Sunday 25 December 2011

ආත්මාර්ථකාමීව හොඳ ළමයෙක් වෙන්න හිතන්න නම් එපා! අනෙක් අය ගැනත් හිතලා නරක ළමයෙක් වෙන්න!! - Think about others and be a bad person!!!


ඔන්න එක තාත්තා කෙනෙක් පුංචි පුතෙකුට දීලා තියෙනවා පුංචි කෑලිවලට කපපු ලෝක සිතියමක් කෑලි හරියට තියලා හරිගස්සන්න. අර ජිග්සෝ කියන්නේ.

ඉතිං පුතා පැයක් විතර ට්‍රයි කරලා තියෙනවා, හැබැයි හදාගන්න බැරිවෙලා. මොකද මෙයා තාම පොඩි ළමයෙක් නේ, ලෝකේ ගැන හරි අවබෝධයක් නෑ.

අන්තිමේදී මේ කෑලි එහෙට විසි කරන කොට කොල්ලා දැකලා තියෙනවා, ලෝක සිතියම එහා පැත්තේ මිනිහෙක් ගේ පින්තුරයක් තියෙන බව.

ඉතිං මේ පුතා කරලා තියෙන්නේ තමන් දන්න මිනිස් රූපය හරියට කෑලි ගලපලා හදන එකයි.

තාත්තා ආපහු ඇවිත් බලන කොට පුතා ලෝක සිතියමේ ජිග් සෝ එක හදලා. තාත්තාට හරි සතුටුයි.

"පුතේ ඔයාට අමාරු වුනාද ලෝක සිතියම හදන්න?"

පුතා තාම පොඩි එකානේ බොරු කියන්න දන්නේ නෑ.

"මුලදී අමාරු වුනා තාත්තේ, පස්සේ මං දැක්කා අර අනිත් පැත්තේ තියෙන මිනිහා ගේ රූපේ. ඉතිං මං මිනිහාව හැදුවාම ලෝකේ ඉබේම හරියට හැදුණා!"

තාත්තාට දැන් තවත් සතුටුයි.

"ආන්න බලන්න පුතා, මිනිහා හැදුණාම මුලු ලෝකෙම හැදෙන හැටි. අපි එකිනෙක්කෙනා හොඳ වුණොත් මුළු ලෝකෙම හොඳම හොඳ තැනක් වෙනවා!"

තාත්තා කතාව අවසාන කළා.

නිමි?

අපෝ නෑ, නිමි නෑ!

දැන් බලමු මේකේ ප්‍රායෝගික තත්වය.

ලංකාවේ හැමෝම හොඳ වුනාය කියලා හිතන්න.

දැන් කවුරුත් වැරදි කරන්නේ නෑ. හොරකම්, අඬ දබර, මීනී මැරීම්, දුෂණ, චංචා, අල්ලස්, කුඩු, ගංජා, හොර මත්පැන්, ගණිකා නිවාස සේරම නැතිවෙනවා.

ඔන්න ඉස්සෙල්ලාම පොලීසියේ සෑහෙන දෙනෙකුට ජොබ් නැතිවෙනවා. නැත්තං ඒ ගොල්ලන්ව එලෝළු විකුණන්නවත් දාන්න වෙනවා.

කංසා වවලා, ඒවා ප්‍රවාහනය කරලා, බෙදා හැරලා කී දෙනෙක් ජීවත්වෙනවාද? ඒ හැමෝටම ජොබ් නැති වෙනවා!

ගණිකා නිවාසවල වැඩ කරන ගෑණුන්ට ජොබ් නැතිවෙලා ගෙදර නතරවෙන්න වෙනවා. පිම්පියෝත් බර ගාණක් රැකියා විරහිත වෙනවා. ඇයි එතකොට වීලර් එලවන අය?

ලංකාවේ දවසකට ගබ්සා දාස් ගාණක් කෙරෙනවා කියනවානේ. ඒ සේරම තැන්වල වැඩ කරන දොස්තරලා, ක්වැක්ස් ලා, නර්ස්ලා හැමෝටම ජොබ් නැති වෙනවා.

