Friday 24 January 2014

ෆේස් බුක් එකේ වල්මත් වුණු බ්ලොග්කරුවන් දෙදෙනෙකුට සහ බ්ලොග්කාරියකට පණිවිඩයක් - Listen you three bloggers lost in facebook!


මා මුලින්ම සිංහල බ්ලොග් එකක් පටන් ගත්තේ 2005 අප්‍රියෙල් 11 වෙනිදාය. ඒ කතන්දරකාරයා යන ආරූඩ නාමයෙන් නොව මගේ ඇත්ත නමිනි.

මුල් කාලයෙන් පසු යාවත්කාලීන නොවුණත් වසර නමයක් ගතවෙමින් පවතින අද ද මේ බ්ලොගය නිරුපද්‍රිතව ඇත.

මේ අනුව, මා මුල්ම සිංහල බ්ලොග්කරුවායැයි සමහරවිට කෙනෙකුට සිතෙන්නට හැක. එසේ වුවද, නොවූවද මම එලෙස නොකියමි. එයට හේතුව නම් මා එදා කලේ සිංහලෙන් බ්ලොග් ලිවීමක් නොව, සිංහල අකුරෙන් කවි නොහොත් ගී පදමාලා ලියා ඒවායින් රූප සාදා ඒවා පල කිරීම නිසාය.

එයින් වසර හතරකට පමණ පසු කාලයක දී, බූන්දි වැනි ඊ-මේල් කණ්ඩායම් මගින් සිංහල බ්ලොග් පිළිබඳව ඇසෙන්නට පටන් ගත් විට මගේ බ්ලොග් උනන්දුව නැවත ඇතිවී එවර අද අප දන්නා සිංහල යුනිකෝඩ් ආධාරයෙන් මේ කතන්දර බ්ලොගය ඇරඹූවෙමි. අද ද එලෙසම පවත්වාගෙන යමි.

දීර්ඝ කාලයක් තිස්සේ ලැබූ මගේ ඒ අත්දැකීම අනුව බ්ලොග් ලියන සහ නිරතුරු බ්ලොග් කියවන අපි සියළු දෙනාම පාහේ කුඩා කළ සිටම පොත් පත් කියවීමට සහ කවි, කතන්දර ලිවීමට ප්‍රිය කළ අය වෙමු.

අද වෙනත් තරමක් ආකාරයක පිස්සුවක් ලෙස අප මේ නටන්නේ ද එදා නැටූ පිස්සුවමය.

ලියන්නා සමග කෙලින්ම සම්බන්ධවීමට හැකි නිසා අපේ කියවීම එදාට වඩා පලබර වී ඇත.

එලෙසම කියවන්නා සමග කෙලින්ම සම්බන්ධවීමට හැකි නිසා අපේ ලිවීම එදාට වඩා පලබර වී ඇත.

ඉතින් අපි තවදුරටත් මඩවලේ නටන ඌරු පැටවුන් මෙන්, එසේත් නැතිනම් මල්ගොමුවල සරන මී මැස්සන් මෙන් බ්ලොග්වල ඇලී ගැලී සිටිමු.

බ්ලොග් ලෝකය මෙන්ම අන්තරාදායී වුවද මට වැටහෙන හැටියට බ්ලොග් ලෝකය තරම් පලදායී නොවන තවත් මර උගුලක් නම් ෆේස් බුකියයි.

කතන්දර බ්ලොගයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මම නිතිපතා ඒ පැත්තේ ද යමි.

මෑතක දී මා එලෙස ෆේස් බුක් ලෝකයට ගිය ගමන් වලදී දුටු කණගාටුදායක කරුණක් නම්, කලකට පෙර අපේ බ්ලොග් ලෝකයේ වැඩ කිඩ පෙන්නූ කිහිප දෙනෙක්ම මේ වන විට ෆේස් බුකියේ හිරගත වී සිටින බවයි.

මෙයින් තිදෙනෙක් පිළිබඳවම මට ඇත්තටම තරමක් දුක හිතුණු නිසා (පුද්ගලිකව ඔවුන් ගැන නොව, ඔවුන් ගේ සම්මාදම සිංහල බ්ලොග් ලෝකයට අහිමිවීම ගැන) මේ සටහන ලියන්නට සිත්විය.

මෙන්න ඒ තිදෙනා
1. රියර් ගේට් ලියූ චාමී සෑම්
2. සයිබර් යාය අයිතිකරු බුද්ධි ප්‍රසාද්
3. සොඳුරු සිත ලියන වත්සලා

චාමී සෑම් ගේ නිර්මාණ මුලින්ම කියවූ දා මා ඒ ගැන වෙනම කතන්දරයක් ලියූවෙමි.

සයිබර් යාය යනු සම්මාන දිනූ බ්ලොග් අඩවියක් විය. ලිවීමට අමතරව බුද්ධි ප්‍රසාද් ගේ අනිත් දස්කම වූයේ චිත්‍ර ඇඳීමයි.

සොඳුරු සිත මා සිත් ගත්තේ කතන්දර මෙන්ම කාව්‍ය නිර්මාණයේ ද යෙදෙන හෙයිනි.

ඔවුන් අද ෆේස් බුකිය තම ප්‍රධාන විනෝදාංශය මෙන්ම නිර්මාණ මණ්ඩපය කරගෙන ඇත. එය ඔවුන් ගේ පුද්ගලික කැමැත්තයි.

ඒත් ඔවුන් බුකියේ පලකරන ඇතැම් දේ බ්ලොග්වලටද එක සේ ගැලපෙන බව මගේ අදහසයි.

නිර්මාණකරණයේ යෙදෙන්නන්ට ෆේස් බුකියට වඩා බ්ලොග් ලෝකය වැදගත් එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. සීමාසහිත මිතුරන් පිරිසක් අතරේ නොව අන්තර්ජාලයේ සිංහල කියවීමට දන්නා ලෝකවාසී සියළු දෙනාම අතර තම නිර්මාණයක් බෙදා ගැනීමට ලැබීම බ්ලොග් කරණයේ ඇති ප්‍රධානතම වාසියයි. ෆේස් බුකියට අප එක්කරන සටහන් මෙන් නොව බ්ලොග් ලිපි සදාකාලික ස්වරූපයකින් පවතී. ඒවා නැවත නැවත අළුත් කළ හැක, සම්බන්ධ කරගත හැක.

මේ සියලු දේ අමතක කර දමා අපේ බ්ලොග්කරුවෝ තිදෙනා ෆේස් බුකියේ කල් මැරීම මට නම් පේන්නේ මහා අපරාධයක් ලෙසිනි.

මේ ලිපිය මා ලියන්නට සිතුවේ, ඔවුන් තිදෙනාගේ අවධානය අපේ සුන්දර බ්ලොග් අවකාශය දෙස නැවතත් පෙර සේ යොමුකරවා ගැනීමටයි.

මේ ලියන මොහොතේ මට ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් මේ මා ලියන දේ ඔවුන් දකීවිද යන්නයි.

අද පලවෙන මේ කතන්දරය ගැන දැන්වීමක් ෆේස් බුකියේ දැමීමට මා ද හෙට බුකියට ගොඩ වදින්නට අදහස් කරමි. ඒ දැන්වීම ඔවුන් ගේ ඇස ගැටෙනු ඇතැයි යන්න මගේ එකම බලාපොරොත්තුවයි.

-කතන්දරකාරයා

(image: http://www.digitalfire.co.za/blog/insights-into-digital-influence/)

158 comments:

  1. ඔබේ යෝජනාව ඉතාමත් හොදයි.
    අපි පණිවිඩය ඒ අයට යවන්න උත්සහ ගමු,

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කකා... කැපිටල් අංකල් දැන් පේන්න නෑ නේද? කවුද බුවෙක් කැපිටල් අංකල් වගේ කොමෙන්ට් දාන්න ගත්තා විතරයි පොර වැනිශ්ඩ්........ මුලින් සිම්පල් වලට මාරු උනා දැන් පේන්නවත් නෑ....

      Delete
    3. ළමායි, නලීන් ගේ සමීක්‍ෂණයට කරුණාකර ප්‍රතිචාර දක්වන්න.

      Delete
    4. කැපිටක් අංකල් අදත් ඉන්දික උපශාන්ත ගේ බ්ලොගයේ හිටියා දැක්කා!
      http://upashantha.blogspot.com/2014/01/blog-post_24.html?showComment=1390542403250#c7296146485164214157

      Delete
  2. සහතික ඇත්ත. සම්පූර්ණයෙන්ම එකඟයි.

    කොස්ස තියෙන්නෙ මෙන්න මෙතනයි:
    දැන් කකා උනත් කියනවා නෙව, මං ලියන්නේ මගේ විනෝදයට , මං කැමති දේවල් කියලා. කියවන අපගේ පැත්තෙන් මේක අසාධාරණයි වගේ පෙනුනට, මේ තුන් දෙනාටම බ්ලොග් තියෙන අය, ඒත් මෙන යම් හේතුවක් නිසා හරි මේ අය, තමන්ගෙ බ්ලොග් අතහැර දාලා.ඒක ඒ අයගෙ කැමත්ත. ඇයි, අවුල්ද, කියල ඇහැව්වොත් හුටා නේද? :)

    ReplyDelete
    Replies
    1. හෙක් ...හෙක්...... උන් තුන් දෙනා එහෙම අහන අය නෙමේ වෙන්න ඇති බං..
      ඔය වගේ කතාවක් ඇහැව්වොත් අහන්නේ මම තමයි..

      Delete
    2. ජපානෙ ඉන්නේ යැයි අඟවපු මෑන් හිටිගමන් මැලේසියාවේදි fatal accident එහෙකට මුනුනපායි.
      සැනෙකින් සිංහල බ්ලොග් ලෝකය සිසාරා පුවත පැතිරේ.
      නන් දෙසින් ඉක්මන් සුව පතා පැතුම් ගලාඑයි. පැය ගනනාවක් හිහිය නැතුව සිට සුව වූ පුවතින් සියලු දෙනා සුසුම් හෙලයි.
      අඳෝ, මෙන්න දින දෙකකට පසුව සුපුරුදු පරිදි බ්ලොගයටත් බැහැලා. අරුමෙකි ආශ්චර්යයම තමයි.
      බ්ලොග් ලෝකයේ අද චන්දයක් තිබුනානම් වැඩිම මනාපෙන් බ්ලොග් සභාවටත් පත් වෙයි.
      ඇයි ඉතින් හිට්ස් තන්හාවට බ්ලොග් කාරයො සේරම මනාපෙ දෙනවනෙ

      Delete
    3. "හිහිය" නොව "සිහිය" විය යුතුයි

      Delete
    4. බ්ලොග් එකට එන්නේ වාහනෙනේ නෙමේනේ හරකෝ , බෙඩ් එකක තනිවෙලා ඉන්න මිනිහෙක්ට ලැප් එක තමයි ළගම ඉන්නේ. උබලානේ බන් එලොවටත් නැතුව මෙලොවටත් නැතිව පව් දෙන ගෝතයෝ.අනුන්ගේ රෙද්ද අස්සේ තියෙන ඒවා හොයා හොයා ,,තුක් ගොබ්බයෝ

      Delete
    5. කෙන්ජියා ඇද උඩ තනියම ඉදන් ලැප තියාගෙන...... කොමෙන්ට් කරනවා බලන් ඉදපු එකෙක් තමා මේ කොමෙන්ට් එක දාලා තියෙන්නේ..... මලිත්ට ගැහුවාම අඬන ඔයා චංචලා නේද?

