Saturday 11 January 2014

ආලෝකයේ වේගය යනු කුමක්දැයි අත්දුටුවෙමි! - Just 355 more days to go!


අපේ බැචාලා පිරිසක් එක නිවාඩුවක ගියා තවත් බැචෙකුගේ ගෙදර. මට නං ඒ ගමන යන්න වුනේ නෑ.

ඔය වගේ ට්‍රිප් එකක් ගිහින් ආවාම ඉතිං මඩ කාඩ් කෝටියයි නේ.

ඒ දවස්වල කියවුණු ඒ වගේ එක කතාවක් තමයි, බැචා ගේ ගෙදරදී උදේට කන්න ඉඳිආප්ප දුන්නාම අපේ එකෙක් කොච්චර වේගයෙන් ඉඳිආප්ප කාගෙන කාගෙන ගියාද කියනවා නම් පිඟානේ ඉඳලා උගේ කටට නිකං සුදු පාට රේඛාවක් ඇදෙනවා විතරයි පෙනුණේ කියන එක. මූ ආලෝකයේ වේගයට සමාන වේගයකින් තමයි ඉඳිආප්ප ගහලා ඇරලා තියෙන්නේ.

ආලෝකයේ වේගයක් ගැන කියන්නේ ආලෝකය ගමන් කරන නිසානේ.

පොඩි කාලේ මට මතකයි කට්ට කළුවර රෑ කාලේ අපි තාත්තාගේ කෑලි හතරේ එවරෙඩි ටෝච් එක අරගෙන මිදුලට ගිහින් පත්තු කරනවා. එතකොට ටෝච් එලිය ඈතට විහිදෙනවා. ඔන්න එතකොට තමයි අපිට පෙනෙන්නේ ආලෝකය ගමන් කරන හැටි.

නමේ පන්තියේ දී විතර අබේසුන්දර නම් විද්‍යා ගුරුවරයා අපිට කියලා දුන්නා ආලෝකය ගමන් කරන්නේ සරල රේඛාවක බව. පොර විද්‍යාගාරයේ ජනේලවලට කළු තිර දාලා අපේ පන්තිවලට ඒ ගැන පරීක්‍ෂණ පවා කරලා පෙන්නුවා.

උසස් පෙල පන්තිවලදී භෞතික විද්‍යාවටත් ඒ සරල රේඛා තියරිය එලෙසම පාවිච්චි කළත් (මතකනේ උසස් පෙල අවුරුදු දෙකෙන් අවුරුදු එකහමාරක්ම ආලෝකය තමයි!), අපේ පිසික්ස් ගුරුවර මල්ලවාරච්චි අපිට කිව්වා ඇත්තටම ආලෝකය ගමන් කරන්නේ රේඩියලි කියලා, එහෙම නැත්තම් තරංග වගේ අරීයව විහිදෙනවා කියලා.

ඒ මොනවා ඉගෙන ගත්තත් ආලෝකයේ වේගය ගැන නම් නිවරදි අදහස මට ආවේ අද උදේ පාන්දර (ජනවාරි 11 සෙනසුරාදා) ඇහැරුණාමයි.

නව වසරේ දවස් දහයක්ම ගෙවිලා ගිහිල්ලා!

මට එකපාරටම හිතා ගන්න බැරිවුණා කොහොමද එහෙම වුණේ කියලා. එතකොටයි වැටහුනේ, ආලෝකයේ වේගය!

මං හිතන්නේ ආලෝකයේ වේගයත් එන්න එන්නම වැඩි වෙනවා කියලයි! අපේ පොඩි කාලෙට වඩා ඉක්මනින් දැන් දවස් ගෙවෙන්නේ ඒ නිසා විය යුතුයි.

පසුගිය දවස් දහයෙන් පහයක් ම ගෙදර හිටියා නිවාඩු පිට.

අඩු නැතුව නිදාගත්තා මිසක, හිතාගෙන හිටපු පොත් කියවීම්, අස්පස් කිරීම් එකක්වත් කරන්න ලැබුණේ නෑ. සිය පවුල එක්ක පොඩි විනෝද චාරිකාවක් යන්න කියාලා අදහසක් තිබුණත් ඒකත් අන්තිමේදී හබක් වුණා.

ඊළගට දවස් පහක් වැඩට ගියා.