ඇයි එතකොට ලෝයර්ස් ලා, නඩුකාරයෝ, ජේලර්ලා. අනේ පවු, ඒ ගොල්ලන්ගේ බඩ ගෝස්තරේටත් කෙලින්ම පහර වදිනවා.

ස්වර්ණවාහීනී, සිරස වගේ තැන්වල වැඩකරන අයටත් හුලං තමයි!

ඇයි, බැලුම්ගල? ඒ වෙනුවට මුවන්පැලැස්ස, මොනරතැන්න, වජිරා, ලන්දේසි දූපත, හන්දියෙ ගෙදර, ගුවන් විදුලි රඟමඩල රිපීට් බ්‍රෝඩ්කාස්ට් දාන්න වෙනවා.

දැන් ඉතිං මේ අනුව අපේ දේශපාළුවෝ සහ නිලධාරීයොත් සේරම මිස්ටර් ක්ලීන් ලා වෙලානේ. ලංකාඊනිවුස්, ලංකානිවුස්වෙබ් වගේ ඒවා එක්කෝ වහලා දාන්න වෙනවා. නැත්තම් ඒ ගොල්ලන්ටත් වෙන්නේ නිකං පරණ කතන්දර ලියන්නයි.

කැරෝකි ක්ලබ්, නයිට් ක්ලබ්, පිටරට යුනිවසිටිවලට සිසුන් බඳවා ගන්නා තැන් වගේ සුළු පරිමානයේ බිස්නස්වලටත් පහර වදී නේද?

අනේ මන්දා, මේ සේරගෙන්ම වෙන්නේ රටේ ආර්ථිකය කඩන් වැටිලා රට ප්‍රපාතයට යන එකයි!

මෙහෙම බලාගෙන යනකොට අපි හොඳ ළමයි වෙන එක හරිම ආත්මාර්ථකාමී වැඩක් නේද?

පරාර්ථකාමී වෙන්න ළමයිනේ!

-කතන්දරකාරයා

ප/ලි:
මෙහෙම කිව්වට මාත් හැම තිස්සෙම හොඳ වෙන්න බලන පොරක්!

ප/ප/ලි
සැමට ජොලි ගුඩ් නත්තලක් වේවා!

http://acliltoclimb.blogspot.com/2010/03/capitals-of-world-online-quiz.html)

68 comments:

  1. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්.....

    //දැන් කවුරුත් වැරදි කරන්නේ නෑ. හොරකම්, අඬ දබර, මීනී මැරීම්, දුෂණ, චංචා, අල්ලස්, කුඩු, ගංජා, හොර මත්පැන්, ගණිකා නිවාස සේරම නැතිවෙනවා//
    එහෙනං මේවයි මේ නරක වැඩ කියල කියන්නෙ

    ReplyDelete
  2. @ Observer
    ඒ කියලා තියෙන්නේ නරකම වැරදි වැඩ ටිකයි. අනිත් ඒවා ගැනත් ඔය ටිකම තමයි.

    ReplyDelete
  3. A typical example of a 'inside the box' thinking pattern.

    If some jobs tend to lose but, more will be created. Typical example is the computerization of the office/industry. Some jobs like typists/secretaries have been replaced by IT service specialist.

    ReplyDelete
  4. කතන්දරගෙ ideal චින්තනේ නිසා, හොඳට ඉන්න අයත් නරක් වෙයිද දන්නෑ...මම නම් හිතන් හිටියෙ අර කියපු ළමයගෙ මේ තාත්තා ලෝකෙම හොඳ වෙන එක ගැනවත් නරක් වෙන එක ගැනවත් හිතලා නෙවෙයි ඒ කතාව කිව්වෙ...

    තාත්තා අදහස් කලේ කාට හොඳ වෙන්න බැරි වුනත් තමන්ගෙ පුතාටවත් හොඳ මිනිහෙක් වෙන්න පාර පෙන්නන ඕනි කියලා..