      Delete
    6. @ D.G.M බස්සා
      ඒක ඇත්ත. මං කියලා තියෙනවානේ ඒ ඔවුන්ගේ කැමැත්ත කියලා. නමුත් නිර්මාණ පලකරන්නට නම් බ්ලොග් මිස බුකිය වැඩක් නෑ.

      Delete
    7. @කෙන්ජි
      මේ තුන් දෙනා වලිකාරයෝ නොවේ බව ස්ථිරයි!

      Delete
    8. මම බුකියේ කිසිම නිර්මාණයක් පල කරන්නේ නෑ. ඔය එදිනෙදා වෙන දේවල් ඇරෙන්න....

      Delete
  3. සහතික ඇත්ත.. මීට අමතරව බුවා, සාතන් හා මාරයාද බ්ලොග් වලට වඩා මුකිය ප්‍රියකරන බව පෙනේ.. එය ඔවුන්ගේ කැමත්තයි.. එහෙත් ඔවුන් බ්ලොග් ළොවට අහිමි වීම ඉතා කනගාටුදායක සිඳුවීමකි.

    මේ ඇරුණු විට බුකියේ ඉත රසවත් ළිපි පළ කරන දමිත් කේතක වෙත සාදරයෙන් කරන ලද ආරාධනාවද ඔහු නිහතමානීව ප්‍රතික්ෂේප කිරිමද ඉතා කනගාටූ දායක සිඳුවීමකි.

    කතා අපේ ආයුෂත් අරන් දිඟුකල් බ්ලොග් ළොව වැජඹේවා..

    ReplyDelete
    Replies
    1. ඇයි මනෝරම වීරසිංහ?

      කලින් නිතර බ්ලොග් ලියූ අද බුකියේ බොහෝවිට ඉන්නා අයගෙන් මේ තිදෙනා තරම් මං අනිත් අයව අඳුනන්නේ නෑ.

      Delete
    2. යාළුවෙක් මෙතන මගේ නම තියෙනව කිව්වට ආවෙ... බ්ලොගේ නොලියවෙන්නෙ බුකිය හින්ද නෙමෙයි මාතලන් අයියා... වෙන ප්‍රශ්න කීපයක් තියෙනව...

      Delete
    3. එතකොට බුකියෙ ලියන්න අවුලක් නැද්ද...?

      Delete
    4. මාතලන් අයිය කියල තියෙන්නෙ වෙන කවුරු හරි ගැනවත්ද කියල හිතෙනව... බුකියෙවුනත් මම මොකවත් එහෙමට ලියල නෑනෙ... ඉඳල හිටල දකින නිව්ස් එකක සිරස්තලෙත් එක්ක ලින්ක් එක දානව විතරයිනෙ... වැඩිම වුනොත් ඊට අමතරව එව්වත් එක්ක පේලි දෙකක් ලියල ඇති දෙතුන් සැරයක්...

      Delete
    5. මාතලන් ලොක්කා...දැන් කවුද කියන්නේ දමිත් කේතක බ්ලොග් ලියන්නේ/ලිව්වේ නෑ කියලා. ඔයා දන්න තරම.

      Delete
  4. බූන්දි... තවත් එක් සොඳුරු මතකයක්... :)

    මගේ මතකේ හරි නම් සිංහල යුනිකෝඩ් වලින් බ්ලොගක් ලියපු ඉස්ස ඉස්සෙල්ලාම කට්ටියගෙන් “බෝ“ අක්කත් හිටියා... එයා තමයි මට මේ යුනිකෝඩ් ටයිපින් බෝ කලේ... හිහ් හිහ්.. ඒ කාලේ විජේසේකර, කැන්ඩි, කපුටා ෆොන්ට් එක එහෙම පට්ට ජනප්‍රියයි... කවුරුත් යුනිකෝඩ් වලින් ටයිප් කරන්න කැමති වුණේ නෑ...

    බ්ලොග් අතීත කථා නම් ගොඩයි නේ කකා... ඒ අතීතේ ගැන ලියනවට වඩා වර්තමානේ තාමත් බ්ලොග් ලියන කට්ටියට සපෝට් කරන එක වටිනවා...

    සර්පයාලා උනත් බ්ලොග් පැත්තේ කරක් ගහන්න සෙට් වුණේ යුනිකෝඩ් නිසා තමයි මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. මුල් කාලයේ බූන්දි ඊ-මේල් ගියේ සිංග්ලිෂ්වලින් නේ. පණ ගියා ඒවා කියෝලා!

      Delete
    2. ගුඩ් ඕල්ඩ් ඩේස් හා....

      Delete
  5. කකා මේ ගැන මාත් ලියන්න හිටියෙ. කකා ඉස්සර උන නිසා කමක් නෑ.
    මගෙත් ලිස්ට් එකේ අංක එක චාමි සෑම්. ඉතාම හොඳ රචකයෙකු උනත් ෆේස්බුක් සීමිත ජාලයේ හිරවෙලා. ලඟදි මෑන් ලියපු හිරුනිකාගේ පිම්ම ගැන කතන්දරය ඉතාම ලස්සනයි. (මගේ මොබයිල් සයිට් එක නිසා ඒක හොයාගන්න බැරිවුනා)

    දෙවනිය තමයි බුවාගෙ සිතුවිලි ලියපු බුවා. කාලයක් සෑහෙන්න වේගයකින් ලියුවත් දැන් ෆේස්බුක් වලට යටවෙලා.

    තුන්වැන්නා මොඩර්න් පේට්‍රියට්. මෑනුත් හොඳ දේශපාලන ලියන්නෙක්. බ්ලොග් එක පටන්ගත්තත් ඊට පස්සෙ බුකියට සීමාවෙලා.
    හොඳ බ්ලොග් කමෙන්ට්කරුවෙක් වුන සුමිත් නිරිඇල්ලත් දැන් මුනගැහෙන්නෙ බුකියෙදි විතරයි.
    සොසී නං ඉඳහිට බ්ලොග් ලියනව නේද?
    ------------------------------------------------------
    කොහොම නමුත් චාමිගෙ ස්ටේටස් වලට ලැබෙන ප්‍රතිචාර බැලුවම බ්ලොග් එකට වඩා ෆේස්බුක් සාර්ථකයි වගේ හිතෙනව. මේ උදවියත් එහෙම හිතනව වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හායි රාජ්.... අද පඩි දවසෙ මුකුත් නැද්ද?

      Delete
    2. ඒක තමයි බුකියේ දාන දේවල්වල වැරුද්ද! නිකං ගූගල් කරලා අනුමානෙට හොයන්න බෑ.

      බලන්න අර චාමී කලින් ලියපු නිලියගේ කකුල් ගැන කතාව පත්තර/සඟරා වලත් ගියා!
      http://sannasa.sinhalajukebox.org/2014/Jan/2014Jan_page11.pdf

      Delete
    3. /* සොසී නං ඉඳහිට බ්ලොග් ලියනව නේද? */

      රාජ් මං මේ තිදෙනාව හැඳින්වූ හැටි බලන්න.

      Delete
  6. ඇත්ත ඇත්ත... මමත් බ්ලොග් කියවන්න කොමෙන්ට් කරන්න ලොකු උනන්දුවක් ඇති කරගත්තේ රියර්ගේට් බ්ලොගය දැකලා. මිනිස්සුන්ට කරන මඩ ගැසීම්, තර්ජන, අවලාද හමුවේ දන්න කියන මිනිස්සු ටිකක් අතරේ තමන්ගේ නිර්මාණ බෙදාගැනීම හොඳයි කියලා හිතලද දන්නේ නෑ. මොන හේතුවක් උඩ හෝ ඒ බ්ලොග් වල නිතර ලිපි පළ නොවීම කණගාටුවට කරුණක්. සොඳුරු සිත අඩවිය නම් සතියකට දෙකකට වරක්වත් මොනවා හරි පලකරනවා. මාතලං කියනවා වගේ මාරයාත් ඒ ගොඩේ.

    ReplyDelete
    Replies
    1. මං මාධ්‍ය දෙකම භාවිතා කරනවා. හැබැයි ෆේස් බුක් එකට යන්නේ බ්ලොග් එක ප්‍රමෝට් කරන්නයි.

      Delete
  7. No one is indispensable……..

    ෆේස් බුක් වලට වඩා බ්ලොග් වල තියෙන වාසිය බ්ලොග් ලිපි වල ඇති දීර්ඝ කාලින පැවත්ම හා නැවත නැවත කියවිය හැකි වීමයි....

    ඒත් ෆෙස් බුක් වල තියෙන වාසිය.....පාඨකයා තමන්ගේ පි‍ටුවට ආවත් නෝඅවත්...ඒව අන් අයගේ ඇස ගැටීමයි...

    ReplyDelete
    Replies
    1. නෝ වන් ඊස් ඉන්ඩිස්පෙන්සිබල් තමයි, මං ලියන්නේ පුද්හලයෝ ගැනම නොවෙයි ඔවුන්ගේ නිර්මාණ බ්ලොග් ලොවට අහිමිවීම ගැනයි.

      බුකියේ දී නිකම්ම ඇස ගැටෙන්නේ නෑ. මිතුරෙකු වුනත් හැමවිටම ඉබේ පේන්නේ නෑ. විශේෂයෙන්ම දාස් ගණං ඉන්නා විට පෙණුනත් මොහෙතකින් නොපෙනී යනවා.!

      Delete
  8. දැන් ඔය බ්ලොග් කියන්නෙ මාර පාරිශුද්ධ හයි කාල්ස් සම්භාව්‍ය තැනක්. ෆේස්බුක් කියන්නෙ පීචං තැනක්. එහෙමද?