මට දැන් අළුත් බොස් කෙනෙක් ඉන්නවා. ඇත්තටම එයා බොසියක්. ඒ එක්කම මට වඩා වයස වැඩියි. අඩු තරමේ අවුරුදු පහක්වත් වැඩි බවයි පෙනෙන්නේ.

නමුත් මං නව වසරේ කරපු එක අධිෂ්ඨානයක් තමයි බොසී මට වැඩිය දහයක් විතර වයසෙන් අඩුයි කියා මං හිතන බව එයාට හිතෙන්නට සැලැස්වීම!

නව වසරේ කරපු වැදගත්ම අධිෂ්ඨානය තමයි 2014 ජනවාරි මාසය පුරා ට්‍රයල් එකක් විදියට "මතට තිත" තියෙනවාය කියන එක.

මුල් දවස් තුන ආඩම්බරෙන් ගෙවා ගත්තා. කෑව, නෑවා, ටෙලියේ ක්‍රිකට් බැලුවා. බ්ලොග් කෙරුවාව කෙරුවා, කෑවා, නිදාගත්තා!

නමුත්, පසුගිය සෙනසුරාදා පිට පලාතක ඉන්න අවුරුදු හතරකින් නොදුටු මිතුරෙකු අපේ ගම් පළාතට ආව නිසා, පොරට රාත්‍රී කැමට අපේ ගෙදරට එන්න ආරාධනා කරලා අර නව වසරේ අධිෂ්ඨානය පොඩ්ඩක් විතර ලිහිල් කළා -මිතුරෙක් නිවසට ආපු දිනයක පමණක්- මද පමණින් දෂ්ඨ කරනවාය කියලා.

එදා ඉදලා ඊලඟ දවස් පහත් කල් ගෙව්වා ආඩම්බරෙන්. කොහෙමටත් වැඩට යන්නත් තිබුණානේ!

හොඳ වෙලාවට දෙයියෝ දුන්නා වගේ ඊයේ සිකුරාදා රාත්‍රියේ අපේ හොඳම හිතවත් පවුලක් අපේ නිවසට ආවා!

-කතන්දරකාරයා

ප/ලි:
නව වසරේ කරපු තවත් අධිෂ්ඨනයක් තමයි මේ දක්වා සතියයට දවස් තුනක් හතරක් කරපු ව්‍යායාමය සදහා ඇවිදීම ඊට වඩා ක්‍රමවත්ව කරනවාය කියන එක.

අන්න ඒ වැඩේ නම් නැගලා යනවා. ඔය උඩින් දාලා තියෙන්නේ මංතුමා දවසේ ව්‍යායාමයට සැරසිලා ඉන්න ෆොටෝ එකක්.

61 comments:

  1. මෙන්න බීමේ ආදිනව ගැන තවත් කතන්දර

    1. උඹෙ පෙම්බර මිනිහ කට්වෙලා - (සමහර) පිරිමි නැට්ටම වදින්න බොන්නේ ඇයි?
    http://kathandara.blogspot.com/2011/12/alcoholic-anonymous.html

    2. මටාටා ටිටා - රා බොමු ද?
    http://kathandara.blogspot.com/2011/04/blog-post.html

    3. රා බොමු, කවි කියමු!
    http://kathandara.blogspot.com.au/2013/04/vi-auguro-un-felice-anno-nuovo.html

    4. අරක්කු ඕනා කෝක් වානා
    http://kathandara.blogspot.com.au/2009/08/blog-post_14.html

    5. අරක්කු බොන්නෙ නැතුවට කමක් නෑ අපේ බයිට් එක ඉතුරු කරපං!
    http://kathandara.blogspot.com/2010/02/blog-post_08.html

    6. මේරේ සුරා මහිලා පමා දශ්ඨානා : මත්පැන් බීමෙන් කාන්තාවන්ට පව් වැඩියෙන් සිදුවේ!
    http://kathandara.blogspot.com/2013/04/booze-is-bad-for-babes-boo-hoo-boo-hoo.html

    ReplyDelete
    Replies
    1. 7. හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු!
      http://kathandara.blogspot.com/2013/05/amber-amber-everywhere.html

      8. ඇති පදං බියර් බොන්න පුළුවන්...!!!
      http://kathandara.blogspot.com/2011/07/day-i-visited-singha-beer-factory-in.html

      Delete
    2. කෙතරම් පොර ටෝක් දුන්නත් දුශ්චරිත ඇබ්බැහියක් තිබීම කෙනෙකුගේ ආත්ම ශක්තියේ මඳ බව පෙන්වන්නකි. දන්නෝ අනීති. සෙස්සෝ රැවටෙති. මත පැන් බොන්නාත් ඒ ගැන පොර ටෝක් දෙන්නාත් සුපිරි පොරක් නොව හිස් පඹයෙකි!