    මේකට අතුරු කතාවක් මේ කියන සිතියම් කතාව මට නිතරම මතක් වෙනවා අර පත්තරෙ යන “පොලිතීන් බෑග් දෙවරක් පාවිච්චි කරන්න එවිට මුළු ලෝකයේම පොලිතින් භාවිතය බාගයක් වනු ඇත..“

    “කතන්දර කාරයාටත් ආදරණීය පවුලටත් ජොලිගුඩ් නත්තලක් වේවා..“

    ReplyDelete
  5. @ Anonymous December 25, 2011 7:33 AM
    Aren't we all have become typists now?

    ReplyDelete
  6. @ රූ
    මේ කතන්දරේ තුලින් මං මතු කරන්න උත්සාහ කරපු උත්ප්‍රාසය ගැන ඇහැට ඇඟිල්ලෙන් ඇනලා කියලා පාඨකයින්ගේ බුද්ධියට නිගා කරන්න මං කැමති නෑ.

    නත්තල් ජය ඇතැයි සිතමි.

    ReplyDelete
  7. කතාව තේරුනාට යටින් කියවෙන දේ මොකද්ද කියල හරියටම තේරුනේ නෑ වගේ..
    :/

    ReplyDelete
  8. අම්මේ ඇඟ සීතල වුනා. මෙහෙමත් දේවල් සීතට හිතෙන දේවල්ද මන්ද?

    ReplyDelete
  9. ලංකාවේ හැමෝම හොඳ උනොත් රනිල් කරුට එ.ජා.ප නායක කම දෙයිද? :D

    ක.කා අයියාටත් පවුලේ හැමෝටමත් සුභම සුභ නත්තලක්!

    ReplyDelete
  10. "Aren't we all have become typists now?"

    But titles like "Business Analyst" sound far better right?

    ReplyDelete
  11. @ ගිනි කුරුල්ලා
    වැඩිය දරුණුවට හිතන්න යන්න එපා!

    ReplyDelete
  12. @ මහ වෙදනා
    මොන සීතලක්ද? ෆැන් එක දාගෙන නිදාගත්ත් ඊයේ රෑත්

    ReplyDelete
  13. මේවා කියවලා අපි නම් නරක් වෙයි මීට වඩා !?
    නත්තල සමරන හැමෝටම සුභ නත්තලක් වේවා... අපිත් සමරන්න හිතා ගෙන ඉන්නවා හවසට !

    ReplyDelete
  14. @ පූසා
    නායක කං දෙන්න බූදලයක්ද?
    නායකත්වයට බහුතර කැමැත්තෙන් තේරී පත්විය යුතුයි!

    ReplyDelete
  15. @ මා ප්‍රිය කැල්ගරි ඇනෝ
    Manager Business Systems sounds much better.
    Even better than Senior Lecturer or Engineer.

    ReplyDelete
  16. @ මා ප්‍රිය කැල්ගරි ඇනෝ (aka Narcissism Ano)
    I just updated my linked in. Check it out.

    ReplyDelete
  17. "Manager Business Systems sounds much better.
    Even better than Senior Lecturer or Engineer."

    That is what you think...
    Because you don't have a PhD....

    ReplyDelete
  18. @ මා ප්‍රිය කැල්ගරි ඇනෝ (aka Narcissism Ano)

    Negative.

    That's because, I have previously held those two positions.

    BTW, thanks to you I am updating my LinkedIn. Why dont you link me?

    ReplyDelete
  19. චැහ්.. මගේ ගෑණිට මේක තේරෙන්නෙ නැති හැටි...

    ReplyDelete
  20. මම ලෝක සිතියම් ජිග්සෝ එක දැකපු ගමන් මතක් වුනේ ඉස්කෝලෙ කියලා දුන්නු සිතියම එහා පැත්තෙ ළමයෙක් හිටපු කතාව...ඊට පස්සෙ බලද්දි කතන්දර කියලා තියෙන්නෙත් ඒකමයි...

    දෙවෙනි කතාවට එනවනම් මීට අවුරුදු 5කට විතර කලින් මම කියෝපු පත්තරේක තිබ්බා හොරු ස්ට්‍රයික් කරොත් මොකද වෙන්නෙ කියලා ඒකත් මතක් වුනා. අන්තිමේ ලෝකෙ මිනිස්සුන්ට හොරුන්ගෙන් ඉල්ලා හිටින්න වෙනවා ආයෙ හොරකම් කරන්න කියලා...

