Wednesday 1 January 2014

නව වසරේ පොෂ් ක්‍රමයට පොල් රොටී හදමු - HNY2U


මං දැන් මාස කීපයකට කලින් රොටී හදලා කාපු හැටි ගැන කතන්දරයක් ලියා පල කළා.

එදා මං හදපු රොටී ගැන ලැබුණු එක ප්‍රතිචාරයක් තමයි මොකද ඒ රොටී එක එක සයිස් කියන එක.

ඒ විතරක් නොවෙයි, කාලයක් තිස්සේ රොටි හදලා තියෙන මට තේරුණු දෙයක් තමයි සාමාන්‍ය ක්‍රමයට රොටී අතින් වඩලා, තුනී කරලා හදන කොට, ඒ රොටීවල ඝණකමත් එකිනෙකට වෙනස්වෙන බව සහ හරියට රවුමට, ලස්සනට රොටී ටික සේරම හදාගන්න අමාරුයි කියන එක.

ඒ හින්දා මේ නව වසර සඳහා මං අත්හදා බැලුවා ඒ සියළු දෝශ කෝප තත්වයන්ගෙන් තොරවූ නියර් පර්ෆෙක්ට් පොල් රොටී හදා ගන්නා ක්‍රමයක්.

මේක පොල් රොටී හදන පොෂ් ක්‍රමයක් කියලා කියන්න පුළුවනි.

මෙන්න ක්‍රමය.

වෙනදා විදියටම තිරිඟු පිටි, පොල් මිශ්‍ර කරලා වතුර සමග අනා ගන්න. අවශ්‍ය පරිදි ලුනු ස්වල්පයකුත් දාන්න අමතක කරන්න එපා.


මෙදා පාර එක ඝණකමට රොටී වඩා ගන්න මං පාවිච්චි කලේ රෝලිං පින් එකක්.


මෙන්න ටේ්‍රඩ් සීක්‍රට් එකක්. දෙතුන් පාරක් රොටිය තුනී කරලා නැවත නවලා ගුලි කරලා වඩා ගැනීමෙන් රොටියේ ක්‍රිස්පි ගතිය වැඩිවෙනවා. හරියට අර පේස්ට්‍රි හදනවා වාගේ.




රොටී එන ප්‍රමාණයට කපා ගන්න මං පාවිච්චි කළේ ගෙදර තිබුණු බෝව්ල් එකක්.






වෙනදා වගේම තාච්චියේ රොටී ටික පුච්චා ගත්තා.


දැන් බලන්න මේ රොටී එක ප්‍රමාණයට, ලස්සනට හැදිලා තියෙන හැටි.


ඔය අතරේ මං තවත් පොඩි වැඩක් කළා.

ඒක තමයි කතන්දරහාමිනේ වෙනුවෙන් ඉස්පැෂල් රොටියක් හදන එක.


මේ රොටිය පුච්චලා හොඳ ලස්සන පිඟානකට දාලා මේසෙන් තියන්නත් මං අමතක කළේ නෑ.


එහෙනං, ඉතිං මේ නව වසරේ පොෂ් වෙමු.
පොෂ් ක්‍රමයට පොල් රොටී හදා කමු.

සැමට සුභ නව වසරක් වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් අර හාට් එකේ ෂේප් එකට රොටිය හදන්න මං අච්චුව විදියට පාවිච්චි කෙරුවේ මොකක්ද කියලා කාට හරි ප්‍රශ්නයක් ඇති වුණාද?

එහෙම ප්‍රශ්නයක් ඇති වුණු අයට කියන්න තියෙන්නේ මෙච්චරයි.

ඒ ඒ හාට් ෂේප් එකේ අච්චුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැති නං කොච්චර කබල රත්වෙලා තිබුණත් රොටිය පුච්චා ගන්න එක නං මේ කපේ කරගන්න වෙන්නේ නෑ!


69 comments:

  1. ඔය අන්තිමට තියෙන ෆොටෝ එක ගත්තේ හාමිනේට මං හදලා දුන්නු ආදරබර රොටිය අපි දෙන්නා ෂෙයා කරගෙන කන්න දෙකට කඩපු වෙලාවේයි.