      Delete
    3. එදා දාන්නට අමතක වුණු තවත් සබැඳි කීපයක්.

      9. අති-විශේෂී පුද්ගලයෙකුට දුන් අති-විශේෂී තෑග්ගක්
      http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html

      10. තිතට මත!!! ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්! නෑ, නෑ, නෑ, නෑ, නෑ!!
      http://kathandara.blogspot.com.au/2009/11/blog-post.html

      11. පොඩි චීනෙට ගොස් පැමිණි හාමිනේගෙන් මට ලැබුණු තෑගි - KK is showered with presents
      http://kathandara.blogspot.com/2011/12/kk-is-showered-with-presents.html

      12. බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?
      http://kathandara.blogspot.com/2013/04/whats-lesser-evil.html

      13. රත්නායක මහත්තයා ගේ ඉටිරෙද්ද : Kabara-proofing Ramani Method
      http://kathandara.blogspot.com.au/2011/10/kabara-proofing-ramani-method.html

      !!!

      Delete
  2. සිරාවටම දවසු 10ක් ගියා දැනුනෙවත් නෑ.පෝස්ට් එක කියෙව්වම තමයි ඒකත් කල්පනාවට ආවේ

    ReplyDelete
  3. පහ වැඩිත් එක්ක

    ReplyDelete
  4. හෙහ්...හෙහ්...ඒකියන්නෙ ඊයෙත් තිතට මත....
    මම නම් කරන්න බැරි මගුලේ අදිෂ්ඨාන කරන්නෙ නැහැ අප්පා.....
    සතියට දවස් තුන හතරද....?
    මම නම් සතියෙ දින හතේම....

    ReplyDelete
    Replies
    1. කකා මට හිතෙන විදිහට කෙන්ජි කියන අසහන ෆේක් පොරව මේ බ්ලොග් රෝලෙන් අයින් කරන්න කාලෙ හරි...... මූ බ්ලොග් කරුවන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් යනවා..... මානසික රෝගීන්ට වැජඹෙන්න දෙන්න එපා.......

      Delete
  5. //කතන්දර
    එක්තරා බ්ලොග්කාරයෙක් කැම්පස් විභාගයකින් ෆේල් වූ බව හෙලිදරව්වේ! - What a shame!
    2 days ago//

    කකා ඔ‍හේ‍ගෙ බ්‍‍‍ලොග් එක ඔ‍හේ‍ගෙම ‍රෝ‍ලෙ අප්‍ඩේට් ‍වෙලා නෑ!

    ReplyDelete
  6. මට නං නැගල ගියේ පුරාණ කතා ටිකේ ලින්කටු ටික තමා.. හැක්

    ReplyDelete
  7. හොඳ වෙලාවට එයා ආවේ නැත්තං අධිශ්ටානය බිඳින්නේ නැතුව ඉන්න එපැයි...
    "//අඩු නැතුව නිදාගත්තා මිසක, හිතාගෙන හිටපු පොත් කියවීම්, අස්පස් කිරීම් එකක්වත් කරන්න ලැබුණේ නෑ. සිය පවුල එක්ක පොඩි විනෝද චාරිකාවක් යන්න කියාලා අදහසක් තිබුණත් ඒකත් අන්තිමේදී හබක් වුණා."//
    අපරාදේ කියන්න බෑ නිවාඩු දවස්න්ම් ගෙවෙන්නේ ඔය විදිහටම තමා

    ReplyDelete
    Replies
    1. මෙන්න අධිෂ්ඨානය ඇත්තෙක්. ඇයි කකාට බැරි මෙයත් ඔයා වගේම පේරා එක්කෙනක් තමා. එයාට හැකි නම් ඇයි කකාට බැරි.
      ඒ වගේම මං නං ඔය අධිෂ්ඨාන කරන්නේ නෑ.

      Delete
    2. අරක්කු නැති ජීවිතේ ප‍රිප්පු නැති හෝටලේ ව්ගේ බොලව් !!!