    මට නම් එහෙම දෙයක් පේන්න නැහැ. මේ වන විට සිංහල බ්ලොග් අවකාශය ලංකාවේ සාමාන්‍ය සමාජයටත් වඩා පීචං වෙලා. සමහරු ඒක කේන්දර බලන්න ක්ලයන්ට්ස්ලා හොයා ගන්න පාවිච්චි කළා. සමහරු පොර වෙන්න පාවිච්චි කළා. හොර වෙද්දු හොර වෙදකම් කර ගන්න බැලුවා. සමහරු කැමරා, ට්‍රයිපොඩ්, සුරුට්ටු හොයා ගන්න පාවිච්චි කළා. සමහරු බිස්නස් වලට ණය ගන්න පාවිච්චි කළා. සමහරු ලිංගික අවශ්‍යතා සපුරා ගන්න පාවිච්චි කළා. මේ වගේ තනිකරම පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් බ්ලොග් පාවිච්චි කරපු නිසා තමයි බ්ලොග් වැටුණේ. බ්ලොග් කොච්චර පීචංද කියලා ඔය "බ්ලොග් හමු" වලට එන මෙලෝ රහක් නැති ඩයල්ම හොඳ උදාහරණයක්. ඉළන්දාරියා බේරා ගන්න සිය දහස් ගණනින් මිනිස්සු එකතු වුණා. අද නම් මං හිතන්නෙ නැහැ කවුරුවත් බ්ලොග්කාරයෙකුට අසනීපයක් කියලා සතයක් වත් දෙයි කියලා.

    ඔය කියන පිරිස බ්ලොග් වලින් ඇත්වෙලා ෆේස් බුක් එකේ ඉන්නවට මම නම් කැමැතියි. ෆේක්බුක් එක බ්ලොග් තරම් ජරා වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි පෝඩ් හොයාගන්න බ්ලොග් පාවිච්චි කරා කියන්නෙ නම් අමු බොරුවක්...... ෆේස් බුක් එකෙන් තමා ට්‍රයි පෝඩ් එක ලැබුනෙ....

      ලිංගික අවශ්‍යතා උනත් බ්ලොග් අවකාශෙ තියන සීමිත සම්පත් සහ ඒවා විෂමව බෙදී යාම නිසා ගොඩක් වෙලාවට නොලැබීයන තත්වයක් තමා තියෙන්නේ...... ෆේස් බුක් එක එහෙම නෙවෙයි.... කැමති කෙනෙක් ඇඩ් කරගෙන කවියක් දෙකක් එයාට ලියලා දැම්මාම..... තමන්ගෙ දුක කිව්වාම කස්ටිය එන්නෙ රෙදි ගලවගෙන......

      Delete
    2. සංඛ්‍යාත්මකව (ජනමාධ්‍යයේ යන දේවල් බැලුවම) ඔහේ කියන "පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණු" වැඩියෙන්ම තියෙන්නෙ ෆේස්බුක් එකේ. අනෙක "දෙන්න කැමති" උදවිටය ඉන්න හැම තැනකම "ගන්න කෙනෙකුත්" ඉන්න එපැයි.
      වැදගත් වෙන්නෙ ඒක නෙවේ. බ්ලොග් කියන්නෙ විවෘත අවකාශයක්. අපි සිංහල වචනයක් සර්ච් කලොත් බ්ලොග් වලින් ලැබෙන ප්‍රතිපල එමටයි.

      Delete
    3. ඊ ගාවට.... කෑම පිඟාන බ්ලොගේ දැම්මාමයි... බුකියෙ දැම්මාමයි... තියන වෙනස බලන්න.... කකාගෙ හරක් මස් බැදුම බ්ලොගේ දාලා කකා තාම ගෙරිමස් කනවා කියලා බැනුම් අහනවා....ඇනෝලා කවිත් ලියනවා....

      ඒත් බුකිය ඇනෝලා නැති නිසා හරක් මස් උයලා බුකියෙ දැම්මාම.... හරි ෂෝක් අයියේ... කටට කෙළ උනනවා.... වගේ කොමෙන්ට් විතරයි.... ඔන්න වෙනස....

      Delete
    4. ට්‍රයිපොඩ් එක හම්බවුණේ ෆේස්බුක් එකෙන් නෙවෙන්නම්. හැබෑටම මතක නැති වුණා. සොරි හොඳේ.

      හැබැයි අර 40 ශ්‍රී දරණ මං එක ලොරිය නම් ලැබුණේ බ්ලොග් එකෙන්ම තමයි. කිසිම කතාවක් නෑ ඒ ගැන. ෆේස්බුක් එකේ මොනවා දැම්මත් ඒව වගේ ලොරියක් නම් හොයනවා බොරු.

      Delete
    5. ලිංගික සම්පත් සොයා ගැනීම අතින් වඩා ප්‍රයෝජනවත් ෆේස්බුක්ද බ්ලොග්ද? ඔය උඩ ඉන්න මහත්වරු මොනවා කිව්වත් මට හිතෙන්නේ බ්ලොග් ඊට වඩා ප්‍රයෝජනවත් කියලයි.

      හේතුව මේකයි. බ්ලොග් එකක් ලියන අන්තිම මෝඩ, ගොබ්බ, කැත එකාත් "මාර පොරක්" වෙනවා. මොකද බ්ලොග් එකේ ලියන්නේ ආයෙ තමන් උපන්නෙ එක්කෝ සක්විති රජකම ලබන්න නැතිනම් බුදු වෙන්න, බැරිවුණේ ඉතින් සමාජ අසාධාරණය කියලනෙ. ඉතින් ළමයිනේ ඕව දැකලා ළමිස්සියන්ගෙ විතරක් නෙවෙයි නාකි අම්මණ්ඩිලාගෙත් අනුකම්පාව ඇවිස්සෙනවා. ඔය බුකියේ මොකවත් ලියලා එහෙම වෙන්නෙ නෑ. බුකියේ එකවුන්ට් එකක් තිබුණා කියලා කවුරුවත් පොර වෙලා නැහැ, දමිත් කේතක ඇරෙන්න. (ඒකාත් දැන් බැඳලා)

      ඒ වගේම තමයි බිස්නස් වැඩ ගන්න බ්ලොග් වලට සාපෙක්ෂව ෆේස් බුක් අහළකවත් නැහැ. දැන් ඔය ළමයින්ම කියන්න ෆේස් බුක් එකේ දාල රුපියල් ලක්ෂ විස්සක් ණය ගත්තු අවස්ථාවක්. රුපියල් ලක්ෂ දෙකක නය අරගෙන නොගෙවා පැහැර හැරි අවස්ථාවක්. එහෙම නෑ. ඕවා කරන්න පුළුවන් බ්ලොග් වල විතරයි.

      Delete
    6. තව එකක්....ෆේස් බුක් එකෙන් පොඩියට ණයක් දෙන චතුරංග ප්‍රියසාද් වගේ මෝඩයො හිටියට..... අභීත එදිරිසිංහ කරා වගේ ලක්ෂ ගනන් ලොකු මෝරෙක් මරා ගන්න බ්ලොග් ලියන්නම වෙනවා.......

      ෆේස් බුක් එකේ ඉන්නෙ හැමදාම රැවටෙන එකම ගොන්නු ටික උනාට අළුත් අළුත් එවුන් හොයා ගන්න අභීත කරනවා වගේ මාසෙකට සැරයක් හරි බ්ලොග් එක අප්ඩේට් කරන්නම ඕනි.....

      Delete
    7. ඇයි... අර අහවල් එක වටේ යන නාකි අයියා කරනවා වගේ තරුණ ගැටිස්සියො... කෙලිච්චියේ..ඔයා දොයිද.... වගේ බබා හුකුම් දාලා නලවන්න නම් ඉතින් බ්ලොග්ම තමයි..... මොකද බුකියෙ ඔව්වා කරන්න බැරි නිසා.....

      අනෙක අර ලකෆ්‍රෑන්ස් ලියපු එකා....... කාලයක් කබ්බො සෙට් එක ලව්වා දීපු ආතල් එක වගේ ආතල් එකක් ආයෙ කවද බුකියකින් දෙන්න පුළුවන්ද..............

      Delete
    8. ඒ වගේම තමයි පින්වතුනි බ්ලොග් තිබුණේ නැත්නම් අපි ඌෂ්ණය ගැන, මී මුරේ මාමලා ගැන, සිවුරක් පොරවාගත්තායින් පස්සෙ කරන ජඩ වැඩ ගැන, මැෂින් හදන හැටි ගැන, චන්ද්‍රිකා තාක්ෂණය ගැන, ගොඩනැඟිලි හදන කොට වියදම ඇස්තමේන්තු කරන්නෙ කොහොමද කියන එක ගැන, බිත්තර සලාද හදන හැටි, ෆ්‍රේඩ්‍රික් බැස්ටියාට් ගැන හේම දැන ගන්නවායැ!

      Delete
    9. උශ්ණය නෙවෙයි වචනෙ උශ්ණම්.... ඇයි ජෝතියා එකපාරක් පරිපූර්ණ වායු නියමයත් බොරු කරේ දුම්මල දහනයෙන් පිටවෙන වාතය තුලින් ශබ්දයේ වේගය වැඩියි කියලා....

      Delete
    10. ඇනෝ මල්ලී......

      හැම පැත්තකින්ම එල්ල වෙන ඇනෝ බලයෙන් පීඩනයට පත්වෙද්දී අයෙක් තමන්ටත් පවුලේ අයටත් දිවි ගලවාගන්නට හෝ ජීවත්වෙන්නට හෝ ක්‍රමයක් නැතිවේ යැයි බියෙන් එහෙම නැහැ වගේ ඉන්නවා.....

      අනිත් අය ෆේස් බුක් කරා ඇදී යනවා. එවිට ලැබෙන්නේ බැස්ටියාට් සිය “නීතිය” කෘතියෙන් පෙන්වූ බ්ලොග්/ ෆේස් බුක් ලියන්නන් හැමෝම හැමෝවම මංකොල්ලා කන සමාජයක්...... පළමු ප්‍රංශ විප්ලවයෙන් පටන් ගෙන මෙය වටහා නොගත්, එදා බැස්ටියාට් විසූ ප්‍රංශය අදත් මේ තත්වයේ ඉන්නෙ. සෝමාලියාව, සුඩානය වැනි රටවල් එහි ඛේදනීය අවස්ථාව පැහැදිලිව පෙන්වනවා...... ඕනෑම රටක් හැමෝම හැමෝවම මංකොල්ලාකන තත්වයට වැටෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒ වගේම ඕනෑම රටක බහුතර ජනතාවක් එසේ විය හැකි බවේ බරපතලකම වටහා ගන්නවා ද ඔවුන්ට එම තත්වයෙන් ගැලවෙන්නට ද ඉඩකඩක් තියෙනවා......

      අසාමාන්‍ය අය අවශ්‍ය නැහැ, ප්‍රජාතන්ත්‍රවාදයක දී ෆේස් බුක්වාදයට ඉඩදීම යනු බංකොළොත් බවට යන මාර්ගය යැයි දැනුවත් වූ සාමාන්‍ය අය එකින් එකා එයින් අයින්වීම ප්‍රමාණවත් ආරම්භයක්.........

      අන්න ඒ නිසයි කතන්දර කාරයා නම් මුග්ධ කොමෙන්ට් කරුවාගේ මේ ලිපිය අපට වැදගත්....

