.

      කකා දාන මෙලෝ රහක් නැති කයි-පද වලට වඩා රහ පොස්ට් අපි දාන්නං ප්ලීස් අපිට පාස්වර්ඩ් එක දීලා මැරෙන්න කකා.

      Delete
    2. අද උනත් කමන් නෑ කකා. පාස්වර්ඩ් එක දීලා මැරෙන්න.
      එලොවටත් නැතුව මෙලොවටත් නැතුව ඉන්නේ නැතුව මැරෙන්න කකා මැරෙන්න... !
      ප්ලීස්

      Delete
  12. මේ තියෙන්නෙ ඉල ඇදෙන කතාවක්... හිහ් හී..........
    @දේශක තුමා මාත් අහල තියෙනව වෙෂ්ෂන්තර අප්පුහාමිගේ කතාව අය්යෝ... හිනා කෝටියයි

    ReplyDelete
    Replies
    1. හිහ් හී..........හිහ් හී..........හිහ් හී..........හිහ් හී..........
      හිහ් හී..........හිහ් හී..........හිහ් හී..........හිහ් හී..........

      Delete
  13. රුපියල් සත නිසා
    ඔසී ගියපු කකා..
    ගෙරි මස් කන සතා
    අපිට එපා කකා..

    සමලිංගික නිසා
    තට්ටේ බාපු කකා
    කකා හරිම සතා..
    අන්න ඈත එනා

    කකා කකා කකා
    වල් වනචර කකා
    කකා ඈත එනා
    ගෙට පලයන් පුතා..

    ReplyDelete
    Replies
    1. අඩිය ගහන කකා....
      ලියයි පවිටු කතා...
      කොළු සිත නිති පතා...
      තට්ටෙ බායි පුතා....

      තට්ටෙන් සොමි දෙතා....
      කවියෙන් බස කතා....
      මූසිල වෙණ සදා...
      මට සිහිවෙයි පුතා...

      ගෙරි මස් කන කථා...
      ජී පඩ චූ කථා.....
      ලියයි හිට්ස්ම පතා...
      අං දිග ඇති සතා....

      Delete
  14. ඔය බයිලා වලට හිත යොමු කරා වෙලාවේ මලක් ගැහුවනම්, කෙලින්ම දිවිය ළෝකේම යන්න පුළුවන්. අපේ නායක් හාමුදුරුවොත් මල් පූජාවට කැමති ඒ නිසා වෙන්ට ඇති.. ඇයි අප්පේ පැය ගනන් නහින්න ඕනය..

    ReplyDelete
    Replies
    1. උපන් ගෙයි ගංජා ගහන්න පුරුදු වුනු එකාට ඊට වැඩිය සැපක් නෑ.

      Delete
    2. උඹ තාම ඉන්නවද...? මම හිතුවා අතුරුදහන් උනා කියලා...

      Delete
  15. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
      ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
      අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
      ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
      එච්චරයි..
      මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
      දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

      Delete
  16. බණ අසන එකනම් මට මහ වදයක්.. එත් බණ තලන එකනං සොමි වැඩක්

    ReplyDelete
    Replies
    1. දෙගුරුන් විසින් තම දරුවනට දෙන නොමද දන නම්
      වියතුන් සබා මැද ඉන්ට එදිරිව සිල්ප දෙනු මැයි

      Delete
  17. සිරකාරයින් දුක්ඛ සත්‍ය අවබෝධකරගෙන ඇතිබවද මේ කියවෙන්නේ

    ReplyDelete
  18. හැබැයි හිර ගෙවල් වල වුනත් කරපු වැරැද්ද තේරුම් ගිහින් ආගමට දහමට යොමු වෙච්ච අය නැතුව නෙවෙයි...

    ReplyDelete
  19. "හිරකාරයෝ භාවනාව ඉගෙන ගන්න ඇවිත් තියෙන්නේ එහෙම අහසින් යන්න හැකියාව අරගෙන මේ හිර ගෙදරින් පැනලා යන්න!"
    ඒ විදිහට ඔසී යන්න බෑරිද?

    ReplyDelete
    Replies
    1. ඔසී යන්න පුළුවන් බෝට්ටුවෙන්..... හැබැයි ආනන්දෙට නම් උඩින් ආපු මම දන්න පොරක් ඉන්නවා........

      Delete
    2. Anonymous, ඒක නම් දන්නෙ නෑ.හෑබෑයි දෑන් කාලෙ සමහර ඒ ඕල්ඩ් බෝයිස්ල බුදු හාමුදුරුවන්ටත් වඩා තමන් බෞද්ද කියල හිතල වෙනස් අයව හෙලා දකිනව. (ගොඩක් ඉස්සර කාලෙක මාත් ගියා අවුරුදු 12 1/2 ඒකයි කියන්නෙ)

      Delete
    3. ප්‍රා... එහෙම නෙවෙයි බං.... ආනන්දෙට පැරෂුට් ගිය ඩයල් එකක් ඉන්නවා මම දන්න.... දහය පංතියෙන් ගියේ.....

