Followers

Friday, March 26, 2010

ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven


සමහර බෞද්ධ පන්සල්වල එක්කො ටොප්ලස් නැත්තං කල්චරල් ට්‍රෑන්ගල් මාක් එකේ දුහුල් සළු ඇඳගත්තු දේවතාවියන් බුදුන් පුදන හැටි දකින කොට අපේ ඒකෝර්න් පොර ගෙ වීඩියෝ එක නිකං මොන්ටිසෝරි වැඩක් කියලයි මට හිතෙන්නෙ.

මේ ගැන මං ඊයෙ දාපු පෝස්ට් එක බලපු නැති අයට මෙන්න ආපහු ලින්ක් එක.

කලවානෙ පන්සලේ නන්ද කුමාරය ගෙ කොලිටි එකේ දිව්‍ය අගනාවියො ටික දැක්ක නං, ඒකෝන් කාරයට හිතෙයි යකෝ අර මගෙ වීඩියෝ එකේ ඉන්නෙ නව දැලි හේනෙ කෂ්ටිය නේද කියල.

ඔය පන්සල් බිතු සිතුවම් ගැන වැරදියට හිතන්න එපා.

දිව්‍යාංගනාවන් ව කිරි ටොයියො වගෙ ලස්සනට ඇඳලා, අඹලා තියෙන්නෙ අපි වගේ පෘතග්ජනයින් ව දිව්‍යලෝකෙ යන්න උනන්දු කරවන්න උත්තේජකයක් විදියටයි.

කලවානෙ පන්සලේ ඒ පින්තූර ටික වැඳ පුදාගත්ත ආනිශංසෙ හින්දද මන්ද මටත් චාන්ස් එකක් ලැබුන දවසක් දිව්‍යලෝකෙ පැත්තෙ ගිහින් එන්න.

මෙන්න ඒ ගැන විස්තර අද ඉඳන් කවියෙන්. කවියෙන් කවියට මං පොඩි කමෙන්ට්‍රි පාරකුත් දෙන්නං.

කතන්දරකාරයා ගේ දෙව්ලොව ගමන

සීතල ඇසල මස මැද කෙම්මුර දාක
හිම කැට නීල කඳුවැටි පිසිනා රෑක
බැළුමට ගියෙමි දෙව්ලොව විසිතුරු නේක
දෙවිපති සුර ලියන් මැද වැඩ සිටි සේක

දන්නවනේ අද පන්සලකට ගියොත් වැඩියෙන්ම සිල් අරං පින් අතේ වැඩ කරන්නෙ කව්ද කියල. කාන්තා පක්‍ෂයනේ. ඉතිං මේ පින් බලෙන් ඒ ගොල්ලො සේරම දිව්‍යලෝකේ යනවා. එහේ දිව්‍යාංගනාවො අතිරික්තයක්. ඔය සක්විති දෙයියා (රණසිංහ නෙමේ!) හැමතිස්සෙම සුරලියන් පිරිවරාගෙන ඉන්නෙ ඒකයි.

* * *

දිව්‍යලෝකෙ දෙයියන්ගෙ ගෙවල් සේරම ෆුල් ඒ.සී. පොරවල් හොදට ආතල් එකේ ඉන්නව.

සොඳ ලෙස වායු සමනිත මහ මැදුරු තුල
අමරස මධු විතෙන් සැතපෙති දේව කැල
සුසිනිඳු සළු පැළඳි සුරඹුන් දකින කල
සිහිවුනි පෑ විකුම් නව දැලි හේන් වල

මටත් වුනේ අර නන්ද කුමාරයට වෙච්ච වැඩේ තමයි.

* * *

එහෙට යන්න කලින් මං නං හිතං හිටියෙ දිව්‍යලෝකෙ ලොකු ට්‍රැෆික් ජෑම් ඇති කියලයි.

තිස්තුන් කෝටියක් වසනා මුත් පිරිස
නොතිබුනි තද බදය කිසි ලෙස මග දෙපස
හැරඩ්ස් අයිය ගේ කඩයෙන් රිසි විලස
ගත්තෙමි වෑන් හියුසන් ලා මැසු කමිස

දිව්‍යලෝකෙ යනව කියන්නෙ ලන්ඩන් වල හැරඩ්ස් වගේ කඩේකට ෂොපින් ගිහින් හොද කමිස ටිකක් ගන්න එක වගේ සැපක් මිස වෙන මොකක්ද?

මේ කතාව තව දිගයි. එහෙ තියෙන ඔෆිස් වල වැඩ ගැන, ඩේටාබේ් සිස්ටම් ගැන, දිව්‍යලෝක සැප ගැන විස්තර නිමක් නෑ!

දිව්‍යලෝකෙ රසබර විස්තර හෙට ලියන්නං.

-කතන්දරකාරයා

ප/ලි:
දෙවන කොටස මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/03/akon.html

11 අදහස්:

  1. එහෙනං ඒකත් අහමුකෝ? අපි හිතං ඉන්නවට වැඩිය වෙනස් ද කියලා?
    ඒක නෙමේ ඔයා යද්දි කැමරා කට්ටක් එහෙම අරං ගියේ නැද්ද?

    ReplyDelete
  2. ඔය කාලෙ තිබුනෙ නෑනේ කැමරා, ෂාහ් අපරාදේ, අනික මට දැක්ක දේ චිත්‍රයක් විදියට අඳින්න පුළුවන් කමක්වත් නෑනෙ!

    ReplyDelete
  3. මෙහෙම දෙයක් කරන්න තිබුනා! ඔයා කියනවා මං අදිනවා! හැබැයි ඔය දිව්‍යාංගනාවෝ අදින්න ගිහිං ''ඒකෝන්''ට වගේ මගේ වීසාත් කැන්සල් වෙයිද දන්නෙ නැහැනේ!!!!

    ඒක නිසා ඔයා කියන්න. අපි නැණ පමණිං අවබෝධ කරගෙන හිතේ ඈදගන්නං!! එතකොට තම තමන්ට ඕන හැටියට හිතාගන්නත් නිදහස තියෙනවනේ නේද?

    ReplyDelete
  4. කසූ විස්තර කියන්න, බුද්ධි අඳී

    ReplyDelete
  5. මේක ටිකක් දිග කතාවක්, කවියෙන් කියන්නේ අර තොරණක විස්තරේ වගේ. සෙනසුරාදාට කියන්නං කෝ තවත් විස්තර.

    ReplyDelete
  6. කසූ, දිව්‍ය ලෝකෙ රජ දෙයියාට කියන්නෙ සක්විති දෙයියා කියලා නෙවෙයි ශක්‍ර දෙය්යා කියලා. දන්නවද ශක්‍ර දෙවිවරු 1000ක් ඉන්නවලු එක සක්වලකට එක ගානෙ

    ReplyDelete
  7. අර තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නනේ කොහෙද? ඔයා ගිය දිව්‍යලෝකෙ ජනගහනය ආ නෑ දෙවිගහනය කීයද? 2001 ට අනුව ගණනය කළ පරිදි හෝ

    ReplyDelete
  8. අපිට ඉඩ තිබුනද එහේ යන්න ( දිව්‍ය ලොකේ )

    ReplyDelete
  9. කතන්දර දිව්‍ය ලෝක ගිය කතන්දරය සහ කවි ටික හරිම ලස්සනයි...

    ReplyDelete
  10. ඔය කලවාන පන්සලේ පොටෝ කෑල්ලක් එහෙම නැද්ද වැරදිලාවත්? සර්ධාව වැඩි කරගන්න අහන්නේ.

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).