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. "යං චෙ විඤ්ඤෑ පසංසන්ති
      අනු විච්ච සුවෙ සුවෙ
      අච්ඡිද්ද වුත්තිං මේධාවිං
      පඤ්ඤා සීල සමාහිතං"

      "නෙක්ඛං ජම්බොනදස්සේව
      කො තං නින්දිතුමරහති
      දෙ වා පි නං පසංසති
      බ්‍රහ්මුනා පි පසංසිතො"

      ඒ කියන්නේ...

      "නුවණැති පුද්ගලයින් විසින් නිතර සිල් රැක්මෙහි යෙදෙන, සීලයෙහි අඩු පාඩු වන්නට ඉඩක් නොතබන්නා වූ සිල්වතුන්ව නිරන්තරයෙන්ම සෑම කල්හිම ප්‍රසංසාවට ලක් කරති.එසේ පිරිසිදු රත්තරන් මෙන් වූ සිල්වතුන්ට නින්දා කරන්නේ කවුරුන්ද.. දෙවියන් හා බ්‍රහ්මයින්ද එසේ වූ සිල්වතුන්ව ප්‍රසංසාවට ලක් කරති."

      Delete
    13. සාදු... සාදූ... සාදූ...

      බණ කිව්වට දානෙ දෙන්න විදිහක් නෑ..... 100යෙ බත් පැකට් එකක් අරන් 12.30ට කලින් වළදන්න අපෙ හාමුදුරුවනේ....

      Delete
    14. ළමයි බුකියේ ඇනෝලා ඉන්නවාද? නෑ නේද?

      Delete
    15. බ්ලොග්, බුකිය කියන්නෙ දෙකම අදහස් ප්‍රකාශ කරන්න තියෙන මාධ්‍ය දෙකක්. මුලික අරමුණ සහ ලබාදෙන පහසුකම් අතර වෙනස්කම් නම් ඇති. ඒත් එව්වා සම්භාව්‍ය හෝ පීචං කරන්නෙ, ඒවා භාවිතා කරන අයම තමා, මොකද දෙකේම ඉන්නෙ මේ අභිමානවත් සිරි ලාංකේය මේ අපිම නිසා.

      පීචං කිරීම ගැන කියනවා නම්, ඇනෝ මී පහසුකම සලසන බ්ලොග් වල, මී පරපුර එය ලෙසටම කරගෙන යනවා. ඒත් මීයො නැති බුකිය, පරිප්පු නැති හෝටලයක් වගේ. එකෙක් දෙකෙක් පීචං වැඩ කලාට, හොඳ සංවාද ගොඩ නඟන්නෙත් මීයොම තමා. සමහර වෙලාවට , පාවිච්චිකරන බාසාව ටිකක් රළුයි තමා. ඒත් හොම්මට දමල ඇන්නැගෙ කෙලින්ම දෙසා බාන, හිතට එනදේ දෙපාරක් හිතන්නෙ නැතුව කියන, ඒ වගේම හොඳ උත්ප්‍රහාස රසයකුත් ලබාදෙන ඇනෝ පහසුකම necessary evil දෙයක් ලෙස අකමැත්තෙන් වුනත් පිලිගන්න වෙනවා.

      කොටින්ම කියනවා නං, මීයට ඇන්දෙ නැති ප්‍රොෆයිල් කාරයෙක් හොයන එක, නිකිනි හොයනවාටත් වඩා අමාරු කාරියක් වේවි :)

      Delete
  9. බ්ලොග් ලොවට පාඩුවක් නං තමා. ඒත් ඒ අයට රාජ් කිව්ව විදියට ලොකු හැකියාවක් තියෙනවා එක පාර හුගක් අය අතරට යන්න. මොකද මේ අය මිතුරන් දහස දෙදහස පමණ සීමා පසු කර ඇති අය. ඉතිං ප්‍රේක්ෂකාගාරය බ්ලොග් වලට වඩා ලොකුයි.

    ReplyDelete
    Replies
    1. මිතුරන් දහස් ගණං ඉන්නා විට ඒ හැමෝටම අපේ ස්ටේටස් පෙන්නේ නෑ. සකර්බර්ග් ඒ සඳහා ඇල්ගොරිතම් ලියා තියෙනවා. ඒ අනුවයි පෙන්නන්නේ. නිතර ලැයික් කමෙන්ට් දාන අයව නිර පේනවා. නැති උන්න පේන්නේම නෑ.

      කතන්දරකාරයා ෆ්‍රොෆයිලයට මිතුරන් පන්දාහ පන්නලා මං දෙවෙනි ගිනුම කියා එකකුත් ඇරුඹවා. ඊට අමතරව දැන් ෆෙලෝ කරන්නත් පුළුවන්. ඒ සියළු දෙනාම බුලියට ලොග් වුණු ගමන් මගේ අප්ඩේට් එකඉ දකින්නේ නෑ. මටත් එහෙමයි.

      Delete
  10. ඇත්තටම එහෙම ලිවීමේ දක්ෂතා තියන අය බ්ලොග් වලින් ඈත් වෙන එක නම් කණගාටුයි තමයි..

    ReplyDelete
  11. මම බ්ලොග්, ෆේස්බුක්, ෆෝරම් යන අංශ තුනම සමානව පරිශීලනය කරන කෙනෙක් (මගේ නම ඕනේ නෑ)

    මම දකින විදිහට ඔය අංශ තුනේදී පාඨකයො හැසිරෙන විදිහ වෙනස්. මුල්ම කාලේ බ්ලොග් කියවන එක ඇබ්බැහි වෙලා තිබුන මම පහු වෙනකොට ඒක ෆේස් බුක් වලට යොමු කරා. කකා කියන විදිහට ෆේස්බුක් නිෂ්ඵල තැනක් නෙවෙයි

    බ්ලොග් -

    1]පාඨකයා බොහෝ වෙලාවට එහෙයියෙක් වෙනවා. විරුද්ධ අදහසක් කියන්නෙ බොහොම හිතලා බලලා : අර සයිලන්ට් සහන් කියන එකාගේ වැඩ කොච්චර මාට්‍ටු වුනත් එයාට ආවේණික එහෙයියො ටිකක් එහෙම්ම ඉන්නවා

    2]අනිත් එක බ්ලොග් වලදී බුද්ධිමත් සංවාදයක් වෙනවා බොහොම අඩුයි. කමෙන්ට් කරන අය බොහෝ වෙලාවට කමෙන්ට් කරන්නේ තමන්ගේ බ්ලොග් එකේ ප්‍රවර්ධන කටයුත්තක් විදිහට

    ෆේස් බුක් -

    1] ෆෙස් බුක් වල අන්‍යතාව පැහැදිලිව පේනවා. අන්වර්ත නාම වලින් පෙනී ඉන්න බුවා, රිටිගල වගේ අයගෙත් අන්‍යතාව පැහැදිලිව පේන්න තියනවා

    2]ෆේස් බුක් ජනප්‍රිය වෙන්න හේතුව සයිලන්ට් සහන් වගේ බොරු දැනුමක් මවා පාන අය සහ ඔහුගේ හෙන්චයි පාඨකයෝ වෙනුවට බොහෝ ඇසූ පිරූ තැන් තියන දමිත් කේතක,රිටිගල, සුජීව කොකාවල, ජේමිස් බණ්ඩා, බුවාගේ සිතිවිලි වගේ අය තමන්ගේ මාධ්‍ය විදිහට ෆේස්බුක් ‍තෝරා ගැනිම සමගම ඔවුන්ගේ පාඨකයොත් ෆේස් බුක් කරා යොමු වීම

    3]බ්ලොග් වල මෙන් නොව බොහෝ හරබර සංවාද ෆෙස්බුකියේ හට ගැනීම

    අනික කතන්දරම පොඩ්ඩක් හිතන්න මේ බ්ලොග් එකේ කියවන්න තරම් දෙයක් තියනවද කියලා

    ෆේස් බුකියේ සංවාද හට ගන්නා ස්ථාන ගැන ඔත්තු

    අම්බලම · Ambalama (The Rest)
    පොත් කියවන අය
    නව ශ්‍රීලංකා දේශපාලනය.
    A Secular Sri Lanka (freedom for, and freedom from, religion)
    ගීයක වරුණ. - Geeyaka Waruna.
    කෙටි කතා

    ReplyDelete
    Replies
    1. ඕවායින් පොත් කියවන අය එකේ මාත් ඉන්නවා (දෙවෙනි ගිනුම)

      නමුත් මේ ලයිස්තුවෙන් කෙටිකතා යන්න හැර අනිත් ඒවා ඩිස්කෂන් ෆෝරම් නේ. මං අද ලියා ඇත්තේ නිර්මාණකරණය ගැනයි!

      Delete
    2. /* අනික කතන්දරම පොඩ්ඩක් හිතන්න මේ බ්ලොග් එකේ කියවන්න තරම් දෙයක් තියනවද කියලා */

      ඒකනේ අර කියවන්න යමක් ලියපු අය ගැන මේ විදියට දුක්වෙන්නේ!

      Delete
  12. මමත් හිතන්නේ බ්ලොග් වලට වඩා ලොකු ඕඩියන්ස් එකක් මූනුපොතේ තියෙනවා. ඒක තාවකාලික එකක් වුනත් ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම සමහර අවස්ථාවල සිද්ධවෙන පහරදීම් (වාචික) ,ඇනෝ ප්‍රහාර වගේ ඒවායින් යම් පමණක ආරක්ෂා වීමකුත් එතන තියෙනවා . හැබැයි මොනා වුනත් එහෙම එයාලා මූනුපොතටම සීමාවීමේ හරිම හේතුව දන්නේ ඔවුන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. කකා මෙතරම් කාලයක් දිගටම බ්ලොග්කරණයේ යෙදීම ගැන මගේ ප්‍රණාමය. තව දීර්ඝ කාලයක් බ්ලොග් ලොව එලිය කරන්නට ලැබේවා කියා කකාට සුභ පතමි.

      Delete
    2. මුහුණු පොත බ්ලොගයට වඩා පුද්ගලික තැනක්. හිතවතුන්ව තෝරා ගන්නා තැනක්.
      අනික ඇනෝලා නෑ.