    මගේ බාගේ මං එයාට කැව්වා. එයාගේ බාගේ එයා මට කැව්වා!

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම ආදරවන්තයෝ. අපි නම් කෑවේ කිරි උතුරපු කිරිබත්...:D

      Delete
    2. ප/ප/ලි. එක අද කොමේට් එකකටම වැටිලා...
      කතන්දර රොටීය කවන ගමන්ද කතාව ලියුවේ ?

      Delete
    3. /මගේ බාගේ මං එයාට කැව්වා. එයාගේ බාගේ එයා මට කැව්වා!/

      මේ කතාව වැරදියි නේද කකා? රොටියෙන් බාගයක් වුණාට රොටිය දෙකට බෙදා ගත් නිසා ඒක කකාගේ සම්පූර්ණ එක. එතකොට කවලා තියෙන්නේ බාගෙ නෙවෙයි සම්පූර්ණ එකයි.

      Delete
    4. ඇනෝ ඔය කියන්නෙ රොටිබාගේ ගැන නෙවෙයි.

      /මගේ බාගේ මං එයාට කැව්වා. එයාගේ බාගේ එයා මට කැව්වා!/

      වෙන මගුලක් නේ ඔය බාගේ-බාගේ කවාගෙන තියෙන්නේ

      Delete
    5. හරි ශෝක් කාකා තුමනි ..ඔයා දැන් සුපවේදියෙක්ම තමයි

      Delete
    6. මොන මඟුලක් වුණත් බාගේ-බාගේ කවා ගන්නේ ඇයි? සම්පූර්ණ එක ලොකු වැඩිද?

      Delete
    7. ඔය සමහරු අනුන්ගේ කබලක් රත්වුනාම හොරෙන්ම රෝටීයක් බාගන්න අයත් ඉන්නවාලුනේ.

      Delete
    8. ඕකෙ බාගයක් කාල මදිනෙ කකා !!

      ඕං කොත්තු රොටියක් වගෙනං බාගයක් ඇති !!

      Delete
  2. මාත් මේ අවුරුද්දෙ බැදල ඔය වගේ හදල එයාට කවනව.
    හැබැයි මගේ හදවත ඔයිට වඩා ලොකුයි.

    ReplyDelete
    Replies
    1. හදවත ලොකුවීම (enlargement of the heart) කියන්නේ නං රෝගී තත්වයක්...!

      Delete
    2. මේ බලන්න අංකල් කෙන්ජි, කතන්දර හදවත පුච්චලා හාමිනේට දෙන හැටියක්. ඊට පස්සේ හාමිනේ ඒක චරස් ගාලා දෙකට ඉරලා.

      එහෙනම්...............
      සුභ අළුත් අවුරුද්දක් කීවා හැමෝටම.

      Delete
    3. කෙන්ජයියේ 69 ෂේප් එකට රෝටි කන්න, බාන්නත් හම්බ යවයි නේද?

      Delete
  3. කතන්දරට සහ හාමිනේට ආදරේ පිරිලා ඉතිරිලා යන, පොල් රොටි වැඩියෙන් කන්ට ලැබෙන, සුබ නව වසරක් වේවා!!!

    මේ අර හාට් ෂේප් එකේ අච්චුව කොහෙද තියෙන්නේ ඈ? අනික් අයට හොරෙන් කියන්ටකෝ...:D:D

    ReplyDelete
    Replies
    1. අච්චුවට මොකක්ද ගත්තෙ කියල දැනුයි මීටර් උනේ :D

      Delete
  4. සුභ නව වසරක් වේවා කකා....
    පොෂ් ක්‍රමයට පොල් රොටී කන්නේ නිකම්මද? පොෂ් ක්‍රමයට ලුණුමිරිසක් හදාගන්න බැරිද? හොඳ හාට් ෂේප් අච්චුවක් තියනවා නම්, කබල රත් කරගන්න එකත් ලේසියි...

