
සාදු කියන්න පින්වතුනී,
සාදු, සාදු, සාදූ
මංතුමා ඉතිං තායිලන්තේදී මහණ වෙස් අරගෙන පවා හිටිය පොරක් නේ, ඒ හින්දා අද මේ පෝය දවසේ හිතුණා පොඩි බණ පදයක් (දෙකක්, තුනක්) කියලා දාන්න.
හැබැයි ඉතිං මේවා අපි නොදන්න ඒවාත් නොවෙයි, බණමත් නොවෙයි.
වැඩි විස්තර මොකටද? අපි කෙලින්ම කවියට බහිමු!
අනවබෝධය
දුකින් පිරි ජීවිතේ සුවය ආදරයයැයි
සිතා මුසපත් ලෙසින්
ආදරෙන් බැඳෙද්දී
නොසිතුණිද කිසි විටෙක
ප්‍රේමතී ජායතී ශෝකෝ?
පැමිණි දුක් පැණි රසයි මුසාබස් දොඩාලා
හැඟුම්බර සිත සිතම රවටවා ගනිද්දී
නොසිතුණිද කිසි විටෙක
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග?
දොලොස් මසකට පසුව ඉරිතලා බිඳෙන්නට
සිත් දෙකක් ආදරේ මාළිගා තනද්දී
නොසිතුණිද කිසි විටෙක
සබ්බේ සංඛාරා අනිච්ඡා?
(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.
-කතන්දරකාරයා
ප/ලි
නිකිණි පෝයටත් බණ පදයක් දාන්නං කෝ!
(image: http://www.inspirational-friendship-poems.com/love-and-sad-poems.html)
යන්තං හෙටින් සාහිත මාසෙ ඉවරයි.
ReplyDeleteබ්ලොග් පෝස්ට් වලින් 6% වත් අධ්‍යාපනික වැදගත්කමක් ඇති ඒවා කිරීමට කකාට බල කරමු. (නැත්නම් අපි නරක මිනිස්සු කියන්න එපා හරිද?)
ReplyDeleteඒ කියන්නේ ඔයා තායිලන්ත කෙනෙක් විවාහ කරගෙන ඉන්නේ?
ReplyDelete2 languages koheda ?
ReplyDeleteඇයි යකඩෝ සිංහලයි පාලියයි අදුරගන්නත් බැරි ඇනෝ මොන මගුලකටද සිංහල බ්ලොග් කියවන්නෙ?
Delete"Hithuna bana padayak dekak thunak kiyala danna.mewa banamath novei " mewata thami baila kiyanne. Harayak, rayak, atrhyak nethi wachana set ekak liyala boruwata uda paninawa.
ReplyDeleteතම තම නැණ පමණින් දැන ගත යුතු
Deleteනැණ නැත්නම් මොනව කරන්නද?
කවිය නං හොඳයි..ඒත් සාහිත්‍ය මාසය කියලා කවිම ලියන්න ඕනෙද කකා...කෙටි කතාවක් වගේ එව්වා එහෙම නැද්ද?
ReplyDeleteමේක යසයි...
ReplyDeleteකවියේ ටයිටලෙත් හොඳා...
ජය..
දුකින් පිරි ජීවිතේ
ReplyDeleteසුවය ආදරයයැයි සිතා
මුසපත් ලෙසින්
ආදරෙන් බැඳෙද්දී
නොසිතුණිද කිසද විටෙක
ප්‍රේමතී ජායතී ශෝකෝ?
පැමිණි දුක් පැණි රසයි
මුසාබස් දොඩාලා
හැඟුම්බර සිත සිතම රවටවා ගනිද්දී
නොසිතුණිද කිසද විටෙක
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග?
දොලොස් මසකට පසුව
ඉරිතලා බිඳෙන්නට
සිත් දෙකක් ආදරේ
මාළිගා තනද්දී
නොසිතුණිද කිසි විටෙක
සබ්බේ සංඛාරා අනිච්ඡා?
කාකා ඔයාගෙ කවියෙ විරිත පිටුවන්න ඕනෙ මේ විදිහටයි. නැත්නම් ඔයාගෙ කවි වලට අනිච්චාවත සංඛාරා....
මේ මහත්තයා නම් සඟිස්කුරුත පොලෝසියේ වැඩ කරන රාලහාමි කෙනෙක් වගේ?
Deleteබඳින බඳින කයි පද වැල් ලිහීයන්
ReplyDeleteලියන ලියන කයි පෝස්ටු වැහීයන්
කයි පරණවු දැමූ පයිය මැකීයන්
සැත්තැම්බරේ මැයි ලෙසවත් පෙනීයන්
" setembare Mai " kakkage mai palawela bawa peneeyan. Kai pada kara thiyagena ohe giyaden. kai kiya kiya thawa baila liyapan. mewa balana apata..........
ReplyDeleteYAKO EHENAM MEKE BASA 3K THIYANAWANE.
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.