      Delete
  13. බ්ලොග් ලියන පිරිස ක්‍රමයෙන් බුකිය දෙසට ඇදීයාම අදවන විට පැහැදිලිව දකින්නට ඇති ලක්ෂණයක්.. මේ කරුණ පැරණිම බ්ලොග් කරුවකු වූ ඔබ විසින්ම මතුකිරීම වටිනවා.
    බිලොගයකට වඩා බුකිය තුළ සරළ වින්දනයක් ලැබිය හැකියි. මේ ගැනම පසුගියදා පැරණිම බ්ලොග් කරුවන් කීපදෙනකු හා එක්ව කළ පොඩි කතාබහකදී එවන් පැරැන්නෙකු පැවසුයේ බ්ලොග් ලියා ලේ කෝප කරගන්නවාට වඩා බුකිය දාහෙන් සම්පතක් බවයි. එහෙත් ඒ ප්‍රකාශය කළ තැනැත්තා ඉදහිට තාමත් බ්ලොග ද ලියයි. වැඩි කාලයක් බුකියේ සැරිසරයි. සරළ වින්දනය සේම බුකියේ හරවත් කතාබහද ඇතිවේ. එනමුත් බ්ලොග් කලාව රැකගත යුතුයි. ඒ වෙනුවෙන් ඔබ ලියූ මේ සටහනද අගෙයි.
    මුලින්ම වන්නේ බ්ලොග් ප්‍රවර්ධනය වෙනුවෙන් බුකි ගත වන්නෝ පසුව එහිම ආතල් ගනිමින් බ්ලොගය අමතක කර දැමීමයි. අප විමසා බැලිය යුත්තේ අන්න ඒ කාරණය ගැනයි. මෙය කාලීන කතිකාවකට කදිම මූලාශ්‍රයකි..

    ReplyDelete
    Replies
    1. ඔව්වා අල්ලලා දාමුකො.... මෙන්න මේ ලොරි ටෝක ඔයා දුන්නෙ ගිය සිකුරාදා..... දැන් මේ සිකුරාදා වෙනකොට ඔයා මොනවද කරලා තියෙන්නෙ..... ලොවෙත් නෑ නලීන්...... විලි ලැජ්ජ නැති වැඩ කරනවා මදිවට බොරුත් කියනවා.......

      Delete
    2. ඔබේ සැකය සාධාරණයි. නොවැළැක්විය හේතුවක් නිසා අද දින පිටුව පළ කරන්නට නොහැකි විය. මී ළග ට එන පළමු බ්ලොග් පිටුවේම ඒ කරුණ නිවැරදි කෙරේ.....මා පැහැදිලිව කියා තිබෙනවා එය මා අතින් වු වරදක් බව..

      Delete
    3. අය්යෝ, අද නැද්ද, කී දෙනෙක් බලාගෙන හිටියද අද පත්තරේ නම යයි කියලා. අර W3Lanka ලියන පැරාත් ගමටම කියලා තිබුණේ. දැන් වහ කන්නයි වෙන්නේ.

      Delete
    4. අහනකල්ම ඒක කිව්වෙ නෑනෙ.... අනේ මහත්තයෝ අපි හරක් කියලා හිතන්න එපා... දිනමිණ පත්තරේ ගැන අපි දන්නවා.....

      Delete
    5. කළබල නැතුව ඉන්නකෝ මිත්‍රයා.. මං නං ඔය සත්තුන්ගේ නං කිව්වේ නෑ ඔයාමනේ තමං කවුද කියල මේ කියලා තියෙන්නේ. පොඩ්ඩක් ඉවසපං ලබන සතිය වෙනකං.

      Delete
    6. වස නවනිංගිරාවයි..... පැරා අද අළුත් සූට් ඇඳලා ... සපත්තු මැදලා.... රැවුල කපලා... කොණ්ඩෙ පීරලා.... දතුත් මැදලා.... දිණමිණකුත් අරගෙන ඉස්කෝලෙ ගිහින් ගුරු කාමරේ මේසෙ උඩ තියලා බලද්දී තමා මේක නෑ කියලා දැකලා තියෙන්නෙ....

      අද පැරාට රෑ කෑමත් ගෙදරින් ලැබෙන එකක් නෑ වගේ.....

      Delete
    7. නලීන්,
      මාත් කතන්දරකාරයා බුකි ගිනුම මූලිකවම භාවිතා කරන්නේ බ්ලොගය ප්‍රචාරය කිරීමටයි. ඔබත් දන්නා පරදි එය සීමාසිහත ඉඩකඩක්. එය පුද්ගලික සහ සමාජීය වුවමණාවන්ට සුදුසු නමුත් තම නිර්මාණ පල කරන එකම විද්‍යුත් මාධ්‍යය ලෙස සුදුසු නෑ.

      ඔබේ සමීක්‍ෂණට ස්තුතියි. ප්‍රතිපල දන්වන්න.

      Delete
    8. මේ ලිංකුවෙන් බලන්න හැකියි
      https://docs.google.com/spreadsheet/ccc?key=0AudPRfptDQmkdGxSbVhaTFhOUXpsQm1kaHhGeGZnMEE&usp=sharing&userstoinvite=babyninja.srilanka@gmail.com#gid=0

      Delete
  14. ලිවීම- ලියන්නාගේ කෑමෑත්ත
    කියවීම- කියවන්නාගේ කෑමෑත්ත
    විවේචනය - විවේචකයාගේ කෑමෑත්ත
    බෑනීම- බන්නින්නාගේ කෑමෑත්ත
    බෑනුම් අහන එකා විතරයි අකමෑති. ඌටත් බ්ලොග් සහ FB නම් බෑනුම් කියවන්නෙ නෑතිව ඉන්න පුලුවන්.
    No problemo!

    ReplyDelete
    Replies
    1. අපෝ ප්‍රොබ්ලම්ස් නැති නැත කෝ ජොලියක්?

      Delete
  15. ඔමායා කෙල්ල ෆේස්බුක් එකේ තුන් දෙනෙක්ටම බ්ලොග් හදලා දීලා.. වෙන්න ඕන ඒ දේ තමා.. මට නම් දෙකම හොඳයි.. බ්ලොග් එක රමණයේ යෙදෙන සුවය දැනෙනවා.. බුකිය නිකන් ස්වයං වින්දනයේ යෙදුනා වාගේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. බ්ලොග් නිසා කිහිප දෙනකුටම රමණයේ සුව ලැබුණා. ඉන්දික උපශාන්ත වගේ අයට නම් අධෝ මාර්ග රමණයේ සුවත් ලැබුණා.

      Delete
    2. ANO..
      +++++++++++

      Delete
    3. මාතලන්...
      නශ්ඨ කාමය තියෙන කොට වෙන වෙන දේවල් කරාම රමණ සුවය දැනෙනවා.... වෙදාගෙන් බේත් ටිකක් ගන්න......

      Delete
    4. මහා චාරියෝ මට සහ මල්ලිලා කීප දෙනකුට සහ අම්මට සිලි ප්‍රවිනියෝ දෙහෙකට ඒ ළමය උදව් කළා බොගවල් අටවන්න.
      කරපු උදව් වලට අපේ සම හරක් ඒ ළමයට FB එකේ චැට් දෙන්නෙම කුණු හබ්බ නොවැ...ලින්ක් ඇත්ත...

      Delete
    5. @ මාතලන්/කෙන්ජි

      අපි වෙනුවෙන් අපි!
      මාතලන් ගේ සින්ඩියෙන් කරන හඳුන්වාදීම් සියල්ලත් ඉතා වැදගත්!

      Delete
  16. මෙහි කමෙන්ට් කරන සියල්ලන්ගෙන්ම ඉල්ලීමක්. කරුණාකර ඔබේ ඥානය පුළුල් කිරීමට හේතු වූ, ඔබ ආසාවෙන් කියැවූ (ඊළඟ පෝස්ට් එක දාන්නේ කවදාද බලා සිටි), ඔබ වෙනත් කෙනකුට කියැවීමට යෝජනා කරන, ඔබට අනුව "හොඳයි" කියා බිය නැතිව කිව හැකි බ්ලොග් තුනක් නම් කරන්න. (තවමත් ඇති හෝ නැති)

    ReplyDelete
    Replies
    1. ඇයි අපි එහෙම ලියන්නේ..... මොකක්ද ඔබ ඉන් පෙන්වන්න උත්සාහ කරන මතය...

      Delete
    2. ලියන නොලියන එක ඔබේ වැඩක්. මා මතයක් ඔප්පු කරන්න හදනවා නෙවෙයි, යමක් දැන ගන්න උත්සාහ කරනවා. මොක්ද්ද කියලා පසුව කියන්නම්. ඒක මේ අවස්ථාවේ කීම මගේ අරමුණට බාධාවක්.

      Delete
    3. එකත් කකා.... දෙකත් කකා... තුනත් කකා.... අපේ කකා අපිට හොඳා...

      Delete
    4. "ඥානය පුළුල් කිරීම" සහ "ආසාවෙන්" කියැවූ යන දෙකම එකේ හෑමවෙලාවෙම නෑහෑ.
      KK, Aru, Kenji, Sahan, Ravi, PK, Apurvi, Sam, Bassa, Maathalan, Ivan, Indika, Shapiro, Dayal, Raaj සහ තවත් බොහෝ අයගෙ ( මොකාව අමතක වෙලා තරහවෙයිද දන්නෙ නෑනෙ) "සමහර" පෝස්ට් වලට ඔය දෙක වෙනවෙනම හෝ එකට තියනව.

      Delete
    5. P.S. හොදම "Taboo" සහ funniest "වර්ගපූර්ණිකාව " මම හිතන්නෙ. ඒත් ඒකාලෙ මම කියවන්නෙ නෑ

      Delete
    6. කියවන්නන්ගෙන් (තමන්ට බ්ලොග් නොමෑති ) හොදම බ්ලොග් මොනවද ඈහුවහම ටිකක් හරි අවන්ක උත්තර ලෑබෙයි. බ්ලොග් කාරයන්ගෙන් හොදම කොමෙන්ටේටර්ල කව්ද ඈහුවොත් හිට්ස් ගෑන ප්‍රමුකත්වය නොදෙයිද?

      Delete
    7. අන්තිම පේලිය.
      විවිධත්වය.

      අසේල ගේ මගේ ලෝකය
      සරලයි , කෙටියි , තාත්විකයි, හාස්‍යය හොඳින් තියෙනවා , පාසල් කාලයට රැගෙන යනවා

      මාරයා
      ලිවීමේ ශ්‍යිළිය , සමාජ අත්දැකීම් , self criticism

      කකා ගේ බ්ලොග ගැන නොකිව්වොත් තරහ වෙයි නේ.
      මේක හරියට අර ගොං දෙපැයේ යන මහ ගෙදර වගේ. ගන්න දේකුත් නැහැ. නොබලා ඉන්නත් බැහැ. බැන බැන බලනවා. :D

      Delete
    8. රංගගෙ පත නයි උඹට තාත්විකවගේ පේනවනම් උඹේ කණ්නාඩි දෙක චෙක් කරගනින්....

      සෙල්ෆ් ක්‍රිටිසිසම් වලට කැමති වෙලා අමාරුවෙ වැටිච්ච අයත් ඉන්නවා....

      කකාගෙ බ්ලොග් එකට වඩා අපිට වටින්නෙ කොමෙන්ට් සෙක්ෂන් එක....