    ReplyDelete
    Replies
    1. පොෂ් ක්‍රමයට ලුණුමිරිස් /කට්ට සම්බෝල කඩෙන් ගනිමු!

      Delete
  5. කකා මහත්තයටත් කකා හාමිනේටත් සුනවවේ!!!

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා කකා....

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු 8ක් විතර ඉස්සරහට වැදගත් කතාවක් ,කරලා ඉවර වෙලා කකා ට මෙලක් කොටන්නම් .හික් හික්

      Delete
  7. තැටිය රත්වෙච්ච වෙලේ......... කමක් නෑ.
    සුභ අලුත් අවුරුද්දක් වේවා කකාටත් හාමිනේටත් දරුවන්ටත්.

    ReplyDelete
    Replies
    1. තැටිය රත්වෙච්ච වෙලේ - අන්න raj1st කඩේත් ආහපු ඇරලා! මොකද වලි ෂේප්ද?

      Delete
  8. හැපි නිව් ඉයර් කකා
    මම නං අච්චුව හොයාගත්තා :P

    ReplyDelete
    Replies
    1. අච්වුව ඇත්නම් වරදිනේනේ නෑ!

      Delete
    2. එයාගේ අච්චුව සඩස්ස්‍රාකාරයිලු.

      Delete
  9. අද ඇනෝලාට තැනක් නෑ..... කකාට සුභ නව වසරක් වේවා..... හිට්ස් වැඩි වේවා... කොමෙන්ට්ස් වැඩිවේවා....

    ReplyDelete
  10. ඩෙස්මන්ඩ් මොරිස් 'නිරුවත් ගැහැණිය' පොතේ කියනවා ඔය 'හාට් ෂේප්' එකේ මානව හදවතක ස්වරූපයට කිසිම සමානත්වයක් නැහැ, ඒක ඊට වඩා සමානයි කාන්තාවකගේ පුළුල් නිතඹකට (buttock) කියලා.

    ReplyDelete
  11. රොටි ක්‍රිස්පී කරන්න නම් කරන්න පුළුවන් තව දෙයක්: ලිපේ දැල්ල හිමින් දාලා මද ගින්නේ රොටිය පුච්චන්න. හැබැයි ටිකක් වෙලා යනවා.

    කතන්දරටත් සුභම සුභ 2014 ක් වේවා! වැඩි වැඩියෙන් කතන්දර ලියවේවා !

    ReplyDelete
    Replies
    1. මද ගින්නේ රොටි පිච්චෙනකං බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ!

      Delete
  12. ආදරය සතුට පිරුණු සුබ නව වසරක් අයියේ. ඔබටත් පවුලේ සැමටත්..

    ReplyDelete
  13. කතන්දරටත් කතන්දර හාමිනේටත් සුබ 2014ක් වේවා! හැමදාම මේ වගේ සන්තෝසෙන් ඉන්න ලැබේවා!

    ReplyDelete
  14. ඒ ඒ හාට් ෂේප් එකේ අච්චුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැති නං කොච්චර කබල රත්වෙලා තිබුණත් රොටිය පුච්චා ගන්න එක නං මේ කපේ කරගන්න වෙන්නේ නෑ!

    මේක තේරෙන්නෙ නෑනේ . අරුණිගේ වාක්‍යයක් වගේ.......

    ReplyDelete
    Replies
    1. එහෙනං මෙන්න තවත් බයිලා එකක්

      හාට් ෂේප් ඇති අච්චුව කොහෙද තියෙන්නේ
      දන්නෙම නැති ඔහෙට අනේ අබ සරණයි නේ
      අර
      කොච්චර තිබුණත් මල්ලී කබල රත්වෙලා
      හාට් නැතුව ගන්නට බෑ රොටිය පුච්චලා
      කැරකිලා
      කොච්චර තිබුණත් මල්ලී කබල රත්වෙලා
      හාට් නැතුව ගන්නට බෑ රොටිය පුච්චලා
      අර
      හාට් ෂේප් ඇති අච්චුව කොහෙද තියෙන්නේ
      දන්නෙම නැති ඔහෙට අනේ අබ සරණයි නේ

      Delete
    2. මෙන්න මගෙනුත් බයිල එකක්.......