      Delete
  8. මේ අවුරුද්දේ කාලය ගතවීමේ වේගය නම් වැඩිවෙලා තියෙනවා වගේ. දැනුනේ නැහැ.

    ReplyDelete
  9. ඒක නම් ඇත්ත හරි ඉක්මනට කාලය ගෙවිලා ගිහින් දවස් 10 ගිය ඉක්මන..
    ඇවිද්ද පය දහස් වටී..කශූ ගෙ වටිනාකම තව ඉහල යයි...

    ReplyDelete
  10. මඳ පමනින් ගත්තට කිසි අවුලක් නෑ කකා !!!

    ReplyDelete
    Replies
    1. දාපං මල්ලියේ පහක්

      Delete
    2. මේ ඉන්නේ අගේ දන්න මිනිස්සු !!

      මෙන්න 10ක් නලින් අයියා !!

      Delete
    3. දාන්න 375 ක් !

      Delete
    4. ප්‍රා ජේ

      චියර්ස් !!!

      Delete
  11. //නමුත් මං නව වසරේ කරපු එක අධිෂ්ඨානයක් තමයි බොසී මට වැඩිය දහයක් විතර වයසෙන් අඩුයි කියා මං හිතන බව එයාට හිතෙන්නට සැලැස්වීම!// මේක හොද ප්‍රාර්ථනයක් කාකා තුමණි.. සතියට සැරයක් වත් යාලුවෙක් එනවනම් ඔයාට නියමයි...
    උඩ තියෙන කකුල් දෙක සුදුයි.. ඔයා මං හිතුවට වඩා සුදුයි වගේ :D

    ReplyDelete
    Replies
    1. සුදු ගවුමෙ ඇයි
      මඩ ගෑවුනේ ,,
      දැන්නම් ඉතින්
      අම්මා බනී නංගෝ !!!!!!!

      Delete
    2. ඇයි මල්ලි එහෙම කිවේ ? ඒක නෙමේ කෝ අනේ පිල්ලි මුන්නා දැකපු කාලයක් මතක නැහැ ,, මාව ඔයාලගේ සංගමේට ගත්තත් හරි සංගමේ කාවවත් දැක්කේ නැහැ ඉදගෙන

      Delete
    3. මං ඉතින් සිංදුවෙන් ඉන්න මනුස්සයා නොවැ !!පිල්ලියාට එග්සෑම් එකක් කීවා අක්කෙ.ලබන මාසෙ දිහෑට එන්නං කීවා..ආං කෙන්ජි මාමගෙ බ්ලොගේ මේල් එක දාලා ගියා ඊයෙ !!

      Delete
    4. හ්ම්,, මං මේලක් දාන්නම් thanks බබෝ ;)

      Delete
    5. මේ අපූරිත් මට වැඩිය අවුරුදු දහයක් බාලයි නේ

      Delete
    6. හෑහ්හ් අම්ම්බෝ හරියටම දෙගුණයක් වැඩි බොරු කියන්න එපෝ

      Delete
  12. අර උඩ පින්තූරෙ ඔයාමද ඉන්නෙ ?

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. MAMA GIYA VISSA VIJJALE PROFESA APATA VATHAYE VEGAYA MANINNA KIYA DUNNE HARI APOORU KARAMEKATA I.E.:

    JOKA GALAWANAWA,
    PUKATA METER EKAK SAVIKARANAWA,
    PADA ARINAWA,
    ETHAKOTA EHI WEGAYA SATAHAN WENAWA,
    E ANUWA GANAN HADAGANNAWA.

    ReplyDelete
    Replies
    1. මෙන්න දවසේ කමෙන්ට් එක !

      Delete
  15. බොන එවාට නීතී රීතී දා ගන්නේ ඒක සරීර කූඩූවට ඇත්තටම හොද නෑ කියලා හිතලද නැත්තං කකාගේ ඉතුරු බිතුරු සංස්කෘතික වහල් කමක් හිනදද?නැත්තං පොකට් එකට හොද නෑ කියලා හිතිලා වගේ වෙන හේතූවක්ද?

    ReplyDelete
  16. හුරේ කකා !!!

    විල්ලුද පුංචි දෙපා ...

    කලුකර ගන්න එපා ..

    අව්වට යන්න එපා .. දාවලේ ..

    අවලස්සන වේවී සිරියාවී . . . !!!!

    ReplyDelete
  17. niwaadu kalayakadi karanna plan karapu ewwa niwaduwa iwara wenakan karanna bari wenne moko mandaa?