      බලන්න කකා අං දිග ගෝණා වගේ කොමෙන්ට් නොකරම හිටියත් අපි කට්ටිය බ්ලොග් එක ඇදගෙන යන ලස්සන.....

      Delete
    9. මෙහෙමනේ බං .. හෙළුවෙන් ඉන්න එකෙක් ගාවට ගිහිල්ල මම අමුඩයක් ගහන් ඉන්නවා කිව්වත් ඌට ඒක පේන්නේ නයෙක් විදියට. මට නං රංගගේ ඒහැටි නයෙක් පෙනුනේ නැහැ. සමාජ ස්තර අතර වෙනසක් වෙන්ඩෑ ...

      සෙල්ෆ් ක්‍රිටිසිසම් හින්ද මම අමාරුවේ වැටුනේ නැහැ නේ. මම රස වින්ද විතරයි. උඹද මචං ට්‍රයි පොඩ් එක අරං දුන්නේ ?

      අනිත් ඒවාට නං එකඟයි :P

      Delete
    10. ඥාණය පුලුල් කිරීමට බ්ලොග් කියවීම යනු විරෝධෝක්තියක් (ඔක්සිමෝරෝන්) නේද?

      මා බ්ලොග් කියවන්නේ වින්දනයක් ලැබීමටයි.

      මෙන්න මා කියවා අන් අයටත් කියවන්නට යෝජනා කළ බ්ලොග් කීපයක්.

      1. http://kathandara.blogspot.com/2010/07/blog-post_30.html

      2. http://kathandara.blogspot.com/2012/08/politics-in-parallel-universe.html

      3. http://kathandara.blogspot.com/2012/05/introducing-new-blog.html

      4. http://kathandara.blogspot.com/2013/10/no-place-for-mr-sensitive-in-this-cruel.html

      5. http://kathandara.blogspot.com/2011/04/blog-post_10.html

      මා කියවන බ්ලොග් මගේ බ්ලොග් රෝලේ තියෙනවා නේ. ඒ අතරින් අද මා ඉතා ආසාවෙන් කියවන්නේ අරූ ගේ අඩවියයි. http://arugeadaviya.wordpress.com/

      !!!

      Delete
    11. අරූ ගේ අඩවියට ගියා. ලිපියක් කියෙව්වා. අදහස් දැක්කම ලොකු සිත් වේදනාවක් ආව. and disgusted too. කොමෙන්ට් එකකුත් ලියල ආයි නොයන්නම පිට වෙලා අවා....

      /ඒ අතරින් අද මා ඉතා ආසාවෙන් කියවන්නේ අරූ ගේ අඩවියයි. /

      බුදු හාමුදුරුවෝ තැනක මෙහෙම කියල තියෙනවා වගේ මතකයි.
      ආනන්දය අර සැරියුත් තෙරුන් සමග ගමන් ගන්නා භික්ෂුන් සමුහය බලන්න.
      ඔවුන් සියල්ලන්ම මහා ප්‍රඥා වන්තයන්ය

      මුගලන් තෙරුන් සමග ගමන් ගන්නා භික්ෂුන් සමුහය බලන්න.
      ඔවුන් සියල්ලන්ම මහා ඉර්ධිමතුන්ය

      කාශ්‍යප තෙරුන් සමග ගමන් ගන්නා භික්ෂුන් සමුහය බලන්න.
      ඔවුන් සියල්ලන්ම ධුතාංග ධාරින්ය

      දෙව්දත් තෙරුන් සමග ගමන් ගන්නා භික්ෂුන් සමුහය බලන්න.
      ඔවුන් සියල්ලන්ම අලජ්ජි පාපී භික්ෂුන්ය

      මෙසේ කිරි සමග පැණිත් , අසුචි සමග මුත්‍රාත් එක් වීම ලෝක ධර්මයකි. අදහස් සමාන බැවිනි
      No offense implied.

      Delete
    12. ඩියර් මහසොහොන්......ආවත් නැතත් මට ලැබෙන හෝ නොලැබෙන දෙයක් නැත. ඔබ එහි පලකල අදහසට මම එහි පිලිතුරක් දී ඇත. මා කරන්නේ ඔබ මෙන්ම මගේ අදහස් පලකිරීමත් ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර මත මගේ ජීවිතයට යමක් එකතු කර ගැනීම හෝ නොගැනීමයි. මම දාර්ශණිකයෙක් නොවෙන්නෙමි. නමුත් අන් අයගේ මතයන් අප්පිරියාවෙන් හෝ ජුගුප්සාවෙන් බැහැර නොකරන්නේ "මං පොර" සංකල්පය වැලඳුන් පිල්ලි බ්ලොග් ලොව තුල පමනක් නොව කට ඇර වචණයක් කතාකරන්නට හැකි අන් සැම අතරම සැරි සරන නිසාය. කෙසේ වෙතත් ඔබ වන් අයගේ අදහස්ද මෙලොවට කෙසේ වෙතත් එලොවට වැඩදායි විය හැකිය. එලොව ගිය දවසක මට ඔබව අමතක නොවනු ඇත.No offense implied.

      Delete
    13. ස්වාමීනී, අර මහසෝන් පිල්ලිය සමග යන අනෙක් අය කවුරුන්ද?

      ආනන්දය, ඒ ආලවක, විභීෂන, කුම්භකර්ණ, ගරා, වෙසමුණි යනාදී යක්‍ෂයෝය.

      Delete
    14. මා මේ දිනවල ඉතා කැමැත්තෙන් කියවනවාය කියා මා ඉහත සඳහන් කළ අරූගේ අඩවියට ගිය මහසෝන් පිල්ලිය එහි එක ලිපියක එක වැකියක් කෙරේ කලකිරී එහි තබා ඇති කමෙන්ටුව මෙන්න.

      මහසෝන් පිල්ලිය in අරූගේ අඩවිය

      Delete
    15. කකා ටත් ලින්ක් එකක් දාන්න තියෙනවනං ඉතින් ....

      මම අරූට පිළිතුරක් දුන්නා. කකාවත් ඇමතුවා එතන. :P
      යක්කු ගැන කියනවා නං ආලවක, විභීෂන ,වෙසමුණි යන මේ සියලු යක්ෂයන් සොතාපත්ති ඵලය ලැබූ ආර්ය ශ්‍රාවකයන් . ඔවුන් සමග යන්න තියෙනවා නං මොනවා බැරිද !!
      (ඔන්න කකා ගේ උපහාසය රිවර්ස් ස්වීප් පහරක් මගින් නිශේධනය කරා ) :P

      Delete
  17. කාලෙකට පස්සේ බොගක් කියෙව්වේ.. කකාගේ බ්ලොගෙත් ගොසිප් සයිට් එකක් වගේ වෙලා නෙහ්.. මං කිව්වේ පෝස්ට් ඔල අන්තර්ගතය නෙවෙයි.. පෝස්ට් එකට වඩා කමෙන්ට් කියෝන එකේනේ ආතල් එක තීන්නේ... අඩුවකට තීන්නේ ලැයික් බටන් එකක් නැති එක විතරයි.. බැරිවෙයිද දල්ලෑ ලේ ඔය ඇමරිකාව පැත්තේ ඉන්න කාට හරි ගූගල් කාරයින්ට කතා කරලා බොග් ඔලටත් ලැයික් බටන් එකක් හයි කරගන්ට..

    ReplyDelete
    Replies
    1. කලකට පසු මෙහි පැමිණි ඔබට ස්තූතියි.... තව කලකින් හෝ මෙහි පැමිනෙන්න....

      Delete
    2. @ Anonymous January 24, 2014 at 11:55 AM
      ලැයික් බටන් එකක් දාගත්තොත් ඉස්ඉස්සෙල්ලාම මේ ඇනෝ ගේ එකට දාන්නං ලැයික් එකක්!

      Delete
  18. කකාගෙ බ්ලූ ෆිල්ම් එක එළියට දාලා මුගෙ නිරුව්ත ලෝකෙට පෙන්වන්න කාලෙ හරි වගේ. උඩ පනිනවා වැඩියි.

    ReplyDelete
    Replies
    1. මාත් ඕක එලියට එනකං ඉන්නේ. මගේ කොපිය නැතිවුණා!

      Delete
  19. කියපු තුන් දෙනාගේ හැකියාවන් කිහිපයක් මමත් දැකලා තියෙනවා.. විශේෂයෙන් සයිබර් යායේ චිත්‍ර..

    මේ සටහන එයාලගේ නෙත ගැටිලා අපහු සුපුරුදු විදිහට බ්ලොග් පිටු අතර නිතර දකින්නට ලැබේවි කියලා මමත් විශ්වාස කරනවා..

    ReplyDelete
  20. Buddhi malli noliyana eka maha aparaadhayak..eka muunatama kiwwaa..eth eka e manussayage nidhahasane..

    ReplyDelete
    Replies
    1. අන්න පොර පස්සේ ප්‍රතිචාරයක් දෙනවාය කියලා කියා තියෙනවා.

      Delete
    2. wedak nae kashuu ammapa blog noliyana unta gahanna kiyalaa neethiyak aawoth mama hoyaa gena gihin thalanne pol piththakin buddhiyata..

      Delete
  21. වෙලාවකට මම බුකියේ ස්ටේටස් විදිහට දාන්න යන දෙයක්, ආයෙත් මකලා බ්ලොග් එකේ පෝස්ට් එකක් විදිහට දාල තියෙනවා. ඔය කී තිදෙනා ඇරෙන්නට තවත් ගොඩක් අය වටිනා නිර්මාණ බුකියේ සිර කරල. සමහර ස්ටේටස් පවා වටිනා නිර්මාණ. ඒ අය හිතන විදිහට ඒවා බුකියෙදි ප්‍රචාරණය වැඩිලු.

    පොඩි මෑන්, කුරුළු, වගේ තවත් ගොඩක් අය ඉන්නවා බුකියෙම නිර්මාණ කරමින්..

    ReplyDelete
    Replies
    1. මාත් ඔය වැඩේ කරලා තියෙනවා සෑම් අයියේ,, බුකියේ ටයිප් කරලත් ඊට වඩා දිර්ගව ලියන්න හිතලා බ්ලොග් එකේ ලියලා තියෙනවා..

      Delete
    2. මං නං ඒකේ අනිත් පැත්ත.