    ReplyDelete
  21. අර බැලුම්ගල වෙනුවට දාන්න වෙන ගුවන්විදුලි වැඩසටහන් ටික තමා මගේ සිත් ගත්තේ.

    ReplyDelete
  22. උත්ප්‍රාසය තේරුම්ගන්නා ලෙස කතන්දර කළ ඉල්ලීමට ගරු කර එය තේරුම් ගනිමි.
    මේ උපමා කතාව (ලෝකය සෑදීමට නම් පළමුව මිනිසා සෑදිය යුතු බව)මඩිහේ පඥ්ඥාසීහ ස්වාමීන් වහන්සේ ගේ දම් දෙසුමක් නේද?

    ReplyDelete
  23. පට්ට ආතල් අද කමෙන්ට්ස්... :)

    ReplyDelete
  24. හොහ් හොහ් ෆලෝ මී........!!
    මම කොච්චර උත්සාහ කරනවද නම තියාගෙන් ඉන්න

    ReplyDelete
  25. කැල්ගරි ඇනෝටත් ලෝක සිතියමක් දෙමුද?

    ReplyDelete
  26. @ සුළඟිල්ල | pinkie
    බ්ලොග් බලන්න පුරුදු කරවන්න ඉස්සෙල්ලා!

    ReplyDelete
  27. @ හරි
    මුල් කතාව මං කියෙව්වේ වගේ එකක තිබිලායි.
    දෙවෙනි කතාව මට හිතුනේ ලංකාවේ මේ පහුගිය දවස්වල වුනු දේවල් දැකලයි!

    ReplyDelete
  28. @ Raigama
    මුවන් පැලැස්සෙත් කදිරා නැති වෙයිද මන්දා?

    ReplyDelete
  29. @ ජයශ්‍රී
    ස්තුතියි!
    ඒ ගැන නම් දන්නේ නෑ.

    ReplyDelete
  30. @ Beetle
    හබන් කුකුළන්ට රජ මගුල්!

    ReplyDelete
  31. @ නරකයා
    මං නං හොඳ වෙන්න බලන කෙනෙක්!
    http://kathandara.blogspot.com/2010/05/blog-post_27.html

    ReplyDelete
  32. @ ඉන්දික උපශාන්ත
    දවසේ තෑගි මල්ල ඔබටයි!

    ReplyDelete
  33. අහෝ දෙවුදත් දැකපි මොත්පුර...

    ReplyDelete
  34. (Traffic Ano)
    කතන්දර ඇතුළු පවුලේ සැමටත්, දකුණු කුරු දිවයින ඇතුළු මේ ධර්මද්වීපයෙන් පිට ඉන්න සියළු දෙනාටත් මෙහේ ඉන්න අපටත් සුභ නත්තලක් වේවා! ආ‍ මේන්!
    (පිටරට ඉන්න අයට; මේ නත්තල මට මතක ඇති කාලෙක තිබුනු සීතලම නත්තලද මන්දා)
    මේ කතන්දරය සහ සමහර කමෙන්ට් දැකපු මට මතක් වුනේ ලංකාදීප පත්තරේට අමිත අබේසේකර දාල තිබුනු කාටූන් එකක්.
    රූපය- ජාතික ඇඳුමෙන් සැරසුණු දේශකයෙක් කථාවක් පවත්වනවා එක අතකින් දියරයක් සහිත වීදුරුවක් ඉහලට ඔසවා පෙන්වමින්, අනෙක් අතින් යමක් වීදුරුවට දාලා අත අහකට ගනිමින්.
    මිනිස්සු අහගෙන ඉන්නවා ඉඳගෙන. එක්කෙනෙක් නැගිටලා යමක් අහනවා.
    දෙබස මෙහෙමයි
    දේශකයා- බලන්න පින්වත්නි මං අර පණුවා මත් වතුරට දැම්මා විතරයි ඌ මැරුණා. බලන්න මත්පැන් මොන තරම් විසද කියල.
    අසා සිටින්නෙක් - මහත්මයා, මොනවද ඔය මත්පැන් වර්ගය?
    දේශකයා- ඒ කුමකටද පින්වත?
    අසා සිටින්නා- නෑ, මට පණු අමාරුව තියෙනවා.