    ReplyDelete
  18. කිව්වත් වගේ දවස් ගෙවෙන්නේ ආලෝක වේගෙන්ද කොහෙද...

    කොහොම වුනත් අවුරුදු අධිෂ්ඨාන ටික නම් හොඳයි...

    ReplyDelete
  19. හයියෝ මම ඔය පැත්තේ එන අදහස අත්හැරියා. කකුල් දෙකේ මයිල් ඉස්මයිල් වෙලා.

    ReplyDelete
  20. නියර ඔහොමනං කුඹුර කොහොමට ඇද්ද!

    ඔය සපත්තු නයාගෙ වරිගෙ මොකද්ද? ලස්සනට ඉන්න්ව ඒකයි ඇහුවෙ.

    //
    හොඳ වෙලාවට දෙයියෝ දුන්නා වගේ ඊයේ සිකුරාදා රාත්‍රියේ අපේ හොඳම හිතවත් පවුලක් අපේ නිවසට ආවා!//


    පස්සෙ සෙන්ටිමීටරයක් ඇදබෑව!

    ReplyDelete
  21. මගේ යාළුවෙක් ඉන්නවා දෙසැම්බර් 31 බීම නතර කරනවා.. ඇඟට අමාරුයි කියලා ජනවාරි පළවෙනිදා ආයෙත් පටන් ගන්නවා.

    සප්ත්තුවේ බ්‍රෑන්ඩ් එක පේන්නේ නැතිව, ව්‍යායාම කිරීම ගැන අදහස් දක්වන්න අමාරුයි.. හොඳ බ්‍රෑන්ඩ් එකක් නම් අවුලක් නෑ..

    ReplyDelete
  22. /////හොඳ වෙලාවට දෙයියෝ දුන්නා වගේ ඊයේ සිකුරාදා රාත්‍රියේ අපේ හොඳම හිතවත් පවුලක් අපේ නිවසට ආවා!////////
    මම බොන එක නවත්තන්න ඕන කියලා හිතන කාලයට ...හිත යටින් ප්‍රාර්ථනා කරන දෙයක් තමයි කකාට වෙලා තියෙන්නේ.

    ReplyDelete
  23. සෑම සතිඅන්තයකම කකාතුමාගේ හිතවතෙකු කකාතුමාගේ නිවසට පැමිණේවා :D

    ReplyDelete
  24. ඈ!!! අද එකොළහද?
    දවසකට පැය 24ක් නැද්ද කොහේද?

    ReplyDelete
    Replies
    1. කකා සැහෙන්න අනුමත වේලා වාගේ.කොමේට් අනුමත කරන එකත් අල්ලලා දාලා

      Delete
  25. කකා පහුගිය දවස් ටිකේ බොහෝම සං‍තෝසෙන් ඉඳලා තියෙන්නේ...
    හිතේ සතුටින් ඉඳ්දී වේලාව යනවා දැනේන් නෑලූ....

    කොමේට් කො‍ටුවේ මං අහපු පොඩි කතන්දරයක් දාන්න අවසරයි.
    අර අයිස්ටයින් ඉන්නවානේ.....ඔව් ..ඔව්...ඇල්බට් උන්නැහේ තමයි....උන්දෑ සාපේක්ෂතාවාදය හොය ගත්ත කාලේ උන්දෑ ගැන සැහෙන්න පත්තරේ එහෙම යන්න ගත්තලූ....
    පත්තරේ ඇල්බට් උන්නැහේගේ ෆොටො එකත් එක්ක සාපේක්ෂතාවාදය කියලා එකක් හොයා ගත්තා කියලා යන්න පටන් ගත්තම,උන්දෑ හිටපු ගමේ මිනිස්සු හිතුවලූ...
    "යකෝ ඇල්බට් උන්දෑ අපේ ගමේ මනුස්සයා වෙච්චී...පිටගම්කාරයෙක් උන්දෑ හොයා ගත්ත අහවල් ඒක ගැන අහලා හරි උත්තරයක් දෙන්න බැරි වුනොත් වස ලැජ්ජාවයි..."
    කියලා හිතලා ගමේ පියතුමයි,,,,ෂේරිෆුයි.....මුල් කරගෙන ඇල්බට් උන්නැගේ ගෙදර ගියාලූ....සාපේක්ෂතාවාදය ගැන ඉගෙන ගන්න...
    අල්බට් උන්නැහේ කල්පනා කරලා බැලුවලූ...මේ ගැමියෝ ඒ හැටි ඉහළට ඉගෙන ගත්ත උන්දෑලාත් නෙමේයි....උන්දෑලාට කොමේයි සාපේක්ෂතාවාදේ කියලා දෙන්නේ කියලා....
    අන්තිමට ඇල්බට් උන්නැහේ මෙහෙම උත්තරයක් දුන්නලූ...