      හිට් වැඩිවෙන අමුතු බලය කොහෙන්ද එන්නේ......
      ඒ නොදන්න හාල් කෑලි හූල්ලපන්නේ.......

      අර....
      කොච්චර කැසුවත් මල්ලිල පිට අතුල්ලලා....
      මේක නොදැන ගන්නට බෑ බ්ලොගේ නග්ගලා....
      කැරකිලා.......
      මේක නොදැන ගන්නට බෑ බ්ලොගේ නග්ගලා....
      කොච්චර කැසුවත් මල්ලිල පිට අතුල්ලලා....

      අර...
      හිට් වැඩිවෙන අමුතු බලය කොහෙන්ද එන්නේ......
      පඩ.. ජී... චූ..... ජොක්කු එක්ව බලය ගේන්නේ....

      Delete
  15. කකාටත් පවුලේ සැමටත් වාසනාවන්ත ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා !

    වැඩි වැඩියෙන් පොෂ් කෑම කන්න ලැබේවා !

    ReplyDelete
    Replies
    1. හැඟදාමත් මේ වගේ පොෂ් කෑම තමයි කන්නේ!

      මේ ගිය සුමානේ කෑවා වම්බොටු!
      http://kathandara.blogspot.com/2013/12/lets-cook-boys.html

      Delete
  16. සුබ නව වසරක් කතන්දර. අපිනම් නව වසරට කිරිබත්. හාර්ට් ශේප් රොටි අදමයි දැක්කේ. දේශපාලකයෝ කන්නේ ලංකා ශේප් රොටි.

    මමත් නව වසරට පොස්ට් එකක් දැම්මා කට්ටියම ඇවිත් බලන්න.
    අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව

    ReplyDelete
    Replies
    1. මචං, උබ ලියන ක්‍රමයත් හොඳයි? ඔහොම හොඳට ලියහං. එතකොට ඇඩ් දාන්න ඕන නෑ. අනිවා අපි එන්ඥං.

      Delete
  17. හිට්ස් වැඩිවෙන, පෝස්ට් උතුරන, කමෙන්ට් වැඩිවෙන සුබ අළුත් අවුරුද්දක් වේවා කකා !
    කකාත් ඉතින් හදන්නෙම තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්ච ගන්ඩ නෙහ් ! :)

    ReplyDelete
  18. සුභ නව වසරක් වේවා කකාටත්, කතන්දර බ්ලොගය හැඩ කරන ඇනෝලාටත්...

    ReplyDelete
  19. අලුත් අවුරුද්දට රොටියක්.....
    කියලා නව සංකල්පනාවක් දීම ගැන කතන්දර තුමාට තැන්කියු වේවා

    ReplyDelete
  20. සුභ අලුත් අවුරුද්දක් වේවා කකා අංකල් :)

    ReplyDelete
  21. Replies
    1. මෙලෝකෙ රහක් නැති පැටලිලි සිංහල තියන.... දිල් අක්කිගෙ අවතාරෙ නැවත පැමිණ ඇත.....

      Delete
  22. සුබ අලුත් අවුරුද්දක් කකා !!

    ReplyDelete
  23. සැර ජාති මොකුත් නැද්ද කකා ??

    මං කීවෙ ලුනුමිරිස් වගේ ?

    ReplyDelete
    Replies
    1. බොමුද ගම්මිරිස් හොද්දක් බඩ සුද්ද වෙලා යන්න

      Delete
    2. සැර ජාති හවසට.... කොහොමත් ඒවා නැතුව කකාට දැන් බෑ....

      Delete
    3. කා වා
      සැන්ඩි වලට ගල් ගමු !!!

      Delete
  24. නියමයි මාත් මේ විදියට රොටී පුච්චන්න ඕනෑ,තැන්කිව් කකා,සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  25. ඔහේ මේ රොටියක් කවන්න හදනවා... අපි මෙහේ දත් මිටි කනවා...