      Delete
    4. Anonymous, මම දන්නවා. ඒත් මගෙ ටාගට් එක ඔයාගෙ එක නෙමේ.
      Btw පැරෂුට් එකෙන් හරියට ලෑන්ඩ් කරන්නත් දක්ශතාවය ඕනෙ

      Delete
    5. P.S. භාවනාව ඉගෙන ගෙන අහසින්යනකොට take-off සහ landing කොහොමද දන්නෙ නෑ නේ?

      Delete
    6. ඒක කකා තමා හොදටම දන්නේ..... පඩ වලින් තමා ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ....

      Delete
    7. Anonymous, ඒ vertical විතරයි නේ? horizontal අමාරුයි. සිවුරත් එක්කනම් ගොඩක් practice කරන්න ඕනෙ ඈති.

      Delete

  20. කතන්දරකාරයෝ . තමන් ආගමක් නොඇදහුවාට කමක් නැහැ, අන්‍යයන්ගේ විශ්වාසයන්ට අපහාස , ඔච්චම් නොකරනු. බ්‍රහ්මවංසෝ හාමුදුරුවේා කියන්නේ අජාන් චා ගේ ගෝලයෙක්. නමුත් ඔබ දැක්මට එකඟ නොවන නිසා අපහාස කරන්න එපා. මොකද අපේ ගොයි‍යෝ පුක උඩ දාගෙන වඳින චීවරධාරී ගණින්නාන්සෙලාට වඩා එයා ගරු කටයුතුයි.

    ReplyDelete
    Replies
    1. හා මචං...

      Delete
    2. @ Anonymous January 22, 2014 at 2:31 PM

      ඉස්සෙල්ලාම සිංහල කියවා තේරුම් ගන්න ඉගෙන ගන්න. හැබැයි ඔය මට්ටමේ ඉඳලා මේ කතාව කියවලා තේරුම් ගන්න සෑහෙන කලක් යාවි.

      Delete
  21. කියවා කමෙන්ට් කලෙමි !

    ReplyDelete
  22. ඇතතටම කක‍‍‍‍ා ඉන්නකොට වෙච්ච දේවල් !පුදුමෙ කියන්නෙ මට මතක නැති එකයි!

    ReplyDelete
  23. මෙන්න කතන්දර - කෙන්ජි නම් නිර්නාමික කිසිවෙක් ඡායාරූපයක්වත් නොදුටු හිතවතා අනතුරකට භාජනය වී ඇති බව ඩේමියන් නම් නිර්නාමික කිසිවෙක් ඡායාරූපයකින්වත් නොදුටු කෙන්ජිගේ හිතවතා ඔමායා නම් නිර්නාමික කිසිවෙක් ඡායාරූපයකින්වත් නොදුටු බ්ලොග්කාරිනියට පවසයි. කෙන්ජිගේ බ්ලොග් එකට ඇඩ්ම්නිස්ට්‍රේශන් බලය ලද ඇය එය ලෝකයටම පවසයි. අවසානයේ කතන්දරය සත්‍යය බව තවුරු කරන්නේද මැළේ රාල නම් නිර්නාමික කිසිවෙක් ඡායාරූපයකින්වත් නොදුටු තවත් බ්ලොග් කරුවෙකි. නාමික තම සත්‍ය තොරතුර් සයිබරය වෙත මුදා හල පිරිස් මෙය සානුකම්පිතව කියවා තමන්ගේ සංවේදීත්වය ප්‍රකශ කරයි. - නිමි -

    ReplyDelete
    Replies
    1. හි හි ෂෝයි අනේ තව කතාවක් කියන්නකු ,,කුණුහබ්බ නැතුව හැබැයි මේ වගේ ..

      Delete
    2. ඉතිං මොකද?

      මේ සේරම සයිබර් අවකාශය නම් අතත්‍ය ලෝකයේ වුණු දේවල් නේ!

      අපි ඒ ගැන මේ කතා වෙන්නේත් ඒ නොපෙනෙන ලෝකයේ ඉන්න ගමන් නේද?

      Delete
  24. කකා......මේ හාමුදුරුවන්ට පුළුවන් නම් සුමානයක් රජ මැදුරේ බණ කියන්න ලොක්කාව උඩින් යවන්න පුළුවන් කොහේ හරි. ඡන්ද ඕනෙත් නැහැ.

    ReplyDelete
  25. මේ සුදු හාමුදුරුවන්ගේ බණ අහලා , හාමුදුරුවෝ දැකලත් තියෙනවා මෙල්බන්වලදි. හොඳ හාමුදුරු නමක් වගේම බණත් හොඳයි. :)

    ReplyDelete
  26. අන්න අයිතිකාරයො ඉන්නෙ ඉස්කෝලෙ එක අයිතිකාරයෙක්ගෙ පුතෙක් ගල් රෝලකට අහුවෙලා අභාවප්‍රාප්ත වෙලාලු. හොඳ වෙලාව අයිතිකාරයන්ගෙ ඇටි හැලෙන්න පෝස්ට් එකක් දාන්න. පොඩි කාලෙ ඉඳල යන්න බැරිවුන නිසා හොඳ වෙලාවට කකා ගල් රෝලෙන් බේරුනේ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.