    "මට බොහෝම සං‍තෝසයි...තමුන්නැහෙලා සාපේක්ෂතාවාදය ගැන අහ ගන්න ආපු එකට.....හැබැයි සාපේක්ෂතාවාදය කියන්නේ ඒ හැටි ගැඹුරු දෙයක් නෙමේයි....තමුන්නැහෙලා හිතන්න ඕනෑ එක මිනිත්තුවක් ගැන.....
    එක මිනිතුවක් ලස්සන කාන්තාවක් එක්ක ගත කරද්දී ඒ මිනිත්තුව දැනෙන විදිහයි.....එක මිනිත්තුවක් රත් කරපු යකඩයක් උඩ වාඩිවේලා ඉද්දී මිනිත්තුව දැනෙන විදිහයි ගැන ...තමුන්නැහෙලා දන්නවා නොවෑ...මොන මිනිත්තුවද ඉක්මනට ගෙවෙන්නේ කියලා...අන්න ඒකටයි සාපේක්ෂතාවාදය කියන්නේ කියලා...
    ........හැබැයි කකා පිටර ඉද්දීනම් සතුටින් හිටියත් නැතැත් කාලේ නම් හිතන්න බැරි වේගයකින් ගෙවිලා යනවාද කොහේද.......

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒක ඇත්ත වෙන්න ඕන. උදාහරනෙකුත් තියෙනවා නෙව (කකාට ඇලජික්) බුද්ධාගමේ. ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට තියෙන සතුට කොච්චරද කියනවා නං වෙලාව යනවා තේරෙන්නේ නැහැ වගේම කන්න බොන්න වත් මතක් වෙන්නේ නැහැ කියවන නෙව. අන්තිමට කල්ප ගණන් ගෙවිලා ගිහිල්ල චුත වෙනකං දන්නේ නැහැ. ඒ වගේම අවිචියේ දිනයක් පෘතුවි දින කෝටි ගානක් කියනවා නෙව. විඳව විඳව ඉන්නවා. වෙලාව යාමක් නැහැ.

      දිවිය ලෝකේ කොහෙද ? අපාය කොහෙද ?

      Delete
  26. ***** සයිලන්ට් සහන් ගේ ටොප් සීක්‍රට් චන්ද්‍රිකාවේ සංස්කරණය නොකළ දර්ශන *****

    http://anduravinivida.wordpress.com/2014/01/11/skeletons-silentsahan/

    බයිද වේ කකා, අර ඉඳි ආප්ප සීන් එකට ආලෝකයේ වේගෙන් කන්න ඕනෙ නෑ 1//25s වගෙ වේගයක් ඇති.

    http://en.wikipedia.org/wiki/Persistence_of_vision

    ReplyDelete
    Replies
    1. හෙහ්හ්හ් හෙහ්හ්හ් මට තව හිට්ස් ටිකක්.. :D

      ඉන්දික උපශාන්ත මහත්තයා සහ විශ්ව රංගනාත් මහත්තයා මේ උඩින්ම ඉන්නේ... සියල්ල පැහැදිළියි ...ඔන්න බලන්න තව ටික කාලෙකින් කියයි මේ සයිට් එක කරන්නෙත් සහන් තමයි ... සහන් දාපු වීඩියෝ ගැන සහන් ඇර වෙන කව්ද දන්නේ කියලා... :P

      අනේ මචන් මේ පෝස්ට් එක ගැන මගේ ස්තූතියි... දැන් ඉතින් කට්ටියම ගිහින් පොඩි ආතල් එකක් ගන්ට ... හිට්ස් ෆලෝ එනවා තව ටිකක් මේ වැඩෙන්... :D

      Delete
    2. මේ වගේම "මට තව හිට්ස් එනවා" කතා ගාල්තැන්නෙ කපුවත් කිව්වා නෙත් එෆ් එම් සීන් එකට පස්සේ!