      Delete
  22. මාත් අවුරුදු ගානක් 3,4 වගේ කාලයක් ෆේස් බුක් එකේ කාලේ නාස්ති කළා, සමහර වෙලාවට ප්‍රොෆයිල් බ්ලොක් වෙනවා,, ඒ වගේම fb එකේ සෝඩා බෝටලේ කැඩුවා වගේ පෝස්ට් එකක් දාලා පැයක් වගේ ඇතුලත සෙට් එක කොමෙන්ට් කළා විහිලු කළා ඒක පහලට ගියා ඉවරයි ,, ඒත් බ්ලොග් ලෝකේ ඊට වඩා දෙයක් තියෙනවා,,ඉස්සර මං හිතුවේ fb එකේ අය රණ්ඩුවෙද්දී නරක කොමෙන්ට් දාද්දි fb එකට වඩා බ්ලොග් හොදයි කියලා, ඒත් බ්ලොග් වල ඉන්නේ ඊට වඩා මෝරපු විදියට ගොඩක් දරුණු විදියට රණ්ඩු වෙන කට්ටිය විශේෂයෙන් ඇනෝ ඇවිත්... දෙකේම ඉන්නේ අපේ sri ලාංකිකයෝනේ ඒ නිසා කොහෙත් එකයි... ඒත් නිර්මාණ කාරයෙක් fb එකේ කාලේ කන එක අපරාදයක්,, කාලේ ගෙවන්න ක්‍රමයක් නැති වෙලාවට යන්න fb නියමයි.. මාත් කරන්නේ තනිකම මකා ගන්න fb යන එක.ඒ වගේම එකේ ඉන්න හොද වුන් හොයාගෙන බලෙන් හරි මේකට ගේන එක

    කාලෝචිත ලිපියක් ,,කාකා thanks

    ReplyDelete
    Replies
    1. දෙපැත්තටම සම සමව වගේ හොඳ තර්ක තියෙනවා!

      Delete
  23. face බූක් එකෙන් ටික ටික ලියන්න පටන් අරන් ඊළඟට බ්ලොග් වලට බැහැපු එව්වොත් ඉන්නවා එමට , සමහරු ඔය දෙකම කරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. තිලක සිත, පෙරේද තමයි හරියටම ඔබේ බ්ලොග් එක දැක්කෙ. මට හමුවුන හොදම බ්ලොග් එකක්, නියමයි මිත්‍රය.

      Delete
    2. දෙකම එක සමානව කරන්න නම් අමාරුයි!

      Delete
  24. දැන් බලන්න කකා ආනන්දෙට ගිහිල්ලත් මොළේ වර්ධනය වෙලා නැති හැටි.

    මේ පෝස්ට් එකේ අරමුණ: බ්ලොග් අතහැර ෆේස්බුක් ගිය තිදෙනෙක් නැවත බ්ලොග් වලට කැඳවා ගැනීම.

    එහෙනම් කකා වැඩිය සාර්ථක වෙන්න ඕන මේ පණිවිඩය ෆේස්බුක් එකේ දැම්මොත් නේද?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැති හින්දයි අහන්නේ... ආනන්දෙට ගියාම මොළේ වර්ධනය වෙනවද?
      ප්‍රා ජේ උඹවත් කියපන් බන්....

      Delete
    2. මේකට උත්තර දෙන එකෙන්ම පේනවනෙ අවුරුදු දුසිමකට වඩා ගිහිල්ලත් මගෙ නම් එහෙමවෙලා නෑති බව.

      Delete
    3. සමහර විට පැරෂුට් බැස්ස ඩයල් වලට එහෙම වෙනවද දන්නෙ නෑ....

      හැබැයි කොහොමත් කැළණිය කැම්පස් එකට ජොයින් වුනාමනම් මොළේ වැඩි වෙලා මොළේ පුකෙත් එනවා... මට පේන්නෙ කකාටත් ඒ ලෙඩේ කියලා...

      Delete
    4. /* මේ ලිපිය මා ලියන්නට සිතුවේ, ඔවුන් තිදෙනාගේ අවධානය අපේ සුන්දර බ්ලොග් අවකාශය දෙස නැවතත් පෙර සේ යොමුකරවා ගැනීමටයි.

      මේ ලියන මොහොතේ මට ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් මේ මා ලියන දේ ඔවුන් දකීවිද යන්නයි.

      අද පලවෙන මේ කතන්දරය ගැන දැන්වීමක් ෆේස් බුකියේ දැමීමට මා ද හෙට බුකියට ගොඩ වදින්නට අදහස් කරමි. ඒ දැන්වීම ඔවුන් ගේ ඇස ගැටෙනු ඇතැයි යන්න මගේ එකම බලාපොරොත්තුවයි.

      */

      Delete
  25. පේස් බුකිය ටී.වී එක නම් ‍බ්ලොග් එක රේඩියෝව වාගෙයි මටනම්!!!1

    ReplyDelete
    Replies
    1. හාපෝ බස් රේඩියෝව ගැන නම් කතා කරන්න එපා... අර කාලට නැමෙන ඕනයානෙ ඕක කරන්නේ....

      Delete
    2. ඒ කියන්නේ මොකක්ද වඩා හොඳ?

      Delete
  26. ෆේස් බුක් තුලින් බොහෝමයක් තරුනයින් සහ තරුණියන් ඉවත්වෙන බව මට හමුවූ මෙහේ උදවිය කියනවා. නමුත් ශ්‍රීලාංකික ප්‍රජාව ඒ තුල පැල් බැඳගෙන සිටින බවත් සමහරුන් කියනවා. මම ෆේස්බුක් වලින් ඉවත්වී සිටින්නේ වසර කිහිපයකට පෙර නිසා මම දන්නේ කවුරුන් හෝ කියන දෙයක් පමණයි.

    මගේ අදහස නම් බ්ලොග් තුලින් මා හිතනා ආකාරයේ පුළුල් සාකච්ඡාවක් සංවාදයක් ගොඩ නගා ගත හැකි බවයි. හායි බායි ටටා සංවාදයකට වඩා වෙනස් සාකච්ඡා බ්ලොග්ස් තුල සිදුවන බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
  27. කියෙව්වා! මේකත් දැක්කේ ෆේස්බුක් එකෙන් තමා... කමෙන්ට් එකක් අද රෑ කීයට හරි දාන්න හිතාගෙන ඉන්නේ.....

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඒ උත්තරේ!

      Delete
    2. කතන්දර,

      මම බ්ලොග් ලියන්න එදා වගේම අදත් කැමතියි. නමුත් කාලය ගැන ලොකු ගැටලුවක් තියෙනවා. මට එක ලිපියක් ලියන්න, චිත්‍රයක් අඳින්න සැලකිය යුතු වෙලාවක් යනවා. මම ලියන දේවල් - ලැබෙන සුලු මොහොතේ ටයිප් කරලා දාන්න පුලුවන් දේවල් නෙමෙයි. අනික මට එහෙම හැකියාවකුත් නෑ. මේ ප්‍රශ්ණයටම මුහුණ දුන්නු මම අතිශයින් ප්‍රිය කරන තවත් බ්ලොග් අඩවියක් තමයි “කුරුන්ද“. මගේ බ්ලොග් එක නැගලා යන කාලේ චිත්‍රයක් ඇඳලා ඒ බ්ලොග් එකට සෑහෙන රසිකයෝ පිරිසක් හරවලා දුන්නා ඒ කාලේ.

      ෆේස්බුක් එකේ මම හිටියට එතන මම කිසිම නිර්මාණයක් පලකරන්නේ නෑ. අනික දවසම ඔන්ලයින් කියලා පෙන්නුවට, මම දවසෙන් වැඩි කොටසක් මොනිටරය දිහා බලාගෙන ඉන්න කෙනෙකුත් නෙමෙයි. (කොයින්ම ටවුමට ගියත් ගෙදර ඔන්ලයින් තමයි) නමුත් සයිබර් යාය ලියන එකාව අමතක ම වෙලා යන්න නොදී පොඩ්ඩක් අල්ලලා තියාගන්න මම ෆේස්බුක් පාවිච්චි කරනවා. කොටින්ම ෆේස්බුක් එකට වඩා මගේ යාලුවන් ගොඩනැගුනේ බ්ලොග් එක හරහා. අද සයිබර් අවකාශයෙන් බැහැරව වුනත් විවිධ අවශ්‍යතා, උපකාර ලබාදෙන මිතුරන් කොටසක් මට ලැබිලා තියෙන්නේ බ්ලොග් එක හරහා මිසක් ෆේස්බුක් හරහා නෙමෙයි. ඇත්ත වශයෙන්ම මම තැවෙනවා ඔවුනුත් මමත් අතර සම්බන්ධය ගොඩනැගුනු මේ ලින්ක් එක බිදෙයි කියලා‍. (ඉදලා හිටලා ලිපියක් දාද්දි බ්ලොග් එක හිට් වෙලා තිබුනු කාලෙට වැඩිය පැහැදිලිවම 25% විතර රසික පිරිසකගේ අඩුවීමක් තියෙනවා.)

      කාලයක් මම සැලසුම් කලා අඩුම ගානේ සති 3 කට වතාවක් වත් ලිපියක් දාන්න. පහුගිය ටිකේ ඒකත් බැරි වුනා.

      කොහොම වුනත් මම කියන්න යන්නේ ෆේස්බුක් නිසා බ්ලොග් එකට බාධාවක් වුනා කියන එක මම සම්බන්ධයෙන් හරියන්නෙ නෑ කියලා. (අනුන්ගේ තැනක රස්සාව කරනවා වගේ යැයි, තමන්ගෙ තැනක වැඩ කරද්දි තියෙන දෙකයි පනහ රැක ගන්න කොච්චර සැලසුම් හදන්න ඕනේද? එතකොට කතන්දර සේරම ටික අඩියට බහිනවා.)

      කොහොම වුනත් මේ වගේ ලිපියක් ලියද්දි කකාට මාවත් මතක් වුනු එක ගැන මම නම් පුද්ගලිකව සතුටු වෙනවා.

      අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම කැමැත්තෙන් අත්හරින ලිස්ට් එක හැදුවොත් ඒකේ පහලින්ම තියෙන්නේ බ්ලොග් එක කියලයි. ඊටත් පහලින් ඉන්නේ මම දන්න පණ තියෙන ජීවින් කීප දෙනෙක් විතරයි!

      ස්තුතියි කකා!

      Delete
    3. පිළිතුරට ස්තුතියි. කමක් නෑ බුද්ධි.

      ඒක නොවෙයි දැන් දෙදරු පියෙක්ද?

      Delete
    4. කමක් නෑ බුද්ධි කියලා ලිව්වේ ඇයි... මට ඒක අපැහැදිලියි.