    ReplyDelete
  35. පරාර්ථකාමී වීමට තදින් සිතට ගතිමි. මා නිවැරදි මගට යොමු කල කතන්දරට මගේ ප්‍රනාමය

    ReplyDelete
  36. නත්තලට සිතන්න යමක්....හ්ම්ම්ම්...

    නරකයි කියන දේවල් ...හොරකම්, අඬ දබර, මීනී මැරීම්, දුෂණ, චංචා, අල්ලස්, කුඩු, ගංජා, හොර මත්පැන්, ගණිකා වෘත්තීය අනාදිමත් කාලයක පටන් තියන් ඒවා. ඔය කියන නරක ඒවා වැඩිවීමෙන් සමාජයේ 'බැලන්ස්' එක නැතිවෙලා.

    ReplyDelete
  37. මට අනුවනං මිනිස්සු ඩිෆයින් කරපුවා (හොඳනරක ඇතුලුව) පුදගලානුබද්ධයි සමාජීයානුබද්ධයි areaනුබද්ධයි, සරලවම කිව්වොත් සාපෙක්ෂයි. දැන් ඔය කකා "හොඳ" කියල කියන්නෙ කකාට "හොඳ" එව්වුවද?

    ReplyDelete
  38. කකා ට එකක් මිස් උනා. ලංකාවේ හැමෝම හොඳ උනොත් එහෙම සිංහල බ්ලොග් බර ගානකට ලියන්න දේවල් නැති වෙනවා.

    ReplyDelete
  39. //Because you don't have a PhD....//
    Phd කියනකොට මතක් වුනා, ලඟදි දැක්ක බම්පර් ස්ටිකර් එකක්.


    අයි හෑව් අ පී.එච්. ඩී. [ලොකු අකුරෙන්]
    ප්රිටි හාඩ් ඩික් [වරහන් ඇතුලෙ පුංචියට]

    ReplyDelete
  40. සුබ නත්තලක් වේවා....!!
    මමනම් මිට වැඩිය හොඳ වෙන්න උත්සාහ කරන්නේ නැහැ, දැන් ඉන්න ගාන හොඳයි කියල හිතෙනවා :))))

    ReplyDelete
  41. "මා ප්‍රිය කැල්ගරි ඇනෝ (aka Narcissism Ano)"

    Well, above adjectives are oxymoronic... I'm not the alleged narcissist here...

    Few MORE examples....
    "Manager Business Systems sounds much better.
    Even better than Senior Lecturer or Engineer."

    ReplyDelete
  42. By the way where did I claim I have a PhD.?

    It is your assumption based on your 'High-Tech' Ip tracking through FEEDJIT Live.

    ReplyDelete
  43. Aney ගුවන් විදුලි රඟමඩල ahanna aasai. Kauru hari udawwak karanawada?

    ReplyDelete
  44. මම ඔය Jigsaw puzzle එක හැදුවනම් අනිත් පැත්තට දාන්නේ බෝතලයක්!

    Gamaya

    ReplyDelete
  45. සොරි, 'ප්‍රිටි හාඩ් ඩික්' නෙමේ 'ප්‍රිටි හියුජ් ඩික්'

    ReplyDelete
  46. ඉතින් ඔය හොද මිනිස්සු විතරක් ඉන්න රටක් තියනවා කියන්නේ ලෝකෙන් උතුම් රට ලංකාවයි, සිරි ලංකාවයි කියලා,
    එහෙ ස්ත්‍රී දුෂණ නෑලු, මිනි මැරුම් නෑලු, ගණිකා නිවාස නෑලු , නායකයෝ ගේම් ගහන් නෑලු , කුඩු ගංජා නෑලු , පොලිසිය පාගා ගන්නේ නෑලු . පන්සල් නිතරම පල්ලි හැමතිස්සෙම පිරිලාලු. දේශපාලකයෝ ඔක්කොම සිල් අරගන්නවලු. අන්න රටවල් ,,,,,,,,,,

    ReplyDelete
  47. Kathandara,
    Please ignore this Calgery Ano. He doesn't deserve any recognition.