      හැබැයි එයා නම් සහන් ඔයා වගේ කලින් "හිට්ස් තම්බල කන්නද" කියල අහපු කෙනෙක් නෙවෙයි.

      මම ඉන්දිකට ගරු කරනවා ඒ මනුස්සයගෙ කෙලින් ගතියට, විශ්වටත් ගරු කරනවා වැරැද්දක් දැකපු තැන කතා කළාට, ඒත් අසරන මගේ තති මහන්සියේ ගෞරවේ ඒ දෙන්නට දෙන්න එපා. මේකත් බලල කියන්න කො මම විශ්ව ද ඉන්දික ද කියලා?

      http://anduravinivida.wordpress.com/faq/#aruni

      Delete
  27. අපි යන්නේ හිතේ වේගෙන්. හිතට ආලෝකයට වඩා වේගෙන් ගිය හැකි.
    හැබෑට කකා මෙච්චර සුදුද? :D :D :D

    ReplyDelete
    Replies
    1. රතු පාට කාර් තැඹිලි පාටින් පෙන්නන මේ කාලේ කකුලක් ටිකක් සුදු කරලා පෙන්නන එකත් වැඩක්ද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. "අපි යන්නේ හිතේ වේගෙන්. හිතට ආලෝකයට වඩා වේගෙන් ගිය හැකි"
      @PK, .කොයිතරම් වේගවත් (fast) වුනත් කාන්තවකට එහෙම කියන එක හරි මදි නේ?
      (Even when she is hitting on a blogger- "කකා මෙච්චර සුදුද? ")

      Delete
  28. @ All
    සියළු දෙනාටම ඉතා ස්තුතියි.

    කාලය කොච්චර වේගයෙන් ගතවෙනවාද කියනවා නං කමෙන්ට් කියවූයේද දුවන ගමන් මොබයිල් එකෙනි.

    ReplyDelete
  29. අපි නම් මතට තිත තිබ්බා...ශරීර කූඩුව ගැන හිතලා... හැබැයි වෙන උන් බොන දිහා බලන් ඉඳලා. උන්ට කියලම කෙල ඩිංගක් ගිලින්න නම් අමතක කරන්නේ නෑ... හිහ් හිහ්...

    කකා දිව්වට විතරක් මදි... කෑම එහෙමත් පාලනේ කරන්න ඕනි... නැත්තන් ඔය දුවන එකෙන් කිසි වැඩක් වෙන්නේ නෑ... :)

    ReplyDelete
  30. මමත් මද පමණට කියල හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේ .

    ReplyDelete
  31. //නව වසරේ දවස් දහයක්ම ගෙවිලා ගිහිල්ලා!
    මට එකපාරටම හිතා ගන්න බැරිවුණා කොහොමද එහෙම වුණේ කියලා. //

    ඔහොම time loss වෙන්නේ පිටසක්වළ පැහැරගැනීම් වලට ලක් උනාමලු. කතන්දර බලන්න බෙල්ලේ චිප් එකක් එහෙම තියෙනවද කියල :D :D . (මෙහෙම දේවල් හිතෙන එක පොඩි කාලේ ඕනෑවට වැඩිය x-files බැලීමේ ආදීනවයක් බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
  32. "ඇත්තටම එයා බොසියක්. ඒ එක්කම මට වඩා වයස වැඩියි. අඩු තරමේ අවුරුදු පහක්වත් වැඩි බවයි පෙනෙන්නේ"
    තරහ අවසර KK දෑන් wig එකක් පාවිච්චි කරනවද?

    ReplyDelete
  33. ආලෝකයේ වේගය ගැන හොඳටම වැටහුණේ මුලින්ම සර් කෙනෙක්ගෙන් කම්මුල් පාරක් කාපු වෙලාවක මම හිතන්නේ. අතක් මගේ කම්මුල පැත්තට එනව දැක්කා... නැමෙන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. ඊට පස්සෙ අත හෙමීට පහලට වැටෙනවත් දැක්කා... තත්පරයක් විතර ගියා.... කම්මුල රත්වේගන රත්වේගන එන්න පටන් ගත්තා...

    ReplyDelete
  34. කකා.... සහන් කියන අසහන කාරයාට කෙලවීම ගැන පෝස්ට් එකක් දාන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනිවා මූ මොනවා හරි ලියලා දාවි. කකා කියන්නෙ මහ අවස්ථාවාදී තට්ටයෙක්.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.