      //ඒක නොවෙයි දැන් දෙදරු පියෙක්ද?// නෑ... මේක අර මොලේ අමාරුකාරයාගේ මනෝ විකාරයක් :D

      Delete
  28. කෙනෙක් කියලා තිබුණා බ්ලොගයක නිර්මාණ කියවන්න නම් ඒකට අනිවාර්‍යයෙන්ම පැමිණෙන්න ඕනි, ඒත් බුකියේ එහෙම නෙවෙයි. අනිත් අයගේ නෙත ගැටුණ ගමන් ඒක හොඳ නම් හිට් වෙනවා. ඒත් බ්ලොගයක් තුල සමහර ගොඩක් හොද නිර්මාණ පවා වැලලිලා යනවා වගේ වැඩක් වෙනවා.(පෞද්ගලික අත්දැකීමක් විදියට මගේ එක නිර්මානයක් බ්ලොග් එකේ දාලා තිබුනා. ඒකම බුකියෙ දැම්මම ලැබුණ ප්‍රතිචාර සහ බ්ලොගේදි ප්‍රතිචාර මත තමයි මම මේ කියන්නේ)

    කවුරු කොහොම කිව්වත් බ්ලොග් අවකාශය තුල යම් කුහක කමක් තියෙනවා. තමන්ට කමෙන්ට් දමන අයට තමන්ද කමෙන්ට් දැමීම වගේ සැඟවුන දෙයක් මේකේ තියෙනවා කියලා මට තේරිලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. රන්දුට පොඩි රිප්ලයි එකක් යටින් වැටුනේ වැරදි තැනක.

      Delete
    2. රන්දු,
      සමහරවිට බුකියේ අනිවාර්යෙන්ම තියෙන යාළුකම් බ්ලොග් අතරත් ඇතිවී තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

      නමුත් නොදන්නා අය වැඩියි.

      Delete
    3. උදාහරණයක් විදියට කතන්දර අයියා ගැන මම දන්නේ පේරාදේණියෙ හිටපු මනුස්සයෙක් කියලා විතරයි....:D

      Delete
  29. /////තමන්ට කමෙන්ට් දමන අයට තමන්ද කමෙන්ට් දැමීම වගේ සැඟවුන දෙයක් මේකේ තියෙනවා කියලා මට තේරිලා තියෙනවා....//////
    ගොන් පාට් කොහෙද නැත්තේ රන්දු? ආසාවට ලියන එකයි, කමෙන්ට්ස් තන්හාවට ලියන එකයි..දෙකක් මිස එකක් නොවේනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක නම් මමත් පිළිගන්නවා...සමහර බ්ලොග් අඩවි තියෙනවා ඒවා නිකමට නෙත ගැටුණත් කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නැති ඒවා...ඒත් අවංකවම මම සමහර අඩවි වලට වලට කමෙන්ට් දාන්නේ, නිතර ගිහින් බලන්නේ හිත මිතුරෙකුගේ(නෙත ගැටුණ) බ්ලොග් අඩවියක් වීම නිසා.

      Delete
  30. මේ කතාව සම්පූර්ණ ඇත්ත ෆේස්බුක් එකේ රැඳූනාම වෙලාව ගතවෙනවා තේරෙන්නේ නෑ . නමුත් ලියන අයට බ්ලොග් ලෝකය අගෙයි කියල තමයි කියන්න වෙන්නේ. නැත්නම් බුකියට ඇඩික් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ පුද්ගලික බුකි ගිනුම මා පාවිච්චි කරන්නේ මගේ තෙරාතුරු අන් අයට දීමටයි. එහිදී මා සමහර අත්හදාබැලීම් කරනවා.

      මේ මාධ්‍ය දෙකටම ඇඩික්ට් වීමෙන් ගැලවෙන එක නං ටිකක් අමාරු වැඩක්!

      Delete
  31. බුකිය හින්ද අතපසු වෙන්නෙ බ්ලොග් එක විතරක් නෙමේ... තව බොහෝ දේවල්.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. උයන්න, කන්න, බොන්න, අස්පස් කරන්න!

      Delete
  32. කකා බ්ලොග් අවකාශයෙ නිර්මාණකරණයේ යෙදුනලු. හා හා හා හූ හූ හූ හේ හේ හේ හෝ හෝ හෝ මට මේව අහල හතර හිනා. පඩ, කක්කා, චූ ස්වභාව ධර්මයේ නිර්මානනෙ මෝල් වහන්සෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඕයි ඉතිං ඒකනේ අර බුද්ධිලාට, චාර්මිලාට, සොසීලාට ආයෙ එන්න කියන්නේ!

      Delete
  33. මම ෆේස්බුක් එකේ නැතිනිසා අදහසක් කියන්න තරං දැනුමක් නෑ කකා !!
    ඒත් බුද්ධිලා චාමි ලා සොසි ලා ආයෙමත් ඉස්සර වගේම ලියනවනං මමත් කැමතියි !!

    ReplyDelete
  34. වත්සලා අක්කනම් තාම විවේකි වෙලාවට ලියනවා.. මේ සයිබර් යායේ චූටි මහත්තයවනේ අල්ල ගන්නම අමාරු.. රියර් ගේට් නම් මට වැඩිය කියවන්න ලැබිලා නෑ..

    මෙහෙම කියනවනම් ඉතින් තව හුඟක් බ්ලොග් ගැන කියන්න පුළුවන්.. ඒ අයට දැන් බ්ලොග් තිබුනද කියලත් අමතකයි.. දැන් දැන් මාරයියත් ඒ පැත්තටම යනවද මන්දා.. මේ මනුස්සයත් හිටි ගමන් ලියනවා හිටි ගමන් නෑ..

    ReplyDelete
  35. කතන්දර එක්ක එකඟයි. කරුණා කරලා ඔය තුන්දෙනා වහාම එලියට එන්ට. නැත්නම් බලාගම්මු. රහසින් (මෙයාලව සුදු වෑන් එකක් යවලා උස්සමුද? ) :D:D

    ReplyDelete
    Replies
    1. බෑ පොඩ්ඩි, බුද්ධිය වාහන වල යද්දී වමනේ දානව ...

      Delete
    2. පොඩ්ඩි,
      ඔයා සුදු වෑන් එකක් අරගෙන එන්න.... කොහොමත් ඔයාට මාව උස්සන්න බෑ. මම කැමැත්තෙන්ම නගින්නම් :D
      .............................................
      Anonymous,
      :D

      Delete
    3. අනේ යකෝ බොටත් ගෑනු කෙනෙක් අඬ ගැහුවොත් මරන්න හරි යන ලස්සන. දෙදරු පියෙක් නේද ඔය ආ?

      ඉන්දික උ. ( ලොග් වෙන්න බෑ බං ෆෝන් එක ඕෆ් වෙලා )

      Delete
    4. ගැණු පිරිමි භේදයක් කොහෙන්ද මිතුරුකමට !

      Delete
    5. බුදු අම්මෝ මේ පොඩි කුමාරි ද? බයේ බෑ!

      ඒඛ නොවෙයි කවදද බුද්ධි දෙදරු පියෙක් වුනේ?

      Delete
    6. ඔය ඉන්දිකයලා අපේ ලොකු අයියලා වගේ කතා කරන්නේ..... ඒ වුනාට මොකද දෙදරු පියෙක්ලු.... මේවා ගෙවල් වල මිනිස්සු දැනගත්තොත් බත් පිඟානත් නැති වෙලා යනවා.....!

      Delete
    7. Buddi, I was jocking n extreamly sorry if any inconvenience caused to u!

      Delete
    8. තමුසෙට පිස්සුද ඉන්දික, මම විහිලු කාරයින්ට කැමතියි.... :D

      Delete
  36. කකා,

    ඔය ලෙඩේ මුලිම්ම හැදුන දක්ෂ බ්ලොග් කාරය තමයි "දුකා". ඌ අඩු ගානෙ දැන් කමෙන්ට් එකක්වත් දාන්නෙ නෑ ( ඒට් ඊයෙ පෙරේද හීනෙන් වගේ ඇවිත් ගිහින් තිබ්බ දැක්ක ).

    ඇත්තටම එෆ්බී එකේ ඉන්න එක ලියන එක වෙලාව අඩෙවෙන් යන, එක පාඅ වැඩ කීපයක් කරන ගමන් කරන්න පුලුවන් දෙයක්. ඒ කියන්නෙ එක බ්ලොග් එකක් බලල, ඒකෙ කමෙන්ට් කරල තව එහෙකට ගිහින් ආයි බලල වගේ වටෙ යනවට වඩා එක්කො ලැයික් එකක් දාල, පොඩි කමෙන්ට් එහෙකුත් දාල ඕනන්ම් චැටකටත් සෙට් වෙලා රවුමක් යන්න පුලුවන් පොඩි වෙලාවකින්. අනික ලෝඩ් වෙන යන වෙලාව, බයිට් වගේ ප්‍රශ්නත් අඩුයි මම හිතන්නෙ.

    ඒ කොහොම උනත් බ්ලොග් එහෙක තියෙන සංවාදයට පැතිරුන අවකාෂය වගේම මේ ලියන දී ආයි දවසක බලන්න තියෙන පහසුව වගේ දේ එක්ක එෆ් බී එකට වඩා මමත් කැමති බ්ලොග් එකට.

    හැබැයි ඇනෝල නැති, දන්න කියන අය පිරිවරා ගත්තු එෆ්බී එකේ වීරයො විදියට ඉන්න ලේසියි බ්ලොග් වලට වඩා. මොකද විරුද්ද මත දරන්නො සහ කරදර කාරයො බ්ලොක් කරල පාඩුවෙ ඕන බයිලයක් ගහන් ඉන්න පහසු නිසා.


    ReplyDelete
    Replies
    1. හැබැයි දුකා බුකියේත් වැඩිපුර නෑ නේද?

      Delete
  37. බ්ලොගයත් දුම් රියකි
    නගිනවා බහිනවා
    සමහරු යම් යම් හේතු නිසා
    බස් වල යනවා ප්ලේන්වල යනවා
    උඩ පනිනවා
    බිම වැටෙනවා
    දුම් රිය යන එක නවතින්නෙත් නෑ
    බස් කාර් ප්ලේන්වල යන අය නවතින්නේත් නෑ
    අපි කවුරු කවුරුත් යන එන විදිය
    තීරණය වෙන්න විවිධ කාරණා බලපානව
    මේ යන විදියට තමා යන්න වෙන්නෙ

    අපි නොයෙන අය ගැන සොයා බලන එක නම්
    කොච්චර හොඳද.
    ඒ ඇත්තන්ව ගෙන්වා ගැනීමට උදව් වෙනවා
    පත්තරේකත් ඉඩ ලැබිලා කියල දැනගත්තම
    යම් ආසාවක් ඇති උනා
    ඒත් එහි රින බලපෑමකුත් තියෙනවා
    කියලා හිතෙනවා

    ReplyDelete
  38. චාමි මගේ ප්‍රියතම ලියන්නෙක්. කොහොමත් අපි කැමති වෙන තරමට උන්ට ලියන්නත් එපා වෙනවා ඇති.
    බුද්ධි කියන්නේ අර කෙසෙල් කොටුවේ හාදයා නේද? මම හිතන්නේ තවම කාසි හොයනවා ඇති උන්දැ...

    මේ දවස් වල මගෙත් ප්‍රියතම කියවීම අරූගේ අඩවිය.

    ReplyDelete
  39. බ්ලොග් එකේ තියෙන නිදහස බුකියෙ නෑ කියල හිතෙනවා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.