    ReplyDelete
  48. ඈත්තටම මිනිස්සු හොද උනොත් මොකක් වෙයිද?

    ReplyDelete
  49. @ Peter P
    දෙව්දත් ලා ට ගිය ලෝකයක් නේ මේක!

    ReplyDelete
  50. @ Traffic Ano
    ඔබටත් සීතල නත්තල් ජනේරුවක් වේවා!

    පනු බේත් මද පමණින් ගන්න.

    ReplyDelete
  51. @ ඕනයා
    මාත් එහෙනං පිං අතේ වැඩක් කරගත්තා නිසි මග පෙන්නලා දීලා නේද?

    ReplyDelete
  52. @ kandyan
    මගේ නම් අදහස බැලන්ස් එක නැති වෙන්නේ අනවශ්‍ය පරිදි මර්ධනයට ගියාම කියලයි. නරක නැතුව හොඳ පැවැත්මක් නෑ!

    ReplyDelete
  53. @ කස්සා
    කාලානුබද්ධ, පුද්ගලානුබද්ධ, දේශානුබද්ද වුනාට, vices කියන ඒවා හැමදාම තිබුණා!

    ReplyDelete
  54. @ සාගර
    මං කියලා තියෙන්නේ නිව්ස් වෙබ්සයිට් ගැන විතරයි! ඒකනේ, අපිටත් කඩේ වහන්නයි වෙන්නේ ලංකාවම හොඳ වුනොත්.

    ReplyDelete
  55. @ Observer
    මං දන්න තරමට PHD = Permanent Head Damage
    (No offence to Ano)

    ReplyDelete
  56. @ ලොකු පුතා
    ලද දෙයින් සතුටු නොවෙන්න කියලා අහලා නැද්ද?

    ReplyDelete
  57. @ මා ප්‍රිය කැල්ගරි ඇනෝ (aka Narcissism Ano)
    Mate, we can continue this feud as long as we both enjoy it.

    FEEDJIT is not high-tech tracking. It does not give any ID addresses and the user can set browser to not to register the entry. [go to Menu underneath FEEDJIT widget]

    I used the StatCounter logs to get your traffic data. That's where I got the IP addresses of your home ISP and Uni Calgary location.

    I noted that you have visited my blog hundred of times and spent hours reading the content. You are one of my best fans. I have enjoyed your comments and your feedback has been valuable.

    Please do comeback and read my blog. I have no animosity towards මා ප්‍රිය කැල්ගරි ඇනෝ (aka Narcissism Ano).

    !

    ReplyDelete
  58. @ Ano December 26, 2011 8:05 AM
    අහන්න ආසයි, අපටත් කියන්න.
    ගුවන් විදුලි නාට්‍ය තාමත් යනවා. වාණිජ නාලිකාවලත්.

    ReplyDelete
  59. @ Gamaya
    බෝතලේ හිස් වුණාම ලෝකේ හැදෙන්නද?

    ReplyDelete
  60. @ ඊ මේල් කවිකාරි
    Is there a lot of room for improvement?

    ReplyDelete
  61. @ රෙප් මහත්තයා
    හික්ස්!
    (වෙන මොනවා කියන්නද?)

    ReplyDelete
  62. @ Siri
    Thanks for the advice mate, but, I quite enjoy this feud with Calgary Ano.

    His/her feedback helps as yours does as well.

    ReplyDelete
  63. @ chulpath mendra
    හැමෝම හොඳ වුනොත් මුළු ලෝකෙම කෙටිකාලීනව කඩා වැටෙනවා!

    ReplyDelete
  64. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    මතක තියාගන්න මේ කතන්දරෙන් උගත් පාඩම්.

    ReplyDelete
  65. ආ....එතකොට හොර අවි ආයුධයි, ලයිසන් තුවක්කුයි මුකුත් ඕන්නැ! මං පටන් ගන්නවා ඒවා උණුකරලා පංචායුධ හදලා විකුණන කම්හලක්.

    ReplyDelete
  66. කේතුමතී පුරය වගේද ???

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.