    ආන් එහෙම නොකා ඉන්න වසරක් වේව්වා කියා ප්‍රාර්තොනා කොරනවා...

    ReplyDelete
  26. සුබ නව වසරක් වේවා. අලුත් අව්රුද්දෙ කිරි බතුත් නැති එකේ රොටියක්වත් හැදීමේ අදහස මටත් පාගල උනා.

    ReplyDelete
  27. විහිළුවක් ඇත්ත දැයි තතු සොයා නොබලා පිළිගන්නා අය ලොව වැඩි නිසා, ලෝකයේ බහුතරයක් මුග්ධ කතන්දර වලින් මුලාකර තබන්නට ඉතා පහසුයි. කකා වගේ මිනිසුන් නොමග යවන අය ලෝකයේ හැමදා සිටීවි. ඒත් ඒ වගේම තමන් නොදන්නා මිනිසුන් පවා ඔවුන්ගේ නිදහස වෙත ගෙන යන්නට කැපවීමෙන් කටයුතු කරන ස්වල්පයක් ද ලොව හැමදාම සිටීවි. තමන්ගේම යැයි කියන ඒකීය බලාපොරොත්තු වලට ඇති බාධක හා අභියෝගයන්ට ජයග්‍රාහී ලෙස මුහුණ දෙන්නට හැකියාව ලැබෙන්නේ ද තමන් තමන්ට බොරු කියාගන්නේ නැත්නම් පමණි.

    උදාවෙන 2014 වසරේ දී අනුන්ට නීති දාන නායකයන් හැටියට “පරිපූර්ණ ගොබ්බයන්/ගොබ්බියන්” පත්වුවත්, තමන්ට තමන් බොරු කියාගන්නේ නැති, සෑම අයෙක් වෙනුවෙන්ම නිදහස රකින්නට කැමති අය නිදහස වෙනුවෙන් වෙහෙසීම අත් නොහැරිය යුතුයි.

    ReplyDelete
  28. කකා අර අන්තිමට දාලා තියෙන පින්තූරේ (අර රොටිය දෙකට කඩලා තියෙන එක) මට නම් පෙනෙන්නේ වෙන මොකද්දෝ වගේ. ඇස් වල අමාරුවක්ද මන්දා.

    ReplyDelete
  29. කිරියෙන් පැණියෙන් හා රොටියෙන් සරු වූ නව වසරක් වේවා !!

    ReplyDelete
  30. peanut oil දාල රොටී බෑද්දද ??

    ReplyDelete
  31. ඔබට සුභම සුභ නව වසරක් වේවා...!!! මේවා දැන්මම හදන්න පුරුදු වෙලා ඉන්න එක හොදයි

    ReplyDelete
  32. සුභ නව වසරක් වේවා අයියේ..

    ReplyDelete
  33. පොල් රොටියටත් ගිය කල!
    ලංකාවේ වැඩිදෙනා කන්නෙ 'ෂොප්' පොල් රොටී ....

    ReplyDelete
  34. @ All
    ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි.

    මේ 2014 වසර පසුගිය වසරට වඩා ප්‍රයෝනවත් ලෙස ගත කරන්නට අදිටන් කර ගනිමු.

    ReplyDelete
  35. //ඒ ඒ හාට් ෂේප් එකේ අච්චුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැති නං කොච්චර කබල රත්වෙලා තිබුණත් රොටිය පුච්චා ගන්න එක නං මේ කපේ කරගන්න වෙන්නේ නෑ!//

    :D :D :D

    ReplyDelete
  36. බිරිඳත් එක්ක ආදරයෙන් ඉන්නවා. එයාට රොටි හදල කවනවා. ආදී වශයෙන් බ්ලොග් රසිකයන්ට පාරම් බාන්නෙ මොකද? පවුල් ජීවිතේ අවුල් වෙලාද. ඕව ඔහොම තමයි. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. බොරුවට රට්ටුන්ට මවා පෙන්නන්න දෙයක් නැහැ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.